මිනිසා කියන්නේ මේ ලොව පරිණාමවාදයට අනුව විකාශනය වූ හෝ දේවවාදයට අනුව මැවූ සතෙකි. කොයි විධිහෙන් ගත්තත් මිනිසා විශාල කුතුහලයක් සහිත මොළය වැඩුණු , සිතා මතා වැඩ කරන සතෙකි.
හිතා බලන්න. පළමුවෙන්ම ගින්දර සොයා ගත් ආදී කල්පික මානවයා ගැන. ඔහු නිරීක්ෂණය කරන්නට ඇති ලැව් ගිනි. එසේම ගල් දෙකක් ගැටෙන විට ගින්නක් ඇතිවෙන හැටි. අකුණක් වැඩි ගසක් ගිනි ගන්නා හැටි. ගින්න දෙවියෙක් යයි (අදත් සමහරු සිතති) සිතූ හැටි. ගින්න හසුරුවන අයුරු ආදී මානවයා සොයා ගත්තේ මිට වසර මිලියන් 0.2 ත් 1.7 ත් අතර යයි විකිපෙඩියාවේ කියවේ.
අනිත් පිරිමින් හා ගැහැණුන් දඩයමේ යන්නට මොහුට හෝ ඇයට කතා කරන්නට ඇති.
"නැහැ මම එන්නම් පස්සේ. මම මේ ගින්න හදන්න යන්නේ. " ගල් දෙකක් අතුල්ලමින් හෝ ලී කෝටු දෙකක් අතුල්ලමින් ඔහු හෝ ඇය කියන්නට ඇත.
"අර ළමයි බඩ ගින්නේ. අපට බඩ ගිනි. මස් ටිකක් හොයන්න වරෙන්. බොරුවට වෙලාව නාස්ති කරන්න එපා". ඔවුන් කියන්නට ඇත.
"අපේ ඔය ගල් මුදල් වියදම් කරන්නට එපා". (මා උපකල්පනය කරන්නේ ලස්සන කැටයම් සහිත පාෂාණ ඔවුන් හුවමාරු ඒකකයක් ලෙස භාවිතා කරන්නට ඇති කියාය)
ඔහු හෝ ඇය එසේ නොකලා නම් අපේ පරිණාමය තව ප්‍රමාද වන්නට ඉඩ තිබිණි.
නමුත් ගින්න සොයාගෙන එයින් මස් පළහා කන්නට මෙන්ම සීතල දුරු කර ගන්නටද ඔවුහු ඉගෙනගත්හ. මානවයාගේ පරිණාමයට ඉන් සිදුවුයේ අති විශාල මෙහයකි.
ඔවුන්ගේ කුතුහලය එතනින් නතර වූයේ නැත. මිනිසා දැනුම සොයා ගියේ නිසඟයෙනි. ඔවුන් දර්ශනවාදීන් වූයේද එහෙයිනි. දර්ශනවාදී දැනුමේ ඔන්ටෝලොජිය යනු මේ දේවල් කුමක්ද යන්න විමසීමයි. එපිස්ටමලොජිය යනු අප මේ දේවල් දන්නේ කෙසේද යන්න යි. මේ දෙක එකිනෙකට ඇතැම් විට සමපාත වුවද දැනුම සොයා යාමේදී මිනිසා පසුබට වූයේ නැත. මරණයෙන් වන්දි ගෙවමින් ඔවුන් ඒ සඳහා ඉදිරපත් වූහ. (සොක්‍රටීස් ගේ සිට )
තාරක විද්‍යාව යනු ලෝකයට අලුත් දෙයක් නොවේ. ඉන්දියාවේ සිට චීනය දක්වාත් අලෙක්සන්ද්රියාවේ සිට ඔලිම්පස් දක්වාත් අපේ ආදිතමයින් තාරකා ගැන අධ්‍යයනය කළහ. තාරකා පද්ධති සටහන් කළහ. ඒවාට දෙවියන්ගේ නම් දුන්හ. එසේම ඉරබටු තරුව හෝ වෙනත් තරු පිහිටන ආකාරය දැනගෙන නාවික ගමනාගමනය හසුරුවා ගත්හ. කාන්තාර වලදී මග සොයා ගත්හ.
ඕලන්ද ජාතික ලිපෙර්ශි මෙන්ම මත්යෙස් සොයාගත් දුර දක්නය ගැලිලියෝ වැඩි දියුණු කළේ තාරකා නිරික්ෂනයටය. නමුත් ඉන්පසු දුර දක්නය නාවික ගමනා ගමනයට භාවිතා විය.
අක්ෂාංශ දේශාංශ භාවිතාවට ආවේත් යුරෝපිය ජාතීන්ට ලෝකය වටා ගමනේ යෙදෙන්නට මෙන්ම අධිරාජ්‍ය ගොඩ නගන්නට උදව් වුයේද මේ සොයා ගැනීම් මය. අමෙරිගෝ වෙස්පුචි සඳේ සහ අඟහරු ග්‍රහයාගේ පිහිටීම අනුව තමන් සිටින දේශාංශය ප්‍රථම වරට මැන්නේය. ඒ 1600 ගණන් වලය.
