Wednesday 17 June 2015

නෙළුම් යායෙන් තලවකැලේ ට නෑගම් යාම

ඔබ හැමෝම දන්නවා අපේ දෙමළ සහෝදර සහෝදරියන් ජිවත් වෙනවා කියල කන්ද උඩරට. ඉංග්‍රීසින් විසින් තේ වතුවල රැකියා කිරීමට රැගෙන ආ ඔවුන් රැකියා කලේ වහලුන් වගේ.ශ්‍රී ලංකාවේ, ඇමෙරිකාවේ හෝ වෙන රටවල් වල වගේ වහල් සේවය නොතිබුණත් මේ ජනතාව ඒ තරමටම දුක් විඳිමින් අපේ සිලෝන් තේ ලෝකයට සපයන්නට තම දහඩිය හෙළුවා.

මහා ජාතියකින් සුළු ජාතියකට පීඩනයක් එල්ලවන බව අප දන්නවා. බහුතර පිරිසක් කොතැනක හරි සිටියොත් ඉන් සුළුතරයකට බල පෑමක් එල්ල වන බව වෙනත් රටවල් වල සේවය කරන විට වඩාත් වැටහෙනවා. මේ මිනිසුනුත් එසේ වෙනත් රටකට පැමිණ එය තමන්ගේ වාස භූමිය කර ගනිමින් එහි ප්‍රධානම අපනයන භාණ්ඩයක කොටස් කරුවන් වුනා. ඒ අතර සුළුතරය නිසා ඇතිවන හිරි හැර වලටත් මොවුන්ට මුහුණ දෙන්නට සිදු වුනා. මොවුන්ට "අති බලවත්" දෙමල ඩයස්පෝරාවේ සහය නැහැ. ඩයස්පෝරාවේ කුලීනයෝ , බලවන්තයෝ මොවුන් දිහා බලන්නේ නැහැ. යාපනේ කුලිනයන්ට වුනත් මොවුන් තවත් පහල පන්තියක අය විතරයි. ප්‍රභාකරන්ගේ අරගලය යාපනයේ කුලීනයන්ට එරෙහිවත් සිදු වුණා එක ප්‍රමාණයකට. මොවුන්ගේ අසරණකම ඒ අරගලයටත් බිල්ලට දෙන්නට සුදුසු  කට්ටියක් නිර්මාණය කෙරුව එක විතරයි සිද්ධ වුනේ. 
මහා ජාතියේ ජාතිවාදය තිබුනත් ඒ බිල්ලා පෙන්වමින් මොවුන් මුලා කරමින් තමන්ගේ මඩිය පුරවා ගන්න තව කොටසක් ඉන්නවා. ඒ ජාතිවාදී සුළු ජාතික දේශපාලනඥයන්. තොන්ඩමන් පරම්පරාව මේ අතින් මුල් තැන ගන්නවා. තමන්ගේ පරම්පරාව හොඳට හැදුව මිස තොන්ඩමන්ලා  හා ඔවුන්ගේ වතු කම්කරු සමිති වතු කම්කරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් බොහොමයක් දේ කලාය කියල කියන්න අමාරුයි.
එක ප්‍රශ්නයකට තියෙන්නේ මේ මිනිස්සු දැනුවත් කරන්න විධිහක්  නැති වීම.  ජාතිවාදය අවුස්සන හොරුන්ගේ බහට නැමි  සිටින්න ඔවුන්ට වෙලා තියෙන්නේ ඒකයි. ලංකාවේ වාමාංශික පක්ෂ සුළු ප්‍රමාණයකට ඔවුන් අමතන්න පුළුවන් වුනත් ඔවුන් අතර වැඩි බලයක් නැහැ.

ඒ අඩුපාඩුව නැති කිරීමට එක පියවරක් අපි ගන්න ලෑස්තියි. නෙලුම් යායේ  දෙමළ  භාෂාවෙන් පලවෙන වෙබ් අඩවිය "තාමරෛ  කුලම්" (නෙළුම්  වැව)  මේ ජුලි මස විවෘත කරනවා. ඉන් පස්සේ බොහෝ සිංහල බ්ලොග්වල සාධනීය ලිපි ආදිය  දෙමළට පරිවර්තනය කිරීමටත්, දෙමල බ්ලොග් ලිපි සිංහලට පරිවර්තනය කිරීමටත් බලා පොරොත්තු වෙනවා.
තලවකැලේ "අඩයාලම්" සංවිධානය විසින් කාන්තා  ක්‍රිකට් උත්සවයක්  සංවිධානය කරනවා මේ සඳහා.  ඊට අමතරව අඩයාලම් කට්ටිය හා නෙලුම් යාය බ්ලොගර්ස් ලා  අතර 20-20 ක්‍රිකට් තරඟයකුත් සංවිධානය කරනවා.එනිසා නෙලුම් යාය සහෘද සමුහය, ශ්‍රී ලංකා බ්ලොග් සංසදයේ මිතුරි මිතුරියන්ටත්  ආරාධනා කරනවා මෙයට එක්වන්න  කියා.
ජුලි 11 සෙනසුරාදා උදේ එහෙ යන්න. එයාලගේ ක්‍රිකට් මැච් එක  උදේ 11.00 ඉඳන් තියෙනවා. 11 වැනිදා උදේ  9.00/10.00  වෙද්දි තලවාකැලේට යන්න පුළුවන්. ගිහින් ඒ අයත් එක්කම 11 රෑ එහේ ඉඳලා සින්දුවක් කියලා බජව්වක් දාල විනෝද වෙලා ජුලි 12 අපේ වෙබ් එක විවෘත  කරලා එන්න ඉරිදා අපහු  රෑ 07ට 08 ට විතර.

 නෙළුම් යාය  විසින් බස් රථයක් ඒ සඳහා සංවිධානය කරලා තිබෙනවා  කට්ටියටම තලවකැලේ  යන්න. කෑම බීම වියදමත් අපි දරනවා. රාත්‍රී නතරවෙන්න වෙන්නේ ඒ අය  ඉන්න තැන්  වලමයි. ටිකක්  නවීන වුනු නිවෙස් කීපයක් සංවිධානය කරන්න පුළුවන් කියා සංවිධායකයෝ කිව්වා. බස් රථයේ තව ඉඩ තිබෙනවා.

අපට දැනට විදුහලකට සුදු බෝඩ් එකක් හා තවත් තෑගි කීපයක් ගන්න  කටයුතු කරනවා. පැතුම් හේරත් (බිත්තිය බ්ලොගය) , ප්‍රගීත් අනුරාධ (ඉවාන් පව්ලුශා ) සහ මම (මෙය ලියන) මුදලින් ආධාර කලා තෑගි ගන්න .

මෙයට සහභාගී වෙන්න කැමති බ්ලොග් කරුවන් කරුණාකර ලන්කා ඩේලි හි හිමාශි කරුණාරත්න ට  himashimedia@gmail.com ට හරි කලාහිත බ්ලොගය ලියන බ්ලොග් සංසදයේ ලේකම්  කල්‍යාණමිත්‍ර (සුමිත් කලනසිරි) sumithky@yahoo.com - 0778755293 ට හරි දන්වන්න. 

83 comments:

  1. මිස්ටර් කොළඹගම, මේක ඉතාම වටිනා වැඩක්. අති සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගමන අලුත් නමක් දැම්මද මාධවියෝ ...:) ස්තුතියි. පටන්ගමුකෝ බලන්න.

      Delete
  2. හුහ්.. මෙන්න මෙයා මගේ වැඩෙත් බාර අරගෙන.. පුදුම ඒකාධිකාරයක්නෙ මේක..මං මේක ලේසියෙන් අරින්නෑ.. (හික් හික්.. කියව ගත්තෙත් හරි අමාරුවෙන් උඩින් පල්ලෙන් වගෙ.. නාහෙට උඩින් වැඩ..ටැන්කූ වේවා!!! )

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් බලාගෙන හිටිය හිටිය. තවත් බලන්න පුලුවනෑ. :)

      Delete
    2. නාහෙට උඩින් ගියාම කොහොමත් එකයි.. ලේ ඛමියා.(ඒක නිකං ප්‍රංස නමක් වගේ.)

      Delete
  3. බොහොම හොඳ වැඩක්... මෙහෙම ලිපි පරිවර්තනය නිවරදිව කරලා අදහස් හුවමාරුවට වේදිකාවක් හැදෙනවා කියන්නෙ ආයෙ රූකඩ නැටවිලි ලේසි වෙන්නෙ නෑ.. සංතෝසයි කියන්න අජිත් අයියෙ මේකෙ හොඳම ප්‍රතිඵල ලබන්නෙ අපේ දරුවො..
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි. මිනිසුන්ට හරි අදහස් දෙන එක කරනන් පුළුවන් නම් අගෙයි.

      Delete
  4. හ්ම්...............තලවකැලේ නේද? අනේ අපිට සීතල වැඩි වෙයිද? බලමුකො බලමුකො.

    ReplyDelete
    Replies
    1. මිලිටරි ප්‍රෙසිෂන් බ්ලොගාල ටික ඇරෙන්ජ් කරලා මැච් එකක් ගහ ගන්න පුළුවන් වෙයි ගියොත්.

      Delete
    2. "මිලිටරි ප්‍රෙසිෂන් එකට " කියා ලියවෙන්න ඕනේ. කලබලේ , කලබලේ. මිලිටරි පුහුණුවක් තිබ්බනම් මග හැරෙන්නේ නැහැ වචන. :)

      Delete
  5. පියවරින් පියවර අරමුණකරා යන ගමනට උණුසුම් සුභපැතුම්.....ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ජයවේවා. පියවරින් පියවර යමු.

      Delete
  6. සුබ පැතුම් ඉදිරි ගමනට!...

    (අර ලේකම්තුමාට ඉසකුඩිච්චියක් වගේ දාන්නත් ඔය ගමනෙදිම සංවිධානය කරගත්තොත් හොද නැද්ද? )

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඉසකුඩිච්චි දාන්නේ කොහොමද කියල බ්ලොගක් දාන්න . එතකොට කාට හරි පන්ගාර්තු කල හැකි වැඩේ. :)

      Delete
    2. කවුරු කවුරුත් බලන් ඉන්නෙ මට ඉසකුඩිච්චි දාන්න නේ.. හොඳයි අපි බලමුකෝ..

      Delete
  7. ජුලි 11 වෙනකොට ලංකාවේ ඉඳියි. හැබැයි ඉතින් එන්න නම් වෙන එකක් නෑ. දැනට දෙමලෙන් ලියවෙන බ්ලොග්ස් තියෙනවද? ටිකෙන් ටික හරි ඒ මිනිස්සු දැනුවත් කරන එකෙන් කාලයක් ගියාම වෙනසක් කරන්න පුළුවන් වෙයි. නෙලුම් යායට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. එන්න බැරිනම් ඉතින් බෝතලයකින් වත් සම්මාදම් වෙන්නකෝ යන අයගේ පින් තකා.
      දැනට දෙමළෙන් ලියවෙන් බ්ලොග් කෝටි ගාණක් තිබේ.

      Delete
    2. සම්මාදමක් කරන්න පුළුවන් විදියක් කියන්න. බෝතල් ගන්න වෙලේ ලයින් කාමර වල ඉන්න පොඩිඋන්ට චොකලට් ටිකක් දුන්න නම් නරකද? මගේ සම්මාදමෙන් ඒ වැඩේ කරන්න. සම්මාදම් විස්තරේ ඊමේල් කරන්න නැත්නම් මෙතනම දාන්න.

      Delete
    3. සම්පුර්ණයෙන්ම එකඟයි. මෙතන තියෙන ඊමේල් එකෙන් හිමාශිව කන්ටැක්ට් කලා නම් හරි. නැත්නම් ඔයාගේ ඊමේල් හරි ෆෝන් නොම්මරේ හරි එවන්න. ස්තුතියි. හොඳ අදහසක් ඇත්තටම.

      Delete
    4. ඒ ඊමේල් එකට මම ගිය බ්‍රහස්පතින්දා ලියුමක් දැම්ම. තාම කිසිම චාරයක් නෑ. මම ඔයාට පණිවිඩයක් දාන්නම්. මොකක් හරි කරන්න බලමු.

      මට අවුරුදු 18-19 දී වගේ අපි කට්ටිය (පවුලේ හතර දෙනා) ඉදල්ගස්හින්න ඉස්ටෙෂන් එකෙන් බැහැල පහල තියෙන හපුතලේ (වල්හපුතැන්න) පැත්තට කන්ද බැස්ස. ඒ එනකොට ඔය ලයින් කාමර වල හිටපු පොඩි උන් දැකල මට හරියට දුක හිතුනා. එදා මගේ අතේ දෙන්න දෙයක් තිබුනේ නෑ. හැබැයි එදා මම හිතුව කවදාහරි මේ ළමයින්ට මොනවා හරි ගෙනත් දෙන්න ඕනේ කියල.

      තාත්ත නැති වුනාට පස්සේ ආයේ ඒවගේ ඇඩ්වෙන්චර් වැඩ කලේ නෑ. මේක දැක්කම මට ඒ සීන් එක මතක් වුණා.

      Delete
    5. මටත් ඒ වගේම අත් දැකීමක් තියෙනෙව. වෙලාවක ලියන්න ඕනේ.

      Delete
  8. Replies
    1. මේ දේශකයා යයි ප්‍රසන් නුයි එක්කෙනෙක් කියලයි හිතන් හිටියේ. දෙන්නෙක්ද ?

      Delete
    2. ධර්මේ අයියෙ.. ඔයා හිතනවද එක එක මුකලන් බස්සන්ගේ පොටෝ මගේ බ්ලොග් එකේ දාවි කියලා..

      Delete
    3. මට හොල්මන්. දේශකයාගේ එකට ගියාම ප්‍රසාන් බ්ලොගකුත් හම්බ වෙනවා.

      Delete
    4. ඒත් මමම තමා අනේ.. මේත් මම
      https://www.facebook.com/deshss?fref=ts

      Delete
    5. මම ගඟේ පනිනවා දැන්. (අහ් ගඟක් නැති නිසා swimming පූල් එකටවත් පනිනවා. )

      Delete
  9. ඉතාම හොද වැඩක්.. බ්ලොග්කරනය ගැන කියා දෙන්න මාතලංගේ පැම්පස් සින්ඩියේ පාඩං ටික දෙමලට හරවන්න.. මේක හොද අත්දැකීමක් වේවි අපිට.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මාතලන්ට දෙමල පුලුවන්ද ?

      Delete
    2. බොලා උඩ රිප්ලයි එක දැක්නෙ නැද්ද Praසන්ன යො.

      Delete
    3. ගල් ටිකක් කටට හැලුවනං හුලං ගහන්නත් පුලුවං.. හැක්

      Delete
    4. බුදුහාමුදුරුවෝ බුධ්ධාගමේද කියලා ඇහුවලු ! හැක් හැක්

      Delete
    5. මොකක්ද දැං ඔය බලන්න කියන්නේ..

      Delete
    6. දෙන්නෙක් එක්කෙනෙක්ව අන්දනවද ? එක්කෙනෙක් දෙන්නෙක්ව අන්දනවද ? තොපි (දෙන්නම ) (එක්කෙනාම ) මාව අන්දනවද ?

      Delete
    7. අර FB පෝස්ට් එකට ස්තූතියි ඈ.

      Delete
    8. නෑ අපි දෙන්නම ඇඳගන්නව. :D

      Delete
    9. වෙලාවකට තුන් දේනාම ඇඳගන්නවා

      Delete
  10. එන්න නම් හුඟක් ආසයි. නමුත් ගෙදරින් ප්ර්මිසෝන් නැතුවා. අජී අයියත් තාත්තා කෙනෙක් නිසා තත්වය වටහා ගනීවි කියල හිතනවා. හදවතින්ම සුභපතනවා මේ ගමන යන ඔක්කොටමත් මේ වැදගත් පියවරටත්. ජය !

    ReplyDelete
    Replies
    1. ගෙදරින් කෙනෙක් එක්ක එන්න පුළුවන්. අම්මාට , තාත්තාට , වලි දාන ලොකු අයියලාට එන්න ඉඩ දෙනවා. මගේ ළමයි (දෙන්න වෙන වෙනම ) තනියම ඉස්කෝලේ ට්‍රිප් එක ගිහින් දවස් 6ක් හිටිය. අවුරුදු 11 දී. ප්‍රතමිකය ඉවර වෙනකොට ගෙනියනවා. තනියම වගකීමක් ගන්න.

      Delete
  11. සුබ පැතුම්...නෙළුම්යායේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. හැකිනම් සහභාගී වෙන්න.

      Delete
    2. ස්තුතියි ආරාධනාවට,හැකි පමන සම්මාදමක් කරන්න පුළුවන් විදියක් කියන්න.පුලුවන්නම් සම්මාදම් කරන ආකාරයේ විස්තරේ ඊමේල් කරන්න නැත්නම් මෙතනම දාන්න.එන්න නම් වෙන එක නම් ෂුවර් නෑ ( මම දැනට මම බ්ලොග් රචකයකුත් නොවේ,හැබැයි තද බල බ්ලොග් පාඨකයෙක් : ) )

      Delete
    3. ඒකෙ අවුලක් නැහැ. බ්ලොගාලට සමබන්ධයක් තියෙන කෙනෙක් හැටියට එන්න වුනත් පුළුවන්නේ. මේ sumith yapa ගේඊමේල් එක. නැත්නම් උඩ තියෙන හිමාශිට කියන්න. සම්මාදම එයාලගේ එකවුන්ට් එකකට දාල ගණන් පුළුවන්නේ.

      Delete
  12. මාත් මේකම දැම්මා මචෝ පෝස්ට් එකක් විදියට...

    ReplyDelete
    Replies
    1. තැන්කියු වේවා. මාතා ගේ එකේ දැම්ම කියන්නේ බස් දෙකක් ගන්න වෙයිද ?

      Delete
  13. කොමෙන්ටු පරිවර්තනය කොරන්නෙ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සරසා ගේ එල කොමෙන්ටු පරිවර්තනය සඳහා වෙනම කෙනෙක් දාල ඇමෙරිකන් NGO එකකින් පඩියක් ගෙවන්න තමා බලන්නේ.

      9මේ කොමෙන්ටු ඩිලීට් කරන්නේ නැතුව එඩිට් කරන්න බෑනේ. වදයක් )

      Delete
  14. ට්‍රයි එකක් දෙනවා සෙට් වෙන්න

    ReplyDelete
    Replies
    1. මෙන්ඩිස් එකක් වෙනම ලෑස්ති කරමු "එල ද බ්‍රා මෙන්ඩා" එනවනම්.

      Delete
    2. එන්න ට්‍රයි එකක් දෙනවා..ලොක්කට වචනේ දාලා බලන්නම්

      Delete
  15. "වතු දෙමළ" කියලා විශේෂණයක් දැම්මත් ඒ ඉන්නෙත් අපේම මිනිස්සු.භාෂාව නිසා බෙදී ඉන්න අපිට සිංහල ලිපි දෙමළට,දෙමළ ලිපි සිංහලට පරිවර්තනය වෙලා හරි ඒ බෙදීම යම්තමින් හෝ නැති කර ගන්න පුළුවන් නම් එක හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. මම "වතු දෙමළ " කියන විශේෂණ පදය භාවිතා කලේ නැහැ. අපි හිතනවා කටත් කරනන් පටන් ගත්තම ජාතිවාදය වෙනුවට සහජීවනය ගණන් පුළුවන් වෙයි ඉස්සරහට. වෙලාවක් තියනව නම් එන්න.

