Monday, 6 March 2017

අතුරු ආබාධ එන්නත් සහ කොලටරල් ඩැමේජ්

උපුටා ගත්තේ ප්‍රසන්න මුදුන්කොටුව බුකියේ ෂෙයාර් කළ එකකින් 
කොලටරල් ඩැමේජ් (Collateral damage) කියල කියන්නේ හුඟක් වෙලාවට මිලිටරි යෙදුමක්. තමන් ගේ එල්ලයට (ටාගට්) එකට පහර දෙනෙකුට නොසිතූ ලෙස වෙන කෙනෙකුට, ගොඩ නැගිලි වලට පහර වදින්න පුළුවන්.  ඒක අන්ඉන්ටෙන්ෂනල් (unintentional) නිසා හෙවත් හිතල කරන දෙයක් නොවන නිසා වරද පැටවෙන්නේ නැහැ.  පහුගිය දවසක මම ලිපියක් ලිව්ව ඇතැම් බටහිර බෙහෙත් වල අතුරු ආබාධ ආදිය ගැන පැහැදිලි කරලා අපි ඇයි ළමයින්ට ත්‍රිත්ව එන්නත වෙන වෙනම දුන්නේ කියල. ලිපිය මෙතන. ඒක ඒ දවස් වල අපට තිබුණු තොරතුරු අනුව මධ්‍යස්ථව සිතා බලා ගත්  තීරණයක්.  අපි කිසි විටෙකත් තීරණය කළේ නැහැ එන්නත් නොදී සිටින්නට.

අපි හැම වෙලේම බටහිර බෙහෙත් වලින්ම පුළුවන් විධිහෙන් හැදෙනා ලෙඩ  සනීප කර ගන්න බලනවා. ඒ අතරේම මම වුනත් අතුරු ආබාධ ඇති වෙන බව දැන දැනත් බෙහෙතක් ගන්නවා අවශ්‍ය නම්. මොකද දැනට ඉක්මනින් ලෙඩක් සුව කර ගැනීමට පුළුවන් හොඳම  ක්‍රමය තමයි බටහිර වෙදකම. නමුත් එහෙම වුණා කියල හැම හෙම්බිරිස්සාවටමයි  කනේ කැක්කුමටයි ප්‍රතිජීවක ඖෂධ  (අන්ටිබයෝටික්ස්) ගන්න ගියොත් ඒවා අහන්නේ නැතුව යනවා.

ඊයේ පෙරේද පවුම් 14 ක් ගෙවල ගත්ත ප්‍රතිජිවකයක්.  පෙනිසිලින් සම්බන්ධ ඖග්මෙන්ටින් . නම ලීවා හරිද මන්ද. ඒකෙ අතුරු ආබාධය ටිකක් වැඩියෙන්  දරුණු වුනා මට . එලියට ඇවිදින්න  රස්සාවට යන්න බැරි තරමට.  බෙහෙත  නියම කල වෛද්‍යවරයාට කීවාම ඔහු වෙන එකක් දුන්න.

මේ එන්නත් ගැන සහ විශේෂයෙන් MMR වැක්සින් එක ගැන එකොනොමැට්ට හොඳ ලිපියක් ලියල තිබ්බ මෙතන. එතැන මම ප්‍රතිචාර හුඟක් දැම්ම. හේතුව ඔය වැක්සින් එක ගැනත් ඒ සම්බන්ධව අර වෛද්‍ය වේක්ෆිල්ඩ් කළ අසාර්ථක ප්‍රමිතියෙන් තොර (ඔහු සයිටමයට සම්බන්ධයක් නැහැ)  පර්යේෂණය ගැනත් ඔහු ලියල තිබුන. එසේම එම එන්නත ජපානයේ තවම තහනම් ඇයිද යන්න ගැනත් හොඳ සංවාදයක් කෙරුණා කියල මම හිතනවා.

