මෙහි එක ක්‍රියාවලියකදී (මුලික) ප්‍රෝටෝනයක් හා න්යුට්‍රෝනයක් ගැටී ඩියුටිරියම් මුලිකනුවක් හා ශක්තිය (ගැමා ) ෆෝටෝන වශයෙන් නිපද වෙනවා. ඩියුටිරියම් හා ඩියුටිරියම් ගැටී හීලියම් හැදෙනවා. හයිඩ්රොජන් හා හීලියම් ගැටී ලිතියම් හැදෙනවා. මේ ක්‍රියාවලියම තාරකා අතුලේදීත් සිදුවෙනවා . හැබැයි හැදෙන්නේ වෙනත් මුල ද්‍රව්‍ය. මට හිතෙනවා මෙතන දයලේක්තිකය නමින් අප හඳුන්වන ක්‍රියාදාමයම සිද්ධ වෙනවා කියල. හෙගෙල් ගේ තර්කනය හැටියට (එහෙම හරියටම හෙගෙල් කියල නැති වුනත් ) අප හඳුන්වන්නේ ප්‍රතිවිරෝධයක් තුලින් මතුවන synthesis එකක් ගැන. "development through the stages of thesis, antithesis, and synthesis in accordance with the laws of dialectical materialism ....any systematic reasoning, exposition, or argument that juxtaposes opposed or contradictory ideas and usually seeks to resolve their conflict
from Merriam-Webster - online dictionary"
The Hegelian dialectical formula: A (thesis) versus B (anti-thesis) equals C (synthesis).
ඉතින් මාක්ස් මේක දයලේක්තික භෞතිකවාදය හැටියට අරගෙන , වහල් යුගයේ වහලා හා වහල් හිමියා අතර ප්‍රතිවිරෝධය තුලින් synthesis එක වන වැඩ වසම් රදළ යුගයත් ප්‍රවේනි දාසයා හා රදළයා අතර ප්‍රතිවිරෝධය තුලින් ධනවාදී සමාජය බිහිවීම මේකට ආදේශ කලා. දියුණුවන ධනවාදය හා මිය යන වැඩ වසම් රදල සමාජය අතරත් ප්‍රති විරෝධයක් ආව. ඒ බැමි වලින් තොර නිදහස් ශ්‍රමයක් ධනවාදී වෙළඳ පොලට අවශ්‍යය කියන කරණය මත. මෙන්න මේ සන්දර්භය මත තමයි කාල් මාක්ස් ගේ ප්‍රාග්ධනය ගැන නැවත හැදෑරීමක් කරන්න ඕනේ කියන එක මට හිතුනේ දැන් මාස කීපයකට කළින්.
මම සෝවියට් දේශයේ ඉගෙන ගනිද්දී මේක සැහෙන ප්‍රමාණයකට ඉගෙන ගත්ත. ඒ කියන්නේ අපට ඉගැන්වුවේ දේශපාලන ආර්ථික විද්‍යාව කියල විෂයක්. අපි ඉංජිනේරු ශිෂ්‍යයෝ නිසා මේක ගොඩක් ගැඹුරට ඉගැන්නුවද කියල සැකයක් තියෙනවා. නමුත් ධනවාදී අර්ථ ක්‍රමය පිලිබඳ යම් දෙයක් උගන්වල ඊට පස්සේ අපට ඉගැන්වුයේ ප්‍රාග්ධනය කියන දේ හා පසු කාලීන සෝවියට් ආර්ථික ක්‍රමයේ පරිණාමය ගැන. කිසියම් දේශනා වගයකට සහභාගී වෙන කොට මට සැකයක් ආව අපි හරියටම මාක්ස් ප්‍රාග්ධනය පොතේ කිව්ව දේ තේරුම් අර ගෙනද කියල. ඒක තමා අනිත් හේතුව.
තුන්වන හේතුව තම නැවත මාර්ක්ස්වාදී පක්ෂ වල නැගීමක් ඇතිවීම. මේ පක්ෂවල ඉන්න සමහරු පරණ සෝවියට් ක්‍රමය හොඳයි කියල හිතනවා. තව සමහරු අර පොල්පොට් හා සමානව නැවත මුල ඉඳන්ම ගිහින් සමාජවාදී ජීවියෙක් නිර්මාණය කරන්න ඕනේ කියල කියනවා. ඊළඟ අන්තයේ ඉන්න ධනවාදී රටවල් ජිවත් වන අය මාක්ස් ගේ උගැන්වීම් හා කැපිටල් එකේ මුලික සිද්ධාන්ත එවුජින් බෝඑම් බවෙර්ක් ( Eugen von Boehm-Bawerk ) හා ලුද්විග් වොන් මිසස් Ludwig von Mises අයගේ ඕස්ට්‍රියානු ආර්ථික ක්‍රමය පිලිබඳ ඉගැන්වීම් තුලින් බිඳ හෙලා ඇති බව කියනවා.
මෙහිදී නැවතත් Big Bang NucleoSynthsis එකට යා යුතුයි. විශ්වයේ ආරම්භය පිලිබඳ standard model කියල දැනට පිලි ගන්න මොඩලය පිලිබඳ ගණිතමය ඔප්පු කිරීම් වලදී හා න්‍යෂ්ටික ක්‍රියාවලිය පිලිබඳ ඔප්පු කිරීම් වලදි අපි උපකල්පන රාශියක් කරනවා. මුලිකම දෙක තම විශ්වය හැම පැත්තෙන්ම හැම දිශාවෙන්ම එක සමානය කියා සැලකීම. "the universe is homogeneous and isotropic on the largest scales." ඊළඟට අපි පිලි ගන්නවා විශ්වයේ මුලික සිද්ධාන්තය අදාලය කියල. "we assume that the cosmological principle holds". ඊට පස්සේ අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය හා ෆ්රිද්මන් ගේ (Friedman) සමීකරණ හරහා විශ්වයේ ඇති වීම පිලිබඳ මොඩලය හදා ගන්නවා . මෙහිදී අපට මුලද්‍රව්‍ය ඇති වීම පිලිබඳ සමීකරණ ගොඩ නගා ගෙන පරික්ෂනමය වශයෙන් ඒවා ඔප්පු කරන්නත් පුළුවන් වෙනවා . නමුත් කවුරුත් කියන්නේ නැහැ අර කලින් කල උප කල්පන වැරදි නිසා පස්සේ ආපු ප්‍රමෙයන් වැරදි කියල. ඇත්තටම ඒවා එක දුර පරාසයක් තුල විතරයි නිවැරදි වෙන්නේ. මාක්ස් ප්‍රාග්ධනය ලියද්දි උපකල්පන කීපයක් කරනවා. Eugen von Boehm-Bawerk කියන රදල ආර්ථික විශේසඥයා ඔහුගේ උපකල්පන වැරදි නිසා ප්‍රමේය වැරදිය කියා තමන්ගේ සමීකරණ වගයක් ඉදිරිපත් කරනවා. මේක ගැන පසුවට සාකච්චා කරන්නත් බල පොරොත්තු වෙනවා. මට මුලින්ම අවශ්‍ය වන්නේ මාක්ස් මොකද්ද කිව්වේ කියල සැකෙවින් දන්නා භාෂාවෙන් ලියල සංවාදයක් ඇති කර ගන්න. ඉන් පස්සේ අර අනිත් තර්ක හරිද වැරදිද කියල නිගමනය කල හැකියි. මතු සම්බන්ධයි.
Figure Ref: http://www.einstein-online.info/spotlights/BBN
සෑහෙන වටිනා වැඩක්. ජය!
ReplyDeleteස්තුතියි. වැරදි තිබ්බොත් comment කරන්න.
ReplyDeleteහරිම ප්‍රයෝජනවත් අධ්‍යයනයක්. බෙදා හදා ගන්නවාට ස්තූතියි.
ReplyDeleteස්තූතියි , එකතු වෙලා කතා කරමු.
ReplyDeleteහරිම වටින කරුණු රැසක්. ඒත් ස්වාභාවික විද්‍යාත්මක සංකල්ප ඒ විදියටම සමාජයට ආදේශ කරන්න පුළුවන්ද? මම නම් මේක තේරුම් ගන්නේ සමාජ විද්‍යාත්මක එළඹුම් තුලින්.වහල් යුගයේ සිට නිරන්තර ගැටුම් තුලින් සමාජය පරිණාමය වන බව පිළිගන්න පුළුවන්ද?
ReplyDeleteමම හිතන්නේ සමාජයක් වෙනස් වෙන්නේ නිෂ්පාදන ක්‍රමවේදයන් වෙනස් වීම නිසා කියායි. සෑම නිෂ්පාදන ක්‍රමවේදයක් තුලම ඊට ආවේණික අංගයන් දැකිය හැකියි.ඉතින් මේ අංගයන්ට බද්ධ වීම තුලින් ධනපතියන් ,කම්කරුවන් වැනි භූමිකා හදුනා ගත හැකියි.එසේ නැතිව පංති සමාජයක් නම් මම පිළිගන්නේ නැහැ.
මාක්ස්ගේ ආකෘතීන් වැරදි බවයි මට හිතෙන්නේ. ඔහුගේ කතා නිසා මනෝරාජික සිහින දකින නන්නත්තාර මතවාදීන් පිරිසක් බිහිවුනා.
ඔබගේ බ්ලොගයේ හෝ මගේ බ්ලොගයේ අපට මේ ගැන සංවාද කළ හැකියි.
ස්වාභාවික විද්‍යාත්මක සංකල්ප ඒ විදියටම සමාජයට ආදේශ කරන්න පුළුවන්ද? - මම නෙමේ .මේක කලේ . මාක්ස් හා එංගල්ස්. ස්වභාවික දයලේක්තික වාදය එන්ගල්ස්ගේනුත් , හේගල්ගේ දයලේක්තිකයත් , ඩාර්වින් ගේ පරිනමවාදයත් සලක සමාජ ප්‍රගමනය පිලිබඳ මතය මාක්ස් ඉදිරිපත් කලේ එය ඔහුට ඒ විධිහට ඔප්පු කරන්න පුළුවන් කියා සිතු නිසා. ප්‍රාග්ධනය පොතේ ඒ සම්බන්ධව තියෙන නිසා තම මම ඒ හරිය සාකච්චා කරන්නේ .
ReplyDelete"මම හිතන්නේ සමාජයක් වෙනස් වෙන්නේ නිෂ්පාදන ක්‍රමවේදයන් වෙනස් වීම නිසා කියායි. " - මේක තමා මාක්ස් කියන්නෙත්. මන් හිතන්නේ ඔබත් මාක්ස් නැවත කියවිය යුතුයි කියා. පන්ති සමාජය ගැන ඉදිරියේදී කතා කරන්න අදහස් කරන නිසා දැන් ලියන්නේ නැහැ. මේ ගැන ලියන ඊළඟ ලිපියේ සාකච්චා කරමු.
මිට අමතරව මගේ http://quantumchecks.blogspot.co.uk/ බ්ලොගයේ මේ විශ්වයේ පරිණාමය සාකච්චා කරන්න බල පොරොත්තු වෙනවා ඉංග්‍රීසියෙන්. එහි ඇති ලිපි දැනට සමීකරණ ගොඩක් එක්ක තියෙන නිසා කියවන්න අමාරුයි. ඉදිරියේදී වෙනස් කරන්න බල පොරොත්තු වෙනවා.
ReplyDeleteමට ඔබෙන් අසන්න ප්‍රශ්නයක් තිබෙනව.මේකට අදාලව නොවෙයි නිකම් දැනගන්නට. ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් භූතයන් ඉන්න බව ඔප්පු කළ හැකි හෝ ඒ පිළිබද අධ්‍යන වලට යම් එළියක් ලැබෙන බව කියනවා. ඇත්ත නැත්ත කොහොමද?
ReplyDeletee mail = yakamamayaka@gmail.com
මේ කතාවේ කිසියම් දෙයක් තිබෙනවා. මේක වෙනම ලිපියකින් සාකච්චා කරමු. මම දැනට අවුරුදු 14ක පමණ සිට medium කෙනෙක්ව ආශ්‍රය කරනවා.. (ඒ කියන්නේ මළවුන්ට කතා කරන කෙනෙක්) දැන් මගේ හොඳ යාළුවෙක්. මමත් පොඩි පර්යේෂණ කීපයක් කලා. ක්වොන්ටම අංශුව අප බලන විට නොපෙනී යන අතර නොබලන විට ප්‍රදුර්භුත වෙනවා. කොටින්ම අයින්ස්ටයින්ට තද වුනෙත් ඕක නිසා . එය කිව්වනේ මේ මොන විකාරයක්ද කියල. මන් බැලුවේ නැත්නම් හඳ නැද්ද කියල අයින්ස්ටයින් ඇහුවේ එකයි. භූතයෝ ගැන දැනට සාක්ෂි නැහැ. නමුත් නියුට්‍රෝන අන්ශුන්ට ඕනෑම බිත්තියක් විනිවිදගෙන ගිය හැකියි.
DeleteIm sorry unaunab to type in sinhala
DeleteIm readingrthis articart 2019 but still nothing change all same all people suffsuffer from
Same issue which tha sames Max time
Still ww are same place still need to study Maxisum still need thos theoretical help
ThanTha Ajith