Thursday 14 May 2015

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 4

නායකයන් විසින් නොයෙකුත් විරෝධතා ව්‍යාපාරවලට සහභාගී වීම මගින් හා වෘත්තීය සමිති   සමග සංවාදයක් තබා ගැනීම මගින් සිප්‍රස් සහ අනිකුත් සමහර නායකයන් තමන් කුමන ආකාරයක දේශපාලන සහ සාමාජික දැක්මක් ආරක්ෂා කරන්නේද යන්න දැඩි ලෙස පෙන්වා දුන්නා . පසුගිය කාලයේ අප එවැන්නක් දැක තිබුනේ නැති තරම්.
තව පැත්තකින් බැලුවොත් ග්‍රීසියේ දේශපාලන තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වුනා කියල කිව්ව හැකි.
කිසියම් අංශයන්හි අරගල තිබුනත් බොහොමයක් සමාජීය ව්‍යාපාරවල පසු බැස්මක් තිබුන වගේම උදාසීන භාවයක් පැතිරෙමින් තිබුණා.
නමුත් 2012 න් පස්සේ රටේ (ග්‍රීසියේ) සමස්ත තත්වය වෙනස් වුණා.  සමාජීය විරෝධතා ව්‍යාපාර වලට මිනිසුන්ගේ මැදිහත් වීම අඩු වෙද්දී සිරසා එවකට බලවත්ව පැවති නැඹුරුව (trend) ට හැඩ ගැහුණා.

එතකොට "වාමාංශික වේදිකාවේ " ආකෘතිය හැටියට ගන්නේ, වාමාංශික ආණ්ඩුවක් ලිවරය හැටියට තබා ගෙන පිටතින් සිට ජනතාව  පන්ති අරගලයට හා සමාජ ව්‍යාපාර වලට ගොනු කිරීමේ උපාය මාර්ගයට , සහ ඉන් පසු ආණ්ඩුවට පීඩනයක් එල්ල කිරීම වගේ ප්‍රංශයේ ජනප්‍රිය (ජනතාවාදී )පෙරමුණ (Popular Front) අනුගමනය කිරීමක්ද ? ඒ කියන්නේ එක පාදයක් ඇතුලේ අනිත් පාදය  එලියේ?

මෙතන පේන  කියන්න අමාරුයි. ඔබ අදහස් කරන්නේ "ජනප්‍රිය පෙරමුණ " (Popular Front government) ගැන, නමුත් සමාජ ව්‍යාපාරවල් "ජනප්‍රිය පෙරමුණ" ආණ්ඩුවෙන් කල ඉල්ලීම් ඉතාමත් වෙනස්  ඒවා. ඒවගේම "ජනප්‍රිය පෙරමුණ" ට තිබුනේ ඉතා සීමිත වැඩ සටහනක්. මේ නිසා ජයග්‍රහණ, අත්  පත් කර ගැනීම් සහ අනිකුත් "ජනප්‍රිය පෙරමුනේ" ජය ක්ෂණයකින්ම පැමිණියේ බහු ජනතා ව්‍යාපාරයේ පීඩනය නිසා. 

අප සිරිසා අර ගත්තොත් අපට පේනවා පසුගිය කාලේ  තිබුණු උදාසීන බැවින් ගැලවිලා සමාජ ව්‍යාපාර බල ගැන්වීමට සිරිසා  ලද ජයග්‍රහණය උත්ප්‍රේරකයක් වුණා  කියල. හැබැයි එසේම සිරිසා එම සාමාජිය ක්‍රියාවලින්ට විවෘත වීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත්ත  කියල අමතක කරන්න නරකයි.  වඩාත්ම වැදගත් ප්‍රශ්නය කියල මට සිතෙන්නේ අවම වැටුප,  අපි  පක්ෂ එකතුවේ ලියවිල්ල අත්සන් කරන්න කලින් තිබ්බ ප්‍රමාණයටම  අරන් යමු කියන යෝජනාව. ඊටත් වඩා  වැදගත් යෝජනාව වුනේ, පසුගිය වසර හතරේ ඉවත දැමුණු  සමස්ත සාමුහික ගිවිසුම් පද්ධතිය සහ කම්කරු නීති නැවත ස්ථාපිත කිරීමයි.
මෙයින්  අරගලයට අවශ්‍ය අවකාශය මුදා හැරෙනවා   පමණක් නොවේ, ඉතාමත්ශෝචනීය තත්වයක ඇති ග්‍රීසියේ වෘත්තීය සමිති ව්‍යාපාරය ගොඩ නැංවීමටත් හැකි වෙනවා.

නමුත් අමාත්‍යංශ ප්‍රශ්නය සහ රජයේ භූමිකාවක් රඟ  දැක්වීම තුල පොදු ක්‍රියාමාර්ගයක් නැහැ නේද? වෙලාව පැමිණිය විට ජනතාව තීරණය කරයිද? 