      Delete
  16. අලුතින් නගින පඩියට පතුලෙන්ම සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. තනියම නෙමේ. රෑනක් එක්ක. මේ අදහස චන්දිම ගේ.

      Delete
  17. දඹුලු ගිහින් තලගොයෙකුත් මරාගෙන එන්න ඇහැක් වෙයි වගේ ......

    උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ
    දකුණු කොනේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලියේ
    උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගියේ
    දකුණු කොනේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ...
    කොතැනක සිටියත් ඉපදෙන - මියයන බිම එකනේදෝ
    ඒ බිම එක් වී සුරකින යුතුකම අප සතු නේදෝ...
    එක මවකගෙ දරු කැල සේ එක්වී ඉන්නයි සැමදා
    නෙතු හමුවට කඳුලැල්ලක් ළං නොමවන්නයි කිසිදා...

    ගී පද රචනය - චන්ද්‍ර වාකිස්ට
    තනුව හා සංගීතය - ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. ගැලපෙන ගීයකුත් දාල තියෙන්නේ.

      Delete
    2. තවම තීරණයක් නැ මෙන්ඩෝ ...බලධාරියා ගෙදර තනියම දාලා යන්න බැනේ .



      "

      Delete
  18. ප්‍රශ්නයක් තියෙනවා! අපිනම් බොග දාන්න නවකයෝ...ආතල් වැඩක් හින්දා එන්න නම් කැමැත්තක් තියෙනවා.හැබැයි තාම මොකුත් බ්ලොග් සංගම් වලට බැදිලා නම් නෑ...
    මොකද කියන්නේ...අපිටත් එන්න ඇහැකි වේද?

    ReplyDelete
    Replies
    1. ඕන කෙනෙකුට එන්න පුළුවන්. බ්ලොගාල නම්.

      Delete
    2. ආ...... කොමෙන්ටේටර්ලට බෑ???

      Delete
    3. අපොයි ඔයාව දාල යනවද එහෙම. කාරක සභාවේත් ඉන්න එකේ.

      Delete
  19. විබාගෙ තිබ්බෙ නැත්නං මං ලොවෙත් එනවා...ෂික්.. මොනා කොරන්නද..?
    වැඩේ එලකිරි වගේ සාර්ථක වෙන්ඩ කියල මුලු හාර්ට් එකෙන්ම විෂ් කරනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඊළඟ වැඩේ දී සෙට් වෙන්න.

      Delete
  20. හොඳ අදහසක් අයියේ..හදවතින්ම සුභ පතනවා.ඔය අදහස පහල වෙච්ච ඔළු ගෙඩියට වැඩි පුර සුභ පතනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. අදහස පහල වුනේ චන්දිම විතානාරච්චි ට. මම ඉතින් හැම එකටම ඔළුව දාන එකනේ කරන්නේ ගල් මුල් මල් ඕන එකකට රෙඩි වෙලා.

      Delete
    2. චන්දිම මේවට ඇවිල්ල කොමෙන්ට් කරන්නවත් නොදන්නා නිසා එයත් කරන්න වී තිබෙන්නේ මටමය.
      //thanks for appreciation. Really pleased- from chandiam //

      Delete
  21. පැතුම් ගෙයි සමිත් ගෙයි යෝජනා නිසා මේක හිතුනේ. යන හැමෝම පොඩි පැන්සලක් , පෑනක් , එක්සර්සයිස් පොතක් වගේ පොඩි තෑග්ගක් , ගෙදර හැදෙන කෙහෙල් ඇවරියක් හරි කමක් නැහැ ගෙනියනවා නම් හොඳ නැත්ද ළමයින්ට දෙන්න.

    ReplyDelete
    Replies
    1. මේක අවශ්‍ය නැහැ. අපේ චැරිටි එකාක් තිබෙනවා. www.shareandcare.org.uk කියල . ඒ කෙන් මුදලක් ලැබෙනවා තෑගී ටිකක් ගන්න.

      Delete
  22. වැඩේ සාර්ථක වෙන්න කියලා සුබ පතනවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කැමරාවත් අරන් එන්න.

      Delete
  23. මං කලා හිත පැත්තේ ගිහින් ආවෙ නෙළුම් යායට බනිනවා කියලා. එහෙම කළෙ එයා පවු නේ කියල හිතලා. හැබැයි ඔන්න මාව පාවලා හෙම දෙන්න එපා. කොහොමටත් ජුලි මාසෙ නම් මට ඇත්තටම ලංකාවෙ ඉන්න වෙන එකක් නෑ වගේ තත්වයක් තියනවා කල්‍යාණ මිත්‍ර. ඒත් මගේ සුබපැතුම් ිරිනමන්නේ මුළු හදවතින්මයි.

    ReplyDelete
  24. සමාවෙන්න අදහස් දක්වන්නට ප්‍රමාද වීම ගැන. ගමනට එකතු වෙන්න උපරිම උත්සාහකලත් නිසිබලධාරිනියගෙන් ඒ සදහා මොනම හේතුවකටවත් අවසර ලබාගන්න බැරිඋනා . . . දිනය සම්බන්ධ විශේෂ හේතුවක් නිසා. එමනිසා එදාට තලවකැලේට නෑගම් යන හැමෝටම වගේම ඒ පලාතෙන් මේ කටයුත්තට එකතුවෙන හැමෝටමත් හදවතින්ම සුභ පතනව,

    කඩු බ්ලොග් කොහොම හරි කියවගන්න පුලුවන් උනත් දෙමල භාශාවෙන් පලවෙන බ්ලොග් කියවන්න කොහෙත්ම හැකියාවක් නැහැ. මට වගේම තවත් සෑහෙන්න පිරිසකට මේ අවුල ඇති. ඒ වගේම දෙමලෙන් බ්ලොග් ලියන අයටත් ඔය කතන්දරේ ඔය විදියටම සිංහල බ්ලොග් සම්බන්ධයෙනුත් ඇති. ඉතින් නෙලුම් යායේ මැදිහත් වීමකින් ඒ බාදකය යම්තරමකට හෝ ඉවත්ව යනවනං ඒක ඇත්තෙන්ම වටින දෙයක්. හදවතින්ම සුභ පතනව මේ හොද කටයුත්තට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඕනැමන්ටල් සගයා. දන්නා යාලුවන්ට වත් කියන්න. තව ස්ථාන 10 විතර තියෙනවා බස් එකේ .

      Delete
  25. අජිත් අයියා................ අපි ඉන්නේ ඔය පැත්තට ටිකක් විතර ළග... මං කිව්වේ අපි හැමෝම නෙමෙයි දෙන්නෙක්.... ඒත් 11 දවසම වැඩ.... අනික දැනටමත් ලෙඩ තත්වයක ඉන්නේ.... ඒත් 11 රෑ හරි.. 12 හරි පුළුවන් වුණොත් අනිවා ඒනවා...... රෑ හරි අාවොත් පෝස්ටරයේ තියෙන නොම්බරයට අමතලා ඉන්න තැනක් හොයාගන්නම්..... මොනවා වුණත් වැඩේ අතිසාර්ථක වෙන්න කියලා පතනවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. පුලුවන්නම් කෝල් එක්ක දෙන්න සුමිත්ට.

      Delete
  26. සෑම අතකින්ම සාර්ථක වේවායි සුබ පතනවා. එන්න අපහසු වීම ගැන ඉන්නෙ පසුතැවිල්ලෙන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුණසිංහ මහතාට

      Delete
  27. හොඳ වැඩක්.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .