Böhm-Bawerk වගේ තව ඕනෑතරම් අය Marx ගේ Exploitation Theory එක වැරදියි කියන එක පෙන්වල තියනවා අජිත් නව මාක්ස්වාදීන් වත් දැන් ඕක පිළිගන්නේ නැහැ. භාණ්ඩයක් නිෂ්පාදනයේදී සේවකයාට නැත්නම් කම්කරුවාට පඩි ගෙවන්නේ නිෂ්පාදිත භාණ්ඩය විකුණන්න ඉස්සෙල්ල. මොන කම්කරුවද හදපු බඩු විකුණලා ඉවර උනාම අද වැඩකරන පඩිය පස්සේ ගමු කියන්නේ? මේ නිෂ්පාදිත බඩු විකිනෙයිද නැද්ද කියල දැනගන්න ඉස්සෙල්ල ශ්‍රමිකයට පඩිය ගෙවිය යුතුයි. ඒක හරියට නයක් දෙනකොට අවුරුද්දකින් පස්සේ අපි නය ආපහු ගෙවන්න ඕනෑ පොලිය එක්ක නේ කියන එක කවුරුත් දන්නවා වගේ වැඩක්. කවුරුවත් තමන්ගේ සල්ලි අවුරුද්දක් තියාගන්න නයට දෙන්නේ නැත්තේ ඇයි ආපහු ලැබෙන්නේ ඒ ගානමනං? ඉතින් අයිතිකාරයෙක් තමන්ට ඉදිරි අනාගතයේදී බඩුවක් විකුණලා ලැබෙන මුදල වෙනුවෙන් සේවකයාට අද පඩි ගෙවද්දී භාණ්ඩය විකිණීමෙන් ලැබෙන ඔක්කොම ලාභය සේවකයාට ගෙවන්න බැහැ මොකද ඒක අනාගතයේදී ලැබෙන දෙයක්. මේ අඩුවෙන් ගෙවනවා කියල මාක්ස් කියන සූරාකන අගය ඔහුගේ මනස්ගාත විකාරයක් විතරයි අජිත්.
එහෙම නම් වෙන්නේ නැහැ හැම තැනම . “මොන කම්කරුවද හදපු බඩු විකුණලා ඉවර උනාම අද වැඩකරන පඩිය පස්සේ ගමු කියන්නේ? “—කියන අය ඉන්නවා . මගේ මල්ලි ගාව වැඩ කරපු ගැහැණු ළමයි ඇඳුම් මහල ඉවරවුණාම , contract එකේ සල්ලි ලැබුනම පඩි ගන්න විධිහට තමා වැඩට යන්නේ . ඒ මදිවට ලංකාවේ ගොඩක් company එහෙමයී . ගිය පාර contract එකේ සල්ලි වලින් තමයි මේ පාර පඩි ගෙවන්නේ. හරි මම software engineer kenek . මගේ පඩිය ලැබෙන්නේ මාසේ අන්තිමට . ඒ කියන්නේ මම මාසෙක මගේ ශ්‍රමය credit එකට දීල නැද්ද.? මෙතැනදී මම පීඩිත පන්තියේද නැත්ද අදාල නැහැ. මං වැඩ කරන ආයතනය හුඟක් හොඳයි. ඒක අදාළත් නැහැ. මන් බලන්නේ ශ්‍රමය මෙතන. සුරාකෑම පිලිබඳ නියමය වැරදි ඇති කියන්නේ කොහොමද ? මේක වැරදි නැත්නම්: M-C-M and M-C -M’ (M ‘=M +ඩෙල්ට M ) හා ඩෙල්ට M කියන්නේ අතිරික්ත වටිනාකම බවත් අතිරික්ත වටිනාකම (Surplus Value ) – අතිරික්ත ලාභයක් නැත්නම් විකුණලා වැඩක් නැහැ . නමුත් අතිරික්ත ලාභය සමසේ බෙදෙන්නේ නැහැ . (Böhm-Bawerk එක ආයි කියවල එන්නම් , මොකද මට මතක නැහැ )
Ajith Dharmakeerthi,
අය්යෝ මේ link එක තියෙනේ තැන මම දන්නවා අරුණි නංගි . ඔයා මාව සවුත්තු කරනවානේ. ඊට කලින් ඔයාගේ තතගේ පොතක ධර්මය කියල දුන්නට පස්සෙත් පිළිපදින්නේ නැති අය මෝඩයෝ කියල hint එකක් ගැහුවා නේද . හේ හේ
මම ඊයෙම මේක කියව්වා . ඔයාල දෙන්නම (උදිත මල්ලිත් එක්ක) කියන නිසා මට වැරදුනේ කොතනද බලන්න . ඔය මේ උපුටා ගැනීම් පල කරනවද. නැත්නම් මන් මගේ blog එකේ දාල ලින්ක් එක post කරන්නම් . මන් එකට වැඩිය කැමති නැහැ එකෙන් මගේ blog එක sale කරනවා වැනි අදහසක් එන නිසා.
Written in 1896 for a series of independent Essays on Political Science, Böhm-Bawerk’s work has held up as a classic criticism of Marxist economic theory. In Capital Vol I., Marx explained the profits of capital as resulting from surplus value. He left open the problem of explaining how capitalists with differing ratios of labor to machinery can have similar profits, a contradiction to be resolved in further works. Marx, in Capital Vol III, takes up the matter again, but according to Böhm-Bawerk’s essay, does not resolve the issue logically. He concludes with a critique of his contemporary, Werner Sombart’s interpretation of Marx in Sombart’s essay, “Zur Kritik des ökonomischen Systems von Karl Marx”. Send comments or corrections to Sally Ryan. –
http://www.marxists.org/subject/economy/authors/bohm/
ඉතින් බවෙර්ක් Markx ගේ න්‍යාය කඩා බිඳ දාල නැහැ ඔයාල කියන විධිහට . එය marx ගේ උප්ලන්පන වලට තම පහර දෙන්නේ . Marx abstract එක විතරක් අරගෙන අතිරික්ත ශ්‍රමය හා අතිරික්ත වටිනාකම ගැන න්‍යාය ඉදිරිපත් kala කියල. funny enough මේක astrophysics වලත් එහෙමයි. ගොඩක් අය හිතනවා අයින්ස්ටයින් නිව්ටන් ව බොරු කල කියලා . එහෙම වුනේ නෑනේ . නිව්ටෝන් ගේ ප්රෙම්යන් අදටත් අදාලයි ඒ framework එක තුල .(space -time absolute ) . But Ernestine’s special relativity superseded this absolute time and space with his spacetime. ඉතින් ඒ framework එකේ අයින්ස්ටයින් හරි. ආයි quantum physics වලදී අයින්ස්ටයින් ගේ නීතිත් අදාල නැහැ . මෙතනත් හරියටම ඒ වගේ දෙයක් වෙන්නේ . Marx කිසියම් උපකල්පන කීපයක් කරා . ඒ අනුව ඔහුගේ ප්‍රමේය fundamentally හරි. ඒක වැරදියි කියල Bawerk වත් smith වත් ඔප්පු කරලා නැහැ. නිකන් කතා කරනවා විතරයි . මෙන්න මේ ටික දැක්කද ?
The price of production of a commodity is first of all composed of the “cost price” to the employer of the means of production and of the average profit on the capital employed. The cost price of the means of production consists again of two component parts: the outlay of variable capital, i.e., the money immediately paid in wages, and the outlay’for consumed or used up constant capital–raw material, machines, and such-like. As Marx rightly explains, on pages 138 seq., 144, and 186, in a society in which the values have already been changed into prices of production, the purchase or cost price of these means of production does not correspond with their value but with the total amount which has been expended by the producers of these means of production in wages and material appliances, plus the average profit on this expenditure. If we continue this analysis we come at last–as does Adam Smith in his natural price, with which, indeed, Marx expressly identifies his price of production (iii. 178),–to resolve the price of production into two components or determinants: (I) the sum total of the wages paid during the different stages of production, which taken altogether represent the actual cost price of the commodities; [9] and (2) the sum total of the profits on all these wage outlays calculated pro rata temporis, and according to the average rate of profit. -Böhm-Bawerk
තව දුරට කියෙව්වොත්:
I think the case was really different. That Marx was truly and honestly convinced of the truth of his thesis I do not doubt. But the grounds of his conviction are not those which he gives in his system. They were in reality opinions rather than thought-out conclusions. Above all they were opinions derived from authority. Smith and Ricardo, the great authorities, as was then at least believed, had taught the same doctrine. They had not proved it any more than Marx. They had only postulated it from certain general confused impressions. But they explicitly contradicted it when they examined things more closely and in quarters where a closer examination could not be avoided. Smith, in the same way as Marx in his third volume, taught that in a developed economic system values and prices gravitate towards a level of costs which besides labour comprises an average profit of capital.
මෙතනින් පස්සේ තම විවේචනය එන්නේ :
For it is a fatal error of method to ignore in scientific investigation the very point that demands explanation. Now Marx’s theory of surplus value aims at nothing else than the explanation, as he conceives it, of the profits of capital. But the profits of capital lie exactly in those regular deviations of the prices of commodities from the amount of their mere costs in labour. If, therefore, we ignore those deviations, we ignore just the principal part of what has to be explained. Rodbertus[9] was guilty of the same error of method, and twelve years ago I taxed him, as well as Marx, with it; and I venture now to repeat the concluding words of the criticism I then made:–
The Marxian teaching in a very emphatic way bases the scientific investigation and criticism of the exchange relations of commodities on the conception of commodities as “nothing but products.” Sombart endorses this, and in certain rather indefinite• statements–which, on account of their indefiniteness, I do not discuss with him–he even goes so far as to view the foundations of the whole economic existence of man in the light of that abstraction.
