අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය තව දුරටත් වලංගුද ?
පසුගිය මාසයේ එක්තරා දිනෙක නුතන අධිරාජ්‍ය වාදය ගැන හා විදේශ ආධිපත්යන් පිලිබඳ කතාවකට සවන් දුන්නේ. කතාව කලේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වරුණ දීප්ත රාජපක්ෂ සහෝදරයා. කතාව අවසානයේ ම නැගු පැනය නම් ලංකාවේ පැරණි මාක්ස්වාදීන් පට්ට ගැසූ අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය එලෙසම පාවිච්චි කිරීමෙන් ඇති පලය කුමක්ද කියායි. කොටින්ම කියනවනම් මගේ අදහස වුනේ ලංකාවේ රනිල් වික්‍රමසිංහගේ එජාප කෑල්ල ඇරෙන්න අනික් හැමෝම අධිරාජ්‍ය විරෝදියි. පසුගිය කාලයේ ජ නි පෙ විමල් වීරවංශත් අධිරාජ්‍ය විරෝධී පෙළපාලි කලා. ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වලට විරුද්ධව. පරණ වමත් මේ අධිරාජ්‍ය විරෝධයම පට්ට ගගහා පවතින ආණ්ඩුවලට එක්වී සිටිනවා. මන් කියන්නේ පෞරාණික වම ගැන. දැන් අලුත්ම පරණ වම ජවිපෙනේ. ජනිපෙ පෙළපාලියේ අධිරාජ්‍ය විරෝධී පින්තුර වල හිටියේ චීන නායකයා හු ජින්ටාවෝ, රුසියාවේ පුටින්, ගඩාෆි, කස්ත්‍රෝ හා හියුගෝ චාවේස්. සමහර අය නම් අධිරාජ්‍ය විරෝධී කියල කිව්වහැකි (කස්ත්‍රෝ හා හියුගෝ චාවේස්). අනිත් අය? දැන් පෙරටුගාමී සමාජවාදී සහෝදරවරු කියන්නෙත් ඒගොල්ල අධිරාජ්‍ය විරෝදී කියලනේ. මොන අධිරාජ්යටද? වරුණ සහෝදරය ලෙනින්ගේ පොතකින් කෑල්ලකුත් ඇද්දා ඔවුන්ගේ තර්කය හරි කියා පෙන්වන්න.
නමුත් එම කතාවෙන් පස්සේ මොකද වුනේ? ජවිපෙ හෙවත් පැරණි වමේ දඹර අමිල හිමි ප්‍රමුඛ ජවිපෙ සංවිධාන වල අයම අධිරාජ්‍ය විරෝධී පෙරමුනකුත් අටවා ගත්තා. කාටද - බටහිර අධිරාජ්‍ය වාදයට විරුද්ධව.
මොකද මේ අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය කොච්චර පට්ට ගැහුවත් මිනිස්සු එක්වනවා නොවැ. අමෙරිකාවනේ ඔක්කොම කරදර දෙන්නේ බලාගෙන ගියහම. මානව හිමිකම් වල පටන් අනික් හැම එකටම. ඒ මදිවට ලංකාවේ හදන බඩුත් ගන්නවා, ඇඳුම් වගේ දේවල්. සූරාකන තරම.
අපි බලමු '1978-2012 ජවිපෙ ගමන් මග' කියන නව ජවිපෙ (හෙවත් පෙරටුගාමී සමාජවාදීන්) පල කල පොතේ මොකද්ද කියන්නේ කියල. 2004 සන්ධානය - පිටුව 125 බලන්න. "වර්තමාන ධනවාදය පවතින්නේ අධිරාජ්‍යවාදයේ ස්වරූපයෙනි. අධිරාජ්‍යවාදය යනු අන් කිසිවක් නොවැ ඒකාධිකාර ප්‍රාග්ධනයේ අවධියයි. ලෙනින්, අධිරාජ්‍ය වාදය යනු ධනවාදයේ උසස්තම අවධිය ලෙස හඳුන්වා දුන්නේය. අධිරාජ්‍යවාදයේ මුලික ලක්ෂණයන් වන්නේ ප්‍රාග්ධනය ජාතික රාජ්‍ය දේශ සිමා අභිබවමින් ලොව පුරා සංසරණය වීමයි. එහෙත් ඒ අතරම සිය සුරාකෑමේ අවශ්‍යතා වෙනුවෙන් ජාතික රජයන් පවත්වා ගැනීමටද කටයුතු කරයි. "
තම ස්වයං විවේචන පොතේ නිවැරදිව සඳහන් වෙන කාරණාවක් වරුණ සහෝදරයා වෙනත් විධිහකට ඉදිරිපත් කල බව මගේ හැඟීමයි.
ආපහු කියවන්න
http://www.marxists.org/archive/lenin/works/1916/imp-hsc/VII. IMPERIALISM AS A SPECIAL STAGE OF CAPITALISM
We must now try to sum up, to draw together the threads of what has been said above on the subject of imperialism. Imperialism emerged as the development and direct continuation of the fundamental characteristics of capitalism in general. But capitalism only became capitalist imperialism at a definite and very high stage of its development, when certain of its fundamental characteristics began to change into their opposites, when the features of the epoch of transition from capitalism to a higher social and economic system had taken shape and revealed themselves in all spheres. Economically, the main thing in this process is the displacement of capitalist free competition by capitalist monopoly. Free competition is the basic feature of capitalism, and of commodity production generally; monopoly is the exact opposite of free competition, but we have seen the latter being transformed into monopoly before our eyes, creating large-scale industry and forcing out small industry, replacing large-scale by still larger-scale industry, and carrying concentration of production and capital to the point where out of it has grown and is growing monopoly: cartels, syndicates and trusts, and merging with them, the capital of a dozen or so banks, which manipulate thousands of millions. At the same time the monopolies, which have grown out of free competition, do not eliminate the latter, but exist above it and alongside it, and thereby give rise to a number of very acute, intense antagonisms, frictions and conflicts. Monopoly is the transition from capitalism to a higher system.