නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 1 - වැස්සට තෙමෙන උන්
නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 2 - සයිටම් යනු රෝග ලක්ෂණයකි.
බ්ලොගය කියවන මගේ යහළුවකු පසුගියදා අපූරු පැනයක් ඇසුවේය.
"ඔයා මහා පුදුම මනුස්සයෙක්නේ. මෙහෙ කෝබින් ට සපෝර්ට් කරන ගමන් ලංකාවේ නිදහස් අධ්‍යාපනය එපා කියනවා "
මේ ප්‍රශ්නය ඇසුණු විට මට හැඟුණු එක දෙයක් නම් මේ මිනිසුන් තමන්ගේ පොල්කට්ට අස්සේ කොපමණ සිරවී සිටින්නේද යන්නය. මගේ ඉහත ලිපි දෙකේම නිදහස් අධ්‍යාපනය එපා කියා ලියා නැත. ඔහුගේ අදහස මා පෞද්ගලික අධ්‍යාපනයට සම්පුර්ණයෙන්ම සහයෝගය දෙන බවයි. එවැනි අයද සිටිති. ඒ ඔවුන්ගේ අදහසයි. මගේ අදහස නම් කිසියම් ලක්ෂ 120 වැනි අති විශාල මුදලක් නොව අඩු ගණනක (වසරකට රුපියල් ලක්ෂ 6-7 වැනි) අයකර රජයේ ද සහයෙන් පීඨ ඇති කිරීමට හා අපොස උ.පෙ. සමත් එහෙත් මුල් කොටසට හසු නොවන සිසුන්ට ණය ක්‍රමයට ඉගෙනීම ලබා දීමට ය. නිදහස් අධ්‍යාපනය එසේම පවත්වා ගෙන යන්නටය. බොහෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල මේ ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.
ජර්මනියේ උසස් අධ්‍යාපනය නොමිලේය. නාමික යුරෝ 500 ක මුදලක් ගන්නා නමුදු සියලු පහසුකම් හා දේශන නොමිලේය. එවැනි රාජ්‍ය විශ්ව විද්‍යාල ගණන 380කි. මේ 380න් 25 පමණ විදේශ සිසුන්ටද නොමිලේ අධ්‍යාපනය දෙයි. නමුත් ජර්මනියේ පෞද්ගලික විශ්ව විද්‍යාල 86 තිබේ. කැමති අයට මුදල් ගෙවා ඒවායේ ඉගෙනීම කල හැකිය. ඊට අමතරව රජය විසින් ණය ලබා දෙන පුහුණු තාක්ෂණික පාඨමාලා තිබේ. ස්වීඩනයේ ද කොලේජ් අධ්‍යාපනය හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේය. නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල 3 ක් හා කොලේජ කිහිපයක් තිබේ.
සම්පුර්යෙණන්ම නිදහස් අධ්‍යාපනය ඇත්තේ ෆින්ලන්තයේය. එහි ජනතාව මිලියන 5 වන අතර සම්පුර්ණ අධ්‍යාපනය පමණක් නොව නොමිලේ දහවල් ආහාරයද රජයෙනි. ඔවුන් පවසන්නේ තමන් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී බවය. මේවා නඩත්තුවට 6% සිට 31% දක්වා අදායම අනුව බදු අය කරනු ලැබේ. වංචා දුෂණ නොමැතිව ඒ බදු මුදල් නැවත අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා ආදියට යෙදවෙයි.
දැන් අපි කෝබින් ව සාකච්චා කරමු. ඔහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකි. ඔහු වරක් තමන්ව හැඳින්වුයේ පශ්චාත් මාක්ස්වාදියෙකු ලෙසය. බ්ලෙයාර් මුදල් අය කර ගැනීමේ (tuition fees) ක්‍රමය රැගෙන ආ විට ඔහු ඊට විරුද්ධ වුනු අතර ඒ පිරිසේ මම ද සිටියෙමි. හේතුව
අප හැමෝම අදායමෙන් ඉතා විශාල ප්‍රමාණයක් බදු ගෙවන අතර අධ්‍යාපනය නොමිලයේ ලබා දීමට බ්‍රිතාන්‍ය රජයට හැකියාව තිබීමයි. කෝබින්ගේ තර්කය වුනේ ඉරාකයේ යුද කිරීමට මුදල් තිබේ නම් අධ්‍යාපනය දීමටද මුදල් තිබිය යුතු බවයි. පෞද්ගලික විශ්ව විද්‍යාල කොහොමත් තිබෙන නිසා මෙන්ම සුදු ජාතික වැඩ කරන ජනතාවගේ පිරිමි ළමුන් ඉතා අඩු වශයෙන් විශ්ව විද්‍යාලයට යන නිසාත් ඔහු මෙවැනි යෝජනාවක් ගෙනාවේය. එසේම ඔහු ජර්මන් ක්‍රමයට අධ්‍යාපනය සැකසීමට යෝජනා කරයි. එය සාධාරණ තර්කයකි. එසේම අවශ්‍ය අයට පෞද්ගලික ව ඉගෙනිමටද හැකි අතර ඒ සඳහා ණය පහසුකම්ද පවතී.
ඊළඟ වැදගත්ම කරණය නම් මේ මිනිසා අවංක, ප්‍රතිපත්ති ගරුක නායකයෙකු වීමයි.
බ්‍රිතාන්‍යයේ ග්‍රැමර් විදුහල් කියා වර්ගයක් තිබේ. (රාජකීය, ආනන්ද, නාලන්ද, විශාඛා, දේවී බාලිකා වැනි). මේ විදුහල් හැම දිස්ත්‍රික්කයකමපාහේ තිබේ. වැඩිපුරම තිබෙන්නේ ලන්ඩනයේය. එසේම ඊටන් වැනි පුද්ගලික විදුහල් ද තිබේ. (මේවා ලංකාවේ සෙන්ට් තෝමස් වැනි හා ජාත්‍යන්තර පාසල් වැනිය). මේවායේ ඉගැන්වීම ද හොඳය . කතෝලික පාසල් හා ඇන්ග්ලිකන් පල්ලියේ පාසල් තිබේ. එසේම කොම්ප්‍රහෙන්සිව්
කියා පාසැල් ජාතියක් තිබේ. ඒවා මධ්‍ය මහා විද්‍යාල වැනිය. හැම ජාතියේම ළමයි සිටී. ඊළඟට ඇත්තේ කුඩා රජයේ පාසැල්ය. කතෝලික හා ඇන්ග්ලිකන් පල්ලියේ පාසල් වලට රජයෙන් ආධාර දෙනු ලබන අතර ඉගෙනිමද හොඳය.
ග්‍රැමර් විදුහල් වලට යාමට තරඟ විභාගයක් තිබේ. එවකට කම්කරු පක්ෂ නායක ටෝනි බ්ලෙයාර් තම දරුවන් යැව්වේ ඒවාටය. දැන් කෝබින්ට විරුද්ධ හැරියට් හාමන් නමැත්තිය තම දරුවන් යැව්වේද ඒවාටය. කොබින් මේවා ට තදින් විරුද්ධය. ළමුන්ට මිශ්‍ර අධ්‍යාපනයක් දීම වැදගත් යයි ඔහු සිතයි. ඔහුගේ පුතා ග්‍රැමර් විදුහලේ තරඟ විභාගයට යැවීමට ඔහු විරුද්ධ විය. එනිසා ඔහුත් පළමු බිරිඳත් අතර විවාහය 1999 දී බිඳ වැටිණි. විවාහය බිඳ වැටෙන්නට හැරියා මිස ඔහු තම ප්‍රතිපත්තිය පාවා දුන්නේ නැත. ඒ විස්තරය මෙහි ඇත.
දැන් මෙහි ඉන්න ලාංකික දෙමළ ජනතාව ගැන බලමු, ඔවුන් මේ රටේ පදිංචියට පැමිණි පසු ග්‍රැමර් විදුහල් වල තරඟ වලට ළමයින් ටියුෂන් යවා සුදානම් කළහ. යුදෙව් ජාතිකයන්ද තරමක් දුරට මේ ක්‍රමය අනුගමනය කරති. වැඩිදුර අධ්‍යාපනයක් නැති අය බොහොමයක් කඩවල ආදියේ වැඩ කරමින් දුකසේ උපයන මුදල් දරුවන්ගේ ටියුෂන් වලටත් කොටි සංවිධානයටත් වැය කලෝය. සිංහල උදවියද මේ ක්‍රමයම අල්ලා ගත්තේය. මේ දුටු ඉන්දියානුන් , බංග්ලාදේශ, පකිස්තානු , අප්‍රිකන් වැසියන් සියල්ල ටියුෂන් සරණ යාම පටන් ගති. අලුතින්ම එකතු වී ඇත්තේ චින්නුය. චීන්නුන් අන්තිම තරඟකාරීය. සමහරු ළමයින්ව නැගිට්ටවන්නේ උදේ 3.00 ටය.
මුලදී සුදු ජාතිකයන් මේ විකාරය ප්‍රතික්ෂේප කළහ. ඔවුන් විශ්වාස කරන්නේ ස්වභාවික දක්ෂතාවයටය. (natural talent) නමුත් තමන්ගේ ළමයි ටියුෂන් නිසා පසුබෑමට ලක්වෙන බව දුටු ඔවුන් ද ටියුෂන් දෙන්නට පටන් ගති. මෙතෙක් කල් නොමිළයේ හොඳින් ඉගැන්වෙන පාසල් වල දැන් තරඟයකි. මේ විකාරයට එකඟ නොවන අය සිටිති. එහෙත් ටියුෂන් කාරයන් බාර් එක උස්සන නිසා දැන් ප්‍රශ්නය ඔඩු දුවා ඇත. සමර පාසල් වල තරඟ විභාග දැන් ඉංග්‍රීසි හොඳින් දන්නා සුදු ජාතික ළමුන්ට වාසි වනසේ සකස් කරති.
මගේ බිරිඳ ජර්මන් උගන්වන්නේ ලැටිමර් නම් ග්‍රැමර් විදුහලේය. එහි දෙමළ ළමයින් බොහොමයක් සිටිති. මෙහි එක ගැහැණු ළමුන්ට පමණක් ඇති ග්‍රැමර් විදුහලක ඉහළ පන්ති කිහිපයකම බහුතරය සිටින්නේ දෙමල ළමුන් පමණය. සිංහල ළමුන් කිහිප දෙනෙක්ද චීන ළමයින්ද අනිත් ජාතීන් අතර වෙති. ලංකාවේ ප්‍රභාකරන්ට මුදල් යවා දිළිඳු අයගේ දරුවන් යුදයට යවන අතරේ මෙහේ තමන්ගේ දරුවාගේ අනාගතය ටියුෂන් ද යවා හදා දෙති. ඒවා ඇහුවොත් පොස්පරස් ගැන කීවේ නැත කියා සමහරු උඩ පනිති.
සෙන්චෝලේ ළමයි රජයේ හමුදා බෝම්බ දමා මැරූ වෙලේ මම එක දෙමළ මහතෙකු ගෙන් ඇසුවේ, ඔය සංවිධානයට යවන සල්ලි නවතා රජය සමග ගිවිසුමකට එන්න බල කරන්න උඹලාට බැරිද කියාය. ඔහු කීවේ එවැනි ප්‍රහාර වලින් සංවිධානයට ලැබෙන මුදල් වැඩි වෙන බවයි. සමහර විට සංවිධානය මගින්ම රජයේ හමුදාවට ඔත්තු සපයන බවට ඔහු සැ ක කරන බවද පැවසුවේය. එයට හේතුව මෙහි ආධාර ඉල්ලන උත්සව ළංවෙන කාලයට හමුදාවේ ප්‍රහාර වලින් හදිසියේ මිය යන ගණනද ද වැඩි වූ බැවිනි .
මේ දෙමළ ජාතිකයන් මෙහි ආවේ ලංකාවේ ලැබුන හිරිහැර නිසාය. ඒ කියන්නේ ඔවුන් සරණාගතයන්ය. එහෙත් යුරෝපයෙන් ඉවතට යාමට චන්ද විමසු වෙලේ පිටින් එන සංක්‍රමණිකයන් රැකියා පැහැර ගනිතියි කියා බහුතරයක් එංගලන්තයේ දෙමළ ජනතාව බ්රෙක්සිට් එකට චන්දය දුන්හ. (සිංහලයන්ද සමගම). ඔබලා ආ කාලයේ සුදු ජාතිකයා එසේ හැසිරුනා නම් ඔබට සිතන්නේ මොනවාද යැයි මම සමහරක ගෙන් ඇසුවෙමි.
ග්‍රමර් විදුහල් වල වල වැඩිපුරම ඉන්නේ ආසියාතිකළමයිය. එකාට එකා නැත. උන් අතර ඇත්තේ ද පුදුම තරඟයකි. යන්තම් පහලට ගියොත් දෙමාපියන්ගේ දෝස්මුරය ලැබේ. ඒ මදිවට ටියුෂන් ද යවති.
අපේ දරුවන් දෙදෙනාටම ඉංග්‍රීසි ටියුෂන් යවා ළටිමර් ග්‍රැමර් විදුහල මෙන්ම තවත් විදුහල් කිහිපයක විභාග සමත් කෙරුවෙමි. එසේ කලේ මම මෙවැනි අදහස් පළ කරන්නේ දරුවනට යාමට නොහැකි වූ නිසාය යන චෝදනාව නොඇසිමටය. මගේ බිරිඳගේ පාසැලට දෙදෙනාම තේරුණ මුත් අපි දරුවන් දෙදෙනාම දැමුවේ රජයේ කොම්ප්‍රහෙන්සිව් එකටය. අපි දෙදෙනාටම කිවේ හොඳට ඉගෙන ගන්න පමණකි. ටියුෂන් යවන්නේ නැත. දෙදෙනාම ඉන්නේ ටොප් සෙට් එකේයය. එසේම ඉගෙනීමෙන් අදක්ෂ ළමයින්ට ඔවුන් උදව් කරති. විදුහලේ නොයෙකුත් ක්‍රියාකාරකම් වල ඉහළින් සිටිති.
ලඟදි අපේ ආයතනයේ තාක්ෂණික අධ්‍යක්ෂක මා ලඟට පැමිණ මෙසේ කිවේය.
ඔහුගේ පුතුන් දෙදෙනාම ඉගෙනුම ලබන්නේ මගේ දියණියන් යන පාසලේය. ඔහු කීවේ "අජිත් අද ඉස්කෝලේ පොත් කියවීම අඩු ළමයින්ට දෙමාපියන් එක්ක ඇවිත් කියවන්න පුරුදු වෙන්න වැඩ සටහනක් තිබ්බනේ, මම ගියා ජේම්ස් අරගෙන (ඔහුගේ පුතා) . කවුද දන්නවද වැඩ සටහන් මෙහෙයවූයේ. ඔයාගේ ලොකු දුව. " මට ඒ ඇතිය.
දැන් ඔය හැමෝගෙම ළමයි මේ රටේ ග්‍රැමර් විදුහල් තියා පෞද්ගලික පාසැල් වලට ගෙවා ඉගෙන ගත්තද මට ප්‍රශ්නයක් නැත. හැමෝම දරුවන්ය. තම දරුවන්ට හොඳක් කරන්නට හැමෝම ක්‍රියා කරති. මම ටියුෂන් නොයෑව්වා කියා ඔවුන්ගේ දරුවන් යවන්නට එපා යයි මා කියන්නේ නැත.
නමුත් මේ බොහොමයකගේ ලොකුම අමාරුව ලංකාවේ එකෙක් ගෙවා මොකක්දෝ විදුහලකට යාමය. ඒ විදුහලේ ප්‍රමිති හොඳ නැත්නම්, ගාණ වැඩි නම් එය ඒවාට ගෙවන අයගේ ප්‍රශ්නයකි. රජය ඔවුන්ට රැකියා දෙන්නට බැඳී නැත. ජර්මනියේ පෞද්ගලික විදුහල් වලින් එලියට එන අයට නොව රජයේ විශ්ව විද්‍යාල වලින් එන අයට ඇති තැන වැඩිය. ලංකාවේ ද එය එසේමය.
එංගලන්තයේ දොස්තර කෙනෙකුගේ පඩිය පවුම් පනස්දහසක් පමණ වේ. කොන්සල්ටන්ට් කෙනෙක් නම් එය පවුම් ලක්ෂය දක්වා වැඩිවේ. මේ රටට දොස්තරවරු මදිය. හෙදියන් මදිය. ලංකාවේ ණය දී හෝ උගන්වා ගිවිසුමක් ගසා මේ රටට එවීමෙන් රජයටද ආදායමක් ලැබිය කිය. ජර්මනියේ තත්වයද මෙයමය. තාක්ෂණික හැකියාව ඇති අය ගේ හිඟයක් තිබේ.
එසේම නර්සරියේ සිටම ටියුෂන් ගිය එවුන් තමන් විශ්ව විද්‍යාලයට ගිය පසු, දිගටම
ටියුෂන් ගෙවා ගෙන පෞද්ගලිකව වැඩිදුර ඉගෙන ගන්නා එකාට විරුද්ධ වෙති. ජාත්‍යන්තර පාසල් වලට ඉඩ දෙන එවුන් නිදහස් අධ්‍යාපනය රැක ගන්න යයි මොර දෙති. ග්‍රැමර් විදුහල් වලට ළමයි යවමින් ඔවුන්ට පෞද්ගලික ටියුෂන් දෙමින් ළමුන් ලවා සමාජයේ ඊලඟ ස්ථරයට පැන ගැනීමට තැත් කරන උන් මම රනිල්ගේ ගැත්තෙකි යයිද එජාපයෙන් සල්ලි ගන්නා එකෙක් යයිද කියති.
ඔය හැම එකාටම වඩා කෝබින්ට ප්‍රතිපත්තියක් තිබේ. මම ඔහුට කැමතිද ඒ නිසාමය.
මුලාශ්‍ර - http://www.theguardian.com/politics/1999/may/13/uk.politicalnews2
හොඳම දේ Theory of Mind පිලිබඳ දැනුවත් කිරීම..
ReplyDeleteYou should write what that is
Deleteඉතාම වටිනා ලිපියක් . ස්තුතියි. අපිට සුද්දාගෙන් ඉගෙන ගන්න තිබෙන දෑ බොහෝය එහෙත් අපි සුද්දාට බනිමින් 2500 සගිස්කුරුතයක් ගැන කියමින් සිටිමු !
ReplyDeleteIt is easier to attack the white man
Deleteබ්ලොග් ලිය ලිය ඉඳලා හරියන්නේ නැහැ අජිත්... දාමුද අපි අලුත් වෛද්ය පීටයක් මේ සිරිලන්කාවේ?
ReplyDeleteLet's give it a try then ha ha
Deleteමස් කඩයක් නොව කෘන්තක රදනක පීඨයක් දාමු!
Deleteඑහෙම ඒවාත් තියේය ?
Deleteඅන්තිමට සුද්දටත් ටියුශන් යන්න වෙච්චි එකේ ආයෙ මොන කතාද?
ReplyDelete//ලංකාවේ ණය දී හෝ උගන්වා ගිවිසුමක් ගසා මේ රටට එවීමෙන් රජයටද අදායමක් ලැබිය කිය. ජර්මනියේ තත්වයද මෙයමය. තාක්ෂණික හැකියාව ඇති අය ගේ හිඟයක් තිබේ. //
මෙන්න මේ විදිහට කල්පනා කරලා වැඩි පඩියක් ලැබෙන හොඳ රැකියා සඳහා බුද්ධිය විකුණා රටට විදේශ විනිමය ගන්න ක්‍රමයක් සකස් කරන්න හොඳටම කාලෙ හරි අහිංසක ගෑණු විකුණන් කනවට වඩා.
ජයවේවා..!!
And the big tuition industry
Deleteහිතවත් මිත්‍රයා,
Deleteඅහිංසක කාන්තාවෝ වහලුන් ලෙස විකුණන් කනව වෙනුවට වැඩි පඩියක් ලැබෙන හොඳ රැකියා සඳහා බුද්ධිය විකුණා රටට විදේශ විනිමය ගන්න ක්‍රමයක් සකස් කලොත් ඒකට එරෙහිවත් බොහොම අලංකාර වචනයක් තිබෙනවා "බුද්ධි ගලනය" යනුවෙන්. රටවිරුවෝ විදියට පහුගිය කාලයේ හඳුනාගත්තෙත් මැදපෙරදිග ඕනෙම රැකියාවකට හරි දකුණු කොරියාවේ කම්කරු රැකියාවලට හරි ගිය අය විතරයි.
අපිට තිබෙන හොඳම සම්පත මිනිස්සු. සමාජවාදී පක්ෂයක් වන ජවිපෙ පවා ප්‍රතිපත්ති (10.) විදේශ රැකියා යන කොටස යටතේ මෙය පිළිගෙන තිබෙනවා. අධ්‍යාපනය දෙන්නේ මුදලටද නොමිලේද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඒ දෙන අධ්‍යාපනය ගුණාත්මකද නැතිද කියන එක.
නොමිලේ දුන්නත් මුදලට දුන්නත් අධ්‍යාපනය ගුණාත්මක නැතිනම් එය ඉතා ප්‍රශ්නකාරීයි. ඒවගේම නොමිලේ දුන්නත් මුදලට දුන්නත් අධ්‍යාපනය ගුණාත්මක නම් එල රටේ ඉදිරිගමනට වැදගත්.
නොමිලේ දුන්නත් මුදලට දුන්නත් අධ්‍යාපනය ගුණාත්මක නැතිනම් එය ඉතා ප්‍රශ්නකාරීයි. ඒවගේම නොමිලේ දුන්නත් මුදලට දුන්නත් අධ්‍යාපනය ගුණාත්මක නම් එල රටේ ඉදිරිගමනට වැදගත්.
දෙමවුපියන්ගේ මුදල් හරි තමුන් රැකියාවක් කර සොයා මුදල් හරි කෙනෙකු තමන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනයක් ලෙස අධ්‍යාපනයට යොදවනවා නම් එය රටේ අනාගතයටත් ආයෝජනයක් වෙනවා. උපාධියක් අරගෙන උද්ගෝෂණය කරලා රැකියාවක් සොයාගෙන විශ්‍රාම යනතෙක් එලෙසම සිටීමෙන් රටක් ඉදිරියට යන්නේ නෑ. උපයන මුදල් සුදුසු පශ්චාත් උපාධි වෙනුවෙන් ආයෝජනය කිරීම අපේ රටේ තවම සිදුවෙන්නේ නැති බවයි පෙනෙන්නේ. පුද්ගලික අංශයේ පවා එහෙමයි. පර්යේෂණ හා සංවර්ධන ක්‍රියා වෙන්නේ නැති නම්, නව තාක්ෂණ සොයල ඒවා පේටන්ට් කරන්නේ නැතිනම් අපිට හැමදාම ඉන්න වෙන්නේ විදේශ ණයෙන් තමයි.
ඉස්සර නොදියුණු බව හඟවන්න අපි කියපු කොරියාව අපිට හොඳ උදාහරණයක්. අද ලෝකේ flat panel display ගැන පර්යේෂණ 10 ක් වාර්තා වෙනවා නම් ඒවායින් 7 ක් පමණ දකුණු කොරියාවෙන්. ඒ තමයි කොරියාවේ බ්‍රෑන්ඩ් එකක් වෙන Samsung ලගේ සල්ලි. අපේ බ්‍රෑන්ඩ් එක තවම නුපුහුණු ගෘහ සේවිකාවෝ, නැතිනම් තේ. මිනිස්සු දුප්පත්ව ඉන්නකම් තමයි තක්කඩි දේශපාලකයෝ සහ නිලධාරිවාදියෝන්ට මිනිස්සුන්ව පාගාගෙන ඉන්න පුළුවන්.අපේ රටේ අධ්‍යාපනය සහ වෘත්තීය වැඩිපුරම යොදාගන්නේ බලපුලුවන් කාරකම් පෙන්වන්න මිසක් රටේ දියුණුවට නොවෙයි. ඒ නිසා මේවා ගැන දීර්ඝව සංවාද කිරීමට ගතව කාලයට සරිලන ඵලයක් ලැබේද කියන එක සැකයි. නමුත්, මේවා සංවාදයට ලක් කිරීම අපේ යුතුකමක් නිසා නිහදනවා ඉන්නවට වඩා සංවාද කිරීම යහපත් දෙයක්.
ඔබ කී කරුණු සියල්ලම පාහේ ප්‍රායෝගික තලයේ ඇත්ත. නමුත්... එය වෙනස් විය යුතුමයි.මේ යුනිකෝඩ් පවා ඒ වෙනස වෙනුවෙන් වන ආයෝජන.
Delete//මිනිස්සු දුප්පත්ව ඉන්නකම් තමයි තක්කඩි දේශපාලකයෝ සහ නිලධාරිවාදියෝන්ට මිනිස්සුන්ව පාගාගෙන ඉන්න පුළුවන්.අපේ රටේ අධ්‍යාපනය සහ වෘත්තීය වැඩිපුරම යොදාගන්නේ බලපුලුවන් කාරකම් පෙන්වන්න මිසක් රටේ දියුණුවට නොවෙයි.//
ගෘහ සේවිකාවන් සඳහා වයස් සීමාව අඩු කරන්න හිරිකිතක් නැතිව තීරණ ගන්න රජයක් පෙළඹෙන්නෙ මේ නිසා තමයි.අවුල් පවුල් පිරුනු රටක පාලකයන්ට ප්‍රශ්ණ අඩුයි.
විදෙස් රැකියා වෙළෙඳපල අරමුණු කරගත් ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතුයි.මොරටුව සරසවිය ප්‍රමාණ සමීක්ශන උපාධිය වගේ.(උපාධි සහතිකේ නැති අය වෘතිකයන් නෙමෙයි කියපු එක වෙනම කතාවක්.) ඒ වගේ වෘත්තීන් සඳහා විදෙස්ගතවීම් නිසා රටට වාසියක් මිස අවාසියකට ඇති අවස්ථා අවමයි. මේ එක් උදාහරණයක් පමණයි.
පර්යේශණ සහ පේටන් ගැන නම් කතාව දුක්ඛිතයි.
ඔබලා වැන්නවුන් සටහන් කරන අත්දැකීම්, මඟ පෙන්වීම්,අදහස් දැක්වීම් අනාගත පර්යේශකයින් බිහිකරන බව සිකුරුයි.
//අපිට තිබෙන හොඳම සම්පත මිනිස්සු. සමාජවාදී පක්ෂයක් වන ජවිපෙ පවා ප්‍රතිපත්ති (10.) විදේශ රැකියා යන කොටස යටතේ මෙය පිළිගෙන තිබෙනවා. අධ්‍යාපනය දෙන්නේ මුදලටද නොමිලේද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඒ දෙන අධ්‍යාපනය ගුණාත්මකද නැතිද කියන එක.
Delete// ඇත්තෙන්ම එකඟයි ඔබට . අනික ගස්ලබ්බ කියන එකත් ඇත්ත. මම මේ තරම් දුරට හිතන්න ගත්තේ ඉයන් හෙම පටන් ගත්ත ලිපිත් ගස් ලබ්බ මාතලන් අදින් ලියන ඒවා මෙන්ම සමාජවාදී පක්ෂ කියන ඒවත් බලල. සමහර සමාජවාදී පක්ෂ වල අදහස මේවා සමාජවාදයට එරෙහි බව. නමුත් එය මිත්‍යාවක්. ලංකාවේ තත්වය සුවිසේශියි . ඉගෙන ගන්න ළමයි වැඩියි. උසස් පෙළ වැඩියි. හැමෝටම උපාධි ගන්න අවශ්‍ය නැහැ. නමුත් කවුරුහරි තමන්ගේ වියදමෙන් හරි මහන්සිවෙනවා නම් ඒක වළක්වන්න අනිත් අයට තියෙන අයිතිය මොකක්ද
ලංකාවේ ඇත්තේ නොමිලේ අධ්‍යාපනයක් මිස නිදහස් අධ්‍යාපනයක් නොවේ
ReplyDeleteSeems like it
DeleteI am on my way to st Petersburg Russia . I am sorry I cannot reply to comments in Sinhalese for time been
ReplyDeleteලංකාවේ ප්‍රභාකරන්ට මුදල් යවා දිළිඳු අයගේ දරුවන් යුදයට යවන අතරේ මෙහේ තමන්ගේ දරුවාගේ අනාගතය ටියුෂන් ද යවා හදා දෙති. ////// athha
ReplyDeleteමේවා ඇහුවම තද වෙනවා හැබැයි කට්ටියට
Deletegood post your policy on education is perfectly correct
ReplyDeleteI too believe it this way.
thanks lets create a wave on these ideas.
Delete/* මට ඒ ඇතිය. */
ReplyDeleteThat's great mate!!!
thanks mate
Deleteමෙවැනි ලිපි ලියු විගසම සාමාන්‍යයෙන් මට එන සයිබර් ප්‍රහාර වැඩි වේ. අද මගේ facebook account එක ha ගූගල් එකවුන්ට් එක හැක් කරන්නට තැනූ භවතුනි එය ලෙහෙසි නැත. කෙරුවත් වෙන එකක් හදා ගත හැකිය. ඔතරම් මහන්සි වන්නේ කුමටද?
ReplyDeleteඇත්ත තිත්තයි . ඒක දිරවන්නේ නැති ලංකාවේ හැත්ත !
Deleteකෝබින්ට වගේ නොවුනත් මට මතකයි මාතර "රාහුල පාසලට"තමන්ගේ ළමයෙක් ඇතුලත් කරන්න ගිහින් ජවිපෙ පාර්ලිමේන්තු හෝ පළාත් සභා මන්ත්‍රිවරයකුට කිසියම් චෝදනාවක් එල්ල වුනා.පසුව ඔහු විසින් තම දරුවා පාසලෙන් ඉවත්කර ගැනීමෙන් ඒ ගැටලුව විසදුනා.
ReplyDeleteකොහොම වෙතත් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය නොකර වෙනත් දේ කිරීමෙන් රටේ අධ්‍යාපනය ගොඩ නැංවීම කරන්න බැහැ.
/කොහොම වෙතත් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය නොකර වෙනත් දේ කිරීමෙන් රටේ අධ්‍යාපනය ගොඩ නැංවීම කරන්න බැහැ.// ඔබ සමග එකඟයි. අර ජවිපේ මන්ත්‍රීගේ කතාව මමත් ඇහුවා. හැමෝම තමන්ගේ ළමය ඉගෙන ගන්නවා නම් කැමතියි. ඒකට අකුල් හෙලන්න ඕනේ නැහැනේ.
Deleteපුද්ගලික විශ්වවිද්‍යාල හොඳද නරකද ඒවායේ ගුණාත්මක භාවය ගැන සාකච්ඡාව වෙනමත් ,,ලංකාවේ දොස්තර විශ්වවිද්‍යාල විරෝදය යන මාතෘකාව වෙනමත් ගන්න ඕනි මාතෘකා දෙකක් මම හිතන්නේ ,,,මම කලිනුත් කොමෙන්ටුවක කිව්වා වගේ ලංකාවේ බහුතරයක් දොස්තරලා වෙන්න පොර කන්නේ දොස්තර උනාට පස්සේ ලැබෙන ආර්ථික ලාබය ,සමාජීය තත්වය ගැන හිතලා මිසක් ,,අනේ අසරණ ලෙඩ්ඩු සුවපත් කරලා දිවිය ලෝකේ යන්න ඕනි කියලා නෙමෙයිනේ ,,,,අරමුණ මුදල් නම් ,වෙන යම් ප්‍රතිලාබයක් නම් එතන තියෙන්නේ මාකට් එක ,,,එතකොට මේකට විරුද්ද වෙන අය සරලව කිව්වොත් කියන්නේ ,,,මාකට් එකට ඔලුව දාන්න අපිට තියෙන චාන්ස් එකට මූලික වියදමක් නෑ ,මූලික වියදමක් දරලා කොරන්න බැරි බිසිනස් එකකට තිබ්බේ මෙච්චරයි ,,,අපිට පුළුවන් තොපිට බැරි එකම බිසිනස් එකත් මේකයි ...ඒ නිසා මේක අපේ වගේ කතාවක්නේ ,,,දැන් ඔහොම දොස්තර වෙන අයගෙන් අපේ මිනිස්සු ගමේ වෙද මහත්තයා වගේ බුලත් අතක් අරගෙන වෙදකන් කරයි කියලා බලාපොරොත්තු වෙනවා , එහෙම වෙන්නේ කොහොමද පොර අමාරුවෙන් ඇවිත් තියෙන්නේ සල්ලි හොයන්න ,ඉතින් සල්ලි හොයනකොට අනම් මනම් මනුස්සකම් සාරධර්ම වැඩක් නෑ ,වැඩ කරන්නේ මාකට් එකට ,,,මම කියන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල එපා නම් ,පුද්ගලික රෝහල් ,චැනල් සෙන්ටර් එපා කියලා බෝඩ් අරන් කෑ ගහන්න ඕනි කියලා ,මට හිතෙන්නේ මෙතන තියන විරෝදය , ලංකාවේ පහල මැද පන්තිකයින්ගේ ආර්ථික ෆැන්ටසිය ලොකු බුවල්ලෙක් වෙලා දෙන විලාපයක් වගේ කියලා
ReplyDelete//මම කියන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල එපා නම් ,පුද්ගලික රෝහල් ,චැනල් සෙන්ටර් එපා කියලා බෝඩ් අරන් කෑ ගහන්න ඕනි කියලා ,මට හිතෙන්නේ මෙතන තියන විරෝදය , ලංකාවේ පහල මැද පන්තිකයින්ගේ ආර්ථික ෆැන්ටසිය ලොකු බුවල්ලෙක් වෙලා දෙන විලාපයක් වගේ කියලා// ඉතා හොඳින් ඔබ ලියා තිබෙනවා මේ අදහස. //ඉතින් සල්ලි හොයනකොට අනම් මනම් මනුස්සකම් සාරධර්ම වැඩක් නෑ ,වැඩ කරන්නේ මාකට් එකට// ඔන්න ඇත්ත
Deletehttp://lankaviews.com/%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1-%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB/
ReplyDeleteDear Ajith Can you comment on Vangard party react ?
Vanguard party කිව්වේ - පෙරටුගාමී පක්ෂයටද? පෙරටුගාමී සමාජවාදී පක්ෂයටද? මේ ලිපියේ මා මතු කරන්නේ වෙන අදහසක්. ඔය අත්සන් කරන බොහෝ දෙනෙක් පෞද්ගලික බෙහෙත් ශාලා වලින් බෙහෙත් ගන්නා , ළමයින් ටියුෂන් යවල උගන්වන අය. ඒ එකක්. දෙක සයිටම් කියන්නේ මුදල් ගෙවල හෝ ඉගෙඅන්න ගන්න ඕන අය වෙනුවෙන් පවතින ක්‍රමයට අනුව - ඉඩ තියෙන තැනක බිහිවන - තව ව්‍යාපාරයක්. රාගම විද්‍යා විද්‍යාලයට විරුද්ධ වුණා වගේ ඕකට විරුද්ධව අරගලයක් කරනවා කියන්නේ විහිළුවක්.
DeleteHere I mentioned Sri Lanka peratugamee parties react. I know you’re with deepthi’s ideology and deepthi also like you. I according to the past most deepthi’s articles a 3amana they were with SITAM side and against the GOMA monopoly and critics most of the time doctors actions. So I want know why the U turn and singed MOM with other left parties. Is it a political act??? Am confused? I am asking this because I love both of your ideology. And I am privet uni graduate.
DeleteI am not sure. as a party they can take any stance they want. I am for Free Education for everybody. If there are no
Deleteplaces in the government universities I would like the government to offer loan facilities for extra places and use that money to improve the universities. I am not against private universities in principal as everyone should have a chance.
"දීප්ති කුමාර ගුණරත්න මහතා හා අනිකුත් වාමාංශික දේශපාලන ක්‍රියාධරයන්ද මේ පැත්තටම හෙමින් ඇදෙති."
Deleteis he like Corbyn ???? $%^&@#
http://www.dailymail.co.uk/news/article-3754665/Straight-talking-honest-politics-Jeremy-Corbyn-faces-claims-DID-seat-train-journey-pictured-working-floor.html
this news item is wrong. If you look at carefully most seats are reserved. When he got into the train there were no seats. After some people get down from further down the line he got a seat. I live here. I know the situation with trains. Most expensive in Europe.
Delete