එම ඈත අතීතයේ සිට මෑත අතීතයට එමු. දෙවන ලෝක සංග්‍රාමය අවධියේ ජර්මානුවන් V 2 රොකට්ටුව නිෂ්පාදනය කළහ. මිනිසුන් 22 මරා දමමින් ලන්ඩනයට ප්‍රහාරයක් එල්ල කෙරුනේ 1944 දීය. ජර්මනිය යුදයෙන් පරාජය වූ පසු මේ යුදෙව් හා ජර්මන් විද්‍යාඥයන් ඇමෙරිකාවට සහ සෝවියට් දේශයට රැගෙන ගියහ.
මේ රටවල් දෙකේ අභ්‍යවකාශ ගමන් වලට අවශ්‍ය රොකට් තැනීම් ඇරඹුණේ ඉන් පසුවය. වර්නන් වොන් බ්‍රවුන් ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රථම රොකට්ටුව දුන්නේ එලෙසය. එසේ ඇරඹුන අභ්‍යවකාශ තරණයේ ප්‍රථම භාගය ජය ගත්තේ සෝවියට් දේශයයි. ඒ ප්‍රථම චන්ද්‍රිකාව අභාවකාශයට යැවීමෙන්, ප්‍රථම ජීවියෙක් (ලයිකා බැල්ල ) යැවීමෙන් හා ප්‍රථම මිනිසා යැවීමෙනි. ඉන්පසු ඇමෙරිකා එක්සත් ජනපදය අභ්‍යවකාශය ජය ගත්තේ සෝවියට් දේශය පරයා යමිනි.
ඒ කෙසේ වුවද දැනුත් හොඳම හා බලවත්ම රොකට් තාක්ෂනය සතුව ඇත්තේ රුසියාව අත බව නාසා ආයතනයද පිලි ගනී. ඔවුන්ගේ මෙන්ම යුරෝපියඅභ්‍යවකාශ ආයතනයේ උපකරණ ආදිය ජාත්‍යන්තර අභ්‍යවකාශ යානයට ගෙන යන්නේ සෝවියට් රොකට්ටුය. සෝවියට් දේශය තමා ලත් දියුණුවේ වැඩි හරියක් භාවිතා කලේ න්‍යෂ්ටිකඅවි නිෂ්පාදනය සඳහා මෙන්ම යුධෝපකරණ නිෂ්දපානයන්ටය. එතරම් වැඩි දියුණු නොවුණු අති විශාල පරිගණකයන්ද කැමරාවන්ද මේ අභ්‍යවකාශ තාක්ෂණයෙන් ඔවුන්ට ලැබුණු දේවල්ය.
එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර විසින් අභ්‍යවකාශය ජය ගැනීමට ගිය ගමනේ අතුරු ප්‍රතිඵල ඉතා හොඳින් ලබා ගත්හ. සෝවියට් විද්‍යාඥයන්ට සහ නව නිපැයුම් කරුවන්ට ලොකු තැනක් ලැබුනේ නැත. අවශ්‍ය නම් සෝවියට් දේශයේ විරයා යන සම්මානය ලැබුණි . හොඳ නිවසක් ලැබුණි. එපමණකි. අභ්‍යවකාශ විද්‍යාඥයන් කෑම බීම සියල්ලම මෙන්ම හොඳ නිවෙස් ද ඇති ඔවුනටම සුවිශේෂ වූ තාරකා නගරයේ ජිවත් වූහ. (දැන් නම් රුසියාවේ තත්වය වෙනස්ය)
සෝවියට් හා ඇමෙරිකානු චන්ද්‍රකා තාක්ෂනය නිසා පණිවුඩ හුවමාරු ක්‍රම දියුණු විය. අද මොබයිල් තාක්ෂනය මෙන්ම වයර්ලස් තාක්ෂණයද දියුණු වූයේ ඒ නිසාය.
ඇමෙරිකාවේ එම නිපැයුම් තම තම තමන්ගේ නමට ලියා පදිංචි කල හැකිය. මේ නිසා අභ්‍යවකාශ වස්තුන් ගැන සෙවීම, අභ්‍යවකාශ තරණයන් හා ඒ සම්බන්ධ පර්යේෂණ වල අතුරු ප්‍රතිඵල ජනතාවට ලබා දෙන්නට ඔවුනට හැකි වුනි. පරිගණක තාක්ෂණයේ දියුණුව මෙන්ම නොයෙක් ප්රෝග්‍රමින්ග් භාෂාවන් දියුණු වීමටද තද බලපෑමක් තිබුණි.
සෝලර් පැනෙල් හෙවත් හිරු එළියෙන් විදුලිය නිපදවීම මුලින්ම කෙරුනේ අභ්‍යවකාශ යානා වල හා චන්ද්‍රිකා වල ප්‍රයෝජනයටය. දැන් අපේ නිවසේද සෝලර් පැනෙල් තිබේ. හදවත් වල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කුඩා මෝටරය ද එවැනිම අභ්‍යවකාශ තාක්ෂණයේ දියුණුව නිසා ලැබුණු නිපැයුමකි. එසේම ජලය පිරිපහදු කිරීමේ ක්‍රම කිහිපයක්ම දියුණු වුයේද මේ නිසාමය. අවශ්‍ය නම් මෙවැනි බ්ලොග් ලිපි දහයක් ලිවීමට තරම් කරුණු එක් රැස් කරගත හැකිය.
නාසා ආයතනයෙන් පල කරන ස්පිනොෆ්ෆ් නම් සඟරාවක් තිබේ (මෙන්න යොමුව) එහි ඇත්තේ අභ්‍යවකාශ තරණය මෙන්ම එම වස්තුන් ගැන ඉගෙනීම සඳහා යොදා ගන්නා විද්‍යාඥ කාලය, ශ්‍රමය මෙන්ම මුදලේද අතුරු ප්‍රතිඵල ගැනය.
මේ වසරේ සඟරාවේ රොබෝටික්ස් දියුණුව ගැන ලියා ඇති තැනෙක රොකි 7 නමැති රොබට් යන්ත්‍රය රෝහල් වල භාවිතාව සඳහා යොදා ගන්නා හැටි පැහැදිලි කර තිබේ. මෙයට අරමුදල් යොදවා ඇත්තේ නාසා ජෙට් ප්‍රොපල්ෂන් ආයතනයයි. නාසා ආයතනය සඳේ පින්තුර වැඩි දියුණු කිරීමට තැත් කිරීමෙන් MRI හා CT ස්කෑන් තාක්ෂනය දියුණු වූ බව ඔබ දන්නවාද ?
ඉහත පින්තුරයෙන් දැක්වෙන පරිදි (ත්‍රිමාණ ඡායාරූප එන්ඩොස්කොපි) මොළයේ ස්කෑන් සහ ඔපරේෂන් කිරීමට අවශ්‍ය තාක්ෂණයන්හි බොහොමයක දියුණුවට මේ පර්යේෂණ බලපා තිබේ.
වෙනත් ග්‍රහලෝක සෙවීම හා ජිවය සෙවීම:
මා ඉහත දැක්වූ පරිදි ලෝකයේ ජිවය ඇති වුයේ කෙසේද යන්න ආදී කාලයේ සිටම අපට වද දුන් ප්‍රශ්නයකි. බොහොමයක් දාර්ශනිකයන් මේ ප්‍රශ්නයට සිත යොමු කළහ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගේ දේශනයක මෙන්ම ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන්ද මේ සඳහා වෙහෙසුනහ. ඇතැම් ආගමික ශාස්තෘන් වහන්සේලා සර්ව බලදාරී දෙවියෙක් ගැන කිවූහ.
නමුත් අපට සමාන ග්‍රහලෝක මේ අනන්ත විශ්වයේ තිබෙන බව දැන ගැනීමම අප ලද ජයග්‍රහණයකි. අප දන්නා විශ්වයේ බිලියන් 100 පමණ තාරකා තිබේ. එසේ නම් ඒවා වටා ගමන් කරන ග්‍රහලෝක තව කොපමණ සංඛ්‍යාවක් ඇත්ද? අප හා අපේ සුර්යයා අතර අප වැනිම ජීවයක් (ලෝකයේ මිලියන් 8.7 පමණ වන ජීවී විශේෂයන් ගනනක් තිබේ ) තිබිය හැකි දුර ප්‍රදේශය හැබිටබල් සෝන් යනුවෙන් හැඳින්වේ. ඉතින් එවැනිම දුර ප්‍රමාණයක තවත් ග්‍රහලෝකයක් තිබෙන්නේ නම් මෙහි ජීවය අහම්බෙන් ඇතිවූ විධිහටම එවැනි තැනක ද ජීවයක් ඇතිවිමේ සම්භාවිතාවක් තිබේ.
එය අපට දෙයාකාරයකින් වැදගත්ය. එනම් අප පමණක් නොව වෙනත් ජීවයන්ද විශ්වයේ ඇති බවට දැනෙන ප්‍රබල සාක්ෂියකි. එවන් පිටසක්වළ ජීවීන් සමුහයක් අපට වඩා බලවත් නම් ඔවුන්ගේ ආක්‍රමණයකින් ලෝකය බේරා ගැනීමටද අපට සිදුවනු ඇත. කොතරම් සුරංගනා කතාවක් ලෙස සිතිය හැකි වුවද එවැනි සම්භාවිතාවක් තිබෙන බවට ආචර්ය ස්ටීවන් හෝකින්ස් මහතාද අදහසක් පළ කළේය.
අනිත් ප්‍රශ්නය නම් මිට අවුරුදු 30000 කට ප්‍රථම අස්ටරොයිඩයක් වැදී ඩයිනෝසරයන් විනාශ වූ බවට ඇති මතයයි. අප සිටින පෙදෙසට කුයිපර් බෙල්ට් නමැති අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ කෙළවර පෙදෙසින් ධුම කේතු, අස්ටරෝයිඩ නිතර පැමිණේ. ඉන් විශාල එකක් හදිසියේ වැදුනොත් වෙන විනාශය කිව නොහැකිය. එසේ ලඟින්ම ගිය ඒවා කිහිපයක්ම පසුගිය දශකයේ විය. ඇමෙරිකාව හා රුසියාවද මේවා ගැන නිතර සෙවිල්ලෙන් සිටිති. අප කවදාවත් ඔවුන්ට ස්තූති කර තිබේද?
අවසන් වශයෙන් මෙම ගණනයන් කිරීම සඳහා උපයෝගී කර ගන්නා ක්‍රම වේදයන් ඉහත ලිපියේ පැහැදිලි කලෙමි. අවශ්‍ය අයට මේ වෙබ් අඩවියෙන් වලින් එම පර්යේෂණ දත්ත බැලිය හැකිය. ග්‍රහලෝක හත සොයා ගැනීමට පෙර ග්‍රහ ලෝක තුනක් ට්‍රාන්සිට් ක්‍රමයෙන් සොයා ගත්තේ බෙල්ජියමේ ලීජ් විශ්ව විද්‍යාලයේ ට්‍රපිස්ට් නම් දුරේක්ෂය භාවිතා කරන කණ්ඩායමකි. එය තව දුරටත් පරික්ෂා කර ග්‍රහලෝක හතක් සොයා ගන්නට උපකාරී වුනේ නාසා හි ස්පිට්සර් දුරේක්ෂයයි. ඒ පර්යේෂණ දත්ත ඕනෑම කෙනෙකුට බැලිය හැකි පරිදි පළ කර තිබේ.
ඉහත පින්තුරයෙන් (ආලෝක වක්‍ර light curves) පෙන්වන්නේ ග්‍රහලෝක හතෙන් පැමිණි ආලෝක දීප්තිය වෙනස් වන අයුරුය. මේවා බොරු දත්ත නොවේ. මා ක්වින් මේරි විශ්ව විද්‍යාලයේ උගත් අවධියේද මෙවැනි දත්ත නිරීක්ෂණය කිරමට අපට ගුරුවරුන් විසින් ලබා දුනි.
මුලින්ම හඳේ පස් ගෙනා රුසියාවද දැන් නැවතත් අභ්‍යවකාශ ගවේෂණයට එක්වී සිටීම සතුටකි. ඔවුන් 2018 දී නැවත සඳ වෙත යානයක් යවනු ඇත. ඉන්දියාවද, චීනයද මේ රටවල් ගොන්නට අළුතින් එකතු වී ඇත. මේ ශතවර්ෂය ඉතාමත් පැහැදිලිව මානව වර්ගයා ඉදිරි පිම්මක් පනිනු ඇති බව මගේ විශ්වාසයයි.
අජිත් ධර්මකීර්ති
සාමාජික - රාජකීය තාරකා විද්‍යා සංගමය
පින්තුරය:https://clipartfest.com/download/aec1d960ec939b4a3806d41febca7407d81d1762.html
https://www.nasa.gov/sites/default/files/files/Benefits-Stemming-from-Space-Exploration-2013-TAGGED.pdf
ස්පින්ඔෆ්ෆ් සඟරාව - https://spinoff.nasa.gov/Spinoff2017/index.html
https://arxiv.org/abs/1605.00616
http://www.sciencemag.org/news/2016/04/renaissance-russian-space-science
light curves
ඔය කට්ටිය කියන විදියට දවල් තාරකා විද්‍යා සංගමයකුත් තියෙනවද ?
ReplyDeleteසමහරු හිතන් ඉන්නවා ඇති තාරකා කවුරු හරි දවල්ට අකුලන් ගිහින් රෑට ආපහු එලියට දානව කියල.
Deleteමෙන්න විකිපීඩියාවෙන් - NASA spin-off technologies
ReplyDeletehttps://en.wikipedia.org/wiki/NASA_spin-off_technologies
ස්තූතියි
Deleteඔය ඔක්කෝම ත්‍රිපිටකේ තියෙනවයි කියනවනේ.... ඒකෙන් හොයාගෙන තමයි නාසා එක සැරෙන් සැරෙන් එක එක ඒවා කියන්නේ...
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteමුළු ත්‍රිපිටකයම කියවල නැති නිසා දන්නේ නැහැ මාතේ
Deleteලිපිය කියවන අතරේ තදටම කල්පනා උනේ තාරකා විද්‍යාව සහ ජ්‍යෝතිශ්‍යය අතර සම්බන්ධය මොන වගේ ද කියලා.. එක ලඟ කතා නෙ තියෙන්නෙ.ඒ ගැන සංසන්දනාතමක අධ්‍යයන කෙරිලා තියනවාද?
ReplyDeleteජයවේවා..!!
මම අර එකක් ලියාගෙන යනවා. මේ දවස්වල නවත්වල තියෙන්නේ. වෙන තැන්වල තියනවද කියල දන්නේ නැහැ. ආපහු පටන් ගන්නවා මේ කලබල ගියහම.
Deletehttps://kolambagamaya.blogspot.co.uk/2016/11/materialist-paranormal_10.html
Edmund Halley
ReplyDeleteFrom the public, his discovery brought cheers.
From his wife, it drew nothing but torrents of tears.
"For you see," said Ms. Halley,
"He used to come daily;
Now he comes once every 70 years!"
තැන්ක් යූ ප්‍රා . පාන්දරම හිනාවක් දුන්නට.
Delete//මිනිසා මොළය වැඩුනු දියුනු සතෙක්//?ඇයි අපි නිහඬ ලොවම ක්ෂණයකින් විනාශයට පත් කරන න්‍යස්ටික ද්‍රව්‍ය නිෂ්පාදනයට යොමු කල මොළය උතුරු අප්‍රිකාව වැනි රටවල හෙක්ටාර් ගනන් තිබෙන හිස් බිම් වල වගා කිරීමට ඔය ගත් උනන්දුව සහ අවදානය මොළයක් ඇති මිනිසා නම් නාසා විද්‍යාඥයින් ඇයි ජීවත් වන අසරන(අප්‍රිකාව වැනි රටවල් ) මිනිසා වෙනුවෙන් නොගන්නෙ උත්සහයක්?ඔවුන් කරන සැම පරීක්ෂණයක්ම අගය කලයුතුය මූත් අපත් මිනිස් සිත් ඇත්තන් නම් ඔය කරන පරීක්ෂණ අද පීඩිත ජනයා වෙනුවෙන් කුසගින්න නිවන්න අවදානය යොමු කලා නම් මීට වඩා වඩා පිනක් සහ මීට වඩා ලෝකෙම ලස්සනයි.//මිනිසා ගෙ මොළය දියුනු නම් ඔය කරන පුහු පර්යේෂණ නිසා වැයකරන අසීමිත ධනය මිනිසාගේ එදිනෙදා ජීවනය ,සෞඛ්‍ය සම්පන්න බව රැකීමට අපත් ඔවුන්ගේ පලක් නැති පරීක්ෂණ නැවැත්වීමට උද්ගොෂණ කල යුතු යුගයක් බව අමතක නොකරමු.
ReplyDeleteන්‍යෂ්ටික ආයුධ සඳහා කරන පරීක්ෂණ වලට මමත් විරුද්ධයි. ඒක ඇමෙරිකාව විතරක් නොවේ ඉන්දියාව (හුඟක් දුප්පතුන් සිටින රටක්), පකිස්ථානය (ඒ වගේමයි), රුසියාව, බ්‍රිතාන්‍යය, ඊශ්‍රායලය වැනි රටවලුත් කරනවා. නාසා විද්‍යාඥයන් යුධයුද ගැන පරීක්ෂණ කරනවා ම අසා නැත. හැබැයි අතුරු ප්‍රතිඵල තිබෙන්නට පුළුවන. අසරණ රටවල මිනිසුන් ගැන හොයන්න ඒ රටවල දේශපාලනඥයන් ක්‍රියාත්මක විය යුතුය. නාසා විද්‍යාඥයන්ට වැඩ ඔවුන් වග කිව යුතුය.
Deleteමිනිසාගේ මොලය දියුණු කර ඔය කියන දේවල් කරනන් පුළුවන්දැයි උත්සහ කර බලන්න.
Delete//මිනිසාගෙ මොළය දියුනු කර ඔය කියන දෙවල් කරන්න පුලුවන්ද උත්සහ කර බලන්න//ඔබ මොළය දියුනු මිනිසා ගැන අප කාටත් වටිනා තොරතුරක් ලබා දි ඇත.මොළයක් අපට නොපෙනෙන දෙයක් සොයාගන්න මොළයක් මිනිසාට ඇත්නම් අපට පෙනෙන සහ හාගතේ පිපාසෙන් මැරෙන්න යන මිනිසා වෙනුවන් යමක් ඔය කතාකරන මොළවලින් සොයාගන්න මොළයක් නැත්තේ ඇයි?
Delete// හාගතේ පිපාසෙන් මැරෙන්න යන මිනිසා වෙනුවන් යමක් ඔය කතාකරන මොළවලින් සොයාගන්න මොළයක් නැත්තේ ඇයි// සාගතේ සිටින මිනිසාට ඔබ දිය යුත්තේ ආහාරය. පිපාසෙන් මැරෙන්න යන මිනිසාට ඔබ දිය යුත්තේ වතුරය. උත්තරය ඔබ ළඟ තිබේ. විද්‍යාඥයන් හා පර්යේෂකයන් සොයන්නේ කුමටද?
Deleteබොරු වියදං නේන්නම් දැන් බලන්න ඔහොම වියදං නොකර අපේ රොකට් රෝහිත රාජපස්ස බේබි ලංකාවේ රොකට් එකක් ඇරියේ
ReplyDeleteඇත්තය ?
Delete//ඔහු හෝ ඇය එසේ නොකලා නම් අපේ පරිණාමය තව ප්‍රමාද වන්නට ඉඩ තිබිණි.//
ReplyDeleteඇත්ත.. ආදී මානවයින් ගින්දර සොයා නොගත්තානම් අපේ පරිණාමය තවත් ප්‍රමාද වන්නට ඉඩ තිබුනා.. නමුත් එයින් ඇති ඵලය කුමක්ද?? අපි සමහර ලෙඩ වලට බෙහෙත් හොයාගෙන තියනවා.. නමුත් දිනෙන් දින අලුත් ලෙඩ ඇති වෙනවා.. අපි කාලය ඉතිරි කරන, වැඩ පහසු කරන උපකරණ හොයාගෙන තියනවා. නමුත් අපේ කාලය ඉතිරි වෙලා තියනවද..බිහි වෙලා තියෙන්නෙ අතීතයේ හිටියටත් වඩා කාර්ය බහුල මිනිසුන් නේද..තව ගොඩක් දේවල් කියන්න පුලුවන්. ඉතින් අපි තාමත් එකම තැන නෙවෙයිද.. හැබයි පරිණාමය වෙලා(පිටට පේන විදිහට )..
ඒත් ඉස්සර තිබ්බ ප්‍රශ්න ඒ විදිහමයි(ඉස්සරටත් වඩා ප්‍රශ්න වැඩි වෙලා කියලත් හිතෙනවා)..
කාලය ඉතිරි කර ගන්න දැන ගන්න ඕනේ අපමයි. උදාහරණයක් වශයෙන් මත්ක පුළුවන් බ්ලොග් නොකියව ඉන්න. කාලය ඉතුරු වෙනවා. ටීවී එක නොබලා ඉන්න . කාලය ඉතුරු වෙනවා. රැකියාවක් අපි අනිවාර්යයෙන්ම කරන්න වෙනවා මුදල් නැත්නම්. එනිසා ඒ කාලය ඉතුරු කර ගන්න බැහැ. කාර්ය බහුල වීම අතමනම් කර ගන්න දෙඅක් මම හිතන්නේ .
Deleteමම හිතන්නේ ඉස්සරට වැඩිය ජීවිතය ලෙහෙසි වෙලා කියල. ගින්දර හොයා නොගෙන මු මස් කාල ඉන්නවට වැඩිය නැත්නම් පොල්පොට් ට ඕන වුනු විදහට නැවත 0 පැයට යන්න මගේ නම් කිසි වුවමනාවක් නැහැ.
සෝවියට් විද්‍යාඥයන්ට සහ නව නිපැයුම් කරුවන්ට ලොකු තැනක්ලැ ලැබුනේ නැත. සමහරු වෙස්ට් එකට පැන්නා නිපැයුම් සමග
ReplyDeleteඑක ඇත්ත. හුඟක් වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීම්, බෙහෙත් වර්ග ගැන පර්යේෂණ හොරෙන් බටහිරට විකිණුව. මම හිතන් විධිහට අපි දන්න කෙනෙකුත් ඒක කලානේ. නේද රුවන්. (ප්‍රසිද්ධ නිසා නම කියන්න බැහැ )
Deleteජීවය එකම තැනකදි පල් නොවන්නට
ReplyDeleteඕනය අලුත් දේවල් ගැන හොයන්නට
ලෝභය අපේ මහ පුටුවල තියෙන්නට
බෑමය රටට ඉදිරියෙ ජය ලබන්නට....
ජයවේවා!!!
නවදේ සෙවුම මිනිසත් බව පුළුල් කලා
Deleteඔබගේ කවිය මගේ හදවත සතුටු කලා
++++++++
ReplyDelete**********
Deleteවිද්‍යා ගවේෂණ ලියන්නේ ඔබද?
Deleteඑක හුස්මට කියවාගෙන ගියා..මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිටම අකාෂ වස්තු පිලිබඳ ඔවුන්ට කුතුහලයක් තිබුනේ..අප භාවිතා කරන නක්ෂත්‍රයට සමාන අකාෂ වස්තු උපයෝගී කරගෙන මිනිසාගේ හැසිරීම සහ අනාවැකි කිම ඉන්දු නිම්න ඉන්කා වැනි පැරණි සිශ්තාචාර වල පවා සිදු වී ඇති බව අසා තිබෙනවා. එවන් කුතුහලයක් ඇති මිනිසා 21 වන සියවසේ එම කුතුහලයෙන් මිදී වෙනත් වැඩක් බලා ගනි යයි කොහොම හිතන්නද?
ReplyDeleteඕනෑම තියරියක් විවේචනය කිරීමද මිනිසාගේ ගති ලක්ෂණයකි..එනිසා කවුරු මොනවා කිවත් නාසා ආයතනය වැඩ නතර කරන්නේ නැත..කෙනෙකුට අවශ්‍ය දේ තව කෙනෙකුට අනවශ්‍යලෙස පෙනීමද තවත් මනුෂ්‍ය ස්වභාවයකි..
/එවන් කුතුහලයක් ඇති මිනිසා 21 වන සියවසේ එම කුතුහලයෙන් මිදී වෙනත් වැඩක් බලා ගනි යයි කොහොම හිතන්නද? //ඒක ඇත්ත රේණුකා. නාසා සහ රුසියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයත් යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සියත් තවත් මුදල් යොදවමින් ඉදිරියට යාම හොන්ඩ දෙයක් හැටියටයි මම දකින්නේ.
Deleteමම දැක්ක SpaceX කණ්ඩායම ලබන අවුරුද්දේ සඳ වටේ සංචාරකයින් දෙදෙනෙක් ගෙනි යන්න සැලසුම් කරනවා කියල..
ReplyDeleteඔය තාක්ෂනෙට බැන බැන මනුස්සකම් ගැන කතා කරන බොහෝ මිනිස්සු අන්තිමට මිනිස්සු වෙනුවෙන් මොකුත් කරන්නෙත් නෑ, රටේ ලෝකේ දියුණුව වෙනුවෙන් මොකුත් කරන්නෙත් නෑ.. තමන් වෙනුවෙන් වත් මොකුත් කර ගන්නෙත් නෑ.. හැබැයි මොලේ වෙහෙසල හිතල මතල වැඩක් කරන මිනිස්සු අවසානයේ සතුටින් සැපෙන් ජිවත් වෙලා, ලෝකෙටත් වැඩක් කරලා සතුටින් මැරිලා යනවා.. බණ කියන උන්දැල කියනවා විතරයි කරපු දෙයක් නෑ.. හෙහ් හෙහ්..
මාත් ඒක දැක්ක. හරිම සතුටුයි.
Deleteලෝකෙට වැඩක් කරන්න පුළුවන් නම් හොඳයි තමයි.
තාරකා විද්‍යාවට සම්බන්ධ අජිත්ගේ සාරගර්භ ලිපි වඩාත් කැමැත්තෙන් කියවනවා.
ReplyDelete//මිනිසා කියන්නේ මේ ලොව පරිණාමවාදයට අනුව විකාශනය වූ හෝ දේවවාදයට අනුව මැවූ සතෙකි. කොයි විදිහෙන් ගත්තත් මිනිසා විශාල කුතුහලයක් සහිත මොළය වැඩුණු , සිතා මතා වැඩ කරන සතෙකි.//
ඇත්තෙන්ම මිනිසාගේ විශ්වීය ජයග්‍රහණ හා තේරුම් ගැනීම් පුදුමාකාරයි. තාරකා විද්‍යාවෙන් කරන සොයාගැනීම් විශ්මිතයි.
ස්තූතියි. කාලයක් නොලිය හිටිය. දැන් නැවතත් අවධානය යොමු කරන්න කාලය හරි කියල හිතෙනවා. අපි ඇත්තටම හොයා ගන්නේ තියෙන දේමයි නේද.
Delete"භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි" ඊලග කොටස එන්නනේ කවදාද?
ReplyDeleteදැනට වැඩ අධික නිසා ලියවෙන්නේ නැත්තේ. අනික ervin Lazlo ගේ http://ervinlaszlo.com/ ආකාෂික ක්ෂේත්‍රය ගැන පොතක් කියවනවා මේ දවස් වල. ඒ ලිපි පෙලටම සම්බන්ධ නිසා. මම ඒ අදහසට පක්ෂපාති කියල අදහස් වෙනෙන් නැහැ මේකෙන් හොඳද. පුලුවන්නම් කියවන්න.
Deletehttps://www.scienceandnonduality.com/akashic-field-and-consciousness/
ආකාශික් ෆීල්ඩ් එක සහ විග්නය අතර සම්බන්ධයක් තියනවා කියන අදහස.
ස්තූතියි
Deleteආකාශික් ෆීල්ඩ් එක සහ විඥානය යනුවෙන් නිවැරදි විය යුතුය.
Deleteඒක ඇත්ත මාත් හිතන්නෙ නෑ ඒක අනවශ්‍ය වියදමක් කියලා. කොහොමත් නොඉසිලිවත් බව, කුතුහලය වගේ දේවල් තමයි වර්ථමාන දියුණු සමාජය ඇති කරේ. මටත් පෞද්ගලිකව සෑහෙන කුතුහලයක් සහ ආසවක් තියෙන ක්ෂ්‍රේතයක් තමයි ඔය.......
ReplyDeleteආශාව කුතුහලය නිසා වගේම අහම්බෙන් හොයාගත් දේවලුත් බොහොමයක් තිබෙනවා. මම දැන් කල්පනා කරන දෙයක් තමයි ලෝකයේ දුප්පත්කම සහමුලින්ම නැති කරලා අනිත් ඒව කරන්න ගියොත් අපට මුකුත් කර ගන්න බැරිවෙනවා කියන එක.
Deleteඉර හඳ ඇරෙන්න අනෙක් තරු වලින් නම් මම දැක්ක ලොකුම ප්රෝයෙජනේ ගත්තේ නැවිගේෂන් වලට තමයි.. ආ.. තව එකක්.. බොරු කාරයෝකොටසක් මේවා පෙන්නලා නොයෙක් නොයෙක් අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ව ගසාකන්ඩත් ගත්ත හොරෝස්කොප් අනම් මනං පෙන්නලා..
ReplyDeleteඅර ගින්න සොයා ගත්ත ආදර්ශේත් එක්ක මේ කතාවනම් අසාවෙන් කියෙව්වා.. අඩුම තරමින් එහෙම ලිපියක්වත් වැටෙනකං හොඳයි.. :)
බොහොම ස්තූතියි. අතටම ලබා ගත දේවල් ගොඩක්. සුර්ය පැනෙල් වගේ දේවල්. ඇතැම් ටින් කෑම වර්ග හෙමත් එහෙම ආපුව.
DeleteWhat is the ultimate goal of those researches ?
ReplyDeletewhich ones exactly?
Deleteඑහෙම අවසන් ගෝල් කියල එකක් නැහැ නේද? ජීවින් සොයා ගැනීම. අපට යන්න පුළුවන් වෙන ග්‍රහ ලෝක සොයා ගැනීම.
Deleteබුදු හාමුදුරුවොත් වෙනත් ලෝක ගැන කියලා තිබුනැනේ,,එත් බුදු හාමුදුරුවෝ කිව්වේ ඒවා ගැන හොයනවට වැඩිය තමන් ගැන හොයන ඒක හොදාය කියලනේ..කොහොම වුනත් ඕවා හොයා ගත්ත කියලා අපිඅ යන්නය ඕවට ..
ReplyDeleteමම හිතන්නේ බුදු හාමුදුරුවෝ වෙනත් ලෝක ගොඩක් ගැන කියල තියනවා.
Deleteඅහල නැත්ද
සිත මිස කය නැති බඹ ලොව සතරකි වගේ යෙදුම්
අකනීටා බ්‍රහ්ම ලෝකය දක්වා වගේ යෙදුම්
රූපාවචර ලෝක අරූපාවචර ලෝක
සුදර්ශනය, ශුද්‍රා වාස
පරනිම්මිත වසවත්ති, තුසිතය , යාමය
ඔය මට මතක ටිකක් ඒවා.
තමන්ව හොයනවා නම් හොඳයි. මමත් මේ තමන්ව තමයි හොයන්නේ.
මම හිතන්නේ අභ්‍යවකාශ ගවේෂණය මේ වෙද්දී වර්ගයාට පලක් ප්‍රයෝජනයක් නැති වෙන සීමාව පහුකරලා කියලයි. සන්නිවේදනය, කාලගුණය, සහ නැවිගේෂන් යන කරුණු කාරනා තුන ඇරුනාම එතනින් එහා ලෝකයේ තව ජීවය තියෙනවද කියලා හොයන එක කිසිම තේරුමක් නැති වැඩක්. එහෙම ජීවය තිබ්බත් පෘතුවියේ උපන් මිනිසාට මීට වඩා සැපෙන් පහසුවෙන් ජීවත්වෙන්න වෙනත් ග්‍රහලොවක හැකියාවක් ලැබෙන්නේ නැහැ කියල මම විශ්වාස කරනවා. එහෙම ජීවත්වෙන පුළුවන් ග්‍රහලෝකයක් තිබ්බත් එව්වා තියෙන්නේ ආලෝක වර්ෂ ගණන්වලින් එහා නිසා මේ පෘතුවියේ උපන් කිසිම ජීවියෙකුට පණපිටින් එව්වට යන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපේ සෞරග්‍රහ මණ්ඩලය අවට තියන ග්‍රහලෝක වලට යන්න උත්සහ දැරීමත් ඉතින් නිස්කාරණේ මුදල් නාස්තියක් කියලයි මම දකින්නේ. ඔය කියන පරීක්ෂණ වල අතුරුපල විදිහට අපිට යම් යම් දේ ලැබුනත් ඒ පරීක්ෂණ වලට වියදම් කරලා තියන මුදල් සම්භාරය බැලුවාම ලැබිච්ච අතුරුපල වෙනුවෙන්ම පරීක්ෂණ කලානම් ඊට වඩා දේවල් සොයාගන්න තිබ්බ ඒ මුදල් කන්දරාවෙන්. ලෝක බලවතුන් අහස දිහාවට මේ තරම් ධන සම්භාරයක් වැය කිරීම මම දකින්නේ ලෝකයට තම බලපුලුවන්කාරකම පෙන්වීමේ නිර්නායකයක් විදිහටයි . ඒක හරියට ඉස්සර ලංකාවේ වලව් පැලැන්තිය අලි ඇතුන් ගෙදර ඇතිකරා වගේ වැඩක්. මෙලෝ ලාභයක් වාසියක් නොලැබෙන අත උඩ පාඩු වැඩක් කියල දැන දැනත් අපේ මී මුත්තලත් ඔව්ව කරේ තමන්ගේ ලොකුකම පෙන්වන්න නෙව.
ReplyDeleteඅම්බලන්ගොඩ - මේ පැත්තේ ආවට ස්තූතියි පළමුවෙන්ම.
ReplyDelete//මම හිතන්නේ අභ්‍යවකාශ ගවේෂණය මේ වෙද්දී වර්ගයාට පලක් ප්‍රයෝජනයක් නැති වෙන සීමාව පහුකරලා කියලයි// ඔබේ අදහසට එකඟ වෙන්න නම් පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ අපි තවම පටන් ගත්ත විතරයි කියල. අපේ පෘතුවියට අස්ටොරයිඩ් එකක් වදින්න විනාශ වෙලා යන්න සම්භාවිතාවක් තියනවා. අවුරුදු 30000 කට කලින් එක්ක වුන කියනවා. යෝසොමයිට් කියන ප්‍රදේශය හැදුනෙත් , ඩයිනොසර් ල වඳ වුනෙත් ඒ නිසාලු. එනිසා මම නම් කියන්නේ අපේ වර්ගය දිගටම ගෙනි යන්න වෙන කොහේ හරි කොලනියක් හදන්න ඕනෙමයි.
//ඔය කියන පරීක්ෂණ වල අතුරුපල විදිහට අපිට යම් යම් දේ ලැබුනත් ඒ පරීක්ෂණ වලට වියදම් කරලා තියන මුදල් සම්භාරය බැලුවාම ලැබිච්ච අතුරුපල වෙනුවෙන්ම පරීක්ෂණ කලානම් ඊට වඩා දේවල් සොයාගන්න තිබ්බ ඒ මුදල් කන්දරාවෙන්. // එහෙම වෙන්න විධිහකුත් නැහැ. ඒ වෙනුවට කරන පර්යේෂණ ඕන තරම් තියනවනේ. නමුත් අතුරු ඵල ලැබෙන්නේ ප්‍රධාන පර්යේෂණ නිසා. ඒ ලාභය ඔබ හිතනවට වඩා වැඩියි. මම මෙහි සඳහන් කළේ ඉතා සුළු ප්‍රමාණයක්.
Deleteබොහොම සාරවත් සාකච්ඡාවකට මග පෑදූ හරවත් ලිපියක් අජිත් . මුලින්ම කුඩයක් හදල ඉහලගෙන ගිය මිනිහට හූකියල ගල් ගැහුවය කියල කතාවක් තියනව. රයිට් දෙබෑයන්ට පිස්සු කියල හිතපු මිනිස්සු ඒ කාලෙ හිටිය බවක් කියවෙනව. අභ්‍යවකාශ ගවේශණ පර්යේෂණ ගැන අපේ කාලයේ සමහර අය කියු/කියන කතා අනාතගයට සපයන රසවත් විහිළු වෙන්නටත් ඉඩ තියනවා.
ReplyDelete//මුලින්ම කුඩයක් හදල ඉහලගෙන ගිය මිනිහට හූකියල ගල් ගැහුවය කියල කතාවක් තියනව. රයිට් දෙබෑයන්ට පිස්සු කියල හිතපු මිනිස්සු ඒ කාලෙ හිටිය බවක් කියවෙනව// අනගි උපමා දෙකක් දුන්න ස්තූතියි. ඔබතුමා ගුරුවරයෙක් නිසා මට හිතුනේ ඔබෙන් උගත් දරුවන් කොතරම් වාසනාවන්තද කියල.
Delete