තියෙන තැන දන්නවා කිව්වට, පුද්ගලයාගේ නම දන්නවා කිව්වට ඵලක් නැහැ බොයිම්-බැව්රෙක් විසින් මාක්ස් හදපු අතිරික්ත වටිනාකම ගැන න්‍යාය නිශ්ප්‍රභා කරලා තියෙන ආකාරය කියවන්නෙ නැතිව කියවපු විදියට ප්‍රතිචාර දමනවා නම්.
තවමත් දාන ප්‍රතිචාර වලින් තමයි පෙනෙන්නෙ කියවා නැතිබව.
නැතිව එක රාත්‍රියකින් Karl Marx and the Close of His System (1896) හි පිටු 256 ත්, capital and interest (1884) හි පිටු 540 ත්, The Positive Theory of Capital (1891) හි පිටු 426 ක් කියෙව්ව ද කියලා සැක කරන නිසා නම් නෙමෙයි!!!!!
බොයිම්-බැව්රෙක්ගේ ස්වාධීන රචනා ගැන කියා එය විචාරයට ලක් කරන මාක්ස්වාදී අන්තර්ජාල අඩවියේ සැලී රයන් නම් transcribe නොහොත් අනෙක් අය ලියපුවා කොපි පිටපත් කරපු අයෙක් දැමූ සටහනකින් කොටසක් අරගෙන, එය මා දුන්න ලින්ක් එකකින් කියෙව්වා වගේ පෙන්වා //ඉතින් බවෙර්ක් Markx ගේ න්‍යාය කඩා බිඳ දාල නැහැ ඔයාල කියන විධිහට // කියන්නෙ කාව මුලා කරන්න ද?
එහෙන් මෙහෙන් කෑලි අල්ලාගෙන, පාඨකයාව නොමග යවන්න හැකි හැම ආකාරයකින්ම පටලවා අවුලක් හදා ලියන අදහස් තේරුම් බේරුම් කරන්න මෙතැන ඉඩක් නැහැ, ඒවා ඔයාගෙ බ්ලොග් එකක පළකරගන්න.
මිට අමතරව ඔයාගේ link එකේ මේ ටික දැක්කද: මට දැන් තේරෙනවා ඇයි 3mana එකේ පෙරටුගාමී සහෝදරවරු ඔයාට ලිපි පෙලකින් උත්තර දෙනවා කිව්වේ කියල . මොකද මේක comments වලින් කරන්න අමාරුයි . හරියටම න්‍යාය වැරදියි කියන තැන අරගෙන rebuke කරන්නේ නැතුව .
Although Böhm-Bawerk’ස theory of capital is one of the cornerstones of Austrian economics, modern mainstream economists pay no attention to Böhm-Bawerk’s analysis of roundaboutness. Instead, they accept Irving Fisher’s approach of just assuming that there are investment opportunities that make capital productive. Nevertheless, Böhm-Bawerk’s approach helped to pave the way for modern interest theory.
Böhm-Bawerk was also one of the first economists to discuss Karl Marx’s views seriously. He argued that interest does not exist due to exploitation of workers. Workers would get the whole of what they helped produce only if production were instantaneous. But because production is roundabout, he wrote, some of the product that Marx attributed to workers must go to finance this roundaboutness, that is, must go to capital. Böhm-Bawerk noted that interest would have to be paid no matter who owned the capital. Mainstream economists still accept this argument.
Fisher ගේ මේ න්‍යාය මම හිතන්නේ මර්ක්ස්වාදයේම තව ඉදිරියට යාමක් හැටියට. (ඔයාට නම් හිනා යයි :)) .Fisher was also the first economist to distinguish clearly between real and nominal interest rates. He pointed out that the real interest rate is equal to the nominal interest rate (the one we observe) minus the expected inflation rate. If the nominal interest rate is 12 percent, for example, but people expect inflation of 7 percent, then the real interest rate is only 5 percent. Again, this is still the basic understanding of modern economists.
Fisher laid out a more modern quantity theory of money (i.e., monetarism) than had been done before. He formulated his theory in terms of the equation of exchange, which says that MV = PT, where M equals the stock of money; V equals velocity, or how quickly money circulates in an economy; P equals the price level; and T equals the total volume of transactions. Again, modern economists still draw on this equation, although they usually use the version MV = Py, where y stands for real income.
Anyway සකච්චාව ඉඅගය කරනවා .. කිසියම් කරුණු කීපයක්මාත් ඉගෙන ගත්ත. පස්සේ ආයි කතා කරමු . මේකට ඔයාගේ පිළිතුරෙන් පස්සේ මන් නවත්තනවා. capital vol II හා III මන් දැනට කියවනවා. ඔයා හිතනවා වගේ මම Marx සම්පුරණයෙන් අදහනවා වගේ කියවන්නේ නැහැ. Marx ගේ වැරැදි තැන් තියෙනවා. උදාහරණයක් වශයෙන් එංගලන්තය ගැන කිව්වදේ . Factory වල දරුණු conditions . ( A Prediction) Capitalism advance වෙනකොට මේ ප්‍රශ්න වැඩි වෙනවා කියල (එංගලන්තයේ ) වුනේ අනිත් පැත්ත.
ස්තුතියි .
//හරියටම න්‍යාය වැරදියි කියන තැන අරගෙන rebuke කරන්නේ නැතුව // න්‍යාය නිශ්ප්‍රභා කරපු ඉහත සඳහන් පොත් තුන කියවන්න. බොයිම්-බැව්රෙක් ඒ ගැන ඇතුලත් පොත් තුනක් ලිව්වෙ ඉතා පැහැදිලි ලෙස එකින් එක විස්තර කරන්නට තමයි.
//සකච්චාව ඉඅගය කරනවා// සාකච්ඡාවක් යනු අනෙක් පැත්තේ සිටින්නා කියන්න ද සලකා බැලීමයි.
අරුණි මේ මහා විවාදයට අනුව ඔයා පැරදියි පරාජය භාර ගෙන වහා යටත් වනු Ajith Dharmakeerthi මාක්ස් නිදොස් කර නිවරිදිකර න්‍යාය බේරාගෙන ඇති නිසා මාක්ස්වාදයට ජයවේවා. සකලලෝක වාසි කම්කරුවනි දැන්වත් එක්වව්…… මාක්ස් ඉතිහාසයේ අනිවාර්යයෙන් වෙන දේවල් කියල තියන්නේ ඔයාටයි මටයි පුලුවන්ද ඉතිහාසයේ ගමන නවත්වන්න…
Uditha Meeghathenna,
මම ඊයෙම මේක කියව්වා කිවේ ඔය දාපු ලින්ක් එක ගැන නෙමේ. මම පහල දාපු Sally ගේ පරිවර්තනය . ඒ ලින්ක් එක . ඔයාගේ එක කියවන්න මට වෙලාවක් තිබ්බේ නැහැ ඊයේ . මම කීවේ ඒක මන් දැක්ක ඊට කලින් කියල විතරයි (link එක තියෙන තැන දන්නා බව විතරයි මම කීවේ ) . හැබැයි ඔයාගේ මේ කතාව ද්වේශ සහගතයි. “අනෙක් අය ලියපුවා කොපි පිටපත් කරපු අයෙක් දැමූ සටහනකින් කොටසක් අරගෙන” – මොකද marxists .org අඩවියේ තියෙන්නේ ජර්මන් භාෂාවෙන් ලියපු ඒවායේ පරිවර්තනය මිසක් sally ගේ පෞද්ගලික සටහන් නෙමේ . එහෙම නම් ඔය Austrian site එකේ ඉංග්‍රීසියෙන් තියෙන්නෙත් පරිවර්තන තමයි. මට තරමක් ජර්මන් පුළුවන් බිරින්දෑ නිසා නමුත් මේවා කියවන්න බැහැ :). අනික පාඨකයා නොමග යවනවා කියන්නේ ඇයි. මන් කාටවත් බලන්න නෙමේ ලිව්වේ . ඔයාට හැකි නම් මගේ private email එකෙන් post කරගමු . එතකොට ඒ ප්‍රශ්නය එන්නේ නැහැ. අනික ඔයා කිව අයගේ (ස්මිත්) වැනි ඒවා මන් කියවා තියෙනවා. මන් කැපිටල් එක දැන් කියවන්නේ දෙවන වරට. ඔය කියන අනිත් පොත් වලට යන්න වෙන්නේ ඉන් පස්සේ. ඔයාගේ ලින්ක් එකේ Böhm-Bawerk කැපිටල් II හා III විවේචනය කරනවා . ඉතින් ඒවා නැවත නොකියවා මට කතා කරන්න බැහැ . අවුරුදු 25 කට කලින් ඉගෙන ගත් දේ මට මතක නැහැ. එකයි මන් කිව්වේ මේක පස්සේ කතා කරමු කියල. අකමැතිනම් ප්‍රශ්නයක් නැහැ . මන් බ්ලොග් එකේ දාපු දවසට එවන්නම් කැමතිනම් ඇවිත් comment කරන්න . මම විවේචන කියවන්නෙත් උත්තර දෙන්නෙත් මම හරිද කියල දැන ගන්න විතරයි. ඔයාගේ පෞද්ගලික දැනීම වත් ඔයාව පෞද්ගලිකව විවේචනය කිරීමට වත් නොවේ. marx වැරදිය කියල කියන ඇත්තෝ මොන පදනමින්ද ඒවා කියන්නේ කියල දැන ගන්න මට උවමනාවක් තියෙනවා. ඔයාල ගොඩක් කරන්නේ අතන කියවන්න මෙතන කියවන්න කියල කීම පමණයි. හරියට කොතනද කොයි හරියේද මේ rebuke කරලා තියෙන්නේ කියල refer කරලා නැහැ. මම මේ excerpts අරගෙන දැම්මෙත් ඒකයි . ඔය බලන්න Marx කොච්ච්ර එහෙම අරගෙන refer කරලා තියෙනවද කියා capital එකේ . Böhm-Bawerk නුත් එහෙම කරලා තියෙනව . එතනින් මෙතනින් අරන් දානවා නෙමේ. ඒක තමයි ක්‍රමය. ඔයා ඒවා පල කරපු එකට ස්තුත්යි. ඔයා හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ඔය මේ තව ලිපියක මන් දැක්ක දයලේක්තික වාදය විවේචනය කරලා කෝචෝක් හිනාවක් දල තියෙනවා. එතනත් ඇයි එක වැරදි කියල විද්‍යාත්මකව පැහැදිලි කරලා නැහැ . ඉතින් ඒක පිළිගන්න අමාරුයි . ඒකට තමා මම දැන් උත්තරයක් ලිය ලිය හිටියේ , නමුත් මෙතන ඔයාගේ උත්තරයෙන් පස්සේ ඒ අදහස අත ඇරිය . මේ comment එක පල නොකලට කමක් නැහැ. ඔයාටදැන ගන්න එව්වේ.
All the best
Ajith Dharmakeerthi,
//මන් කැපිටල් එක දැන් කියවන්නේ දෙවන වරට. ඔය කියන අනිත් පොත් වලට යන්න වෙන්නේ ඉන් පස්සේ. ඔයාගේ ලින්ක් එකේ Böhm-Bawerk කැපිටල් II හා III විවේචනය කරනවා . ඉතින් ඒවා නැවත නොකියවා මට කතා කරන්න බැහැ . අවුරුදු 25 කට කලින් ඉගෙන ගත් දේ මට මතක නැහැ. //
අයියෝ, ඔබ අපි හැමෝගෙම කාලය නාස්ති කරල.
මම වෙලාව නාස්ති කරානම් සමා වෙන්න . මට හරියටම Bawerk කියන තැන් capital II හා iii න් ගන්නේ නැතුව නිකම් උත්තර ලියන්න කැමති නැහැ ඔයාල වගේ . මේ rebuttal එක කැමතිනම් කියවන්න . නැත්නම් එකේ වැරැද්ද පෙන්නලා දෙන්න . මම නිහතමානිව පිළිගන්නම්. මෙන්න ලින්ක් එක.
http://marxists.org/archive/hilferding/1904/criticism/index.htm
හැබැයි marxist පච කියල පාච්චල් කතා නෙමේ . නියම rebuttal එකක් දෙන්න .
Ajith Dharmakeerthi,
//ඔයාල වගේ// ?????
තැන් තැන් වලින් අරන් උත්තර නොලියන නිසයි මාක්ස්ගේ ශ්‍රම සූරාකෑම/ අතිරික්ත වටිනාකම/ශ්‍රමයේ අගය පිළිබඳ න්‍යාය සාර්ථක ලෙසින් නිශ්ප්‍රභා කරලා පොත් තුනක් පිරෙන්න පිළිවෙලකට ලියලා තියෙනවා මෙහෙම කෙනෙක් කියලා ඒ පොත්වල නම් හා සබැඳි පෙන්නුවේ.
එහෙම පෙන්වපු පොත් අතර Karl Marx and the Close of His System (1896) පොතේ 1949 නිව් යෝර්ක් හි Augustus M. Kelley වෙතින් ප්‍රකාශනය වෙන පොතේ (දැනට ඉංග්‍රිසියෙන් කියවන අයට මීසස් ආයතනයෙන් මිලට ගන්න හැකි පොත මෙයයි) ඔබ සබැඳියකින් අමුණන Rudolf Hilferding ලියූ Böem-Bawerk’s Criticism of Marx ද අඩංගුයි. මේ පොත ලිව්වට පස්සෙ Hilferding ගේ ජීවිතය දිග හැරිච්ච ආකාරය ගැනත් ලියැවිලා තියෙනවා. බොයිම්-බැව්රෙක් විසින් ලියන Capital and Interest පොතේ ජර්මන් තෙවැනි මුද්‍රණයේ මේ පොත ගැන හිල්ෆර්ඩින්ග් ලිව්වාය යන්න footnote එකක් පමණක් හැටියට සඳහන් කරන බොයිම්-බැව්රෙක් කියන්නේ තමන්ගේ අදහස් වෙනස් කරන්නට අවශ්‍ය කිසිවක් එහි ලියා නැත කියායි.
ඒ විතරක් නෙමෙයි Ladislaus von Bortkiewicz විසින් බොයිම්-බැව්රෙක් සහ හිල්ෆර්ඩින්ග් අතර ඇති ප්‍රධාන කාරණා ගැන ලියවුන ජර්මන් ලිපියක ඉංග්‍රීසි පරිවර්තනයක් ද අඩංගුයි.
මීසස් ආයතනය තම සල්ලි ආයෝජනය කරලා ඒවා කැමති කෙනෙකුට මිල දී ගෙන කියවන්නට තවමත් ප්‍රකාශනය කරන්නේ ඒවායෙන් ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රයේ බොයිම්-බැව්රෙක් විසින් මාක්ස්ගේ න්‍යායන් පැහැදිලිව නිශ්ප්‍රභා කරලා තියෙන ආකාරය පාඨකයන්ට පැහැදිලි වෙන්නම තමයි.
@Uditha “අරුණි මේ මහා විවාදයට අනුව ඔයා පැරදියි පරාජය භාර ගෙන වහා යටත් වනු Ajith Dharmakeerthi මාක්ස් නිදොස් කර නිවරිදිකර න්‍යාය බේරාගෙන ඇති නිසා මාක්ස්වාදයට ජයවේවා. සකලලෝක වාසි කම්කරුවනි දැන්වත් එක්වව්…… මාක්ස් ඉතිහාසයේ අනිවාර්යයෙන් වෙන දේවල් කියල තියන්නේ ඔයාටයි මටයි පුලුවන්ද ඉතිහාසයේ ගමන නවත්වන්න”
උදිත 1. මම කාවවත් පරද්දන්න විවාදයකට ආවේ නැහැ. දිනන්න ආවේත් නැහැ . අහම්බෙන් වෙන වෙබ් අඩවියක අරුණි ගේ ලිපියක් දැකල එකට උත්තරයක් ලියන්න හිතුන නිසා ආවා විතරයි. අනික අරුණි මේවා සාකච්චා කරමු කියා දාලා තිබුන නිසා comment කලේ. ඔයාල දිනුම ගන්න මට එහෙම එකක් අවශ්‍ය නැහැ . හැබැයි මේ ටික කියවල. ඔයාගේ අර දුයිෂෙන් කතාව කියවලා බැලුවහම මට හිතුන ඔය Marx ගේ අහලකින් වත් ගියාද කියල. Marx කිවේ Louis Blanc කීව එක. From each according to his ability, to each according to his need.- critique of the Gotha program 1875. අර email වල circulate කරපු එක හිතලුවක් . මඩ පාරක් . අනික ඔය කම්කරු පන්තිය කියන්නේ අර සමරවීර වගේ සම සමාජවාදී හොරු තම මද්යම පන්තික ධනපති බව පෙන්වන්න ගොතපු වචනයක්. Marx කතා කලේ ශ්‍රමය ගැන. ශ්‍රමිකයා ගැන. ශ්‍රමය විකුණන මමත් , සාමාන්‍ය දිළිඳු කම්කරුවෝ නොවන අයත් අයිතියි. ඔය සකල දේශවාසී නිර්ධනයිනි, කම්කරුවනි එක්වව් කියන්නෙත් යල් පැන ගිය සටන් පාඨයක්. Tesco , walmart , M & S , වගේ global company වලින් ඒ එකතුව marx කීව වගේ කරගෙන යනවා.
2. ඔයාගේ ජීප් එක හොඳයි ලස්සනයි. මාත් කැමතියි. සමාවෙන්න පෞද්ගලික දේවල් ගැන කතා කලාට. මට ලංකාවේ මර්ක්ස්වදියෙක් කිව දෙයක් අනුව මේ කතාව කියන්නේ. මටත් මගේ බිරිඳටත් වාහන දෙකක් තියෙනවා. මේක සාමාන්‍ය දෙයක්නේ . ඇමෙරිකාවෙත් එහෙම නේ. මට BMW එකක් තියෙනවා. මම මර්ක්ස්වදය ගැන කතා කර කර BMW එකක යන්නේ කොහොමද කියන එක ඔහුට ප්‍රශ්ණයක්. මන් ඇහුව Marx කොහෙද BMW ගන්න එපා කියල තියෙන්නේ කියල. අනික ඒක මෙහෙත් ජර්මනියේත් සුලභ වාහනයක් නේ . ඔන්න top of the range Porsche එකක් නම් සමහරවිට elite කියල කිව්වා හැකි. ලංකාවේ BMW පාවිච්චි කරන්නේ එක කට්ටියක් විතරයි කියල එයා කිව්වේ. මොන කට්ටියද කියල නම් කිව්වේ නැහැ. . නමුත් දියුණු ධනපති රටක ඒක අදාල නැහැනේ. මේ දියුණු ධනවාදී රට සාපේක්ෂව හොඳයි. ඒ නිසා මර්ක්ස්වාදය වෙනුවෙන් අමුතුවෙන් bat කරන්න අවශ්‍යතාවයක් මට නැහැ. නමුත් marx කීවේ අපි හැමෝටම හොඳ කාරෙකක් හොඳ ගෙයක් ආදී දේ තියෙනවනම් හොඳයි කියල මිසක් හා ඒක කර ගන්න නම් නිෂ්පාදන අයිතිය ශ්‍රමය වියදම් කරන්නා අතට ගත යුතු බවත් විතරයි. හොඳයි අපේ company (ගොඩක් IT company වල ) shares දෙන කොට ඒක වෙන්නේ නැත්ද? අපට අසාවෙන් වැඩ කරන්න හිතෙන්නේ නැත්ද. දයලේක්තික බෞතිකවාදය marx උපයෝගී කර ගත්තේ මේ පන්ති විෂමතාවය තුලින් ඊලග අවදිය උපදිනවා කියන්න නේ . (මේකට අරුණි වෙන තැනක හිනා වෙලා තිබුන ) . ඉතින් මිනිස්සුන්ට ඒක ඕන වුණාමඒ ක වෙයි. එයා වැඩ වසම් යුගයේ සිට ධනපති යුගයට වුන පෙරලිය ගැන කතා කලෙත් ඒ අනුවනේ. ධනවාදයට මිලදී ගන්නට නිදහස් ශ්‍රමයක් වෙළඳ පොල තුල තිබිය යුතු නිසානේ යුරෝපයේ වැඩ වසම් , ප්‍රවේණි දාස ක්‍රම බිඳ වැටුනේ..
3.ඔයගොල්ලන්ගේ වෙලාව වැය කලට ස්තුතියි.
මාක්ස් කියල තියෙන්නෙ රාජ්‍යය අහෝසි විය යුතු බව මිසක් රජය අහෝසි විය යුතු බව නෙවෙයි නේද?
ReplyDeleterajya ha rajaya athare vensa mokakda? sama vennna sinhala typing vada karanne naha.
Deleteමාක්ස් පස්සෙ යන හැම කෙනෙක්ම අදුරෙ අත පත ගානව. මම තේරුම් ගත්ත දෙයක් තමයි දැනුම වටා ව්‍යාජ අගයන් හා බලාධිකාරයන් ගොඩ නගල සෙක්කුව වගේ ඒ වටා කැරකෙන එකයි මුන්දල කරන්නෙ.
ReplyDeleteමම නම් බුදුහාමුදුරුවො කියන දෙයක්වත් පරස්පර නම් ප්‍රශ්න නොකර ඉන්නෙ නැහැ. එහෙමනම් මාක්ස් කියන්නෙ මොන කාක්කෙක්ද.
මාක්ස්ව අදහන අය ට ඒක ආගමක් කරගෙන මාක්ස් විතරක් නොවෙයි විජේවීර වගෙ අයවටාත් පුදපූජා ක්‍රම සහිත ඇදහිලි කල්ලියක් නිර්මාණය කරන්නයි ඕන.
ඇයි අපට ලිබරල්වාදයටත් මාක්ස් කියන මිනිහගෙ මනස්ගාත වලටත් එහා ගිය දෙයක් ගැන හිතන්න බැරි.
මම නම් හිතන්නෙ ධනපතියන් පමනක් නොවෙයි සියළුම පතියන් බිහිවෙන්නෙ ඒකක ස්වරූපය ප්‍රසාරණය වීම නිසා කියන එක.
ඒකක ස්වරූපය ප්‍රසාරණය කියන එක ගැන මගෙ බ්ලොග් එකේ ලිපි පළ කරල තිබෙනව.මම ඒ ගැන සංවාදයකට කැමතියි.
මම නම් බුදුහාමුදුරුවො කියන දෙයක්වත් පරස්පර නම් ප්‍රශ්න නොකර ඉන්නෙ නැහැ. --yaka
ReplyDeleteමම බුද්ධාගම හදාරපු කාලේ පුනරුප්පත්තිය තදින් විශ්වාස කලා . පස්සේ Dr l stevenson පොත් කියවල dr Brian Wiess ගේ ඒවා කියල මේ මතය තවත් තහවුරු කරගෙන හිටිය. නමුත් පසු ගිය අවුරුද්දේ සිට මම පුනරුප්පත්තිය විශ්වාස කරන්නේ නැහැ. ඒ මම විද්‍යානුකුලව මේක තවම ඔප්පු කරන්න බැරි බව තේරුම් අරන් තියෙන නිසා.
මාක්ස් කියන්නෙ මොන කාක්කෙක්ද, මාක්ස් කියන මිනිහගෙ මනස්ගාත වලටත් --- මෙහම කියන්න ඔබ මාක්ස්වාදය ඉගෙන ගත්තේ ජවිපෙන් හරි ඔය කුණු මුල්ලකින් වෙන්න ඇති. ඔබ මාක්ස් තරමට වත් ධර්ශන්වාදී පොත් ලියල හෝ නියමයන් කීපයක් වත් ඉදිරිපත් කරලා තියෙනවද. මාක්ස් ගේ විරුද්ධ වාදීන් වන ලුද්විග් වොන් මිසස් , බොර්ම් බවෙර්ක් හෝ ආඩම් ස්මිත් වැනි අයවත් මාක්ස්ට මෙහෙම ගරහන්නේ නැහැ. ඔබේ විරුද්ධවාදීන්ට ඔවුන්ගේ නියම ස්ථානය පිලි ගැන්විය යුතුයි. මම මාක්ස්ට එකඟ නැත්නම් එකඟ නැති තැන කියනවා මිස ගරහන්නට කැමති නැහැ.
ඒකක ස්වරූපය ප්‍රසාරණය ගැන කියව අදහසක් පල කරන්නම්. මගෙත් මේ ධනපතියන් ගැන මතයක් තියෙනවා. එක වෙනම ලිපියක දැන්නම්.
මෙතන ඔබට දැක්ම පිළිබද ගැටළුවක් තිබෙනවා. විද්‍යාත්මකව ඔප්පු නොකළ දේවල් ඔබ පිළිගන්නෙ නැත්නම් ඔබ විද්‍යාවට පිටුපසින්. එහෙම නොවෙයි.පරීක්ෂන.නිරීක්ෂණ,නිරීක්ෂන වලින් ලැබෙන දත්ත විග්‍රහ කර නිගමනයන්ට එළබෙනවට අමතරව දුමක් පෙනේ නම් ගින්නක්ද තිබිය යුතුය කියන උපකල්පනය සත්‍ය ලෙස හිතල ඊට සමාන වෙනත් අවස්ථා නිරීක්ෂනයෙන් අර උපකල්පනය සත්‍ය වූ විට එම උපකල්පනය එම රාමුවට අදාලව සත්‍ය ලෙස පිළිගන්නවා. අදාල නොවන දේ වෙනත් රාමුවක.එතකොට කිසිම දෙයක් මඟ හැරෙන්නෙ නෑ.
Deleteඋදාහරනයක් ලෙස කුඩා දරුවෙක් පෙර ආත්ම කියනව.
එම දත්තයන් ඔහුට කිසිවෙකුවිසින් උගන්වා නැත්නම් එය පෙර ආත්මයක් තමයි. එහෙම නැතිනම් භූතයෙක් උගන්වලා. ඔය දෙකෙන් එකක්. බෞද්ධයන් මුල් එක පිළිගනිද්දි අන්‍යාගමිකයන් භූතයෙක් (සාතන් ) මේ දැනුම පොඩි එකාට දුන්න කියල කියනව. කොහොඅම්හරි පොඩි එකා චාටර් වෙන්නෙ නැතිව ඒ විස්තර කියන්නෙ කොහොමද
උපකල්පන වලින් ලබන ඒ දැනුම විද්‍යාවෙන් සනාථ හෝ අනාථ විය හැකියි.ඒක එතකොට බලමු.
මම සාමාන්‍යයෙන් කිසිම කෙනෙකුට අපහාස උපහාස කරන කෙනෙක් නොවෙයි. නමුත් සයිබරයේදී මාක්ස්වාදීන් මට පුද්ගලිකව අපහාස කරමින් ගේම ඉල්ලූ විට මමත් ටිකක් රෝන් සයිඩ් ගියා. මාක්ස්වාදීන්ගේ ආයුධ දෙකක් තිබෙනවා.එකක් නින්දාව අනික ප්‍රචන්ඩත්වය.ඔවුන් හා ගනුදෙනු කරන විට ඔවුන්ට තේරෙන භාෂාවට අවතීර්ණ විය යුතුයි.
Deleteමාක්ස් සීයගෙ පොතේ වරදක් තිබෙන බව ලෝකෙ හැමතැනම මාක්ස්වාදීන් හත්පොලේ ගා ගන්න කොට පේන්නෙ නැද්ද?
මම නම් උන්දැගෙ දාස් කැපිටාල් පොත කියවල නෑ. ආයෙ බොරු ඕනයැ. ඒත් උන්දැගෙ ලියවිලි සිංහලෙන් කියවල තිබෙනව. ඔතන මහ මෙරක් නෑ. වචන උඩප්පරන් ගැහිල්ලක් තියෙන්නෙ . සුචරිත ගම්ලත් කිව්ව වගෙ මේක කියවල එන්න කියල කියෙව්වත් මදි ජීර්ණැය කරහෙන එන්න කියන ශෛලිය මාක්ස්වාදීන් එන්නෙ.
මේ ප්‍රශ්න වලට උත්තර මාක්ස්වාදීන් දිය යුතුයි.බොරුවට සමීකරන අරගෙන අපෝහනය කරල ව්‍ය්ත්පන්න කරල මෙතන මහ කැටයම් සාජ්ජ තියෙන සාමාන්‍ය මිනිසුන්ට නොතේරෙන මහා දේව පූජාවක්ය කියල කියන්න ඕන නැහැ.
වහල් වැඩවසම් ආදී වශයෙන් සිදුවන්නේ යයි කියන සමාජ පරිනාමය
කම්කරුවාට පමණක් හිමි අතිරික්ත වටිනාකම
සියල්ල ආර්ථිඅකයට ඌණනය කිරීම
උත්තර කොමියුනිස්ට් සමාජයේ මිනිසුන් රහත් වීම (මිනිස් සොබාවය අතිඋත්තර සොබාවයක් ගැනීම )
මේවා පිළිගන්න පුළුවන්ද .මේවා මාක්ස් එන්ගල්ස් සීයල දැක්ක හීන නොවෙයිද?
මේකට උත්තරයක් වෙනම දානවා. මොකද උත්තරේ දිග වැඩියි.
DeleteThis comment has been removed by the author.
ReplyDelete