Sunday 23 March 2014

ප්‍රාග්ධනය - භාණ්ඩ කෙරෙහි විකෘති ඇල්ම හා එහි රහස (අංක 3)

මේ මාතෘකාව ගොඩක් තැන වල කතා කරපු දෙයක් නිසා වැඩි මනත් යමක් ලියන්න නැහැ. මාක්ස් ගේ මේ කුඩා පරිච්චේදය "The Fetishism of Commodities and the Secret Thereof" කියන එක මම පරිවර්තනය කෙරුවේ භාණ්ඩ කෙරෙහි ඇතිවන විකෘති ඇල්ම හෝ ආලය හා එහි රහස යනුවෙන්.
භාණ්ඩයක් කියන්නේ ගුප්තමය දෙයක්. හේතුව එහි (භාණ්ඩයේ)  ගැබ් වෙලා ඇති මිනිස්සුන්ගේ  ශ්‍රමයේ  සමාජමය ගුණය  එම මිනිසුන්ටම පෙනෙන්නේ  ද්‍රව්‍යාත්මක ගුණයක් වශයෙන් , ඒ මොකද ඔවුන්ගේ  ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩයටම  එය  කාවැදී  ඇති නිසා. එතකොට භාණ්ඩ නිෂ්පාදකයාට තමන් අතර තියෙන සමාජ සම්බන්ධතාවය පෙනෙන්නෙත්  තමන් නිෂ්පාදනය කරන භාණ්ඩයේම  සම්බන්ධතාවන් හැටියට.
මේ නිසා තමයි මිනිස් ශ්‍රමයෙන් නිපදවුම් දේ වෙළෙඳ භාණ්ඩ බවට පත් වන්නේත් සමාජීය දේ වල ගති ලක්ෂණ එකම වේලාවකදී  අපේ සංවේදනයන්ට හසු  වන්නේ හා හසු නොවන්නේ. මාක්ස් මෙතැනදී මෙය සමාන කරනවා මෙයට. කිසියම් ද්‍රව්‍යකින් අපට එන ආලෝකය අපේ අක්ෂි ස්නායු සමග ඇති වන උත්තේජනයක  ප්‍රතිඵලයක් ලෙස ගත හැකි  උවත්  අප එය ගන්නේ අපේ ඇසට බාහිරින් ඇති ද්‍රව්‍යාත්මක හැඩයක් (ආකාරයක් - form ) වශයෙන්. 
  භෞතික දේවල් අතර භෞතික සම්බන්ධතාවන් පැවතුනත් භාණ්ඩ වලට මෙය අදාල නැහැ. ශ්‍රමයේ ප්‍රතිඵල (products of labour ) ලෙස අප දකින වටිනාකම් අතර  සම්බන්දතා , භාණ්ඩ යයි  අපට දැඩිව ඒත්තු ගන්වන දෙයකි. භාණ්ඩ වශයෙන් ඇත්තටම පවතින දෙයත්    (the existence of the things quâ commodities) ඉහත සඳහන් ශ්‍රමයෙන් නිපදවූ දෙයත් අතර කිසිම භෞතික සම්භන්ධතාවයක් ඇත්තේ නැත. 
මිනිසුන් එකිනෙකා  අතර අනිවාර්යයෙන්ම ඇති සමාජීය සම්බන්ධතාවය මිනිසුන් ඔවුන් ගේ  ඇසින්ම දකිමින් උපකල්පනය කරන්නේ ද්‍රව්‍ය අතර මේ සිත්ගන්නා  සුළු සම්බන්ධයක් ඇති බවයි. 

මාක්ස් මෙහිදී කියනව මෙය හඳුනා ගැනීමට ආගමේ මිදුම් වලාවෙන් වැසි ඇති ලෝකයේ ප්‍රදේශ ගැන සිතන්න කියල. එවැනි ප්‍රදේශවල මිනිස් මොලයෙන් නිපදවූ දේ ජීවයේ ලකුණු ඇති ස්වාධින දේ හැටියට ගණන් ගන්නා බවත් එවැනි දේ එකිනෙක අතරත මිනිස් වර්ගයා  සමගත්  සම්බන්ධයකට එළඹේ. මෙය මාක්ස්  Fetishism හැටියට හදුන්වයි. ද්‍රව්‍ය නිෂ්පාදනයේදී මේ සැඟවුණු ඇල්ම භාණ්ඩය නිෂ්පාදිත මොහෙතේ පටන් එයට ඈඳී තිබේ.
උදාහරණ කීපයක් ගනිමු. ඇපල්  iPhone වලට ගොඩක් අය  කැමතියි. මටත් එකක් තිබෙනවා . මගේ mobile දුරකථන ගිවිසුමට අනුව මට නිකම් ලැබෙනවා එකක්. හැබැයි මම ඒ එකක් ලැබෙනකම් නිදි මරාගෙන බල සිටිනවාද? හම්බ වුනේ නැතිනම් වෙන එකක් අර ගන්නවා. නමුත් මමවත් ඔබවත් වගේ නොවන පිරිසක් ඉන්නවා,  එය (අලුත්ම version එක ) වෙළඳ පොලට ඉදිරිපත් කරන දිනය ඇඟිලි ගනිමින්. සමහරු කුඩාරම් හදාගෙන සාප්පුව ඉදිරි පිට පෝලිම් ගැහිලා ඉන්නවා. මේ ගොල්ල අර දුරකථන වර්ගයට ජිවයක් ලබා දීල තමන්ගේ ජිවිතයට අවශ්‍යම භාණ්ඩයක් කර ගෙන. ඒගොල්ල ඒකට fetish එකක් ඇති කර ගෙන. 
මේක x -box , Sony Play Station ආදියටත් තියෙනවා. මරා  ගන්නවා පෝලිම් වල ඊළඟ අලුත්ම version එක එලියට දාන  දවසට . 
ඊළඟට බලමු 2011 ඇති වුන ලන්ඩන් කලබල පිළිබඳව ? "http://en.wikipedia.org/wiki/2011_England_riots"
මෙය ඇතිවුනේ පොලිසිය මාක්  duggan  නැමැත්තා  මැරුව  නිසා . ඔහු දන්නා මත්  ද්‍රව්‍ය  ප්‍රවාහකයෙක් . ඔහු ළඟ  ආයුධ  තිබුනද නැත්ද මම දන්නේ නැහැ . නමුත් ඔහු ඒ වගේ අනිකුත්  තරුණයන් (වැඩි පිරිස ) මේ මත්  ද්‍රව්‍ය  ප්‍රවාහක වැඩේට බහින්නේ ළමයින්ට කන්න දෙන්න නෙමේ.  තමන්ට අවශ්‍ය භාණ්ඩ ගන්න . ඒ භාණ්ඩත් අපට ඔබට අවශ්‍ය දේම නෙමේ. nike , adidas සපත්තු , mobile phone , ralph lauren වගේ නාමික භාණ්ඩ ගන්න. මේවා හුඟක් ගණන් . මේවා fashion නම්. Brand names . මේවා නැතුව මේ ගොල්ලන්ට එලියට බහින්න බැහැ . අපටත් මේ ප්‍රශ්නය ටිකක් තියෙනවා. හොඳ french connection වගේ label එකක් තියෙන කන්නාඩි දෙකක පැළඳුවේ නැත්නම් office එකෙත් ගණන් ගන්නේ නැහැ.
එතකොට මේ ලන්ඩන් riot එක. එකේදී මාර්ක් වෙනුවෙන් මිනිස්සු කලේ කඩ කඩපු  එක.  කඩ කඩලා  ඒ වලින් අර Brand names භාණ්ඩ තමා  ඉස්සුවේ. ඔන්න මේ "Fetish " එක යන දුර. මේ කිසිම තැනක ඔය භ්නද හදපු ශ්‍රමිකය හා භාණ්ඩය අතර සම්බන්ධතාවක් ගැන කවුරුත් හිතනවාද ? නැහැ . පොලිසියටත්  ගහල අර භාණ්ඩ වලට ඇති ඇල්ම නිසා කෝලාහල කරනවා විතරයි. මේක තමයි ධනවාදයට ඕනේ .
හැබැයි මේ ධනවාදී සමාජයේම තව පැත්තක් තිබෙනවා. එක තම දැන් Sainsbury වගේ විශාල supermarket වල විකුනන්න තිබෙන "සාධාරණ වෙළඳාම fair  trade  " කියන ලේබලය ගහපු භාණ්ඩ. තේ කොළ , කෝපි , කෙහෙල් ගෙඩි වගේ දේ. මෙතන මොකද වෙන්නේ. පාරිභෝගිකයාට බල කරනවා භාණ්ඩ අතර සම්බන්ධතාවයෙන් එපිට බලන්න. එයාලම කියනවා මේ සාධාරණ වෙළෙඳ භාණ්ඩ නිපදවා  තියෙන්නේ නිපදවන ලද ශ්‍රමිකයට ශ්‍රමයට සරි ලන පරිදි මුදලක් ගෙවල අඩු ලාභයක් අරගෙන කියල. ඉතින් අපත් සවිඥානකව ඒවා මිලදී ගන්නවා. මෙතැනදී කවුරු සුරා කෑම කියල දෙයක් නැහැයි කියල උඩ  පැන්නත් මේ 
fair  trade තේ කොළ ආදිය විකිනිමෙන්ම පේනවා ඒ ගොල්ල එහෙම දෙයක් තියෙන බව පිලි ගන්නවා කියන එක. 



Thursday 20 March 2014

නොනවතින විප්ලවය

සමාජවාදය තනි රටක ගොඩ නගන්න බැරි අයි කියන කරුණ මත පොඩි සංවාදයක් ගියා  රාමචන්ද්‍රගේ අඩවිය කරන රාමචන්ද්‍ර මහත්මයා  එක්ක. ඉතින් අපට මතක් කර ගන්නත් එක්ක නොනවතින විප්ලවය ගැන link ටිකක් දානවා. මොකද ඉස්සරහට යන කතා වලට මේක වැදගත් වෙන නිසා. 

මාක්ස් නොනවතින විප්ලවය වචන දෙක මුලින්ම පාවිච්චි කරන්නේ  "the Holy Family " පොතේ ;

http://www.marxists.org/archive/marx/works/1845/holy-family/

මේ පොතේ 3 වන පරිචේදයේ "Critical Battle Against the French Revolution"  කියා කොටස wikipedia එකේ උපුටා  දක්වනව.

http://www.marxists.org/archive/marx/works/1845/holy-family/ch06_3_c.htm

Napoleon represented the last battle of revolutionary terror against the bourgeois society which had been proclaimed by this same Revolution, and against its policy. Napoleon, of course, already discerned the essence of the modern state; he understood that it is based on the unhampered development of bourgeois society, on the free movement of private interest, etc. He decided to recognise and protect this basis. He was no terrorist with his head in the clouds. Yet at the same time he still regarded the state as an end in itself and civil life only as a treasurer and his subordinate which must have no will of its own. He perfected the Terror by substituting permanent war for permanent revolution. He fed the egoism of the French nation to complete satiety but demanded also the sacrifice of bourgeois business, enjoyments, wealth, etc., whenever this was required by the political aim of conquest. If he despotically suppressed the liberalism of bourgeois society — the political idealism of its daily practice — he showed no more consideration for its essential materialinterests, trade and industry, whenever they conflicted with his political interests. His scorn of industrial hommes d'affaires was the complement to his scorn of ideologists. In his home policy, too, he combated bourgeois society as the opponent of the state which in his own person he still held to be an absolute aim in itself. Thus he declared in the State Council that he would not suffer the owner of extensive estates to cultivate them or not as he pleased. Thus, too, he conceived the plan of subordinating trade to the state by appropriation ofroulage [road haulage]. French businessmen took steps to anticipate the event that first shook Napoleon’s power. Paris exchange- brokers forced him by means of an artificially created famine to delay the opening of the Russian campaign by nearly two months and thus to launch it too late in the year.

