තව පැත්තකින් බැලුවොත් ග්‍රීසියේ දේශපාලන තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වුනා කියල කිව්ව හැකි.
කිසියම් අංශයන්හි අරගල තිබුනත් බොහොමයක් සමාජීය ව්‍යාපාරවල පසු බැස්මක් තිබුන වගේම උදාසීන භාවයක් පැතිරෙමින් තිබුණා.
නමුත් 2012 න් පස්සේ රටේ (ග්‍රීසියේ) සමස්ත තත්වය වෙනස් වුණා. සමාජීය විරෝධතා ව්‍යාපාර වලට මිනිසුන්ගේ මැදිහත් වීම අඩු වෙද්දී සිරසා එවකට බලවත්ව පැවති නැඹුරුව (trend) ට හැඩ ගැහුණා.
මෙතන පේන කියන්න අමාරුයි. ඔබ අදහස් කරන්නේ "ජනප්‍රිය පෙරමුණ " (Popular Front government) ගැන, නමුත් සමාජ ව්‍යාපාරවල් "ජනප්‍රිය පෙරමුණ" ආණ්ඩුවෙන් කල ඉල්ලීම් ඉතාමත් වෙනස් ඒවා. ඒවගේම "ජනප්‍රිය පෙරමුණ" ට තිබුනේ ඉතා සීමිත වැඩ සටහනක්. මේ නිසා ජයග්‍රහණ, අත් පත් කර ගැනීම් සහ අනිකුත් "ජනප්‍රිය පෙරමුනේ" ජය ක්ෂණයකින්ම පැමිණියේ බහු ජනතා ව්‍යාපාරයේ පීඩනය නිසා.
මෙයින් අරගලයට අවශ්‍ය අවකාශය මුදා හැරෙනවා පමණක් නොවේ, ඉතාමත්ශෝචනීය තත්වයක ඇති ග්‍රීසියේ වෘත්තීය සමිති ව්‍යාපාරය ගොඩ නැංවීමටත් හැකි වෙනවා.
නමුත් අමාත්‍යංශ ප්‍රශ්නය සහ රජයේ භූමිකාවක් රඟ දැක්වීම තුල පොදු ක්‍රියාමාර්ගයක් නැහැ නේද? වෙලාව පැමිණිය විට ජනතාව තීරණය කරයිද?
නැහැ. කොහෙත්ම නැහැ. "වාමාංශික වේදිකාව" රජයට සම්බන්ධ වීමේ තත්වයන් තීරණය වෙන්නේ රජයේ උපායත්මක තෝරාගැනීම් මොනවාද යන්න මත බව ඉතාමත් පැහැදිලයි. මේ ප්‍රශ්නයට ඔවුන් මුහුණ දෙන්නේ එලෙස මිසක් වෙන විධිහකට නොවෙයි.
නමුත් සමස්තයක් වශයෙන් අපේ ක්‍රියාමාර්ගය මෙයයි: අපි සිරිසාහි නිරපේක්ෂ මුලික පොරොන්දු වලට අනුගත වී සිටීම.
වර්තමාන වැඩ පිළිවෙලද 2012 වැඩ පිළිවෙලද?
මම අදහස් කලේ වර්තමාන වැඩ පිළිවෙල ගැන. අඩුම ගණනේ ඉතාමත්ම අවම වැඩ පිළිවෙල ඉදිරිපත් කල තෙසලොනිකි සම්මේලනයේ සිට සිප්‍රස් විසින් යාවත්කාලීන කල වැඩ පිළිවෙලට වත් ඇලී සිටීම ලොකු ගැටීමක් ඇතිවෙන තැනට යාමක්. ඒ කියන්නේ උනන්දු සහගත ජනප්‍රිය ව්‍යාපාරයන් ගේ කැඳවීම් වල සහයෝගය ලැබීම, සමස්ත ක්‍රියාවලිය තුල පක්ෂයේ සහ අනිකුත් සමාජ හා දේශපාලන ආයතනයන් කැඳවා සංවිධානය කිරීම, යන්නයි.
ඔබ හොඳින්ම දන්නවා අප දන්නා පැරණි මෙහෙයවීම තමා කම්කරු, ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යංශ වමට දී ප්‍රධාන හා වැදගත් අමාත්‍යංශ පක්ෂයේ දක්ෂිනංශය අතට ගැනීම කියල ..........
ඔව්. නමුත් මෙය නොවේ දැන් තිබෙන අනතුර. අනතුර තමා දැන් ඔවුන් මෙය නොකිරීමයි. ඔවුන් උපායමාර්ගික වශයෙන් වැදගත් අමාත්‍යංශ පුදනවා දේශපාලන ක්‍රියාමාර්ගය පැහැදිලි නොකර. එතකොට වෙන්නේ අපේ අත් මුල සිටම බැඳලා තබන එකයි. එසේම මා හිතන විධිහට වැදගත් ම දේ තමා අභ්‍යන්තර වශයෙන් හා යුරෝපා සංගමය හා යුරෝපීය බලයන් සමග ඇති ගැටුම හා එම අභියෝගය එලෙසින්ම පවත්වා ගෙන යෑමේ වගකීම ගැනීම. අප ඒ දිසාවට ගමන් කලොත්, වඩා පළල් ලෙස සිරිසා තුල සහ ග්‍රීක වම තුල ඉතාමත් බරපතල පැහැදිලි කර ගැනීමකින් තොරව මේ සටන ජය ගන්න බැහැ.
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 1
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 2
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 3
මතු සම්බන්ධයි.
පරිවර්තනය - අජිත් ධර්මකීර්ති
kadima sanwaadayak nAwatha pasuwa kiyawannam
ReplyDeleteමේ... ඔයා මොකද අපිට ලනු දෙන්නෙ?
Deleteමද්ධෝ 18 ප්ලස් එකක් ලියන හිටහන් ලනු කන්නේ නැතුව.
Deleteස්තුතියි මේ පැත්තේ කරක් ගැහුවාට.
ReplyDeleteඅමාත්‍යංශ බාර දීමේදී වඩාත්ම ගැහිලි සහිත ඒවා තමන් යටතේද, ඊ ළඟ ගැහිලි සහිත ඒවා තම සමීපතයන්ටද අවටියල් සියල්ල තමන්ට අවටියල් අයට දීමද දේශපාලන න්‍යායකි.
ReplyDeleteඅවටියල් කියන්නේ මොකක්ද? ඕක දේශපාලන න්‍යායක් නෙමේනේ. ප්‍රයෝගික දේශපාලනය.
Deleteදේශපාලනඥයන්ටත් කියවන්න වටිනා ලියැවිල්ලක් අජිත් අයියා.....
ReplyDeleteඅපි කියවල නිකන් ඉමු මල්ලි.
Deleteකියෙව්ව අජිත් අයියෙ.. ඇයි අනේ අපිට මෙහෙම කරන්නෙ? වෙන මොකද්ද ඉතිං මගේ මොංගල් කම මිසක්..
ReplyDeleteමලේ මගේ බ්ලොග් ලිපි ලියන්නේ කණ්ඩායමක් ටාගට් කරලා. දැන් දුර දක්නා ගැන කතා කරන කොට එකට කැමති අය ඉන්නවා. ඒක මගේ විනෝදාංශයක්. එතකොට තාරකා විද්‍යාව හැමෝටම අල්ලන්නේ නැහැ. ජිජක් ව හැමෝටම දිරවන්නේ නැහැ. මේකත් එහෙමයි. මේ වගේ ලිපි කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නව. ඔයාට නිදහස තිබෙනේව තෝරා ගැනීම කරන්න.
Deleteබලලා සද්ද නැතිව යන එක මගෙ පුරුද්ද නෙවෙයි අජිත් අයියා...
Deleteසජ්ජා එහෙම නිකම් යන්න එපා
Deleteමං නම් නොදන්නාකම හොඳට ප්‍රදර්ශනය කරල යන්නෙ.
මං මේ කල්පනාකලේ අජිත්ගේ ලිපිද බස්සිගේ කවිද වඩා හොඳ කියල
දෙකම හොඳයි කිව්වා නම් හරි. ජාම බේරෙනවා. සජ්ජ මන් දන්නවා මගේ සිංහල එච්චර හරි නැහැ කියල පරිවර්තනයේදී . උත්සහ කරනව හදා ගන්න.
Deleteසිරිසා මධ්‍යම කාරක සභිකාවක් නව යුරෝපිය වම සහ එහි ශක්‍යතා ගැන වියානා නුවර දී කරන අදහස් දැක්වීමක් https://www.youtube.com/watch?v=h1QL8DAkeD8
ReplyDeleteස්තුතියි ලින්ක් එකට.
Delete