Monday, 4 May 2026

අපේ හඳ ගමන , ටෙනරිෆ් වලට

(Tenerife භූමිය  සමග  ඉමේජ් එක හැදුවේ ගූගල්  ජෙමිනි නංගිය.)

ළඟදී අභ්‍යවකාශ සඳ ගමනකට එක්වූ ඇමෙරිකානු අජටාකාශගාමින් සතර දෙනා සඳට ගොඩ බැස්සේ නැතිබව දන්නවනේ .  එයාලා ගියේ සඳ වටා පමණයි .  ඒත්  මෙතෙක් මිනිසෙක් නොගිය දුරක් ඈත අභ්‍යවකාශයේ එයාල ගියා .  හරි ඒක  මන්ෂ්‍ය වර්ගයාගේ ජයග්‍රහණයක් කියමු .  එයාලා සඳේ  අපිට නොපෙනෙන පැත්තත් දුටුවා ප්‍රථම වතාවට .  හැබැයි චීනය මිට කලින් යානයක් බැස්සුවා සඳේ නොපෙනෙන  පැත්තට .  ඒකත්  ජයග්‍රහණයක් .  

මම බ්ලොග් එකේ තවම නොලිව්ව සංචාරයක් ගියා  ටෙනරිෆ් වලට ගිය අවුරුද්දේ .  අපගේ    විවාහ සංවත්සරය සැමරීමට සහ සෝවියට් දේශයේ මා  සමග උගත් කියුබන් මිතුරකු වන ඔස්වල්දෝ ඔලිවා හමුවීමට. 
ටෙනරිෆ් වල ටිඩේ  කියන කඳු යායේ  තිබෙනවා ගිනි කන්දක්. ලස්  කැනඩාස් කියන කල්දේරාව තුල අවුරුදු එක්ලක්ෂ හැත්තෑ දහසකට කලින් හැදුනු තවමත් ප්‍රාණවත් ගිනි කන්දක් .  අවසන් වරට පිපිරුනේ 1909 දී .  නැවත පිපිරෙන්න ඉතාමත් ඉඩක් තිබෙන එකක්.  ලා පාමා  (la palma ) කියන රූපවාහිනි  චිත්‍රපටය ඒ සම්බන්ධව  සැබෑ සිදුවීම් මත හදපු හොඳ ප්‍රබන්ධාත්මක චිත්‍රපටයක්. 

ඇමෙරිකන් වරු හඳට මුලින්ම ගොඩ බැස්සේ 1969 ජුලි විස්ස කියලා දන්නවනේ .  ඊට පස්සේ හය පාරක් විතර ගියා 1972 වෙනකන් .  ඒක  මිල අධික එතරම් ලාභයක් පර්යේෂණ  පැත්තෙන් වත් නොලැබෙන වග තේරුම් ගත්ත නිසා නතර වුනා මම හිතන්නේ .  ඇයි  ඇමෙරිකාව ඇත්තටම හඳට ගියේ.  

අපි ඇමරිකාව හිතපු විධිහට හිතුවොත් ?  
ඒ දවස්වල ඇත්තටම අභ්‍යවකාශය ජයගෙන තිබ්බේ ළඳරු සෝවියට් දේශය .  පිහිටුවල අවුරුදු හැටක් විතර වුන රටක් .  ලෝක යුද්ධෙකටත් මුහුණ දීල මිලියන් විස්ස්සක් මැරිලා ඒත්  ගොඩ ආව රටක් .  ඒ මදිවට උන්ගේ සමාජවාදය පතුරවනවා ලෝකේ වටේ .  කියුබාව 1953 විප්ලවයක් කළා නේ .  ඇමෙරිකාවේ ඉතිහාසය අවුරුදු 200 ක් විතර .  ධනවාදී ලෝකයේ ප්‍රබලම රට ඒ වෙනකොට .  පරදින්න පුලුවන්ද කොමියුනිස්ට්. ඒවාට ඒ දිනවල් වැඩි ප්‍රසිද්ධිය වාදී  සෝවියට් සොක්කන්ට. ඒ වෙනකොට ලයිකා බැල්ලිව උඩු ගුවනට  යවල (දැන් ඒකට  විවේචන  එනවා තමයි ,  ඊට පසු අජටාකාශයට  යැවූ ප්‍රථම මිනිසා යූරි  ගගාරින් ,  ප්‍රථම කාන්තාව වලන්ටිනා තෙරෙශ්කොවා. සෑහෙන්න ඉදිරියෙන් හිටියේ .  යුරෝපය ඇතුළු අනිත් රටවල් ළඟින්වත් නැහැ .  ඇමෙරිකාවේ මුහුණ බේරා ගන්න රැඩිකල් යමක් කරන්නම ඕනේ .  ඉතින් හඳ ගමන ලැහැස්ති කළා . 

ඇමෙරිකාව ගිහින් හඳේ පස් සාම්පලත් ගෙනාවට පස්සේ  සෝවියට් දේශය කලේ ලුනාර් යානා යවල කෘතීම (robotic ) අතකින්  පස් සාම්පලයක් රැගෙන ඒම. ඒවාට ඒ දිනවල වැඩි ප්‍රසිද්ධියක් ලැබුනේ නැහැ තමා .  
ඔලිවා කියනවා ගිනි කන්ද පිපිරුනට පස්සේ මේ ප්‍රදේශය හඳ  මතුපිට වගේ එහෙමත් නැත්නම් අඟහරු ලෝකය මතු පිට වගේ පෙනුමක් තියනවා කියල විද්‍යාඥයෝ කියනවලු .  
 චෙක් කරල බැලුවහම කතාව ඇත්ත .  මට හිතුනා  ඇත්තටම ඇමෙරිකාව සඳ ගමනක් කලාද  කියල ඒ වෙලේ.  සෑහෙන ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන් වෙබ් එකේ ඇමෙරිකාව නොගිය බවට කරුණු කාරනා . (conspiracy theories). රොකට්ඩයින් කියන  කම්පැනි එකේ රැකියාව කල  බිල් කේසින්  තමා මුලින්ම ඔය කතාව ප්‍රසිද්ධ කලේ .  මුල් හඳ ගමන වංචාවක් කියල . 
ඉතින් ඇත්තටම හිතෙනවා තමා ඒ කාලයේ ටෙනරිෆ් අයිති ස්පාඤ්ඤයට නිසාත් වැඩිය සෙනගක් නැති සංචාරකයන් ඉතා අඩු තැනක් නිසාත්වුන දිළිඳු රටක් වූ නිසාත් මෙවැනි මෙහෙයුමක් කලාද  කියලත්.  නීල්  ආම්ස්ට්‍රෝන් ව ඔතනට ගෙනත් බස්සල වීඩියෝ කලාද  කියලත් .  ඇමෙරිකන් කොඩිය හුළඟට වැනෙන්නේ ඒකද? ඔන්න පින්තූර  ටික බලා ගන්න. 


































හැබැයි දැන් කවුරුහරි මගෙන් ඇහුවොත් ඇමෙරිකාව 1969 දී ඇත්තටම හඳට ගියාද  කියල, මගේ පිළිතුර වන්නේ ඔව් කියන එක .   හේතුව හඳේ සිට කිලෝ 300 පමණ පාෂාණ රැගෙන ඒම, සෝවියට් දේශය ,  ජපානය වගේ රටවල් සඳ ගමන විමසිල්ලෙන් බලා සිටීම , තව ලූනා ඕබිටර් කියන යානයෙන් මුල් අජටාකාශගාමින් තබා පැමිණි  උපකරණ වල පින්තූර  ගැනීමට හැකිවීම වගේ දේ කියන්න පුළුවන් .  හැබැයි ටෙනරිෆ් පැත්තේ ගිහින් පුරුදු වුනාද දන්නෙත් නැහැ . 

කොළඹ ගමයා 04/05/2026

27 comments:

  1. ඔය කතාව අසා තියෙනවා. ඔබ කිව්වා වගේ "කොන්ස්පිරසි තියරි" එකක් වෙන්න ඇති.
    රුසියාව එක්ක තිබ්බ "සීතල යුද්ධය", කියුබා මිසයිල් අර්බුදය වගේ ඒව නිසා, ඇමරිකන් ජාතික අභිමානය පුම්බන්න කරපු දෙයක් කියලයි හිතෙන්නෙ.

    කොහොමත් ඔය අභ්‍යවකාශ ගමන් වලින් කියන තරම් ලොකු වෙනසක් වුනේ නෑ නේද? හඳට බැස්සෙත් නැත්නම්, මිනිස්සු යැව්වෙ ඇයි කියලත් හිතෙනවා. කොහොමත් මේ දවස්වල ඇමරිකාව "කියන්නෙ එකක්, කරන්නෙ එකක්" නෙව?

    ReplyDelete
    Replies
    1. ඇමෙරිකාව හඳට ගියේ නැහැයි කියලා මට මුලින්ම අහන්න ලැබුණේ 'දියවින්නේදී' අරනෝලිස් මුදලාලිගෙන්. 1979 විතර.
      http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_75.html

      Delete
    2. මම දියවින්නේ කතාව කලින් කියෙව්වා. ඒත් අද ආයෙත් කියෙව්වා.😁

      Delete
    3. මම දැනුයි කියෙව්වේ . හඳට යන ගමනින් පමණක් නොවේ , අභ්‍යවකාශ ගමන් හා පර්යේෂණ නිසා , ක්වික් ආහාර නොයෙකුත් බෙහෙත් වර්ග , ගැජට් ජාති හොයා ගත්ත

      Delete
  2. "සඳ මිදුලට එනව" සිංදුව රේඩියෝවෙ යද්දි වයසක ආච්චි කෙනෙක් මිනිබිරීට කිව්වලු හිටං දොර වහල දාපන්. අද කාලෙ කව්රැත් විස්සාස කරන්න බැය කියල 😁 (මේකනං හැමොම අහපු කතාවක් මං හිතන්නෙ)

    කෝමඋනත් හඳ අපි ගාවට එනව කියලා සිංදුව ලියැවෙන්නැත්තෙ ලංකාවෙ උන්දලට අර අබ්බයාවකාස මෙහෙයුම් කරන්ට බැරි නිසා ඇතිවෙන දුක තුනීකරගන්න වෙන්ටැ... 😂

    ReplyDelete
    Replies
    1. නමී, post එකක් ලියන්නකෝ හඳ ගැන තියෙන සිංදු එකතු කරලා. posts දෙක තුනක්ම ලියන්න ඇහැක් වෙයි.

      Delete
    2. ඔව් ඔව් , ඒ දවස වල අපි හිනාවෙන සින්දුවක් - නේ ආවාට තිබුනත් නිසසල සඳමත එය හරි පියන්කරයි කියන එක

      Delete
  3. හෙල්මට් එකක්වත් දාගෙන සිංහ කොඩිය අතේ තියාගෙන ෆොටෝ එකක් ගත්ත නං කොළඹ ගමයා හඳට ගියා කියලා සෙලිබ්‍රේට් කරන්න තිබ්බා!

    ReplyDelete
    Replies
    1. අඩේ හොඳ අදහස , ඒඅයියට කියලා බලන්න ඕනේ

      Delete
  4. +++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  5. ලෝකය කුඩා වෙන තරමට වෙන දේවල්
    කොයි දේසෙටත් පැතිරෙනවා රෑද දවල්
    ඇත්ත වගෙම බොරුවත් පැතිරිලා- අවුල්
    හදයි සමාජයෙ නිම නොවෙනා වියවුල්

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහ බොරුව හැම විට ලොව පවතිනවා
      බොරුව නැතිව ඇත්තක් ලොව නැති වෙනවා
      ඇත්ත නැතිව බොරුවත් ලොව නැති වෙනවා
      දෙකම නැති කලෙක අපි රයිගම් යනවා

      Delete
  6. ඇත්තටම හඳ ගමන උනාද නැද්ද කියලා සමාජ මාධ්‍යයේ තියන කරුනුත් ඇරගෙන බැලුවහම වැඩි වාසිය තියෙන්නේ ආම්ස්ට්‍රෝං ඇතුළු කට්ටිය හඳට ගියා කියලයි. කොහොම වුනත් ඔය එක එක හිතළු පැලවුනහම පොරවෙන් වත් කපලා අයින් කරන්න බැහැ .

    ReplyDelete
    Replies
    1. එහෙමෙ එකක් තිබෙනවා . මම හඳ ගමන වුනා කෙනෙක් . ඒත් අර වගේ තැනක් දුටුවහම ඔහොමත් හිතෙනවා

      Delete
    2. මම හඳ ගමන වුනා කියල විශ්වාස කරන කෙනෙක් - යනුවෙන් වෙනස් වෙන්න ඕනේ

      Delete
  7. https://www.rmg.co.uk/stories/space-astronomy/moon-landing-conspiracy-theories-debunked

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . ලිපියේ අදහස් හුඟක් හරි

      Delete
  8. මේ වගේ තැන්වලට මම හරිම ආසයි

    ReplyDelete
    Replies
    1. අමුතු වයිබ් එකක් තියනව තමයි

      Delete
    2. ලංකාවෙ කුදිරමලේ කියන තැනත මේ වගේ මේ තරම් විශාල නොවුවනත්

      Delete
  9. අපූරු සටහනක්. ඔක්කෝටම වඩා මගේ සිත් ගත්තෙ අර හඳේ ඉඳලා අරගෙන තියෙන පින්තූරය ටයි. අනේ මන්ද අපි ඔබතුමාට සලකනවා මදිදෝ... කියලා වෙලාවකට මට හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඒක තමා , පින්තුරේ ටයි එකක් නෑ හැබැයි

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  10. බ්ලොග් රෝලේ එල්ලුවට මේක අප්ඩේට් වෙන්නේ නැහැ . හේතුවක් දන්නවද - https://anogamaya.blogspot.com/2026/05/

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .