බුදු රදුන් නිදන ඒ
සන්සුන් වූ පිළිරුව
භාවනා කරමින්ය
උතුම් වූ බුදු ගුණම
නිවන විමසා ලබන්නට නම්
දර පලන්නම්
දිය ගෙනෙන්නම්
අපි
නිවන සිතටම අවබෝධයක් නම්
ඉනික්බිති නැවත නැවතත්
දර පලන්නම්
දිය ගෙනෙන්නම්
රජ වරුන්ගේ සිටු වරුන්ගේ
කහවනු නොමැතිවම
සසරින් එතර වන්නටම
භාවනාවන් කරමින්ම
නෙළුවෙමු ඒ මහා ප්‍රතිමා
අත රැදුණු කහවනුව
කුසගිනි නිවන අහර ටික
දුප්පතුන්ටම දෙමින්
අවකන් රටේදී ඒ
මිසදිටුවන් හිරි හැර
කරන විට මහණුන් ට
සටන් ක්‍රම උගත්තෙමු
බේර ගන්නට උන්ගෙන්
දම් පුරන අප මහ සඟුන්
දන් ටික උනුට බෙදනා
දිළිඳු අප බාමියන් ජනයා
වෙලා තියෙනා වෙලාවට
භාවනාවේ යෙදෙමින්ම
නෙලුවෙමුය ගල් කුලේ
බාමියන් මහා ප්‍රතිමා
දර පලන්නට මෙන්
දිය ගෙනෙන්නට මෙන්
සම්මා සමාධිය වඩා
උතුම්වූ ආලෝකය ලබන්නට
ලක්ෂ දහසක් යොදා ඒ හැදු
ලොව ලොකුම ඒ ශෛල පිළිමේ
හැදුවේ මහා ගලකත් නොවේමය
ඇතුන්ගේ ගල් පුරයේ දී ඒ
කන්නට දෙයක් නැති නිසා
දරුවන් ද කළු ගඟට
විසිකර තමන්ගෙද පන
නසා ගන්නා මව්වරුන්
සිටින්නා වූ රටකමය..........
-මෙය ලියුවේ ඇෆ්ඝනිස්ථානයේ බාමියන් අවට පැතිරුණ සෙන් බුදු දහම හා ඔවුන් සම්මා සමාධිය හා සම්මා සතිය වැඩුවේ සාමාන්‍ය ජිවිතයේ කාර්යයන් වල යෙදෙමින් ම යන්න ඉස්මතු කිරිමටයි. වැඩ කිරීම තුලින් සමාධිය වඩා නිවනට යන්න යනු ඔවුන්ගේ ස්ථාවරයයි.
බුදුන් ගේ ප්‍රතිමා ගල් කුළු වල නෙළුවේ භාවනාවට ආධාරයක් පිණිස බවට මතයක් පවතී.
"For the enlightenment chop wood, carry water. After enlightenment chop wood carry water."
වඩා දැන ගැනීමට මෙතනට යන්න .http://lifehacker.com/four-confusing-zen-quotes-and-what-you-can-learn-from-1676177538
දිළිඳු අප බාමියන් ජනයා ++++++++++++++++++++
ReplyDeleteඇෆ්ඝනිස්ථානයේ බාමියන් පෙදෙසේ ජිවත් වන ජනතාව
Deleteමහා ඛේදවාචකයන් ගොඩක් ඔය ගල් කුලු පිටිපස්සේ හැංගිලා තියෙනවා තමා අජිත් සහෝදරයා
ReplyDeleteහ්ම් ..
Deleteබුදු දහමේ අපිට මිස් වෙලා තියෙනව පැත්තක් නේද මේ අදහස? සෙන් දහම ගැන තව කියවන්න හිතෙනවා.
ReplyDeleteලංකාවේ වැඩි හරියක් ඉන්නේ විවෘත මනසක් තියෙන අය නෙමේනේ. ඉතින් අනිත් දහරාවල් ගැන දැන ගැනීම අවශ්‍ය නැහැ. ලියන එවුන් වත් මරණ කන්නනේ හදන්නේ.
Deleteමමත් හිතන්නේ අපට පුරුදු ථේරවාදයට වඩා අපූර්ව වූ, ගුප්ත වූ, එනමුත් වඩාත් විමුක්තිදායක වූ දර්ශනයක් සෙන් බුදු දහමේ තියෙන බවයි.
Delete(ථේරවාදය පහත් කළා යැයි කිසිවකු නොසිතනු මැනවි)
සෙන් කියන්නේ ගොඩක් භාවනවට සම්බන්ධ දහම. සරල කම ගොඩක් වැදගත්. අනික වැඩ කරන ගමන් , ඇවිදින ගමන් භාවනා කිරීම.
DeleteBamiyan pamanak novee lankawe athi bohomayak gall pilima nela aththe bawana karaminui. ma danna tharamin mata bawana swaminwahansela uganwa athi pariddennam ewa nikanma nikan gal pilima novee, budu guna menehikaramin sowan , akunda gami anagamee addee thathwayanta pathwuu uthum gihiyan wisinma pilima nela athi bawai, ewani de lankawe ugannannathiwa nove ee danuma api soya noyama nisanami api nodanne
Deleteඒක ඇත්ත වෙන්න පුළුවන්.
Deleteවැඩවසම් ක්‍රමයේ වහළුන්ගේ හෝ භාන්ඩාගාරයෙන් ගෙවීම් ළද විදෙස් ශ්‍රමකයින්ගේ දහදිය හා කඳුළු..
ReplyDeleteළොකු වෙන තරමට අපේ අය මාර කැමතියි නේ..
ලොකු වෙන තරමට ඉක්මනට නිවන් යන්න පුළුවන් ඇති බලන අයට.
Delete++++++++++++++++++++++++++++++++
Deleteලෝකේ ප්‍රසිද්ද ගොඩක් ලොකු නිර්මාණ පිටිපස්සේ තියෙන්නේ අහිංසකයන්ගේ ලේ (කදුළු ,දහදිය ) ඊජිප්තු පිරමිඩ හැදෙවුවේ යුදෙවුවෝ ලවා ඒ විදියට නේද කියලා හිතෙනවා,
ReplyDeleteබාමියන් ගැන කවි ටික නම් හරිම අර්ථවත්,, ඒ වගේම මීට පෙර උනන්දුවක් තිබ්බේ නැහැ ලින්ක් එකට ස්තුති
ඊජිප්තු පිරමීඩනම් එකම ජාතියක් විසින් හැදුව කියන්න බෑ. ඒව අවුරුදු දහස් ගනනක් තිස්සෙ වරින් වර විවිධ පාලකයන් විසින් හදපුව. මුල් යුගයෙ පිරමීඩ කුඩයි. පස්සෙන් පහු විශාලයි.ක්‍රමික පරිනාමයක් තියෙන්නෙ. ඊජිප්තු පිරමීඩවල වහල් චිත්‍ර තිබෙනවා. ඔවුන් බොහෝ විට කළුජාතිකයන්.
Deleteස්තුතියි ඔමා. පිරමිඩ හැදුවේ යුදෙව්වගෙන් වෙන්නත් ඇති. වහලුන් නිසානේ මෝසෙස් අරන් ආවේ. නමුත් මම ත් අහල තිබෙනවා අප්රිකානුන් හිටිය කියල.
Deleteමමා මාත් ඒ කතාව අහලා තියෙනවා.. ඒ කවුරු හැදුවත් ඒ හදපු මිනිස්සු සෑහෙන්න දුක් විඳලා තියෙනවා.. කළු ජාතිකයන් සෑහෙන්න ඉන්න මහාද්වීපයක් නේ ඉතින් අප්‍රිකාව.. යුදෙවුවන් අප්‍රිකාවට ගිය කතාව මතක් වෙද්දී මට අපේ රට ගැනත් බයක් හිතෙනවා කවදාහරි මොනා වෙයිද කියලා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහැම ආගමකම ආගමික ස්ථාන හැදුවෙ දුප්පත්තුන්ගෙ දහඩිය ලේ කදුළු වලින්. හැබැයි ඒ වහලුන්ගෙන් පැවත එන වත්මන් ජනය කියන්නෙ අහවල් එක හැදුවෙ අර රජා අනේ ඌ බුදුවෙන්න ඕන කියල. ඔය කියන රජාල අන්තහ්පුර සී මැදුරු කවුලුවෙන් බැලුවෙ හරියට වැඩනොකරන එවුන් කවුද බලන්නයි. ඒ රජා ඇතිකරන සත්තුන්ට ඊලඟ දවසෙ උදේ ආහාරයට.
ReplyDeleteරජා , රදලය, පූජකය ( අපේ ගනරාලලද ඇතුලත්ය ) කියන තුන් ගොල්ලම නීචයො .ජනතා විරෝධී පීඩකයො
පීඩක පීඩිත ප්‍රශ්නය.
Deleteගල් කුලු යට කය්හාව ගල් කුලුවලට වඩා බරයි..
ReplyDeleteහිතට දැනෙන බරද?
Deleteඒ මිනිස්සු ඕවා සතුටින් කලා වෙන්නත් පුලුවන් නේද?
ReplyDeleteකවුද කිව්වේ අසතුටින් කලා කියල? අසතුටින් කරනවයි භාවනාවක් හැටියට කරනවයි කියන්නේ දෙකක්. මෙතන පඩි ගෙවනං කවුරුත් නැහැ. භාවනා කිරීම සඳහා බුදු පිළිමයක් නෙළීම ගැන කියන්නේ.
Deleteකවි ටික ලස්සනයි, අර්ථවත්. ලින්ක් එක දැම්ම එක හොඳයි.
ReplyDeleteස්තුතියි මනා .
Delete//කන්නට දෙයක් නැති නිසා
ReplyDeleteදරුවන් ද කළු ගඟට
විසිකර තමන්ගෙද පන
නසා ගන්නා මව්වරුන්//
මේක තමයි තියෙන ශෝචනීය තත්වය. තමාගෙ ලෙයින් මසින් උපන් දරුවාගෙ දිවි තොර කරන්න තරම් අම්ම කෙනෙකුට නපුරු වෙන්න පුලුවන්ද...? සමහර විට ලෝකයෙන් අපවාද එල්ලවේයැයි බියෙන් කරනවා වෙන්නත් පුලුවන්... ඒත් එහෙම කරන්නෙ නැතුව දරුවා සසුනට පූජ කලා නම්... එහෙමත් බැරිනම් ළමා නිවාසයකටවත් දුන්නා නම්....
අම්මා කෙනෙකු ඒ තත්වයට පත් කරන තත්වයක් කිව්වොත්? සසුනට , ළමා නිවාසයකට දීල තමන් නැති තැනක දරුවට විදින්නට වෙන දුක් ගැහැට ගැන සිතුවා වෙන්නට පුළුවන්? මේ ප්‍රශ්නය ඉන් ඇතුලට ගොස් විමදක් ගැඹුරින් විමසිය යුතු එකක් නෙමේද?
DeleteThis comment has been removed by the author.
ReplyDelete//මෙය ලියුවේ ඇෆ්ඝනිස්ථානයේ බාමියන් අවට පැතිරුණ සෙන් බුදු දහම //
ReplyDeleteඒ අවට තිබුනේ චීනෙ සෙන් බුද්ධාගමද?ඒ කියන්නෙ කුෂාන් අධිරාජ්‍යයයේ / Indo-Greek රටවල තිබුනේ මහායානද? මිලින්ද (Menander) රජුගේ ප්‍රශ්නය ආදිය මහායානබුද්ධාගමට අයිතිද? I'm a bit confused Ajith. Didn't have time to check properly other than Wikipedia and couldn't unravel this.
ඒකනෙමෙයි රැස්වෙහෙර හා අවුකන දෙකම බලල තියනවද? සමානකම් හා වෙනස්කම්? මං එකදවසක් ඒ සඳහාම ගියා. රැස්වෙහෙර ලොකේශන් එක අවුකනට වඩා හොඳයි ( imposing ) ඒත් ශිල්පීය දක්ශතාවය පෙන්වීම හා කලාත්මක බව අඩුයි. සමහරු කියනවා නෙලපු ගලේ ස්වාභාවය (නෙලීමට පහසු / අපහසු ) නිසා කියල (ලොකේශන් එකේ හොඳ කමට ගලේ නුසුදුසුබව නොසලකා රැස්වෙහෙර කලයි කියල) සමහරු කියනව ශිල්පීය හැකියාව (ගුරු/ගෝල ලෙජන්ඩ් එකකුත් තියනව) කියල.
Numerous Buddhist monks were sent out, including Bodhidharma the founder of Zen Buddhism in China and legendary founder of Shaolin Kung Fu, Lokaksema (c. 178 CE), who travelled to the Chinese capital of Loyang and was the first translator of Mahayana Buddhist scriptures into Chinese,[1] and Mahadharmaraksita who, according to the Mahavamsa (Chap. XXIX[2]), led 30,000 Buddhist monks from "the Greek city of Alasandra" (Alexandria of the Caucasus, around 150 km north of today's Kabul in Afghanistan), to Sri Lanka for the dedication of the Great Stupa in Anuradhapura. The Greco-Bactrian King Menander I, (Pali) "Milinda," ruled (165 BC - 135 BC) was a renowned patron of Buddhism immortalized in the Buddhist text the Milinda Panha.
ReplyDeleteමන් අහල තිබෙන දෙයක්.
Deleteඅපිත් තාම නෙළනව
ReplyDeleteඑක එක පිළිරූ
මනාපෙන් මනාපය එකතු කරලා
අන්තිමට ඒ පිළිරූම
කඩා වැටෙනවා අපේ හිස් මත
මහා හෙන ගෙඩි වගේ..
ඔය දීලා තියෙන්නේ කවියෙන්ම.
Deleteකෝ අර සිංදු ඇනෝ?? උන්ද කියන සිංදුවක් මෙතන දාන්නම්
ReplyDeleteමෙතරම් සියුමැලිද - සුනිල් එදිරිසිංහ
https://www.youtube.com/watch?v=aytHrXOAMDY
සින්දු ඇනෝ දැන් මාත් එක්ක වලිද කොහෙද ? පැත්ත පළාතේ දැක්කේ නැහැ. සින්දුව ලස්සනයි සජ්ජා . ස්තුතියි.
Deleteලොකු උනා කියල ඇති වැඩේ මොකක්ද? අන්තිමට වටින්නෙ පුරාවිද්‍යාවට විතරයි.
ReplyDeleteනිවන් යන්නේ නැතිද ?
Delete