ට්‍රොට්ස්කි ගේ "permanent revolution":
 
http://www.marxists.org/archive/trotsky/1931/tpr/pr-index.htm

wikipedia:
http://en.wikipedia.org/wiki/Permanent_revolution
"Permanent revolution is a term within Marxist theory, established in usage by Karl Marx and Friedrich Engels by at least 1850 but which has since become most closely associated with Leon Trotsky. The use of the term by different theorists is not identical. Marx used it to describe the strategy of a revolutionary class to continue to pursue its class interests independently and without compromise, despite overtures for political alliances, and despite the political dominance of opposing sections of society.
Trotsky put forward his conception of 'permanent revolution' as an explanation of how socialist revolutions could occur in societies that had not achieved advanced capitalism. Part of his theory is the impossibility of 'socialism in one country' – a view also held by Marx,[1] but not integrated into his conception of permanent revolution. Trotsky's theory also argues, first, that the bourgeoisie in late-developing capitalist countries are incapable of developing the productive forces in such a manner as to achieve the sort of advanced capitalism which will fully develop an industrial proletariat. Second, that the proletariat can and must, therefore, seize social, economic and political power, leading an alliance with the peasantry."



Wednesday 19 March 2014

ප්‍රාග්ධනය - භාණ්ඩවල වටිනාකම (අංක 2)

මාක්ස් ප්‍රාග්ධනය ප්‍රථම වෙළුමේ භාණ්ඩයක (commodity ) වටිනාකම (value ) විස්තර කිරීම සඳහා පරිච්චේද කීපයක් වැය කරනවා. සංක්ෂිප්තව ලිවීමේදී සමහර පැහැදිලි කිරීම් මග හැරෙන්නට පුළුවන්.

පලවෙනි කොටසේදී භාණ්ඩයක ලක්ෂණ දෙකක් තිබෙන බව මාක්ස් කියනවා. ඒ භාවිතමය වටිනාකම  (use value - පරිභෝජන වටිනාකම කියලත් කියමු ) හා හුවමාරු වටිනාකම (exchange value ) යනුවෙන්.

ධනවාදී නිෂ්පාදනය ප්‍රමුඛ කරගත් සමාජයක භාණ්ඩ එහි ධනවත්කම සංකේතවත් කරයි. භාණ්ඩය යනු භාවිතමය වටිනාකමක් ඇති යම් දෙයක් වන අතර එය හැම සමාජ ක්‍රමයටමපොදුයි. නමුත් ධනවාදී සමාජයේදී මෙම භාවිතමය වටිනාකම මීට අමතරව හුවමාරු වටිනාකමේ ද්‍රව්‍යමය තැන්පතුව වෙයි. (material depository)  .

කිසියම් ද්‍රව්‍ය දෙකක්  සංසන්දනය කිරීමේදී ඒ දෙකටම පොදු ගුණයක් තිබීමට කියන්නේ  tertium comparationis කියල ලතින් වලින්. 
 (It is the point of comparison which prompted the author of the comparison in question to liken someone or something to someone or something else in the first place. - wikipedia   මේ කියන්නේ  කිසියම් දෙයක් තව දෙයක් එක්ක සංසන්දනය කරන කොට මේ සංසන්දනය කරන්නාගේ සංසන්දනය කරන මුලික තැන  tertium comparationis කියල   ). මාක්ස්  කියනවා හුවමාරු වටිනාකම මැනීමේදී ශ්‍රමය තමයි මේ  tertium comparationis  කියල. හරියටම කියනවනම් සමාජීය අවශ්‍යතාවයේ ශ්‍රම කාලය තම හුවමාරු භාණ්ඩයක් සංසන්දනය කිරීමේදී තියෙන්නේ කියල. 

 "Exchange-value presupposes a tertium comparationis by which it is measured;" labor, the common social substance of exchange-values, to be precise, the socially necessary labor-time embodied in them."

එතකොට භාණ්ඩයේ මේ ද්විත්ව ස්වභාවය වගේම (හුවමාරු වටිනාකම  හා භාවිතමය හෝ පරිභෝජන වටිනාකම වගේ  )  ශ්‍රමයේත් ද්විත්ව ස්වභාවයක් තියෙනවා කියල. ඒ තමා නියත නිෂ්පාදන ක්‍රියාවලිය - උදාහරණයක් වශයෙන් කමිසයක් මැසීම සඳහා ශ්‍රමය  , රෙදි  නිපදවීම සඳහා ශ්‍රමය වගේ මේ වැඩදායි ශ්‍රමය හෙවත් "useful  Labour ". 
අනිත් එක තමා මිනිසාගේ ශ්‍රමයේ බලය , පවතින සාමාන්‍ය  ශ්‍රමය.  (general or  abstract labour )
භාණ්ඩයක මුලික වටිනාකම සංසන්දනය කිරීම පහල තියෙන රුපයෙන් බලන්න. 
උදා : රෙදි යාර 20 = එක කබායක් හෝ රෙදි  යාර විස්සක  වටිනාකම එක කබායකි .

එතකොට හුවමාරු වටිනාකමට මුදල්මය අගයක් ආවේ කොහෙන්ද ? මේකට කියනවා වටිනාකමේ විහිදුම් ස්වභාවය (expanded form of value ) කියල. (මේ මම පාවිච්චි කරන වචනය නිවැරදීමද  කියන්න අමාරුයි . යෝජනා පිලි ගන්නවා )
රෙදි යාර විස්සක්  කබායකට  සමානයි හෝ එයම තේ කොළ රාත්තල 10කට සමානයි හෝ එයම කෝපි රාත්තල් 40කට හෝ එයම තිරිඟු බුෂේල්ස් 8කට හෝ රත්රන් අවුන්ස දෙකකට  හෝ යකඩ ටොන් භාගයකට සමානයි යනදී වශයෙන්.  මෙහිදී මතක තබා ගන්න රත්රන් අවුන්ස දෙකකට සමාන කල බව.
දැන් අපට වටිනාකමේ පොදු ස්වභාවයක් ලැබෙනවා. පහත රුපය බලන්න. කලින් කිවූ භාණ්ඩම තමා තියෙන්නේ.
දැන් මේ වටිනාකම (value ) එකේ පොදු ස්වභාවය මුල්‍ය ස්වභාවයකට පරිවර්තනය වෙලා නැද්ද. පහත රුපය බලන්න.
මෙන්න දැන් මේ භාණ්ඩ හුවමාරුවේදී අපි භාණ්ඩය මුදල් (මෙහිදී රත්රන්) වැනි දෙයකට හුවමාරු කරන්න  පටන් ගත්ත. 
The elementary expression of the relative value of a single commodity, such as linen, in terms of the commodity, such as gold, that plays the part of money, is the price form of that commodity.
එතකොට තනි භාණ්ඩයක සප්ක්ෂ වටිනාකම මුලිකව ඉදිරිපත් කරන කොට , රෙදි යන්න භාණ්ඩය වශයෙනුත්  රත්රන්  යන්න මුල්‍ය වටිනාකම වශයෙනුත් ගත්තොත් එතකොට ඒ රත්රන් ප්‍රමාණය භාණ්ඩයේ මිල හෙවත් මුල්‍යමය වටිනාකම බවට පත් වෙනවා.

 එනම් රෙදි යාර 20ක් රත්රන් අවුන්ස දෙකක් හෝ , නැත්නම් රත්රන් අවුන්ස 2ක් ස්ටර්ලිං £ පවුම් දෙකකට සමාන කාසි දෙකක බවට පරිවර්තනය කලොත් , රෙදි යාර විස්ස £ පවුම් දෙකකට සමාන වෙනවා.
මෙන්න මෙතනදී මාක්ස් කියනවා ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලියේදී හුවමාරු භාණ්ඩ විසින් පුද්ගල සම්බන්ධතාවයන් භෞතික ව වසා දමා  තිබෙනවා කියල.

Sunday 16 March 2014

ප්‍රාග්ධනය - සුළු හැඳින්වීමක් (අංක 1)

පහුගිය අවුරුද්දේ අග භාගයේදී දැවුරුදු අභ්‍යවකාශ භෞතික විද්‍යාව පිලිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් නිම කරන්න පුළුවන් වුණා. අවසාන නිබන්ධනයට ඉදිරිපත් කල මාතෘකාව වුනේ Big Bang NucleoSynthsis හෙවත් විශ්වය ඇතිවුන මුලික මිනිත්තුවේ හා ඉන් පසුව සිදුවුන න්‍යෂ්ටික ක්‍රියාවලිය ගැන. මේ ක්‍රියාවලිය ගැන මගේ අනිත් බ්ලොගයේ දැනට පල කරගෙන යනවා. http://quantumchecks.blogspot.co.uk/

මෙහි එක ක්‍රියාවලියකදී (මුලික) ප්‍රෝටෝනයක් හා න්යුට්‍රෝනයක් ගැටී ඩියුටිරියම් මුලිකනුවක් හා ශක්තිය (ගැමා ) ෆෝටෝන වශයෙන් නිපද වෙනවා. ඩියුටිරියම් හා ඩියුටිරියම් ගැටී හීලියම් හැදෙනවා. හයිඩ්රොජන් හා හීලියම් ගැටී ලිතියම් හැදෙනවා. මේ ක්‍රියාවලියම තාරකා අතුලේදීත් සිදුවෙනවා . හැබැයි හැදෙන්නේ වෙනත් මුල ද්‍රව්‍ය. මට හිතෙනවා මෙතන දයලේක්තිකය නමින් අප හඳුන්වන ක්‍රියාදාමයම සිද්ධ වෙනවා කියල. හෙගෙල් ගේ තර්කනය හැටියට (එහෙම හරියටම හෙගෙල් කියල නැති වුනත් ) අප හඳුන්වන්නේ ප්‍රතිවිරෝධයක් තුලින් මතුවන synthesis එකක් ගැන. "development through the stages of thesis, antithesis, and synthesis in accordance with the laws of dialectical materialism ....any systematic reasoning, exposition, or argument that juxtaposes opposed or contradictory ideas and usually seeks to resolve their conflict
from Merriam-Webster - online dictionary"
The Hegelian dialectical formula: A (thesis) versus B (anti-thesis) equals C (synthesis).

ඉතින් මාක්ස් මේක දයලේක්තික භෞතිකවාදය හැටියට අරගෙන , වහල් යුගයේ වහලා හා වහල් හිමියා අතර ප්‍රතිවිරෝධය තුලින් synthesis එක වන වැඩ වසම් රදළ යුගයත් ප්‍රවේනි දාසයා හා රදළයා අතර ප්‍රතිවිරෝධය තුලින් ධනවාදී සමාජය බිහිවීම මේකට ආදේශ කලා. දියුණුවන ධනවාදය හා මිය යන වැඩ වසම් රදල සමාජය අතරත් ප්‍රති විරෝධයක් ආව. ඒ බැමි වලින් තොර නිදහස් ශ්‍රමයක් ධනවාදී වෙළඳ පොලට අවශ්‍යය කියන කරණය මත. මෙන්න මේ සන්දර්භය මත තමයි කාල් මාක්ස් ගේ ප්‍රාග්ධනය ගැන නැවත හැදෑරීමක් කරන්න ඕනේ කියන එක මට හිතුනේ දැන් මාස කීපයකට කළින්.

මම සෝවියට් දේශයේ ඉගෙන ගනිද්දී මේක සැහෙන ප්‍රමාණයකට ඉගෙන ගත්ත. ඒ කියන්නේ අපට ඉගැන්වුවේ දේශපාලන ආර්ථික විද්‍යාව කියල විෂයක්. අපි ඉංජිනේරු ශිෂ්‍යයෝ නිසා මේක ගොඩක් ගැඹුරට ඉගැන්නුවද කියල සැකයක් තියෙනවා. නමුත් ධනවාදී අර්ථ ක්‍රමය පිලිබඳ යම් දෙයක් උගන්වල ඊට පස්සේ අපට ඉගැන්වුයේ ප්‍රාග්ධනය කියන දේ හා පසු කාලීන සෝවියට් ආර්ථික ක්‍රමයේ පරිණාමය ගැන. කිසියම් දේශනා වගයකට සහභාගී වෙන කොට මට සැකයක් ආව අපි හරියටම මාක්ස් ප්‍රාග්ධනය පොතේ කිව්ව දේ තේරුම් අර ගෙනද කියල. ඒක තමා අනිත් හේතුව.

තුන්වන හේතුව තම නැවත මාර්ක්ස්වාදී පක්ෂ වල නැගීමක් ඇතිවීම. මේ පක්ෂවල ඉන්න සමහරු පරණ සෝවියට් ක්‍රමය හොඳයි කියල හිතනවා. තව සමහරු අර පොල්පොට් හා සමානව නැවත මුල ඉඳන්ම ගිහින් සමාජවාදී ජීවියෙක් නිර්මාණය කරන්න ඕනේ කියල කියනවා. ඊළඟ අන්තයේ ඉන්න ධනවාදී රටවල් ජිවත් වන අය මාක්ස් ගේ උගැන්වීම් හා කැපිටල් එකේ මුලික සිද්ධාන්ත එවුජින් බෝඑම් බවෙර්ක් ( Eugen von Boehm-Bawerk ) හා ලුද්විග් වොන් මිසස් Ludwig von Mises අයගේ ඕස්ට්‍රියානු ආර්ථික ක්‍රමය පිලිබඳ ඉගැන්වීම් තුලින් බිඳ හෙලා ඇති බව කියනවා.

 මෙහිදී නැවතත් Big Bang NucleoSynthsis එකට යා  යුතුයි. විශ්වයේ ආරම්භය පිලිබඳ standard model කියල දැනට පිලි ගන්න මොඩලය පිලිබඳ ගණිතමය ඔප්පු කිරීම් වලදී හා න්‍යෂ්ටික ක්‍රියාවලිය පිලිබඳ ඔප්පු කිරීම් වලදි අපි උපකල්පන රාශියක් කරනවා. මුලිකම දෙක තම විශ්වය හැම පැත්තෙන්ම හැම දිශාවෙන්ම එක සමානය කියා සැලකීම. "the universe is homogeneous and isotropic on the largest scales." ඊළඟට අපි පිලි ගන්නවා විශ්වයේ මුලික සිද්ධාන්තය අදාලය කියල. "we assume that the cosmological principle holds". ඊට පස්සේ අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය හා ෆ්රිද්මන් ගේ (Friedman) සමීකරණ හරහා විශ්වයේ ඇති වීම පිලිබඳ මොඩලය හදා ගන්නවා . මෙහිදී අපට මුලද්‍රව්‍ය ඇති වීම පිලිබඳ සමීකරණ ගොඩ නගා ගෙන පරික්ෂනමය වශයෙන් ඒවා ඔප්පු කරන්නත් පුළුවන් වෙනවා . නමුත් කවුරුත් කියන්නේ නැහැ අර කලින් කල උප කල්පන වැරදි නිසා පස්සේ ආපු ප්‍රමෙයන් වැරදි කියල. ඇත්තටම ඒවා එක දුර පරාසයක් තුල විතරයි නිවැරදි වෙන්නේ. මාක්ස් ප්‍රාග්ධනය ලියද්දි උපකල්පන කීපයක් කරනවා. Eugen von Boehm-Bawerk කියන රදල ආර්ථික විශේසඥයා ඔහුගේ උපකල්පන වැරදි නිසා ප්‍රමේය වැරදිය කියා තමන්ගේ සමීකරණ වගයක් ඉදිරිපත් කරනවා. මේක ගැන පසුවට සාකච්චා කරන්නත් බල පොරොත්තු වෙනවා. මට මුලින්ම අවශ්‍ය වන්නේ මාක්ස් මොකද්ද කිව්වේ කියල සැකෙවින් දන්නා භාෂාවෙන් ලියල සංවාදයක් ඇති කර ගන්න. ඉන් පස්සේ අර අනිත් තර්ක හරිද වැරදිද කියල නිගමනය කල හැකියි. මතු සම්බන්ධයි.

 Figure Ref: http://www.einstein-online.info/spotlights/BBN

Saturday 15 March 2014

1971 ගැන මතකයක්

1971 කාලයේ මට අවුරුදු 6ට ලඟයි. මට මතක දේවල් අතරින් 71 අරගලය පිලිබඳ දැකපු දෙයක් හො ඳට මතකයි.කම්පනය නිසා කියල හිතෙන්නේ. අපි හිටියේ නිවස තිබුනේ පොලිසිය පිටි පස්සේ. පොලිසියට ගහනවා කියල ආරංචි වුනහම තාත්තයි තවත් (ඒ දවස් වල අපි පොලිසියේ රාළහාමිළ ට අන්කල් කියල කිවේ ) අන්කල් කෙනෙකුයි එයාගේ පවුලත් එක්ක අපව තැපැල් මහතාගේ නිවසට අරන් ගියා. ලොකු පිරිමි කට්ටිය හෙම ඇඳන් යට හිටියේ. මට මතකයි අපේ පුංචි අම්ම බයටම වැසිකිළියට දහ පාරක් විතර ගියා කියල. ඒ වගේම  මතකයි මම  ජනේලය තුලින් පල්ලහ පාර දිහා බලන් හිටියා . පොල්ගහවෙල පොලිසිය තිබ්බේ මහා වෙලක් ගාව. අපට ගෙවල් වල ඉඳන් බැලුවහම යෝගමුවේ කන්ද පේනවා කියල මතකයි. මන් දැක්ක පොඩි කොල්ලෝ රංචුවක් පාර දිගේ යනවා පොලිසියට ගහන්න. අපේ අම්ම කිවේ අනේ පුංචි ළමයි කියල. කොල්ලන්ගේ අතේ මොනවාද ටින් ජාතියක් තිබුන. අපේ තාත්ත පස්සේ කියල දුන්න ඒ ටින් බෝම්බ කියල. ඒවා වැඩිය හොඳ ඒවා නෙමෙයි. කොහොම හරි පොලිසියට ගහල ඒ ගොල්ල ගියා . අපි පස්සේ දවස් කීපයක් හිටිය කුරුණෑගල හෝ කෑගල්ලේ හමුදා කඳවුරක. අපි ආපහු ආවේ හමුදාවයි පොලිසියයි ප්‍රදේශය නැවත අල්ල ගත්තට පස්සේ.

ඊට පස්සේ නොයෙකුත් හිර කරුවන් පොලිසියට අල්ලාගෙන ආව. ළඟ නිවාස වල හිටි නිසා අපි බලන්න යනවා. මේ සිරකරුවන්ට ගහන හඬ ඔවුන් වේදනාවෙන් කෑ ගහන හඬ ඈතට ඇහෙනවා. අපේ අම්ම එක්කෝ බනිනවා මොකට ගහනවද මන්ද අල්ල ගත්තට පස්සේ කියල. එහෙම නැත්නම් කන් වහ ගන්නවා.

මේ එක සිඳුවිමක් තවමත් හිතේ හොඳට ඇඳිලා තියෙනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ගෙනාව. එයා නායකයෙක් කියල කිවේ. ඒ පැත්තේ ම තරුණයෙක්. ඉතින් අනිත් අයට පේන්න මෙයාට ගැහුවේ එළියේ තියෙලා . අපි පුංචි ළමයි වෙලත් කවුරුත් මුකුත් කිවේ නැහැ අපි බලන් හිටියාට. මං දැන් දන්නවා ඒක කොච්චර වැරදිද කියල. පොල්ගහවෙල පරණ පොලිසියේ ඉස්සරහ කාණුවක් වගේ දෙයක් තිබ්බේ. පොලිසිය ඉස්සරහ තාප්පෙකුත් තිබ්බ. ඒ තාප්පයේ කුලුන උඩට හිරකරුවාව නග්ගනවා. ඊට පස්සේ පොලිසියේ දෙදෙනෙක් දෙපැත්තෙන් ගහනවා. නොකා නොබී ඇති තරම් ගුටි කාල හිටි හිර කරුවා මේ ගහන ගහන පාරට වැටුන කාණුවට. ආයි උඩට අරගෙන ගහනවා. ඔලුවද කොහෙද පැලිලා ලේත් ගලනවා. එහෙම එක පාරකදී වැටුනට පස්සේ හිරකරු නැගිට්ටේ නැහැ . ඒ ගමන එක පොලිස් නිලධාරියෙක් වතුර එකක් ගෙනත් ගැහුවා . හිරකරු නැවත නැගිටින්න හැදුවත් නැගිට්ටේ නැහැ. පස්සේ කකුල් දෙකෙන් ඇදගෙන ගියා ඇතුලට. මට මතක විධිහට පොලිසියේ පඩියේ ඔලුව වැදි වැදී ඇදන් ගියේ.

මිට කලින් අපට කියල තිබ්බ මේ "ත්‍රස්තවාදීන්" අහිංසක දරු පවුලක් ඉන්න පොලිසියේ නිලධාරියෙක් අල්ලලා (වැඩේ තදින් ගිය මුල් දවස් වල) ඇණ  තියෙන ගෝනියක දාල වටේටම කට්ටිය එකතුවෙලා පොලු වලින් ගහල වධ දීල මැරුවලු . ඒකෙ පලියත් මුන් හැමෝගෙන්ම ගන්නවා කියල තමා පොලිසිය ගහන ගමනුත් කිවේ. මේ හිරකාරය අනික් අය සමග මා ඔයේ පාලම උඩ  තියල වෙඩි තබා මරා දැමූ බව පසුව ආරංචි වුනා.

 ඊට පස්සේ දවසක ගෙනාව හාමුදුරු නමක්. පොල්ගහවෙල පන්සලක. අපේ අම්මල ඇතුළු ඒ පැත්තේ හිටපු බවලත් උදවියත් ගෙනල්ල බලාගෙන ඉන්න සැලැස්සුව පොලිසියේ ලොක්ක. ඒකට හේතුව ඒ අය මේ පන්සලට දානේ දුන්න නිසාලු. ඊට පස්සේ හාමුදුරුවන්ට කුණු මළකඩ කෑ බ්ලේඩ් තලයක් දීල කොන්ඩේ කපන්න කීව එයාටම. මට පස්සේ තේරුණා වැඩේ. කොන්ඩේ කපන පාරට අර හාමුදුරුවන්ගේ තට්ටය ඇති හිස කැපුනා  කැපී කැපී ලේ ගලනවා. ඊට පස්සේ හාමුදුරුවන්ට අණ කලා දන ගහල අර වටේ හිටි ගැහැනුන්ට වඳින්න කියල. ඒ වගේ "පව්කාරයෙකුට" දානේ දුන්නට. ඊට පස්සේ ඇතුලට ඇද ගෙන ගියා ගගහ. අපේ අම්ම මාව අතින් ඇදගෙන ගෙදර ගියා.

 Narodnism වලට යොමුවී ලෙනින් ගේ සහෝදරයා එල්ල දැමු හැටි මේ යොමුවේ තියෙනවා. http://www.socialistreview.org.uk/article.php?articlenumber=11228

 ලෙනින් නරෝද්නික් ලා  ගැන ලිවූ එක මෙතන: https://www.marxists.org/archive/lenin/works/1894/narodniks/ch02.htm

 මේ මැරුන සහෝදරයන් ඉතා පිරිසිදු විප්ලව වාදී හිතින් ඔවුන් හිතා  ගෙන හිටි විප්ලවය කියන දෙයක් සඳහා ජීවිතය පුජ කල බව ඇත්ත . නමුත් මිනිස්සුන්ට අවශ්‍ය නැති විප්ලවයක් ඒ මිනිස්සු වෙනුවෙන් කරලා පලක් තියෙනවද? ඒ මිනිස්සු වත් දන්නේ නැහැ (ගම්  වල ) මේ අහිංසකයන් සටන් කලේ ඔවුන් වෙනුවෙන් කියල. අනික පොලිසියට ගැහුවම රටක් ආණ්ඩුවක් පෙරලෙනවද? එත් නැහැ? මේ අරගලය මක්ස්වාදීද ? ඒත් නැහැ. අපි හුඟක් වෙලාවට බටහිර රටවල ඉඳගෙන නොයෙකුත් චැරිටි වැඩ කරනවා. නැති බැරි අයට උදව් කරන්න කියලා. එහෙම කරන්නේ අනිත් අය ගැන හිතලා. නමුත් මිනිස්සුන්ට ඕනේ මේකය කියල උපකල්පනය කරලා සමාජ වෙනසක් හදන්න ජීවිතය දෙන එක වැටෙන්නේ චැරිටි එකක්  ගණයට නෙමේ ත්‍රස්තවාදයක් හැටියට. නමුත් ඒක තමයි ලොකුම චැරිටි එක  හැබැයි. 

Tuesday 11 March 2014

Marx ගේ තියරිය වැරදිද ?

I have posted some comments to Aruni Shapiro's article here. I think the comments are valuable hence I am posting them here. After posting my writings on capital I will come back to some of the ideas discussed here some time in the future.
http://arunishapiro.wordpress.com/2014/02/25/%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-%E0%B6%AF-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1/

Ajith Dharmakeerthi said, on පෙබරවාරි 28, 2014 at 8:00 පෙ.ව.
සෝවියට් දේශයේ තිබ්බේ රාජ්‍ය ධනවාදයක් අරුණි . අපි කවුරුත් ඒක සමාජවාදයක් හැටියට නම් කරන්නේ නැහැ. lenin ge NEP පිළිවෙත war communism වලින් පස්සේ ගෙනාවෙත් ඒකයි . නමුත් ස්ටාලින් එය නැවත රාජ්‍ය ධනවාදයටම හැරෙව්වා . kapital එක කියවනවානම් Marx රාජ්‍ය ධනවාදයක් පිහිටුවන්න කියල නැහැ. සෝවියට් දේශය ජීවත්වූ හා දැනට නව ලිබෙරල්වාදී රටක ජීවත් වන අයෙක් වශයෙන් මම නව ලිබෙරල් වදයට කැමතියි . නමුත් එයින් රාජ්‍යය අහෝසිවී කොමුනිස්ට්වාදයට යනවට ඊට වඩා කැමතියි. හැබැයි ඔබ කියන පරණ සමාජවාදී ක්‍රමයට නොවේ. මන් හිතනවා නොර්වේ රාජ්‍යය ඉක්මනින්ම කොමියුනිස්ට්වාදයට යයි කියා. – අජිත්
arunishapiro said, on පෙබරවාරි 28, 2014 at 4:09 ප.ව.

සමාජවාදය බංකොළොත් වුනාම ඒකටත් මොකක් හරි ධනවාදී ලේබලයක් අලවන හැටි!!!!
ධනවාදය හඳුනා නොගෙන එයට වැරදි ලේබල් ගැහැව්ව මාක්ස් එයාගෙ දාස් කපිතාල් එකේ සමාජවාදී රාජ්‍යයක් හැදෙන හැටි ගැනත් කියා දීලා නැතිකම තමයි ලොකුම අඩුපාඩුව. සෝවියට්ලාට කලින් ඒක පැහැදිලි කරල නැහැයි කියල අවබෝධ කරගත්තේ ඔස්ට්‍රියන්-ජර්මන් අධිරාජ්‍යයයි. අනගි පාරට්ටු බාන අය ඒවා ඉෂ්ට වෙන හැටි නොපෙන්වන එක එදත් එහෙමයි අදත් මෙහෙමයි.
නව ලිබරල්වාදයට රාජ්‍යයක් අහෝසි කරන්න බැහැ. එතකොට කොහොම ද තමන් උපයන්න තමන් කැමති විදියට පරිහරණයට කැමති වෙහෙසෙන්නාගේ මහන්සිය මංකොල්ල කන්නෙ?!!!! තවත් විදියකින් අහන්නම්, උපයන්න අය නැත්නම් බෙදන්නෙ කොහොම ද?
ඔබ බලාගෙන ඉන්න නෝර්වේ රාජ්‍යය ඉක්මණින්ම කොමියුනිස්ට්වාදයට යනකම්. ඒ අතරෙ නෝර්වේ වැසියන් තමන්ගෙ ඉහළ යන ජීවන වියදම ගැනත් 60 ගණන් වල දී හොයාගත්ත තෙල් නිධි වලට වෙළඳපොලේ තරඟයක් නොවේවි ද යන්න ගැනත් (ඇමෙරිකාව ෆ්‍රැකින් පටන් ගත්තම) කල්පනා කරලා ධනවාදය ක්‍රියාවට නංවනවා. එහෙ ව්‍යාපාරිකයන්ට ඇති නිදහස, වෙළඳාමට ඇති නිදහස, පුද්ගලික දේපල අයිතිය ආරක්ෂාව අද ඇමෙරිකාවේ වගේමයි. ඒත් ඔවුන්ගෙ බෙදලා දෙන්න දන්නවා කියන ආණ්ඩුවේ මැදිහත්වීම නිසා ඔවුන් උපයන මුළු ආදායම (gross) සහ ඔවුන් බදු ගෙවූ පසු වියදම් කරන්නට ලැබෙන ආදායම (disposable income) දෙකම ඇමෙරිකාවේ වැසියෙක්ට වඩා අඩුයි. බටහිර නොවන සංක්‍රමණිකයා නිසා නෝර්වේ රජයට ක්‍රෝන මිලියන 4.1 ($713,740.30) වැය වෙන අතර ක්‍රෝන බිලියන 70 billion kroner ($12,185,810,000) වසර හතක දී සංක්‍රමණිකයන් නිසා රටට අහිමි වෙලා තියෙනවා. පාකිස්තානි, සෝමාලි, ලිතුවේනියන් අය ඇදී එන්නේ ඔයා වගේ නව ලිබරල්වාදයට පිංසිද්ධ වෙන්න කියලා අනුන් හම්බ කරන ධනයෙන් යැපෙන්න තමයි!!!!
Ajith Dharmakeerthi said, on පෙබරවාරි 28, 2014 at 7:08 ප.ව.
අරුණි , මම සෝවියට් බ්දේශයේ හිටියේ අසූ ගණන් වල. දෙවෙනි අවුරුද්දේ පක්ෂය ගැන විභාගෙදි ලෙනින් එක එක ඒවා ලිව්ව අවුරුද්ද මගෙන් අහල මේක අහපු ගුරුවරියට මන් කිව්වා ලෙනින් ලියපු දේද අවුරුද්දද වැදගත් කියල . මොකද ලෙනින් කියපු දේ ගැන මන් එයට කිව නිසා. නමුත් එයා මට ලකුණු අඩු කරලා මගේ දක්ෂිණාංශික යාලුවට ලකුණු දුන්නා .ඊළඟ අවුරුද්දේ political economy teacher ට මන් කිව්වා නිෂ්පාදන මාර්ග ඔක්කොම රජය අයිති කරගෙන සෝවියට් මිනිස්සුන්ව රජය සුර කනවා කියල. ආයි මට කෙල වුන. ලකුණු අඩුවෙන් දුන්නා . මන් මේ කියන්න හදන්නේ සමාජවාදය බංකොලොත් වුණාම මන් ධනවාදී ලේබලයක් අල්වනවට වඩා සෝවියට් සමාජවාදය අමුතු විකාරයක් බව Marx කිවේ වෙන දෙයක් බව අපි ඒ දවස්වලම වටහා ගත නිසා. මම ලංකාවේ විශ්ව විද්‍යාලයකට වරම් ලබල ඒක වෙනුවට සමාජවාදය බලන්න රුසියාවට ගිය එකෙක්. Marx කිවේ ජර්මනියේ හෝ එංගලන්තයේ කොමියුනිස්ට් වාදී සමාජයක් බිහි වෙනවා කියල විතරයි. ඔයා කැපිටල් එක කියවල තියනවද.? අමෙරිකාවේ disposable income එක වැඩි වුනාට health පහසුකම් එකට ගෙවන්න ඕනේ . නැත්නම් Obamacare එකට මෙච්චර මැරෙන්නේ නැනේ obama . ඇමෙරිකාවේ අද්යපනයට ගෙවන්න ඕනේ. ලංකාවෙන් ගිය Inteligenciyava හොඳින් හිටියට අනිත් ඇමෙරිකානුවෝ වලේ වල් නැතුව ඉන්නේ . නොර්වේ වල ඒ තත්වය අඩුයි . අරුණි ඔයත් සන්ක්ර්මනිකයෙක්. ඇමෙරිකාවේ රතු ඉන්දියානුවෝ ඇරුනම අනිත් හැමෝම සන්ක්ර්මනිකයෝ.

arunishapiro said, on පෙබරවාරි 28, 2014 at 8:15 ප.ව.

ලෝකයේම හැම පැත්තකින්ම දකින්නට ලැබෙන සමාජවාදය නා නා විධ ආකාර වලින් හැඩගැහෙන අමුතු විකාරයන්. ඒත් ඒ සියල්ලේම ඇති පොදු ලක්ෂණය තමයි නිෂ්පාදනය කරන්නාගේ වෙහෙසට අයිතියක් කියන්න නිෂ්පාදනය නොකරන පිරිසකට ඇති හැකියාව.
මට මාක්ස් ලියපුවා කියවන්න සිද්ධ වෙන්නෙ කැළණිය විශ්ව විද්‍යාලයේ දී දර්ශන විෂය හදාරන විට. මාක්ස්වාදය ඉගෙන ගනිද්දී මාක්ස් ලියූ දේවල් ඉංග්‍රීසියෙන් කියවපු සොච්චමේ මම හිටියෙ. ඉංග්‍රීසියෙන් කියෙව්වෙ ඒ කාලේ මාක්ස් ගැන ලියැවිච්චි සිංහල පොත් කියවන්න ගියාම දිව උලුක් වෙන නිසා!!!! ජර්මන් වචන දෙක තුනක් දැන හිටියට මාක්ස් ජර්මන් වලින් ලියපුවා ජර්මන් අයටත් වටහා ගන්න බැහැයි කියල මම අහලා තියෙන්නෙ. මට 80 ගණන් වල දී ලියපු මාක්ස්වාදය ප්‍රශ්න පත්‍රයට ලංකාවේ මාක්ස්වාදියෙක් වෙතින් ලැබිච්ච A එකක් තියෙනවා! ඒක කිව්වෙ ඔයාගෙ රුසියන් ගුරුවරු ගැන කියපු නිසයි :)
ධනවාදය කුමක්දැයි හඳුනා නොගත් මාක්ස් ලිව්වෙ යුරෝපයේ නව විලාසිතාව සමාජවාදී වෙන බව. සමාජවාදය කුමක්දැයි නොසොයා එය වැළඳගත් යුරෝපය තවමත් එම ග්‍රහණයේ පසුවෙන්නෙ ධනවාදය කුමක්දැයි හරිහැටියට ඔවුන් ද හඳුනා නොගත් නිසයි.සමාජවාදය කොයි මුහුණුවරකින් ගෙනාවත් වැඩක් ගන්න බැරි ක්‍රමයක් බවත් මාක්ස්ගේ අදහස් යුරෝපීයයන්ගේ හිත් අල්ලා ගන්නට සමත් වූයේ මන්දැයි කියාත් ලෝකයට පැහැදිලි කරලා දෙන්නෙ ලුඩ්විග් වොන් මීසස්.
ඇමෙරිකාවේ සෞඛ්‍ය රක්ෂණ පහසුකම් අද ඇමෙරිකාවේ බහුතරයකට අහිමි වෙලා තියෙන්නෙ ඔබාමා පනත සම්මත කරපු නිසාමයි. ඒ ගැන පනත සම්මත වෙන්න කළියෙන් මේ අඩවියේ ඕනෑ තරම් කතාබහ වෙලා තියෙනවා. ආණ්ඩුව විසින් සෞඛ්‍ය පහසුකම් වලට ඇඟිලි ගැසූ කිසිම රටක සෞඛ්‍ය සේවාව දියුණු වී හෝ සැමට එකසේ ලැබෙන විදියකට ඉඩ සැලසී නැහැ.
//ඇමෙරිකාවේ අද්යපනයට ගෙවන්න ඕනේ.// මිලක් නොගෙවා යමක් ලැබෙන්නේ කොහොම ද? නොමිලේ දෙනවා කියන දේවල් ලැබෙන්නේ කොහොම ද? විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් තියා උසස් පෙළ අධ්‍යාපනයක් පවා නැතිව පීට්සා කඩයක රස්සාවක් කරලා, සිල්ලර කඩයක් දාගෙන මෙහෙ ගෙයක් දොරක් සහ වාහනයකට අයිතිය කියන ලාංකික සංක්‍රමණිකයන් මම දන්නවා. තණකොල කපන, ගෙවල් සුද්ද කරන රැකියාවල් කරන මෙහෙ අයත් හොඳට ගෙවල් සහ වාහන වලට අයිතිය කියාගෙන ජීවත්වෙනවා. ඒ වගේම මෙහෙ කැමති නම් රස්සාවක් නොකර හිඟන්නෙක් විදියට හිටියා කියලා කාවවත් හිරේ දාන්නෙ නැහැ. නෝර්වේ වගෙ සමාජවාදී රටවල එහෙම බෑනේ. අනිත් අයට බෙදලා දෙන්න රස්සාවක් කරලා උපයන්න එපැයි තමන් රස්සාවක් කරන්න කැමති වුනත් අකමැති වුනත්.
ඔව්, ස්වදේශී ඉන්දියානුවන් හැරෙන්නට මෙහෙ ඉන්න අනිත් හැමෝම සංක්‍රමණිකයන් තමයි. කවුරුවත් එහෙම නැහැයි කියලා කියනවා මෙහෙදි මට ඇහිලා නැහැ.
Ajith Dharmakeerthi said, on මාර්තු 3, 2014 at 5:59 පෙ.ව.
Weekend එකේ මම සාමාන්‍යයෙන් busy නිසා උත්තරයක් ලියන්න බැරි වුනා . ඔයාගේ ලිපි මන් ඉස්සෙල්ලම දැක්කේ 3මාන වෙබ් අඩවියේ. ඒගොල්ල ඔයාට උත්තර වශයන් ලිපි පෙළක් ලියනවා කියල තිබ්බ , නමුත් මම තවම එක දැක්කේ නැහැ. මන් කියන්නේ මට ලකුණු නොලැබුන කියන එක නමේ. අවසාන අවුරුදේ scientific communism වලට හා ඊට කලින් philosophy (german ideology etc ) වලට මට මුළු ලකුණු (A එක වගේ) ලැබුනා . එහෙමෙ වුනේ ඒවා උගන්වපු ගුරුවරු නිලධාරිවාදීන් නොවුන නිසා. ඔය කියන දේ මට තේරෙනවා භාෂාව පිළිබඳව. මට Afanasiev ගේ Dialectic Materialism පරිවර්තන කරපු කෙනා හමුවුණාම මන් ඇහුව මේ දිව උලුක් වෙන තේරුමක් නැති වචන වලින් ලියන්නේ මොකද කියල. එය කිව එයට තේරෙන්නත් නැහැ . නමුත් ලියල දුන්නම ගෙවන නිසා එකේ කල. තේරෙන්නැති වචන වලින් ලිව්වම කවුරුත් අහන්නේ නෑනේ . තමන්ට නොතෙරුනයි කියල පෙන්නන් භය නිසා . ඔය කොහොමද Marx ධනවාදය හඳුනා නොගත්තැයි කියලා . මේක Ludwig තිය අනිත් ධනවාදී ආර්ථික විශේසඥයෝ නොකියන දෙයක්. Marx ගේ C -M -C (C – Commodity , M -Money ), M-C-M and M-C -M’ (M ‘=M +ඩෙල්ට M ) හා ඩෙල්ට M කියන්නේ අතිරික්ත වටිනාකම බවත් අතිරික්ත වටිනාකම (Surplus Value ) මගින් ප්‍රාග්ධනය ඇතිවෙන බවත් ඔයාට disprove කරන්න පුලුවන්ද . එහෙම නම් ඔය theory එක ලියල ඔප්පු කරලා පෙන්වන්න . ඔයාට ලොකු පිලි ගැනීමක් ලැබේවි . ඊට අමතරව පුලුවන්නම් දයලේක්තික බෞතිකවාදය බොරු කියලත් පුලුවන්නම් පෙන්වන්න . මාර්ක් පන්ති අරගලය ගැන ඔප්පු කරලා පෙන්වපු දේ ඔයා වැරදි කියනවනම් නිකන් blog එකක ලිව කියලා එක වැරදි වෙන්නේ නැහැ . ඔප්පු කරලා පෙන්වන්න .
mage facebook එකේ ගොඩක් ඇමෙරිකානු මිත්‍රයො ඉන්නවා. ඔවුන් oabamacare එකට කැමතියි . ඔය කියන කතාව පිළිගන්න බහ. health insurance හැමෝටම ගෙවන්න බහ ඇමෙරිකාවේ . එකේ නැතුව මරුන අය ඉන්නවා . මමත් සල්ලි යවල තියෙනවා health insurance නැති අයෙකුට බෙහෙත් සඳහා. මහා අමානුෂික ක්‍රමය. හෙඅල්ත් insurance ගෙවන්න බැරිව හොස්පිටල් එකෙන් හරවා යවන අය ඇමෙරිකාවේ පිරිලා ඉන්නවා. මිලියන් ගානක් . මිනිස්සුස්න්ට නිකන් අද්‍යාපනය , සෞක්‍ය පහසුකම් දෙන්න ඕනේ නැහැ. වැඩ කරලා බද්දක් ගෙව්වම එක දෙන්න පුළුවන්. හැමෝම වැඩ කරන්නත් ඕනා . නිකන් ඉඳල aනුන්ගෙන් කන්නේ ඇයි .

arunishapiro said, on මාර්තු 3, 2014 at 5:41 ප.ව.

//Marx ගේ C -M -C (C – Commodity , M -Money ), M-C-M and M-C -M’ (M ‘=M +ඩෙල්ට M ) හා ඩෙල්ට M කියන්නේ අතිරික්ත වටිනාකම බවත් අතිරික්ත වටිනාකම (Surplus Value ) මගින් ප්‍රාග්ධනය ඇතිවෙන බවත් ඔයාට disprove කරන්න පුලුවන්ද . එහෙම නම් ඔය theory එක ලියල ඔප්පු කරලා පෙන්වන්න . ඔයාට ලොකු පිලි ගැනීමක් ලැබේවි . ඊට අමතරව පුලුවන්නම් දයලේක්තික බෞතිකවාදය බොරු කියලත් පුලුවන්නම් පෙන්වන්න . මාර්ක් පන්ති අරගලය ගැන ඔප්පු කරලා පෙන්වපු දේ ඔයා වැරදි කියනවනම් නිකන් blog එකක ලිව කියලා එක වැරදි වෙන්නේ නැහැ . ඔප්පු කරලා පෙන්වන්න .//
1871 කාල් මෙන්ගර් විසින් පටන් ගෙන ඉයුජින් වොන් බොයිම්-බ්‍රැව්රෙක්, ලුඩ්විග් වොන් මීසස්, ෆෙඩ්රික් හයෙක්, මුරේ රොත්බාර්ඩ්, හෙන්රි හැස්ලිට් යනාදීන් වෙතින් පැවතෙන ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර පාසැලේ ලොව පිළිගත් අර්ථ ශාස්ත්‍රඥයන් විසින් කිසිවෙකුටත් නිශ්ප්‍රභා කරනු නොහැකි ලෙසකට මාක්ස්ගේ අතිරික්ත වටිනාකම මගින් ප්‍රාග්ධනය ඇතිවෙන හැටි න්‍යායේ අසත්‍යය, දයලෙක්තික භෞතිකවාදය සහ පංති අරගලය යනාදිය වැරදි කෙසේදැයි පෙන්වා දී තියෙනවා.
ඉතින් මගේ තාත්තා මට කියලා දීලා තියෙන්නෙ මෙහෙම: “ධර්මයක් හෙළි කර දුන් පසු පමණක් එම ධර්මය හෙළි කරගත් ආකාරයටම අපි වනගත වී භාවනා කරන්නට පෙළඹෙන්නේ මන්ද? අපට හෙළි කර දුන් සත්‍යය තේරුම් ගැනීමට බැරිද? එය ශුද්ධ පව්ත්‍ර කොට තේරුම් කරදුන් පසු වැටහෙන්නේ නැති මෝඩයින්ට මුල් පටන් භාවනා කොට අළුතෙන් යමක් සොයා ගැනීමට හැකිවේද?” -සුමනදාස සමරසිංහ, ම්නිස් හිතේ හාස්කම් අංක 8″
ඒ වගේම මගේ තාත්තා කිව්ව තවත් දෙයක් තමයි කාලාම සූත්‍රය කවදාවත් අමතක කරන්න එපා කියල!!!!
// මිනිස්සුස්න්ට නිකන් අද්‍යාපනය , සෞක්‍ය පහසුකම් දෙන්න ඕනේ නැහැ. වැඩ කරලා බද්දක් ගෙව්වම එක දෙන්න පුළුවන්. හැමෝම වැඩ කරන්නත් ඕනා .// වැඩ කරන අයෙක් ගෙවිය යුතු බද්ද කොච්චරක් ද කියලා තීරණය කරන්නෙ කවුද? මාක්ස්ගෙ ගණිත සමීකරණයෙන් ද?!!!!!
Ajith Dharmakeerthi said, on මාර්තු 4, 2014 at 10:19 පෙ.ව.
මේ http://mises.org/etexts/austrian.asp ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර පාසැලේ සමහර ලිපි මං කියවල තියෙනවා . ආඩම් ස්මිත් ගැනත් එහෙමයි. නමුත් බලෙන් රුසියාවේ උගන්නපු දේවල් නොපිලිගත්තට මම තනියම කියවල කලාම සුත්‍රයේ වගේ , ගුරුවරු , ලොකු මිනිස්සු කිව්වා , අරය මෙය කිව්වා කියල පිළිගන්නේ නැතුව , හිතුවම මට තේරුම් ගිය Marx කියන දේ ඇත්ත කියල. එක සමහර සමාජවාදීන් හා දක්ෂිනන්ශිකයන් වැරදියට intepret කරන්න පුළුවන්. මම කියෙන්නෙත් ඔයාගේ තාත්ත කියපු දේමයි මාර්ක්ස් වාදීන්ට . හරියට කියවල තේරුම් ගන්න කියල. එංගලන්තයේදී මේ ධනවාදී ආර්ථික විශේසඥයන්ගේ ලිපි කියවලා පස්සේ marx කියෙව්වම මට නම් තේරුනේ Marx කිව විධිහට ධනවාදය අහෝසිවී කොමියුනිස්ට් සමාජවාදයක් එළෙඹෙන බව . මම පහුගිය අවුරුද්දේ Astrophysics Msc එකක් කල. එකේ BBN ගැන කියෙව්වම අලුත් elements හැදෙන විධිහ කියෙව්වම material වෙනස් වෙන හා අලුතෙන් හැදෙන විධිහ දැන ගත්තාම Marx කිව්වෙත් ඒ හා සමාන දෙයක් බවයි මට වැටහුණේ . ඉතින් කලාම සුතරයට අනුව මන් විසින් සොයා බල දන ගත දේ හරි කියල මම දැන් හිතන් ඉන්නවා. ඉදිරියේදී මේක මෙහෙම නෙවේ කියල කවුරුහරි හොඳින් ඔප්පු කරලා පේනවනම් විද්‍යානුකුලව මම එක පිළිගන්න ව.
Ajith Dharmakeerthi said, on මාර්තු 4, 2014 at 10:22 පෙ.ව.
අමතක වුන අන්තිම ප්‍රශ්නය . වැඩ කරනඅය ගෙවිය යුතු බද්ද තීරණය කල යුත්තේ වැඩ කරන අයගේ සමුහිකය තුලින්. ඔවුන් කොපමණ පොදු සේවා හා දේපල පාවිච්චි කරනවද කියන එක අනුව. ආණ්ඩුව විසින් නොවේ මගේ මතයේ හැටියට. Marx ට අනුව රජය ක්‍රමයෙන් අහෝසිවී ය යුතු බව තම මම හිතන්නේ . සෝවියට් දේශයේ තිබ්බ ක්‍රමයට රජය වඩාත් ශක්තිමත් වීමක් වෙලා තිබ්බේ. මම ඒකට විරුද්ධ වුනේ ඒ නිසා.
arunishapiro said, on මාර්තු 5, 2014 at 1:22 ප.ව.

//අමතක වුන අන්තිම ප්‍රශ්නය .// කෝ ප්‍රශ්නය????
රජය ක්‍රමයෙන් අහෝසී වී යනවා නම් මාක්ස්ගෙ රාජ්‍ය ක්‍රමයට පැවැත්මක් නැහැ. ඒ නිසා මාක්ස්ගේ ක්‍රමයට රජයේ බලහත්කාරය පාවිච්චිය අවශ්‍යයයි. ඒ නිසාම තමයි රජය වඩාත් වඩාත් ශක්තිමත් වෙන්නෙ. ඒකට විරුද්ධයි කියලා වැඩක් නැහැ ඒක ඇති කරන පදනමට කැමති වෙමින්.
 Uditha Meeghathenna (OG) said, on මාර්තු 6, 2014 at 9:37 පෙ.ව.
Böhm-Bawerk වගේ තව ඕනෑතරම් අය Marx ගේ Exploitation Theory එක වැරදියි කියන එක පෙන්වල තියනවා අජිත් නව මාක්ස්වාදීන් වත් දැන් ඕක පිළිගන්නේ නැහැ. භාණ්ඩයක් නිෂ්පාදනයේදී සේවකයාට නැත්නම් කම්කරුවාට පඩි ගෙවන්නේ නිෂ්පාදිත භාණ්ඩය විකුණන්න ඉස්සෙල්ල. මොන කම්කරුවද හදපු බඩු විකුණලා ඉවර උනාම අද වැඩකරන පඩිය පස්සේ ගමු කියන්නේ? මේ නිෂ්පාදිත බඩු විකිනෙයිද නැද්ද කියල දැනගන්න ඉස්සෙල්ල ශ්‍රමිකයට පඩිය ගෙවිය යුතුයි. ඒක හරියට නයක් දෙනකොට අවුරුද්දකින් පස්සේ අපි නය ආපහු ගෙවන්න ඕනෑ පොලිය එක්ක නේ කියන එක කවුරුත් දන්නවා වගේ වැඩක්. කවුරුවත් තමන්ගේ සල්ලි අවුරුද්දක් තියාගන්න නයට දෙන්නේ නැත්තේ ඇයි ආපහු ලැබෙන්නේ ඒ ගානමනං? ඉතින් අයිතිකාරයෙක් තමන්ට ඉදිරි අනාගතයේදී බඩුවක් විකුණලා ලැබෙන මුදල වෙනුවෙන් සේවකයාට අද පඩි ගෙවද්දී භාණ්ඩය විකිණීමෙන් ලැබෙන ඔක්කොම ලාභය සේවකයාට ගෙවන්න බැහැ මොකද ඒක අනාගතයේදී ලැබෙන දෙයක්. මේ අඩුවෙන් ගෙවනවා කියල මාක්ස් කියන සූරාකන අගය ඔහුගේ මනස්ගාත විකාරයක් විතරයි අජිත්.
 Ajith Dharmakeerthi said, on මාර්තු 6, 2014 at 10:25 පෙ.ව.
එහෙම නම් වෙන්නේ නැහැ හැම තැනම . “මොන කම්කරුවද හදපු බඩු විකුණලා ඉවර උනාම අද වැඩකරන පඩිය පස්සේ ගමු කියන්නේ? “—කියන අය ඉන්නවා . මගේ මල්ලි ගාව වැඩ කරපු ගැහැණු ළමයි ඇඳුම් මහල ඉවරවුණාම , contract එකේ සල්ලි ලැබුනම පඩි ගන්න විධිහට තමා වැඩට යන්නේ . ඒ මදිවට ලංකාවේ ගොඩක් company එහෙමයී . ගිය පාර contract එකේ සල්ලි වලින් තමයි මේ පාර පඩි ගෙවන්නේ. හරි මම software engineer kenek . මගේ පඩිය ලැබෙන්නේ මාසේ අන්තිමට . ඒ කියන්නේ මම මාසෙක මගේ ශ්‍රමය credit එකට දීල නැද්ද.? මෙතැනදී මම පීඩිත පන්තියේද නැත්ද අදාල නැහැ. මං වැඩ කරන ආයතනය හුඟක් හොඳයි. ඒක අදාළත් නැහැ. මන් බලන්නේ ශ්‍රමය මෙතන. සුරාකෑම පිලිබඳ නියමය වැරදි ඇති කියන්නේ කොහොමද ? මේක වැරදි නැත්නම්: M-C-M and M-C -M’ (M ‘=M +ඩෙල්ට M ) හා ඩෙල්ට M කියන්නේ අතිරික්ත වටිනාකම බවත් අතිරික්ත වටිනාකම (Surplus Value ) – අතිරික්ත ලාභයක් නැත්නම් විකුණලා වැඩක් නැහැ . නමුත් අතිරික්ත ලාභය සමසේ බෙදෙන්නේ නැහැ . (Böhm-Bawerk එක ආයි කියවල එන්නම් , මොකද මට මතක නැහැ )

arunishapiro said, on මාර්තු 6, 2014 at 11:24 ප.ව.
Ajith Dharmakeerthi,
Eugen von Böhm-Bawerk:
Karl Marx and the Close of His System (1896)
Capital and Interest (1884)
The Positive Theory of Capital (1891)

jith Dharmakeerthi said, on මාර්තු 7, 2014 at 6:26 පෙ.ව.
අය්යෝ මේ link එක තියෙනේ තැන මම දන්නවා අරුණි නංගි . ඔයා මාව සවුත්තු කරනවානේ. ඊට කලින් ඔයාගේ තතගේ පොතක ධර්මය කියල දුන්නට පස්සෙත් පිළිපදින්නේ නැති අය මෝඩයෝ කියල hint එකක් ගැහුවා නේද . හේ හේ :) මම ඊයෙම මේක කියව්වා . ඔයාල දෙන්නම (උදිත මල්ලිත් එක්ක) කියන නිසා මට වැරදුනේ කොතනද බලන්න . ඔය මේ උපුටා ගැනීම් පල කරනවද. නැත්නම් මන් මගේ blog එකේ දාල ලින්ක් එක post කරන්නම් . මන් එකට වැඩිය කැමති නැහැ එකෙන් මගේ blog එක sale කරනවා වැනි අදහසක් එන නිසා.
Written in 1896 for a series of independent Essays on Political Science, Böhm-Bawerk’s work has held up as a classic criticism of Marxist economic theory. In Capital Vol I., Marx explained the profits of capital as resulting from surplus value. He left open the problem of explaining how capitalists with differing ratios of labor to machinery can have similar profits, a contradiction to be resolved in further works. Marx, in Capital Vol III, takes up the matter again, but according to Böhm-Bawerk’s essay, does not resolve the issue logically. He concludes with a critique of his contemporary, Werner Sombart’s interpretation of Marx in Sombart’s essay, “Zur Kritik des ökonomischen Systems von Karl Marx”. Send comments or corrections to Sally Ryan. –http://www.marxists.org/subject/economy/authors/bohm/
ඉතින් බවෙර්ක් Markx ගේ න්‍යාය කඩා බිඳ දාල නැහැ ඔයාල කියන විධිහට . එය marx ගේ උප්ලන්පන වලට තම පහර දෙන්නේ . Marx abstract එක විතරක් අරගෙන අතිරික්ත ශ්‍රමය හා අතිරික්ත වටිනාකම ගැන න්‍යාය ඉදිරිපත් kala කියල. funny enough මේක astrophysics වලත් එහෙමයි. ගොඩක් අය හිතනවා අයින්ස්ටයින් නිව්ටන් ව බොරු කල කියලා . එහෙම වුනේ නෑනේ . නිව්ටෝන් ගේ ප්රෙම්යන් අදටත් අදාලයි ඒ framework එක තුල .(space -time absolute ) . But Ernestine’s special relativity superseded this absolute time and space with his spacetime. ඉතින් ඒ framework එකේ අයින්ස්ටයින් හරි. ආයි quantum physics වලදී අයින්ස්ටයින් ගේ නීතිත් අදාල නැහැ . මෙතනත් හරියටම ඒ වගේ දෙයක් වෙන්නේ . Marx කිසියම් උපකල්පන කීපයක් කරා . ඒ අනුව ඔහුගේ ප්‍රමේය fundamentally හරි. ඒක වැරදියි කියල Bawerk වත් smith වත් ඔප්පු කරලා නැහැ. නිකන් කතා කරනවා විතරයි . මෙන්න මේ ටික දැක්කද ?
The price of production of a commodity is first of all composed of the “cost price” to the employer of the means of production and of the average profit on the capital employed. The cost price of the means of production consists again of two component parts: the outlay of variable capital, i.e., the money immediately paid in wages, and the outlay’for consumed or used up constant capital–raw material, machines, and such-like. As Marx rightly explains, on pages 138 seq., 144, and 186, in a society in which the values have already been changed into prices of production, the purchase or cost price of these means of production does not correspond with their value but with the total amount which has been expended by the producers of these means of production in wages and material appliances, plus the average profit on this expenditure. If we continue this analysis we come at last–as does Adam Smith in his natural price, with which, indeed, Marx expressly identifies his price of production (iii. 178),–to resolve the price of production into two components or determinants: (I) the sum total of the wages paid during the different stages of production, which taken altogether represent the actual cost price of the commodities; [9] and (2) the sum total of the profits on all these wage outlays calculated pro rata temporis, and according to the average rate of profit. -Böhm-Bawerk
තව දුරට කියෙව්වොත්:
I think the case was really different. That Marx was truly and honestly convinced of the truth of his thesis I do not doubt. But the grounds of his conviction are not those which he gives in his system. They were in reality opinions rather than thought-out conclusions. Above all they were opinions derived from authority. Smith and Ricardo, the great authorities, as was then at least believed, had taught the same doctrine. They had not proved it any more than Marx. They had only postulated it from certain general confused impressions. But they explicitly contradicted it when they examined things more closely and in quarters where a closer examination could not be avoided. Smith, in the same way as Marx in his third volume, taught that in a developed economic system values and prices gravitate towards a level of costs which besides labour comprises an average profit of capital.
මෙතනින් පස්සේ තම විවේචනය එන්නේ :
For it is a fatal error of method to ignore in scientific investigation the very point that demands explanation. Now Marx’s theory of surplus value aims at nothing else than the explanation, as he conceives it, of the profits of capital. But the profits of capital lie exactly in those regular deviations of the prices of commodities from the amount of their mere costs in labour. If, therefore, we ignore those deviations, we ignore just the principal part of what has to be explained. Rodbertus[9] was guilty of the same error of method, and twelve years ago I taxed him, as well as Marx, with it; and I venture now to repeat the concluding words of the criticism I then made:–
The Marxian teaching in a very emphatic way bases the scientific investigation and criticism of the exchange relations of commodities on the conception of commodities as “nothing but products.” Sombart endorses this, and in certain rather indefinite• statements–which, on account of their indefiniteness, I do not discuss with him–he even goes so far as to view the foundations of the whole economic existence of man in the light of that abstraction.
arunishapiro said, on මාර්තු 7, 2014 at 12:04 ප.ව.
තියෙන තැන දන්නවා කිව්වට, පුද්ගලයාගේ නම දන්නවා කිව්වට ඵලක් නැහැ බොයිම්-බැව්රෙක් විසින් මාක්ස් හදපු අතිරික්ත වටිනාකම ගැන න්‍යාය නිශ්ප්‍රභා කරලා තියෙන ආකාරය කියවන්නෙ නැතිව කියවපු විදියට ප්‍රතිචාර දමනවා නම්.
තවමත් දාන ප්‍රතිචාර වලින් තමයි පෙනෙන්නෙ කියවා නැතිබව.
නැතිව එක රාත්‍රියකින් Karl Marx and the Close of His System (1896) හි පිටු 256 ත්, capital and interest (1884) හි පිටු 540 ත්, The Positive Theory of Capital (1891) හි පිටු 426 ක් කියෙව්ව ද කියලා සැක කරන නිසා නම් නෙමෙයි!!!!!
බොයිම්-බැව්රෙක්ගේ ස්වාධීන රචනා ගැන කියා එය විචාරයට ලක් කරන මාක්ස්වාදී අන්තර්ජාල අඩවියේ සැලී රයන් නම් transcribe නොහොත් අනෙක් අය ලියපුවා කොපි පිටපත් කරපු අයෙක් දැමූ සටහනකින් කොටසක් අරගෙන, එය මා දුන්න ලින්ක් එකකින් කියෙව්වා වගේ පෙන්වා //ඉතින් බවෙර්ක් Markx ගේ න්‍යාය කඩා බිඳ දාල නැහැ ඔයාල කියන විධිහට // කියන්නෙ කාව මුලා කරන්න ද?
එහෙන් මෙහෙන් කෑලි අල්ලාගෙන, පාඨකයාව නොමග යවන්න හැකි හැම ආකාරයකින්ම පටලවා අවුලක් හදා ලියන අදහස් තේරුම් බේරුම් කරන්න මෙතැන ඉඩක් නැහැ, ඒවා ඔයාගෙ බ්ලොග් එකක පළකරගන්න.

Ajith Dharmakeerthi said, on මාර්තු 7, 2014 at 6:43 පෙ.ව.
මිට අමතරව ඔයාගේ link එකේ මේ ටික දැක්කද: මට දැන් තේරෙනවා ඇයි 3mana එකේ පෙරටුගාමී සහෝදරවරු ඔයාට ලිපි පෙලකින් උත්තර දෙනවා කිව්වේ කියල . මොකද මේක comments වලින් කරන්න අමාරුයි . හරියටම න්‍යාය වැරදියි කියන තැන අරගෙන rebuke කරන්නේ නැතුව .
Although Böhm-Bawerk’ස theory of capital is one of the cornerstones of Austrian economics, modern mainstream economists pay no attention to Böhm-Bawerk’s analysis of roundaboutness. Instead, they accept Irving Fisher’s approach of just assuming that there are investment opportunities that make capital productive. Nevertheless, Böhm-Bawerk’s approach helped to pave the way for modern interest theory.
Böhm-Bawerk was also one of the first economists to discuss Karl Marx’s views seriously. He argued that interest does not exist due to exploitation of workers. Workers would get the whole of what they helped produce only if production were instantaneous. But because production is roundabout, he wrote, some of the product that Marx attributed to workers must go to finance this roundaboutness, that is, must go to capital. Böhm-Bawerk noted that interest would have to be paid no matter who owned the capital. Mainstream economists still accept this argument.
Fisher ගේ මේ න්‍යාය මම හිතන්නේ මර්ක්ස්වාදයේම තව ඉදිරියට යාමක් හැටියට. (ඔයාට නම් හිනා යයි :)) .Fisher was also the first economist to distinguish clearly between real and nominal interest rates. He pointed out that the real interest rate is equal to the nominal interest rate (the one we observe) minus the expected inflation rate. If the nominal interest rate is 12 percent, for example, but people expect inflation of 7 percent, then the real interest rate is only 5 percent. Again, this is still the basic understanding of modern economists.
Fisher laid out a more modern quantity theory of money (i.e., monetarism) than had been done before. He formulated his theory in terms of the equation of exchange, which says that MV = PT, where M equals the stock of money; V equals velocity, or how quickly money circulates in an economy; P equals the price level; and T equals the total volume of transactions. Again, modern economists still draw on this equation, although they usually use the version MV = Py, where y stands for real income.
Anyway සකච්චාව ඉඅගය කරනවා .. කිසියම් කරුණු කීපයක්මාත් ඉගෙන ගත්ත. පස්සේ ආයි කතා ක‍රමු . මේකට ඔයාගේ පිළිතුරෙන් පස්සේ මන් නවත්තනවා. capital vol II හා III මන් දැනට කියවනවා. ඔයා හිතනවා වගේ මම Marx සම්පුරණයෙන් අදහනවා වගේ කියවන්නේ නැහැ. Marx ගේ වැරැදි තැන් තියෙනවා. උදාහරණයක් වශයෙන් එංගලන්තය ගැන කිව්වදේ . Factory වල දරුණු conditions . ( A Prediction) Capitalism advance වෙනකොට මේ ප්‍රශ්න වැඩි වෙනවා කියල (එංගලන්තයේ ) වුනේ අනිත් පැත්ත.
ස්තුතියි .
arunishapiro said, on මාර්තු 7, 2014 at 12:09 ප.ව.

//හරියටම න්‍යාය වැරදියි කියන තැන අරගෙන rebuke කරන්නේ නැතුව // න්‍යාය නිශ්ප්‍රභා කරපු ඉහත සඳහන් පොත් තුන කියවන්න. බොයිම්-බැව්රෙක් ඒ ගැන ඇතුලත් පොත් තුනක් ලිව්වෙ ඉතා පැහැදිලි ලෙස එකින් එක විස්තර කරන්නට තමයි.
//සකච්චාව ඉඅගය කරනවා// සාකච්ඡාවක් යනු අනෙක් පැත්තේ සිටින්නා කියන්න ද සලකා බැලීමයි.
Uditha Meeghathenna (OG) said, on මාර්තු 7, 2014 at 12:46 ප.ව.
අරුණි මේ මහා විවාදයට අනුව ඔයා පැරදියි පරාජය භාර ගෙන වහා යටත් වනු Ajith Dharmakeerthi මාක්ස් නිදොස් කර නිවරිදිකර න්‍යාය බේරාගෙන ඇති නිසා මාක්ස්වාදයට ජයවේවා. සකලලෝක වාසි කම්කරුවනි දැන්වත් එක්වව්…… මාක්ස් ඉතිහාසයේ අනිවාර්යයෙන් වෙන දේවල් කියල තියන්නේ ඔයාටයි මටයි පුලුවන්ද ඉතිහාසයේ ගමන නවත්වන්න…
arunishapiro said, on මාර්තු 7, 2014 at 12:47 ප.ව.
Uditha Meeghathenna,
:D
Ajith Dharmakeerthi said, on මාර්තු 7, 2014 at 1:14 ප.ව.
මම ඊයෙම මේක කියව්වා කිවේ ඔය දාපු ලින්ක් එක ගැන නෙමේ. මම පහල දාපු Sally ගේ පරිවර්තනය . ඒ ලින්ක් එක . ඔයාගේ එක කියවන්න මට වෙලාවක් තිබ්බේ නැහැ ඊයේ . මම කීවේ ඒක මන් දැක්ක ඊට කලින් කියල විතරයි (link එක තියෙන තැන දන්නා බව විතරයි මම කීවේ ) . හැබැයි ඔයාගේ මේ කතාව ද්වේශ සහගතයි. “අනෙක් අය ලියපුවා කොපි පිටපත් කරපු අයෙක් දැමූ සටහනකින් කොටසක් අරගෙන” – මොකද marxists .org අඩවියේ තියෙන්නේ ජර්මන් භාෂාවෙන් ලියපු ඒවායේ පරිවර්තනය මිසක් sally ගේ පෞද්ගලික සටහන් නෙමේ . එහෙම නම් ඔය Austrian site එකේ ඉංග්‍රීසියෙන් තියෙන්නෙත් පරිවර්තන තමයි. මට තරමක් ජර්මන් පුළුවන් බිරින්දෑ නිසා නමුත් මේවා කියවන්න බැහැ :). අනික පාඨකයා නොමග යවනවා කියන්නේ ඇයි. මන් කාටවත් බලන්න නෙමේ ලිව්වේ . ඔයාට හැකි නම් මගේ private email එකෙන් post කරගමු . එතකොට ඒ ප්‍රශ්නය එන්නේ නැහැ. අනික ඔයා කිව අයගේ (ස්මිත්) වැනි ඒවා මන් කියවා තියෙනවා. මන් කැපිටල් එක දැන් කියවන්නේ දෙවන වරට. ඔය කියන අනිත් පොත් වලට යන්න වෙන්නේ ඉන් පස්සේ. ඔයාගේ ලින්ක් එකේ Böhm-Bawerk කැපිටල් II හා III විවේචනය කරනවා . ඉතින් ඒවා නැවත නොකියවා මට කතා කරන්න බැහැ . අවුරුදු 25 කට කලින් ඉගෙන ගත් දේ මට මතක නැහැ. එකයි මන් කිව්වේ මේක පස්සේ කතා කරමු කියල. අකමැතිනම් ප්‍රශ්නයක් නැහැ . මන් බ්ලොග් එකේ දාපු දවසට එවන්නම් කැමතිනම් ඇවිත් comment කරන්න . මම විවේචන කියවන්නෙත් උත්තර දෙන්නෙත් මම හරිද කියල දැන ගන්න විතරයි. ඔයාගේ පෞද්ගලික දැනීම වත් ඔයාව පෞද්ගලිකව විවේචනය කිරීමට වත් නොවේ. marx වැරදිය කියල කියන ඇත්තෝ මොන පදනමින්ද ඒවා කියන්නේ කියල දැන ගන්න මට උවමනාවක් තියෙනවා. ඔයාල ගොඩක් කරන්නේ අතන කියවන්න මෙතන කියවන්න කියල කීම පමණයි. හරියට කොතනද කොයි හරියේද මේ rebuke කරලා තියෙන්නේ කියල refer කරලා නැහැ. මම මේ excerpts අරගෙන දැම්මෙත් ඒකයි . ඔය බලන්න Marx කොච්ච්ර එහෙම අරගෙන refer කරලා තියෙනවද කියා capital එකේ . Böhm-Bawerk නුත් එහෙම කරලා තියෙනව . එතනින් මෙතනින් අරන් දානවා නෙමේ. ඒක තමයි ක්‍රමය. ඔයා ඒවා පල කරපු එකට ස්තුත්යි. ඔයා හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ඔය මේ තව ලිපියක මන් දැක්ක දයලේක්තික වාදය විවේචනය කරලා කෝචෝක් හිනාවක් දල තියෙනවා. එතනත් ඇයි එක වැරදි කියල විද්‍යාත්මකව පැහැදිලි කරලා නැහැ . ඉතින් ඒක පිළිගන්න අමාරුයි . ඒකට තමා මම දැන් උත්තරයක් ලිය ලිය හිටියේ , නමුත් මෙතන ඔයාගේ උත්තරයෙන් පස්සේ ඒ අදහස අත ඇරිය . මේ comment එක පල නොකලට කමක් නැහැ. ඔයාටදැන ගන්න එව්වේ.
All the best
arunishapiro said, on මාර්තු 7, 2014 at 4:20 ප.ව.
Ajith Dharmakeerthi,
//මන් කැපිටල් එක දැන් කියවන්නේ දෙවන වරට. ඔය කියන අනිත් පොත් වලට යන්න වෙන්නේ ඉන් පස්සේ. ඔයාගේ ලින්ක් එකේ Böhm-Bawerk කැපිටල් II හා III විවේචනය කරනවා . ඉතින් ඒවා නැවත නොකියවා මට කතා කරන්න බැහැ . අවුරුදු 25 කට කලින් ඉගෙන ගත් දේ මට මතක නැහැ. //
අයියෝ, ඔබ අපි හැමෝගෙම කාලය නාස්ති කරල.
Ajith Dharmakeerthi said, on මාර්තු 7, 2014 at 6:23 ප.ව.
මම වෙලාව නාස්ති කරානම් සමා වෙන්න . මට හරියටම Bawerk කියන තැන් capital II හා iii න් ගන්නේ නැතුව නිකම් උත්තර ලියන්න කැමති නැහැ ඔයාල වගේ . මේ rebuttal එක කැමතිනම් කියවන්න . නැත්නම් එකේ වැරැද්ද පෙන්නලා දෙන්න . මම නිහතමානිව පිළිගන්නම්. මෙන්න ලින්ක් එක. http://marxists.org/archive/hilferding/1904/criticism/index.htm
හැබැයි marxist පච කියල පාච්චල් කතා නෙමේ . නියම rebuttal එකක් දෙන්න .
arunishapiro said, on මාර්තු 7, 2014 at 7:59 ප.ව.
Ajith Dharmakeerthi,
//ඔයාල වගේ// ?????
තැන් තැන් වලින් අරන් උත්තර නොලියන නිසයි මාක්ස්ගේ ශ්‍රම සූරාකෑම/ අතිරික්ත වටිනාකම/ශ්‍රමයේ අගය පිළිබඳ න්‍යාය සාර්ථක ලෙසින් නිශ්ප්‍රභා කරලා පොත් තුනක් පිරෙන්න පිළිවෙලකට ලියලා තියෙනවා මෙහෙම කෙනෙක් කියලා ඒ පොත්වල නම් හා සබැඳි පෙන්නුවේ.
එහෙම පෙන්වපු පොත් අතර Karl Marx and the Close of His System (1896) පොතේ 1949 නිව් යෝර්ක් හි Augustus M. Kelley වෙතින් ප්‍රකාශනය වෙන පොතේ (දැනට ඉංග්‍රිසියෙන් කියවන අයට මීසස් ආයතනයෙන් මිලට ගන්න හැකි පොත මෙයයි) ඔබ සබැඳියකින් අමුණන Rudolf Hilferding ලියූ Böem-Bawerk’s Criticism of Marx ද අඩංගුයි. මේ පොත ලිව්වට පස්සෙ Hilferding ගේ ජීවිතය දිග හැරිච්ච ආකාරය ගැනත් ලියැවිලා තියෙනවා. බොයිම්-බැව්රෙක් විසින් ලියන Capital and Interest පොතේ ජර්මන් තෙවැනි මුද්‍රණයේ මේ පොත ගැන හිල්ෆර්ඩින්ග් ලිව්වාය යන්න footnote එකක් පමණක් හැටියට සඳහන් කරන බොයිම්-බැව්රෙක් කියන්නේ තමන්ගේ අදහස් වෙනස් කරන්නට අවශ්‍ය කිසිවක් එහි ලියා නැත කියායි.
ඒ විතරක් නෙමෙයි Ladislaus von Bortkiewicz විසින් බොයිම්-බැව්රෙක් සහ හිල්ෆර්ඩින්ග් අතර ඇති ප්‍රධාන කාරණා ගැන ලියවුන ජර්මන් ලිපියක ඉංග්‍රීසි පරිවර්තනයක් ද අඩංගුයි.
මීසස් ආයතනය තම සල්ලි ආයෝජනය කරලා ඒවා කැමති කෙනෙකුට මිල දී ගෙන කියවන්නට තවමත් ප්‍රකාශනය කරන්නේ ඒවායෙන් ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රයේ බොයිම්-බැව්රෙක් විසින් මාක්ස්ගේ න්‍යායන් පැහැදිලිව නිශ්ප්‍රභා කරලා තියෙන ආකාරය පාඨකයන්ට පැහැදිලි වෙන්නම තමයි.
Ajith Dharmakeerthi said, on මාර්තු 7, 2014 at 7:47 ප.ව.
@Uditha “අරුණි මේ මහා විවාදයට අනුව ඔයා පැරදියි පරාජය භාර ගෙන වහා යටත් වනු Ajith Dharmakeerthi මාක්ස් නිදොස් කර නිවරිදිකර න්‍යාය බේරාගෙන ඇති නිසා මාක්ස්වාදයට ජයවේවා. සකලලෝක වාසි කම්කරුවනි දැන්වත් එක්වව්…… මාක්ස් ඉතිහාසයේ අනිවාර්යයෙන් වෙන දේවල් කියල තියන්නේ ඔයාටයි මටයි පුලුවන්ද ඉතිහාසයේ ගමන නවත්වන්න”
උදිත 1. මම කාවවත් පරද්දන්න විවාදයකට ආවේ නැහැ. දිනන්න ආවේත් නැහැ . අහම්බෙන් වෙන වෙබ් අඩවියක අරුණි ගේ ලිපියක් දැකල එකට උත්තරයක් ලියන්න හිතුන නිසා ආවා විතරයි. අනික අරුණි මේවා සාකච්චා කරමු කියා දාලා තිබුන නිසා comment කලේ. ඔයාල දිනුම ගන්න මට එහෙම එකක් අවශ්‍ය නැහැ . හැබැයි මේ ටික කියවල. ඔයාගේ අර දුයිෂෙන් කතාව කියවලා බැලුවහම මට හිතුන ඔය Marx ගේ අහලකින් වත් ගියාද කියල. Marx කිවේ Louis Blanc කීව එක. From each according to his ability, to each according to his need.- critique of the Gotha program 1875. අර email වල circulate කරපු එක හිතලුවක් . මඩ පාරක් . අනික ඔය කම්කරු පන්තිය කියන්නේ අර සමරවීර වගේ සම සමාජවාදී හොරු තම මද්යම පන්තික ධනපති බව පෙන්වන්න ගොතපු වචනයක්. Marx කතා කලේ ශ්‍රමය ගැන. ශ්‍රමිකයා ගැන. ශ්‍රමය විකුණන මමත් , සාමාන්‍ය දිළිඳු කම්කරුවෝ නොවන අයත් අයිතියි. ඔය සකල දේශවාසී නිර්ධනයිනි, කම්කරුවනි එක්වව් කියන්නෙත් යල් පැන ගිය සටන් පාඨයක්. Tesco , walmart , M & S , වගේ global company වලින් ඒ එකතුව marx කීව වගේ කරගෙන යනවා.
2. ඔයාගේ ජීප් එක හොඳයි ලස්සනයි. මාත් කැමතියි. සමාවෙන්න පෞද්ගලික දේවල් ගැන කතා කලාට. මට ලංකාවේ මර්ක්ස්වදියෙක් කිව දෙයක් අනුව මේ කතාව කියන්නේ. මටත් මගේ බිරිඳටත් වාහන දෙකක් තියෙනවා. මේක සාමාන්‍ය දෙයක්නේ . ඇමෙරිකාවෙත් එහෙම නේ. මට BMW එකක් තියෙනවා. මම මර්ක්ස්වදය ගැන කතා කර කර BMW එකක යන්නේ කොහොමද කියන එක ඔහුට ප්‍රශ්ණයක්. මන් ඇහුව Marx කොහෙද BMW ගන්න එපා කියල තියෙන්නේ කියල. අනික ඒක මෙහෙත් ජර්මනියේත් සුලභ වාහනයක් නේ . ඔන්න top of the range Porsche එකක් නම් සමහරවිට elite කියල කිව්වා හැකි. ලංකාවේ BMW පාවිච්චි කරන්නේ එක කට්ටියක් විතරයි කියල එයා කිව්වේ. මොන කට්ටියද කියල නම් කිව්වේ නැහැ. . නමුත් දියුණු ධනපති රටක ඒක අදාල නැහැනේ. මේ දියුණු ධනවාදී රට සාපේක්ෂව හොඳයි. ඒ නිසා මර්ක්ස්වාදය වෙනුවෙන් අමුතුවෙන් bat කරන්න අවශ්‍යතාවයක් මට නැහැ. නමුත් marx කීවේ අපි හැමෝටම හොඳ කාරෙකක් හොඳ ගෙයක් ආදී දේ තියෙනවනම් හොඳයි කියල මිසක් හා ඒක කර ගන්න නම් නිෂ්පාදන අයිතිය ශ්‍රමය වියදම් කරන්නා අතට ගත යුතු බවත් විතරයි. හොඳයි අපේ company (ගොඩක් IT company වල ) shares දෙන කොට ඒක වෙන්නේ නැත්ද? අපට අසාවෙන් වැඩ කරන්න හිතෙන්නේ නැත්ද. දයලේක්තික බෞතිකවාදය marx උපයෝගී කර ගත්තේ මේ පන්ති විෂමතාවය තුලින් ඊලග අවදිය උපදිනවා කියන්න නේ . (මේකට අරුණි වෙන තැනක හිනා වෙලා තිබුන ) . ඉතින් මිනිස්සුන්ට ඒක ඕන වුණාමඒ ක වෙයි. එයා වැඩ වසම් යුගයේ සිට ධනපති යුගයට වුන පෙරලිය ගැන කතා කලෙත් ඒ අනුවනේ. ධනවාදයට මිලදී ගන්නට නිදහස් ශ්‍රමයක් වෙළඳ පොල තුල තිබිය යුතු නිසානේ යුරෝපයේ වැඩ වසම් , ප්‍රවේණි දාස ක්‍රම බිඳ වැටුනේ..
3.ඔයගොල්ලන්ගේ වෙලාව වැය කලට ස්තුතියි.