Thursday 17 May 2018

ජර්මන් තානාපති කාර්යාලයේ සික්කා හා සික්කි

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලය 
සික්කන් යනු ආරක්ෂක නිලධාරී මහතුන් ට ඔවුන් නැති තැන හඳුන්වන ගෞරවනීය නාමයයි.බොහොම අමාරුවෙන් උදේ සිට හවස් වෙනකම් හෝ රැයක් නිදි මරාගෙන දරු පවුල රැක ගැනීමට රැකියාව කරන ආරක්ෂක නිලධාරී මහතුන් සිටි. ඒ අය පාලනය කරන්නේ බොහෝවිට විශ්‍රාම ගිය උසස් පොලිස් නිලධාරියකු හෝ විශ්‍රාම ගිය උසස් හමුදා නිලධාරියෙකි. ඔවුන්ගේ තර්ජන ගර්ජන විඳිමින් රැකියා කරන මේ මහතුන් ගේ ජිවිත කතාවල්  බොහොමයක් ශෝචනීයය. එයට හේතුව ඔවුන් ගේ රැකියාවවල විටෙක   කිසිම සුරක්ෂිත භාවයක් නැති වීම මෙන්ම අඩු පඩි ද විය හැකිය.

නමුත් සමහර  සික්කන් වැඩක් කර ගැනීමට එන මිනිසුන්ට ගෝරනාඩු කරන්නේ ඔවුන් රකිනා කාර්යාලය හෝ ස්ථානයේ අයිතිකරු තමන් යයි සිතාය. ඒ සික්කන්  යුනිෆෝම් ඇන්දාම එන අමුතු උෂ්ණත්වයද නැත්නම් වෙන හේතුවක්ද යන් මට වටහා ගත නොහැකිය.

මේ කියන කතාව  සිදුවන්නේ දැනට වසර 19 පමණ ඉහත දීය.

මගේ බිරිඳට විවාහ වීමට අවශ්‍ය වූයේ සින්හල චාරිත්‍රානුකුලවය. ඒ නිසා අපි ඒ උත්සවය ගත්තේ ශ්‍රී ලංකාවේය. ඉන්පසු සිංහල විවාහ සහතිකය ඉංග්‍රීසියට පෙරලා ගැනීම මදක් අපහසු විය. උදේ වරුවේ කොටුව පැත්තේ තිබූ එම රජයේ කාර්යාලයට ගිය විට  පරිවර්තක එදා වැඩ නැති බවත්,  නිවාඩු ගොස් ඇති බවත් කියා  දින තුනකින් එන ලෙසත් දන්වන ලදී. අපට නැවත ලන්ඩන්  යාමට තිබුනේ දින  දෙකකිනි. මෙනිසා එදාම මේ වැඩය  කර ගත යුතුව තිබුණි.

මදක් එලියට පැමිණි මම බිරියට පසෙකට වී සිටින්නට කියා නැවත ඇතුළට ගොස් කාර්ය කාර්ය සහයක උත්තමයෙකු හමුවී අවශ්‍ය ප්‍රදානයන් කලෙමි.  සෝවියට් දේශයේ හිටි  කාලයේ මේවා හොඳින් පුරුදු වී තිබුණි.  නිවාඩු ගිය පරිවර්තකයා හදිසියේ නැවත කාර්යාලයට පැමිණ තිබුණි. විනාඩි  තිහකින් පමණ ඒ වැඩේ කරගෙන අප ගියේ ජර්මන් තානාපති කාර්යාලයටය. එතනින් අපට අවශ්‍ය සීල් ගසා යුරෝපයේ සහතික කර ගත යුතුව තිබුණි.

බිරිඳ ජර්මන් තානාපති කාර්යාලයට කලින් ඇමතුමක්  දුන්නාය. තානාපති කාර්යාලයේ සිවිල්  වැඩ කටයුතු භාර නිලධාරියා සවස දෙකට  අපට එන ලෙස දැන්වීය. මුහුද පැත්තේ ටිකක් ඇවිද දහවල්  ආහාරයද ගෙන හරියට දෙකට විනාඩි දහයක්  තබා අපි එහි ගියෙමු. ජර්මානුවන් හරියටම වෙලාවට වැඩ කරන නිසා අප පමා  වීමට සිතුවේ නැත.

තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙක් සහ නිලධාරිනියක් ඇර තිබුණු ගේට්ටුව ළඟ සිටියහ. අපට විවාහය සහතික කර ගැනීමට ඇතුළට යාමට අවශ්‍ය බව කීවෙමු. ඔහු අපට  යාමට දීම එකහෙලාම ප්‍රතික්ෂේප  කළේය.  මම ඔහුට කතා කලේ සිංහලෙනි. ඒ ඔහු කැඩුණු ඉංග්‍රීසියෙන් අපට කතා කළ බැවිනි. බිරිඳ ඔහු අමතා අපට අපොයින්ට්මන්ට් එකක් තිබෙන බවත් ජර්මානු  මහතාගේ නමත් කියා නැවතත් ඇතුළට  යාමට අවසර ඉල්ලුවාය .

ඔහු වහාම කිවේ ඒ මහතා කිසිවකු හමු නොවන බවත් අප බොරු කියන බවත්ය. වහා  එලියට යන ලෙසද තර්ජනාත්මකව දැන්විය.

"නෝනව  රවට්ටගෙන පනින්නද කොහෙද?" නිලධාරිනිය කීවාය.
"මම එංගලන්තේ ඉන්නේ. මට එහෙ වීසා  තියනවා. පනින්න දෙයක් නැහැ. " කියා ගමන් බලපත්‍රය පෙන්වුවත් ඔවුන් එදෙස බැලුවේ වත් නැත.

සික්කා මුස්ලිම්  ජාතිකයකු බවද සික්කිය සිංහල බවද ඔවුන්ගේ නම් ටැග් වලින් තේරුම් ගතිමි.

මා කළේ බිරිඳට මොබයිල් එක දී (ඒ දිනවල මෝටරෝලා හෝ නොකියා  මොබයිල් එකක් මා ළඟ තිබුණි. මිල අධික නිසා භාවිතා නොකළ මුත් වෙලාවේ හැටියට කල හැකි දෙයක් නොමැති විය.) ජර්මනුවාට කතා කරන්නට  කීවෙමි. බිරිඳ දුරකතනයෙන් කතා කරන විට සික්කා ගේ තර්ජනය දැඩි විය.
තානාපති භූමිය තුල මොබයිල් පාවිච්චිය තහනම් බව කී  ඔහු පොලිසිය ගෙන්වන බවට තර්ජනය කළේය.

"ගෙන්නනව  ඕයි පුලුවන්නම් " මම කීවෙමි.
කොහොමත් ඒ පැත්තේ පොලිසි දෙක තුනකම යහළුවන් කිහිප දෙනෙක් ද සිටින බව මට මතක් විය. එසේම තානාපති කාර්යාල භුමියේ පොලිසියට කරන්නට පුළුවන් දෙයක් නැති බව මම දැන සිටියෙමි.

බිරිඳ මදක් පසුබට වූවාය. ඇයට නීතියට ගරු කිරීමට උගන්වා තිබු බැවින් සික්කාට කීකරුව ඉවත්ව යාමට සුදානම්ව  සිටි බව දැන  සිටියෙමි. ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්නා නීතිය  නවන බව ඇය දැන  සිටියේ නැත.  මා සිටියේ රතු කට්ට ආසන්නයේය.

"Go ahead and make the call. Ignore this bloody idiot.  The man is a fool with a head full of shit.  "  මම ඇයට මදක් තදින් කීවෙමි.
"මේ අර නෝනට හොඳටම බනිනවා. මොනවා හරි කරන්න ". සික්කී සික්කා  වීරයාට කීවාය.
ඉංග්‍රීසි වත් නොතේරෙන ඇය මේ රස්සාවට පැමිණියේ කෙසේදැයි මට කුතුහලයක් ඇති විය.
බිරිඳ කතා කර විස්තරය කිවේ අර නිලධරයාටමය. ජර්මන්  තානාපති කාර්යාලයේ තානාපතිට  පසුව සිටින සිවිල් කටයුතු (මිනිස්ටර් කවුන්සිලර් ) නිලධාරියා වන ඔහු නිහතමානීව කාර්යාලයෙන්  එලියට පැමිණ අප කැඳවා ගෙන ගියේය. ඔවුන් තමන්ගේ රටේ වැසියන්ට සලකන්නේ ලෙසය.

විනාඩි  පහක් තුල  සහතිකය, සහතික කරදී ඔහු එලියටම පැමිණ සමු දුන්නේය. අප ඔහුට සික්කා ගැන පැවසුවෙමු. ඔහු මද සිනහවක් පා "ගණන් ගන්නට එපා" යයි කිවේය.
අප ගේට්ටුව  අසලට එන විට සික්කා  හා සික්කිගේ මුහුනවල් චප්පවූ තක්කාලි ගෙඩි දෙකක් මෙන් විය.

"සර් කියන්න එපාය . මම හිතුවේ මේ ගයිඩ් කෙනෙක් කියල "  ඔහු යාප්පුවෙන් කීවේය.

"ගයිඩ් කේස් එකක් නෙමේ මෙතන තියෙන්නේ ඕයි . තමුසෙලාට තමන්ගේ රටේ කෙනෙකුට සලකන්න බැරි කුහක කම. අර ජර්මන් කාරය උගේ රටේ එකෙකුටත් ඒ රටේ නොවන මටත් එකම විධිහට සැලකුවට තමුසෙලට ඒවා පුරුදු නැහැ. යුනිෆෝම් දැම්මම  පොර පාට් දානවා මිනිස්සුන්ට "

සික්කා  සිටියේ නිහඬවය.
කාර්යාල නිලධාරීන් පේන්නට සිටි හෙයින් වැඩි තර්ජනයක් නැතිව මෙසේද කීවෙමි.

"තමුසේ දන්නවද ලංකාවේ  පොලිසියට මේ ගේට්ටුවෙන් ඇතුලට  එන්න බැහැ  කියල. ගේට්ටුවෙන් ඇතුලේ භුමිය අයිති ජර්මනියට. පොලිසියට  මාව  අල්ලන්න පුළුවන් ආයේ එලියට  ගියොත්  විතරයි."

 එසේ කියා පිටව ආවෙමු.

මේ කතාව  කිවූ පසු බොහෝ සිංහල මිතුරන් කීවේ  මෙවැනි දෙයකි.

බටහිර තානාපති කාර්යාලවල මෙවැනි  රැකියා  වලට ගන්නේ දෙමළ  හා මුස්ලිම් අය බවත් ඔවුන් සිංහලයන් කෙරෙහි කටයුතු කරන්නේ ද්වේශයෙන් බවත් විසා වුවත් වැඩිපුර ලැබෙන්නේ ඔවුන්ට බවත්ය .

මෙහි ඇත්ත නැත්ත මම නොදනිමි.

එසේ නම් සිංහල ආරක්ෂක නිලධාරිනිය ඔහුට උඩගෙඩි දුන්නේ  ඇයි? යන්නට පිළිතුරක් තිබුනේ නැත.

ටුවරිස්ට් ගයිඩ් තනතුර හෙවත් සංචාරක මග පෙන්වන්නන් හට හොඳ තත්වයක් එකල තිබුනේ නැත.  නමුත් දශක දෙකකට පසු දැන් තත්වය බොහෝ වෙනස්ය. මා දන්නා පරිදි සෝවියට් රුසියාවේ හා එංගලන්තයේ උපාධි ලද අයද, අවම වශයෙන් ආචාර්ය උපාධි ලද දෙදෙනෙක්ද සංචාරක මාර්ගෝපදේශකවරු  ලෙස සේවය කරති. ඔවුන් ඉහල ආදායම් ලබන අයයි.  මාසයකට රුපියල් ලක්ෂ තුන ඉක්මවා උපයන අය සිටිති.

සික්කලා තවමත් එතනය.

අජිත් ධර්මකීර්ති  


54 comments:

  1. ගයිඩ් මහතෙක් මයි කියමු. සුදු නෝනව රවට්ටගෙන පනින්න ගියා මයි කියමු. ඒත් ඒක එයාලගේ රාජකාරියට අදාළ වෙන්නේ නැහැනෙ. එයාල එතන ඉන්නේ හැම පාරිභෝගිකයටම සේවය කරන්න නේ. මම ජපානේ යනකොට වීසා දාන්න යනකොටත් දැකපු දෙයක් තමයි, ඇතුලේ වැඩ කරන නිලධාරීන්ට වඩා සැරෙන් අනිත් අයට කතා කරන්නේ සිකුරිටි නිලධාරියා.

    ජපානයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයත් ශ්‍රී ලාංකික කිසිම කෙනෙකුට උදව්වක් කරන්නේ නැති කම්මැලි තැනක් කියල මම අහල තියනව. හැබැයි මට පුද්ගලික අත්දැකීම් නම් නැහැ, "ලු" කතාවක් තමයි. මැද පෙරදිග රටවලත්, අපේ දුක් විඳින කාන්තාවන්ට ලැබෙන සහනය මදි බවයි පුවත් පත් වල දැක්කෙ.

    මම මේ ලඟදි GOV.UK හි අහම්බෙන් දුටුවා, ඔවුන් සංචාරයේ යෙදෙන බ්‍රිතාන්‍ය ජාතිකයින්ට, එක එක රටවල තොරතුරැ ඇතුලත් වීඩියෝ හදලා තියනවා.

    https://www.gov.uk/foreign-travel-advice

    ශ්‍රී ලංකාවට යන සංචාරකයින්ට පන්සල් යනකොට දිගට ඇඳන් යන්න, අවේලාවේ බීලා යන්න එපා, වගේ උපදෙස් අඩංගු වීඩියෝ හදලා දාල තියනවා.

    https://www.gov.uk/government/news/have-fun-and-stay-safe

    විදේශ රටවල්වල තානාපති කාර්යාල ඔවුන්ගේ ජාතීන් ගැන හොයල බලන විදිය දැක්කම ඇත්තටම දුකයි. අපේ රට දුප්පත් බව ඇත්ත. නමුත් එන මනුස්සයාගේ විස්තර හොයල බලල කාරණය ඉටු කරගන්න උදව් කරන්න වියදමක් යන්නේ නැහැනෙ. ඒවා මේ දැන් උනත් කිසිම මහන්සියක් නැතිව දියුණු කරන්න පුළුවන් දේවල්. නමුත් වෙන්නේ නැත්තෙත් ඒක.

    බොහොම ස්තුතියි ලිව්වට මේ ගැන.

    (අද කෑම කද්දී රෑ වුණා. කෑ ගමන් නිදියන්න හොඳ නැති නිසා, වෙලාව අරන් මේක ටයිප් කළා.) :)

    ReplyDelete
    Replies
    1. //ගයිඩ් මහතෙක් මයි කියමු. සුදු නෝනව රවට්ටගෙන පනින්න ගියා මයි කියමු. ඒත් ඒක එයාලගේ රාජකාරියට අදාළ වෙන්නේ නැහැනෙ. එයාල එතන ඉන්නේ හැම පාරිභෝගිකයටම සේවය කරන්න නේ//
      අන්නේකයි. මෙහෙ තියන එම්බසියත් දන්නවනේ . පොඩි නිලධාරියා ඉඳන් උඩින් යන්නේ. හැබැයි අපරාදේ කියන්න බැහැ. බ්‍රිටිෂ් පොත ගත්තට පස්සේ හොඳට සලකනවා. ඒ කියන්නේ අපේ පොත තියන අයට සලකන විධිහ හිතා ගත්ත හැකිනේ.

      Delete
    2. මානවික්ස් තොමෝ මේ පැත්තේ ෆස්ට් ටයිම් නේද ? ස්තූතියි ආවට.දිග පිළිතුරක් ටයිප් කලාට . කවද්ද මේ පැත්තේ එන්නේ. අර දොස්තර තුසිත දුමින්ද නම් ඇවිත් ගියා

      Delete
    3. //විදේශ රටවල්වල තානාපති කාර්යාල ඔවුන්ගේ ජාතීන් ගැන හොයල බලන විදිය දැක්කම ඇත්තටම දුකයි. අපේ රට දුප්පත් බව ඇත්ත. නමුත් එන මනුස්සයාගේ විස්තර හොයල බලල කාරණය ඉටු කරගන්න උදව් කරන්න වියදමක් යන්නේ නැහැනෙ. ඒවා මේ දැන් උනත් කිසිම මහන්සියක් නැතිව දියුණු කරන්න පුළුවන් දේවල්. නමුත් වෙන්නේ නැත්තෙත් ඒක.// මසුරන් කතාව

      Delete
    4. මම කලින් ඇවිත් තියනවා බ්ලොග් එකට. කමෙන්ට් එකක් දැම්මේ අද. නොදන්නා දේවල් කියලා විහිලුවට ලක් වෙන්නේ නැතුව, ඇතැම් පෝස්ට් කියවල, යමක් ඉගෙනගෙන, කමෙන්ට් නොකර යනවා ඉතින්.

      මම එන්නම්කෝ වෙලාවක ඔබතුමා බැහැදකින්ට. ලන්ඩන් පැත්තේ එවෙනවා ටිකක් අඩුයි තවම.

      අපේ පාස්පෝට් එකට කොහෙනුත් කරදර විතරයි. වෙන රටකට වීස ගන්න ගියාම ඒ රටවලිනුත් අපිට සලකන්නේ සත්තුන්ට වගේ. ලංකාව ඇතුලෙත් එයාපෝට් එකේ, ඉමිග්රේෂන් එකේ ඉඳන් ගත්තම, එම්බසි වල, සිකුරිටි ඉඳන් හැමෝමත් අපට සලකන්නේ සත්තුන්ට වගේම තමයි. පිටරට අය මොනවා කලත් අපේ මිනිස්සුම මෙහෙම කරද්දී දුකයි. මම කොහොමත් හරිම පොඩියි ශරීරයෙන්. ඉතින් තනියම යන පොඩි කෙල්ලෙක් නිසා අපේ ඉමිග්රේෂන් එකේ අය එහෙම ප්‍රශ්න අහනවා ඕනවට වඩා. ඇත්තටම එපා වෙනව.

      Delete
    5. //මම එන්නම්කෝ වෙලාවක ඔබතුමා බැහැදකින්ට. //
      මේ මානවික්ස් , ඔය ඔබතුමා කෑල්ල වහාම අහක් කරගත්තනං . මට මන්ත්‍රී සන්නිය හෙම හැදුනොත් මේ පැත්තේ හරි හමන් යකැදුරෙක් වත් නැහැ බේරාගන්ට.

      //පිටරට අය මොනවා කලත් අපේ මිනිස්සුම මෙහෙම කරද්දී දුකයි.// මෙන්න මේක තමා ලොකුම ප්‍රශ්නේ මටත්.

      //මම කොහොමත් හරිම පොඩියි ශරීරයෙන්// මම කොහොමත් මගේ උසට වැඩියෙන් ගේම දෙනවා. නැත්නම් ඔලුව ගහල ඉන්න බැහැ. පොඩියි කොටයි කියල සමහර පොරවල් එනවා තග දාන්න. මමත් අරින්නේ නැහැ.

      Delete
  2. සිංහලයාට කෙලවෙලා තියෙන්නේ ඔය කියන නිවටකමයි උද්දච්චකමයි හින්දා තමයි. හොරකම වංචාව සහ අනෙකාට කෙලවන්න හදන උන් තමයි දැන් සිරි ලංකාවේ බහුතරයක්ම ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. නිවට කම මගේ උද්ධච්ඡ කම උගේ. මගේ හිත හොඳ කමට සිංහලෙන් කතා කරපු නිසාද දන්නේ නැහැ,

      Delete
  3. පුස් පාර්ටි

    ReplyDelete
  4. //එයට හේතුව ඔවුන් ගේ රැකියාවවල විටෙක කිසිම සුරක්ෂිත භාවයක් නැති වීම මෙන්ම අඩු පඩි ද විය හැකිය//

    ජොබ් එකට ඩිග්නිටි එකක් නැතිවුනාම ලොකු කමක් වෙන කොහොමහරි ගන්න බලනවා. ජර්මනියේ මොන ජොබ් එකක් කලත් සාමාන්‍යයෙන් සමානව සලකනවා. පොඩි ජොබ් කරන අය ලොක්කන්ට සර් කියාගෙන වැඳ වැටෙන්න ඕනෙ නෑ.. ඊටත් වැඩිය වැදගත් දේ හොඳ පඩි ලැබෙනවා. ලංකාවෙ එහෙම නෑ. මිනිස්සුන්ගේ ප්‍රශ්නයකටත් වඩා ආර්ථික හා සංස්කෘතික වෙනසක්

    ReplyDelete
    Replies
    1. ජොබ් එකට ඩිග්නිටි එකක් නැතිවුනාම ලොකු කමක් වෙන කොහොමහරි ගන්න බලනවා. - මේකත් වෙන්න පුළුවන්. ජර්මනියේ කොහොමත් ඔය විකාර නැහැ

      Delete
  5. Replies
    1. මේක මං දැන් නම් කරනවා තඩියගේ වැට කියල. ස්තූතියි

      Delete
  6. සික්කිට පේන්ට වෙන්ටෑ

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒක වෙන්නත් පුළුවන්

      Delete
  7. ලංකාවේ නම් නිල ඇඳුම් අඳින ගොඩක් මිනිස්සු කොහොමත් හදන්නේ තමන්ගේ අධිකාරි බලය සිවිල් මිනිස්සු පිට පටවන්න බලහත්කාරයෙන් හෝ.නිල ඇඳුම් ඇඳීම කියන්නෙත් එක මිලිටරි වැඩක් කියලා හිතන උන් ඉන්නකම් ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. ඕක නම් ඇත්ත. නිල ඇඳුමක් දෙන්නෙම ඒ අදහසින් තමයි හැබැයි. දාගත්තම යස්සය ආරූඩ වෙන එවුන් ඉන්නවනේ

      Delete
  8. සුවර් එකටම නෙලුම් සික්කා නෙලුම් යායෙන් සම්මානයක් නැතිවෙච්ච එකෙක් හැක , (කලින් වෙච්ච දෙයක් වුනාට කමක් නෑ , අපිට මඩ ගහන්න ඕන වුනාම කාලය අදාළ නෑ )

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් , වෙන්න පුළුවන් . අර ටයිම් මැෂින් එකින් ඉස්සරහට ඇවිත් සම්මානයක් නොලැබෙන බව දැනගෙන ආපහු එතනට ඇවිත් ..........

      Delete
    2. @ඉවාන් පවුලූශා සහ අජිත්
      //සුවර් එකටම නෙලුම් සික්කා නෙලුම් යායෙන් සම්මානයක් නැතිවෙච්ච එකෙක් හැක//

      ///වෙන්න පුළුවන් , වෙන්න පුළුවන් . අර ටයිම් මැෂින් එකින් ඉස්සරහට ඇවිත් සම්මානයක් නොලැබෙන බව දැනගෙන ආපහු එතනට ඇවිත් ..........//

      හෑ.. ඔය කියන්අනේ ර සා රස උන්නැහේ ඒ කාලෙ සිකුරිටි ජොබක් කළා කියලද? උන්නැහේ තමයි නෙලුම්යායෙන් සම්මානයක් නෑ කියලා දෙස්දෙවොල් තිය තියා උන්නෙ..

      Delete
  9. ඔය වගේ තැන්වලට යනකොට නිකන් අයිතිකාරය වගේ පපුව ඉස්සරහට දාගෙන අඩි විස්සක් ඉස්සරහා බලාන යන්න ඕනි...ඔහේ ඉතින් උන් එක්ක ගේම ඉල්ලන්න ගිය එකනේ කේස් එක..
    මේ ලඟදි මම ස්විස් එම්බසියට සෙක්කෝ රේල් රෝඩ් කරාන ගිහින් 2021 වෙනකන් මලිට්පල් එන්ට්‍රි ශෙන්ගන් වීසා එකක් ගහගත්තා පූස්පාර්ට් එකට...හැමදේටම ක්‍රමයක් හෑව් මෙයා.. !
    ගයිඩ් කෙනෙක් කියල හිතුව එක ටිකක් කම්පනා කරන්න ඕනි දෙයක්..හෝටලේකට යන්න ගිහින්වත් ඕම උනා නං නෝ වොරීස්..ඒත් එම්බසියකට..ඒ මදිවට ජර්මන්..හප්පේ...!

    ReplyDelete
    Replies
    1. පපුව ඉස්සරහට දාගෙන ගියාට වැඩක් නෑ නේ... මේ යකා කොටයිනේ.. මාළු පෙට්ටියකුත් අරගෙන යන්න වෙනවා යන හැම තැනටම... අනේ අජියෝ විහිළු හොඳේ...

      Delete
    2. කිසි අවුලක් නැහැ. ඔය කතාව මම ලියන්න හිටියේ. කොටනේ බං මොන පපුවක්ද කියල. හැබැයි දැන්නම් මම යන තැන කෙලින්ම කඩ්ඩ දානවා. ඔලුවෙන්ම ටෝක් එක දෙනවා. දේසේ හැටියට බාසේ කිව්වලු.
      වයිෆ් එක්ක යනකොට ගයිඩ් කියල හිතනවා තමයි. තව ස්ටොරියක් තියනව. ඒකත් ලියන්න වෙනවා ඒ කියන්නේ.

      Delete
    3. චෙෆාකි කොහෙද බං මං ගේම ඉල්ලුවේ. ඇතුළට යන් අවසර ඉල්ලුවෙත් ආව කාරණාව කියල.

      Delete
    4. ගෙන්නනව ඕයි පුලුවන් නං කිව්වම ඉතින් ගේම නේන්නන්...😂

      Delete
    5. ඉතින් මචෝ ඒක වෙන්නේ පස්සෙනේ. ඊට කලින් බොහොම යටහත් පහත්ව ආව කාරනේ කියල ඇතුළට යන්න ඒ උත්තමයගෙන් අවසර ඉල්ලපු එකනේ කොලේ. ඌ ඉතින් ඔලුවේ නගින්න ආවහම ගේමට ගේම තමයි හේ හේ

      Delete
  10. කියල වැඩක් නෑ අජිත්.

    මට මතකයි 90 දශකයේ කොළඹ ඔසී එම්බසියේ හිටපු ගෑණු සෙට් එකේ තිබුණු සයිස්. මං සංක්‍රමණය කළාට පස්සේ උන්ට මෙහේ එකක් දෙන්න කියා එම්බසියට ලියා යවන්න හිතුණත් පස්සේ තේරුණා ඒක උන් ගේ ජඩකමට ලැබෙන ශිෂ්‍යත්වයක් වෙන බව.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ උන් එතන වේලෙද්දී ඔයා ඉන්නේ ඔසී . උන්ට ඒක තේරෙනවද මන්ද

      Delete
    2. //මට මතකයි 90 දශකයේ කොළඹ ඔසී එම්බසියේ හිටපු ගෑණු සෙට් එකේ තිබුණු සයිස්//
      ඔතන දැන් කොහොමද දන්නේ නෑ - දැනට අවුරුදු 4-5 කට අර VFS කියල එකකට outsource කරානේ. එතන ඉන්න ගෑනු පිරිමිත් ඔක්කොම එහෙමයි. පුදුම රස්තියාදු කිරිල්ලක් කරා මාවයි මහත්තයයි 2013 දී.
      2014 අම්මලාට මාමගේ මරණ ගෙදර එන්න හදිසියේ වීසා ගන්න ඔතනට ගිහිනුත් එතන ඉන්න සික්කෝ මහා කැත විදියට සලකල තිබුණේ. වයසක මිනිස්සුන්ට වත් කරුණාවෙන් කතා කරන්න දන්නේ නැති තුච්ඡ මිනිස්සු. අන්තිමට මරණෙන් කම්පා වී හිටිය අම්මා එතනම හොඳටම අඬලා තිබුණා.

      Delete
  11. ඕක මොකක්ද බං.... මේ ළඟදි පලාත් අජ්ජාපන කාර්යාලයකට මක්කද කර ගන්න ආපූ බඩින් ඉන්න ගුරුවර්යක් සාරිය ඇඳගෙන ආවෙ නැතෙයි කියලා එලියට දාලා තිබුනා...

    එහෙම අමන ගොන් ගූ වෙසිගේ පුතාලා මහ ළොකු නිළධාරීන් නම් අනෙක් උන් ගැන කුමන කතාද...?

    අනික සික්කා නෙමෙයි, බුකියේ ඉන්න උගත් කියලා හිතාගෙන ඉන්න අමු ගොබ්බයෝ හිතන්නේ ගයිඩ් ජොබ් එක කියන්නෙ හොඉඟන රස්සාවක් කියලා.. ඒ වේසිගේ පුතාලට පුක කහන්න නියපොත්ත නෑ...
    ඒත් සයිට් ගයිඩ්ලා හිටන් හොඳට කාලා බීලා ඇඳලා ඉතරක් නෙමෙයි හුකලත් ඉන්නවා පට්ට ආතල් එකේ..

    කිසිම ජොබ් එකක් පහතුත් නෑ උසසුත් නෑ... ජොබ් ඉස් ජොබ්

    ReplyDelete
    Replies
    1. යකෝ සාරි ඇන්දේ නැත්නම් එලියට දානවා - ඒක පන්සලක්ද ? පිස්සුද බං මුන්ට
      ගයිඩ් ජොබ් එකට පුරාණ කාලේ ආවේ සංවිධානය වෙලා නෙමෙයි. වැල්ලේ හරි ලොකු පන්සලක් ගාව හිටපු ඕන කෙනෙක් හිතුව ඒ ජොබ් එකට යන්න පුළුවන් ලෙහෙසියෙන් කියා. එහෙම ඇවිත් සංචාරකයෝ අමාරුවේ දැම්ම. නමුත් තත්වය පස්සෙන් පහු සෑහෙන්න වෙනස් වුණා. ඕක හරියට පිළිවෙලකට ස්කිල් එකට කරනවා කියන්නේ හොඳ ආදායම් තියනවා කියල මම හොඳටම දන්නවා.
      ඕකට ප්‍රොෆෙෂනල් ගිල්ඩ් එකක් හදනන් ඕනේ මාතලන්. ඒකෙ සාමාජිකත්වය දීලා . අනිත් රැකියව වලට තිබෙනවනේ.

      Delete
    2. උඹට තාමත් ලැජ්ජ නැහැ.
      කොලුවෝ මතක නැද්ද නෙලුන් යායක් හදල පෝර දාල ඔක්කොම කොරල අහක්ක උනාට පස්සේ කොහෙවත් හිටියේ නැති මුදලාලිලා ටිකක් ඒක ලියාගත්ත.
      මාතලමට ඔන්න ඔහේ ඉන්න විදියකට හොඳට කාලා බීලා ඇඳලා ඉතරක් නෙමෙයි හුකලත් පට්ට ආතල් එකේ ඉන්න දීපං. නැත්තං ඌටත් ඔය සින්දුවම තමයි අර ගිල්ඩ් මේ ගිල්ඩ් අරව මේව හදන්න ගියොත් වෙන්නෙත්.

      Delete
    3. මේ අහිංසක කමට හිතෙන ඒවා අප්පා. මේ එංගලන්තේ වගේ රටවල හැම දෙකටම ගිල්ඩ් එකක් තියනවා. එවලින් ඒ රැකියවල තත්වය පාලනය කරනවා. දැන් ගෙවල් හදන බාස් උන්නැහේ ගිල්ඩ් එකේ නැත්නම් අපි ඒ අයව ගන්නේ නැහැ වැඩකට. මොකද වලියකදී, මුදල් ප්‍රශ්නෙකදී ලෙහෙසියි ගිල්ඩ් එකේ කෙනෙක් එක්ක ඩිල් කරන්න . බොයිලර් ඉන්ජිනේරුවෙක්නම් කෝගී රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ . එතකොට දෙගොල්ලටම රක්ෂණයක් තියනව. හොරු නෙමේ එන්නේ. මේ රටවල් හැදිලා තියෙන්නේ එහෙම.

      Delete
    4. අපි රට ඇතුලේ ජොබ් අනුව මිනිස්සු උස්/පහත් කරනවා. තව මම පුද්ගලිකව දන්නවා අපේ ගමේ/රටේ ජාති/කුල බේධ ගොඩයි. හැබැයි ඉතින් ඔය ඔක්කොම මෙහෙ තමයි.

      ඔක්කොම එක්ක පිටරටකට ගිහින් බලන්න ඕන, මොන කුලවන්තයා උනත්, මොන රැකියාව කරන කෙනා උනත් අපේ පාස්පෝට් එකට/දුඹුරු හමට සලකන හැටි.

      Delete
    5. කේස් නේද , ලන්ඩන් හොඳයි. හැම ජාතියම ඉන්නව. මට හැබැයි ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ දුඹුරු හම කියල. මානවික්ස් (මේ නම දැම්මේ රවියා නේද) ලන්ඩන් එන වෙලාවක මේලක් දාන්න.

      Delete
    6. මට මේ පෝස්ට් එක කියවද්දි ටිකාක් හිතුනා අජියා පොඩ්ඩක් උස් පහත් ලීලාවක් දක්වන බව සමාජ සහ රැකියා තත්වයන්ට.. රෙස්පෙක්ට් නොදී රෙස්පෙක්ට් ලබාගන්න අමාරුයි සාමාන්‍යයෙන්..අනික කඩ්ඩ දානව කියන එක දැන් එච්චරම අදාල නෑ මේ සමාජයේ..ඒවා කල් පැන්න ආකල්ප...
      මම නම් කෙනෙකුට දෙයක් දෙනකොට දෑතින් දීමත් නිතරම තැන්කූ කීමත් කරනව..එහෙම උනාම අනිත් මනුස්සයා ඉබේම පලයිට් විදියට රිඇක්ට් කරනවා..හැබැයි ඉතින් පපුව ඉස්සරහට දාගෙන
      තමා එහෙම කරන්න ඕනී...මගේ ඇඟපට්තේ සයිස් එකත් ඉතින් සාධකයක් වෙන්නැති...
      කොහොමත් මචං දැන් ලංකාවේ උස් පහත් බේදය හරි අඩුයි...ඒකට හේතු වෙනම පෝස්ට් එක්ක ඉතින්...!

      Delete
    7. සම්පුර්ණයෙන් ම වැරදි අදහසක් බුවා. මම හැසිරෙන්නේ තනිකර අනිත් පැත්තට. මේක ලන්ඩන් වල ඉඳල තියෙනේ පුරුද්දක් වෙන්න ඇති. මෙහෙ පාටි එකකට ගියොත් කවදාවත් උඹ කොහෙන්ද ආවේ, රස්සාව මොකක්ද , ඉගෙනීම මොකක්ද වගේ ප්‍රශ්න අහන්නෙම නැහැ. නම අහන්නෙත් සිරාම යාළු වෙනවා නම් විතරයි. ඕන එහෙකුට සර් කියනවා. උඹට කෝල් කරන්නේ කවුද කියන එක දාලම නැහැ. ලංකාවේ ඉන්දියාවේ එකෙක් අහු වුනොත් ඉස්සෙල්ලම අහන්නේ රස්සාව මොකද්ද , කොයි ප.*** ඉස්කෝලේද ඉගෙන ගත්තේ වගේ දේ. ප්ලීස් සහ තැන්කියු කියන දෙක මෙහෙ ඇඟෙන්ම එන ඒවා මචෝ. බොරු නම් ප්‍රා ගෙන් අහපන්. ඇවිත් ගිය පොරක්නේ.
      දැන් ලංකාවේ ඒක අඩුනම් හොඳයි. හැබැයි පුතේ ඔය කඩ්ඩෙන් කතා කරොත් ටිකක් සාවධානව කට්ටිය අටෙන්ෂන් එක නම් දෙනවා පුතේ. ඒකනම් නැහැ කියන්න එපා.

      Delete
    8. මට මේ තව කතාවක් මතක් වුණා. මගේ යහළුවෙක් (පොර ඒ දවස් වල එක්සේකටිව් ඉන්ජෙක්) දැන් ඊටත් හෙන ලොකු පොස්ට් එකක්. කියන්න අකැමතියි මම. කිව්වොත් උඹල දැන ගන්නව පොරව. ඉංජ කාලේ මමයි පොරයි ඩ්‍රින්ක් එකක් දාල කන්න ගියා (රජයේ වාහනේ). රියදුරු මහත්තයට කතා කරනවද කියල මම ඇහුව. වෙන මේසෙක කන්න පුලුවන්නේ කියල.. ඌ කිව්වා එපා මචන් කියල. පොර වාහනේ ඉන්න නිසා මම කිව්වා මචන් මම ඩ්‍රින්ක් එක්ක ගිහින් දෙන්නම් කියල. මූ කිව්වා "මේ පිස්සු කෙලින්නේ නැතිව ඉඳ ගනින්. ඕකුන්ට ඔහොම කරන්න ගියොත් ඊළඟ දවසේ මගේ කරේ නගින්න එයි. උඹ මේ එංගලන්තේ ඉඳන් ඇවිල්ල ඊළඟ දවසේ යයි" ඔන්න ඔහොම. ඕක මචන් ලංකාවේ විතරක් තියන තත්වයක්. උඹ දන්නවනේ අපේ බොසා ලට අපි කතා කරන්නේ මුල් නමින් කියල. ඒක එහෙමෙනේ මචන් මෙහෙ. මම කියට වත් හිතන්නේ නැහැ උඹ උඹේ සේවකයන්ට කියයි කියල "මට අතුල කියල කතා කරන්න ළමයි" කියල. ලංකාවේ තියෙන කන්ටෙක්ස්ට් එක ඇතුලෙ ඕක අමාරුයි මචන්. අපට අවුලක් නැහැ.

      Delete
    9. පුලුවන් වෙලාවක අහල බලන්නකෝ මම මගේ ස්ටාෆ් එකට කියල තියෙන්නේ කෝමද මට කථා කරන්න ඕනි කියලා..මම නං හැමෝටම මචං කියල තමා කතා කරන්නේ...ආ ඉවාන්ගෙන් අහන්නකෝ, එයා කියාවි විස්තරේ...👍

      Delete
    10. You are one of these rare breeds. :) ඕක බහුතරය නෙමේ මචං. සුළුතරය. චෙෆාකි වගේ බොස්ල ඇති, නමුත් අඩුවෙන්. බ්ලොග් ලියන , කවි ලියන බොස්ල කි දෙනෙක් දන්නවද කියහන්

      Delete
    11. @Ajith
      //ලංකාවේ තියෙන කන්ටෙක්ස්ට් එක ඇතුලෙ ඕක අමාරුයි //

      එහෙම කතා කරන තැන් තියෙනවා. මම ලංකාවේ වැඩ කරපු IT company එකේ අයිතිකාරයා ආවමත් නිකම්ම නම විතරයි කිව්වේ. ටීම් ලීඩ්, ප්‍රොජෙක්ට් මැනේජර් මේ ඔක්කොටම නිකම්ම නම විතරයි. අඩු ගානේ අයියා අක්කා නංගි මල්ලි පාට් වත් තිබුනේ නැහැ. ඒක මම ගොඩක් කැමති උන දෙයක්.

      Delete
  12. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_46.html

    ReplyDelete
  13. 86/90 කාලයේ නම් එතනට ගියා නිතරම එම්බසියේ නඩත්තු කටයුතු භාරව හිටිය මයර්ස් කියන ජර්මන් ජාතිකයගේ වාහන හදන්න.ඒ කාලයේ නම් හිටියේ හොඳට ඉංග්‍රීසි කතා කරන සික්කෝ.ඔය චෙෆාකිගෙ තියරිය නම් ලංකාවේ භාවිතා කරන්න අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    ReplyDelete
    Replies
    1. පොරට ඉංග්‍රීසි තේරුණා හොඳට මම හිතන්නේ. බිරිඳ කියන දේ හෙම තේරුණා. කතා කරන කොට පොඩ්ඩක් අප්සෙට්. මම එංගලන්තේ ජිවත් වන නිසා එහෙම තේරුනාද දන්නේ නැහැ. චෙෆාකිගෙ තියරිය තමා හරියන්නේ බලාගෙන ගියහම. ඕකට නමක් දාමු චෙෆාකිගෙ තියරිය කියලම.

      Delete
  14. /බටහිර තානාපති කාර්යාලවල මෙවැනි රැකියා වලට ගන්නේ දෙමළ හා මුස්ලිම් අය බවත් ඔවුන් සිංහලයන් කෙරෙහි කටයුතු කරන්නේ ද්වේශයෙන් බවත් විසා වුවත් වැඩිපුර ලැබෙන්නේ ඔවුන්ට බවත්ය ./ ඇත්ත, කොළඹ US කවුන්සිලර් එකේ ඉන්දියන් අය එහෙමයි.

    ReplyDelete
    Replies
    1. අපේ මලයා විසා රිජෙක්ට් කරගන්න හැම වෙලේම කියන දෙයක්. වීසා ලැබෙන ප්‍රතිශතය බලල තමයි කියන්නපුළුවන්.

      Delete
  15. ජර්මන් එම්බසියෙත් එහෙමද? ඇමෙරිකන් එම්බසියෙත් එහෙම්මමනේ.

    දෙදාස් මැද ගණන් වල ඇමරිකන් එම්බසියෙත් හිටියා(තවමත් ඉන්නවද දන්නේ නෑ) සිකුරිටි නෝනලා දෙන්නෙක්. එක්කෙනෙක් කළුයි කෙට්ටුයි, අනිත් එක්කෙනා සුදුයි මහතයි. දෙන්නගේ රැස්පොට් ඇමෙරිකාවේ ජනාධිපතිටත් එහා. තුන් වෙනි පාර එම්බසියට ගිහින් එනකොට මම හිතාගත්තා මේ තමයි අන්තිම පාර මම මේකට එන්නේ කියල. මගේ වාසනාවට ඊට පස්සේ එම්බසියට යන්න උනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියහම ඔය ගොඩක් එම්බසි එහෙමයි වගේ

      Delete
  16. ජර්මන් එම්බසියේ මගේ අත්දැකීමක්. මීට කලකටපෙර යුද්ධය ප්‍රබලව තිබුන කාලේ මා රාජකාරි වැඩකට ජර්මනියට යාමට වීසා අයදුම් පත්‍රය ඉදිරිපත් කලේ අවශ්‍ය සියළු ලිපිලේඛන සමගයි. අයදුම්පත්‍ර භාරගන්නා කව්න්ටරේ සිටි වීසා නිලධාරිය ලාංකික දෙමල අයෙකි. මගේ අයදුම් පත්‍ර බරාගත් ඇය විසා නිකුත්කරන දිනක් සඳහන්කොට එදාට පැමිනෙන ලෙස මාහට දැන්වුවා. මා එදින ගිය විට ඇය කීවේ විසාව ලබාදිමට ඔබ ආයතනයෙන් එම දිනවලට රාජකාරි නිවාඩු අනුමතකොට ඇතිබව සහතික කරන ලිපියක් අවශ්‍ය බවයි. මෙය ඉතාම පුදුම සහගත දෙයක් බවත් එය මාගේ ආයතනය සහ මා අතර ප්‍රශ්ණයක් බවත් මෙවැනි ලිපියක් කිසිම විදේශ තානාපති කාර්යාලයකින් මාගෙන් මිට පෙර ඉල්වා නැතිබවත් අවශ්‍යනම් ෆැකිස් මාර්ගයෙන් එවැනි ලිපියක් එවිය හැකිබව කිවත් ඇය මගේ කිමට එකම නොවුනි. මා ආපසු පැමිණ රාජකාරි නිවාඩු අනුමත කල බවට මාවිසින්ම ලිපියක් සකාසා ආයතන ප්‍රධානියා ලවා අත්සන් කොට මාගේ කාර්යාලසේවකායා අත පසු දින යවා මාගේ ගමන් බල පත්‍රය ලබාගතිමි. අනවශ්‍යලෙස මා අපහසුතාවයටපත් කිරීමක් මෙතන සිදුුවුයේ මා සිංහලයෙක් බැවින්දැයි මට සිතුනි. කෙසේ වෙතත් මා ජාතිවාදයට විරුද්ඳ බව කිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කට්ටිය ඉන්නව කියන එක ඇත්ත. සමහර වෙලාවට 83 සිට ආපු මතකයන් වෙන්නත් පුළුවන්. මට කවදාවත් එංගලන්ත බෝඩර් එකේ ප්‍රශ්න තිවෙලා නැහැ. එක වරක් පමණක් දෙමල කාන්තා නිලධාරිනියක් හිටිය (නමින් අඳුන ගත්තේ) . ගෑණි මගේ පොත බලල ," හාහ් දැන් සිංහලයොත් එංගලන්තේ පදිංචියට ඇවිල්ල නේද , මොන බොරුවක් කියලද ආවේ " මේ කාලේ මගේ ශ්‍රී ලංකා පොත තිබ්බේ. නමුත් වීසා එක්ක.
      මම ඇහුවා "ඔබ දැන් මට ඇතුලට යාමට ඉඩ දීම සඳහා රාජකාරි ප්‍රශ්නයක්ද ඇහුවේ , නැත්නම් මේ ඔබේ ප්‍රකාශනයක්ද ".( බෝඩර් එකේ ප්‍රශ්න දෙකක් තුනක් අහලානේ දාන්නේ.)
      මම අරක කියපු ගමන්, ගෑනි ටිකක් බය වුණා. "මම විහිළුවට වගේ කිව්වේ. " කියල ඇතුළට දැම්මා. මම ඇතුලට යනකොට - හැරිලා සොරි කිව්වා. මට අවශ්‍ය නම් කම්ප්ලේන් එකක් දාන්න තිබුන. ඔන්නොහෙ ගියා. මොනවාහරි ප්‍රශ්නයක් තියන්නේ ඇතිනේ කියල.

      Delete
  17. බොටත් වෙන දේවල් දෙයියම්ප...:)

    ReplyDelete
  18. නීරෝ ස්තුතියි මේ පැත්තේ ආවට. ඔය ඔසී එම්බසියේ කටහ්ව දැන් කිහිප දෙනෙක්ම කිව්වා. මාර වාතයක් නේ මුන්. මේවට විරුද්ධව ඉංග්‍රීසියෙනුත් ලියන්න පටන් ගන්න ඕනේ . අපේ ලංකාවේ තියෙන ශාඛාවේ එහෙමයි කතා කරන්නේ.
    @රවී ඔව්නේ

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .