"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" පොතේ තව පිටපත් දෙසීයක් වත් ඉතිරි වෙලා තියනවලු. පොත් තිහ හතළිහක් ලන්ඩන් වලට ගෙනාවට කොවිඩ් 19 නිසා හමුවීමක් වත් සංවිධානය කරන්න බැරිවුනා. හදිසියේ හම්බවෙන හිතවතුන්ට තමා පොත් දුන්නේ.
ඒ අතරේ වරක් චේස් ෆාර්ම් රෝහලට ලේ දෙන්න ගියා මාස හයේ චෙකප් එකට. ඒ වෙලේ ලේ ගත්ත ප්ලේබොටොමිස්ට් බලන කොට ලංකාවේ මහත්මියක් ප්‍රභා ඕපාත කියල. සිංහල පොත් කියවන්න ගොඩක් කැමැතියි කියල දැනගත්තා ඒ අතරේ. ඉතින් එයා සියමා පොතයි ප්‍රථම ප්‍රේමයයි දෙකම ගත්ත. එහෙම තමා ඉතින් ලන්ඩන් වල විකුනුනේ. එය කෝල් කරලම කීව පොත් දෙකටම කැමතියි කියල.
පොතේ එකතැනක මේ ගීතය ගැන ලියල තියනවා. මම හුඟක් කැමති ගීතයක්.
මේක මට කියල දුන්නේ අපේ විශ්ව විද්‍යාලයේ අපේ කණ්ඩායමේ හිටි ලූදා. මේ පින්තුරේ ඉන්නේ එයා සහ මගේ කණ්ඩායමේම හිටපු යාළුවෙක් වන කාම්බෝජ ජාතික එන්ග්. ගිය අවුරුද්දේ එයාව හම්බ වෙන්නත් ගියා කාම්බෝජයට.
ගීතයේ සිංහල තේරුම:
අපේ හැම හමුවීමක්ම අහෝ, විනිශ්චයකින්, වෙන්වීමක්ය
රන් පැහැ පයින් ගස අසල දොළ නිහඬව සොවින් බරව ගලයි
කඳවුරු භුමියේ ඇවිලුණු ගිනි මැලයේ පුලිඟු අළු වලින් වැසී ඇත
හැම දෙයක්ම අවසානය - වෙන්වන මොහොත එළඹ ඇත
රුසියානු බසින්
ව්සියෙම් නාශිම් ස්ත්රෙචම් - රස්ලුකි උවි සුශ්දෙනි
තිහ් ඉ පෙචලෙන් රුචෙයි උ යන්තර්නෙය් සොස්නි
පෙප්ලෝම් න්යේස්මෙල්නීම් පදෙර්නුලිස් උග්ලි කස්ත්‍රා
වොත් ඉ අකන්චිලස් ව්ස්යෝ රස්තවත්සා පරා
ගීතයේ සමූහ ගායනා කොටස (කෝරස් එක හෙවත් දෙතුන් වරක් කියවෙන කොටසේ) අදහස මෙවැන්නකි.
"මගේ දයාබරිය මේ වනයේ පුංචි හිරු
කොහේද කුමන දෙසකද ද ඔබ මා හමු වූයේ"
(මීලයා මයියා සොල්නෙච්ක ලෙස්නොයේ
ග්ද්යේ ව් කකිහ් ක්‍රයාහ් ව්ස්ත්ර්තිල්ස්ය සම්නෝයු )
කුඩාරමේ තටු හකුළුවා ඇත එහි දවස නිමාවී
ගුවන් යානය තටු විහිදුවා රාත්‍රිය සොයන්නාට පියඹා යන්නට
රෝදයට ඇති අඩ ඉවත් කෙරෙයි සෙමින්
මේ කම්මැලි ඈනුම අප අතර පරතරය වැඩි කරයි
වචන මට එපා ,, එපා මා සන්සුන් කරන්න
පයින් ගස් අසල තිබෙන පුංචි නදිය හොයන්න ඉඩ දෙන්න
මේ අඟුරු නැවත දිලිසෙයිද තුමානය මැද්දෙන්
මගේ දයාබරිය මා එනතුරු ගිනිගොඩ ළඟ හිඳිද නැවතත්
මට ගිටාරයක් මුලින්ම හම්බ වුනේ පද් එකේ එහෙම නැත්නම් පළමු වසරේ මොස්කව් වල මාදි කියන විශ්ව විද්‍යාලේ ඉන්න කොට. මගේ උපන් දිනයට ඒ තෑග්ග දුන්නේ ප්‍රභා ගුණවර්ධන, ජානක ලියනගම සහ උපාලි හේවගේ කියන ජ්‍යෙෂ්ඨයෝ තුන් දෙනා . හැබැයි මට එතරම් ගිටාර් ගහන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ.
ඊට පස්සේ මම මෙයි එකට (විදුලි හා බලශක්ති තාක්ෂනය පිලිබඳ විශ්ව විද්‍යාලය) ඇතුළු වුනහම ඒකෙ හිටිය හේමාලි කරුණානායක හා මාලා (අක්කලා) කියල සීනියර් දෙන්නෙක් එක්ක ගිටාර් ගහන්න ඉගෙන ගන්න ගියා රුසියානු ගුරුතුමෙක් ගෙන්. ඒ නෝට්ස් නම් තවම මා ළඟ තිබෙනවා.
එළිමහනේ ගිනි මැලයක් ගහගෙන වරක් දෙකක් ඉඳල තියනවා දන්නා රුසියානු යහළුවන් එක්ක. ඒ වගේ වෙලාවක ගිටාර් ගැහුවේ ලූදා හා ස්වේතා. ඒ වගේම පන්තියේ උන් එක්ක කාමරේ පාටියක් දාන කොටත් ගිටාර් එක ගැහුවේ ලූදා. එයා තමා මට රුසියානු සින්දු කිහිපයක්ම ගහන්න කියල දුන්නේ.
සෝවියට් දේශයේ ඒ කාලේ ඉගෙන ගත්ත ලංකාවේ සිසුන් අතරින් හොඳටම ලස්සනට ගිටාර් එක ගැහුවේ පල්තාවා කියන නගරයේ මුල් අවුරුද්දේ ඉගෙන ගත්ත ජගත් ජයවික්‍රම. ජගත් ඊට පස්සේ කීව් නගරයේ උගත්තේ. මම ශිෂ්‍ය සංගමයේ ලේකම් වුනු අවධියේ මොස්කව් ගිටාර් ගහල සින්දු කීව සංගමඅය සංවිධානය කල කලා උත්සවයේදී. එයා දැන් ලංකාවේ ජීවත් වෙන්නේ ඔහුගේ රුසියානු බිරිඳ සමග බව මුහුණු පොතින් දැක්ක. ඔහු තවම ගිටාරය වයන සංගීතයට ලැදි හදවතක් ඇත්තෙක්
ඉතින් මම වැඩිය පාටි අරවල මේවල ගිටාර් ගහල නැහැ. ගිටාර් හොඳට ප්ලේ කරන රුපියල් අතරේ අලුක්කාල් ගහන්නේ මොකටද කියලා හිතල. ඉතින් හුඟක් පෞද්ගලිකව තමයි ගිටාරය අතට අරගෙන ගැහුවේ. ඒත් මේ කෝවිඩ් කාලේ ආපහු ගිටාරය අතට අරගෙන් සින්දු කියන්න ගත්ත. පාළුව යන්නත් එකක්.
මේ තියන්නේ ඒ සින්දුවේ මගේ වර්ෂන් එක .
//ඒ ගායනය මෙතන තියනවා යු ටියුබ් එකේ මගේ චැනලයේ.//
ReplyDeleteලින්ක් එක හරිද? පොඩ්ඩක් චෙක් කරන්න.
අජිත්ගේ වීඩියෝ එකේ ගිටාර් වාදනයට සාපේක්ෂව සිංදුවේ හඬ මදි. මයික් එකක් පාවිච්චි කළානම් හරි.
ලින්ක් එක චෙක් කළා . ඒක හරි. ඒත් ක්ලික් කරන්න බහ. මේ අලුත් සෙටින් වල අවුලක් මොකක් හරි. මට ඔය අනිත් පැත්තේ දාල තියන බ්ලොග් ලින්ක් වලට ක්ලික් කරන්නත් බැහැ .
Deleteයෝජනාවට ස්තුතියි. සෙට් එකක් ගන්න ඕනේ.
දැන් වැඩ කරනවා.
Deleteස්තූතියි
Delete" ඒ කාලේ ඉගෙන ගත්ත ලංකාවේ සිසුන් අතරින් හොඳටම ලස්සනට ගිටාර් එක ගැහුවේ පල්තාවා කියන නගරයේ ඉගෙන ගත්ත ජගත් ජයවික්‍රම"
ReplyDeleteමං හිතන්නේ ජගත් ජයවික්‍රම හිටියේ Kiev වල.
පල්තාවා වල පද් එක කලේ නේද? මම මෙසේජ් එකක් යැව්වා අහලා . තවම පිළිතුරක් ආවේ නැහැ
Deleteජගත්ට කතා කලා . පල්තාව තමා හිටියේ මුලින්. ඊට පස්සේ කීයෙව්
Deleteකාලයක් තිස්සේ මම අජිත් ගෙ බ්ලොග් එක කියවනවා.ඒකෙදි තේරුම් ගත්ත දෙයක් තමයි රුසියාවේ අජිත් ඉන්න කාලේ හමුවුනු රුසියානුවෝ ගොඩක් මිත්‍රශීලී අය බව,වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට ගියපු මගේ යාලුවෙක්ගෙ පුතෙක් අවුරුද්දක් ඉඳලා කොරෝනා නිසා නිවාඩු ලැබිලා ගෙදර ආවා,සෝවියට් කාලයේ හිටපු රුසියානුවන් මිත්‍රශීලී බවත්,දැන් රුසියානුවන් ඉතාමත්ම ආඩම්බර බවක් කිසිම මිත්‍රශීලී සම්බන්ධයක් කට ඔවුන් සූදානම් නැති බව කිව්ව ,ඉන්දියානුවන් පමණක් ලංකාවේ අය සමග සමඟ සම්බන්ධයි,එදා සහ අද රුසියානුවන්ගේ තත්ත්වය ගැන ඔබේ අත්දැකීම මොන වගේද ,ඔබගේ ලිපි වල මම දැක්කා පරණ රුසියානු යහළුවන් හා ඔබ තාමත් සම්බන්ධ බව
ReplyDeleteපරණ රුසියානු යහළුවන් තවම මා සමග කතා කරනවා. ඔය කතාවේ දෙපැත්තක් තිබෙනවා. සෝවියට් දේශයේ හිටපු කාලේ සෝවියට් රුසියානුන් පොහොසත් නැහැ. දුප්පත්ම කියල කියන්නත් බැහැ . මධ්‍යම පාන්තික. අපෙන් පිටරට බඩු ගන්න, තේ ගන්න යහළු වුන කට්ටිය හිටිය. නමුත් මගේ ගෘප් එකේ ඉගෙන ගත්ත වුන එහෙම නැහැ. මෙගත් එක්ක කෙල්ලෝ යාලු වෙලා තියනවා ඩෙනිමක් වගේ දෙයක් ගන්න. නමුත් එහම නැති අයත් ඕන තරම් හිටිය. පොඩි ද්රින්ක් අරගෙන සින්දුවක් කියල කේක් කෑල්ලක් කාල දොඩම් ගෙඩියක් කාල රෑ ඉඳල ගිය ලස්සන කෙල්ලෝ හිටිය. ලංකාවෙන් ඉවර වෙලා ගිය කට්ටිය මේවා කතා කරනවා අඩුයි. දැන් රුස්සන්ට සල්ලි ඕන තරම තියනවා. විදේශිකයන්ගේ අනුග්‍රහය අවශ්‍ය නැහැ. එනිසා කෙල්ලන්ට වුනත් විදේශිකයන්ගේ පස්සේ යන්න ඕනේ නැහැ. එක පැත්තක්. අනිත් පැත්තෙන් ලංකාවේ අය හැසිරෙන විධිහේ වෙනස් කම් තියනවා. එංගලන්තෙට එන ශිෂ්‍යයෝ මම දැකල තියනව. පොඩි ජොබ් එකක් කරගෙන මහන්සිවෙලා ඉගෙන ගන්නවා. මෙහෙ සංස්කෘතියට අනුව පබ් එකකට ගිහිල්ල බියර් එකක් බොන්නේ නැහැ , පුළුවන් තරමක් ලංකාවේ අයගේ ගොඩේ ඉන්නේ. කන්නේ ඒ කෑම . නැත්නම් බැහැ . සුද්දන්ව හැකිතාක් අවොයිඩ් කරනවා. ඊට පස්සේ ලංකාවට ගිහින් සුද්දෝ ආඩම්බරයෝ , අපට සලකන්නේ තුන්වන පන්තියේ කියල කියනවා. නැත්තේ නැහැ. එහම්ත් ඇති. නමුත් රෝමෙට ගියහම රෝමන් කාරයෙක් වගේ ඉන්න කියන එක අපේ ගොඩක් අය අහල නැහැ. අනික රුස්සෙක් එක්ක වොඩ්ක වීදුරුවක් බිව්වේ නැතිනම් සමහර රුස්සෝ කෙනක්ව විශ්වාස කරනවා අඩුයි.
Deleteතවත් පැත්තක් තමයි දැන් රුසියාව ටිකක් ජාතිවාදියි . උන් දැන් අසර්බයිජානය. ජෝර්ජියාව , ටුර්ක්මෙනිස්ථානය. තජිකිස්ථානය වගේ මුස්ලිම් හා මධ්‍යම ආසියාවේ ඉඳන් එන වුන්ට කැමතිනැහැ . ගහන වෙලාවලුත් තියනව.
ලනක්වේ කට්ටියටත් එහම් සලකන වෙලාවල් තියනවා ලු ඒ පරණ විධිහට,
හැබැයි මගේ යාළුවෙක් ඉන්නවා මොස්කව් රෝහලක ප්‍රධාන වෛද්‍යවරයෙක් . සිංහල එක්කෙනක් ප්‍රියන්ත නම. රුසියානු තරුණියක් බැඳලා ලස්සන දුවෙක් ඉන්නව. එයා නම් කියන්නේ අපේ ශිෂ්‍යයෝ කවද්ද බන් මිනිස්සු එක්ක කතා කරන්න යන්නේ කියල. මිනිහට එහෙම ආඩම්බරකමක් පෙනෙන්න නැහැ මම හිතන්නේ. හැබැයි මුදල් සමග එන සශ්‍රිකත්වය එක්ක දුප්පත් ශිෂ්‍යයෝ දිහා කවුද බලන්නේ. දැන් එංගලන්තේ වුනත් එහෙමනේ. අරාබි කාරයන්ට තමා වැඩිය සලකන්නේ.
Exactly !
DeleteSome people either have pre conceived ideas or jump to conclusions about foreigners without even moving with them. I think I wrote at length about this in your post on "3rd class" citizens.
වෙන දෙයක් හිතමින් නොකළ හැකි එකම දේ ගී ගැයීමලු. ඒක ඇත්ත නං වාදනයත් කරමින් ගී ගැයීම කොහොම හපන්කමක්ද?
ReplyDeleteඅනේ මන්ද . මේ ගීතය හොඳයි කියල මට හිතුනෙම නැහැ. ධම්මිකා චාන්දනී කීව නිසා දැම්මේ. ස්තූතියි හැමදාමත් වගේ කොමෙන්ටුවට
Deleteමටත් හිතුණේ අජිත් කියපු දේවල්ම තමයි,අපේ ශිෂ්‍යයෝ ඉන්නේ රුස්සො ඇවිත් එයාලත් එක්ක කතා කකරනකම් වෙන්න ඕන,කොහොමත් මේ වෙනකොට මතයක් තියෙනවා නේද යුරෝපයේ වැඩිම ජාතිවාදීන් රුසියානුවෝ කියලා
ReplyDeleteමම නම් දන්නේ නැහැ . මම 2016 ගිය බිරිඳ හා දරුවන් දෙදෙනා එක්ක. අපි සුට්කේස් ඇදන් යනකොට රුසියානු කාන්තාවක් බලෙන් වගේ ඇවිත් උදව් කළා තැන හොයාගන්න. මගේ බිරිඳ සුදු නිසාද දන්නේ නැහැ. නමුත් අනිත් තුන්දෙනා සුදු අය නෙමේ කියල පේනව. මට එහම දෙයක් පෙනුනේ නැහැ. එංගලන්තයේ හා ඇමෙරිකාවේ පත්තර සහ බිබීසී කියන දේවල් එකපාරටම පිලි ගන්නත එපා. පුටින්ට විරුද්ද නිසාත් එහම මත පතුරවනවා. එංගලන්තේ තියන ජාතිවාදයම රුසියාවෙත් තියනවා තරමකට. එංගලන්තේ අපේ ළමයින්ට වුලක් නැහැ. රුසියාවේ ටිකක් අවුල් ඉස්සර. දැන් එච්චරම නැහැ කියල කියන්නේ. (මම කියන්නේ මිශ්‍ර ළමයි ගැන ) තව දෙයක් තියනව. උන් ආඩම්බරයි රට ගැන දැන්. තවද දුරටත් දනින වැටිලා ඉන්න ඕනේ නැහැ . ඒක ගොඩක් එවුන්ට පේන්නේ ජාතිවාදය වගේ.
Delete