Monday 22 June 2015

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 5

// කූවෙලකිස් සිරිසා  හි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු මෙන්ම එහි වාමාංශික වේදිකාවේ ප්‍රධානතම නායකයෙකි. ඔහු දැනට ලන්ඩනයේ කිංග්ස් කොලේජයේ උගන්වන අතර "කාන්ට්  ගේ සිට මාක්ස් දක්වා දර්ශනවාදය සහ විප්ලවය" නමැති පොතේ කතුවරයාද වෙයි.  එසේම "ලෙනින් නැවතත්""නුතන මාක්ස්වාදයට විවේචනාත්මක සහයක් "   පොත්වල සම කතුවරයායි."වර්සෝ පොත්" වෙබ් අඩවියේ කතුවරයා සේම "ඓතිහාසික භෞතික වාදය " සඟරාවේ කතෘ මණ්ඩලයේ සේවය කරන සෙබස්තියන් බජන් "ජැකොබින්"සඟරාව සඳහා   කූවෙලකිස් සමග සම්මුඛ සාකච්චාවක් කළේය.//


ඔබට "වමේ වේදිකාවේ " ප්‍රධාන ප්‍රකාශකයෙකු වන  පනගියෝටිස් ලෆද්සානිස්  ගැන කියන්න පුලුවන්ද ටිකක්?

ඔව්, ඔහු ප්‍රධාන පෙලේ කෙනෙක්. මේක ශක්තියක් වගේම දුර්වල  කමක්.  සිරිසා කියන්නේ නායකයෙකු වටා බිහිවුන එහෙම නැත්නම් නායකයා මධ්‍ය ලක්ෂය කර ගත්ත පක්ෂයක්, නමුත් එහි (සිරිසා හි) ප්‍රධාන කොටසක් වන  "වමේ වේදිකාව" (Left Platform), හරියටම කිව්වොත් "වමේ ධාරාව "(Left Current)  පුද්ගල - මධ්‍ය  සංවිධානයක්.  ඇත්ත වශයෙන්ම ඇන්ටොනිස් ඩුවනෙලොස් (DEA   හි) ප්‍රමුඛ කෙනෙක් තමා , නමුත් ජාතික තලයේදී ලෆාද්සනිස් ඉතා වැදගත් භූමීකාවක සිටිනවා. ලෆාද්සනිස් කියන්නේ ඒකාධිපතිවාදයට එරෙහි සටනේදී ඉදිරිපෙළ සිටි ක්‍රියාධරයෙක්. ඔහු ඒකාධිපති පාලන කාලය මුළුල්ලේම අත් අඩංගුවට පත් නොවී බේරී සිටි, ගණනින් දහයටත් අඩු තරුණ කොමියුනිස්ට් කේඩරයන් ගෙන් කෙනෙක්. ඒ පරම්පරාවේ සිටි ඉතාමත් දුර්ලභ  ගණයේ කේඩරයෙක්.

ඔහු 1970 දශකයේ හා 80 දශකයේ KKE එකේ ඉදිරියට පැමිණුනා. පොලිටි බියුරෝ එකේ සාමාජිකයෙක් වගේම KKE හි 1973 සිට 1989  සිටි ඓතිහාසික මහා ලේකම් හරිලඔස් ෆ්ලොරකිස් ගේ ලඟින්ම සිටි කෙනෙක්. 1991 විභේදනයේදී  දී ප්‍රධාන තැනක් ගනිමින් ඔහු පක්ෂයෙන් අයින් වුනේ නායකයන් බොහෝ දෙනෙකු සමග .

ලෆාද්සනිස් ගේ විශේෂත්වය තමා අනිත් අය දකුණට පාවෙද්දී, වඩාත් විස්තර කර කියනවා නම්, හුඟ දෙනෙක් සිනස්පිස්මොස් හා සිරිසා  අත හරිද්දී , ද්‍රගස්කිස් වගේ අය වඩාත් දක්ෂිනාංශික ස්ථාවරයක් ගනිද්දී, ලෆාද්සනිස්  ප්‍රබල මාක්ස්වාදියෙකු වෙමින් නමුත් ස්ටලින්වාදයෙන් තීරණාත්මක ලෙසින් වෙන්වීමයි. (එසේම අපි මතක් කර ගන්න  ඕනේ ඔහු 1970 හා 1980 අවධි වල වසා දැමුණු ගේට්ටු පිටුපස සිටි KKE නායකත්වය තුල සෝවියට් දේශය දැඩි ලෙස විවේචනය කල අයගෙන් කෙනෙක් ලෙස.)

ඒ කාලේ KKE එක තුල සිටි හුඟක් අය සැක  කළා ලෆාද්සනිස්  රහසිගත යුරෝකොමියුනිස්ට් වාදියෙක් කියල. ඔහු ග්‍රම්චිව ගැඹුරින් කියවා ඇති බව ප්‍රසිද්ධ රහසක්. නමුත් මේ විස්තර සියල්ල ඉතා සැඟවුණු ආකාරයෙන් පැවති  අතර ඔහු එළිපිට පක්ෂයේ නිත්‍යානුකුල ස්ථාවරය ට පක්ෂව සිටියා . 

ග්‍රීක මාධ්‍ය මගින් ලෆාද්සනිස් ව හඳුනාගෙන පහර ගසන්නේ ඔහු දැඩි මතධාරියෙක් වශයෙන් හැඳින් වෙන නිසා. දක්ෂිනාංශය හා පවතින ක්‍රමයට පක්ෂ බලවේග ඔහුට වෛර   කිරීමට කැමති අතර නිරන්තරයෙන් ගර්හාවට පත් කරනවා. ඔහුව පෙන්වන්නේ යුරෝ-විරෝධී මහතා (Mr Anti-Euro)  සහ යුරෝ සංගමයෙන් කඩාගෙන යන සිරිස කාරයා (Mr Break-with-the-EU of Syriza) යනුවෙන්.  ලඟම  උදාහරණයකට ගත්තොත් සිරිස හා ඩිමාර් (Dimar) අතර සාකච්චා බිඳ වැටුණු ගමන්ම වගේ ප්‍රධාන දිනපතා පුවත් පත වන "ටා  නෙයා"  (Ta Nea) නම සඳහන් නොවන කතුවැකියක් ලිව්වා මෙහෙම නම් කරලා  "ග්‍රීක වැසියනි, පරිස්සම් වන්න. ඔබ සිප්‍රස් ට චන්දය දුන්නම, පක්ෂය සැබවින්ම පාලනය කරන්නේ ලෆාද්සනිස්".

යමෙක් වටහාගත යුත්තේ මාධ්‍ය සහ දේශපාලන ප්‍රභූ පන්තිය මෙන්ම අධිපති පන්තිය සිරිසාට මෙපමණ සතුරු වන්නේ, සිරිසා තුල ඉතා ප්‍රබල වමේ ධාරාවක් තිබෙන නිසා බව. සිප්‍රස් මේ ගැන දැඩි අවධානයකින් සිටිය යුතුයි. මේ නිසා තමා පත්තර හෙඩිම්  වල කියන්නේ "සිප්‍රස් , පපන්ද්රොව් කළා  වගේ කරන්න " යනුවෙන්. ඒ කියන්නේ අභ්‍යන්තර විරෝධතාවයන් මුලිනුපුටා දමා නියම නායකයෙක් වන්න. ඒ කියන්නේ පිස්සු වාම වාදීන් (loony leftists)  හා දැඩි මතධාරීන් එලවා  දමන්න.

අපි KKE එක ගැනත් මතක් කරපු නිසා පොඩ්ඩක් කතා කරමුද ඒ ගැන, මොකද ජනතාව කුතුහලයෙන් සිටිනවා ඒ ගැන. කොයි තරම් දුරට ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය බුද්ධිමත් ද, තාර්කිකද ? එහෙම නැත්නම් මේ සිය දිවි නසා ගැනීමක්ද?

මං  හිතන්නේ දෙකම.  KKE දැනට යෙදෙවී සිටින්නේ පක්ෂ මැෂිම ක්‍රියා කර තබා ගැනීම් කාර්යයේ, පක්ෂය මේ දේශපාලන ගංගාවේ ගිලෙන්නේ නැතුව උඩ තබා ගන්න එක. ඒ ගොල්ලන්ගේ සිහිනය තමා 2009 තිබු තත්වයට යාම ඒ කියන්නේ වමේ රැඩිකල් දේශපාලනයේ වඩාත්ම බලපෑම් කල පක්ෂය වීම. ඔවුන්ට ඕනේ 7-8% චන්ද ප්‍රමාණයක් හා සමහර අංශයන් (දේශපාලනිකව) හැසිරවීමට .

මේ පක්ෂයේ ක්‍රියාකාරී යාන්ත්‍රණය  හුගක් දක්ෂිනාංශිකයි, ඒ නිසා KKE හි අභ්‍යන්තර ස්වභාවය හා "තුන්වෙනි කාල  පරිච්චේදය " (Third Period) වැනි වාගාලංකාර සමග ලොකු පරතරයක් ඇති කර තිබෙන අතර KKE හි මතු පිට පෙන්වන බොරු ආටෝපයත් එයයි.   (The Third Period is an ideological concept adopted by the Communist International (Comintern) at its Sixth World Congress, held in Moscow in the summer of 1928. - wikipedia)
මේ දේශනා වල විප්ලවවාදී වගාලංකාර වල, සමාජවාදය, වැඩ කරන පන්තිය, වැඩකරන ජනතා  බලය ආදිය ගැන  නිරන්තරයෙන් සඳහන් කරන මුත් KKE සහමුලින්ම අකර්මණ්‍ය වෙලා හිටියේ පසුගිය අවුරුදු කීපයම.
ඔවුන් ඉතා මුලික මට්ටමේ ජනතාව රැස්  කිරීමේ ක්‍රියාවලීන්ට සැම විටම විරුද්ධ වුණා. 2011 වසන්තයේ පැවති නගර චතුරශ්‍ර අත් කර ගැනීමේ ව්‍යාපාරයට ඔවුන් පිස්සුවෙන් මෙන් විරුද්ධ ව කටයුතු කලේ එය කොමියුනිස්ට් විරෝධී කුමන්ත්‍රණයක් යයි කියමිනුයි. ඒ නිසා මෙය මුලික වෙනස් කම් වලට අකමැති දැඩි දක්ෂිනාංශික (මෙයින් අදහස් කරන්නේ වාමාංශයේ දක්ෂිනංශය) පක්ෂයක් .

මේ ඓන්ද්‍රිය ලෝක දැක්මක්ද? නායකත්වයේ ඒකාධිපතිවාදී බලයෙන් නෙමේද මේ වගේ දෙයක් බලයෙන් පවරන්නේ?

බලයෙන් පවරලා තමා , නමුත් KKE එකේ ශක්තිමත් යාන්ත්‍රණයක් තිබෙනවා වගේම ඔවුන් සාදා තිබෙන්නේ ඉතා සංවිධිත පක්ෂයක්. ඔවුන් කිසි කම්පාවක් නැතිව සියලුම විරුද්ධ මත දරන්නන් එළවා  දමා පක්ෂයේ බලය  තබාගෙන සිටින්නේ. මම සැක කරනවා ලඟදි එන මැතිවරණ වලින් ඔවුන් දුර්වල ප්‍රතිඵල ගත් විට එයින් දැඩි බලපෑමක් ඇති වේවි කියල.

ඔවුන්ගේ අවසන් වරට 2013 අප්‍රේල් මස පැවැත්  වූ සම්මේලනයේදී තදබල අභ්‍යන්තර ප්‍රශ්න පැවතියත්, නායකත්වය ඒවා දුරු කිරීමට සමත් වුන නිසා මම හිතනවා  හැම දෙයක්ම තීරණය වන්නේ ඉදිරියේ ඇතිවන තත්වය මත කියල. KKE  හි සම්පුර්ණ දැක්ම හා අන්තවාදී වමේ කොටසක් සූදු කෙලින්නේ සිරසාහි අසමත්කම හා පාවාදීම වේය සිතමින්.  තමන්ගේ ස්වයංසන්තර්පණය සඳහා අනාවැකියක් සමගම, ඔවුන් ඉල්ලා සිටිනවා එය.

මේ දෘෂ්ටිකෝණය කිසියම් භූමිකාවක් රඟ  පෑව සහ අපි එය සලකා බැලිය යුතුයි.මම කියන්නේ නැහැ සිරිසා නායකත්වය තමන්ගේ වගකීම් වලින් නිදහස් කළ  යුතුයි කියල.   කාරණය තමා  මේ බලවේග තමන්ට හැකි සැම  දෙයක්ම කලා සිරිසා කොන් කරන්න රැඩිකල් වාමාංශික බලවේග වලින්, මේ නිසාම දේශපාලන ස්ථාවරයේ යම් මැදහත් වෙනස් වීමක් සහ පක්ෂයේ ප්‍රවේශයේ වෙනසක් සිදු වුනා.

(ඔවුන් - KKE සහ අන්තවාදී වාමාංශය) දාල තිබෙන ඔට්ටුව තමා සිරිසා ඉදිරියේදී ලබන පරාජය හමුවේ ජනතාව වඩා රැඩිකල් වෙලා ඔවුන් තමන්ව ප්‍රති-සංශෝධනවාදී මායාවෙන් මුදා ගැනීම කියල, නමුත් ග්‍රීක සමාජය මෙය සම්පුර්ණයෙන්ම  ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඔවුන් ඇත්ත ඇති සැටියෙන් දකිනවා මේ ඇවිල්ල සම්පුර්ණයෙන්ම වගකීම් විරහිත ඉතාමත් උම්මත්තක ස්ථාවරයක් කියල. ප්‍රතිඵලය තමා බලවේගයන් නාස්ති කිරීම. එය වෙනස් වෙන්න පුළුවන් ඉදිරියේදී තත්වය වඩාත් උණුසුම් වුනොත්.


(සිරිසා හි  ජයග්‍රහණයෙන් ඉහත වාක්‍යය නිවැරදි බව ඔප්පු වුනි - පරිවර්තක )

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 1
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 2
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 3
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 4

11 comments:

  1. මං හෙන ට්‍රයි එක්ක් දෙනව මේක කියවල අයිඩියා එකක් ගන්න. දැන් දැන් සුට්ටක් සුට්ටක් මීටර් වේගෙන එනව ඒත් මේ නම් තමයි කියවන්න අමාරු.. අජිත්තයිය මට හිතෙන්නෙ මේවට නිකම් මහින්ද සිරිසේන රනිල් මැදමුලන වගේ නම් දාල ලියුවොත් වැඩේ ලේසි නැද්ද? හැක්.

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර, මම මේවා පරිවර්තනය කලේ (කරන්නේ) මම හොඳ දේශපාලන විශ්ලේෂකයකු යයි යයි වැදගත් පුද්ගලයෙකුගේ ඉල්ලීමකට. මමත් කියවනවා. උත්සාහ කරනවා තේරුම් ගන්න. ලංකාවේ දේශපාලනයටත් මේවා වැදගත්. අර මම වාමංශයේ දක්ෂිනංශය කියල එකක් හෙම ලිව්වේ මේ තත්වය තේරුම් ගන්න. ඒ නම් දාල තමා මේක ලිව්වේ. http://kolambagamaya.blogspot.co.uk/2015/05/blog-post_7.html

      මතක තබා ගන්න. මම සම්පුර්න මාක්ස්වාදියෙක්ම නොවේ. මාක්ස් "ප්‍රග්ධනය" පොතේ ලියල තියෙන්නේ සමාජ පරිණාමය පිලිබඳ සත්‍ය තත්වය කියලා හිතන කෙනෙක්. මම එංගලන්තේ සාපේක්ෂව හොඳින් ඉඳගෙන ලංකාවේ මගේ සහෝදර සහෝදරියන්ට පටි තද කර ගන්න කියල කියන්න මම කැමති නැහැ. හැමෝම තමන් විසින්ම තේරුම් අරගෙන තමන්ගේ ස්ථාවරයක් හදා ගත යුතුයි කියලයි මම හිතන්නේ.

      Delete
  2. ‍ෙමෙේකත් අර පස්චාත් නුතනවාදය ‍ෙපෙොත ව‍ෙගෙේ. අපරා‍ෙදෙ බිපු හැනපියර් බා‍ෙගෙේ

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ කොමෙන්ටුවේ තේරුම අටමා? "අපරා‍ෙදෙ බිපු හැනපියර් බා‍ෙගෙේ"?
      ඔයා දැන් ව්‍යාපාරයක් කරනවා නේද? ඇඟේන්ම කරන්න. ලාභය අනිවාර්යයෙන්ම තියා ගන්න විකුණන ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකට. තමන් වැය කරපු මුදලට හා ශ්‍රමයට අඩුවෙන් කිසි දෙයක් දෙන්න එපා. පවුල් යුනිට් එකකින් කරන ව්‍යාපාර හුඟක් සාර්ථක වෙනවා හරියට කලොත්. නායක ගත්තොත් ඒක ගෙවන්න තරම් ලාභය එනවද කියල බලල ගන්න.

      Delete
  3. අජිත් අය්යා, Stathis Kouvelakis's Critical Companion to Contemporary Marxism(නුතන මාක්ස්වාදයට විවේචනාත්මක සහයක් ) පොත හොයාගන්න තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මෙතනින් බාගන්න.
      https://www.ssc.wisc.edu/~wright/621-2013/CRITICAL_COMPANION_TO_CONTEMPORARY_MARXISM.pdf

      Delete
  4. බොහොම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔබේ කොමෙන්ටුවට මගේ පිළිතුර ලියා ගෙන යනවා. මම හිතුවට වඩා ගැඹුරට යන නිසා මගේ සිතේ තිබු වෙන කතාවක් ලියන්න කල්පනා කලා දැනට . නමුත් අර කරුණ අමතක නැහැ.

      Delete
  5. A very good job comrade! Please continue this. Jacobin publishes good stuff on Greece and contemporary politics It's good if you can get them translated as much as possible

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .