ඔන්න ඉතින් ඒකාලේ අර මොකද්ද නුවරක වෙළෙන්දෝ දෙන්නෙක් හිටියලු. එකාට ගැල් (හෙවත් කරත්ත) 500ක් වගේ හිටින්න. දෙන්නම සෑහෙන්න පොහොසත්ලු. වෙළඳම් කරන්න ඈත යනවනේ ඒ දවස් වල. දැන් වගේ ඊබේ, ඇමේසන් දාල විකුණගන්න බෑනේ. ඉතින් යන්න ලෑස්ති වෙලා ගැල් 500 යනකොට පොඩ්ඩක් සෙනග වැඩි වෙන නිසා වෙනම යන්න කතා කරගත්තලු. මුල් වෙළෙන්ද හිතුවලු "කලින් ගියොත් වාසි ගොඩයි. තමාගේ මිනිසුන්ට කෑම හොයා ගන්න ලෙහෙසියි. පාරේ වෙන කරත්ත වලින් එන ට්‍රැෆික් අඩුයි. එන්ජින් තෙල් හෙවත් තණකොළ අලුත් ඒවා. අලුත් නගරේ මාකට් එක අල්ලන්නත් ලේසියි. "වතුර නැති කාන්තාරේ " පහු කරන්න වතුර වැඩිපුර අරන් ගියාම හරි වගේ.". අනික අපායට ගියත් කලින් යන්න කියනවලුනෙ.
දෙවෙනි වෙළෙන්දා කල්පනා කෙරුවලු "යාළුවගේ ගැල් වලින් පාර නියමෙට මට්ටම් කරල දෙයි මට යන්න. පොරගේ හරක් පරණ තණකොළ කෑවම මගේ උන්ට නැවුම් ඒවා කෑව හැකි. පොර අර නගරේ බඩු විකුණන ගණන් සෙට් කලාම මට ඒ ගාණටම කේවෙල් කරන්නේ නැතුවම දුන්න හැකි. " කියල. වෙළෙන්දා ඉතින් දෙවැනි වර යන්න තීරණය කළාලු.
පලවන වෙළෙන්දා ට පොඩි පොඩි ප්‍රශ්න ආවත් "දිය නැති කාන්තාරය" කියන හරියට ආවලු. හැබැයි ඉතින් කාන්තාර වල වතුර නැහැ තමා, නමුත් ක්ෂේම භුමි තියෙනවනේ. මේකේ ඒවත් නැහැලු. කාන්තාරේ පටන් ගන්න තැන නගරයක වැසියෝ කීවලු ඒකෙ යක්කු (demons) ඉන්නවා කියල. ඉතින් මේ ගැල් පෙරහැර කාන්තාරේ තරමක් දුර යනකොට එනවලු කට්ටියක් අනිත් පැත්තෙන්. උන්ගේ ගැල් වල මඩ ගෑවිලා , වතුර බේරෙනවලු. නෙලුම් මල් (නෙලුම් යායෙන් ගත් ඒවා නොවේ) , ඕළු මල් අතේ , කටේ ගහගෙන බාගෙට ඇඳගත් අර, ඉන්දියන් සිනමාවේ ඇඟේ වතුර හලා ගෙන ෂූටින් වලට ඉන්න නිලියෝ වගේ කාන්තාවොලු.
ඒකෙ නායකයා පොඩ්ඩක් සියල්ල දත් පොරක් වගේලු. ඉතින් මේ සියල්ල දත් කියනවලු වෙළෙන්දාට "මේ හලෝ ඔහෙට පිස්සුද මේ වතුර ලොරි ගණන් (සමාවෙන්න ගැල් ගණන්) පුරවන් යන්නේ. පව් නේ හලෝ මේ අහිංසක හරක් ටික. තනිකරම සත්ව හිංසාව නේ. අලි පැටව් හිර කරන් ඉන්නවට වඩා දරුණුයි නේ සනා. අර තව ටිකක් දුරින් සිරා ක්ෂේම භූමියක් නේ තියෙන්නේ. වතුර ඕනෑ තරම් නාන්නද, දිය බුං ගහන්නද ඕන එකක්. නෙලුම් අල ද රට ඉඳි ද ඕන තරම්. විසි කරනවා ඔය වතුර. නිදහස් කරනවා ඔය අහිංසක සත්තු ඔය බරින් " දුන්න නේද සිරා ටෝකක්. අර විමලෙට එහා. ඉතින් කොහෙද වෙළෙන්දා කෑව ලණුව. කෑව නෙමේ ගිල්ල. මිනිහට අර නගරේ වැසියෝ දුන්න සුනාමි වෝනින් එකවත් ගණන් ගත්තේ නැහැ. වතුර ටික බිමට හලලා කෑමත් විසි කරල ගියා සොමියේ. ගියා තමයි. යනවා යනවා මොන වතුරද? හරකුන්ටත් වතුර නැතුව අනාතයි. මොන ගැල් අදිනවද. ඉතින් කට්ටිය වෙළෙන්දටත් බැන බැන වැටුන තැන නිදි. මෙන්න ඉතින් රෑ වෙලා යක්කු ටික කසියා බෝතල් ටිකකුත් අරන් නියම වේශයෙන්ම ඇවිල්ල ගණන් බේරුවලු ඇටකටු විතරක් ඉතුරු වෙන්නම.
ඔය අස්සේ අපේ දෙවෙනි වෙළෙන්දා යන්න ලෑස්තියලු. පොර යන්න කලින්ම දුන්නලු කතාවක්. " මේ කට්ටිය යන ගමනේ මුකුත් විස පැළෑටි කන්න එපා විස සත්තු ඉන්නවා පරිස්සමින්. මන් අහල තියෙනවා වතුර , ක්ෂේම භුමි නැති කතරක් ගැන. යක්කු, කුම්භාණ්ඩයෝ පෙරේතයෝ ඉන්නවලු. එයි ගැල් පෙළපාලියේ ඇමතිකම් දෙන්න. ඒවා අල්ලස්. අහු වෙන්න එපා. කැසිනෝ ගහන්න කතා කරයි, අලුත් හයිවේ එකක් දාන්න කතා කරයි කාන්තාරේ හරහා. 10% දෙන්නන් කියයි. අහුවෙන්න නම් එපා පුතෝ. වතුර එහෙම කටේ තියන්න එපා මගෙන් නාහ. "
ඉතින් කට්ටිය ගියාලු. කාන්තාරේටත් ආවලු. අර වගේම ආවලු සියල්ල දත් යක් නායකයි රෑනයි වතුර හලාගෙන එහෙම. අපේ වෙළෙන්දා කීවලු කට්ටියට, මුන්ගේ ඇස් එලියට පනින්න වගේ. හොඳටම රතුයි. කසිය ගහපු ගොබිලො වගේ පෙන්නේ. වලියෙන් වගේ ටෝක දෙන්නේ. ගණන් නොගෙන ඉමු කියල. ඒ වුනාට කට්ටිය කුණු කුණු ගානවලු. වතුර තියේ නම් මොකටද මේව උස්ස ගෙන යන්නේ හෙම කියල. එතන හිටපු ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් එකේද කොහෙද බුවෙක් කිව්වලු , අපොයි මේ හරකුන්ගේ මානුෂික අයිතිවාසිකම් කඩ වෙනවනේ . වතුර හෙම විසි කරලා සහනයක් දෙමු කියල. බිබිසියෙන් ගමන කවර් කරන්න ආපු බුවා කියනවලු අපේ අසන්නෝ අප්සෙට් ගහයි මේ සත්ව හිංසනය, මානුෂික අයිතිවාසිකම් කඩ වෙනවට හෙම. වෙළඳ නායකයත් ආයේ අඟලක් හෙල්ලෙන්නේ නැතිව ගත්ත තීරණේ වෙනස් කරන්නේ නැතිව කිවලු "අපි මේ නියම වෙළෙන්දෝ. මිනිස්සු සත්තු ඔක්කොම අපි බලා ගන්නවා. හම්බ වෙනකන් අතේ තියෙන දේ විසි කරන්නේ නැහැ." කියල ගමන ගියාලු. මෙන්න දුර යනකොට හම්බ වුනාලු යක්කු ගේම දුන්න ජනතාව, සත්තු ටික එක්කම . ඇටකටුයි කරත්ත රෝදයි විතරලු. පොරවල් රවුමට කරත්ත නවත්තල. රාත්‍රිය පුරා ගාඩ් එකක් දාල , උදේ එන කම් හොඳට නිදා ගෙන ගමන ගියාලු. අරගෙන ගිය භාණ්ඩත් විකුණා ගත්තලු.
ඉතින් මේ ජාතක කතාවේ මොරාල් එක මොකක්ද කියනවා නම් , අශිෂ්ටයන් මොන විධියෙන් ආවත් රැවටෙන්න හොඳ නෑ මල්ලිලා නංගිලා. උන් දෙන මොත්තේ අහල රැවටිලා අහු වෙන්න එපා. කට්ටිය ඇටකටු ටික විතරයි ඉතුරු කරන්නේ.
හොඳ නායකයෙක් නම් අශිෂ්ටයන්ට යක්කුන්ට ඉඩ නොදී තමන්ගේ මිනිස්සු බේරා ගෙන යන ගමන යන්න දන්නවා. එහෙම නායකයෝ හොයා ගන්න එකයි ප්‍රශ්නේ.
-අශිෂ්ටයන් අතරේ ශිෂ්ටකම් පෑම මාරක විහිළුවකි කියල කිව්වේ යාළුවෙක්.