නැහැ. කොහෙත්ම නැහැ.  "වාමාංශික වේදිකාව"  රජයට සම්බන්ධ වීමේ තත්වයන් තීරණය වෙන්නේ රජයේ උපායත්මක තෝරාගැනීම් මොනවාද යන්න මත බව ඉතාමත් පැහැදිලයි.  මේ ප්‍රශ්නයට ඔවුන් මුහුණ දෙන්නේ එලෙස මිසක් වෙන විධිහකට නොවෙයි. 

අනික මා  සිතන්නේ මේක තමා මාපකය, අනිත් අයගේ දේශපාලනය සහ අප අතර වෙනස: අපි අමාත්‍යාංශ පිබඳ ප්‍රශ්නය මුලික කර ගන්නේ නැහැ, අපි මුල් කරගන්නේ ක්‍රියා මාර්ගය මොකක්ද යන්න, වැඩ පිළිවෙල කුමක්ද යන්න, හැමදෙයක්ම තීරණය වන ක්ෂණික ප්‍රධාන උපායමාර්ග මොනවාද කියන එක. ඉතින් හැම දේම තීරණය වන්නේ මොන ක්‍රියාමාර්ගයද වැඩි දුර රඳා  පවතින්නේ  කියන එක මත. ඉතමත් මෘදු ලෙස කියනවනම් සිරසා එකේ වැඩ පිළිවෙලේ බොහොමයක් දේවල් නිරාකරණය කර ගත  යුතුව තිබෙනවා.
නමුත් සමස්තයක් වශයෙන් අපේ ක්‍රියාමාර්ගය මෙයයි: අපි සිරිසාහි නිරපේක්ෂ මුලික පොරොන්දු වලට අනුගත වී සිටීම.

වර්තමාන වැඩ පිළිවෙලද 2012 වැඩ පිළිවෙලද? 

මම අදහස් කලේ වර්තමාන වැඩ පිළිවෙල ගැන. අඩුම ගණනේ ඉතාමත්ම අවම වැඩ පිළිවෙල ඉදිරිපත් කල තෙසලොනිකි සම්මේලනයේ සිට සිප්‍රස් විසින් යාවත්කාලීන කල වැඩ පිළිවෙලට  වත් ඇලී සිටීම ලොකු ගැටීමක් ඇතිවෙන තැනට යාමක්.  ඒ කියන්නේ උනන්දු සහගත  ජනප්‍රිය  ව්‍යාපාරයන් ගේ කැඳවීම්  වල සහයෝගය ලැබීම, සමස්ත ක්‍රියාවලිය තුල පක්ෂයේ සහ අනිකුත් සමාජ හා දේශපාලන ආයතනයන් කැඳවා සංවිධානය කිරීම, යන්නයි.

මා සිතන්නේ වාමාංශික වේදිකාවේ කාර්ය භාරය මෙයයි: ක්‍රියාත්මක වීමට (මෙන්ම) , රාජ්‍යය මට්ටම  හා සමාජ මට්ටම (level) අතර ඇතිවීමට නියමිත දයලේක්තික ක්‍රියාවලියේ උත්ප්‍රේරකයක් වීමට. මෙය හොඳින් කෙරුනොත් "වාමාංශික වේදිකාවේ " ඓතිහාසික කාර්යභාරය වන්නේ එයයි. රජයේ මට්ටමෙන් සිදුවන්නේ කුමක්ද හා මුලික ජනතා ව්‍යාපාර මට්ටමේ සිදුවන්නේ කුමක්ද කියන තලයන්  දෙක අතර විශාල පරාසයක් නිර්මාණය වීමට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ශක්තිජනක උත්ප්‍රේරකයක් වශයෙන් අපට පක්ෂය තුල වඩා සංගත පැහැදිලි බලයක් තිබෙනවා.

ඔබ හොඳින්ම දන්නවා අප දන්නා පැරණි මෙහෙයවීම තමා  කම්කරු,  ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යංශ වමට දී ප්‍රධාන හා වැදගත් අමාත්‍යංශ පක්ෂයේ දක්ෂිනංශය අතට ගැනීම කියල ..........

ඔව්. නමුත් මෙය නොවේ දැන් තිබෙන අනතුර. අනතුර තමා  දැන් ඔවුන් මෙය නොකිරීමයි. ඔවුන් උපායමාර්ගික වශයෙන් වැදගත් අමාත්‍යංශ පුදනවා දේශපාලන ක්‍රියාමාර්ගය පැහැදිලි නොකර. එතකොට වෙන්නේ අපේ අත් මුල සිටම බැඳලා තබන එකයි. එසේම මා හිතන විධිහට වැදගත් ම දේ තමා අභ්‍යන්තර වශයෙන් හා යුරෝපා සංගමය හා යුරෝපීය  බලයන් සමග ඇති ගැටුම හා  එම අභියෝගය එලෙසින්ම පවත්වා ගෙන යෑමේ වගකීම ගැනීම. අප ඒ දිසාවට ගමන් කලොත්, වඩා  පළල්  ලෙස සිරිසා තුල සහ ග්‍රීක වම තුල ඉතාමත්  බරපතල පැහැදිලි කර ගැනීමකින් තොරව මේ සටන ජය ගන්න බැහැ.

මගේ බලාපොරොත්තුව තමා (මන් හිතනවා මෙය ප්‍රායෝගිකයි කියල) මේ වගේ දෘෂ්ටිකෝණයක් ඇති කර ගත් නිසා සිරිසා ගෙන් පිටත සිටින බලවේග නැවත තම එල්ලයන් වෙනස් කර ගනීවි කියල. ඒ වගේම දැනට සිරිසා දෙස  සැකයෙන් බලමින් පසුබටවී සිටින කණ්ඩායම්,  මෙවැනි සන්ධිස්ථානයකදී වඩා තීරණාත්මක ප්‍රවේශයක් ගනීවි යන්න. අන්න එතකොට අපට එක්සත් පෙරමුණක් හැදේවි.


සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 1
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 2
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 3

මතු සම්බන්ධයි.
පරිවර්තනය - අජිත් ධර්මකීර්ති  

15 comments:

  1. kadima sanwaadayak nAwatha pasuwa kiyawannam

    ReplyDelete
    Replies
    1. මේ... ඔයා මොකද අපිට ලනු දෙන්නෙ?

      Delete
    2. මද්ධෝ 18 ප්ලස් එකක් ලියන හිටහන් ලනු කන්නේ නැතුව.

      Delete
  2. ස්තුතියි මේ පැත්තේ කරක් ගැහුවාට.

    ReplyDelete
  3. අමාත්‍යංශ බාර දීමේදී වඩාත්ම ගැහිලි සහිත ඒවා තමන් යටතේද, ඊ ළඟ ගැහිලි සහිත ඒවා තම සමීපතයන්ටද අවටියල් සියල්ල තමන්ට අවටියල් අයට දීමද දේශපාලන න්‍යායකි.

    ReplyDelete
    Replies
    1. අවටියල් කියන්නේ මොකක්ද? ඕක දේශපාලන න්‍යායක් නෙමේනේ. ප්‍රයෝගික දේශපාලනය.

      Delete
  4. දේශපාලනඥයන්ටත් කියවන්න වටිනා ලියැවිල්ලක් අජිත් අයියා.....

    ReplyDelete
    Replies
    1. අපි කියවල නිකන් ඉමු මල්ලි.

      Delete
  5. කියෙව්ව අජිත් අයියෙ.. ඇයි අනේ අපිට මෙහෙම කරන්නෙ? වෙන මොකද්ද ඉතිං මගේ මොංගල් කම මිසක්..

    ReplyDelete
    Replies
    1. මලේ මගේ බ්ලොග් ලිපි ලියන්නේ කණ්ඩායමක් ටාගට් කරලා. දැන් දුර දක්නා ගැන කතා කරන කොට එකට කැමති අය ඉන්නවා. ඒක මගේ විනෝදාංශයක්. එතකොට තාරකා විද්‍යාව හැමෝටම අල්ලන්නේ නැහැ. ජිජක් ව හැමෝටම දිරවන්නේ නැහැ. මේකත් එහෙමයි. මේ වගේ ලිපි කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නව. ඔයාට නිදහස තිබෙනේව තෝරා ගැනීම කරන්න.

      Delete
    2. බලලා සද්ද නැතිව යන එක මගෙ පුරුද්ද නෙවෙයි අජිත් අයියා...

      Delete
    3. සජ්ජා එහෙම නිකම් යන්න එපා
      මං නම් නොදන්නාකම හොඳට ප්‍රදර්ශනය කරල යන්නෙ.
      මං මේ කල්පනාකලේ අජිත්ගේ ලිපිද බස්සිගේ කවිද වඩා හොඳ කියල

      Delete
    4. දෙකම හොඳයි කිව්වා නම් හරි. ජාම බේරෙනවා. සජ්ජ මන් දන්නවා මගේ සිංහල එච්චර හරි නැහැ කියල පරිවර්තනයේදී . උත්සහ කරනව හදා ගන්න.

      Delete
  6. සිරිසා මධ්‍යම කාරක සභිකාවක් නව යුරෝපිය වම සහ එහි ශක්‍යතා ගැන වියානා නුවර දී කරන අදහස් දැක්වීමක් https://www.youtube.com/watch?v=h1QL8DAkeD8

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලින්ක් එකට.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .