Tuesday, 4 September 2018

කිනෝ ප්‍රාව්දා හා පාරාදීසයේ අමනුෂ්‍යයෝ

කිනෝ ප්‍රාව්දා යනු කුමක්දැයි බොහෝ අය නොදන්නවා විය හැක. එහෙත් ඩොකියුමෙන්ටරි සිනෙමා හෝ වාර්තා චිත්‍රපට කිවහොත් ඒ කුමක්දැයි දන්නවා  නිසැකය. බොහෝවිට මෙවැනි වාර්තා චිත්‍රපට බොහෝ දෙනා නොබලන නීරස චිත්‍රපට වර්ගයක් ලෙස හඳුනා ගනු ඇත.
කිනෝ යනුවෙන් රුසියානු භෂාවෙන් සිනමාව  යන අරුත දෙයි. ප්‍රාව්දා යනු "සත්‍යය" ය.   එනම් "සත්‍ය සිනමාවයි."
කිනෝ ප්‍රාව්දා 

සෑම සිනමා කෘතියක් ගැනම සඳහනක් ඇති IMDB වෙබ් අඩවියේ කිනෝ ප්‍රාව්දා 1 ගැන මෙවැනි සඳහනක් තිබේ.
"මේ වනාහී ජීගා වෙර්තෝව්  ගේ නිව්ස්රීල්  සිනමා ගොන්නකි. (මුළු ගණන 23 කි) එලිසවෙතා ස්විලොවා හා මිහයිල් කෞෆ්මන් ගේ සහය අධ්‍යක්ෂණයෙන් 1920 මුල් ගණන්වල රුසියානු ජිවිතය පිලිබඳ වාර්තා චිත්‍රපට සමූහයක් වන මේවා නිපදවූයේ ජනතාවට සත්‍යය පැවසීමටය."  සත්‍ය සිනමාව නමින් හැඳින්වූයේ එබැවිනි. ලෝකයේ මුල්ම වාර්තා චිත්‍රපට හෙවත් documentary films ගණයට  වැටෙන්නේ මේවාය. මෙහි අංක දහසය සෙර්ගේයි අයිෂන්ටයින් නමැති ශ්‍රේෂ්ඨ සෝවියට් සිනමාකරුගේ "ග්ලුමොවා ගේ දිනපොත" චිත්‍රපටයයි. වෙර්ටෝව් "ප්‍රොලෙට්කුල්ත් හි වසන්තයේ මද සිනා" නමින් ඔහුගේ සත්‍ය සිනමාවක්  හෙවත් වාර්තා චිත්‍රපටයක් ද මෙහි ඇතුලත් කළේය. මට මතක විධිහට ප්‍රොලෙට්කුල්ත් යනු ප්‍රොලිතාර්ස්කයා කුල්තුරා හෙවත් නිර්ධන පන්ති සංස්කෘතිය යන්නෙන් බිඳී ආවකි.   ඩොකියුමෙන්ටරි නමින් මේ ශානරය හැඳින්වෙන්නේ 1926  වැනි කාලයක සිටය.

 මේ ගැන තව දුරටත් ලිවිය හැකි මුත් මා ලියන්නට යන්නේ වෙනත් වාර්තා චිත්‍රපටයක් ගැනය. ඒ ජූඩ් රත්නම් ගේ "පාරාදීසයේ අමනුෂ්‍යයන් -demons in paradise  " වාර්තා චිත්‍රපටය ගැනයි. ජූඩ් රත්නම් ඔහුගේ සිනමා වාර්තාව මගින් "සත්‍යය" පවසන්නට තැත් කරයි. ඔහු සත්‍යය දකින්නේ ඔහුගේ ඇසිනි.  මා කිනෝ ප්‍රාව්දා ගැන කීවේ එබැවිනි. බටහිර ඇසින් සෝවියට් දේශය දෙස බලා පවසන සත්‍යය සෝවියට් ඇසින් බලා පවසන සත්‍යයට වෙනස් වීම මේ සත්‍යයේ සිනමාව නිර්මාණය වීමට හේතුවක් වන්නට ඇත.

 මුලින්ම ජූඩ් පවසන්නට යත්න දරන සත්‍යය කුමක්දැයි විමසා බලමු.

ජන වාර්ගික අරගලය උත්සන්න වූ 1983න් ඔහුගේ "කථාව" ඇරඹෙයි. ජූඩ් ගේ මාමා ජිවත් වන්නේ කැනඩාවේ ය. ඔහු කැනඩාවේ සිට  ලංකාවට පැමිණෙන්නේ  රාජපක්ෂ රජය විසින් ජන වාර්ගික යුද්ධය අවසන් කළ පසුය. මේ යුද්ධය කෙසේ හෝ අවසන් කළේ නැත්නම් ජූඩ් ගේ මාමා ලංකාවට එන්නේ නැති බවට ඉඟියක් මුලින්ම ලැබේ.

1983 කළු ජූලියේදී මාමා ගේ පවුල ජාතිවාදී භ්‍රෂ්ඨයන් ගෙන බේරාගෙන තිබෙන්නේ විජය නම් සිංහල  වඩු මහතෙකුගේ පවුලකි. ඔවුන් මේ දෙමළ පවුල සඟවා තබාගෙන ඔවුන් මරන්නට ආ ජාතිවාදීන් එළවන්නේ තමන්ගේ දිවි  පරදුවට තබාය . ඉතින් රත්නම් ගේ  මේ දෙමළ මාමා  තම පවුල බේරා ගත් ඒ සිංහල පවුල හමුවී හැඟීම් බරව කඳුලක් සලයි. (එම අවස්ථාව මේ කොටසින් නැරඹිය  හැකිය). එම පවුල බේරාගත් පවුලේ වැඩිමහල් සිංහල කාන්තාව  ඔහුට "පුතේ" කියා අමතයි. "අපි උඹලව බේරා ගත්ත පුතේ. පුතා ආව අපි බලන්න" ඇය ඉතා හැඟීම්බරව පවසයි. නෙතට  කඳුළු උනන මේ දර්ශන  පෙළ වාර්තා සිනමාවකට වඩා සුදුසු  ආත්ම කථනයක් ලෙසටය.

ඉතින් සිංහලයන් කොපමණ දේපල ගිනි තිබ්බත්, යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කළත්, 1958 තරම් ඈත කාලයක සිට 1983 දක්වා දෙමළුන්ට සබ්බුව දුන්නත්, අන්තිමේදී එක තැනකට ගාල් කර බෝම්බ වරුසා වස්සවා දණ ගස්වා අභයදානය ඉල්වන්නට සැලැස්වුවත් හොඳ සිංහලයන්ද සිටින බව රත්නම්, තමන්ගේ මාමා හා ඔහුගේ පවුල බේරාගත් සිංහල පවුල පෙන්වා පහදා දෙයි. එතැනදී නම් මගේ දෑස ද තෙත් වුනි. සිංහලයන් විසින් '83 දී දෙමළ  ජාතිකයන් බේරා ගන්නා  අන්දම ජාත්‍යන්තරයට ගියේ නැත. එනිසා එවැනි සිංහල පිරිසකට  ජූඩ් රත්නම් සාධාරණයක් ඉෂ්ට කරයි.

මේ ජූඩ් ගේ මාමා ඒ කාලයේ සමාජවාදී ඊලාමයක් වෙනුවෙන් පෙනී සිටි දෙමළ සංවිධානයකට අයත් කෙනෙකි. මේ අනුව ඔවුන්ට සතුරන් දෙවර්ගයක් විය. එකක් ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානයි. අනික ශ්‍රී  ලංකා හමුදාවයි. ඔවුනට මේ දෙගොල්ලන්ගෙන්ම සැඟවී සිටීමට සිදු වුනි.   අවසානයේදී විරුද්ධවාදීන් මරාගෙන මරාගෙන යන දෙමළ  විමුක්ති  කොටින් එක දිනෙක ටෙලෝ සංවිධානයේ අටසියයක් පමණ සාමාජිකයන් මරා දමයි.  මට මතක විධිහට මෙය සිදු වන්නේ 1986 දී පමණය. ඉන්පසු සමාජවාදී ඊලාමයක් සඳහා සටන් කරන ලද දෙමළ සංවිධාන යාපන භූමියෙන් අතුගා දැමීමට කොටි සංවිධානය සමත්වෙයි. මින් පසුව  උතුරු නැගෙනහිර ජන වාර්ගික  යුද්ධය  ශ්‍රී ලංකා හමුදාවන්ට  හා පසුව ඉන්දියානු හමුදාවටත් විරුද්ධව පවත්වා ගෙන යන්නේ ජාතිවාදී කොටි සංවිධානයයි.

ශ්‍රී ලංකා හා ඉන්දියානු හමුදාවන්ට අමතරව දෙමළ  සංවිධාන එකිනෙකා මරාගත් බව ඒ දිනවල අපි සැවොම දැන  සිටියෙමු. නමුත් ඒ ගැන නිර්භයව කතා කලේ සිංහලයන් දෙතුන් දෙනෙකු හා රාජිනි තිරාණගම ආදීන් පවත්වා ගෙන ගිය JTHR (මානව අයිතීන් පිලිබඳ යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්) වෙබ් අඩවිය සහ ඩී බී එස් ජෙයරාජ් පමණි. බහුතර දෙමල ඩයස්පෝරාව මෙන්ම දෙමළ ජනයාද සිටියේ නිහඬවය. බහුතර සිංහල පාලනයෙන් "නිදහස" ඉල්ලා සටන් වැදුණු සටන්කාමීන් එකිනෙකා මරා ගැනීමේ ඛේදවාචකය නොඇසූ කන්ව  සිටි දෙමළ ජනතාව ඒ ගැන තම හෘද සාක්ෂියෙන් විමසිය යුතු යයි ජූඩ් තම සිනමා ප්‍රකාශනය  මගින් අවධාරණය කරයි.

මේ දිනවල දකුණේ සිදුවූයේ කුමක්ද? ජනතා විමුක්ති පෙරමුණ විසින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා භිෂණයක් දියත් කිරීමය. එහිදී මුලින්ම පහර දෙන ලද්දේ සමාජවාදී දෙමළ සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කළ ස්වාධින ශිෂ්‍ය සංගමය  හා ට්‍රොට්ස්කිවාදී පක්ෂ වලටය. සමාජවාදී ඊලමකට පක්ෂව කතා කළ දයා පතිරණ ඝාතනයෙන් පසු ජවිපෙ මරණ දණ්ඩනය දුන්නේ පරණ වමේ ක්‍රියාකාරින්ටය. මේ කාලය වනවිට ප්‍රේමදාස ආණ්ඩුවේ මර්දනයද ඉතා දරුණු විය. ඒ දේ.ජ.ව්‍යාපාරය යුඇන්පී නායකයන් හා හමුදා  නිලධාරීන් මරන්නට පටන් ගත් තැන සිටය.

මෙහිදී ඇතිවූ අතිශයින්ම කණගාටුදායක සිද්ධිය වූයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය ප්‍රා නම් සංවිධානයකට බැරවී රජය සමග එක දකුණේ තරුණයින් මර්දනයට සහය වීමය. පැරණි වමේ පක්ෂ වල නායකයින්ට මේ කාලයේදී   ජවිපෙන් එවන ලද  ඝාතකයින්ට විරුද්ධව ආයුධ   සන්නද්ධ ආරක්ෂාව දුන්නේ කොටි සංවිධානයේ මරණ තර්ජනයෙන් මිදී  කොළඹට පැනවිත් සිටි වාමාංශික දෙමළ තරුණයින් බව ඒ දිනවල පැතිරුණු ආරංචියකි. ජවිපෙ කියන්නේ මාක්ස්, ලෙනින් ගේ කටවුට් මැයි  දිනවල කර තියාගෙන ගිය ලංකාවේ  සමාජවාදය උදෙසා කැපවුණු දේශපාලන පක්ෂයකි. ඔවුන් දකුණේ යුඇන්පී නායකයන් මෙන්ම වමේ නායකයන්ද ඝාතනය කල අතර ඔවුන්ට විරුද්ධව පැරණි වමට සහය දුන්නේ යාපනයෙන් පලා ආ  සමාජවාදී ත්‍රස්ත සංවිධානයන්ය. මේ හරුපය තේරුම් ගැනීමට ඔබට හැකිද? ජූඩ් රත්නම් ගේ සිනමා කෘතියේ මෙන්න මේ සංකීර්ණ අවස්ථා සූක්ෂමව මග හැර යන බවක් පෙනී යයි.

ප්‍රභාකරන් කොටි සංවිධානය උතුරේත් හා විජේවීර හා ජවිපෙ දකුණේත් කටයුතු කලේ එකම ලෙස බව කියන විට ඊට විරුද්ධව සරම කැස පට ගසාගෙන එන අය සිටින බව මම දනිමි. නමුත් වාර්තාගත  ඉතිහාසය වෙනස්  කළ නොහැකි දෙයකි.

ජූඩ්  රත්නම්, කොටි සංවිධානයට  විරුද්ධව සටන් කළ තම මාමා ගැන වාර්තා චිත්‍රපටයක් කරන්නේ මේ සන්දර්භය යටතේය.  ඔහු ඉහත කී  සිද්ධීන් මෙන්ම කොටි සංවිධානය  හෝ ජවිපෙ ඇතිවීමට හේතු සාධක සුක්ෂම ලෙස බැහැර කරයි. ඒ වෙනුවට ජූඩ් රත්නම් ගන්නේද අර මොකක්දෝ අසිපතක් ගැන ලියු තමිලිනී ගත් මගමය. පිලිකා  සෑදී කොළඹ අතරමන් වූ තමිලිනිට පිහිට  වුයේ "කරුණාබර හදවත්"  ඇති සිංහලයන්ය.  එහි වරදක් නැත. තමිලිනී ලා එල්ටීටීඊ එකේ සිටි කාලයේ තලා පෙළන  ලද දෙමළ  ජනතාවද , සංවිධානයේ පරාජය නිසා විපතට පත් වූවන්ද  තමිලිනී දෙස ඇහැක් හැර බැලුවේ නැත? කොහොම බලන්නද?   තමිලිනී වැනි අයට  සටන් කිරීමට සල්ලි එකතු කර යවමින් තමන්ගේ දරුවන් බටහිර විශ්ව විද්‍යාලවලට යවා ලොකු මහත් කර කසාද බැඳ දී විවේක සුවයෙන් තමන්ගේ නිවෙස් වල ගත කරන ඩයස්පෝරාවද  ඇහැක් ඇර බැලුවේ නැත. අන්තිමට  තමන් සටන් කළේ කුමකටද යන්න තමිලිනී ටද අමතකවී ගියේය. තම ජිවිතයේ අවසන් දින කිහිපයේ සැලකූ සිංහලුන් පසසා ඇය අවසන් ගමන් ගියාය. එනිසා ලිබරල් සිංහලුන්ට මෙන්ම දැඩි ජාතිවාදී සිංහලයන්ටද, සමාජවාදී යයි කියමින්  ජාතිවාදී ලෙස යුද්ධයට  සහය දුන් ජවිපෙ ටද තමිලිනී ගේ කතාව තමන් ගත්  මග සාධාරණීකරණය කිරීමට ලැබුණු අත්වැලකි.

ජූඩ් රත්නම් ගේ චිත්‍රපටිය ලස්සනය. ශ්‍රී ලංකාවේ  දුම්රිය ගමන්  කොහොමත් ලස්සනය. ජූඩ් ගේ දුම්රියේ ගමන, යාපන දුම්රිය  තුල   දෙමළ ජනයාට එරෙහිව සිදුවූ දාමරික කම් වල සිහි ගැන්වීමක සිට  සිට දුම්රිය මාර්ග විනාශ කිරීමට කොටි සංවිධානය බලහත්කාරයෙන් මිනිසුන් යොදවා ගන්නා අන්දම විස්තර කිරීමක් දක්වා ප්‍රේක්ෂකයා රැගෙන යයි. ජූඩ් ගේ මාමා කොටින්ගෙන් මිදී පලා එන දින  කොටි  මාර්ග බාධකයක නතර කෙරේ. එහිදී ගැමියෙකු ලෙස වෙස් වලා සිටින ඔහුව  රේල්පාරේ යකඩ කඳන් පුංචි කියතකින් කැපීමට කොටි විසින් යෙදවීම නාසි වධ  කඳවුරක වැඩ කරන යුදෙව් සිරකරුවන්  සිහි ගන්වයි.

මේ කතාවේ එක තැනක යුවලක් තමන් ගේ ඇඳුම් වෙනස් කර සිංහලයන් මෙන් හැඳගෙන පාරේ යයි. එසේ කරන්නේ "ආරක්ෂාවටය". මට නම් සිතෙන්නේ එම ජවනිකා යුරෝපීය ප්‍රේක්ෂකයන් සඳහා නිර්මාණය කරන ලද්දක් බවයි. 1983 ජුලි හා අනිකුත් කලබල සමයන් හිදී එසේ වෙස්වළාගෙන යාම සාධාරණ වුවත් එවැනි තත්වයක් දැන් නැත. ජූඩ් එතැනදී සාකච්ඡා කරන්නේ වර්තමාන තත්වයද?

දකුණේ බොහෝ අය ජනතා විමුක්ති පෙරමුණේ කැරලි දෙක ගැන විවේචනාත්මකව කතා කරති. එම කැරලි  ශ්‍රී ලංකාවේ දියුණුව  වසර ගණනක් පස්සට ඇද දමා ආර්ථිකයට දැඩි පහරක් එල්ල කළ බව සත්‍යයකි. එසේම එම ත්‍රස්තවාදීන්  හෝ විමුක්තිකාමින්  (ඔබ සිටින දේශපාලන පැත්ත අනුව) දරුණු ලෙස මිනිසුන් ඝාතනය කරන ලද බව ද සත්‍යයකි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ බිහි වීමටද එලෙස පවතින ක්‍රමයට විරුද්ධව තරුණයින් අවි අතට ගැනීමටද ආර්ථික හා දේශපාලනමය හේතු තිබේ. ජවිපෙට පමණක් දෝෂාරෝපණය කරමින් ලෙහෙසියෙන් ගැලවී යාමට කෙනෙකුට නොහැකිය.

දෙමළ ඊලම් විමුක්ති කොටි සංවිධානය ගැන කතාවද එසේමය.  ඔවුන් ඉබේ ප්‍රාදුර්භුත වූයේ නැත. ඔවුන් ජාතිවාදී ලෙස මුලිම් ජනතාව  යාපනයෙන් එලවා  දැමුවේ සිංහලයන් එලෙසම  එලවිමෙන් පසුවය. බටහිර මාධ්‍ය වලට ඒවා හසුවූයේ නැත. ඔවුන් මායිම් ගම්මාන වල සිංහල වැසියන් කැති ගා මරා දැමූහ. වැඩිහිටියන් දරුවන් කියා වෙනසක් තිබුනේ නැත.   ඉවක් බවක් නැතිව කොළඹ ආදී නගරවලට සියදිවි නසා  ගැනීමේ බෝම්බ කරුවන් එවූහ. මියගියේ ආරක්ෂක හමුදා සාමාජිකයන් පමණක් නොවේ. අහිංසක සිවිල්  ජනතාව මරුමුව දුටුවේ දුසිම් ගණනනි.

හැබැයි 1958 සිට පටන්ගත් දෙමළ සිංහල කෝලාහල වලදී එලෙසම දෙමළුන් මරා දමන ලදී. ඔවුන්ගේ දේපල ගිනි තබන ලදී. සෙන්චෝලේ හි ළමා නිවාසයකට දැමුණු බෝම්බ වලින් දරුවන් පනහක් පමණ මිය ගොස් තිබුණි. එසේම යුද්ධය අවදියේ දෙමළුන් මැරුනේ  දුසිම් ගණනින්ය. මෙහිදී දෙමළ  කොටි සංවිධානයට පමණක් චෝදනා කරමින් කෙනෙකුට ලෙහෙසියන් ගැලවී යාමට  නොහැකිය.

එසේම 1983 ජූලි කලබල දඩ මීමා කර ගනිමින් දෙමල සංවිධාන වලට උදව් කරන්නට ඉන්දියාවට හැකිවිය. උමා මහේෂ්වරන්  හා වේලුපිල්ලේ ප්‍රභාකරන් මදුරාසියේ දී එකිනෙකාට වෙඩි තබා ගනිද්දී මේ පිලිබඳ විස්තර එකළ පුවත්පත් වල ඇති තරම් වාර්තා විය. එවකට ඉන්දීය රජය,  ජේ ආර් ගේ රජයේ ඇමෙරිකාවට සමීප විදේශ ප්‍රතිපත්තිය නොඉවසූ අතර ශ්‍රී ලංකාවට දඬුවම් කළේ දෙමළ  විමුක්ති සංවිධාන වලට උදව් දීමෙනි.

ජූඩ් රත්නම් ගේ වාර්තා චිත්‍රපටයෙන් අවධාරණය වන්නේ කොටි සංවිධානයේ බිහිසුණු කම හා ඔවුන් දෙමළ ජනතාව මර්දනකාරී ලෙස හැසිරවූ ආකාරයයි. දෙමළ ජනතාව රාජ්‍ය හමුදා හා ද්‍රවිඩ සටන්කාමීන් ට මැදිව දෙපසින්ම අතවර විඳි බව සත්‍යයකි. නමුත් සිංහල බහුතරයේ ජාතිවාදී වියරුව විසින් දූෂණය කරන ලද දෙමළ ජනතාවගේ ගරුත්වය හා අභිමානය වෙනුවෙන් ඔවුන්  කොටි සංවිධානයේ ක්‍රියා නිහඬව  ඉවසූ බවද සත්‍යයකි. සමහරවිට දෙමළ ජාතිය බහුතරය වී සිංහලයන් සුළුතරය වූවා නම් දෙමළුන් සිංහලුන් ට වෙනස්ව හැසිරේ යි සිතිය නොහැකිය.

මේ නිසා ශ්‍රී ලංකාවේ ඉතිහාසය නිවැරදිව නොදත් අයෙක්, ජාතික ප්‍රශ්නය ගැන නොදත් අයෙක් ජූඩ් රත්නම් ගේ චිත්‍රපටය නරඹා මුලාවීමකට ගොදුරු වීම නොවැලැක්විය හැකිය. මේ වාර්තා චිත්‍රපටය සිනමාත්මක ලෙස විශිෂ්ඨ වුවත් එය ඉතිහාසමය  වශයෙන් සාධාරණයක් ඉටු කරන්නේ නැත.

එනිසා මේ චිත්‍රපටයට, ශ්‍රී ලාංකික ජන ඝාතක යුද්ධයේ ඉන්දියානු භූමිකාව ආවරණය කළ එකක් නිසා එයට ඉන්දියානු මාධ්‍ය වලින් හොඳ විචාරයක් ලැබෙනු නිසැකය. ඉන්දියාව දෝෂාරෝපණයක් ලැබීමෙන් මුදවා ගෙන තිබේ.  එසේම ඝෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ   මහතාගේ ඊළඟ ජනාධිපතිවරණය සඳහාද දක්ෂ ලෙස යොදා ගත හැකිය. අර තරම් රුදුරු  කොටි සංවිධානයක් සත්‍ය වශයෙන්ම පරාජය කළෝ ඔවුහුය. වෙන කවුරුත් නොවේ.
   ඒ ඇරෙන්නට ජූඩ් රත්නම් ඔබ  ඔබේ පැත්තෙන් ජනවාර්ගික යුද්ධය ගැන කළ මේ  චිත්‍රපටය  ඇත්තෙන්ම ඒක පාක්ෂික විවරණයකි. ඔබේ ඊළඟ චිත්‍රපටයෙන් ඔබ ඉතිහාසයට සාධාරණයක් කරනු ඇතැයි බලා පොරොත්තු වෙමි.


යූටියුබ් වීඩියෝ:
සිංහල පවුල හමුවන අවස්ථාව

දුම්රියේ දී 



මුලාශ්‍ර: A Guide to Intra-state Wars: An Examination of Civil, Regional, and ...
By Jeffrey S. Dixon, Meredith Reid Sarkees

කිනෝ ප්‍රාව්දා:


23 comments:

  1. I am not sure how current JVP and UNP see the use of Tamil militants to kill Sinhala youths in 88/89. (Not many people know this fact, except those who know main actors like Rajitha S and Borelle Dharmasiri)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. I think you are right in saying many people may not know. I actually think at that time government defense establishment knew. I found out because I lived in USSR at that time and a Tamil student with connection to Jaffna told us with some revealing details.Don't ask me how he knew it. :) This is something which I never understood. Leftist JVP killed Old Leftists, and young southern leftists who has connection to North Leftist militants. And in return n some of the leftist militants from north may have killed some leftist JVP militants. Difficult to fathom.

      Delete
  2. The word "Pravda" - the truth, never ceases to amuse when one thinks of the party newspaper !

    ReplyDelete
    Replies
    1. yes. But it was the "truth" in their own way.

      Delete
  3. මේක මට අලුතෙන් අපේ අම්මයි තාත්තයි ගැන හිතන්න බල කරා.. මම කලින් කීප තැනක ලියල තයෙනවා 83 කලබල දවස්වල දවස් ගානක් අපේ ගෙදර කාමරයක ඇඳවල් දෙකක් යට දෙමල පවුලක්. පරම්පරා තුනක.. හංගගෙන අපේ අම්මයි තාත්තයි පරිස්සම් කරා කියල.. අපේ අල්ලපු ගෙදර.. පලනි අන්කල්, ඇන්ටි, දුවලා දෙන්නා, අන්කල්ගේ වයසක අම්මා, එතකොට අන්කල්ගේ මල්ලිගේ පවුලේ සියුම දෙනා එක්ක අන්කල්ගේ අබාධිත පොඩි මල්ලි ත්‍යාගරාජා.. මේ පවුල් සහ අපි අද වෙනකොට විසිරිලා ගිහිල්ල හිටියට ඔවුන් අදටත් හමු උණු තැන අපේම ඥාති විදියට තමයි දැනෙන්නේ.. අවුරුදු හතක පොඩි එකෙක් වෙලා එදා මට දැනුනේ ඒක අපෙන් විය යුතුව තිබු දෙයක් විදියට විතරක් උනත් අද මට හිතෙනවා අපේ අම්මගෙයි තාත්තෙයි ඒ ක්‍රියාව වීරකමක් කියල.. An act of bravery!

    ස්තුතියි මේ පෝස්ට් එකට!

    ReplyDelete
    Replies
    1. ඒක ලෙහෙසියෙන් කෙනෙකුට කරන්න බැහැ. තමන්ගේ ළමයි, පවුල අනතුරේ දාල වෙන පවුලකට ආරක්ෂාව දෙන එක. කල්‍යාන මිත්‍ර ට දැන් තියෙන නිර්භය ගතිගුණ එන්න ඇත්තේ එහෙම වෙන්න ඕනේ. ජය වේවා

      Delete
  4. එදා සිංහල භාෂාව රාජ්ය භාශාව නොකර හිටියන්නම් සමහර විට වසර 30 ක යුද්ධයක් ඇති නොවෙන්නත් තිබ්බ . (\මට හිතෙන විදිය)

    ReplyDelete
    Replies
    1. ඒකත් එක වැරැද්දක්.

      Delete
    2. කරන්න තිබ්බේ භාෂා දෙකම රාජ්‍ය භාෂා කරන එක

      Delete
    3. රාජ්‍ය බාශාව යනු රජයේ කටයුතු සිදුකරන. සැලසුම්, ගිවිසුම් සහ වාර්තා පවත්වාගෙන යාමට පාවිච්චි කරන බාශාවයි.
      එසේ නැතුව ජනතාවට සේවා සපයන බාශාව නොවෙයි.
      උදාහරණයක් ලෙස මෙරට ඇලෝපති වෙදකම සම්බන්ධ සියළු කටයුතු කරනුයේ ඉංග්‍රීසි බාශාවෙන්. නමුත් ආලෝපති වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගැනීමට එන රෝගියා ඉංග්‍රීසි දැන සිටිය යුතු නෑ.

      Delete
    4. ඔබේ තර්කය මොකක්ද

      Delete
    5. @jagath pathirana ඔබ තුමා ගේ මේ අදහසට මම යමක් එකතු කරන්නට කැමති .

      එදා සිංහල රාජ්‍ය භාෂාව කරපු සමයේ යාපානයට ලැබෙන සියලුම ටෙලිග්රෑම් සිංහල භාෂාවෙන් හිමි අය වෙත යවන්න නියමයක් ආව . සියලු ලංගම බස් වල ගමනාන්ත සිංහලෙන් තබන්න කටයුතු කරා. දුම්රිය පොලේ පවා එහෙම උනා. පොලිස් පැමිණිලිභාර ගැනීම පවා .

      ඔය වගේ දෙයක් නිසා තමයි යාපානයේ දෙමල තරුණ පිබිදීමක් ඇති උනේ . අවසනය උනේ වසර තිහක යුධය .

      Delete
    6. @Ajith Dharma ඔව් අජිත් මහත්මා. කරන්න තිබ්බේ භාෂා දෙකම රාජ්‍ය භාෂා කරන එක.

      හැබැයි මට මෙහෙමත් හිතෙනවා . බණ්ඩාරණායක මහත්තයා භාෂා පනත ගෙනාපු එක අනවශ්‍ය දෙයක් .

      Delete
    7. එදා සිංහල රාජ්‍ය භාෂාව කරපු සමයේ යාපානයට ලැබෙන සියලුම ටෙලිග්රෑම් සිංහල භාෂාවෙන් හිමි අය වෙත යවන්න නියමයක් ආව . සියලු ලංගම බස් වල ගමනාන්ත සිංහලෙන් තබන්න කටයුතු කරා. දුම්රිය පොලේ පවා එහෙම උනා. පොලිස් පැමිණිලිභාර ගැනීම පවා .

      කෙටි කාලයක් තුල මේ අර්බුධ විසඳුනා.

      56ට කලින් ටෙලිග්‍රෑම් ආවේ ඉංග්‍රීසියෙන්.

      ඒ කාලයේ ආන්ඩුවේ කොටස් කාරයන් වී සිටි සමසමාජ පක්සයේ අයට කරන්න තිබුනේ
      සිංහල රාජ්‍ය බාශාව කිරීමට සහයෝගය දෙන අතරම මේ වගේ දේවල් වලට මැදිහත් විමයි.

      Delete
    8. දෙමල ප්‍රශ්ණයට හේතුව සිංහල රාජය බාශාව කිරීම නෙවෙයි.

      දෙමළ ප්‍රශ්ණය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ අතුරු ඵලයක්.
      දෙමළා යනු සුද්දාගේ බල්ලා හැටියට සැලකිය හැකියි.

      ලංකාව බ්‍රිතානය අදිරාජයයෙන් නිදහස ලබනවිට සිංහලයන්ගේ ඔළුවට වයිරස තුනක් ඇතුල් කර තිබුනා.
      1. සුද්දෝ එන්න කලින් අපි හිටියේ වැද්දෝ වගේ කොළඅතු ඇඳගෙන.
      2. සුද්දෝ ඇවිත් අපිව හැදුවේ නැත්නම් අපි තවමත් ඉන්නේ වැද්දෝ වගේ.
      3. අපේ සිංහල අය වගේ නෙමෙයි යාපනේ දෙමල අය
      හරි බුද්ධිමත්
      හරී උත්සාහවන්ත.
      හරී හොඳ
      හරී උසස්
      .....
      ....
      ......
      උසස් මිනිස්සු වර්ගයක්.
      සිංහලයෝ අඩුකුලේ මිනිස්සු වර්ගයක්.

      ලංකාවේ දෙමළ ප්‍රශ්ණයට මුල මේ කිව්ව තුන්වන කාරනය.

      Delete
    9. අපොයි නෑ කලන මහත්මයා අවශ්‍ය දෙයක්.
      තම ජන්ද පදනමේ බහුතරයට කෙටි කාලීනව ජනප්‍රිය (රටට දිගුකාලීන හානිකර වුවද ) දේ කිරීම දේශපාලකයන්ගේ පැවැත්ම හා දියුණුවට අවශ්‍යයි

      Delete
    10. //කෙටි කාලයක් තුල මේ අර්බුධ විසඳුනා.// මම හිතන්නේ නැහැ. 1972 පහුවෙන කොටත් ඒ ප්‍රශ්න එහෙමම තිබ්බ. දෙමල රාජ්‍ය භාෂව කරන කම්ම වගේ

      //56ට කලින් ටෙලිග්‍රෑම් ආවේ ඉංග්‍රීසියෙන්.// ඇත්ත සිංහලයන්ට හෙවත් බහුතරයට වුනේ අසාධාරණයක්

      //ඒ කාලයේ ආන්ඩුවේ කොටස් කාරයන් වී සිටි සමසමාජ පක්සයේ අයට කරන්න තිබුනේ
      සිංහල රාජ්‍ය බාශාව කිරීමට සහයෝගය දෙන අතරම මේ වගේ දේවල් වලට මැදිහත් විමයි.// ඇත්ත සම සමාජ කොමිනිස්ට් අය කරපු ලොකුම පාවාදීම් වලින් එකක්, කොල්වින් සිරිමාගේ 1972 ව්‍යවස්ථවට සහයෝගය දීම අනිත් එක

      Delete
    11. //දෙමල ප්‍රශ්ණයට හේතුව සිංහල රාජය බාශාව කිරීම නෙවෙයි.// එක ඔඩු දිවීමට හේතුවක්. දෙමළ සමතැන ඉල්ලිං ඊට කලින් ඉඳන් තිබ්බ . ඒක ඇත්ත. නමුත් සුද්ද එනකොට ලංකාව ඒකීය රටක් නෙමයි. යාපනේ තිබ්බේ වෙනම පාලනයක් ලංකාව එක කිරිටයක් යටතට ගෙනාවේ සුද්ද.
      //දෙමළ ප්‍රශ්ණය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ අතුරු ඵලයක්.
      දෙමළා යනු සුද්දාගේ බල්ලා හැටියට සැලකිය හැකියි.// හැම දෙමළ අයෙක් ගැනම එසේ කීම දැඩි ජාතිවාදී ප්‍රකාශයක්. ප්න්නම්බලන් රාමනාදන්, අරුනාචලම් හෙම සුද්දට එරෙහිව කතා කලා.

      ///ලංකාව බ්‍රිතානය අදිරාජයයෙන් නිදහස ලබනවිට සිංහලයන්ගේ ඔළුවට වයිරස තුනක් ඇතුල් කර තිබුනා.
      1. සුද්දෝ එන්න කලින් අපි හිටියේ වැද්දෝ වගේ කොළඅතු ඇඳගෙන.
      2. සුද්දෝ ඇවිත් අපිව හැදුවේ නැත්නම් අපි තවමත් ඉන්නේ වැද්දෝ වගේ.

      ලංකාවේ දෙමළ ප්‍රශ්ණයට මුල මේ කිව්ව තුන්වන කාරනය.// මේක වැරදි ප්‍රකාශයක් . ඔබට මොකක් හරි ඇරියස එකක් තියෙනව වගේ. ජිවිතේ යම් ප්‍රශ්න ඇති වීමක්. ඔහොම කතා මම ඇහුවෙත් අද යි. සුද්දෝ එන්න කලින් හා ආවාට පසුවත් සිංහලයට සංස්කෘතියක්, සදාචාරයක්, අධ්‍යාපන ක්‍රමයක් රාජ්‍ය ක්‍රමයක් තිබුන කියල සුද්දත් දන්නවා. උන්ම ඒවා කැණීම් කරලා හොයල දුන්න.
      //අපේ සිංහල අය වගේ නෙමෙයි යාපනේ දෙමල අය
      හරි බුද්ධිමත් ,හරී උත්සාහවන්ත.,හරී හොඳ,හරී උසස්උ,සස් මිනිස්සු වර්ගයක්.
      සිංහලයෝ අඩුකුලේ මිනිස්සු වර්ගයක්.// මේක සින්හලන්න්ගේ ට්ඨියෙන හීනමාන කතාවක්. දෙමලු මිනිස්සු මහන්සියෙන් ඉගෙන ගන්නේ යාපනේ කර්කශ නිසා. සිංහල පති සශ්‍රීකයි , වතුර තියනවා. ගස් වලන් කොල පාටයි ඒ වගේ. යාපනේ හා මුලතිව පති ඇතැම් නැගෙනහිර පටි දුෂ්කර පළාත්. ඉතින් ඔවුන් මහන්සියෙන් ඉගෙන ගන්නවා, වෙළඳම් කරනවා.

      Delete
  5. Sanjay Dalugoda is with Nuwan Jay and 2 others.
    4 hrs ·
    Ajith Dharmakeerthi Your understanding of documentary cinema is flawed for two reasons.



    1) Your incorrect historiographical preamble seem to suggest cinema is some sort of a “truth” mechanism. It wasn’t perceived as such for some decades till the Communist theorists put forth that idea, Lev Kuleshov in particular (being the first theorist from the Soviet Montage school). 


    2) Your premise is faulty because you aren't aware of later scholarship, contemporary thought, practice and understanding of cinema, Film studies/philosophy of art, and art itself, which had developed quite rapidly since the 1920’s. So your presumption that documentary cinema should and MUST elicit some “ultimate truth” or rather capture a certain truth by virtue of the cinematographic device, demonstrates naïveté and thus fails to substantiate your argument.

    Firstly, Cinema was invented as a document of light on a piece of chemically treated celluloid strip. Later on André Bazin argues, cinema is a document of reality, or rather a mummification of time and space, with a caveat mediating the problem of preserving time and space.

    The first film ever produced by the Lumière brothers was a document of a train passing by. Since then films were used for pure commercial means or as journals: travel logs, scientific logs, pornography, magic etc. Flaherty’s “Nanook of the North (1922)” was the groundbreaking production that introduced dramatisation to the basic form. Later, Dziga Vertov himself proved that cinema grasps some “reality” but not the objective truth (you seek) by his film “The man with a movie camera (1929)”, where the cinematographic device assumes the subjective point of view. There can be “subjective realities” but trying to establish the camera as some profound magic box that can capture what is beyond objective reality - “truth” - has been a fools errand, even after a century of professional scholarship (since Heidegger's preoccupation with authenticity and ultimate truth). 



    Jude’s film is a DOCUMENTARY. But, neither he nor his work claims to BECOME “truth” or represent some form of ultimate truth. I don’t think any art can make such a bold claim. His is a poetic-documentary (again, i implore you to read before you write, read Bill Nichols’s theory of documentary cinema). The basic mechanism of poetry (according to Aristotle, Horace, Longinus, all the way up to C.S. Lewis agrees) is metaphor. The creation of a metaphor allows the artist to bridge the two subjectivities of the reader and the writer to experience the same event. That is poetry, and Jude’s film is a poetic representation (not a Lyrical Abstraction like Jodorwsky’s work or Terry Malick’s) of his PERSONAL experience. 


    There is NO requirement in any form of cinema that states it has to be the truth and nothing but the truth. One can never assume total objective purity or stress such upon a work of art. No one in this world of blood and guts can make a film that will do objective justice to the Sri Lankan civil war. It will always be the subjective reality of either the filmmaker or the camera that only sees light.

    

Jude’s achievement is singular, in that it creates and shares an experience based on memory and fact (if memory is considered fact) inducing an affect in the spectator. Whether it is truth/ reality / memory or sensationalism is entirely predicated upon the spectator's judgement.

    ReplyDelete
    Replies
    1. Dear Sanjay Dalugoda
      Thanks for the excellent reply. Although I acknowledge and agree with you about the history of the documentary cinema and for that matter cometographic as you are a student of that field which I am not.
      //So your presumption that documentary cinema should and MUST elicit some “ultimate truth” or rather capture a certain truth by virtue of the cinematographic device, demonstrates naïveté and thus fails to substantiate your argument. //
      However. I kindly do not agree with you that documentary cinema is there to give audience some fictional art or depict emotional journey. Then it’s an autobiography of some sort or a normal artistic film as we experience it. You can put Jude’s films to that category then.
      If you look at the Nandana Weerarathne's documentary about “palutava” it shows the “truth” that evaded us for a long time. It deviates from normal accepted truth and open our eyes for a “different truth”. That’s what documentaries about. Or for that matter Michael Moor’s Fahrenheit 9/11 (the alternative truth)

      Delete
    2. https://www.youtube.com/watch?v=SOWvgRmYdcs

      Delete
    3. I have to say I do agree with you Jude Rathnam's film is excellent as an artistic journey of his and his uncle and to the past. I did mention that. This is what I wrote about Palutava. Please read if you have time. If your response in Sinhalese I could have posted as a reply in my blog. Thanks again for taking time to reply. https://kolambagamaya.blogspot.com/2016/09/blog-post.html

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .