Sunday 3 January 2016

බ්ලොග් කරුවන්ගේ ආගමනයන් හා නික්ම යාම්

පසුගිය නත්තල් කාලය ජර්මනියේ ගත කල බැවින් කලින් ලිපියේ ලියු පරිදි වැඩි පුර බ්ලොග් කියවීමට කාලයක් නොවුනි. ඒ කාලයේ තමන්ට හැකි පරිදි මා වෙනුවෙන් කාලය වැය කරමින් නෙලුම් යාය වෙබ් අඩවියේ බ්ලොග් කරුවන් ගේ ලිපි පල කල කල්‍යාණ මිත්‍රට ස්තුති කරමි. අලුත් අවුරුද්ද ආරම්භයේ දීම දුටුවේ ගිය වසරේ අපගේ බ්ලොග් සම්මාන උළෙලේ ප්‍රධාන අමුත්තා වූ නියෝජ්‍ය ජන මාධ්‍ය ඇමති පරණවිතාන මහතා තමන්ගේ බ්ලොගයේ ලිපියක් පල කරමින් පුස් බැඳ තිබුණු සතර දිගන්තය බ්ලොගය නැවත යාවත්කාලීන කිරීමයි. ඔහුගේ ආගමනය අපට ද ධෛර්යයකි.

අප ගියවර බ්ලොග් සම්මාන දීමට කටයුතු කරන අවස්ථාවේ එක ප්‍රසිද්ධ නීතිඥවරයෙකු කීවේ බ්ලොග් යනු කාලය කා දමන්නට කරන හොබියක් පමණක් බවත් ඒවායේ ඇත්තේ කුණු කන්දල් පමණක් බවත්ය. අපට උදව් කිරීමට අවශ්‍ය නම් සැබෑ වෙබ් ජන මාධ්‍යවේදීන්ට උදව් කරන ලෙසත්ය. ඔහු ඔවුන් වෙනුවෙන් පුහුණුවක්ද ආරම්භ කරන බව පැවසුවේය. ඔහු ආරම්භ කළ පුහුණුවක් අදටත් නැත. මම ඔහුට කිවේ බ්ලොග් යනු තවත් එක් සන්නිවේදන මාධ්‍යක් බවත් එය ලියන්නා අනුව වෙනස් විය හැකි දෙයක් (එනම් විනෝදාත්මක ලෙස, දැනුම සැපයීමට, තමන්ගේ ස්ව නිර්මාණ ඉදිරිපත් කිරීමට වැනි) බවත් බොහෝ රටවල ජන මාධ්‍ය භාවිතයේ බ්ලොග යනු ඉතා ප්‍රබල අංගයක් බවත්ය. ගාඩියන් පුවත් පතේ බොහෝ ප්‍රසිද්ධ ජන මාධ්‍යවේදීන් මුලින් ම ලියන්නේ තමන් ගේ බ්ලොගයේය.

මම නිර්නාමික නම් වලින් ලිවීම අත්හැර කොළඹ ගමයා බ්ලොගය මගේ සැබෑ නමින්ම ආරම්භ කලේ කිසියම් හේතු කිපයකටය. මුල් කාලයේ මා සමග සංවාද කල එක අයෙකු වුයේ යකා ය. ඔහු සමග ගිය සංවාදයක් මෙහි ඇත. පසුව ඔහු යකා නොව මධ්‍යස්ථ මතධාරියා විය. ඉතින් එවැන්නෙකු ගේ නික්ම යාම කණගාටුදායකය.

මධ්‍යස්ථ මතධාරියා ලියු අවසන් ලිපියේ ඇතැම් තැන්වල මා ආරම්භ කල දේ සඳහා විවේචනයක් තිබේ යයි සිතෙන නිසා එයට පිළිතුරු දීමක් කරමි. එය එසේ නොවේ නම් ඔහුට පැමිණ ඒ ගැන පැහැදිලි කල හැකිය. කවුරුන් හෝ නිදහස් අදහස් ඉදිරිපත් කරන විට වට කරගෙන පහර දෙයි නම් ඔහුට කල යුතුව තිබුනේ කොමෙන්ට් වසා දැමීම හෝ පාලනය කිරීමයි. ඒවා පල කිරීමට අවශ්‍ය නැත.

නෙලුම් යාය විසින් කඳුකරයේ පාසැල් වල දරුවන්ට පොත් පත් හා උපකරණ ප්‍රමාණයක් බෙදා දුන්නෙමු. කල්‍යාණ මිත්‍ර, කටුසු හදවත, රූපේ වැනි බ්ලොග් කරුවන් හා වෙබ් මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් මිට සහභාගී වුනි. බ්ලොග් කරුවන් දෙදෙනෙක් (පැතුම් හා ඉවාන්) මුදලින් දායක වුනි. මධ්‍යස්තයා කියන්නේ මේවා අණබෙර ගසා නොකළ යුතු බවකි. මෙය අපට චෝදනාවක් දැයි නොදනිමි. ලංකාවේ එසේ කල හැකිද? ජනතාවගේ මුදල් වලින් දේශපාලකයන් ආධාර දී පත්තර වල දා ගන්නා රටක? මමත් මගේ යහළුවන් පිරිසකුත් චැරිටියක් පිහිටුවා සුනාමියෙන් අසරණ වූ ළමුන්ට උදව් කළෙමු. මෙවැනිම සපත්තු, පොත් බෙදා දීම් ආදිය කළෙමු. ඒ 2004 සිටය. මේවා පත්තර වල දැම්මේ නැත (වෙබ් අඩවිය) .

නමුත් අපි එසේ කල දේවල් වරක් එක්තරා ඇමෙරිකානු චැරිටි පදනමක් තමන් කල දේ යයි පවසා තම වෙබ් අඩවි වල දමා අමෙරිකානුන්ගෙන් තවත් ඒ දේ කරන්නට ආධාර ඉල්ලා තිබුණි. පසුව සොයා බලන විට අප කල ඒ දේවල ඡායාරූප ආදිය ඔවුන්ට දී තිබුනේ ඒවාට සහභාගී වුනු රජයේ නිලධාරියෙකි. මවිසින් විරෝධය පල කල පසු ඔවුහු ඒවා ඉවත් කලත් සමාවක් නම් ඉල්ලුවේ නැත. අනුන් ගේ වැඩ තමන් ගේ යයි කියමින් එසේ වංචා කළ හැකි වුයේ අප ඒවා ප්‍රසිද්ධ නොකළ බැවිනි. වරක් අප විසින් යුදයෙන් ආබාධිත වූ භටයන්ට සහය උපකරණ යැව්වෙමු. ඒවා බෙදා දුන්නේ උසස් නිලධාරියෙකු ගේ බිරියකි. ඔවුන් අපේ පදනමේ නමවත් සඳහන් කලේ නැති අතර භටයන්ට හැඟවුයේ ඒවා උසස් නිලධාරියා ගෙන් බවය. ඒ නිසා ආධාර දෙද්දී ඒ ගැන විස්තරයක් පල කල යුතු බව සිතමි. නැත්නම් අපට උදව් කරන අය අප කිසිවක් නොකළා යයි සිතන්නටද ඉඩ ඇත.

කඳුකරයේ පාසල් පොත් බෙදා දීමේදී සංවිධාන ක්‍රමයේ ප්‍රශ්න කීපයක් ම ඇති වුනි. ඒ නිසා අප ගිය මාසයේ කුරු ගෑ ගී පවුර බ්ලොගය විසින් සංවිධානය කළ එවන් අවහිරතා ඇති ළමුන්ට පාසල් උපකරණ බෙදා දීමට දායක වුනෙමු. එය මුළුමනින්ම සංවිධානය කලේ හා මුලිකත්වය ගත්තේද ඔවුන්ය. දැන් ඒ අනුසාරයෙන්ම තවත් බ්ලොග්කරුවන් පිරිසක් එවැනිම සද් කාර්යයක් කරන්නට සැරසෙති. අපි එයටද දායක වෙන්නෙමු. ඒ නිසා මධ්‍යස්ත මතධාරියා එවැනි දේ ප්‍රසිද්ධ කිරීමෙන් හොඳක් මිස නරකක් වන්නේ නැත. හැකිනම් ඔබත් දායක වෙන්න.

බ්ලොග් වලට සම්මාන දීමට තීරණය කලේ මමයි. ඉන්පසු එයට මුල්‍ය ආධාර දෙමින් තමන්ගේ වෙබ් අඩවියේ වඩා වැඩි ඉඩක් සපයා දෙමින් මෙන්ම වෙනම වෙබ් අඩවියක් නෙලුම් යාය නමින් ඇති කිරීමෙන් ද මහත් සේ උදව් කල ප්‍රසිද්ධ වෙබ් අඩවියක ප්‍රධාන කර්තෘ වරයෙක්ද සිටි. අප මේවා කරන්නේ නිස්සරණාධ්‍යශයෙන්ය. ලංකාවට මෙය පුරුදු නැති දෙයක් බව අප දනිමු. සමහරු හිතන්නේ අපට ලොකු පොරවල් වීමට අවශ්‍යව ඇති බවකි. අහෝ මිතුරනි, අපි මේ උළෙලවල් සංවිධානය කරන බව හෝ සම්මාන, ත්‍යාග දෙන බව හෝ අපගේ පවුල් වල උදවිය තබා මිතුරන් වත් දන්නේ නැත.

සම්මාන දීමෙන් නිදහස් අදහස් ප්‍රමිතිකරණයට ලක්වේ යයි කීම පදනම් විරහිත දෙයකි. බස්සි වඩාත් හොඳින් තවමත් ලියන්නීය. ඒ මදිවට පොතකුත් ගැසුවාය. මාතලන් ගේ කුණුහරප වල අඩුවක් නැත. ඔහු තමන්ට ආවේණිකවූ ශෛලියෙන් තවමත් ලියයි. එක් අයෙකු දෙදෙනෙකු හැර අනිත් අය තවත් හොඳට නිර්මාණ කරති. නිදහස් සිතුවිලි ඉන් එක් බ්ලොගයකි. සම්මාන දුන්නත් නැතත් බ්ලොග් කරුවෝ ලියති. සම්මාන දෙන්නේ අප හදාගත් නිර්නායකයන්ටය. ඒවා මොනවා දැයි කීමට අප බැඳී නැත. සම්මාන දෙන්නට කලින් අපි ඒ බව බ්ලොග්කරුවන්ට දැනුම් දෙන්නෙමු. ඔවුන්ට ප්‍රතික්ෂේප කරන්නට අවස්ථාවක් ද දෙන්නෙමු. ඒවාට අකමැති කෙනෙක් තමන් ගේ සම්මාන උළෙලක් පවත්වනවාට අපෙන් බාධාවක් ද නැත. එසේ බාධා කරන්නට අප මහා ලොක්කන් ද නොවේ. බ්ලොග් උළෙල වල් වැඩි වෙන තරමට හොඳ බ්ලොග් කරුවන්ට මය.

ටික්කා මධ්‍යස්ත මතධාරියා ට අපහාස කිරීමක් ගැන දැක්කේ ඔහුගේ අවසන් ලිපියෙනි. සාමාන්‍යයෙන් ටික්කා මට විවේචන ලියා නැත. ඔහු ඉංග්‍රීසියෙන් සින්හල කොටන නිසා සාමාන්‍යයෙන් මම ඔහුගේ කොමෙන්ට් කියවන්නේ නැත. (ටික්කා අමනාප නොවන්න.) ඒ ගැන නොයෙක් වර ඔහුට පවසා දැන් ඔහු සිංහලෙන් කොමෙන්ට් කරයි. ටික්කා අපහාස කර ලියා ඇති දේ මධ්‍යස්ත මතධාරියා පල කර ඉන්පසු ඒ ගැන දුක් වෙමින් අනිත් අය ඔහු සඳහා ඉදිරි පත් නොවන්නේ යයි කියයි. මම එය ඊයේ කියවූ නිසා කියන්නට තිබෙන්නේ ටික්කා සාමන්‍යයෙන් කුණුහරුප ගොඩක් ලියන අයෙකු බව මා දැක ඇති බවයි. එය ඔහුගේ නිදහස නිසා මම කිසිවක් කීමට නොගියෙමි. මධ්‍යස්ත මතධාරියා ඒවාට අකමැති නම් ඒවා පල නොකර සිටියා නම් ඉවරය. නැත්නම් එයට සරිලන පරිද්දෙන් උත්තරයක් දීමට මධ්‍යස්ත මතධාරියා ට ද නිදහස ඇත.

මා දැක ඇති දෙයක් නම් දරුණු විවේචන ඉදිරිපත් කරන අයට ඒ ආකාරයෙන්ම පිළිතුරු දුන් විට "මට ගැහුවෝ" යයි කියා ඔවුන් ම ඉන්පසු අඬා වැලපෙන බවයි. මටද එවැනි දරුණු ප්‍රහාරයන් කීපයක් මගේ බ්ලොගයේ හා මාතලන්ගේ බ්ලොගයේ දී එල්ල විය. ඒ මගේ දරු පවුල ගැනය. ඒවාට ගත් හා ගන්නා ක්‍රියා මාර්ග ගැන මෙහිදී කිසිවක් නොකියමි. නමුත් මධ්‍යස්ත මතධාරියා ටික්කා ගේ ඔය කියන අපහාසයට බ්ලොග් ලිවිම නැවැත්වීමෙන් පෙන්නුම් කරන්නේ තමන් දුර්වලයෙකු බව පමණය. ඔය කියන ලිපියේදී මා ගත්තේ මධ්‍යස්ත මතධාරියා ගේ පැත්තය. මගේ කොමෙන්ටුවෙන් එය දැක ගත හැකිය. මා කොහොමත් පාසැල් ගුරුවරුන් ළමුන්ට තලනවාට විරුද්ධ අයෙකි. එසේම විචාරක මහතාට විරුද්ධව මගේ බ්ලොගයේ පලවූ කොමෙන්ටුවක් මම පල කලේ නැත.

මා අදේවවාදියෙකු මිස නිරාගමිකයෙකු නොවන නිසා ඔහු ආගම් ගැන කියන දේ ගැන කිසිවක් නොකියමි. මම යන්නේ හින්දු දෙවියන් ගේ ප්‍රතිමා නැති පන්සල් දෙකකට පමණි. සියලු දේව ඇදහීම් වලට විරුද්ධ අයෙකු මිස අනිකාට තම ආගමක් තමන් ට ඕනෑ විධිහට ඇදහීමේ නිදහසට විරුද්ධ නොවෙමි. එසේම ඕනෑම ආගමක් විවේචනය කිරීමට හා නිදහසේ අදහසක් පළ කිරීමට මට මෙන්ම අන් අයටද අයිතියක් තිබේය යන්න විශ්වාස කරමි. බුදු දහම ගැන හැඳින්වීමේදී බුදුන් කිවේ "ඒහි පස්සිකෝ " කියාය. එනම් අන්ධ භක්තිය නොව "එව බලව" කියාය. ළමා අපචාර මෙන්ම දුෂණ කරන ඕනෑම ආගමක, ඕනෑම යතිවරයෙකුට මම නම් විරුද්ධය. තමන් අතරමන් වූ ඕනෑම අවස්ථාවක දේශපාලක තක්කඩියන් කරන්නේ ආගම්වාදය හා ජාතිවාදය ඇවිස්සීමයි. මධ්‍යස්ත මතධාරියා එම තත්වයට පත් නොවනු ඇතැයි මගේ විශ්වාසයයි.

අවසන් වශයෙන් කිව යුත්තේ තමන් කල යුත්තේ තමන්ගේ සිතට ප්‍රීතියක් දැනෙන තමන් කැමති දේ පමණක් බවය. අකමැති දේ කිරීම සිතටද වධයකි. මධ්‍යස්ත මතධාරියා ගේ නික්ම යාම කණගාටුවට කරුණක් වුවද තමන් සිතන දේවල් බ්ලොග් වලින් ඉටු නොවේ නම් එය වදයක් කර නොගෙන ඉන් ඉවත්ව යාම යෙහෙකි. නොඑසේ නම් වෙලාව ඇති පමණට බ්ලොග් ලිවිම හෝ සංවාදයේ රැඳී සිටීම යෙහෙකි.

52 comments:

  1. වර්තමානයෙහි විරහ ගී ගයන ඇතැම් ගායකයින් ගේ අදෝනා ගී ගැන බ්ලොග්වලින් සහ වෙනත් මාධ්‍යතුලින් අසා තිබුණු නමුත් එැවනි ගීයක් මුලින්ඟ ශ්‍රනවනය කරන්නට ලැබුණේ පසුගිය දෙසැම්බර් 30 දා හවස කැබ් රථයකින් ගමනක් යද්දී ය.

    ඔය මධ්‍යස්ථ මතදාරියා ගේ ලියවිලි මට සමාන කළ හැක්කේ එවැනි අඳෝනාවකට පමණි.

    මේ ගැන ලිවීම පවා කාලය නාස්තියකි!

    ReplyDelete
    Replies
    1. පිළිතුරක් දෙන්න ඕනෑය කියා හිතුනා. අපි බ්ලොග් ගැන කරදර වෙන එකේ. "අහසෙන් යන්නත් " යන්න යනවනේ.

      Delete
  2. මා දැක ඇති දෙයක් නම් දරුණු විවේචන ඉදිරිපත් කරන අයට ඒ ආකාරයෙන්ම පිළිතුරු දුන් විට "මට ගැහුවෝ" යයි කියා ඔවුන් ම ඉන්පසු අඬා වැලපෙන බවයි. +++

    I think this sentence v.well summarises what happened to MM.

    ReplyDelete
    Replies
    1. වපුරන විධිහට ලැබීම

      Delete
  3. උගත් හැමෝම බුද්ධිමතුන් නොවන්නා සේම, දැනුම ඇති පමණින් කෙනෙක් පරිණත වන්නේද නැත.

    ReplyDelete
    Replies
    1. හැමදාම සත්‍යයකි.

      Delete
  4. අජිත් අය්යා..
    මේකෙන් මම පැහැදිලි කරන්ට යන්නේ ඔයා කලින් අහල තිබ්බ නිසා මොකක්ද මද්‍යස්ථ එක්ක උනේ කියල. මතක ඇතිනේ අර ගුරුවරියක් බ්ලොග් එකේ ගුරුවරිය ළමයෙකුට වේවැලකින් ගහපු එකකට මද්‍යස්තය ඒගැන පොස්ට් එකක් ලිව්වා? මම මද්‍යස්තයට කිව්වේ ගුරුවරිය ඒ ගැන දුක්වෙනවානම් ඒගැන තමන් විසින්ම ස්වයන් විවේචනයක් ඇති කරගෙන තියෙනවනම් මොකද මේ ඒගැන කලබලවෙලා අහක ඉන්න මනුස්සයෙකුට කරදර කරන්නේ කියල.. පස්සේ අපි දෙන්න දිගින් දිගටම කොමෙන්ට් කරගෙන යද්දි අසබ්‍ය වචන මම වගේම මද්‍යස්තයත් පාවිච්චි කලා. හැබැයි මට තේරුන එක දෙයක් තමයි මද්‍යස්තයට එයාගෙ මතයට පිටින් යන එකක් හොදයි කියල තේරුම් කරලා දෙන්ට බැහැ කියන එක. එක නිසා මම මද්‍යස්තය එක්ක වාද කරන එක නවත්තල දැම්ම.. මොකද මද්‍යස්තය මට අන්තිම කොමෙන්ට් වලින් කිව්ව මම බ්ලොග් වල අයගෙන් සල්ලි අරගෙන මද්‍යස්තට බනිනවා වගේම තව දේවල්.. මම එදේවල් පැහැදිලි කරන්ට උත්සහ කලා.. එත් හරිගියේ නැහැ. අනික මගේ කොමෙන්ට් කුණුහරුප වලින් හරි කිව්වේ මගේ ප්‍රොෆයිල් එකෙන් මිසක් අනෝ එවිදින් නෙමෙයි කියල මට 100% විශ්වාසයෙන් කියන්ට පුළුවන් උනත් මද්‍යස්තය කියන විදිහට අනෝල කුණුහරුපත් මගේ එකවුන්ට් එකට බැරකරගන්ට බැරිනිසයි මම කොමෙන්ට් කරන එක නැවෙත්තුවේ. අනික ඒ පොස්ට් එකේ 50%ක් එයාගේ පොස්ට් එකට කැමතිත් 50% ක් නොකැමැති අයත් හිටිය.

    අනික මගේ රස්සාවත් එක්ක මම බිසී උන නිසා දවසකට මට බ්ලොග් කියවන්ටත් බැරි උනා. කොහොමහරි දවස් හතර පහකට පස්සේ මගේ ජීමේල් එකට සුනෙත් ජයජීව නමින් ඊමේල් තුනක් ඇවිල්ල තිබුන. ඒ මද්‍යස්ථ මතදාරියගෙන්. එයා කියල තිබ්බ සුද්ද සිංහල 100% කුණුහරුපයෙන් එයා වංශවත් කුලයක බවත් මම ඒ කුලයට වැද නමස්කාර කරන බවත් මම පහත් කුලයේ බවත් මගේ මෑණියන් ආදරයෙන් මතක් කළබවත් එයාගේ නමට මම බියවියයුතු බවත් එතුමන්හට ලංකාවේ ඕනෑම දෙයක් කළහැකි බවත් මීටපසුව එතුමන් සමග ගේමට නොපැමිණෙන ලෙසටත් මම ගුරුතුමිය සමග ලිංගිකට එක්වන බවටත් එතුමියගෙන් මුදල් අල්ලස් ලෙස ගන්නා බවටත් කියල තිබ්බ. හැබැයි ඉතින් මේවගේ මානසික තත්වයකින් ඉන්න අපේ ප්‍රසිද්ද මද්‍යස්ථ මතදාරියෙකු සමග වාදයකට යෑමෙන් මගේ ෆෝන් බිලවත් ගෙදර කුලියවත් නොලැබෙන බැවින් මම සමග තර්ක කිරීමෙන් වැළකුණි. පස්සේ මම ඊයේ තමයි අජිත් යය කිව්වා නිසා එයාගේ බ්ලොග් එකට ගිහිල්ල බැලුවේ. මම අවශ්‍ය ඕනිම වෙලාවක ඒ ඊමේල් තුනම පෙන්වන්ට සුදානම්. ඔය නමින් මද්‍යස්ථ මතදාරින්ගේ හැසිරීම එතකොට බලාගන්ට පුළුවං .

    අනික මම සිංහල බ්ලොග් ගොඩක් කියවනවා. කොමෙන්ට් කරන්නේ සීමිත පිරිසකගේ බ්ලොග් වල පමණයි. අනික අජිත් අයිය කියනව වගේ තමන්ගේ මතය වගේම අනිත් අයගේ මතයත් දරාගැනීමේ ශක්තියක් තියෙන්න ඕනි.

    උන සත්‍ය සිදුවීම ඇති සැටියෙන් ලිව්වා. මෙහි මද්‍යස්ථ බවය කියවන ඔබ සතුයි.

    මෙය මද්‍යස්ථ මතදාරිය කියවනවානම්, මා ඔබහට කියන්නේ මෙය සමාව ගැනීමේ අරමුනින් ලියන ලද්දක් නොවන බවයි.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.....උඹ වැඩ්ඩා අනික් එවුන් පොන්නයෝ නිකම් පල ඩෝ යන්න

      Delete
    2. අවසන් වශයෙන් කිව යුත්තේ තමන් කල යුත්තේ තමන්ගේ සිතට ප්‍රීතියක් දැනෙන තමන් කැමති දේ පමණක් බවය. අකමැති දේ කිරීම සිතටද වධයකි.

      සුඛෝ පුඤ්ෙඤය උච්ඡයෝ

      Delete
    3. කුලවාදයයි අනිත් ඒවා ඔක්කොමයි ඇදල බනිනවා කියන්නේ මොකක් හරි පරහක් තියනවා. දෙන්නම ඇර ගත්ත කියල මමත් දැක්කා පස්සේ. ඒක එතනින් ඉවර කරා නම් ඉවරයි.

      Delete
    4. එහෙමයි විචාරක මහතා. මම කැමති නිසා මේ බ්ලොග් කරනවා. අනිත් වැඩ කරනවා. අකමැති දවසට දාල යනවා.

      Delete
    5. @ අනෝ.. ඔබේ ඇක්සෙන්ට් එක මට ටිකක් පුරුදූයි.. තෑන්ක් යු මචෝ අහක ඉන්න අපි පොරවල් කරනවට.. ඔය ඉන්ටනෙට් ආයේ එන්නෙ නෑ කියන ගොඩක් අයට එහෙම ඉන්ට බෑ.. අනෝගේ වචන වලින් එන්නෙ ඒ පරණ පුරුදු ගතිය..

      @ විචාරක.. හරියටම හරි..

      Delete
  5. ඔබේ පැහැදිලි කිරීම හරිම අගෙයි ගමයා...අස්වැන්න නෙළා ගත හැක්කේ වපුරන තරමටය.

    ReplyDelete
  6. මචං අජියෝ... මිනිස්සු උඹට වටකරලා ගහනවා නම්.. උඹ නැති තැන්වල කතා වෙන්නේ උඹ ගැන නම්.. මොන මළහත්තිලව්ව කිව්වත් උඹ පොරක්...

    තමන් කැමති දේ ලියන්න පුළුවන් එකම තැන.. මෙතන.. අන් මත ඉවසන්න බැරි නම් නොලියා ඉන්න එකයි තියෙන්නේ.. එහෙම නැත්නම් අර "මරුවා" වගේ කොමෙන්ට්ස් වහලා දානවා...

    අනුන්ගේ පෞදගලිකත්වයට ගහන්නේ.. තමන්ගෙ පෞදගලික ජීවිතේ අවුල් උන්.....

    ReplyDelete
    Replies
    1. පොරක් හප්පේ --පොරවල් වෙන්න නම් බැහැ මචෝ. මේ ඉන්න විධිහ හොඳයි.
      //අනුන්ගේ පෞදගලිකත්වයට ගහන්නේ.. තමන්ගෙ පෞදගලික ජීවිතේ අවුල් උන්.....// අත්දැකීමෙන්ම දනිමි ඇත්ත බව.

      Delete
  7. / මේවා අණබෙර ගසා නොකළ යුතු බවකි. /
    අන බෙර නොගැසුවත් අදාල කාර්යය සඳහා මුදල් සොයා ගත යුතුය. ඒ සඳහා යම් දැනුවත් කිරීමක් අවශ්‍යය. කරුනු කාරනා හරියට නොදන්නා කාරණයකට. තමන් නොහදුනන අය හට මුදල් එවීමට පෙර දෙපාරක් සිතන්නට වෙයි.. යම් ප්‍රචාරයක් දැනුවත් කිරීමක් කල පසු එය යම් තරමකට ලිහිල්වෙයි..
    ---
    මම ගැන කියන්නට දෙයක් නැත ඔහු යකා කාලයේ සිටම ඔහුගේ ලිපි කියැවුවත් ඉන් බහුතරය මට තේරුනේ නැත. කෙසේ නමුත් නික්ම නොගොස් ඔහුට දිගටම රැදී සිටින්නට තිබුණි.

    ජ වේ වා ය !!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා. නොකිය හොරෙන් කරනවට වඩා කියලා , කරලා බැනුම් ඇහුවත් කමක් නැත.

      Delete
  8. දෙන්න තියෙන උත්තරේ නං හරි සරලයි...
    බ්ලොග් තියෙන්නෙ තමන් කැමති දෙයක් තමන්නෙ විදියකට ලියන්න. ඒ එකක් ඒකට අනික් අයගෙන් කමෙන්ට් බලාපොරොත්තු වෙනව නං තමන් ලියන දේ හොද වගේම නරකත් බලාපොරොත්තු වෙන්න ඕන. ඒ වගේම හැම කෙනාම තමන්නෙ මතයට පක්ෂව කතා කළ යුතුයි කියල හිතනව නං තේරුමකුත් නැ. මොකද හැම කෙනාම එකම විදියට හිතන්නෙ නැති හිංද. අනික කවුරු වුණත් ගල් ගහනව නං තමන්ටත් ගලක් දෙකක් වදින බව අමතක කරන්න හොදනෑ
    ඊටත් මෙහෙ වැරදි කළත් නොකලත් කාට හරි බනින්න හිතුනොත් උෟ බයිනව කියල අමතක කරන්න එපා ඒ හැටියක්...
    ඔය මාතෙට කකාට එහෙම ගහන මඩ වල හැටියට
    යකාට මොනා කියල වුනාද
    හරිම ලොල් සහගතයි

    අජිත් අය්යා අඩන බබ්බුන්ව නලවන්න යනවට වඩා වැදගත් දෙයක් ලීව නං මීට හොද නැද්ද

    ReplyDelete
    Replies
    1. එතන කිසියම් චෝදනා වගයක් තිබුන කියල හිතුන නිසයි ලිව්වේ.

      Delete
  9. මට තේරුම් ගන්න බැරි අන්තර්ජාලයේ සිටියදී ඇතිවන වාද විවාද මත ගැටුම් සහ විවේචන හෝ මඩගැසීම් සාමාන්‍ය ජීවිතයේදි සීරියස් ගන්න තරම් තත්වයකට පත්වීම ගැන. මේ ගැන ප්‍රා ලියල තිබුන දැක්ක.

    ReplyDelete
    Replies
    1. වැඩේ දැන් දැන් මේ අන්තර්ජාලය හා වර්චුවල් ජීවිතය සැබෑ ජීවිතය සමග වඩාත් සමීප වීම හා බැඳීම.

      Delete
  10. අජිත් අයියා..................

    යකා කොරහත් බිදගෙන ගියා තමා..... අපි යකාට අායෙමත් ඒන්න කියලා කියනවා... අඩුම ගානේ කමෙන්ටු වලින් වත් සම්බන්ධවෙයි කියලා අපි විශ්වාස කරනවා.... ඒත් අැනෝ නැතුව වෙනත් නමකින් හරි කමක් නැහැ... අපිට කමෙන්ටු කරන්න..... හැකිනම් පස්සේ වෙන නමකින් හරි බ්ලොගයක් පටන් ගන්න කියලත් අපි කියනවා....

    අපි දකින දෙවැනි දේ නම් අජිත් අයියා හෝ නෙලුම් යාය මේක පුද්ගලිකව ගත යුතු නැත. ඒ නිසා මේ විදිහ සංවාදයක් නොහැදෙනවානං හොදයි..... යකා කියපු සමහර දේවල් ඔබලාට අදාල කරන්න හැදුවාට අපි නං හිතන්නේ ඒවාට උත්තර දීම අවශ්‍ය නැහැ කියලයි.....

    තෙවැනි දේ තමා අජිත් අයියා බ්ලොග් කරුවන් ඒම සහ යෑම කියන දේ ගැන අපි අතර සංවාදයක් අැති විය යුතුයි..... ඒක අපි ඒදා ඉදලා කියන දෙයක්..... ඒක යකා අලුත් කරා විතරයි.... මේ සංවාදය වැදගත්... හැබැයි පුද්ගලික ව අරං නෙමෙයි..... හැකිනං මේ ගැන පොඩි සංවාදයක් කොහේ හරි කමක් නැහැ... දිගට ම යනවානං හොදයි...

    ReplyDelete
    Replies
    1. යකා ගිය නිසා හා සම්මාන දීම, බිම වැඩ කිරීම ගැන ආදිය ගැන යකා ලියල තිබ්බ නිසා තමා උත්තරයක් දෙන්න හිතුවේ. යකා කොරහ බින්දය කියන්න බැහැ. යක ගියාය කියල එච්චරම බලපෑමක් නැහැ. අනික අහසින් එන්නත් සමු ගන්න කතාවක් කිව්වා. වැඩ තියනවා නම් කරන්න අමාරුයි තමා. සංවාදය ගෙනියමු හෙමිහිට.

      Delete
    2. යකා කියපු දේවල් වලින් අපිට ගැලවෙන්නම බැරි තර්ක ඒකයි තියෙන්නේ.... ඒ තමා බ්ලොග් වල හරවත් සංවාදයක් නැහැ කියන දේ.... ඒක අපිට හොද පහරක්..... අනික් තර්කයන් ගැන නං අපි වැඩිය හිතන්නේ නැහැ.... අැත්තට ම ඒවා තුළ තර්ක නැහැ...... මොනවා වුණත් ඒ දේ ගැන නං අපි මීට වඩා හිතන්න වෙනවා... අපි ලියන බොහෝ දේ තුළ අැති අර්ථය සහ ඒවා සමාජයට කොයි තරම් දැනුමක් ගෙනියනවාද යන්න ඉතා වැදගත් දෙයක් තමයි..... ඒ වගේ ම යකා කියන විදිහට ඒවා ගැන ගොඩනැගෙන කමෙන්ටු සංවාදයත් හරබර වීම වැදගත්.....

      අජිත් අයියා අපි කලින් කියපු විදිහට යකා ගිය ඒකෙන් යකා මතු නොකරන නමුත් කාලයක් තිස්සේ බ්ලොග් අවකාශයේ සිදුවෙමින් පවතින ඒම් සහ යෑම් පිළිබද තත්වය නැවතත් කරලියට ඒනවා...... මේවා තමා අපි දකින වැදගත් ම දේවල්......

      තව කිව යුතු දෙයක් තියෙනවා..... අද අපිට හමුවුණා අලුතෙන් ම පටං ගත්තු බ්ලොගයක්.... ඔහුගේ හෝ අැයගේ පළවෙනි පෝස්ටුව බොහොමයක් බලලා තිබුණා.... මතක විදිහට 10 කට වැඩි කමෙන්ටු ගණනක් (බ්ලොග්කරුවන් 10 ක පමණ) තිබුණා.... ඒ කියන්නේ අපි බ්ලොග් ලෝකයට ඒන කාලයටත් වඩා දැන් හොද සහයෝගයක් තියෙනවා.... ඒ කාලෙට වඩා සමගියක් තියෙනවා... කට්ටිය ඉක්මනට අදුර ගන්නවා..... අනික් කෙනාව ඔසවා තියනවා..... මේවා අැවිල්ලා තියෙන්නේ අර යකා ප්‍රතික්ෂේප කරන දේවල් තුළින් ම තමා කියලා යකාට අමතක වෙනවා...... ඒ තර්ක සියල්ල ම නොගත්තත් ඔහු කී දේ තුළ අැත්තට ම අපිට මුහුණ දීමට තියෙන දෙයකුත් තියෙනවා.........

      Delete
  11. අජිත්, ඔබේ අදහස් වලට එකඟයි. සම්මාන දීමත් ඒවා ප්‍රසිද්ධ කිරීමත් ඉතා හොඳයි. එමගින් බ්ලොග් ලෝකෙට සිදුවන්නේ නිහඬ සේවයක්.

    යකා/ම.ම ගැන මගේ දැක්මනම් ඔහු දුර්වල හිතක් ඇති, විවේචනයක් දරා ගත නොහැකි මුහුකුරා නොගිය චරිතයක්. අන්තිම ලිපියේ comments බ්ලොක් කිරීමෙන්ම ඔහුගේ මධ්‍යස්ත බව කොතරම්දැයි පෙනෙනවා.

    නෙලුම්යාය සහ අනිකුත් සමාජ ආධාර ක්‍රියා සඳහා ධෛර්යය හා ජය පතමි !!!

    ReplyDelete
    Replies
    1. ඔඅබට ඉතාමත් ස්තූතියි.

      Delete
  12. කලකට පෙර බෝඩිමක කෑම ගැන මගේ මිතුරෙක් කිවූ දෙයක් සිහිවේ. සමහර විට කෑම හොඳය, ඒ බෝඩිං ගාස්තු දුන් දවස් වලය. අනික් දවස් වල කෑම එතරම් හොඳ නැත. බෝඩිමේ අයිතිකාරිය විවේචන අසා සිටියත් වෙනසක් නොවේ. මොන ලෙඩක් තිබ්බත් මොන විවේචන තිබ්බත් ඇගේ ශක්ති ප්‍රමාණයෙන් කෑම සාදා ඇයගේ බෝඩිං කාරයන්ට කන්න දෙයි. මගේ මිතුරා ඇතුළු පිරිස හිමිකාරිය තම උපරිමය කරන බව දන්න බැවින් කෙසේ හෝ කෑම කයි. කවුරු හෝ නොකෑවත් පසු දිනත් පෙරදින නොකෑ අයටත් සමඟ ඇය කෑම පිලියෙල කරයි. මගේ මිතුරා මෙම බෝඩිමේ සිටියේ වසර විස්සකට පමණ පෙරය. දැනට පිටරටක සිටින ඔහු ලංකාවට පැමිණි විට බෝඩිං අයිතිකාරියත් බලන්න යයි. බ්ලොග් ලියන්නන් බෝඩිං අයිතිකාරියන් වැනිය. බොහෝ විට හොඳ බෝඩිං කාරයන් හමුවේ. සමහර විට එසේ නොවේ.

    ReplyDelete
    Replies
    1. බෝඩින් කාරයෝ එතකොට කොමෙන්ට් කරුවෝද? හි හි හොඳ උපහැරණය.

      Delete
  13. ම.ම. ගිය එක නම් අපරාදෙ... එච්චර දිග කොමෙන්ට් කොටාගෙන ගේමට බහින වලිමුණි ලා ඉන්නම ඕනෙ.බලන්න ඔහුගේ නික්මයාම පිලිබඳවම බ්ලොග් ලිපි කීයක් ලියවුනාද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ම.ම. හැම තැනටම ඇවිත් කොමෙන්ට් කියල කතා කරපු කෙනෙක් තමයි.

      Delete
  14. මම නම් හිතන්නේ අජිත් අයියා වෙන වැදගත් පෝස්ටුවක් ලියන්නට වැය කරන්න තිබුණු කාලය මධ්‍යස්ත නොවන මධ්‍යස්ත මතධාරියෙකුට පිලිතුරුබඳින්නට ගොස් නිකම් අපතේයවාගෙන ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. //මධ්‍යස්ත නොවන මධ්‍යස්ත මතධාරියෙකුට // හප්පේ ඔහොමත් බනිනවද? මම වැදගත් පොස්ටු ලියනවා කියලද බස්සි කියන්නේ? මේ දවස් වල කියන්නේ ගැලරියට සෙක්ස් කතා ලියනවා කියල.

      Delete
  15. බොග් අවකාසේ ඉන්නා ඇනෝලා සහ ප්‍රොෆයිල් ලා ගේ ඇනුම් බැනුම් නිසා හිතේ අමාරුව හැදුනා නම් නම් ස ර ස තුමා වල දැමූ තැන් වල ගසුත් පැල වෙලා ය .....

    ReplyDelete
    Replies
    1. සරසා තුමා ඇනෝ වගේ ඉන්නා නිසා අවුලක් නැතුව ඇති. අනික සරසා තුමා ගේ ඇත්තේ ඉබි කට්ටකි.

      Delete
  16. මධ්‍යස්ථ මේක බලනවා. එන්නෑ කිව්වට ආයි ටික දොහකිං එනවා. මම මධ්‍යස්ථ ගැන දන්නෑ. ඒවුණාට ඇබ්බැහිවීම ගැන දන්නවා. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඔය ඇබ්බැහි වෙනවා කියන්නේ යන්න අමරුයි.

      Delete
  17. මගේ බිලොග් එකට නිතරම ආව අදහස් දක්වපු මධ්‍යස්ථගේ සමුගැනීම ගැන මටනම් කනගාටුයි.අදහස් කුමක් වුවත් මම ඔහුව සලකන්නේ මගේ නොදුටු මිතුරෙක් විදියට.කොහොම උනත් බ්ලොග් අවකාශයේ හිටපු බොහෝ දෙනෙක් බ්ලොග් වලට සමුදීලා.ඒ අතරේ අලුතින්ම මම බ්ලොග් එක පටන් ගත්ත කාලේම ආව හුදෙකලා සිතිවිලි ලියපු ආරි මල්ලි,කැමරාවෙන් එහා ලෝකය බිලොග් ලියවිල්ල අතහැරලම දාලා.සමහර විට කාලයක් ලියන කොට එපා වීම නිසාත් අත්හැරෙනවා.කසුන්නම් කාර්යබහුල නිසා බ්ලොග් වලට සමුදුන්නා.මට කම්පියුටර් එක පිච්චුන නිසා සති තුනක් බ්ලොග් වලට එන්න බැරි වුනා.

    මම නම් කවුරු බැලුවත් නොබැලුවත් කොමන්ට් කලත් නොකලත් මගේ බිලොග් එක දිගටම ලියනවා.ඒ වගේම අනිත් බිලොග් කරුවන්ට අපහාස නොකර ඇනෝ අදහස් දක්වන්න ඉඩ ලබාදෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ එකේ අනිත් බ්ලොග් කරුවන්ට අපහස කරනවට මමත් කැමති නැහැ. කැමරාවෙන් එහා ලෝකය තව ටිකක් හිටියනම් හරි. එක පාරටම ශෛලියක් එන්නේ නැහැ. ටිකක් කල් යනවා අල්ල ගන්න.

      Delete
  18. ඇන්න පැන්න කොමෙන්ට්මන් ලා වෙච්ච අපටත් සමහර වෙලාවට ටෙම්පරි හිතේ අමාරු හැදෙන එකේ, බ්ලොග් අයිතිකාර පොස්ට්මන්ලාට ක්‍රොනික් හිතේ අමාරුහැදෙන එක අහන්නත් දෙයක්ද?

    එඩිටර්ලා, රිවිවර්ලා නැති බ්ලොග් ලොකේ ලියන්න ශික්ෂණයක් ලබා ගැනිම නං හරිම වැදගත් කියලයි මං උගත්තේ, යකාටත් විවිධ ස්වරූප තිබ්බානේ, හිතමුකො යකා ඉන් එකකට පර්මනන්ට්ම රූපාන්ත්‍ර‍ය වෙන්න හිතලා කොකූන් එකක් ඇතුලට රිංගුවා වත්ද? මමනං ලියන්න හොඳ ශික්ෂණයක් ලෑබූ දාට ඇණයා හැව ගලවගා දාලා හොඳ ලස්සන සමණළයෙක් වෙන්නයි අදහස.

    ReplyDelete
  19. රුසියාව ගැන ලියන්නකූ

    ReplyDelete
  20. kaatada pissu malli kaatada pissu. mama aru.

    ReplyDelete
    Replies
    1. අරූ උඹට තමා පිස්සු.

      Delete
  21. ඌ ගියා . ඉන්න උන් එක්ක කරගෙන ආපු වැඩ ටික කරමු. තව සමහරු එයි. සමහරු යයි. ගැල ඉස්සරහට ගියොත් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. මාත් කියන්නේ එච්චරයි.

      Delete
  22. 1. ම මතධාරියා ගේ නික්යමයාමේ හේතුව නොතේරේ. බ්ලොග් තම මතය ප්‍රකාශකිරීමට,අනුන් තම මතයට ගෙන ඒමට, තම මතයන් අනුන් නිසා වෙනස් කර ගැනීමට, දැනුම හා විනෝදය හුවමාරු කිරීමට, අජිත් හා KMතුමා ඇතුලු පිරිස මෙන් සමාජ සේවය හා හා බ්ලොග් කරුවන්ට උදව් හෝ අගය කිරීමට, යාලුවන් හඳුනා ගැනීමට ආදී දේවල්වලට හොඳ දෙයකි. ඒ අතර අපිට සමහර අවස්තාවලදී තරහ ගියත් මහා කලකිරීමක් ඇතිවීමට තරම් බ්ලොග් සීරියස් ගන්නේ ඇයි කියා නොතේරේ. එහෙත් මට නොතේරෙන දේ බොහෝ ඇතිනිසා ඔහුගේ නික්මයාම වරදක් ලෙස නොදකිමි. එය නොතේරෙන නිසා එකඟවීම පමණක් අපහසුය. කෙසේවෙතත් බ්ලොග් නිදහස්ය, පැමිණීම, ලිවීම, විවේචනය හා එයට පිලිතුරු දීම හා නික්මයාම අපිට ඕනෑ හැටියටය. No one can understand another completely. Each of us is different in someway from others. So... Live and let live! :-D

    2. නෙලුම්යාය ගැන විවේචන ගැන මට ඇත්තේ සරල මතයකි :

    කිසිවක් නොකර සිටීමට වඩා මොකක් හරි කාට හරි වැඩක් කිරීමට තැත් කිරීම අගය කල යුතු දෙයකි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රා. මම ඊයේ අරූ එක්ක කතා කරන කොට කිව්වෙත් ඒකයි. කිසිවක් නොකර ඉන්නවට වඩා මොනවා හරි කරලා තමන්ට ඒක එපා වුණාම අත් හැරලා යනවා. එච්චරයි. මේවා බදාගෙන ඉන්න ඕනේ නැහැ.
      //කෙසේවෙතත් බ්ලොග් නිදහස්ය, පැමිණීම, ලිවීම, විවේචනය හා එයට පිලිතුරු දීම හා නික්මයාම අපිට ඕනෑ හැටියටය.// සත්තකින්ම.

      Delete
  23. මධ්‍යස්ථගේ ප්‍රබුද්ධ ලියවිලි ඉදිරියේ දී දකින්නට නොහැකි වීම කණගාටුවක්. කලකිරීම් පැත්තක තියල පස්සේ කාලෙක වෙනම නමකින් හෝ ඔහුත් එකතුවෙනවා නම් !!!!!!!

    ReplyDelete
  24. මෙම ලිපිය මගේ ඇස නොගැටීම පුදුමයකි.
    බ්ලොග් සම්මාන ඔබේ අදහසක් බව මම දන්නෙ දැන්ය. මා සිතුවේ ඔබ නෙලුම්යායේ කැපිල පේන්න වැඩ කරන චරිතයක් පමනක් බවය. ඔබට පුද්ගලිකව චෝදනා කිරීමේ අවශ්‍යතවයක් නම් නොවීය. මෙය ඔබේ අදහසක් සහ ඔබ මෙහි පුරෝගාමියා බව දැන සිටියානම් මතවාදය මොකක් වුනත් මෙහෙමවත් චෝදනාවක් නොකරමි. අපේ මොනමත වාද තිබුනත් සයිබරය නිසා ගොඩනැගුන හිතවත්කම ඒ සියල්ල පරයා යන බැවිනි.

    මම මිතුරන්ට පුද්ගලික චෝදනා කිරීම අතිශයින්ම පිලිකුල් කරමි. මට එන්නට සිදුවුනේද ප්‍රදීප් මංගල මාතලන්ට පුද්ගලිකව කල චෝදනාවක් ( සල්ලි වලට ලියනවා යන්න ) නිසාය. ඔහු ප්‍රදීප් හා මම එකෙක් යැ‍යි සිතූ නිසා එය නිවැරදි කිරීමටය. සල්ලි වලට ලියන අය සිටිනවා විය හැක. එය වෙනම කතාවකි.එහි වරදක්ද නැත.

    නෙළුම් යාය බ්ලොග් සම්මාන ගැන මට ඍනාත්මක අදහස් තිබිනි. එහෙත් මාර්තු 26 දින එය පැවැත්වූ ආකාරයෙන් එම අදහස් වාෂ්ප වී ගියේය. එදා ප්‍රථම වරට බ්ලොග් ගැන ජාතික මට්ටමේ හාහෝවක් ඇතිවිය.මම නිතර කියන දෙයක් නම් මා වැරදි විය හැක. කරුනාකර මා නිවැරදි කරන්න යන්නයි.මගේ ලිවීමේ අරමුන මට අනුන්ගෙන් යමක් ඉගෙන ගැනීමයි. මගේ ලිපියක් කොමෙන්ට් තුලින් ඔප මට්ටම් වූ පසු එම ලිපිය තව දුරටත් මගෙ ලිපියක් නොවේ.බ්ලොග් ලොවේ පොදු දේපොලකි.

    ටික්කා සම්බන්ධ කරුනෙහිදීනම් මුල් වරද කලේ ඔහුය. එම ලිපියේ ගුරුවරියට පක්ෂව සිටි කිසිම කෙනෙක් එය පුද්ගලිකව ගත්තේ නැත. ටික්කා පමනක් මට අසභ්‍ය වදනින් බැන්නේය. මට තිබුනේ ඔහුට උත්තර නොදී එම කොමෙන්ට් එසේම තිබෙන්නට හැරීමයි. නමුත් මෙවැනි අවස්ථාවක් කලමනාකරනය කර ගැනීම ගැන මට අත්දැකීමක් නොවීය. මීට පෙර සිදුවුනේ ඇනෝ ප්‍රහාරයි. එහෙත් ප්‍රොෆයිල් එකෙන්ම සහෘද බ්ලොග්කරුවෙකුට එලිපිට පහර දීම කුනුහරප කියමින් තර්ජනය කිරීම ඉතා භයානකය. මට එය අදහාගත නොහැකි විය.

    ටික්කා මට අපහාස කල පසු එම වදන්ම භාවිතා කර පෙරලා පහර දුන්නෙමි. ටික්කාට තරහ ගන්නට කිසිම හේතුවක් නොවීය. මම කලේ ගුරුවරියගේ ලිපිය විවේචනයයි. ඒ ගැන ගුරුවරියගේ පැහැදිලිකිරීමෙන් පසු අප මම අඩියක් පස්සට ගෙන වාදය අවසන් කලෙමි. ඉන්පසු ඇයටද ප්‍රශ්නයක් වුනේ මා සමග නොව රසිකගේ කොමෙන්ටුවක් ගැනය.

    ටික්කා මැදිහත් වුනේ මේ අවස්ථාවේදීය.ටික්කා කුනුහරපෙන් බැන්න පසු මමද එලෙසින්ම බැන්නෙමි.මෙසේ බැන අඩගසාගැනීම දින දෙකතුනක් තිස්සේ ඇදී ගියේය. ඇනෝ කොමෙන්ට්ද වැටුනි.

    ටික්කා පිටුපස සිටින වෙනත් බ්ලොග්කාරියක් ගැන ඊමේල් එකක් ලැබුනි මේ අතරතුරදීය.එම ඊ මේල් එක ඉතා දීර්ඝ එකකි. එහි බ්ලොග් ලෝකයේ ඉතා අතීත සිදුවීම් පවා තිබිනි. අප බ්ලොග් කියවීමට පෙර යුගයේ හැලහැප්පිලි පවා තිබිනි. ප්‍රසිද්ධ බ්ලොග්කරුවන් හා කාරියන් කීපදෙනෙකුට විවිධ චෝදනාද එල්ල කර තිබිනි.

    එම ඊ මේල් එකේ තිබුනේ ටික්කා පිටුපස විදේශයක ජීවත්වන බ්ලොග්කාරියක් සිටින බවයි. ඇගේ අතීත ක්‍රියාකලාපය ගැන වෙනත් විස්තරද තිබිනි.මම එය විශ්වාස කලේ වෙන කිසිම බ්ලොග්කරුවෙකු නොකල ආකාරයෙන් ටික්කා මෙම සිදුවීමේදී ඉතා අසාමාන්‍ය ලෙස හැසිරීම දෙස බලන විටයි.

    මම ගුරුවරියගේ ලිපියට විචාරයක් පල කර වරදක් කල බව මට පසුව සිතුනි.මට අවශ්‍ය වුනේ එම සිදුවීම ප්‍රස්තූත වශයෙන් ගෙන පාසල්වල සිසු හිංසනය ගැන කතා කිරීමටයි. එහෙත් එවැනි සංවාදයක් සමාජයේ වෙනත් පැත්තක් වන ස්ත්‍රී අනුකම්පාව දෙසට ගසාගෙන යනු ඇතැයි නොසිතුවෙමි. කෙසේ නමුත් මා කලේ ඉතා අනවශ්‍ය දෙයක් බව පසුව කල්පනා විය.

    මම බ්ලොග්කලාවට ආදරය කරමි. බ්ලොග්කරුවන්ටද ආදරය කරමි.කිසිවෙක් හා තරහක් නැත. මට මුලින්ම පහරදුන් පසු මා ද පහරදුන්නෙමි. මගේ එම ග්‍රාම්‍ය හැසිරීම මට තරම් නොවන බව මට සිතේ.ටික්කා මා හපාකෑ පසු මා ටික්කා ව පෙරලා හපාකෑමට ගිය සැටි හාස්‍යජනකය.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .