Thursday 21 January 2016

උඳුවප් මස නෙලුම් යාය බ්ලොග් සම්මානය

උඳුවප් මස බ්ලොග් සම්මානය දීම තරමක් ප්‍රමාද වුනේ මාර්තු 26 වනදාට පැවැත්වීමට නියමිත බ්ලොග් සම්මාන උළෙල පිලිබඳ සාකච්චා කටයුතු මේ දිනවල කරගෙන යන බැවින්. මෙවර පසුගිය අවුරුද්දේ අවසාන මාසය සඳහා ඉතා සුදුසු බ්ලොග් අඩවි කීපයක්ම තිබෙනව. ඒ අතරේ තවත් අලුතින් පැමිණි බ්ලොගයකට සම්මානය දීම සඳහා අප තෝරා ගත්තා. මට හිතෙන විධිහට නම් මේ බ්ලොගය ඇත්තටම පටන් ගත්තේ බ්ලොග් ලියන අනිත් යහළුවන්ගේ ඉල්ලීම් වලින් කියල.

මේ බ්ලොග්කරු හැම බ්ලොගයකටම ඇවිල්ල ගැලපෙන ගීතයකින් කොමෙන්ට් කරලා යන කෙනෙක්. තව කිහිප දෙනෙකුත් මෙසේ කලත් මේ බ්ලොග්කරු තමන් ගීත
විතරක් නෙමේ ගීත ගයන ගායක ගායිකාවන් ගැනත්, ලිවූ කලාකරුවන් ගැනත් ගීත ගැනත් සමහර විට අප කවුරුත් නොදන්නා තොරතුරු පවා ම හොයාගෙන බ්ලොග් ලෝකයට හෙළි දරව් කරනවා. ඉතින් මේ අපි කවුරුත් දන්න සින්දු ඇනෝට මෙවර බ්ලොග් සම්මානය දෙන්න අපි තීරණය කලා. ඔහු අමරදේවයන් ගේ උපන් දිනය වෙනුවෙන් ලියු මේ ලිපිය බලන්න.

  මෙතැනින් එම බ්ලොගයට යා හැකියි.

ප.ලි මට ලියන්නට අමතක වුනු වැදගත් කාරණයක්. මෙවර බ්ලොග් සම්මානය සඳහා දායක වන්නේ අපේ බ්ලොග් රසවතෙක්. ඔහුත් බ්ලොග් ලියන්නෙක්. නමුත් නම හෙළි කිරමට අකමැතියි. නෙළුම් යාය වෙනුවෙන් ඔහුට අපේ හෘදයංගම ස්තුතිය.

අමරදේවයන් ගයන මේ ගීතය මගේ ඉතාමත් හඳ බැඳි ගීතයක්.

රෑ දුරු රට මේ 

රෑ දුරු රට මේ
හිම වරුසා සීත පාලුවේ
මූදු සතකින් ඈත දේශේ
මා තනිවේ

 කල්පනා ලොව පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ

රෑ දුරු රට මේ හිම වරුසා
සීත පාලුවේ
දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ
රෑ දුරු රට මේ
හිම වරුසා සීත පාලුවේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය -අජන්තා රණසිංහ
තනුව - සරත් දසනායක  

40 comments:

  1. ඔහුගේ කාර්ය භාරය සුවිශේෂී එකක්. බ්ලොග් වල විවිධත්වයට ඔහුගෙන් වැටෙන්නේ ලොකු එළියක්.

    ReplyDelete
  2. ඉතාමත් හොඳ විනිශ්චයක්

    ReplyDelete
  3. ජය වේවා සින්දු ඇනෝ

    ReplyDelete
  4. එළ ද බ්‍රා ඕ යේස්.. බ්‍රැන්ඩ් එක ගල්.. සින්දු ඇනෝට අපේ රෙස්පෙක්ට් එක..

    මේ ටිකේ මගේ බ්ලොග් බැලිල්ලයි අන්තර්ජාල බාවිතයයි බිංදුවට බැහැල අජියෝ.. හැක්.. ජය

    ReplyDelete
  5. සින්දුවාට මගෙන් උනුසුම් සුභ පැතුම්.

    ReplyDelete
  6. එකෙන්ම සුදුසුයි.. සින්දු ඇනෝ කියන්නේ අපේ කාගේත් 'අනුපානේ' වගේ.

    ReplyDelete
  7. එකෙන්ම... සින්දූර් ඇවිත් සිංහළ ගී ගැන විශ්වකෝෂයක් බඳුයි..

    ReplyDelete
  8. බොහොම ස්තුතියි අජිත් අය්යා ඇතුළු නෙළුම් යායට ...හීනෙකින්වත් නොහිතපු දෙයක් ..ගී පද කොපි කරලා දාන මගේ බ්ලොග් එකට මෙහෙම වටිනාකමක් ලැබෙයි කියලා ...

    ReplyDelete
    Replies
    1. එක මඟ යන සොහොයුරන් වෙමු අපි ජීවිතේ
      කැටිවුණු අඳුරේ දෙපයින් යන්නෝ
      සසලවු සුළඟේ රැය දිව යන යාමයේ
      උහුලනු බෑ පාළුයි
      කෝ.... ඕ.... ළඳුන්
      කෝ.... ඕ.... ළඳුන්
      ඉඳහිට එන මගියෙක් විමසයි යම් තැනක්
      දන්නෙමි එය
      ගෙනයමි ඔහු මම කෙටි දුරක්
      ආපසු එන ගමනේ
      සෙබළුන් මොර දිදී විමසයි මගෙ ජාතිය
      රළු බසින් රළු බසින්

      පියපත් විදහා යමි මම දැන් නිදහසේ
      මුහුදක් සේ ගැඹුරුයි මට දැන් ජීවිතේ
      පියපත් නැති කවුරුද ඉන්නේ මාවතේ
      කඳුළක් ගෙන දෝතට දෙන්නෙමි හදවතේ

      අළුයම සිහිලැල් පිනි කඳුළින් නෙත් තෙමා
      හිම සුණු අතරේ ඒ මාවත දිස්වේ
      පැහැබර කළ මැන ඒ ලොව දෙතොළින්
      ගීයක් පුදදෙමි ඔබ වෙනුවෙන්...........

      ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර
      පද රචනය - කපිල කුමාර කාලිංග
      සංගීතය - සේන වීරසේකර

      Delete
  9. සිංදු ඇනෝ වනාහි දාහකිං හොයාගන්න බැරි අනගි මනුස්සයෙකි. ඔහු සතු ගීත සහ විස්තර එකතුව වගේම අවස්ථාවට ගැලපෙන සිංදුව තෝරාගැනීමේ හැකියාව අගේ කලයුතුමය. නෙලුම් සම්මාන උළෙලේදී ඔහු ගැන ඇගයීමක් වෙනවා නං හොඳයි. සුභ පැතුම්.

    ReplyDelete
  10. සින්දුවාට සුබ පැතුම්. හා ඇවිත් මේකටත් සින්දුවක්ම දාහං.

    ReplyDelete
  11. සුබ පැතුම් සින්දුවා.
    සම්මානයක් ලැබෙන්න සුදුස්සෙක්.

    ReplyDelete
  12. දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති විය යුතු!
    සින්දුවා දිගුකල් යෙහෙන් වැජඹේවා!
    අජියයියා, එළම තමා!

    ReplyDelete
  13. ප.ලි මට ලියන්නට අමතක වුනු වැදගත් කාරණයක්. මෙවර බ්ලොග් සම්මානය සඳහා දායක වන්නේ අපේ බ්ලොග් රසවතෙක්. ඔහුත් බ්ලොග් ලියන්නෙක්. නමුත් නම හෙළි කිරමට අකමැතියි. නෙළුම් යාය වෙනුවෙන් ඔහුට අපේ හෘදයංගම ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. රසවතාට උම්මා..

      Delete
    2. රසවතා ඩොලර් වලින් $50ක් වත් දුන්නද? පුදුමයි ඔච්චර දුන්නා ඩොලර් $ 1ක් හරි දුන්නනම් ලොකු දෙයක්

      Delete
    3. ඔයා ඒ කෙනා ගෑණු කෙනෙක් වුනත් උම්මා එක දෙනවද බබා :(

      Delete
  14. Congratulations Sinduwa :) you deserve a recognition :)

    ReplyDelete
    Replies
    1. fuaydohf.a fudf,a wjq,la fj,d jf.hs yela yela

      Delete
    2. álla fkfjhs ''fyd|gu wjq,a fj,d ''ke;akï mdf¾ hk jdyk fmdfgda .kafka fudk b,õjlgo ''''yela yela

      Delete
    3. wksl ysgmq yuqod ks<Odrsfhlq;a fj,d?

      Delete
  15. අජිත්, මගේ මම කවුද ඩෝ? පෝස්ට් එකේ හරි උත්තරය දුන්නේ අපේ සත්ගුණවත් චෙෆාකි තුමා. මෙතුමාට ඒක දැන්නුවාම එම රුපියල් 5,000/= නෙලුම්යාය ත්‍යාගයකට දෙන්න කියලා එතුමා දන්වා තියෙනවා. තෑග්ගෙන් තෑග්ග උතුම් තැග්ග කියනවනේ. ඉතින් මෙම 'චෙෆාකි ත්‍යාගය' ත්‍යාගයක් සඳහා හෝ එහෙම නැත්නම් පොත් ලමයින්ට ගැනීමේ කටයුත්තකට යොදා ගැනීම ඔබට භාරයි.

    ReplyDelete
    Replies
    1. ඉයන් සහ චෙෆාකි , මේකට ඉතාමත් ස්තුතියි. එහෙම නම් මේ ත්‍යාගය සඳහා සහ ජනවාරි මස ත්‍යාගය සඳහා මෙය යොදා ගන්නද? අපි සාමාන්‍යයෙන් පොත් ගැනීම සඳහා දෙන්නේ 2500 (චන්දිම හෝ මගේ අතේ මුදල් තිබෙන දවසට, නැත්නම් 1000)

      Delete
    2. ඉයන් අපි තීරණය කලා මේ මුදල ඔබ ලබා දෙනවා නම් එය මොනරාගල විදුලක අපේ බ්ලොගාල වැඩක් කරන්න යනව එකතු වෙලා . පාසලකට ලිඳක් කපන්න. ඒකට යොදවන්න.

      Delete
    3. මම නම් බොහොම කැමතියි. මට විශ්වාසයි චෙෆාකි තුමත් කැමති වෙයි. එතුමත් ඔය ලිඳවල් ඉහින්න එහෙම හරි දක්ශයි. හැක්

      Delete
    4. හොදින් හොයා බලන්න අජිත්... විස්තර දෙන්න.. ඒ ගැන..

      Delete
    5. Monaragala guys look lucky. Things are going there way quickly.

      Delete
    6. දේශක මහත් ඔබේ ලංකාවේ කන්ටැක්ට් එක කල්‍යාණ මිත්‍ර ය.

      Delete
  16. සිංදුට සුභ පැතුම්

    ReplyDelete
  17. සින්දු ඇනෝ කරන්නේ සම්මානනීය වැඩක් මේ තීරණයට නමස්කාර කරන්නෙමි.

    ReplyDelete
  18. congratulations - awardee
    thanks - awarder

    ReplyDelete
  19. සිංදුවටද නෙලුං යායටද ජයෙන් ජයම වේවා

    ReplyDelete
  20. සින්දු ඇනෝට සුබ පැතුම්.
    තව තව සින්දුම ලියන්න හේතු වාසනා වේවා...හේතු වාසනා............!

    ReplyDelete
  21. හොඳ තේරීමක්. සිංදු ඇනොගේ සේවය හා කුසලතාවය ඉහලින්ම අගය කළ යුතුයි . සුබ පැතුම් !

    ReplyDelete
  22. ජය වේවා සින්දුවෝ !!!

    ReplyDelete
  23. ජ ය වේව ා !! සිංදුට..

    ReplyDelete
  24. සුබ පැතුම් සින්දුවෝ..ඇත්තටම සින්දුවට සින්දු ඇනෝ ව වඩා ගැලපෙනවා සින්දු විකිපීඩියා කිවුවනම්

    ReplyDelete
  25. කබල් සින්දු කියාලා..
    අපට බ්‍රෙක් දාන අය්යලා
    කබල් කියන අපේ සින්දු පැන පැන ඉල්ලා
    බජව් වලදි නටයිනෙ බීලා

    තාලය හරිම සැර වැඩියි
    නාදය අවුස්සන සුලුයි
    කිය කිය අපිට බනිනවා
    මානය ඔලුවටත් උඩයි
    ක්‍රෝධය නිරක්ෂය ලඟයි
    එයාල ලියන සින්දු නිදිමතයි

    පබැඳුම හරිම ළාමකයි
    පසුබිම සරුවපිත්තලයි
    නිතරම විවේචන ගොඩයි
    එයාල කියන්නෙ එහෙමයි
    ලියන්නෙ අපබ්‍රන්සමයි
    ඒව කියන අයත් කොට උඩයි

    ලස්සන වළාකුලු ගොඩයි
    ගැස්සෙන මිණි ගවුම් ගැනයි
    කිව්වෙ ඔබේ විනෝදය උඩයි
    ඉස්සර අපිත් වැට උඩයි
    දැන්නම් අපිට වැඩ ගොඩයි
    විවේචකයො තාම කොට උඩයි

    පත්තර පිටුපුරවන්නයි
    තහනම් කර කර ඉන්නයි
    නොවෙයි අනේ කල යුතු මේකයි
    කබල් සින්දු එතකොට විසිවෙයි


    ගායනය - නිහාල් නෙල්සන්
    පද - හේමසිරි හල්පිට



    ReplyDelete
  26. සුදුසුම කෙනාට ලැබිලා මේ මාසේ

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .