Wednesday, 19 March 2014

ප්‍රාග්ධනය - භාණ්ඩවල වටිනාකම (අංක 2)

මාක්ස් ප්‍රාග්ධනය ප්‍රථම වෙළුමේ භාණ්ඩයක (commodity ) වටිනාකම (value ) විස්තර කිරීම සඳහා පරිච්චේද කීපයක් වැය කරනවා. සංක්ෂිප්තව ලිවීමේදී සමහර පැහැදිලි කිරීම් මග හැරෙන්නට පුළුවන්.

පලවෙනි කොටසේදී භාණ්ඩයක ලක්ෂණ දෙකක් තිබෙන බව මාක්ස් කියනවා. ඒ භාවිතමය වටිනාකම  (use value - පරිභෝජන වටිනාකම කියලත් කියමු ) හා හුවමාරු වටිනාකම (exchange value ) යනුවෙන්.

ධනවාදී නිෂ්පාදනය ප්‍රමුඛ කරගත් සමාජයක භාණ්ඩ එහි ධනවත්කම සංකේතවත් කරයි. භාණ්ඩය යනු භාවිතමය වටිනාකමක් ඇති යම් දෙයක් වන අතර එය හැම සමාජ ක්‍රමයටමපොදුයි. නමුත් ධනවාදී සමාජයේදී මෙම භාවිතමය වටිනාකම මීට අමතරව හුවමාරු වටිනාකමේ ද්‍රව්‍යමය තැන්පතුව වෙයි. (material depository)  .

කිසියම් ද්‍රව්‍ය දෙකක්  සංසන්දනය කිරීමේදී ඒ දෙකටම පොදු ගුණයක් තිබීමට කියන්නේ  tertium comparationis කියල ලතින් වලින්. 
 (It is the point of comparison which prompted the author of the comparison in question to liken someone or something to someone or something else in the first place. - wikipedia   මේ කියන්නේ  කිසියම් දෙයක් තව දෙයක් එක්ක සංසන්දනය කරන කොට මේ සංසන්දනය කරන්නාගේ සංසන්දනය කරන මුලික තැන  tertium comparationis කියල   ). මාක්ස්  කියනවා හුවමාරු වටිනාකම මැනීමේදී ශ්‍රමය තමයි මේ  tertium comparationis  කියල. හරියටම කියනවනම් සමාජීය අවශ්‍යතාවයේ ශ්‍රම කාලය තම හුවමාරු භාණ්ඩයක් සංසන්දනය කිරීමේදී තියෙන්නේ කියල. 

 "Exchange-value presupposes a tertium comparationis by which it is measured;" labor, the common social substance of exchange-values, to be precise, the socially necessary labor-time embodied in them."

එතකොට භාණ්ඩයේ මේ ද්විත්ව ස්වභාවය වගේම (හුවමාරු වටිනාකම  හා භාවිතමය හෝ පරිභෝජන වටිනාකම වගේ  )  ශ්‍රමයේත් ද්විත්ව ස්වභාවයක් තියෙනවා කියල. ඒ තමා නියත නිෂ්පාදන ක්‍රියාවලිය - උදාහරණයක් වශයෙන් කමිසයක් මැසීම සඳහා ශ්‍රමය  , රෙදි  නිපදවීම සඳහා ශ්‍රමය වගේ මේ වැඩදායි ශ්‍රමය හෙවත් "useful  Labour ". 
අනිත් එක තමා මිනිසාගේ ශ්‍රමයේ බලය , පවතින සාමාන්‍ය  ශ්‍රමය.  (general or  abstract labour )
භාණ්ඩයක මුලික වටිනාකම සංසන්දනය කිරීම පහල තියෙන රුපයෙන් බලන්න. 
උදා : රෙදි යාර 20 = එක කබායක් හෝ රෙදි  යාර විස්සක  වටිනාකම එක කබායකි .

එතකොට හුවමාරු වටිනාකමට මුදල්මය අගයක් ආවේ කොහෙන්ද ? මේකට කියනවා වටිනාකමේ විහිදුම් ස්වභාවය (expanded form of value ) කියල. (මේ මම පාවිච්චි කරන වචනය නිවැරදීමද  කියන්න අමාරුයි . යෝජනා පිලි ගන්නවා )
රෙදි යාර විස්සක්  කබායකට  සමානයි හෝ එයම තේ කොළ රාත්තල 10කට සමානයි හෝ එයම කෝපි රාත්තල් 40කට හෝ එයම තිරිඟු බුෂේල්ස් 8කට හෝ රත්රන් අවුන්ස දෙකකට  හෝ යකඩ ටොන් භාගයකට සමානයි යනදී වශයෙන්.  මෙහිදී මතක තබා ගන්න රත්රන් අවුන්ස දෙකකට සමාන කල බව.
දැන් අපට වටිනාකමේ පොදු ස්වභාවයක් ලැබෙනවා. පහත රුපය බලන්න. කලින් කිවූ භාණ්ඩම තමා තියෙන්නේ.
දැන් මේ වටිනාකම (value ) එකේ පොදු ස්වභාවය මුල්‍ය ස්වභාවයකට පරිවර්තනය වෙලා නැද්ද. පහත රුපය බලන්න.
මෙන්න දැන් මේ භාණ්ඩ හුවමාරුවේදී අපි භාණ්ඩය මුදල් (මෙහිදී රත්රන්) වැනි දෙයකට හුවමාරු කරන්න  පටන් ගත්ත. 
The elementary expression of the relative value of a single commodity, such as linen, in terms of the commodity, such as gold, that plays the part of money, is the price form of that commodity.
එතකොට තනි භාණ්ඩයක සප්ක්ෂ වටිනාකම මුලිකව ඉදිරිපත් කරන කොට , රෙදි යන්න භාණ්ඩය වශයෙනුත්  රත්රන්  යන්න මුල්‍ය වටිනාකම වශයෙනුත් ගත්තොත් එතකොට ඒ රත්රන් ප්‍රමාණය භාණ්ඩයේ මිල හෙවත් මුල්‍යමය වටිනාකම බවට පත් වෙනවා.

 එනම් රෙදි යාර 20ක් රත්රන් අවුන්ස දෙකක් හෝ , නැත්නම් රත්රන් අවුන්ස 2ක් ස්ටර්ලිං £ පවුම් දෙකකට සමාන කාසි දෙකක බවට පරිවර්තනය කලොත් , රෙදි යාර විස්ස £ පවුම් දෙකකට සමාන වෙනවා.
මෙන්න මෙතනදී මාක්ස් කියනවා ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලියේදී හුවමාරු භාණ්ඩ විසින් පුද්ගල සම්බන්ධතාවයන් භෞතික ව වසා දමා  තිබෙනවා කියල.

No comments:

Post a Comment

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.