ඔය අතරේ රයිගම හන්දිය ලියල තිබුන ලිපියක් අතුරු අබාධ ගැනත් එක්ක  මෙතන .
ඔහුට පොඩි අතුරු අබාධයක් වුනාලු ලේ පරිත්‍යාග කරන්න ගොහින්. ඉතා හොඳ වැඩක්.  ඒ අතරේ සිදුවීමක් වෙලා ඒ න ඔහු කියන්නේ මෙහෙම.
//ඒ ගමන හිටපු අනික් හෙදියට මාව බාර දුන්න.  ඇත්තටම ලේ ගත්ත ඒ අතට වඩා, නොගත්ත අතේ වේදනාව (ලොකු එකක් නොවේ) හවස් වනතුරු තිබුණ. එක ලේ දීමකින් ජිවිත 3ක් බේරෙනවා කියල කියනවා. මා ඉහතින් සඳහන් කරපු සේරම ‘අතුරු ආබාධ’ (එක කෙනෙකුට හැදෙනවයි කියා සිතා) එක පැත්තකට දමල, ජිවිත තුනක් බේරීම අනෙක් පැත්තට දැමුවොත්, මේක මට නම් ප්‍රිටි ගුඩ් ඩීල් එකක්.
මට පෞද්ගලිකව කෙලින්ම වැදගත් නොවන මෙවැනි දෙයක් විතරක් නොවේ, කෙලින්ම බලපාන දේවල් ගැනත් මා තීන්දු ගන්නේ මේ ආකාරයෙන්ම තමා. ඒ කියන්නේ අතුරු ආබාධ කියන දේවල්, ලැබෙන ඵලය හා සසඳපුවහම, නොසැලකිය හැකි තරම් කුඩා නම්, දෙයක් කරන්නට මැලි වන්නේ නැහැ.//

හැබැයි ඉතින් මම ඉහත කිව්වා වගේ අපි ඔක්කොම වගේ  හිතන්නේ එහෙම  තමයි. අතුරු ආබාධ අඩුනම් බේතක් ගන්න එක ලේ දෙන එක ප්‍රශ්නයක් නෙමේ. ප්‍රශ්නේ වෙන්නේ ඕක වැඩි දෙනෙකුට අදාළ වුනහම. (ඉහත කී  මේ ලිපි දෙක  තුනම ටිකක් එක  ළඟින් යනවා කියල හිතෙන්නේ  නැත්ද?)
සමහරු කියන්න පුළුවන් "ඇයි මම අනිත් අය නිසා දුක් විඳින්නේ. ඇයි මම හෝ මගේ පවුලේ අය අනිත් අයගේ නොදැනුවත් කමට ගෙවන්න ඕනේ කියල". ඇමෙරිකාවේ වගේ රටක හුඟක් මහත අයට නම් ඔය කතාව අනිත් අය නිතර කියනවලු.

නමුත් කල්පනා කරලා බලන්න ඒ ඔබගේ දරුවා කියල. යුරෝපයේ ළමයි හදන්නේ එක්කෙනයි නැත්නම් දෙන්නයි. චීනයේ හුඟක් කල් ඉඳන්  එක ළමයෙක් විතරයි හදන්න දෙන්නේ. ඉතින් දෙමව්පියෝ ඒ එක ළමය හෝ ළමයි දෙන්න වෙනුවෙන් ප්‍රවේසම්කාරී වෙන්නේ නැත්ද? ඒ ළමයි රැක ගන්න හැම දෙයක්ම කරන්නේ නැත්ද? දරුවෝ නැති අයට හෝ දරුවෝ ගැන එතරම් හෙවිල්ලක් බැලිල්ලක් නැති අයට මේ තත්වය එතරම් අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි, වැඩි දෙනාගේ හොඳට ටික දෙනෙක්ට ප්‍රශ්නයක් වෙන එකට කමක් නැහැ කියන අය ඒ වගේ දෙයක් තමන්ට වුනා නම් කොහොම හැසිරෙයිද? මොකද තමන්ගේ ළමය මිලියන් එකෙන් එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් තමන්ට ඉන්නේ ඒ දරුවා විතර නම්.  උනහපුළුවටත් තමන්ගේ ළමය ලොකුයිලු.

ඔහොම හිතන කොට තමයි මට කොලටරල් ඩැමේජ් යෙදුම මතක් වුනේ. අපි හැමෝටම මතකනේ ලංකාවේ ඉවර වුන සිවිල් යුද්ධය. බහුතරයක් අපි, ඒක ගැන සතුටුයි. මම දැක්ක හෙන්රි වර්ණකුලසුරිය මහත්මය ලියල තිබුන සත්හඬ පත්තරේට ලිපියක්. LTTE වගේ ෆැසිස්ට් වාදී සංවිධානයක් පරාජය කරපු එක හොඳ බව ඔහු කියා තිබුන. මමත් හිතුව එවැනි සංවිධානයක් කෙළවර වෙන්නේ ඔය විධිහටම තමයි කියල. වැඩි දෙනෙකුට යහපත උදා වුනා නේද කියල?

හැබැයි ඔතන  කොලටරල් ඩැමේජ් එකකුත් වුනානේ. කොටි පැත්තකින් තියමු. කොටි හිර කරගෙන හිටපු වැසියන් වගේම කොටින්ට සහයෝගය දුන්න වැසියනුත් දහස් ගණනක්  මැරුණා. ඒ මිනිසුන්ගේ ළමයි මැරුණා. ගෙවල් දොරවල් නැතිවුණා. සමස්තයක් වශයෙන් ගත්තම වැඩේ හොඳයි රටට. නමුත් අර විධිහට ළමයි මැරුණ  දෙමාපියෝ, දෙමව්පියන් නැතිව අනාථ වුන ළමයි, ගම්බිම් නැති  වෙච්ච එවුන්. උන් හැමදාම  ඒක ගැන කතා කරාවි. පෙළපාලි යයි.  මොකද දැනෙන්නේ ඔවුන්ට විතරක් නිසා.

ඉරාකේ ගමුකො. බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර ඔත්තු සේවයන්ට වැරදුනා. නමුත් ඔවුන් දුන් ඒ වැරදි දත්ත සේක්ස්ඩ් අප් කරලා (එහෙම තමා යෙදුම තියෙන්නේ) ඒ කියන්නේ වඩා ලස්සන කරලා, වඩා  බියකරු කරලා, සදාම්ට අති බිහිසුණු මිනිසුන් සමූල ඝාතනය කරන්න ආයුධ   තියනවා කියල ප්‍රචාරයක් ගෙන ගියා. (ඇත්තටම එහෙම දරුණු ආයුධ තියෙන්නේ ඇමෙරිකාවට, රුසියාවට, චීනයට, බ්‍රිතාන්‍යයට , ප්‍රංශයට - ඇයි  න්‍යෂ්ටික අවි - ඉරාකයට ඒවා තිබුනේ නැහැ.) 
ඒ මදිවට සදාම් 30000 ක් කුර්දි වරුන් පවා මරපු බවක් කියවුනා. සදාම් ජරා ඒකාධිපතියෙක්  බවත් ඇත්ත. ඒ නිසා වැඩි  දෙනෙකුට යහපතක් කරන්න ඒ රට ආක්‍රමණය කලා. ඒ ආක්‍රමණය නිසා දැනට 200,000 - 500,000 අතර ප්‍රමාණයක් ඉරාක වැසියන්  දරුණු හේතු නිසා මියගොස් තිබෙනවා කියල කියන්නේ.   මේවා තමයි අර කොලටරල් ඩැමේජ්. තමන්ගේ  මිත්‍ර හමුදා අතින් තවත් මිත්‍ර හමුදා සෙබලෙකු වෙඩි වැදී හෝ වෙනත් විධිහකට මිය ගියොත් එහෙමයි කියන්නේ. නමුත් දැන් වැඩි වශයෙන් ඒක භාවිතා වෙනවා යුද්ධයෙන් වෙන මිනිස් ඝාතන සාධාරණිකරණය කරන්න. 

ඉතින් කල්පනා කරල බැලුවහම වැඩි දෙනෙකුට යහපතක් වෙන්න අතුරු අබාධ තිබුනත්, තමන්ගේ අය මැරුණත්, වෙනත් ලෙඩ රෝග හැදුනත් බහුතරයේ යහපත තකා සුළුතරය නිහඬ විය යුතුයි කියන අදහසක් තමා මින් මතුවෙන්නේ. හැම දෙනාටම සරිලන දේවල් ලෝකේ නැහැ. ඒත් බහුතරය කිසියම් ප්‍රමාණයකට සුළුතරය ගැන අවධානයෙන් සිටිනවා නම් හොඳයි. 

එන්නත් ගැන ගත්තොත් සෝවියට් දේශය හා බටහිර අතර සිතල යුද්ධය පැවතුන කාලේ බයලොජිකල් ආයුධ හෙවත් ජිව විද්‍යාත්මක අවි නිෂ්පාදන වුණා  පර්යේෂනාගාර වල. දෙපැත්තෙන්ම ඒක කලා. ඒවා භාවිතා කරන්නේ යුද වැදුන රටට එරෙහිව. රටවල් වල සියලුම ළමයින්ට දෙන පොදු එන්නත් දෙන ක්‍රියාවලීන්  හරහා මෙම  ප්‍රහාර දෙන්න ඉඩ තියනවා. සෙවිල්ලෙන් ඉන්න වෙන්නේ අපටමයි. 

--මේ දිනවල වැඩිය ලිපි ලියැවෙන්නේ නැහැ.  මාර්තු 25 සම්මාන උළෙලට ලක ලැහැස්ති  වෙන නිසා. නමුත් පෙරේද ලන්ඩනයේ උත්සවයකදී ඒ  ගැන ප්‍රශ්න කරපු ප්‍රියන්වදා නංගි මෙන්ම ලංකාවේ දිමුතු  මල්ලිටත් තවත් ඊමේල් මගින් විමසූ යහලුවන්ටත් ස්තූතියි. මාර්තු 25න්  පස්සේ බ්ලොගයට තමයි පුර්ණ අවධානය. 




29 comments:

  1. දිගුකාලීන බලපෑම්වලට අමතරව, ඔය ප්‍රතිජීවක පෙතිවලින් අතුරු සදිවෙන කෙටිකාලීන ආබාධ අනිවාර්යයි.

    "දත් දොස්තරෙකු මට කළ හදියක මහත! - Oh, those torturers!" කියා මා ලියූ ලිපියේ සඳහන් කළ "මෙට්‍රොනිඩැසොල්" නම් බෙහෙත නිසා මට මත්පැන් බිඳක් හෝ ගැනීම සතියකට තහනම් වූවා පමණක් නොවෙයි, බෙහෙත බිව් සතිය පුරාම උදරාබාධයකින් පීඩා විඳින්නට සිදුවුණා!

    !

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවා. අර ප්‍රතිජීවක ඖශධය නිසා මටත් ඔය වැඩේම වුණා. නොගෙනත් බැහැ.

      Delete
  2. අජිත්, නෙළුම් යාය ව්‍යාපෘතිය උදාහරණයකට ගෙන "කොලටරල් ඩැමේජ්" පැහැදිලි කරන්න බැරි ද?

    ;-)

    ReplyDelete
    Replies
    1. මං මේ කල්පනා කොරේ ..ඒත් ඕනේ නැහැ.

      Delete
  3. ලෙඩා මළත් බඩ සුද්දයි කියලා කිව්වේ මේවාට වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. හරි කතාව. හේ හේ

      Delete
  4. http://www.imdb.com/title/tt0233469/

    ReplyDelete
    Replies
    1. After his family is killed by a terrorist act, a firefighter goes in search of the one responsible. - nothing like that.

      Delete
  5. ඔය ඇමරිකාව කරන යුද්ධ ඔක්කොම ව්‍යාපාරික අරමුණු සහ මෙලෝ වැඩකට නැති දේවල් වෙනුවෙන්ය කියලා දැන් දැන් බටහිර චිත්‍රපටිවලම කතාවෙනවා. ඔවුන්ගේ යුද්ධ උත්කර්ශයට නැංවීම සහ බොරු ඇත්ත කිරීම ගැන ලලිත් කරුණාරත්න මහතා ෆේස්බුක් කෙටිකතාවකත් ලියා තිබුණා.

    බෙහෙත් කියන්නෙත් ලෙඩට එරෙහි යුද්ධ තමයි. ඒවයෙත් ප්ලැසිබෝ කියා ජාතියක් තියෙනව නේද?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවට විතරක් බනින එක නම් වැරදියි. හුඟක් රටවල් එහෙම තමයි. නැත්නම් ඒ අයට එකතු නොවී ඉන්න තිබුනනේ. ප්ලසිබෝ කියන්නේ පර්යේෂණයකදී හෙම නියුට්‍රල් සාම්පලයට නේද? බෙහෙත නොගෙන හෝ වතුර විතරක් දීල සනීප වෙනවද කියල බලන්න ඉන්න කට්ටිය. :)

      Delete
  6. //-මේ දිනවල වැඩිය ලිපි ලියැවෙන්නේ නැහැ. මාර්තු 25 සම්මාන උළෙලට ලක ලැහැස්ති වෙන නිසා//+++

    ඒ ගැනත් ඉක්කනටම ලියන්න වෙයි..

    ReplyDelete
    Replies
    1. ඔයා ඉන්නවනේ.

      Delete
    2. මුද්ද ඔයා ලඟනෙ?

      Delete
    3. මුද්ද ලෝර්ඩ් ගාව

      Delete
  7. //රටවල් වල සියලුම ළමයින්ට දෙන පොදු එන්නත් දෙන ක්‍රියාවලීන් හරහා මෙම ප්‍රහාර දෙන්න ඉඩ තියනවා. සෙවිල්ලෙන් ඉන්න වෙන්නේ අපටමයි.// ලාවට කචල් වෙලා වගේ ජොස්තරල කියන විදිහේ කතා කියන්නේ, එහෙම එකකින් වැඩක් වෙන්න නම් කල් ගිහින් එකවර ට්‍රිගර් වෙන්න හදන්න වෙනව කොම්පියුටර් වෛරස් වගේ, එහෙම එකක් යුද්දයකට වඩා පළිගැනිමකටයි සුදුසු වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. /හෙම එකක් යුද්දයකට වඩා පළිගැනිමකටයි සුදුසු වෙන්නේ.// ඒක ඇත්ත. නමුත් ඇණයෝ අර එකොනොමැට්ට කිව්වා වගේ ඇමෙරිකාවේ වගේ රටවල තියන තදබල සේෆ්ටි නෙට් නැති රටවල් හුඟක් තියනවා. FDA එක හුඟක් ස්වාධින සහ හොඳ ආයතනයක්. WHO එකත් හොඳයි. නමුත් ඔය බයෝලොජිකල් වෙපොන් කතාව "ජෝස්තර " කතාවක්ම නෙමේ. හොයල බලන්නකෝ.

      Delete
    2. දැන් කියන්න එපා මේක ඩේලි මේල් කතාවක් කියල.
      https://www.wired.com/2017/03/cia-can-hack-phone-pc-tv-says-wikileaks/

      http://www.dailymail.co.uk/news/article-4289942/WikiLeaks-publish-1000s-says-CIA-documents.html

      Delete
  8. බලන් ගියාම ලෝකෙ ජනගහණයෙන් 80% විතර කොලටරල්ඩැ මේජ් තමයි. නිදාගන්න ඉස්සර පොඩි සොමියක් ගන්න ගිහින් බඩ වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් ඉයන්ට ඔළුවට ආපු එක. බංගලා දේශය වගේ රටවල් එහනම් කොලටරල්ඩැ මේජ් වලින් ඉහවහා ගිහිල්ල. හේ හේ

      Delete
  9. මෙන්න මගේ අදහස
    http://lankasithuwili.blogspot.com/2017/03/blog-post_7.html

    ReplyDelete
    Replies
    1. කියවා පිළිතුරක් දෙන්නම්.

      Delete
    2. කොලටරල් ඩැමේජ් කථා අස්සේ වෙන අදහසක් කියන්න අවසරද මන්ද. ඔන්නහේ කියල දානවා. මේ පාර බ්ලොග් සම්මාන උළෙලට ආයෝජනය කරලා තියෙන්නේ බැදුම්කර සල්ලි කියල කථාවක් තියනවා. මං කියන්නේ එහෙම කථාවක් නැත්නම් ඒ වගේ එකක් හදල දාන්ඩ. negative publicity තමයි මේ දවස්වල වැඩ කරන්නේ.

      හැබැයි ඉතිං 'post truth' වලින් ප්‍රවේසම් කරගන්න වෙනවා. ඒත් බ්ලොගයෝ වන අපිට මොන publicity ද. අපි ඇල්වතුරත් නිමල තමයි බොන්නේ.

      Delete
    3. මේහ් උඹට බ්ලොගක් වෙන්න තව පෝස්ට් 50 වත් දාන්න ඕනේ . හෙහ් එකක් අටවගත්ත ගමන් එනවා මෙතන. හේ හේ :)
      මම ඔය සල්ලි ගැන දන්නේ නැහැ. අනුන් සංවිධානය කරනවා.මමම ටිකට් එකක් අරන් ගිහින් එනවා. ඇයි බං අර අහවල් එකඟ ඇහුවොත් රිසිට් ටිකවත් තියෙන්න එපැයි පෙන්නන්න. අර්ජුන් මහේන්ද්‍රන් නුත් එයිද දන්නේ නැහැ.

      Delete
  10. ඔව්වා යුධ අපරාධ කැටගරියට වැටෙන්නැද්ද හැබෑට?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පිස්සුද මල්ලි එහෙම වෙන්න පොඩි රටක් වෙන්න එපැයි.

      Delete
    2. //මේහ් උඹට බ්ලොගක් වෙන්න තව පෝස්ට් 50 වත් දාන්න ඕනේ . හෙහ් එකක් අටවගත්ත ගමන් එනවා මෙතන. හේ හේ :)// මේවා බොග තදවෙන කතා. තව එකක්. මේ දවස්වල බොගයෝ ෆුල් happy එකේ ඉන්නේ වෝටර්ස් එජ් යන්න. හරියට මං ගමේ ඉන්න කාලේ ඉස්කෝලෙන් මුහුද බලන්න කොලබ එක්කරගෙන එනවා කිවුවම ත්බ්බ ආතල් එක වගේ.....

      Delete
    3. කොහොමද දන්නේ , ඔය බොගාල වැඩි හරියක් දවල්ට කන්නේ එතැනින් බං. වෙන තැන්වල බැහැ කිව්වනේ. මේ රිප්ලයි කරන කොට තමන්ගේ කොමෙන්ටුව යටින් රිප්ලයි කලා නම් හරි.

      Delete
  11. හ්ම්ම්ම් සෙවිල්ලෙන් ඉමු

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.