එතනින් පන්සල පාරට හැරිලා තමා සෙන්ට්‍රල් එකට එන්න ඕනේ. ඒක තිබෙන්නේත් ලස්සන පරිසරයක. කනිෂ්ඨ පාසැල තිබෙන්නේ පොඩි කඳු ගැටය උඩ . ලොකු පිට්ටනියකුත් තියෙනව.
මෙන්න ගුගල් පින්තුරේ.
එක දවසක් විවේකයෙන් පස්සේ ලොකු ගාල ගෝට්ටියක්. අපිත් කලබලේට බැලුව. අර ගුරුවරයා පන්තියේ ළමයෙක්ව මැදට අරගෙන බනිනවා. මේ විදුහලේ කණිෂ්ඨ කෑල්ල ලොකු හෝල් එකක්. පන්ති බෙදල වෙන් කරලා තිබුනට බිත්තියක් වත් නැහැ. අනික පන්තියේ උගන්වන දේත් ඇහෙනවා. ඉතින් අපි බැලුව මොකද වෙන්නේ කියල. අර ළමය ටිකක් මහත හතරේ පන්තියේ කියෙන්නේ අවුරුදු නමයක විතර දුප්පත් බව පෙනෙන පිරිමි ළමයෙක්. ටිකක් ලොකු කොට කලිසමක් හා දුර්වර්ණ වෙච්ච ලා කොළ පාට කමිසයක් ඇඳගෙන හිටියා වගේ මතකයි. එයාට අපි සෝමේ කියමුකෝ. (මේ සෝමේ අන්වර්ථ නමක්. මගේ පන්තියේ හිටිය සෝමතිලක කියල යාළුවෙක් එයා නෙමේ ) මන් හිතන්නේ මිනිහ ගණිතය ලියන පොත අරන් ඇවිල්ල නැහැ. කොහොම හරි එක පාරටම අර බැන බැන හිටිය ගුරුතුමා ආවේශ වුන වගේ වේවැල අර ගත්ත. දැන් මෙයා අර අහිංසකයට ගහනවා. එකක් දෙකක් නෙමේ ගහ ගෙන ගහගෙන ගියා . කොල්ල මර හඬ දීල අඩනවා. අනික් ඈත පන්තිවල ගුරුවරු හා ළමයිනුත් ඇස් උඩදාගෙන කටවල් ඇරගෙන බලන් ඉන්නවා. ටිකක් වෙලා හති ඇරිය මේ ගුරුභවතා ආයි ගහන්ඩ පටන් ගත්ත ආවේශ වෙලා වගේ. අර කෑ ගහලා අඬන කොලුවා එක පාරටම නිස්සද්ද වුණා . ගුරා ගහනවා තවම. ටිකකින් අපට වැඩේ තේරුණා. කොල්ලට චූ යනවා. දෝරේ ගලනවා වගේ. අපේ පන්තිය හරියට එනකන් ගලාගෙන එන සයිස් එකට.
එක ගුරුවරයෙක් ආවේ නැහැ කොල්ලව බේරා ගන්න. පොඩි වුනත් මම මාරාන්තික තරහකින් හිටියේ. අපේ පන්ති භාර ගුරුතුමිය එනකොට ගැහිල්ල නතර වුණා. එයාට ගුරුවරයාගේ සැළකීමක් තිබුන. කොල්ල බිම බලාගෙන හිට ගෙන හිටිය ඉස්කෝලේ ඉවර වෙනකම්ම පැයක් විතර චු ගොඩේ. ඊට පස්සේ මොනවා වුනාද මම දන්නේ නැහැ. කොල්ලගේ අම්ම ඇවිත් පන්තිය හේදුවලු .
මේ ළමය ඊට පස්සේ ඉස්කෝලේ ආවේ නැහැ. මමයි අපේ පවුලේ කට්ටියයි ගමනක් කියා මන් හිතන්නෙ ජනතා පුර කියන පාරේ. ඔහොම යනකොට කඳුගැට තියෙන හරියක අලුත දුන්න ඉඩම් වගේ කෑල්ලක් දැක්ක කටු මැටි ගෙයක් එක්ක. මන් දැක්ක "අර සෝමේ" ඉඳන් ඉන්නවා. කඳු ගැට්ට උඩ . අර කලිසමයි කමිසෙයි ඇඳගෙන. මාත් එක්ක ලාවට හිනා වුණා ඇඳින ගෙන.
ලංකාවේ "සමහර" ගුරුවරු ටිකක් තියෙන මධ්‍යම පන්තික ළමයිනට එක විධිහකටත් නැති බැරි ළමයිනට තව විධිහකටත් සලකන බව මම දන්නවා. ඒත් මේක මහා කෘර කමක්.
නැති බැරි භේදය ගැනයි දුප්පතාට හැමදාම ගුටි ලැබෙන බවයි මන් ඉගෙන ගත්තේ එදා කියල මට හිතෙන්නේ.
- මෙහි සඳහන් සෝමේ අන්වර්ථ නාමයකි.
ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ මානව හිමිකම් ,ළමා අයිතිවාසිකම් හෝ වෙන කිසිවක් නොතිබුන අන්ධකාර යුගයක.මේ එක සිද්ධියක් නොවෙයි.මේකට හේතු කීපයක් තියනවා.
ReplyDeleteගුරුවරුන් බඳවා ගැනීමට පෙර අනිවාර්යයෙන්ම මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගත යුතුයි.මට මතක් වෙනවා මා පාසල් යන කාලෙ මේවගෙ දේවල්.එක් ගුරුවරයෙක් හිටිය ගහන්න ප්‍රසිද්ධ.මේ රුචිකත්වය නිසා ඔහු මහා කීර්තියක් ඉසිලුවා.
මට හිතෙනව මොහු මෙම පහරදීම් නිසා ලිංගික තෘප්තියක් ලැබූ බව.එහෙම කියන්නෙ ඔහුගෙ ඉරියව් දැකලයි.
මේ ප්‍රශ්න වලට හේතුව ලංකාවෙ ගුරුවරු දේවත්වයට නංවා ඇති නිසයි.ගුරුවරු පමනක් නොවෙයි මොන වෘත්තිකය වුනත් දේවත්වයට නංවා අතිමානුෂික පුද්ගලයන් ලෙස සළකන විට ඔවුන් වැරදි කරන්න පෙළඹෙනවා.පූජකයන් බලන්න.ඔවුනුත් එහෙමයි.ඔවුන්ටත් තේරෙනව තමන් සුවිශේෂ පුද්ගලයන් බව.ඔවුන් ජීවත් වන්නෙ මේ මායාකාරී මානසිකත්වය තුල.
මම දන්න ගුරුවරියක් ඉන්නව ළමයින්ට බනිනව අමුකුණුහරපෙන්.ඇය රස කර කර ලිංගික ක්‍රියාව මතක් කරලයි මේ බනින්නෙ.සරඹ කරන කොට ළමයෙක් නිසි ලෙස සිටියෙ නැත්නම් මේ ගුරී බනින්නෙ දෙමවුපියන්ගෙ ලිංගික ක්‍රියාව සිහි කරල.පොඩි එවුන්ට අන්දො සංසාරයක් තේරෙන්නෙ නෑ.
මම කියන්නෙ ගුරුවරු කියන්නෙ දෙවිවරු නොවෙයි ඔවුන් පඩි ලබන වෘත්තිකයන් පිරිසක්.ඔවුන්ගෙ ක්‍රියා නියාමනය කළ යුතුයි.ඔවුන් නීතියට යටත් බව ඔවුන්ට සිහිපත් කළ යුතුයි.සියල්ලටම පෙර මානසික රෝගීන් පාසල්වලින් ඉවත් කළ යුතුයි.
මට මතකයි කවුද මන්ද කීව එක් පළාතක ගුරුවරුන්ගෙන් 38% ක්ම සායනික ප්‍රතිකාර ගතයුතු මානසික රෝගීන්ය.කියල.ඒ ප්‍රතිශත හරියටම කීවෙ කෙසේද මන්ද.
ඇනෝ ගේ කතාවට මට එකඟ වෙන්න පුළුවන්. හැබැයි එහෙම කුණු හරපෙන් බනින ගුරුවරු දැකල නැහැ. දැන් මෙහෙම වෙන්නේ නැහැ. ගුරුන් එහෙම ගැහැව්වොත් අත් අඩංගුවට ගන්න නිසා. හැබැයි ඔතනත් පොඩි අන්තයක් තිබෙනවා. දැන් පොඩි තරවටුවක් කලත් අම්මලා තාත්තලා කඩාගෙන එනවා. ගුරුවරුන් දන ගස්සනවා. ඕකත් වැරදියි. ළමයින්ව හදා ගන්න ගුරුවරුන්ට තදින් ඉන්නත් සිද්ධ වෙනවා.
ReplyDeleteමේක ලිව්වේ අර දන ගහන සිද්ධියට අදාලව නෙමේ. එකේදී මම ගුරුතුමියගේ පැත්තේ.
ReplyDelete