Wednesday 15 February 2017

බටහිර බෙහෙත් සහ ආයුර්වේද බෙහෙත් සමසමව භාවිත කරමුද?

සයිටම් පිලිබඳ මධ්‍යස්ත අදහසක්  ලිපිය ලියන විට ලාංකික සිතුවිලි නමැති බ්ලොග් කරු විසින් හොඳ  ප්‍රතිචාර වගයක් දමා තිබුණා. මේ අනුව කල්පනා කරන විට පරණ මතකයන් කිහිපයක් ඇවිස්සුනා.

පළමුවැන්න නම් අපේ දරුවන්ට අපි ට්‍රිපල් එන්නත නමින් හඳුන්වන MMR වැක්සින් එක ලබා නොදුන් බව. ඒ කාලයේ වෛද්‍ය ඇන්ඩ්රු වේක්ෆිල්ඩ් එම එන්නතත් ඕටිස්ම් නමැති රෝගී තත්වය සහ ළමුන්ගේ  උදරාබාධ  තත්වයන් අතරත් සම්බන්ධතාවක් හැකි බවට පර්යේෂණයක් පළකලා.  

නමුත් සිදුවූයේ එංගලන්තයේ ඖශධ සමාගම් වෙනම පරීක්ෂණ කරලා, වෛද්‍ය සභාව විරුද්ධ වෙලා. එන්නත් නොගහත්  ළමයි මැරෙනවා කියල වේක්ෆිල්ඩ් ගේ වෛද්‍ය බලපත්‍රය තහනම් කලා.  මේ කතාව නිසා පසු ගිය කාලේ බ්‍රිතාන්‍ය රජයට බොහෝ පාඩු සිදුවුණා එන්නත් විනාශ කරන්න  වෙලා. මොකද මිනිස්සු එන්නත ළමයින්ට දෙන්න ප්‍රතික්ෂේප කලා.
 වේක්ෆිල්ඩ් (අන්තර්ජාලයෙන්)


මම ලංකාවේ වෛද්‍යවරුන් වන  යහළුවන්ගෙන් ඇහුව. ඒ ගොල්ලෝ කිව්වා මේ එන්නත ප්‍රශ්නයක් නැහැ කියල. නමුත් මට හදිසියේ ඉංග්‍රීසි ජාතිකයෝ දෙදෙනෙක් හමු වුණා. දෙදෙනාගේම ළමයින්ට අර එන්නත දීල, දෙන්නටම autism තියනවා. මේ විස්තර අඩුවෙන් තමා පුවත්පත් වල ලියන්නේ. බොහෝවිට පුවත්පත් වලට ලියන මාධ්‍යවේදීන්ට නොයෙකුත් විධිහේ ගෙවීම් කරනවා.  එනිසා එන්නතට පක්ෂ බොහෝ ලිපි පළවුණා.


 මම වහාම එක එන්නතකට පවුම් 70 ගානේ ගෙවල පෞද්ගලික රෝහලකින් එන්නත් තුනක් ගැහුවා ළමයට.දෙවෙනි ළමයටත් ඒකම කලා . ළමයි දෙන්නම ඉස්කෝලෙන් ගන්න බැහැ කීව MMR ගහල නැහැ කියල. GP සර්ජරි එකේ නර්ස් කීව කවුන්සිල් එක නඩු දැම්මොත් අපට ළමයි නැතිවෙයි කියල. මම රිසිට් අරගෙන පෙන්නුවා අපි එන්නත් තුන වෙන වෙනම දීලා තියෙන්නේ. එකට දෙන්න ඕනේ කියල නීතියක් නැතිබවත් පෙන්වා දුන්න. පස්සේ අපි එන්නත් දීලා තියෙන බව ඔවුන්  පිලි ගත්ත. 


මගේ බිරිඳ අපේ දරුවන් පොඩි කාලේ පැරසිටිමෝල් (ළමයින්ට දෙන්නේ කැල්පොල් වැනි අඩු මාත්‍රාවක් ඇති බෙහෙත) නියුරෆෙන් හෙම දෙනවට විරුද්ධ වුණා . එනිසා අපි ඒ බෙහෙත් දුන්නේ නිවාඩු ගිය වෙලේක අසනීපයක් වුනොත් හෝ හදිසියකදී පමණයි.

  මගේ බිරිඳ බඩේ අමාරුවට කමමයිල් තේ දුන්නා. නැත්නම් මාදුරු (caraway seed ) තඹ දුන්න. කැස්සට තවත් ජර්මන් තේ වර්ගයක් තිබුන.  අපේ පස් පංගුව (පත්පාඩගම් , වෙනිවල්ටගැට  ආදී ) වැනි පැකට් එකක් ජර්මන් ෆාමසි එකකින් ගෙනත් තිබ්බ. මේ නිසා මම ඇහුවා කොහොමද මේවා ගැන දන්නේ කියල. එතකොට තමා දැන ගත්තේ ජර්මන් දොස්තරවරුන් විසින් මේ අනිත් ප්‍රතිකාර විධි ගැන රෝගියාව දැනුවත් කළ යුතුයි කියල.

එනිසා අදත් අපි සමහන්, කොත්තමල්ලි, සහ පස්පංගුව මුලික සෙම් ප්‍රතිශ්‍යාවක් හෝ උණක් හැදුනොත්  භාවිතා කරනව. කරවිල කනවා සීනි අඩුවෙන්න. කරපිංචා මැල්ලුම හදනව කොලෙස්ටරෝල් බහින්න. එම අතරතුර බටහිර බෙහෙතුත් ගන්නවා. මොකද ඒවා ඉක්මනින් ප්‍රතිඵල ගෙන දෙන නිසා. විද්‍යාවේ දියුණුව අපි හෙලා දකින්නේ නැහැ. නමුත් බටහිර බෙහෙත් වලින් එන අතුරු ආබාධ  ගැන අප දැනුවත් විය යුතුයි.


උදාහරණයකට ගත්තොත් කොලෙස්ටරෝල් අඩු කරන්න දෙන සිම්වස්ටනින් නිසා හන්දිපත්  රුදාව , මාංශ දියවී යාම වැනි දේ හැදෙනවා. නමුත් ලාභ බෙහතක් නිසා හැමෝටම දෙනවා.  චෝදනා  කලොත් පමණක්  ඒ වෙනුවට අස්ටර්වස්ටටින් දෙනවා. ඒක ඊට වැඩිය ගණන් බෙහෙතක්. ඒ බෙහෙතින් උගුරේ සේම හිරවෙන ගතියක් තිබෙනවා. වඩා හොඳ දේ ව්‍යායාම කරලා කන කෑම වලිනුත් ප්‍රවේසම් වෙන එක. 


මෙන්න ලංකික සිතුවිලි ගේ ප්‍රතිචාරය:


ඔබ ඉතා වටිනා මාතෘකාවක් තමයි තෝරගන තියෙන්නේ, දැනටනම් මගේ ස්ථාවරය මුනින්ම මම කියන්නම් එනම් නවීන බටහිර වෙදකම වෙත යොමුවෙන පුද්ගලයෙක් ඒ දේශ බැලිය යුත්තේ විශ්වාශයෙන් නොව බලවත් සැකය කිනුයි.

මම දැන් මගේ අද්දැකීම කියන්නම් මගේ පියා 2003 දී පුද්ගලික වෛද්‍යවරයකු විසින් පරික්ෂා කිරීමෙන් පසු කියන්නේ හැකි ඉක්මනින් රෝහල් ගතවන ලෙසයි, අපි ජාතික රෝහල වෙත යොමුවෙන්නේ මේ නිසයි, ඉහත පුද්ගලික වෛද්‍යවරයා  ECG මහින් මේ තීරණය ගත්ත, රෝහල් ගතවූ වහාම ඔහුට streptokinase නමැති රුධිර කැටි පාලනය කිරීමට දෙන ඔසුවක් ලබාදුන්නා, සිදුඋනේ මෙය අසාත්මික වීමයි, මම මගේ පියාගේ ඇද ලග සිටින විටදී මම දැක්ක ඔහුගේ සේලයින්  වලට ලබාදෙමින් තමයි තිබුනේ, මම ඔහුගේ අපහසුතාවය දැක්ක විට වහාම ළඟ  සිටින හෙද මහතා දැනුවත් කළා. එතන සිටි එක හෙද මහතකු වේගයෙන් දොස්තර මහතා සොයා ගිය අතර අනෙක් හෙද මහතා කරමින් සිටි වැඩේ නවතා ඉක්මනින් කිසියම් බෙහෙතක් සාදන්න පටන්ගත්ත, වාට්ටුවේ වෛද්‍යවරයා  ආ වහාම ඔහු අදාළ සේලයින්  එක ඉවත් කල අතර කිසියම් දෙයක් අර හෙද මහතා ට පැවසුවා ඔහු එය කියනවත් සමග සාදා නිමකළ ඔසුව දොස්තර මහතාට ලබාදුන්නා, මෙම බෙහෙත ලබාදුන් පසු මගේ පියා සුව අතට පැමිණියා.

දැන් දොස්තර මහතුන් ගෙන් සිදුවුනේ කුමක්දැයි අහපුවහම ඔවුන් කිව්වේ " ඕගොල්ලෝ  හොදටම අමාරු උනාමනේ ගෙනාවේ " ලෙසයි ඖෂධ  වේදිනියක් වූ මගේ මව කිව්වේ "ඉතින් ඩොක්ටර් ඇවිදගන්නේ ආවේ කොහොමද මෙහෙම උනේ කියලයි, "
ඉන් පැයකට පමණ පසු මගේ නැන්දනියක් (ඇය එවක ජෙෂ්ට වෛද්‍යවරියක්  ලෙස රාජ්‍ය සේවයේ සිටියා) පැමිණ මගේ පියාට ලබාදුන් බෙහෙත් ගැන විස්තර බැලූ වහම අදාළවෛද්‍යවරයා මුණගැසුනා, ඔවුන් ඇයට පවසා ඇත්තේ streptokinase අසාත්මික තාවයක් මගේ පියාට ඇතිවී ඇති බවයි.

ඔබට මතක ඇති මම කලින් කිව්වා හෙද මහතකු විසින් කිසියම් ඔසුවක් සෑදුවා කියල ඔහු සාදල තියන්නේ hydrocortisone. කියන ඔසුවයි දොස්තර මෙය පිලියල කිරීමට අණදීමට පෙරම ඔහු දැනසිටියා සිදුවී ඇත්තේ කුමක්ද කියල (ඔබට හිතන්න පුළුවන් මෙවැනි රෝගීන් කොතරම් ප්‍රමාණයක් මෙහෙම වෙලා තියනවද කියල මේ හෙද මහතාට මෙහෙම අද්දැකීමක් තියෙන්න) මේ දොස්තරලා වරද අපේ පිට පැටෙව්වත් ඇත්තනම්  ඔවුන්ගේ ඔසුවක් තමයි විසවී ඇත්තේ.

මේ ඔසුවල නම් දැනගත් වහාම මම ගෙදර පැමිණි විට අන්තර්ජාලය ඔස්සේ සෙවීමේදී සොයාගත්ත මේ streptokinase හොඳ  ඔසුවක් ලෙස පාවිච්චි උනත් අසාත්මික තාවයකදී මියයන්න උනත් පුළුවන් බව.

මිට ආදේශක වඩා හොද ඔසු තිබුණත් මිලෙන් වැඩි නිසා රජයේ රෝහල් වල පාවිච්චි උනේ නෑ.

මේ තමයි මට මුල්ම බටහිර ක්‍රමය ගැන අප්‍රසාදය ඇතිඋනේ .

ඉන් අවුරුදු කීපයකට පසු මගේ පියා ගේ බඩට මදක් ඉහලින් වේදනාවක් ආව මෙය දිනෙන් දින වැඩි උනා මම විවිද විශේෂන්යයන් ලගට ගෙනිච්චත් ඔවුන්ට ලෙඩේ හොයන්න බැරිඋනා විවිද පර්යේෂණ කරන්න කිව්වත් ඒ එකකින් වත් රෝගය සොයන්න බැරිඋනා අවසාන ලෙස මම ඔහුව වේදමහතකු ලගට ගෙනගියා ඔහු විසින් පරික්ෂාකර සිංහල බෙහෙත් වට්ටෝරෝවක් ලියා දුන්න මේ බෙහෙත් දෙනකොට ඔහු කිව්වා මෙය බෙහෙත් වර්ග දෙකක් ගැනීම නිසා ආමාශයේ ඇතිවී ඇති තත්වයක් කියල, ඇත්තටම මගේ පියා කලක් සිට ගනිමින් තිබුන මෙට්ෆෝමින් නමැති ඔසුව ඔහුගේ දොස්තරවරිය වෙනස් කරල තිබුන මොකද තවදුරටත් එය ඔහුට ප්‍රමාණවත් නැති නිසා.

දැන් වෙදමහතා කිව්වා මේ බෙහෙත් වලින් අපහසු තාවය සුව වෙයි හැබැයි දියවැඩියාව කෙසේ හෝ පාලනය කලයුතු බව. දැන් සති 2ට පමණ පසු මගේ පියාගේ අසනීපය සෑහෙන්න සුව උනා දැන් ආහාර පාලනය සහ සිංහල බෙහෙත් වලින් දියවැඩියාවත් පාලනය උනා, මසක් පමණ යනවිට වේදනාව නැත්තටම නැති උනා හැබැයි වෙදමහතා කිව්වේ දියවැඩියාව පාලනය කිරීම අවශ්‍ය බවත් යම් විදියකින් දියවැඩියා  මට්ටම වැඩි වෙනවනම් ඉංග්‍රීසි බෙහෙත් ගන්න සිදුවෙන බවයි, ඒ වගේම ඔහු කිව්වා ඉංග්‍රීසි බෙහෙත් ගත්තොත් නැවත වේදනාව පැමිණෙන බව.

මෙහෙම කලක් ආහාර පාලනයෙන් මනාව දියවැඩියාව පාලනය උනත් ඔහු ටිකකලකින් තමන් කැමති කෑම ගැනීමට පටන්ගත්ත, එක දිනකදී මම glucometer පරික්ෂා කිරීමේදී දැක්කේ සිනි මට්ටම ඉතා ඉහල බවයි. මෙනිසා මම කිව්වා බටහිර ඔවුෂද ගන්න ඕනේ කියල, ඔහු එය පාවිච්චියත් සමගම නැවත වේදනාව පැමිණියා.

දැන් නැවත වේදබෙහෙත් අරගෙන ආහාර පාලනය කරලා වේදනාව නැති කරගෙන තියනවා, මෙහිදී අප දැනගත් යුතු වැදගත් දෙයක් තියනවා එනම් දක්ෂ සිංහල වදමහතුන් සොයාගැනීම ඉතා අපහසුයි ඔබ සොයාගත්තොත් ඔවුන් දෙන බෙහෙත් සෑදීම සහ ගැනීමත් ඉතා අපහසුයි, නමුත් මතක තියාගන්න ඕනේ දේ ඉතා සෙමින් අසනීපය නිට්ටාවට සුව වෙනවා, අනෙක් කරුණ තමයි සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙගේත් වගේ වේගවත් නෑ මෙනිසා යමක් එපා කියල තියනවනම් මොනම හෙතුවක් නිසාවත් එය නොකළ යුතුයි. එහෙම විනයක් නැත්තනම් හොදම දේ බටහිර වෙදකමට යොමුවීමයි.

මෙයට පසු මම සිංහල වෙදකම ගැන පැහැදීම වැඩි උනා නමුත් කොමෙන්ටුව දික්වන නිසා මම නවතින්නම්.
අවසාන ලෙස ඔබ සිංහල බෙහෙත් වලට යොමුවෙනවා නම් ඔබ දැනගන්න ඕනේ සිංහල වෙදුන් නාමයෙන් ඉන්න හොරු වගේම බාගෙට දැනගත් අයත් ඉන්නවා, ඔබ කිසියම් වේද මහතකු විශාල ලෙස මුදල් අයකරනවනම් තේරුම් ගන්න ඕනේ ඔබ නියම සිංහල වේදමහතකු ගෙන් නෙමේ බෙගේත් ගන්නේ කියල. සිංහල වෙදකම තනිකරම තියෙන්නේ ආත්ම තෘප්තිය මත මිසක් මුදල් ඉපයීම මත නොවන බව. හැබැයි සමහර සිංහල බෙහෙත් තියනවා ඉතා ඉහල මිලක් වෙන, ඒ වගේ බෙහෙත් වලට මිසක් වේදමහත්තයට විශාල වශයෙන් අයකිරීමක් සිංහල වෙදකමේ වෙන්නේ නෑ.

//මෙය ඇනෝ ප්‍රතිචාරයකි.
http://www.diabetes.org/research-and-practice/patient-access-to-research/cinnamon-extract-improves.html?referrer=https://www.google.ca/
//
මෙහෙම දෙයක් තියනවා අජිත්, අපට දෙන බටහිර බෙහෙත් වල භයානක අතුරු ආබධ තියනවා නමුත් මේ බෙහෙත් වලත් අතුරු ආබාද අඩු ඒවා තියනවා, ප්‍රශ්නේ කියන්නේ රජයේ වගේම පුද්ගලික රෝහල් වලත් මේ බෙහෙත් නෙමෙයි දෙන්නේ.

මෙය අපේ රටේ විතරක් නෙමෙයි ඇමරිකාවෙත් මෙහෙමයි, ඔබ දන්නවා ඇති ලගදි ඩොනල්ඩ් ට්‍රුම්ප් විසින්
https://www.thestar.com/news/world/2017/01/10/trump-asks-anti-vaccine-advocate-to-chair-a-vaccine-commission.html
විසින් Robert F. Kennedy Jr ව පත්කරනවා වැක්සින් වල ප්‍රමිතිය පරික්ෂ කිරීමට.

Robert F. Kennedy Jr කියන්නේ වැක්සින් වලට විරුද්ධ  කෙනෙක් හැටියයිමාධ්‍ය  හදුන්වන්නේ නමුත් ඔහු කියනවා තමුන් තම දරුවන්ට වැක්සින් ලබාදුන් බවත් ඔහු ලබාදුන් වැක්සින් single-dose vials බවත් (එනම් මේම වැක්සින් වලට අහිතකර රසායනික ද්‍රව්‍ය  අඩංගු වෙන්නේ නෑ.)
https://www.youtube.com/watch?v=Yd3xdAp9_Zk

මේ තමයි විද්‍යාත්මක කතාව https://www.ncbi.nlm.nih.gov/pubmed/14758432
මේ single-dose vials ඉතා මිලෙන් අධිකයි මේ නිසා මෙය ගැන දැනුවත් අය මිසක් නොදැනුවත් අය ලබාගන්නේ නෑ (ශ්‍රී ලංකාවේ නම් මේ ගැන දැනගත්ත නොදැන ගත්තත් ලබාදෙන්නේ multi-dose vaccine vials පමණයි.

සිංහල බෙහෙත් ගන්නවානම් පුද්ගලයෙකුගේ  විනයක් තියන්න ඕනේ. ඒ තමයි ලබාදෙන බෙහෙත් නිසි ප්‍රමිතියෙන් ගන්න ඕනේ අසනීපයට අහිතකර දේ කිසිවිටකත් නොගත යුතුයි. මේ දේවල් පිළිපදින්න බැරිනම් සිංහල බෙහෙත් වලට යොමුවීම මෝඩකමක්, අනෙක් අතට සිංහල වේද මහතුන් විවිද ලෙඩ වලට ප්‍රතිකාර කිරීමට දක්ශ අය ඉන්නේ විවිද තැන්වල මෙනිසා මහන්සිය නොබලා ඔවුන් වෙත යන්න වෙනවා.

අවසාන ලෙස කියන්න ඕනේ බටහිර බෙහෙත් නිපදවන සමාගම් වල එකම අරමුන ලාභය උපරිම කිරීම තමයි මේ සදහා ඔවුන් නීතිය නමාගෙන තියනවා ඇමරිකාවේ පවා මොවුන් ඩොලර් බිලියන ගණන් මාධ්‍ය  සදහා වැයකරනවා ලගදි ඇමරිකාවේ ABC ආයතනයේ හිටපු මාධ්‍යවේදිනියක් අපුරු පුවතක් ඇගේ අඩවියේ පලකලා

https://sharylattkisson.com/cdc-scientist-confesses-to-destroying-study-documents-on-link-between-vaccines-and-autism-in-black-boys-but-crickets/

ඇය විසින් මේ මායාව ගැන https://www.youtube.com/watch?v=-bYAQ-ZZtEU අපුරු විවරණයක් කරනවා.

මම දන්නා විදියටනම් ඔබටබටහිර  බෙහෙත් වලට යොමුවෙනවානම් ඔබ ඉතාම දැනුවත් බාවයෙන් එය කලයුතු වෙනවා නැත්නම් ඔබට කනගාටුවිමට සිදුවෙනු ඇති.

තව කියන්න දෙයක් අමතක උනා, කිසියම් කෙනෙකුට දියවැඩියාව තියනවනම් සහ ගෙදර glucometer තියනවනම් මේ පරීක්ෂණය ගෙදරදී කරලා බලන්න.

පච්චපෙරුමාල් සහල් විශාවනිය තැනකින් මිලදීගන දිනක් ආහාරයට ගෙන පසුදින රුදිරය පරික්ෂා කරලා බලන්න ඔබ පුදුම වෙයි කොතරම් රුදිරයේ සිනි අඩුවී ඇද්ද කියල.

අපි ගන්න අහාරයේ පාලනය සහ වියායාම විශාල ලෙස මිට උපකාර වෙනවා.

"පච්චපෙරුමාල් සහල්" කියන්නේ ශ්‍රී ලංකාවේ පැරණි සහල් වර්ගයක් මේ සහලේ ඇති වැදගත්කම තමයි වෙලදපොලේ ඇති අනෙක් සහල්වලින් වෙන්කර හදුනාගැනීමේ පහසුව මේ නිසා යම් කෙනෙක් වෙනත් සහල් වර්ගයක් සමග මිශ්‍ර කලොත් පහසුවෙන් දැනගන්න පුළුවන්.

මේ දේශීය සහල් වලට කෘමිනාශක වගේම රසායනික පොහොර දැම්මොත් මේ පැල මැරෙනවා මෙනිසා මේවට රසායනික පොහොර දමන්න බෑ නමුත් කුට වෙළදුන් කරන්නේ මේවා වෙලදපොලේ ඇති වෙනත් සහල් සමග මිශ්‍ර කරනවා.

සුවදැල් කියන්නේ දියවැඩියාවට ඉතා ගුණ සහලක් නමුත් මේ සහල් ඇටය හරියටම සම්බා හාල් වලට සමානයි මෙනිසා මේ සහල් වෙලදපොලේ සම්බා සමග මිශ්‍ර කරනවා.

කොහොම උනත් මේ පැරණි සහල් වලින් හදන කැද වර්ග තියනවා, මගේ පියාගේ දියවැඩියා මට්ටම වේගයෙන් ඉහල යනවා පාන් හෝ සුදු බත් ආහාරයට ගන්න විට, මම මේ දේශීය සහල් වර්ග වලින් පිලියල කල කැද ලබාදුන්නට පසු glucometer මගින් පරික්ෂා කිරීමේදී සිනි මට්ටම ඉතා සුලුවෙනුයි වැඩිවී තියෙන්නේ . මම කරපු දෙය
මෙය කියවන අනෙක් යටත් glucometer එකෙක් තියනවනම් පරික්ෂා කරන්න පුළුවන්.

මෙහෙමයි දොස්තර andrew wakefield ගේ සහතිකය තහනම් කිරීමට හේතුවෙන්නේ එක්සත් රාජධානිය තුල කල පර්යේෂණයකින් නෙමෙයි ඇමරිකාවේ CDC ආයතනය විසින් කල පර්යේෂණයක තොරතුරු පදනම් කරගෙන එනම් දොස්තර විලියම් තොම්සන් ඇතුළු ප්‍රධානින් 3 දෙනෙක් කිව්වා ඔවිසම් සහ වක්සින් අතර සම්බන්දයක් නැති බව නමුත් වසර 10 ට පසු 2014 දී දොස්තර විලියම් තොම්සන් කියනවා 340% වක්සින් හා ඔටිසම් අතර සම්බන්දයක් කළු ජාතික ඇතිබව තිබුන වාර්තාව ඔවුන් විනාශ කල බව මෙන්න තියනවා ඇමරිකාවේ කොන්ග්රසයේදී මෙය සාකච්චා වෙනවා https://www.youtube.com/watch?v=qxr-cv-JuI8&t=13s

ඉහත දොස්තර් andrew wakefield ගේ විතරක් නෙමෙයි විද්‍යාසහතිකය අහෝසි කරන්නේ තව දොස්තර වරු 3 ක් ඉන්නවා, නමුත් එංගලන්ත අදිකරණය ඉදිරියේ සටන් කරන්නේ professor John Walker-Smith පමණයි මිට පවුම් ලක්ෂ 5ක් වැයවෙනවා, මෙතරම් මුදලක් නැති අනෙක් විද්‍යාවරු අධිකරණය ඉදිරියට යන්නේ නෑ.

මේ තියෙන්නේ ඔහු ජයග්‍රහණය කල ලිපියයි http://www.independent.co.uk/life-style/health-and-families/health-news/mmr-doctor-john-walker-smith-wins-high-court-appeal-7543114.html

අද ශ්‍රී ලංකාවේ දරුවකු පාසලකට ඇතුළු කිරීමට ඉස්සල්ල දරුවාට කිසියම් මානසික ආබාදයක් තියනවද කියල අහන්න තරම් මේ තත්වය දුරදිග ගිහිල්ල ඉවරයි.

මෙන්න බලන්න http://www.divaina.com/2013/10/15/feature03.html දිවයින පත්තරේ බලන්න. 1996 දී 10,000 ට 6 වූ ඔටිසම් රෝගීන් 2013 දී 100 ට 1 ක් දක්වා වර්දනය වෙලා දැන් වෙනකොට මෙය 50 ට 1 ක් දක්වා පැමිණිලා ඉවරයි.

andrew wakefield ගේ කතාව ලොකුවට ගියාට මෙයට දෙන්නේ ඉතා අඩු වටිනාකමක්.

ඉදිරියේ ට්‍රම්ප් මේ ගැන පියවර ගන්න බවට දැනටමත් හිතන්න පුළුවන් ඔහු මේ පිළිබදව https://www.youtube.com/watch?v=_wiam6ui88E
Robert F. Kennedy Jr. ව පත්කරනවා
මේ සිදුවීම ජනතාව අතරට ගෙනයාම මගින් ට්‍රම්ප් තමාගේ ජනප්‍රිය බව ඇතිකරන අතර ඔවුෂධ මාෆියාවට බලවත් පහරක් දෙනු ඇති, හැබැයි මෙය කිරීමට ඉස්සල්ල ට්‍රම්ප් ව එලවන්න මේ සමාගම් කටයුතු කරයි.

ජනමාධ්‍ය මේ ගැන නිහඩ ඩොලර් බිලියන ගණනක වෙළද දැන්වීම් ඔවුන් ට අහිමි වන නිසා මේක තමයි ඔවුන් නිහඩ තාවය පවත්වන්නේ ABC ආයතනයේ හිටපූSharyl Attkisson https://sharylattkisson.com/cdc-scientist-confesses-to-destroying-study-documents-on-link-between-vaccines-and-autism-in-black-boys-but-crickets/




39 comments:

  1. කරවිල [Tittata Kaeveniya] කැප්සියුල්ස් හදලා තියෙනවා මං දැක්කා 2005 විතර ලංකාවේ දී.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. මම ලංකාවේ දැක්ක. කරවිල වලට ඇමෙරිකාවේ කොම්පැනි එකකින් පේටන්ට් එක අරන් කියන්නේ ඇත්තද?

      Delete
  2. ස්තුතියි අජිත්,

    මම හිතන්නේ මේ ගැන දැනුවත් වීම ශ්‍රී ලංකාවේ වෙන්න ඉස්සල්ල ඇමරිකාව තුලින්ම සිදුවෙයි දැනටමත් මේවට පවරපු වසර ගණනක් පැරණි නඩු පරදින්න පටන්ගෙන
    https://inews.co.uk/essentials/news/health/narcolepsy-swine-flu-vaccine-government-loses-appeal/

    මේ බලන්න ලෝක ප්‍රසිද්ධ Dr. Oz ගේ මතය https://www.youtube.com/watch?v=bGNn_prJXhg
    දැන් වරදවා තේරුම් ගන්න එපා ඔහු කියන්නේ වැක්සින් දරුවන්ට නොදියයුතුයි කියල නෙමෙයි ඔහු පක්ෂයි ලෝකයේ දරුවන්ට වැක්සින් ලබාදීමට ඔහු විරුද්ධ තමන් ගේ දරුවන්ට වැක්සින් ලබාදීම පමණයි.

    ඔහුගෙන් අසන ප්‍රශ්නය " ඔබ කොහොමද අනෙක් දෙමාපියන්ව පොලබවන්නේ වැක්සින් දියයුතු බව ?

    ඔහුගේ පිළිතුර "ඔබ කියනවනම් මම ගන්නම් නමුත් මගේ ළමයින්ට මෙය දෙන්නේ නෑ මොකද මගේ බාර්යාව කැමතිනෑ වැක්සින් දෙනවට, මම දැන් Dr. Oz උනාට ගෙදර ගියහම Mr . Oz වෙනවා කියලයි.

    ඔබ සදහන් කළා ජර්මනියේ කොහොමද බටහිර වෙදකම පාවිච්චි වෙන්නේ කියල මම අපුරු වැඩසටහනක් බැලුව මෙහි සදහන් වුනේ මාස 6ට පමණ පසු අපේ බඩ සුද්ද වීමට බෙහෙත් ගතයුතුයි කියන අදහස බටහිර වෙදකමේ පිලි නොගන්න තත්වයට ඇවිල්ල නමුත් එය විස්තර කරපු දොස්තර වරයා සදහන් කලේ මේ පිළිබද කල පර්යේෂණයේ ඔහු ජර්මන් වයිද්‍ය සගරා පරික්ෂා කිරීමේදී ඔහුට හමුවෙලා තියනවා සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය මේ ආකාරයට මාස ගණනකට පසු බඩ සුද්ද වෙන්න බෙහේත් ගැනීමෙන් ඉවත්කර ගත හැකි බව.

    අවසාන ලෙස ඔබ දරුවන්ට ලබාදුන් එන්නත ගැන යමක් කිවයුතුයි මම නම් හිතන්නේ ශ්‍රී ලංකාවේ දෙමාපියන් තියා දොස්තර වරු වත් මේ ගැන දැනුවත් නෑ,
    හැකිනම් මෙය නරබන්න මෙය ඇමරිකාවේ කොන්ග්‍රසයේ අසන ප්‍රශ්නයකට දෙන පිළිතුරුයි
    https://www.youtube.com/watch?v=id-gGYQihaM


    මෙහි Single dose සහ multi dose වැක්සින් ගැන වෙනස කියනවා මේ අජිත් තමන් ගේ ළමයින්ට දීල තියෙන්නේ Single dose වැක්සින් එකකුයි මෙය එක ළමයකුට එකයි දෙන්න පුළුවන් මේ නිසා අධික මිලක් වෙනවා නමුත් multi dose වැක්සින් ළමයි 30 ට පමණ එක බෝතලයෙන් ලබාදෙනවා මෙනිසා මෙයට විෂ නැසීමට යයි කියල අහිතකර රසායන ද්‍රව්‍ය වැක්සින්නයට අඩංගු කරනවා, මේ වයෙන් එකෙක් තමයි Thimerosal, තේරෙන විදියට කිව්වොත් රසදිය වර්ගයක්.

    මේ තියෙන්නේ රසදිය අංශු මාත්‍රාවකින් මොලේ සයිල වලට සමාන සයිල විනාශ කරන අයුරැයි ලෝකයේ මේ පරීක්ෂණය කරන්නේ කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලයයි, මෙය තමයි ඇමරිකාවේ කොන්ග්‍රසයේ ප්‍රශ්න කිරීමට පාවිච්චි කරන්නේ
    https://www.youtube.com/watch?v=IHqVDMr9ivo

    (මහා ලොකුවට ඇමරිකාවේ පර්යේෂණ කළා කිව්වත් ඔබට පේනවා ඇති මෙම විශාල සමාගම් වලට අවාසි දායක පර්යේෂණ සිදුවී නැති බව නැත්නම් කැනඩාවෙන් ආනයනය කරන්න ඕනේ නෑ පර්යේෂණ ප්‍රතිපල )

    ReplyDelete
    Replies
    1. ඔව් මම ළමයි දෙන්නටම දුන්නේ සිංගල් වැක්සින් තුනක් වෙනම මාස දෙකෙන් දෙකට. එතකොට බලපෑම අඩුයි. නිකන් කල්පනා කරලා බලන්න පුංචි ළමයින්ට ලොකු වක්සින් දෙන්න හොඳද කියල. ඔය මුල්ම එක දැන් කියෙව්වේ . ඒක දනන් හිටියේ නැහැ. වැඩිය ප්‍රසිද්ධිය දෙන්නේ නැහැනේ. රසදිය හොඳ නැහැ කියල මමත් පිලි ගන්නවා.
      ජර්මනියේ යන පිළිවෙත හොඳයි කියල මාත් හිතනවා. හොඳනම් ඕනෑම වෛද්‍ය ක්‍රමයක් අනුමැත කිරීම.

      Delete
    2. //(මහා ලොකුවට ඇමරිකාවේ පර්යේෂණ කළා කිව්වත් ඔබට පේනවා ඇති මෙම විශාල සමාගම් වලට අවාසි දායක පර්යේෂණ සිදුවී නැති බව නැත්නම් කැනඩාවෙන් ආනයනය කරන්න ඕනේ නෑ පර්යේෂණ ප්‍රතිපල )// මේක ඇත්ත

      Delete
  3. අවසාන ලෙස මම කැමතියි මෙය කියවන දැනට විශ්‍රාම ලබල ඉන්න ශ්‍රී ලංකාවේ ළමාරෝග විශේෂන්යයන් කීපදෙනෙකු අදරිජ්වේ ආර්යා ළමා රෝහල ට ගිහිල්ල ඔටිසම් සහිත ළමයි කීදෙනෙක් ඉන්නවද කියල බලල ඔවුන් ගේ කාලයේත් දැනුත් අතර වෙනස කියනවනම්.

    මේතියෙන්නේ ඩොනල් ට්‍රම්ප් විසින් වැක්සින් වල ප්‍රමිතිය පරික්ෂා කිරීමට පත්කළ Robert Kennedy කලකට පෙර කල සම්මුක සාකච්චාවක්.
    https://www.youtube.com/watch?v=zrIM2hwrLoc

    ReplyDelete
    Replies
    1. එහෙම පර්යේෂණ වෙන්නේ නැහැ මම හිතන්නේ (ලංකාවේ ) - වෙනවද?

      Delete
  4. හැම මළදානෙටම වෛද්‍යවරුන්ටම දොස් කියන එක වැරදියි කියන තැන මාත් ඉන්නවා..

    මෙතනදි ජනතාවගෙත් වැරද්දක් තියෙනවා. ඒ කාළේ වගේ නෙමෙයි ලෙඩ කියන්නෙත් කල්ට් එකක්. උන හෙම්බිරිස්සාවටත්, පඩයක් ගියත් කෙලින්ම ෆැමලි ඩොක්ටර්. ඊ ළඟට ලෙඩේ ගැන හැම තැනම කතා කරනවා. හාට්, ෂුගර්, ඇපෙන්ඩිසයිටිස්, ආතරයිටිස් ඉතරක් නෙමෙයි සිරෝසිස් කියන්නෙත් පවුලකට නම්බුව ගේන දෙයක්.. තාම ඒඩ්ස් වලට විතරක් ඒ තත්වේ නෑ.. ළඟදීම ඒකත ආඩම්බරෙන් කියයි. එතකොට කව්ද ඇල්ලුව ස්පෙෂලිස් කියන එක. එතකොට ඉස්පෙසොලිස්ට් එන ප්‍රයිවට් හොස්පිටල් එක. මෙඩිසින්ස් ටික ගත්ත ෆාමසිය.. ඔසු සලෙන් ගන්න එක තත්වෙට හරි නෑ.. ඊට පස්සේ අසූහාරදාහක් ටෙස්ට් රිපෝට්.. ඉස්කෑන්.. අල්ට්‍රා සවුන්ඩ්.. ඊ ඊ ජී.. බී සී ජී.. සී ටී බී.. එෆ් සී යූ කේ... අම්මගෙ රෙද්ද ඔක්කෝම... අන්තීමට ඕකුන් ගාවට ගියත් මැරෙනවනේ. ඊට පස්සෙත් කල්ට් එක ආයේ එනවා.. කව්ද ෆියුන්‍රල් ඩිරෙක්ටර්ස්ලා කියලා.. ෆොලිරිස්ට්ලා.. පාංශුකූලෙට වඩින හාන්දුරුවෝ.. හත් දවසෙ බණට එන හාන්දුරුවෝ..

    මේක මහා පිස්සු රටක් අජියෝ...
    එහෙව් රටක
    දොස්තරලා පිස්සු කෙලින් එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. මාතා,

      දොස්තර වරුන්ට දොස්කියල වැඩක් නෑ අද, අද වෙන කොට අපට දෙන බෙහෙත් ගැන සහ එහි අහිතකර විපාක ගැන අන්තර්ජාලයෙන් සොයන්න පුළුවන් මේ විදියට දැනුවත් වෙලා නැවත බෙහෙත් දෙනකොට මිනිසුන්ට අයිතියක් තියනවා ප්‍රශ්න කරන්න.

      දොස්තර වරයාගේ යුතුකමක් රෝගියට විස්තර කරන්න

      Delete
    2. ලංකාවේ ඕවා කරන්න ගියොත් පුකට පයින් ගහලා එලවයි..

      උන් දෙයියෝ කරලා තියෙන්නෙත් මේ ගොබ්බ ජනතාවම නේ...

      Delete
    3. ඔය උද කියපු එකට බ්ලොග් ලිපියක් ලියන්නකෝ මාතලන්. ම එක තමයි යථාර්තවාදී ලිවිම කියල මම නම් කියන්නේ.
      /ළඟදීම ඒකත ආඩම්බරෙන් කියයි. එතකොට කව්ද ඇල්ලුව ස්පෙෂලිස් කියන එක. එතකොට ඉස්පෙසොලිස්ට් එන ප්‍රයිවට් හොස්පිටල් එක. මෙඩිසින්ස් ටික ගත්ත ෆාමසිය.. ඔසු සලෙන් ගන්න එක තත්වෙට හරි නෑ.. ඊට පස්සේ අසූහාරදාහක් ටෙස්ට් රිපෝට්.. ඉස්කෑන්.. අල්ට්‍රා සවුන්ඩ්.. ඊ ඊ ජී.. බී සී ජී.. සී ටී බී.. එෆ් සී යූ කේ... අම්මගෙ රෙද්ද ඔක්කෝම... අන්තීමට ඕකුන් ගාවට ගියත් මැරෙනවනේ. ඊට පස්සෙත් කල්ට් එක ආයේ එනවා.. කව්ද ෆියුන්‍රල් ඩිරෙක්ටර්ස්ලා කියලා.. ෆොලිරිස්ට්ලා.. පාංශුකූලෙට වඩින හාන්දුරුවෝ.. හත් දවසෙ බණට එන හාන්දුරුවෝ..//

      Delete
  5. //උදාහරණයකට ගත්තොත් කොලෙස්ටරෝල් අඩු කරන්න දෙන සිම්වස්ටනින් නිසා හන්දිපත් රුදාව , මාංශ දියවී යාම වැනි දේ හැදෙනවා. නමුත් ලාභ බෙහතක් නිසා හැමෝටම දෙනවා. චෝදනා කලොත් පමණක් ඒ වෙනුවට අස්ටර්වස්ටටින් දෙනවා. ඒක ඊට වැඩිය ගණන් බෙහෙතක්. ඒ බෙහෙතින් උගුරේ සේම හිරවෙන ගතියක් තිබෙනවා. වඩා හොඳ දේ ව්‍යායාම කරලා කන කෑම වලිනුත් ප්‍රවේසම් වෙන එක.//
    මට හරිම වැදගත් ලිපියක්. කාලයක් වෛද්‍ය උපදෙස් මත සිම්වස්ටනින් ගත්තා. අන්තිමේදි liver test ෆේල් වුණා. ටැබ්ලට් එක නවැත්තුවම ආයෙම okay.

    ReplyDelete
    Replies
    1. සිම්වස්ටටින් කියන්නේ ලභාම එක. ඒකෙන් හෘද රෝග අඩුවෙනවා. ඒක ඇත්ත. කොලෙස්ටරෝල් අඩුවෙන නිසා. නමුත් අතුරු අබාධ ගොඩක් තියනවා. දණහිස් අමාරුවේ සිට, ලිවර් එක විතරක් නෙමේ අසත්මිකටහ්ව ඉඳන් එනවා. හැබැයි මේක නවත්වල නිකන් හිටියොත් හෘද රෝග හැදෙනවා කොලෙස්ටරෝල් වැඩි වෙලා. අර ගෙදර ගියොත් අඹු නසී වගේ තමා. එනිසා අස්ටර්වස්ටටින් ගණන් පුළුවන්. එකෙත් ප්‍රශ්න තියනවා. රැට ඉඩ ගන්න බහ. සේම වැඩිවෙලා උගුර හිරවීම. මාංශ දියවීම වගේ ලෙඩක්. ඒමක් හරියටම අහල කියන්නම් . යාළුවෙක් ඉන්නවා ඒ ගැන කියපු. වෛද්‍යවරයෙක්

      Delete
  6. මේ ලිපිය පුරාම ප්‍රතිකාර කිරීමේ අවදානම පැහැදිලි වේ.මේ අවදානමින් සැකයෙන් තොරව ලෝකයේ ජීවත්වන සෑම වැඩිහිටියෙක්ම සෑම විෂයක් කෙරෙහිම සාමාන්‍ය අවබෝදයකින් සිටීමත්,දොස්තරට වැඩේ භාර දීලා සිටීම පමණක් මදිය අපේ අදහසුත් සමග තීරන ගැනීම සහ වෛද්‍යවරයාට හොඳ මානසිකත්වයකින් ලෙඩාට ප්‍රතිකාර දීමට අපගේ තර්කයන්ගෙන් මතුවූ සැකයෙන් තොර පිලිතුරුද ද වෛද්‍යවරයාට උපකාර්‍ර වේ.'දේශීය ඖෂධ සහ බටහිර ඖෂධ'//දේශීය ඖෂධ අපේ ශරීර වලට බොහෝම මිතුරු කමක් දක්වයි මූත් හදිසි උග්‍ර අවස්තාවක බටහිර ප්‍රතිකාර ද අවස්තාවදී ලෙස ලබාගැනීම නුවනට හුරුය.//වැඩිහිටි කවුරුත් දිනපතා අධ්‍යාත්මික දැනුම සොයා යා යුතු යුගයක් මේ.ඒ පහසුව අද ඕනාටත් වඩා තිබුනත් අනවශ්‍ය තොරතුරු මනසට රැස්කර ගන්නා අය බොහෝය.අද්‍යාත්මික දැනුම රැස්කිරීම ඔබට පමණක් නොව,ඔබේ පවුලට පමණක් නොව ,ලොවටම බව හිතට ගෙන නිකරුනේ මුහුණත් පිටුවල සැරිසරන ලාංකික වැඩිහිටියන් ඒවායින් ලබාගත යුතු ප්‍රවෘර්තියක් ලබාගන්නා වෙනුවට මනසවල් වෙනත් අනවශ්‍ය පැති කරා යෑම දූෂිත පරිසරයක් නිර්මාණය ට පෙලඹී ඇත.මාතෘකාවට අදාල නොවුනත් මෙයද සඳහන් කිරීම මානුසික වසයෙන් යුතුකමක් සහ මතක් කිර්‍රමක් වේ.

    ReplyDelete
    Replies
    1. //මේ අවදානමින් සැකයෙන් තොරව ලෝකයේ ජීවත්වන සෑම වැඩිහිටියෙක්ම සෑම විෂයක් කෙරෙහිම සාමාන්‍ය අවබෝදයකින් සිටීමත්,දොස්තරට වැඩේ භාර දීලා සිටීම පමණක් මදිය අපේ අදහසුත් සමග තීරන ගැනීම සහ වෛද්‍යවරයාට හොඳ මානසිකත්වයකින් ලෙඩාට ප්‍රතිකාර දීමට අපගේ තර්කයන්ගෙන් මතුවූ සැකයෙන් තොර පිලිතුරුද ද වෛද්‍යවරයාට උපකාර්‍ර //ඔබ සමග එකඟයි

      Delete
  7. Replies
    1. ඒ පැත්තේ එන් බැරිවුනා ගොඩ දවසකින්. ආවට ස්තූතියි.

      Delete
  8. ඉතා අගනා ලිපියක් වගේම ලාංකික සිතුවිලි හොඳ ආලෝකයක් එක් කරලා තියෙනවා ලිපියට...

    ReplyDelete
    Replies
    1. ලාංකික සිතුවිලි ගේ ප්‍රතිව්හාරය නිසා තමා ලීවේ. ස්තූතියි.

      Delete
  9. දොස්තර විලියම් තොම්සන් ගේ පාපොච්චාරණයේ කොටසක් මෙහි අඩංගු වෙනවා
    https://www.youtube.com/watch?v=sGOtDVilkUc

    ReplyDelete
  10. බටහිර වෙදකම වෙනුවට සිංහල ආයූර්වේද වෙදකම පිළිබඳව ඇසූ දුටු දේ හැරුනු විට මෑත දී මා ලැබූ අත්දැකීමක් තිබෙනවා. උරහිසට ඇති වූ අනතුරක් නිසා දකුණු අතේ ඇඟිලි පවා චලනය කරද්දී ඇතිවන්නට වූ වේදනාවෙන් පීඩාවට පත්ව ප්‍රතිකාර සොයා යාමේදී ආයූර්වේදයේ වටිනාකම පසක් වුනා. මේ සඳහා අඩුම වශයෙන් මාස තුනකව් විවොක්යක් ගතයුතු බව බටහිර වෛද්‍ය උපදෙස් වුවත් ආයූර්වේද වෛද්‍යවරයාගේ පත්තුවක් සහ උපදෙස්මත දින කීපයකදී ඇඟිලි හසුරවා මෙවැනි කොමෙන්ටුවක් තැබීමට හැකිවුනා අජිත්. අත සම්පූර්ණ සුවය කරා වේයෙන් පිවිස ඇති බව තේරුම් ගොස් තිබෙනවා. ඇස් වල ආබාධ සුව කිරීම පිණිස කළ වෙදකම් ගැන ඇසූ දුටු පුවත් මීට පෙර පහත ලින්කුවේ https://sugv.wordpress.com/2016/09/02/%E0%B6%B6%E0%B7%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%85%E0%B6%B1%E0%B6%B3%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B6%AF/

    ReplyDelete
    Replies
    1. සමහර ආයුර්වේද වෙදකම් ඉතා හොඳයි. නමුත් අර ඉහල කිව්වා වගේ කවුද හොඳ කවුද හොඳ නැත්තේ කියන ප්‍රශ්නය තියනවා. බටහිර වෙදකමේ බෙහෙත් සියල්ල එකම විධිහට වැඩ කරන්නේ. ඔබේ ලිපිය හොඳයි. මට මිස් වෙලා ඒක.

      Delete
  11. බටහිර බේත් පමණක් නෙමෙයි ආයුර්වේද බේත් වලත් අතුරු ආබාධ ඇතිවූ අවස්ථා තියනව නේද? විශේෂයෙන්ම වකුගඩු හානිවෙලා තියනවා වෙන ලෙඩ වලට ගත්ත බේත් වලින්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මම අහල තියනවා. හැම ආයුර්වේද බෙහෙතක්ම හොඳයි කියන්න බැහැ වගේම හැම බටහිර බෙහෙතක්ම හොඳයි කියන්නත් බැහැ. බටහිර බෙහෙත් වල හොඳේ තමයි ඒවායින් එන අතුරු ආබාධ ගැන මිනිසුන් දැනුවත් කිරීම. නමුත් සිංහල හෝ ආයුර්වේද වෙදකමේ එය දකින්නට නැහැ.

      Delete
  12. ලිපිය කියවූ කරුණාවන්ත වෛද්‍යවරියක් මෙය ඒවා තිබෙනවා.
    Since you have written a lot about hospitals and doctors I thought of sending following links in Australia interplast web.

    You will find these very interesting.

    https://m.facebook.com/story.php?story_fbid=10154973242614913&substory_index=0&id=173554989912
    https://www.interplast.org.au/sri-lankan-success/

    https://www.interplast.org.au/sri-lankan-surgeons-stepping/


    This is about the work at GH Karapitiya
    These Doctors are from st Thomas and guys London . Pl go through there are interesting videos

    http://www.takeheartmercymission.com/

    ReplyDelete
  13. මට ලියන්න අමතක වුනු තවත් බෙහෙතක් තිබෙනවා. මට සමනය කිරි බොන්න බැරි අමාරුවක් තිබ්බ. ඒකට මුලින්ම නියම කල මේ බෙහෙත් පසුව මගේ උදරයේ ඇසිඩ් වැඩි නිසාත්, උගුරට ඒම නිසාත් දුන්න. ඔමප්‍රසොල්. ජර්මනියේදී දැනගත්තේ මේ බෙහත් දිගටම ගැනීම ඉතා භයානක බව. මාසයක් අරගෙන නවත්වන්න ඕනේ. (මේක හෙලිකොබැක්ටර් කියන බක්ටියව බඩේ තිබෙනවටත් දෙන නිසා හොඳ බෙහෙතක්) බෙහත් හොඳ වුනාට නිතර ගත්තොත් ලෙඩ ගොඩයි.
    අක්මාවට දරුණු ලෙස බලපානවා, බඩේ ඇසිඩ් අඩු වුණාම විටමින් බ 12 අවශෝෂණය නවතිනවා. කලන්තය, උණ , රෑෂ් හෙම එනව. එනිසා දිගටම ගන්න හොඳ නැති බෙහෙතක්.
    ජර්මනියේ හොයාගෙන තිබෙනවා කන්සර් හැදෙන්නත් පුළුවන් දිගටම ගත්තොත් කියල. (වසර ගනනක්) - හරියටම් දන්නේ නැහැ ඒ කතාව නම්.
    http://www.healthline.com/drugs/omeprazole/oral-capsule,-sprinkles#SideEffects2

    ReplyDelete
  14. බොහොමයක් අදහස් ලියැවිලා තියෙන නිසා මගේ අදහස කෙටියෙන් කිව්වොත් , අපේ සිංහල සුපශාස්ත්‍රය කියන්නේ ම සාර්ථක වේද හෙදකම් වලින් පිරුණු ශාස්ත්‍රයක්. නිවැරදිව අනුගමණය කිරීමෙන් නිරෝගිවන්න
    වටින ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. හුගක් එළවලු වල කිසියම් ඖශධිය වටිනාකමක් තිබෙනවා.

      Delete
  15. ajith meka anthima thuchcha asikkithayinge ratak kiyala mata hondatama pahadiliyi.. Me sudu redi andagena inna horu tikage niruwatha puluwan tharam ikmanin podu janathawata pennanna oni. Mokada mama thawamath wish wasa karanawa yamkisi awanka bhawayak samanya podu miniha thula ithuru wela thiyenawa.. Ajith me tika mama danagaththe slvlog eke video tika balala. SLVlog thiyenne youtube eke. Karunakara me horun niruwath karanna uparima sahayak owunta denna. Oba mama pathana sadharana deshaya sandaha api kala yuthu eka wishala karyayak eka. Please check it out and I hope you will do that job of a good civilian with this. Thanks!

    ReplyDelete
    Replies
    1. කලි ලිපියේ SLVLOG එකේ වීඩියෝ එකක් දමා තිබෙනවා. ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  16. ලිපිය කියවු යහළුවෙකු මෙය ඒවා තිබුණි.
    You have asked whether the tests relating to drugs are done here in Sri Lanka. My answer is most probably because we have good doctors or researchers and we don't have restriction as found in the US. Only thing is such researches are done here for foreign organizations and the results are their property. The researcher cannot publish them or divulge anything relating to them.

    Once a research was done for a soft-drinks company and the results were sent to the organization that provided money for the research. The researcher could not divulge anything relating to the research yet he said to a friend (in the same field) that he will never even look at those soft-drinks. Such companies do test their products (here as it is cheaper and less cumbersome. One thing is there are so many unwitting volunteers. That is they do take the product not knowing the danger. They do it willingly thinking that they are using an international product which is better than local things). Research Organizations hire our people because they are cheaper though they are of the same quality as their counterparts in the developed world and testing conditions are not stringent. The other thing is the guinea pigs are not from their country but from a third world country like ours. So the risks are minimal.

    Still the things we do not know are greater than what we know. When Genetically engineered food was prohibited in Sri Lanka the US ambassador spoke against it. Why? They don't sell us such food. The minister ultimately withdrew the prohibition probably to save his post. Now we don't have our papaw and the seeds for pumpkins grown in remote chenas are from Malaysia. (The papaw leaves of those Malaysian genetically engineered papaw trees cannot be used for the treatment of Dengue I think) The fruits of those plants either have no seeds or the seeds do not germinate. They are genetically engineered.

    When the incidence of cancer in Sri Lanka increases they will give a research grant to some our doctors to do a research on that and they might find the connection between the genetically engineered food and cancer but the results won't be published here as they are the property of the foreign organization. And that foreign organization might not publish them there even as they are directly involved in genetically engineered food. But they might enter into some other business before they are 'found out'.

    What happened to Union Carbide?

    Where is its one time Chairman?

    What is his name (then and now)?

    If you try to find answers you may end up searching for some more dangerous topics.

    Have a nice time friend.

    Regards.

    Jude

    ReplyDelete
  17. මට කරුණාකර පැහැදිලි කරලා කියනවා ද , දරුවන්ට දිය යුතු එන්නත් වර්ග සහ ඒවා රජයේ සායන වලින් දීම අහිතකර බවද ? එසේනම් පුද්ගලිකව ඒවා ලංකාවේ ලබා ගත හැකි ද? - නුගේගොඩ ගාල්ලගේ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මහත්මයා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. එවැනි අවවාදයක් දීමට මම සුදුසු නැහැ. මම වෛද්‍යවරයෙක් නොවේ. මේ ලිපියේ ලියා ඇත්තේ අපට සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඇතැම් බෙහෙත් හා එන්නත් වර්ගවල අප සිතන risk factors හෙවත් අතුරු අබාධ ගැන. දැනට විද්‍යා ලෝකයේ ඉහලින්ම තිබෙන්නේ බටහිර වෙදකමයි. එයට හේතුව නොයෙකුත් අයගේ කටවචනය මත මිස ඇතැම් ආයුර්වේද හෝ වෙනත් වෙදකම් ගැන නිසි පරීක්ෂණයක් කිසිවෙකු නොකළ නිසා.
      MMR වක්සිනය මම දරුවන්ට නොදුන්නේ මා සහ බිරිඳ ඒ ගැන දිගින් දිගටම සොයා වෛද්‍යවරුන්ගෙන් අසා දැනගත් කරුණු මතයි. නමුත් එන්නත් නොදී සිටීමට මා කවදාවත් සිතුවේ නැහැ. එනිසා මම ලන්ඩනයේ පෞද්ගලික රෝහලකින් එන්නත් තුන වෙන වෙනම ලබා දුන්නා. නමුත් බූස්ටර් එන්නත ලෙස රජයෙන් දෙන ට්‍රිපල් වැක්සින් එක ලබා දුන්න දරුවා ට වයස අවුරුදු 6 දී . මුලික එන්නත (මාස 12න් දෙන) එක තමා දුන්නේ නැත්තේ. ඒ ම සොයා ගත කරුණු මත.
      රජයේ එන්නත් හෝ පෞද්ගලික රෝහලක එන්නත් කියා වෙනසක් නැහැ ඔතැන. දෙන dose එක හෙවත් ප්‍රමාණය තමා අපි වෙනස් කලේ. MMR දෙන්නේ Measles, Mumps, and Rubella යන රෝග වලට. ඒවා රජයෙන් දෙන්න කියන ඒවා. වෛද්‍ය උපදේශය එය නම් ඔබ එය පිළිපැදිය යුතුයි. මම වෛද්‍යවරයා දැනුවත් කර තමා වෙනම දුන්නේ.
      සිම්වස්ටටින් ගැන කතා කරනවා නම් පවුලේ වෛද්‍ය්වරයාගේ උපදෙස් මතම තමයි එය නැවැත්වුවේ. මම මට ති ප්‍රශාන් පැහැදිලි කර කියුවා.

      Delete
    3. මම මට ති ප්‍රශාන් පැහැදිලි කර කියුවා.-- මට ඇති ප්‍රශ්න හෙවත් අතුරු අබාධ (බෙහෙත නිසා) පැහැදිලි කර කියුවා - යනුවෙන් වෙනස් විය යුතුයි.

      Delete
  18. අපේ සම්ප්‍රදායික සමාජය දොස්තරවරු දකින්නෙ සියළු දෑ කළ හැකි විශ්මිත ජීවින් කොටසක් ලෙස එතකොට ඔහුන්ට අර වෘත්තීමයභාවය කියන දේ මග හැරිලා වෙනම පිටසක්වල දේව කොට්ඨාසයක් ලෙස ඔහුන්ම හිතන්න ගන්නවා. දොස්තර හාමුදුරුවරු වහ දුන්නත් එම පිරිස දිහාට ඇගිල්ල දිගු වෙන්නෙ නෑ. මිනිස්සු යම් දැනුමකින් පෙරට වඩා කටයුතු කිරීම තුළින් අර හාමුදුරුවරු වගේ පට්ටම් ගැලෙවෙනවා වගේම ඔහුන්ගේ වෘත්තීයමභාවයත් මීට වඩා ඉහළ යයි. හොද ලිපියක්......

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .