Wednesday, 13 July 2016

අපේ දියණියන් අපට හොඳයි

මේ කෙටි සටහන ලියන්නට සිතුනේ රන්දිල් ගේ මේ ලිපිය කියවීමෙන් පස්සේ. බෝධිනී විසින් ඇයට එවූ ලිපියක පරිවර්තනයක්. කියෙව්වට පස්සේ  මම ප්‍රතිචාරයකුත් දැම්මා.

මට සිටින්නේ දියණියන් දෙදෙනෙක්. මම උන් දෙන්නට මේ ලෝකේ තියෙනේ හැම දේටම වඩා ආදරෙයි. මගේ බිරිඳත් එහෙමයි.

අපේ  වැඩිමහළු දියණිය වසරක පමණ කාලේ (දෙවෙනි දියණිය ලැබී නැහැ) අපේ ඉන්දීය සම්භවයක් ඇති යාලුවෙකුගේ නිවසක සාදයකට ගියා. ඔහුගේ බිරිඳ ප්‍රංශ යුවතියක්. ඇයත් මගේ බිරිඳත් යෙහෙලියන්. එදා ඒ ගෙදර හිටියේ ඉන්දියාවෙන් සංචාරයකට පැමිණ සිටි ඉන්දීය පවුලක්. ඉන්දියන් කාරයා  මගෙන් ඇහුව,
"මෙච්චරද " කියල. ඒ කියන්නේ දුව විතරද කියල. මම ඔව් කිව්වා.   ඒ ගමන මූ දුව හිටිය ප්‍රෑම් එකට එබිලා බැලුව මූනා ඇඹුල් කරගෙන.  මූට ඉන්නේ පුතාල දෙන්නයි දුවයි.

"ආ ලස්සනයි නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හොඳ කසාදෙකට දෙන්න පුළුවන්."  මට මල පැන්නා. යාළුවෙකුගේ ගෙදර අමුත්තෙක් වශයෙන් ඉන්න නිසා මූට බනින්නත් බැහැ.
මම කිව්වා "අපි  දරුවා හැදුවේ කසාද බඳින්න දෙන්නම නොවේ.  ඉන්දියන් කොල්ලෝ ඔච්චර ඉන්දෙද්දී අජටකාශයට යවන්න තේරුණ අර කල්පනා චව්ලා වගේ වෙන්න. මැරුණත් කමක් නැහැ . ගෑණුන්ට ගරහන ඉන්දියන් කොල්ලෙක් බඳින්නේ නැතුවට කමක් නැහැ."
පොර හීන් සීරුවේ සාදයේ පැත්තකට ගියා.

අපෙන්, හුඟක් වෙලාවට මගෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි - ළමයි දෙන්නම ගෑණු ලමයිද?  ඔව් කිව්වම එක්කෝ "ආඃ" ගාල සුසුමක් අරිනවා - එහෙම නැත්නම් "අපරාදේ කෙල්ලෝම දෙන්නෙක් නේද" කියල.
හුඟක් වෙලාවට මම උත්තර දෙන්නේ මෙහෙම.
(කියන කෙනා ලංකාවේ නම් - හුඟක් වෙලාවට  එහෙමයි)
"කෙල්ලෝම දෙන්නෙක් තමා. උන් දෙන්නම මට හරි ආදරෙයි. කොන්දේසි නැති එහෙම ආදරයක් ලබන්න මම කොච්චර වාසනා වන්තද කියල හැම වෙලේම හිතෙනවා."

ඊට පස්සේ කතාව යන්නේ මෙහෙම.
"ඔය ගොල්ලන්ට නම් ප්‍රශ්නයක් නැහැ. එංගලන්තෙනේ ඉන්නේ. කෙල්ලන් කියලා වෙනසක් නැහැනේ ඔය රටේ. රස්සා කියලද  කොල්ලෙක් හොයා ගන්න කියලද ? ඔක්කොම ලේසියි. අනික දෑවැදි දෙන්න කියලද?"
මම කියනවා එතකොට.
"අපි ලංකාවේ හිටියයි කියලත් ඕක වෙනස් වෙන්නේ නැහැ. මම කවදාවත්  දෑවැදි දෙන්න යන්නේ නැහැ. අනික ඔයාල හිතනවට වඩා දැන් ලංකාවේ කොල්ලෝ දියුණුයි. උන් ඔච්චර පසුගාමී නැහැ කියල මට හිතෙන්නේ. අනික ලංකාවේ  කෙල්ලොත් ඔයිට වඩා ඉදිරියෙන් ඉන්නේ. නව පරම්පරාව. උන් කොල්ලෝ කන්න දෙනකන් ඉන්නේ  නැහැ. තමන් හම්බ කරගෙන ජිවත් වෙන කෙල්ලෝ මට ලංකාවේ ඕන තරම් හමුවෙලා තියෙනවා. අනික අරාබි ගිහිල්ල හරි පවුලට ගෙයක් හදන්නේ, මිනිහට බොන්න සල්ලි දෙන්නේ පවා ගැහැනුණේ. ඉතින් ලංකාවේ ගෑණියෙක් ඉන්න එක මිනිහෙකුට නම් වාසනාවක්. "
ඊට පස්සේ කතාව නවතිනවා.

සුද්දෝ ඒ කියන්නේ ජර්මන් කාරයෝ, ඉංග්‍රීසි මිනිස්සු මේ වගේ කතා කවදාවත් කියල නැහැ. කෙල්ලෙක් ලැබෙන එක ඉන්දියාවේ වගේ බරක් නොවෙන නිසා වෙන්න ඇති.

 වරක් එක්  කාන්තාවකගේ පුංචි පුතා සමග මම පාපන්දු සෙල්ලම් කලා. ඇය ටිකකින් කියනව.
 "පුතෙක් නැති එක ගැන දුකයි නේද ?" කියල. මම ඇහුවා,
"නැහැ. ඇයි එහෙම අහන්නේ " කියල.
"නැහැ ඔයා මගේ පුතා එක්ක ආදරෙන් සෙල්ලම් කරනවනේ. මගේ හස්බන්ඩ් ට නම් ඕවට වෙලාවක් නැහැ "  මට හිතා ගන්න  බැරි වුණා මොකක් කියන්නද  කියල.  ඇගේ සැමියා ලාංකිකයෙක්.
මම කිව්වා මම ෆුට් බෝල් ගහන්න කැමතියි කියල.

ඉන්පස්සේ දවසක ඇය අපේ උත්සවයකට පැමිණි අවස්ථාවක දුටුවා මම දියණියන් දෙදෙනා සහ තවත්  ළමයි සමග ක්‍රිකට් සෙල්ලම් කරනවා.  සෙල්ලම් කරන්න පුතෙක්ම ඕනේ නැති  බව ඇයට තේරෙන්න ඇති. මොකද මට ඇහුනා සැමියාට බනිනවා." ළමයත් අරගෙන යනවකෝ පොඩ්ඩක් සෙල්ලම් කරන්න අතනට" කියල.


මට හුඟක් දුක හිතුනේ මගේ පොඩි දුව මිට වසර දෙකකට කලින් කියපු කතාවකට . ඇයට අවුරුදු 9යි එතකොට. අපි පිරිමි පූස් පැටියෙක් බේරා ගත්ත වයස සතියක දෙකක. වෙන කට්ටියක් අතරමං  කරලා ගිය. පූසා මට හරිම ආදරෙයි. ඌව බේරා  ගත්ත නිසා හරි, උගේ මව මම කියල හිතපු නිසා හරි වෙන්න ඇති. මම එලියට ගියත් ඌ මගේ පස්සේ.
දුව කියනවා "තාත්තට දැන් හිතට සතුටු ඇති නේද "
"ඇයි පුතේ "
"ඇයි දැන් පූස් පුතා ඉන්න වනේ  "
"ඒ කිව්වේ "
"අම්ම කිව්වා ඔයා  හරි කණගාටුවෙන් ඉන්නේ පුතෙක් නැති නිසා. හැමෝම අහනව කියල ඔයාගෙන් ඒ ගැන. දැන් හරිනේ.  අපි දුවල දෙන්නයි . පූස් පුතයි. "
මම පොඩි එකාව බදා ගත්තා. මම උන්ට කතා කරන්නේ පුතේ කියල. ඒක මගේ දෙමාපියෝ මට එහෙම කතා කරපු නිසා වෙන්න ඇති. මම කිව්වා මම සිංහලෙන් පුතේ කියල කතා කරන්නේ ඒක පුරුදු වෙලා නිසා කියල. මම නෑදෑ ළමයින්ට කතා කරන්නෙත් එහෙම වෙනසක් නැතුව. දුව හෝ පුතා වුනත් මම පුතේ කියලයි කියන්නේ.
මම කිව්වා එයාට "මම කවදාවත්  කියල නැහැ ඔයාල දෙන්න  වෙනුවට පුතෙක් හොඳයි කියල.  පුතෙක් නැති වුනා කියල දුක් වෙලත් නැහැ. උඹල දෙන්නට මම මේ ලෝකේ තියෙන මොනම දේටත් වඩා ආදරෙයි. අම්ම එහෙම කියන්න ඇත්තේ අනිත් අය  අහන ප්‍රශ්න නිසා වෙන්න ඇති කියල".

හැබැයි එදා රෑ නම් ගෙදර ලොකු වාදයක් ගියා  බිරිඳ එක්ක. එදා නම් පැහැදිලිවම මම එයාට  කිව්වා.
 "ඔය එක එක  මිනිස්සු කියන ඒවා අහන්න එපා. මම ඔයාට කවදාවත් කියල තියනවද පුතෙක් නැති එක ප්‍රශ්නයක් හෝ දුකක් වගේ දෙයක්. නැහැනේ. ළමයින්ට මිට පස්සේ ඔහොම දේවල් කීම තහනම්."

වරදවා වටහා ගන්න නම් එපා. මම පුතාලට ආදරෙයි. දෙගොල්ලටම. කිසි වෙනසක් නැහැ. නමුත් මට මගේ දුවල දෙන්න සම්පතක්. මම කවදාවත් කණගාටු වෙලා නැහැ දූලා දෙන්නෙක් ලැබීම ගැන.

එක පාරක් උන් දෙන්නට වයස 4, 6 යි කාලේ අපි හිටපු හෝටලේ ඉඳන් උදේ හෝටන් තැන්නේ ලෝකාන්තයට ගියා බලන්න. කිලෝ මීටර 8කට වැඩි දුරක් පයින්ම නේ  යන්න ඕනේ. අව්වට හෙම ළමයි මහන්සි වෙලා අඬයි ,  දෙන්න පොඩියි කියල හෝටලෙන් කෙනෙක් ආව අපිත් එක්ක උදව්වට. දෙන්නම දවල් මධ්‍යහ්නයේදීත් ඇවිදගෙනම ආව . කිසිම මොහොතක වඩා ගන්න කීවේ නැහැ. අර මහත්මයටත් පුදුමයි. පොර ළමයි දෙන්න හෝටලේට ආපහු ආවට පස්සේ වඩා ගත්ත.  පොඩි දෙන්න පයින්ම ආව කියල. දැනුත් උන් දෙන්න කඳු නගින්න,  හැතැප්ම පහ දහය  එක දිගට ඇවිදින්න  හපන්නු.

දෙන්න අවුරුදු හතර පහේ ඉඳන් තනියම බෙදල දෙන කෑම එක කනවා. පස්සෙන් දුවන් ගිහින් කවන්න ඕනේ නැහැ. කවදාවත් කෑම වෙලාව කරදරයක් කරගෙන නැහැ. මගේ මල්ලිගේ පුතාට අවුරුදු නමයයි.  ඒ නංගි කැව්වේ නැත්නම් කන්නේ නැහැ.  අක්කගේ ලොකු පුතා අවුරුදු 14 වෙනකනුත් මගේ අම්ම (කිරි අම්මා) කැව්වා. හැබැයි අක්කගේ දුවට කැව්වේ නැති එක ගැන නම් මම බැන්න. අම්මා කියනවා කෙල්ලන්ට මොකටද කවන්නේ. බෙදාගෙන කන්න  දැන ගන්න  එපයි කියල. එදා නම් අම්මාට මම ටිකක් තදින් කතා කළා. දුව පුතා කියල වෙනසක් කරන්න එපා . ඒ ආදි කාලේ . කවදාවත් මෙහෙම   කරන්න නම්  එපා. ඒ දුවලට කොච්චර දුක හිතෙනවා ඇත්ද? මම එදා ඒ දුවගේ මුහුණින් දැක්කා ඒක.

පුංචි කාලේ මම පොඩි උන් ට නින්දට යන්න කිව්වා "නිල්  අහස්  තලේ අගේ " කියන් ගීතය, දෙන්නටම අදටත් ඒ පද ටික මතකයි.

මට මගේ කෙල්ලෝ දෙන්න රත්තරන්.




73 comments:

  1. කෙටියි කිව්වට කෙටිම නෑ. ඒත් හොද පණිවිඩයක්. දෙමව්පියන්ටත් දරුවන්ටත් හිතන්න පුලුවන් දෙයක් මේ ලිපියේ තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද

      Delete
  2. අවසානය "මට මගේ කෙල්ලෝ දෙන්නා රත්තරන්" කියන්නේ නැතිව..

    "ලෝකයේ ඉන්න ඔක්කොම දරුවෝ මට සත්තරන්" කිව්වා නම් ඕන් ඉස්තරන්...

    මම ඒ රන්දිල්ගේ ලිපියෙන් දැකපු එකම දේ මිනිස්සු තාමත් සත්තු වගේ කියන දේ විතරයි...

    ReplyDelete
    Replies
    1. ඔක්කොම දරුවෝ මට රත්තරන් කියලා උඹ කොහොමත් දන්නවනේ මාතලන්. මම ළමයින්ට හැමදාම උදව් කරන එකෙක්. ගෑණුද පිරිමිද කියල නැහැ. මෙතන මම කතා කරන්නේ මෙගේ කෙල්ලෝ දෙන්න ඉන්න එක ගැන අහන ප්‍රශ්න. ඒවාට උත්තරේ තමයි ඒ.

      Delete
  3. Thank you for put this link as a comment in my blog. Very interesting post. Will comment tomorrow.

    RanDil

    ReplyDelete
  4. //මගේ හස්බන්ඩ් ට නම් ඕවට වෙලාවක් නැහැ//

    පුතාලත් එක්ක සෙල්ලම් කරාට කමක් නෑ... හැබැයි පුතාලගෙ අම්මලත් එක්ක සෙල්ලම් කරන්න යනවාහෙම නෙවෙයි....

    ReplyDelete
  5. මගේ එක සහෝදරයෙකුට දුවල දෙන්න විතරයි අනෙකාට දුවල තුන්දෙනා විතරයි. අජිත් වුත් දන්න මගේ යාළුවාට දුව විතරයි. මම නම් හිතන්නේ ඔය පුතාලා හොයන පිස්සුව මේ රටේ දැන් බොහොම අඩුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් හොඳයි ඉයන්. එත් ඉතින් අර පහල රසික ගේ කොමෙන්ටුව බලන්නකෝ.

      Delete
  6. දැන් දැන් ඔය ප්‍රශ්ණ මේ රටෙත් නැතිවෙලා යනව අජිත් අයිය... දරුවො කව්රුත් දරුවො. කෙල්ලද කොල්ලද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මගෙනුත් ඔය විදිහට අහල "ආග්" කියල හුස්ම හිර වෙන එවුං ඉන්නව. එහෙම එවුන්ගේ කොල්ලෝ හිටියට නමට විතරයි. කැලේට කොලේට හැදෙන මෙලෝ රහක් නැති. එහෙම හුස්ම හිරවෙන එවුං ආශ්‍රය කරන්න එපා.. ගණන් ගන්නත් එපා.. කෙල්ලො ඉන්න එක ගැන වැඩියෙන්ම සතුටු වෙන්න ඕන තාත්තල. කෙල්ලෝ දෙන්න අජිත් අයියට මැරෙන තරමට ආදරේ නැද්ද?? හා කියන්න බලන්න...

    ReplyDelete
    Replies
    1. අපොයි උන් දෙන්න මට හරියට ආදරෙයි.
      නැහැ මල්ලි තවම තියනවා. මෙහෙන් ලංකාවට ගිය පවුලක දුව මිටින් එකකදී කිව්වා එයාලා යන්න කැමති නැහැ ඒ ගෙදර . මාමලාගේ ගෙදර ඔක්කොම පිරිමියි එයාගේ මල්ලියි කාල ඉවර වුනාට පස්සේ එයාලට කෑම දෙන්නේ. මෙහෙ අය අහන ප්‍රශ්න මම මේ ලිව්වේ.

      Delete
  7. when my wife pregnant in first time, I told her i need daughter but she gave me son and still I'm keeping try for daughter.

    ReplyDelete
    Replies
    1. කළලයකට ලිංගිකත්වය ලැබෙන්නෙ පිරිමි පාරශ්වයෙන් එන වර්ණදේහ වලින්. ඔබට දුවක් ලැබීමට එහෙම නැත්තං පුතෙක් නොලැබීමට වරදකාරයා ඔබ මිස ඔබේ බිරිඳ නොවෙයි.ඔබට තියෙන්නෙ ඇයගෙන් දුවක් ඉල්ලීම නොව ඇයට දුවක් ලබා දීමයි.

      Delete
    2. ඒ දැනුම නැති අයත් අද ඉන්නවා ද?
      ඕක නමවෙනි පන්තියේ විද්‍යා පොතේ නේද තියෙන්නේ?

      Delete
    3. ගර්භාශය සහ පැලෝපීය නාලවල රසායනික සංයුතිය සහ උශ්ණත්වය අනුව x හෝ y ශුක්‍රාණුවලට බලපෑමක් වනබව හොයාගෙන තියෙනවා.

      Delete
  8. // "ඔය ආසියාවේ මිනිස්සු කියන ඒවා අහන්න එපා. //



    ආසියාවෙ මිනිස්සු කියන දේ අහන්න එපා කියලා ආසියාවෙම ඩෑල් එකක් කිවුවාම............

    එක්කෝ ඔහෙ ආසියානුවෙක් නෙවෙයි....
    නැත්නම් ඔහේ මනුස්සයෙක් නෙවෙයි... පිස්සු වගේ ඈ

    අලේමන්දන්නෑ

    ReplyDelete
    Replies
    1. stereotyping... හොඳම එක....

      දකුණු ආසියාවෙ එවුන් ඔහොම්ම තමා... :D

      Delete
    2. මෙයා පිටසක්වලයෙක්. අර "පාවෙන පීරිසියක් උඩ නැගලා" සින්දුවේ ඉන්නේ :P

      Delete
    3. //මෙයා පිටසක්වලයෙක්. අර "පාවෙන පීරිසියක් උඩ නැගලා" සින්දුවේ ඉන්නේ :P //

      :D

      Delete
    4. මම කියන දේත් අහන්න එපා කියල තමා කියන්න තියෙන්නේ සරසා. මගේ බිරිඳ කියන විධිහට මම ආසියාතික මානසිකත්වයෙන් ඉවත් වෙලා හුඟක් කල්. මමත් එහෙමයි හිතෙන්නේ. සෝවියට් දේශයේ ඉන්න කළෙම ඔය මානසිකත්වය අයින් කරගෙන තියෙන්නේ. ආසියාතිකයන් තමා ඔය කතා වැඩිපුරම කියන්නේ. සුද්දෝ නෙමේ.

      Delete
    5. මෙතන ආසියාතික කිව්වහම මැද පෙරදිගත් අයත් වෙනවා.

      Delete
    6. ඔන්න මම ආසියාවේ කියන එක අයින් කළා . මම එහෙම කිව්වා වුනත් එහෙම නොවන අසියනුන්ට කරන ගෞරවයක් ලෙසට.

      Delete
  9. sudath kumarasinghe13 July 2016 at 23:59

    බොක්කෙන්ම ලියපු විධියකුයි පේන්නෙ.මටත් ඉන්නෙ දුවෙක් විතරක් නිසා මාත් ඉන්නෙ ඔය බෝට්ටුවෙ.

    ReplyDelete
    Replies
    1. බොක්කෙන් තමයි බං . අහන්නකො බිරිඳගෙන් එවැනි කතා ඇහුවේ නැත්ද කියල.

      Delete
  10. පුදුමයි. මට නම් ඔහොම නෙගටිව් මිනිසුන් දෙරටෙන් එක රටකදීවත් හමුවෙලා නෑ.

    අපේ ලොකු දුව. පුතා බාලයා. පුතා උපදින්නට කලින් මිතුරියක් අපට කීවා ඔන්න පුතෙක් ලැබුණොත් තාත්තා හපනා කියලා.

    ඇයට ඉන්නේ පුත්තුම දෙන්නෙක්.....!

    ReplyDelete
    Replies
    1. //මට නම් ඔහොම නෙගටිව් මිනිසුන් දෙරටෙන් එක රටකදීවත් හමුවෙලා නෑ//

      //පුතා උපදින්නට කලින් මිතුරියක් අපට කීවා ඔන්න පුතෙක් ලැබුණොත් තාත්තා හපනා කියලා. // හමු වෙලා නැත්ද?

      Delete
    2. පුතාලා හම්බ වුනාමද තාත්තල හපන්නු වෙන්නේ රසික ? දැන් ඔයා හපනෙක්ද?

      Delete
    3. ඇත්තටම හමුවී නෑ. ළඟින් යන එකම උදාහරණය තමයි ඒ ලිව්වේ. ඒක ඇත්තටම නෙගටිව් කතාවක් නොවෙයි. පන්තියේ පළමුවෙනියා නොවුණොත් ගුටි දීමයි, පළමුවෙනියා වුණොත් තෑග්ගක් දීමයි වගේ නෙගටිව්, පොසිටිව් වෙනසක් තියෙනවා.

      Delete
    4. මෙන්න ගූගල් සර්ච් එකකින් සොයා ගත් කතාවක්-
      http://kathandara.blogspot.com/2011/07/blog-post_27.html

      Delete
    5. ///හයියෝ.. ඔයාට ගෑනු ලමයිම දෙන්නෙක් ද ඉන්නේ.. අපරාදේ.. ඔන්න මට නම් පුතාල දෙන්නයි එක දුවයි/// හි..හි..හි...
      බොක්කෙන්ම ලියල තියෙන්නේ..

      Delete
    6. ඔයා හපනා කියල අපි දන්නවනේ ඉතින් කළනයා.
      @රසික - මරු කතා දෙක.

      Delete
    7. රසික n=3 දැන්. මම දන්නා තව IT කෙනෙක් ඉන්නවා දුවල දෙන්නෙක්. දෙන්නම් නිඹුල්ලු n=4

      Delete
  11. ලංකාව පීතෘ මූලික සමාජයක් වීමේ විපාකයක් වෙන්න බැරිද කාන්තාවන්ට අඩු සැලකිලි දැක්වීම

    ReplyDelete
    Replies
    1. මෙච්චර කල් හිතන් හිටියේ ලංකාව මාතෘ මූලික සමාජයක් කියල. පිරිමින්ට වඳින

      Delete
  12. අපේ සර් කෙනෙක් හිටියා පුතාල හතයි දුවලා එකයි.අන්තිමට දුව ලැබෙනකොට ලොකු පුතා කැම්පස්.එහෙමෙයි කියලා උත්සාහය නැවැත්තුවේ නෑ.ඒ උනාට කොළු සෙට් එකේ අන්තිම අන්තිම එවුන්ගෙ කෙලි ගතිය වැඩියි.
    තාත්තලායි දුවලයි අතරෙ සමීප බව වැඩියි කියනවානෙ.
    මොනව උනත් දරුවෙක් ගෑණුද පිරිමිද කියලා ආදරේ වෙනස් කරන්නෙ කොහොමද කියල නම් ගස්ලබ්බට හිතාගන්න බෑ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආදරේ වෙනස් වෙන්නේ නැහැ දෙමාපියන්ගේ නම්. නමුත් පුතාලට සලකනවා වැඩියි සමහර තැන්වල.

      Delete
    2. /* කොළු සෙට් එකේ අන්තිම අන්තිම එවුන්ගෙ කෙලි ගතිය වැඩියි. */

      මේකට විශ්ලේෂණක් තියෙනවා මං හිතන්නේ!

      Delete
  13. අපූරු සටහන... කියුවත් වගේ ලාංකීය සමාජයේ දැන් දුවල පුතාලා කියලා ලොකූ වෙනසක් කරන්නෙ නෑ... ඒත් හින්දු සමාජයේ නම් තාම එහෙමයි නේද... මං හිතන්නේ මුස්ලිම් අය අතරත් ඒ වෙනස තියනවා නේද...අපේ අත්තම්ම නම් කියනවා මං අහලා තියනවා දුවෙක් පවුලකට ඉස්සෙල්ලම ලැබෙන එක හොඳයි කියලා....
    අජිත් අයියා කියවලා තියෙනවාද පණ පිටින් දවාලූ තහනම් ප්‍රේමය... ඒ කතාවෙත් ඒ වෙනස හොඳට පේනවා....

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ කියවල තියනවා. අර කෙල්ලෙක්ව පිච්චුව එක නේද. ඉංග්‍රීසි පොත. සිංහල එක නෙමේ. හින්දු සමාජය නම් අන්තිමයි. මෙහෙත් කෙල්ලන්ව ගබ්සා කරනවා. එනිසා සමහර හොස්පිටල් වල (අසියන් ජාතිකයන් වැඩි ප්‍රදේශ වල) ගර්භනී වුනහම ළමයාගේ ලිංගය කියන්නේ නැහැ.

      Delete
    2. ඔව් ඒක තමයි... ඒ පොතේ එක තැනක තියනවා ඒ ගෑණු ළමයගේ තාත්තට ගෑණු ළමයිට වඩා බැටලුවෝ, එළුවෝ වටිනවා කියලා.... මට ඒ කතාව මතක් උනා මේක කියවගෙන යනකොට....

      Delete
  14. පුත්‍රවාදී ගෙදරක තත්වේ දරුණුවට නැතත් මමත් වින්දා. තාමත් විඳිනවා. මගේ දරුවන්ට එහෙම නොදැනෙන්න අරින එක විතරයි මගේ පැතුම.

    කාරණා කීපයක් මට මෙතැනදී මතක් වෙනවා. එකක් තමයි ඉන්දියන් යාළුවා දරුවන් කීපදෙනෙක් 'ආයෝජනය' කරලා තිබෙන කෙනෙක් කියන එක. වචනයෙන් නොකිව්වත් ලංකාවේ මේ ලක්ෂණය අඩු වැඩි වශයෙන් තියෙනවා. මම මේ කතාකරන්නේ පහල මධ්‍යම පන්තිය සහ දිළිඳු කියනා මිනිසුන්ගේ ආකල්ප එක්ක.

    අනිත් එක තමයි, අපි කොතරම් පරිස්සමෙන් වැඩකලත් බාහිරෙන් කවුරුන්ම හෝ මේ ආකල්ප වලින් දරුවන්ට/පවුලට බලපෑමක් කරන්න ඇති ඉඩකඩ. ඒක කොහොමද වළක්වන්නේ? පරිපුර්ණ සමාජයක් කියන එක රට මාරු කලත් ලැබෙන දෙයක් නෙවෙයි කියන එකයි මගේ අදහස.

    අනිත් එක, දරුවන් සමඟ සෙල්ලම්/ක්‍රියාකාරකම් නොකරන තාත්තලා ලාංකිකයින් අතර බහුල වීම. ඉස්සර නම් තාත්තලාගේ මුණ දිහා ඔලුව් උස්සලා බලන්නේ නැතිකම කියන්නෙත් 'ගෞරවේ' කියල. දැන් තාත්තලා 'බිසී' කියනවා. බිසී කියන එක මම දැකලා තියෙන කෙප්පයක්. එහෙම තාත්තල පවුලේ බැංකුව මිසක් වෙන කිසිම ගුණයක් උරුම නැති තරම්. හැබැයි වැඩේ වෙන්නේ ඔවුන්ගේ සැන්දෑ කාලයේදී තමයි. ඒ වෙනකොට අස්සයා ගිහිං


    සංවාදයට ලක්කලයුතු දේවල් ගොඩක් තිබ්බ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මේක කියන්න කියල හිතන් හිටිය ගොඩක් කල්, අවස්තවක් ලැබුනේ ඊයේ රන්දිල් ගේ ලිපිය නිසා. මට තරහම යන්නේ, මගේ බිරිඳට කියන කොට. (ඔයාගේ හස්බන්ඩ් ට හරියට දුක ඇති නේද - පුතෙක් නැහැනේ ) - මෝඩ මිනිස්සු.

      Delete
  15. තාත්තාව බලා ගන්නෙ දුව විතරයි. අපේ පවුලෙ කොල්ලො 3යි, අපි සේරම අම්මගෙ පැත්තෙ. හැම දේටම අපි 3 දෙනා අම්මගෙ පැත්ත අරගෙන තාත්තව කිච කරල දානවා. මම පොඩි කලෙ ඉඳන් තාත්තගෙන් ගේම ඉල්ලනවා, ඉතින් තාත්ත හැමදාම දුක් වුණා එයාට දුවෙක් නෑ කියල.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්.

      Delete
  16. දුවෙක් හිටියොත් තමයි ගෙදර වාසනාවන්ත වෙන්නෙ / අපිව බලා ගන්නෙ වගේ කතා කියන අයත් ඉන්නවා. ඔය ඔක්කොම එක්කො සබ්ජෙක්ටිව් හිතළු එහෙම නැත්නම් විශ්ෆුල් තින්කින්

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කතාත් තියනවා. නමුත් දුවල දීග යනවා පුතාල තමයි දෙමාපියෝ බල ගන්නේ කියලත් කියනවා. ඒකෙත් ඇත්තක් තියනවා. මම කියන්නේ ළමයි කියන්නේ ළමයි. පුතා වුනත් දුව වුනත්.

      Delete
  17. අපිත් තවම ලමයි හම්බුකොලේ නැති එකට හැමෝටම අප්සට්. ඇයි යකෝ මුන්ගෙ හිතේ පෙති බොන්නෙත් නැත්තං , කොපු ගෙනියන්නෙත් නැත්තං මුං දෙන්නගෙං එකෙක් වඳයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රස්නෙට උත්තර දෙනකොට ගස්ලබ්බා පාවිච්චි කොරන්නෙ අවලං බාසාව.ඒත් මේ ලඟදි ඉඳන් කෙලින්ම අහන එකාගෙන් ප්‍රස්න දෙක තුනක් අහන්න පටන් ගත්තා. වැඩේ ක්ලෝස්

      Delete
    2. ඒ කාලේ අපි දෙන්න ගිවිසුමක් ගැහුවා අවුරුදු දෙකක් යනතුරු, වෙඩිල්ල පත්තුවෙන්න කලින් තුවක්කුව අහකට හරෝමු කියලා. මෙන්න බොලේ අපේ අම්මයි අපේ උන්දැගේ අම්මයි දේවාල පන්සල් කෝවිල් ගානේ යනවා, බාරහාර වෙනවා, එක වැඩයි. පස්සේ මම කිව්වා ඕයි අර අම්මල දෙන්නට කියනවකො ඇත්ත කියලා. මේ ගෑණි එක කිව්ව දවසේ අම්මල දෙන්නම ලුණු ඇඹුල් ඇතුව ගෑනිට කියලා තියනවා රටේ නොහිටින්න.

      Delete
    3. හා හා විචාරක මහතා - එළැ යැ

      Delete
    4. විචාරක ඇයි තුවක්කුව අහකට හැරෙව්වේ. ඒ කාලේ කොන්ඩම් තිබුණා නේ.

      Delete
  18. සම්පුර්ණ ඇත්ත අජිත් අයිය. මට මේ ලඟදි දවසක තමයි මගෙ අක්ක තුමිය කිව්වෙ එයාට දෙවෙනි බබා හම්බවෙන්ට ඉන්නකොට එයාගෙ නැන්දම්ම තුමිය මගෙ අක්ක තුමියගේ ඩෙත් සර්ටිෆිකට් එකත් ලියල අත්සන් කොරල ඉවරයි කියල. මොකද පලවෙනි බබා දුවෙක්. දෙවෙනි බබත් දුවෙක් උනානම් කියල. දැන් එයාට දුවයි පුතාල දෙන්නයි. එයාල මට මගේ ළමයි වගේ. 😘

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් එහෙනම්

      Delete
  19. දරුවෙක් කියන්නේ දරුවෙක්...එයා ලෝකෙට කරදරයක් නොවෙන යහපත් මනුස්සයෙක් නොවුනොත්, පුතෙක් උනත් දුවෙක් උනත් පලක් නැහැ...එයාව ආදරණීය මිනිසෙක් කිරීමේ වගකීම තියෙන්නේ දෙමාපියන්ගේ අතේ...අපි එයාලට කරන මග පෙන්වීම අනුව තමයි ආපිට අපිටයි, මුළු ලෝකෙටමයි ලැබෙන ප්‍රථිපලය තීරණය වෙන්නේ...ඒ නිසා කිසිම අම්ම, තාත්ත කෙනෙක් තමන්ට ඉන්නේ පුත්තු හෝ දුවල කියා දුක් විය යුතු හෝ උදම්ඇනිය යුතු නෑ...

    අනිත් එක අපි කොහොම හැදුවත් දරුවෝ වැඩිහිටියෝ උනාම, එයාලට උවමනා තීරණ අරගෙන ස්වාධීන වෙනවා...එතැනදී ස්ත්‍රී පුරුෂ භාවය බලපාන්නේ නැහැ, බොහොම නරුම විදියට හැසිරෙන දරුවෝ ඉන්නවා...ඔය දේවල් මිනිස්සු තේරුම් ගන්නේ බොහොම ප්‍රමාද වෙලා...එහෙමත් නැත්නම් සමාජ සම්මත වලින් අන්ධ වෙලා ඉන්න නිසා ඒවා ගැන මධ්‍යස්ථ විදියට හිතන්න පෙළඹෙන්නේ නැහැ බොහොමයක් දෙනා..නිකරුණේ අනිකාගේ හිත රිදවනවා...

    ReplyDelete
    Replies
    1. එකඟයි. ද සමාජ සම්මත වලින් අන්ධ වීම තමයි ප්‍රශ්නය.

      Delete
  20. දුවෙක් වුනත්,පුතෙක් වුනත් ඒ දරුවෙක්නේ.සමහරු පුතාලා බලාපොරොත්තු වෙන්නේ පරම්පරාවේ නම ගෙනියන්න කියලා.ස්ත්‍රී,පුරුෂ බෙදීම සමාජයට දාන්නේ දරුවෝ උපදින්නත් කලින් ඉඳන්.

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින නිතර ඇහෙන දෙයක් තමයි.

      Delete
  21. මට ඉන්නෙත් දුවලා දෙන්නෙක් නේ. එකෙක්ගේ වැඩ කොල්ලෙක්ගේ වගේ. ඉතිං ඒ මදෑ.

    ReplyDelete
    Replies
    1. ඒ දුවල දෙන්නම් ආයි නියමට කෙලින් ඇති. විචාරක මහත් දැන් බැලුවහම අර රසික කියන්නැහේ පුතාල හම්බ්වුනම හපන. දුවල ඉන්නව කියල සිරා වැඩ කාරයෝ නේද ? නැත්ද මන් අහන්නේ

      Delete
    2. හෝව්, හෝව්, මං නිවෙයි එහෙම කීවේ.
      පුතුන් දෙන්නෙකු උන්න කාන්තාවක්.

      Delete
  22. ලාංකීය සමාජේ විවිධ තැන් වලදී මම මේ ප්‍රශ්නවලට මුහුූන දීලා තිබෙන නිසා... මුලින්ම ප්‍රසව හා නාරිවේද වාට්ටු සායන වලදී.. ස්කෑන් යන්ත්‍රෙට එබීගෙන පුතෙක්ද දුවෙක්ද කියලා අහන අම්මලා... අපේ පිළිතුරු වලින් හඬා වැටෙන අම්මලා... ලේබර් රූම් එකේදී දුවෙක්ද පුතෙක්ද අහලා කඳුළු සලන අම්මලා එළියේ කොරිඩෝවේ ඉඳන් කෙලින්ම එබීගෙන හම්බුන ළමයා නිරෝගිද අහන්නේ නැතුව ගෑණුද පිරිමිද, සුදුද කළුද වගේ ප්‍රශ්න අහන තාත්තලා... තරහවෙලා යන තාත්තලා ගැන අලුත උපන් කිරි කැටියා තුරුළු කරන් හඬන අම්මලා... මේ ඔක්කොම මතක් වෙන පෝස්ට් එකක්. මේ දවස් වල මටත් අඩු නැතුව ලැබෙන උපදෙස්.... මේ කියන අය ඇවිත් අපිට උදව් වෙයිද දරුවෝ බලන්න, අපේ වැඩ කටයුතු කරන්න... රෝහල් වැඩත් එක්ක ගෙදර වැඩ තනිව කරගෙන යන්න. ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අනිත් කොන, ඔය තත්වය එහෙම තමා. ඔය ඔහොම කියන කොටත් සංවේදී වෙනවා හිත.

      Delete
  23. OWA MANDA BUDDIKA MINISUNGE SITHUWILI...
    UNA HAPULUWAGE PATIYA UNA HAPULUWATA RATTARANLU...

    DANNAWDA IDIAWE GANUNWA MARANWA ..PODI LAMAYI MARANWA

    ReplyDelete
    Replies
    1. මන්ද බුද්ධික කියල අනිත් මිනිසුන්ට පහස කරන එකත් හීනමානයක් වගේ එකක් නේද? ඉන්දියාවේ ගනු ළමයින්ව මරනවා කියල මම දන්නවා. දකුණු ඉන්දියාවේ දෑවැදි දෙන්න නැති නිසා. අර ඉන්දියානුව එහෙම කිව්වේ ඒකයි .

      Delete
  24. ‘‘මට මගේ කෙල්ලෝ දෙන්න රත්තරන්.‘‘ හරිම ආදරේ හිතුණා මේ වචන ටිකට... මෙහෙම හිතන්න පුලුවන් එක කොයි තරම් දෙයක්ද? අනික ඇත්තටම අයියෙ, දුවල බරක් වෙන්න ඇත්තෙ ඉස්සර. දැන් කෙල්ලන්ට හයිය තියෙනවා ජීවිතේ එක්ක ඔට්ටුවෙන්න.

    අපේ ගෙදරත් කෙල්ලො තුනයි.. එක කොල්ලයි...

    අපේ අයියට ( බාප්පගෙ ලොකු පුතා) අයියගෙ නෝනට තුන් වෙනි වතාවටත් ලැබුණෙ දුවෙක්. අයිය බොහොම බලාපොරොත්තු ඇතිව උන්නෙ පුතෙක් ගැන. නමුත් දුවෙක් කියල දැනගත්තම එයා අප්සට් වුණා. ඒ වෙලාවෙ අපේ තාත්තා කිව්වා ‘කවුද කියන්නෙ කෙල්ලො බරක් කියල. කෙල්ලන්ට හොඳ නරක කියල උගන්නල ගත්තම පුත්තුන්ට වඩා පවුලට හයියක් දුවල.‘ කියල. අපේ තාත්තත් දුවල ගැන සතුටු වෙන තාත්තා කනෙක්...

    https://www.youtube.com/watch?v=bnahbkCJlj4


    සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන
    පැදකුණු නොකළත් සිරියහනේ
    පෙරුම්පුරා මා කුසට පැමිණි බිළිඳු
    මට රජ පැටියෙක්

    හංකිති කවමින් කුස තුළ සක්මන් කරනා
    නුඹ දඟයකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා
    පැටියෝ….
    නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
    නුඹෙ හිස පළඳන්නේ
    වෙනසක් නැති එක ආදරයයි
    ආදරයයි …. ආදරයයි …. ආදරයයි ….

    කුස තුළ දැරුවැයි මතු බුදුවන පැතුමන් නෑ
    ලේ කිරිකර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ
    පැටියෝ….
    නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
    මා නුඹට පුදන්නේ -
    සැබෑව දිදුළන ජීවිතයයි
    ජීවිතයයි …. ජීවිතයයි …. ජීවිතයයි ….

    සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන
    පැදකුණු නොකළත් සිරියහනේ
    පෙරුම්පුරා මා කුසට පැමිණි බිළිඳු
    මට රජ පැටියෙක්

    ගායනය - නිරෝෂා විරාජිනී
    පද - බන්දුල නානායක්කාරවසම්
    තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

    ReplyDelete
  25. ලස්සන සින්දුවක් තරු. ස්තූතියි.
    //අපේ අයියට ( බාප්පගෙ ලොකු පුතා) අයියගෙ නෝනට තුන් වෙනි වතාවටත් ලැබුණෙ දුවෙක්. අයිය බොහොම බලාපොරොත්තු ඇතිව උන්නෙ පුතෙක් ගැන.// අපේ අක්කටත් ගැහැණු ළමයින්ම තුන්දෙනෙක්. හස්බන්ඩ් ගේ වුවමනාවට 3 ට්‍රයි කරල තියෙන්නේ. මම කිව්වා අක්කාට - ඇයි මනුස්සයෝ කිව්වේ නැත්තේ පිරිමියගෙන් ඕක තීරණය වෙන්නේ කියල් හොඳටම දැන දැනත්.

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.