Thursday, 7 July 2016

හිත වෙනස් කල සුන්දර වෙනීසිය

මේ ලිපියේ  පළමු කොටස මෙහි තිබේ.

රෝමයේ දී හමුවූ බංගලි ජාතිකයාගෙන් මොබයිල් එකට ස්ටික් එකක් මිලදී ගත්තෙමි. පින්තුරයේ සිටින්නේ ඔහුය.
 පින්තුරය ගත්තේද ඔහු විකුණු ස්ටික් එක භාවිතා කරය. බිරිඳ එපා කීවත් එසේ කලේ මේ ඉන්දියානු අත්දැකීමෙන් පසුවය. "දීපන්" නම් චිත්‍රපටියේ දෙමළ සහෝදරයා පැරිසියේ කළේත් මේ රැකියාවමය.

රෝමයෙන් පසු අප දුම්රියෙන් ගියේ වෙනිසියටය. රෝම දුම්රිය පලේ ළමයි හා බිරිඳ තනියම දමා යා නොහැකිය. රුමේනියානු ජිප්සී වරුන් අසල කැරකේ. මගේ මිතුරෙකු තම දියණිය හා බිරිඳ සුට්කේස් සමග තනි කොට දුම්රිය වෙලාවල් බැලීමට ගිය වෙලේ ඔවුන්ගේ බඩු භාණ්ඩ උදුරා දිව ගොස් තිබුණි. ගමන් බලපත්‍ර මුදල් ආදියද ඒවායේ තිබුණි. නමුත් එවැන්නන් සිටීම යුරෝපයෙන් ඉවත්ව යාමට හේතුවක් නම් නොවේ. ඉතාලියේ කිසියම් ප්‍රමාණයකට නීතිය  ගැන එතරම් සලකන්නේ නැති බව  නම් පෙනුනි.

 ඒ  නිසා දුම්රිය එනතුරු අප අවන්හලකට වී සිටියෙමු. සැපපහසු  සීඝ්‍රගාමී දුම්රියේ ගමනද ප්‍රියජනක එකක් විය.

වෙනිසියේ කොලොම්බෝ නම් පෙදෙසක් තිබේ.  මේ එහි කොලොම්බෝ නම් හෝටලයයි. මා මේ ඡායාරූපය ගත්තේ නම නිසාය. ගමයා කිය කෑල්ලක් සොයා ගැනීමට තිබුනේ නැත.

මේ නොම්මර 4L බස් රථය  වෙනිසියේ සිට කොළඹට යන එකකි.

මින් හැතැප්මක් දෙකක් දුරින් පිහිටි ගමක් වැනි පෙදෙසක අප වෙන් කරගත්  කුඩා හෝටලය පිහිටා  තිබුණි. එය අයත්ව තිබුනේ ඉතාලියානුවෙකුටය. ඔහු අප සාදරයෙන් පිළිගත් අතර අපට හෝටලයේ මුළුතැන් ගෙය හා ශීතකරණ ද භාවිතා කිරීමට ඉඩ දුන්නේ මටත් එක දියණියකටත් ආහාර වලින් ඇතිවන අසාත්මිකතා ප්‍රශ්න  ඇති බැවිනි. අපි ඔහුගෙන් හොඳ  ඉතාලියන් ආහාර ඇති තැන්  ගැන විමසුවෙමු.  ලන්ඩනයේදීත් ඉතාලියානු හා ජර්මන් ආහාර වල තත්වයන් උසස් බව පිලි ගන්නා  කාරණයකි.  ඒ නිසාම ලන්ඩනයේ ඉතාලි  ආහාර වල  මිල අධිකය.  තත්වයෙන් හොඳ ආහාර සාමන්‍යයෙන් විකුණන්නේ වේට්‍රෝස්, මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් වැනි සුපර්මාර්කට් වලය. එනමුදු ජර්මනියේ හා ප්‍රංශයේ ආහාර තත්ත්ව පාලන නීති ඉතා දැඩි නිසා ඕනෑම ලාභ වෙළඳ පලක වුවද ආහාර වල තත්වය උසස්ය.  (යුරෝපයෙන් ඉවත්ව යාමට තව හේතුවක් දෙන්නට මට හැකිය . එංගලන්තයේ මිනිසුන්ට කුණු කැවීමට ව්‍යාපාර වලට දැන් වඩා ලෙහෙසියෙන් පුළුවන.)  

අප නැවතී සිටි බ්‍රෙඩ් ඇන්ඩ්  බ්‍රෙක්ෆස්ට් හෝටලයේ අයිතිකරු අපට ඒ ළඟ තිබෙන ආපනශාලාව ඉතාලියානුවන් කරන අවට ප්‍රදේශයෙන් ගෙනන අලුත්ම  එළවලු, මස් මාළු පිළියෙළ කරන හොඳ තැනක් ලෙස හඳුන්වා දෙන ලදී. එය ඇත්තෙන්ම ඉතා 
ප්‍රණීත ආහාර පිළියෙළ කරන තැනකි. ඉතාලියේ කෑම ලෝකයේ කොහොමත් නම් දරා  තිබෙන අතර මේ  අවන්හල ඒ නමට ගෞරවය ගෙන දෙන්නක් විය. විශාල සිසිලියානු පිට්සා එකක් යුරෝ 7 ක් පමණ වන අතර ඒ ලන්ඩන් වල ගණනින් නම් භාගයකි. නමුත් පුරුද්දට එකක් ගත්තත් අඟල් 14 පිට්සා  එක තනියම කෑමට නොහැකිය. එසේම එය ඉතා රසවත්ය. මෙලෙස ඒ දින කිහිපයේ නොයෙකුත් ඉතාලි කෑම වර්ග වල රස  විඳින  අතරම සුන්දර වෙනිසියේ සංචාරය කළෙමු. 

පහල ඇති පින්තුරයේ ඇත්තේ අපායට  යන මහා මාර්ගය ඇත්තේ එතැන බවයි. වෙනිසිය ගැන නම් වෙනත් ලිපියක්ම  ලිවිය යුතුය.   
අපායට යන මහමග 
අප සිටි  ගමේ හෝටලය පැත්තේ ඇති කුඩා කඩ එකෙන් දෙකෙන් කිරි, පලතුරු, චීස් වැනි දේ උදේ ආහාරයට ගන්නට ගියෙමු. කඩ හිමි කාන්තාව  ඉතා ප්‍රීතියෙන් අපට බඩු විකුණුවා පමණක් නොව අප හා කතා කිරීමටද එළඹුනාය. වැඩිපුරම කැඩුණු ඉංග්‍රීසියෙන් මා සමගය. ලංකාවේ ඉපදී ලන්ඩනයේ ජිවත් වන කතාව  දෙතැනකම කියන්නට සිදුවිය. හැබැයි මට මෙය තරමක් විමතිය දනවන්නක් විය.  මුල් දවසේ හවස අපි අර අවන්හලේ එළියේ ඇති කොටසේ  ආහාර ගනිද්දී එහි ඇති වැටට උඩින් අප දෙස විමතියෙන්  මෙන්  දකුණු ආසියාතිකයන් දෙදෙනෙකු බලාගෙන යනු දුටිමි.    

එදින වෙනිසියට  ගොස් පැමිණි පසු අපි අවට ඇවිදීමට ගියෙමු. ඒ අසල බංග්ලාදේශ ජාතිකයන්ට අයත් කඩයකින් පලතුරු ආදිය  මිලට ගනිද්දී ඔවුන් හා කතාවට  වැටුණු මා දැනගත්තේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පමණ එහි ජිවත් වන බවයි.  නේපාල ජාතිකයන්ද සිටි අතර බොහෝ අය බංග්ලා ජාතිකයන්ය. අප සිටි හෝටලයේ ඉතාලියානු හෝටල් හිමියා ගෙන් දැනගත් පරිදී  ඔවුන් ප්‍රදේශයේ ඉතාලියනුන් සමග ඇයි හොඳයියක්  නැත. දෙකොටස ජිවත් වන්නේ වෙනමය. බන්ගලියන් ඉතාලියානුන් ගේ කඩ වලට යන්නේ නැත. ඉතාලියානුන් බංගලි කඩවලට යන්නේ නැත. නැගෙනහිර යුරෝපීයයන් දෙකොටසටම යති. 

මා සමග අර කඩ හිමියන් වඩාත් යහළු කමින් කතා කලේ ඒ නිසා විය යුතුය. 

ලන්ඩනයේ ශ්‍රී ලංකා දෙමළ, යුදෙව්, බංගලා දේශ හා පකිස්ථානු ජාතිකයන් බොහෝ විට එක තැනකට, එක  පෙදෙසකට ගොනුවී ජිවත් වීමට ප්‍රිය කරති. සිංහලයන්ගේ මේ තත්වය එතරම් දුරට නැත. 

මෙසේ වෙන්වී ජිවත් වීම ප්‍රශ්න ඇති කරන බව මම අත් දැකීමෙන් දනිමි. ලන්ඩනයේ බංග්ලාදේශයෙන් ආ  අය හා සුදු ජාතිකයන් අතර අනූ   ගණන් වල ඇවිලුණු ජාති වාදී සටන මෙයට නිදසුනකි.  මා ලියූ බ්ලුග් පොතේ අවසන් කොටසේ සඳහන් කර ඇති පොලිසිය විසින් මා නැවැත්වීමේ හේතුව ඒ දිනවල  පැවති මේ කලබලය. 

මේ ඉතාලියානු පෙදෙසේ වෙනත් පැත්තකට ගිය විට තට්ටු නිවාස දුටුවෙමි. මේවා බොහොමයක් බිත්ති අඳුරු ඒවාය. බැල්කනි වල රෙදි වනා තිබේ. බොහෝ අය සුදු ජාතික ඉතාලියනුන් නොවන බව පෙනුනි.  මේ පැත්ත මා දුටු  පැරිසියේ ඇල්ජිරියානුන් සිටි පෙදෙස් වැනි වෙන්වූ ඒවාය. සාමාන්‍ය  ඉතාලියානුන් එක පැත්තකටත් අනිත්සංක්‍රමණිකයන්  තව  පැත්තකටත් ගොනු වී ඇත.

මේ තත්වය යුරෝපියානු සංගමයට එතරම් හිතකර නැත. මිනිසුන් අතර අවිශ්වාසය ඇති වන්නේ මේ අනුවය. 

අතර මගදී තරමක් විශාල හෝටලයකට චීන්නු පැමිණෙනු දුටිමි. මේ චින්නුන්ම ඉන්පසු හවසට මධු පානයට යන  බාර් එක අයත් වන්නේද  චිනෙකුට බව දැනගතිමි. එහි සිටියේ චීන්නු පමණය.  චීනුන් යන්නේ චිනෙන්ම පැමිණ  පදිංචි වී ඇති අයගේ තැන්  වලට පමණය. මා  සිතන්නේ සංචාරකයන් වුවත් රටකට සංචාරයකට පැමිණි විට එම රටේ  ජාතිකයන් ගේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම කළ යුතු බවයි. හොඳ හිත ඇති වීම පමණක් නොව එම රටේ දේශීය ආර්ථිකයට සැලකීමද හොඳ දෙයකි.  

මේ පින්තුර දෙක  දමන්නේ විචාරක වෙනුවෙන්ය.  එකක් අප සිටි හෝටලයේ බිත්තියය. අනික  පැලස්සෝ  වෙනිසියා මාලිගය තුලදී ගත් එකකි. 

හෝටල් බිත්තිය 

පැලස්සෝ වේනිසියා  හි පරණ ආයුධ ප්‍රදර්ශනයේ 







31 comments:

  1. රුමේනියානු ජිප්සීවරුන්හොරකමට ප්‍රසිද්දයි කුඩා ලමයි යොදාගෙන තමයි හොරකම් කරන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්. හැම තැනම නොවේ. රැකියා දීල හදල ගන්න පුළුවන්.

      Delete
  2. ඒ උනාට ඔය කෝච්චි වල, රටකජු, වඩේ, කුරුම්බා නෑ නේ...

    හූ........ හූ.........

    ReplyDelete
  3. තව පොටෝ ටිකක් දාන්නකෝ ලොක්කා..

    ReplyDelete
    Replies
    1. ෆොටෝ විස්තරයක් වෙනම දාන්නම් එහෙනම්.

      Delete
  4. අර පින්තුර දෙකෙන් උඩ එකනම් විචා මාමා වෙනුවෙන් කියල හිතන්න පුළුවන් දෙවනියට තියෙන අර තුවක්කු පින්තුරේ මොකටද ?

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ. විචා මාම ට පේන දේවල් අනිත් අයට පේන්නේ නැත.

      Delete
    2. නොදෝකින්, අර උඩ පින්තූරේ ඇන්ද එකා වෙලාවබලලා අඳින්න දන්නේ නැති, ගොන් රජෙක්ය. අපෙන් ඇහුව නම් වෙලාව කියලා දෙනවාය.

      ඇයි ගමයෝ, දෙවැනි පින්තූරේ තුවක්කු බලන කොටකලිසම් නෝනව ඔහොම නෙවෙයිනේ කැමරාවට හසුකරගන්නේ. ඊළඟ සැරේ ලංකාවට ආවම මගෙන් ටියුෂන් ගනින්.

      ඉවාන් මට උඹට කතාකරන්න ඕනේ. නමුත් උඹේ නොම්මරේ නැතිවෙලා. මම ලඟදි සිම් එක වෙන ෆෝන් එකකට මාරුකලා. මාරු කරන්න කලින් ෆෝන් මෙමරි එක සිම් එකට කොපි කලත් නොම්මර ගණනාවක් අතුරුදන්.

      Delete
    3. //නොදෝකින්, අර උඩ පින්තූරේ ඇන්ද එකා වෙලාවබලලා අඳින්න දන්නේ නැති, ගොන් රජෙක්ය. අපෙන් ඇහුව නම් වෙලාව කියලා දෙනවාය. //හා හා
      ඉවාන් ඔයාට පේනවද මේ විචාරක මහතා කියන දේ. මට නම් පේන්නේ තුවක්කු විතරයි.

      Delete
  5. ඉතාලි ගිහින් ආවා වගේ.. සුපිරි!

    ReplyDelete
  6. ෂා අජිත් අයියෙ. හරියට උදේ පාන්දරම ඉතාලියට ගියා වගේ. මගෙ බොසත් ඉතාලි. හරිම හොඳ මනුස්සය. මම මේ පහුගිය දවසක බුවා නාපෝලි ඉන්නව කියල දැනගෙනම මල පන්නන්න හිතන්, මිස්ටර් ෆාබියෝ. මගෙ ඔක්කොම යාලුවෝ ඉන්නෙ නාපෝලි. උන් මට එහෙ එන්න කියනව. මම ඒකනිසා විසිට් එකක් දාල එන්නම් කියල කිව්ව විතරයි මෙන්න බුවා කියපි, තොට යන්නම තැනක් නැතුවටද නාපෝලි ම රිංගන්නෙ කියල. හැක හැක. තව මම දන්න ඉතාලි කාරයෝ කාරියෝ ගොඩක් ඉන්නව. උන් ඔක්කොමල්ලම බොහොම හොඳ මිනිස්සු. ආඩම්බර පඩ ෂෝ කිසි දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. හොඳ එවුන් තමා.

      Delete
  7. මං දන්න ශ්‍රී ලාංකිකයින් දෙන්නෙක් මාස 2කට කලින් කෲස් එකක ගිහින් ජර්මනියෙ හෝටලේක ආහාර බෙදා ගන්න බුෆේ ටේබල් එකට ගිය අතරතුර හොරෙක් මේසෙ උඩ තිබුන කැමරා හා බෑග් ඔක්කොම අරගෙන දුවල. ඔවුන් දැන් හෝටලයෙන් ( one of Mercure hotels ) වන්දි ඉල්ලනව හෝටලය වගකීම ගැනීම ප්‍රතික්ෂේප කරනව

    ReplyDelete
    Replies
    1. හෝටලයෙන් සාමාන්‍යයෙන් වන්දි ගෙවන්නේ නැත. ඔවුන් විසින් travel රක්ෂණයක් රැගෙන පැමිණිය යුතුව තිබුණි.

      Delete
    2. Pra Jay...ඔවුන් ශ්‍රී ලාංකිකයින්නම්, schengen visa ගැනීමේදී travel රක්ෂණයක් (euro 30,000/-ක) අවශ්‍යමයිනේ...ක්ලේම් කරන්න කියන්න..!

      Delete
    3. ඒක තමයි. රක්ෂණයෙන් ගන්න ඕනේ. හෝටල් වල ලියල තියනවා බදු නැති වුනොත් වගකීම් භාරගනු නොලැබේ කියල.

      Delete
  8. බංගලාදේශ ජාතිකයින්ගේ ක්‍රියාකලාපයට මම නම් කැමතිම නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලෝ සමාජය එක්ක තව ටිකක් ඉන්ටර් ඇක්ට් වෙනවා නම් හොඳයි.

      Delete
  9. නැගෙනහිර යුරෝපීයන් හා ඇල්ජීරියන් වරුන් වැනි රැකියා විරහිත සංක්‍රමණිකයන් දුම්රිය පොළවල් වැනි තැන් වලදී බෑග් හොරකම් කරනවා.මම වරක් මගේ බ්ලොගයේත් මේ ගැන ලිව්වා.

    ReplyDelete
    Replies
    1. ඔතන නැගෙනහිර යුරෝපීයයන් කියල ලියල එක එතරම් නිවැරදි නැහැ. චෙක්, ස්ලෝවකියන්, ස්ලෝවෙනියන්, ක්රෝශියන්, ලට්වියන් , ලිතුවේනියන්, සර්බියන් බොහෝ රුමේනිය නුන් එහෙම නැහැ. රුමේනියාවේසමහර දිළිඳු පැතිවල අය සහ , ජිප්සී අය තමා වැඩි පුරාම. නමුත් රෝමයේ හෙම පකිස්තානු අයත් ඔය වැඩ වලට දක්ෂයි.

      Delete
  10. බ්‍රසීලයෙත් තියෙනවා කොලොම්බො. ගමයා නම් වෙන කොහෙවත් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. බ්‍රසීලයේ ප්රුතිගිසි භාෂාව නේද කතා කරන්නේ. මේ භාෂා ඔක්කොම එක වගේ.

      Delete
    2. ඔව් පෘතුගීසි භාෂාව තමයි ඒ හරියේ රටවල් කීපයක්ම කතා කරන්නෙ. ඔය වගේම ඇමරිකාවෙ "මොස්කව්" කියලා තියෙනවා (අයිඩාහෝ වල ) . තව අපි නොදන්න ඔය වගේ රටවල් කීපයකට පොදු නම් තියෙන නගර කීයක් ඇද්ද

      Delete
  11. වෙනීසිය ගැන ලිපියත් ඉක්මනින් දාන්න...
    අපූරු සටහන...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මානි. පෝලිමේ ලියමි.

      Delete
    2. ඔයාගේ කටහ්වට ත් එකකක් ලියන්න හිතුන. අර අමුතු කතාව.

      Delete
  12. ඔය සංචාරක අත්දැකීම් දාලා පොතක් ලියන්න
    පොතේ නම හැටියට
    "නොත්‍රදාමයේ කොටා" කියලා දාන්න.

    ReplyDelete
    Replies
    1. කොට මිනිසුන්ට වෙනස් කම් කිරීමත් ඔය "ජාතිවාදී " ප්‍රොජෙක්ට් එකේම අංගයක්ද ජගත්?

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.