Sunday, 22 March 2015

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 3

තෙවන කොටස 

තරුණ සංවිධානයක් තිබෙනවද? 


ඔව්, සිරිසා හි සන්ධානයේ සියලුම කොටස් වල තරුණ සංවිධාන එකතු කර සෑදූ විශේෂ තරුණ සංවිධානයක්  තියෙනව. නමුත් මෙය සාපේක්ෂව කුඩා නිසා ඉන් තරුණ චන්දදායකයන්ට වැඩි බලපෑමක් නැහැ. වඩාත් උද්‍යෝගයට කාරණයක් වන්නේ ඉතාමත් පහල මට්ටමකින් පටන් ගත්  වෘත්තීය සමිති   වල බලපෑම දෙගුයණයක් වුණා. නමුත් නැවතත් KKE සමග බැලුවහම වෘත්තීය සමිති ව්‍යාපාරය තුල සිරිසා හි ශක්තිය හුඟක් අඩුයි. 

ජනතාව ගොනු කිරීම ප්‍රධාන තැන ගත් වඩාත් ක්‍රියාශීලි සමිති තුල සිරිසා බලවත් පමණක් නෙවෙයි  සිරිසා වර්ධනය වීමත් වුණා. එය දැන් ග්‍රීක වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රධානම සමිතියක් වන  ද්විතිය අධ්‍යාපනයට සම්බන්ධ ජාතික ගුරු වෘත්තීය සමිතියේ ප්‍රධාන බලය  වී හමාරයි.  එසේම අතිවාම වාදී කණ්ඩායමේ බලයත් සාපේක්ෂව මේවායේ වැඩියි.  සිරිසා  හා අන්ටස්‍යා වලින් පැමිණි ජනතාවගෙන්  සැදුනු, එක්තරා ආකාරයක වෘත්තීය සමිති  පෙරමුණුත් තිබෙනවා.
පසුගිය කාලයේ වෘත්තීය සමිති  ව්‍යාපාරය තුල හා විශ්ව විද්‍යාල වල වර්ධනය වුනු රැඩිකල් වටපිටාව  තුල රැඩිකල් වම තමන්ගේ ස්ථානය වැඩි දියුණු කරගත්ත. KKE සහ අති වාමාන්ශයද තමන්ගේ ස්ථානයන් දියුණු කර ගත්ත. රැඩිකල් වුනු වාම වාදී ශිෂ්‍යන්ගේ වටපිටාව තුල විශ්ව විද්‍යාල වල සිරිසා  එක තැන පල් වුනත් (බහුතරයක් ශිෂ්‍යන් විශ්ව විද්‍යාල තුල චන්ද වලට සහභාගී වෙන නිසා මේක හොඳ මාපකයක්)  , එසේම මේ ශිෂ්‍යයන් අන්ටස්‍යා අය වැඩිපුර සිටින නම ලේඛන වලට චන්දය දුන්නත්, ජාතික තලයේදී ඔවුන් සිරිසාට චන්දය දීමට පටන් ගැනුණා.

අපිට  මේ ද්විත්ව ප්‍රකාශනය තහවුරු වුනා ප්‍රාදේශීය චන්ද වලදී හා යුරෝපියානු හා පළාත්  මැතිවරණ වල පරතරයේදී. පළාත් බද මැතිවරණයේදී අති -වාම සන්ධානය වූ අන්ටස්‍යා ජාතික වශයෙන් 2% චන්ද ප්‍රමාණයක් ගත අතර යුරෝපියානු පාර්ලිමේන්තු  මැතිවරණයේදී එය 0.72%ක් වුණා.
මෙහිදී ඉතාමත් පැහැදිලියි සමහර කොටස් ජනතාව රැස්  කිරීමේ ව්‍යාපාර  හා වෙනත් සමාජ ව්‍යාපාරවලදී ඔවුන්ව  අති-වාමවාදී කණ්ඩායම් මගින් මෙහෙයවන බව. වෘත්තීය සමිති මට්ටමේදීත් ඒක එහෙමයි. නමුත් දේශපාලන නියෝජනයේදී මේ බලවේගවල මුලික දේශපාලන නියෝජිතත්වය භාර ගන්නේ සිරිසා.
 මෙහි ප්‍රතිපලය නම් පසුගිය කාල පරිචේදයේ වැදගත්ම පරිණාමය වන,  ග්‍රීක රැඩිකල් වමේ අවසන් බෙදීම දැන් ඇත්තේ නිකායවාදී, ආරක්ෂණවාදී හා ඉතාමත් හුදෙකලා KKE හා ඉතිරි සියල්ල අතරයි. (සිරිසා, අන්ටස්‍යා ආදිය )

"වාමාංශික වේදිකාව"ට  (Left Platform) කොටස් දෙකක් තිබෙනවා. "වාමාංශික ධාරාව "(Left Current), ඒ කියන්නේ සම්ප්‍රදායික කොමියුනිස්ට් ධාරාව - වෘත්තීය සමිති වලින් සමන්විත වුනු මේ ධාරාව සිරිසා හි වෘත්තීය  සමිති වැඩි හරියක්  පාලනය කරනවා. මෙයට අයත් වැඩි හරියක් KKE එකෙන් ආපු කට්ටිය, ඒ කියන්නේ 1991 බෙදුන වෙලාවේ. ඊළඟට ට්‍රොට්ස්කිවාදී ප්‍රවණතාවය. (ලඟදි එකතු වුන DEA සහ KOKKOINO)
වාමාංශික වේදිකාවට පක්ෂ  නායකත්වයෙන්, වගේම එක්සත් විමෙන් පසුව පක්ෂයේ ක්‍රියාකාරීත්වය  හා පක්ෂ ව්‍යුහය වර්ධනය වුනු ආකාරයෙනුත් තදබල බලපෑමක් එල්ල  වුණා. පක්ෂ බහුතරයේ මේ පීඩනය, පක්ෂයේ  පරිණාමනය සමගත් ග්‍රීසියේ පසුගිය සමයේ ජනතාව ඒකරාශී කිරීමේ ව්‍යාපාරවල පසුබැසීම සමගත් බද්ධ වුණා.

මේ හැම සාධකයකින්ම සෘණාත්මක බලපෑමක් ආවත් වාමාංශික වේදිකාවට ඒවාට මුහුණ දීමේ හැකියාව තිබ්බ. එහි විවිධත්වය තමා ශක්තියකට තිබුනේ.  ඒ කියන්නේ වාමාංශික වේදිකාව හැදිලා තිබ්බේ දේශපාලන සංස්කෘතීන් දෙකකින් වුනත් එහි ඒකාබද්ධතාවය පක්ෂයේ බහුතර කොටස අතර තිබු ඒකාබද්ධතාවයට වඩා වැඩියි.
පක්ෂයේ බහුතර කණ්ඩායමේ එක එක දේශපාලන සංස්කෘතීන් වල විෂමතාවය වැඩියි. 

මේ බහුතරයේ,  ඔබට දකින්න පුළුවන් ප්‍රධාන පෙලේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දහරාවෙන් එන අය, එතකොට අති -වාම පැත්තට බර ක්‍රියාකාරීන්, නව සමාජ ව්‍යාපාරයන්ට ඇලුණු අය, එතකොට යුරෝකොමියුනිස්ට් හෝ KKE එකෙන් ආපු  ඉතාම සම්ප්‍රදායික ප්‍රතිසංස්කරනවාදී  කට්ටිය, පසොක් වලින් ආපු වාම ජාතිකවාදීන්, ග්‍රීක වර්ගයේ ජර්මන්-විරොධී ප්‍රපංචය වැනි  අන්තවාදී ජාතිකවාද විරෝධීන් වශයෙන්. 

මාඕයිස්ට්ස් (මාඕවාදීන්) ලා (KOE) ගැන කතා කරන්නේ නැත්ද? 


මාඕවාදීන් වාම-ජාතිකවාදී ධ්‍රැවයට වඩා සමීපයි. ඒ නිසා කියන්න තියෙන්නෙ බහුතර කණ්ඩායමේ විවිධත්වය සමස්තයක් වශයෙන් ගත්තම වැඩියි කියල.

මම හිතනවා, 2012 මැතිවරණය හා පක්ෂය ගොඩ නැගීමේ සම්මේලනය  අතර තුර කාලයේදී වාමාංශික ධාරාව හෝ ට්‍රොට්ස්කිවාදීන් සමග සම්බන්ධයක් නැති බොහෝ , ඒ වෙනස්කම් ගණන් ගන්නේ නැති ක්‍රියාකාරීන් සමුහයක් අද්දව ගන්න වාමාංශික වේදිකාව සමත් වුණා. ඒ ගොල්ල අවධානය යොමු කරන්නේ පක්ෂ අභ්‍යන්තරයේ වාම විපක්ෂයට හෝ වාම  දෘෂ්ටිකෝණයට සහයෝගය දෙන්න, සිරිසා තුල ඉතා පැහැදිලි වාම ප්‍රවණතාවයකට. මේ නිසා තමා ගොඩ නැගීමේ සම්මේලනය අතරවාරයේ බහුතරයේ අනිසි හැසිරවීම් වලට ඇතිවුන විරෝධතාවයේදී  වාමාංශික වේදිකාව බලවත් වෙන්නේ. ඒකෙන්  වුනේ පක්ෂය ඇතුලේ චන්ද ප්‍රමාණයට සංසන්දනය කලහම අපිට නියෝජිතයන්ගේ කාරක සභාවේ අඩු නියෝජනයක් තිබ්බත්,  30% කට වඩා  නියෝජිතයන් ප්‍රමාණයක් ලැබීම. මේකට දැන් එකතු කරන්න පුළුවන් කොමියුනිස්ට් වේදිකාව ලබපු 1.5%ත්. (ඇලන් වුඩ් හා ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවණතාවය අනුගමනය කරන) 

පක්ෂය ගොඩ නැගීමේ ප්‍රථම සම්මේලනයෙන් පස්සේ පක්ෂ බහුතරය පළාත් හා යුරෝපියානු මැතිවරණයෙන් අනතුරුව ඛණ්ඩනය වුනා, ඒක වාමාංශික වේදිකාවට මෙන්ම සිරිසා හි අභ්‍යන්තර බලවේග වලටත් ධනාත්මක වුණා.  හරියටම කියනවානම්, බහුතරයේ වාමාංශය හෙවත්  බහුජන ව්‍යපාරවාදීන් හා සිප්‍රස් ගේ එක්සත් වමෙන්  ( Left Unity) බිඳී ආ අය  තමන්ගේ සීමාව  වෙන් කරගත්ත අනිත් අයගෙන්. (නියම ග්‍රීක ආකාරයෙන් කියනවා නම්, මේ ක්‍රියාවලියෙන් පස්සේ අපට සිප්‍රස් ගේ වටේ  එක්සත් වමේ වමක්  (Left Left Unity (sic) ) හා එක්සත් දකුණේ වමක් (Right Left Unity (sic) ) තිබෙනවා. )

යුරෝපියන් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම වාගේ "බහුතරයේ" වම "පනස්තුන් දෙනාගේ කණ්ඩායම් වේදිකාවට " එකතු වුණා.   "පනස්තුන් දෙනාගේ වේදිකාව" කියන්නේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 53ක් හා 2014 ජුනි මස එකතු වීමට අත්සන් කල සමහර මන්ත්‍රී ලා ගේ කණ්ඩායමක්.  ඔවුන්, සිප්‍රස් විසින් ආයතනගත සම්ප්‍රදායික දේශපාලකයන් අද්දවා  ගැනීම ගැන තදින් විවේචනය කල අතර , සමාජ බලවේග සේවයේ යොදවා ගැනීම හා සමාජ  ව්‍යාපාර සංවිධාන කිරීමට වැඩි අවධානයක් යොමු නොකරන  ව්‍යාපාරයකට නායකත්වය දෙන බවටත් චෝදනා කලා. එසේම සිප්‍රස් තමන් වටා වැඩි බලයක් රැඳෙන,  පුද්ගලිකත්වය දියුණු කරන උපක්‍රම භාවිතා කරමින් ප්‍රචාරක විදි උපයෝගී කරගත් සංවිධානයක් ගෙන යමින්, ණය ගනුදෙනු , බැංකු ජනසතුව  ආදිය  ගැන මෘදු ලෙස ක්‍රියා කරන බවටත් චෝදනා කලා. 

එසේ  වමේ වේදිකාව මුලික සම්මේලනයේදී 30% ගත්තනම් (වුඩ්වාදීන් 1.5% ත් එකතු කලාම) පක්ෂය තුල "වමේ වේදිකාවේ " බලපෑම මනින්න හැකියාවක් තිබෙනවද?  එහෙනම් එක්සත් වමේ වමෙහි  (Left Left Unity) කොපමණ සෙනගක් ඉන්නවයි කියල දල වශයෙන් කියන්න පුලුවන්ද? 

හොඳයි, මට දැනෙන විධිහට - මේක මධ්‍යම කාරක සභා මට්ටමෙනුත් පිළිඹිබු වුනා-  වමේ වේදිකාව (Left Platform ) සහ පක්ෂයේ වම් පැත්ත තම පක්ෂයේ බහුතරය කියන එක. අවසන් කාලයේදී විශේෂයෙන් සන්ධාන සැදීම ගැන සාකච්චා වලදී මෙය පැහැදිලි වුණා. නායකත්වයට ඕන වුණා ඩිමර් (Dimar) එක්ක සන්ධානයක් ගහන්න, බැරි වුණා. ඒ බැරි වුනේ එයට පක්ෂය තුලින් මතුවුන් විරෝධය හා එය මෙහෙයවූ මෝටරය වමේ කණ්ඩායම් දෙක.
යුරෝ (මුදල් වර්ගය) ගැන තිබෙන ප්‍රශ්නය තවමත් පළල් වමේ එකතුවකට බාධාවක් වුවත් එය නොසලකා හැරියොත් හොඳටම පෙනෙනවා නායකත්වය දැන් සීමා වෙලා කියල. අවාසනාවකට වගේ බොහෝ නායකයන් පක්ෂයෙන් ස්වායත්තව කටයුතු කරනවා පක්ෂයෙ තිරණ නොසලකා හරිමින්. මම මේ කියන්නේ පක්ෂයේ පදනම හා නායකත්වය අතර තිබෙන සරල බෙදීම නොවේ - මම කියන්න පක්ස්ය්යෙන් සම්පුර්ණනම ස්වායත්ත වීම. මෙය අනාගතයට ඉතා අනතුරුදායකයි. 

මධ්‍යම කාරක සභාව රැස්වෙන්නේ කලාතුරකින්. වැඩි වැඩියෙන් අතිශයින් වැදගත් තීරණ ගැනෙන්නේ විනිවිද භාවයකින් තොරව, විවිධාකාර කණ්ඩායම් හා බලාත්මක සමුහයන් (lobby groups ) ගේ දැක්මවල්  වලට අනුව.    

ඔබට  වමේ වේදිකාව කොතරම් ශක්තිමත් දැයි ඇගයීමක් තිබෙනවද? මම අදහස් කරන්නේ, ඔවුන් දනනවා ඔවුන් බහුතරයට එරෙහි බව, නමුත් ඔවුන් කොතරම් ප්‍රමාණයකට එක්සත්ද? විශේෂයෙන්ම රාජ්‍ය බලය ලැබීමට ළඟ අවස්ථාවක රැකියා, රජයේ වැදගත් ස්ථාන ආදිය ලැබීමටත් ඉඩ ඇති නිසා. 

ඔව් මම කලින් කිව්වා වගේ සෘණාත්මක හෝ ධන්ත්මක වේවා වාමාංශ වේදිකාවේ එකතුව පක්ෂ බහුතරයේ එකතුවට වැඩ ඉහලයි. වැඩ පිළිවෙල සඳහා සහභාගිවීමේදී පවා එය වඩාත් සංයුක්ත සංවිධිත බවකින් වැඩ කරනවා. ආර්ථික පෙරමුණ පිලිබඳ කොස්ටස් ලැබවිට්සස්   ගේ මැදිහත්විම ඉතා තීරණාත්මක වුනා මොකද ඔහුගේ  ආර්ථිකය පිලිබඳ විශේෂිත අත්දැකීම් නිසා.   

බහුතරයේ කැපී පෙනෙන ලක්ෂණය තමා ඔවුන්ගේ එකඟත්වයක් නැති කම. උදාහරනයක් වශයෙන් සමහරු ඉතාම තද ආකල්පයක් දරනවා ණය පිළිබඳව. ඔවුන් තදින් කියන්නේ ණය ගෙවීම පැහැර හැරීම විකල්පය මගක්  වශයෙන් තබා ගත යුතු බවත් නයෙන් විශාල ප්‍රමාණයක් කපා හරිය යුතු බවත්. 
නමුත් දැන් කවුරු හරි ඇහුවොත්, "හොඳයි, අපි මොකද කරන්නේ ණය ගෙවීම පැහැර හැරියට පස්සේ " කියල සහ ඒ වගේ ක්‍රියාමාර්ගයක් කොතරම් සාර්ථකද කියල යුරෝ මුදල් ක්‍රමයෙන් ඉවත් වෙන්නේ නැතුව - ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම වෙනවා අපි ණය නොගෙව්වොත් - එතන තේරීමක් නැහැ - මේ ගොල්ලෝ (බහුතරය) ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ එය රඳා  පවතින්නේ යුරෝපයේ දේශපාලන බලවේග මත බවයි. 
නමුත් මෙයට ප්‍රතිවිරුද්ධව වමේ වේදිකාවට පැහැදිලි උත්තර තිබෙනවා.
වමේ වේදිකාවේ ඇති අභ්‍යන්තර ප්‍රභේදනයේ ප්‍රධාන ප්‍රශ්නය , භූ දේශපාලනය හෙවත් විදේශ ප්‍රතිපත්තිය සඳහා එකඟතාවක් නැති කම. දේශපාලන සංස්කෘතීන් දෙකක් සාමකාමී සහජීවනයෙන් ඉන්න කොට අනිවාර්යයෙන්ම ඇතිවන තත්වයක් මේක. ලෝක දේශපාලනය හා විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව වමේ ධාරාවට (Left Current ) ඇත්තේ වඩා සම්ප්‍රදායික කොමියුනිස්ට්වාදී , අධිරාජ්‍ය විරෝධී  දැක්මක්. ඔවුන් ජාතිය හෝ ජාතික සහ පන්තිය පිලිබඳ හැඳින්වීමකට විරුද්ධත්වයක් නැහැ. 

මෙයට ප්‍රතිවිරුද්ධව DEA වඩා ජාත්‍යන්තරවාදී සංස්කෘතියක් පෙන්නුම් කරනවා. මෙහි තේරුම නම් සයිප්‍රස් ප්‍රශ්නයේදී හෝ තුර්කිය සමග සම්බන්ධ කම් වලදී හෝ යුක්රේනය පිළිබඳව ප්‍රශ්නයේදී, ඒ තත්වයන් වෙන වෙනම ගන්නා විටදී වෙනස් කම් ඇතිවීම. 

වමේ වේදිකාව සිරිසා (මැතිවරණයේදී )  ජයග්‍රහණය කලොත් මුහුණ දෙන්නේ කොහොමද?කිසියම් පොදු එකඟතාවයක් තිබෙනවද රජයේ කොටස් කරුවකු නොවන්නට , අමාත්‍යංශ භාර නොගැනීමට එහෙමත් නැත්නම් මොනවගේ සමාජ ව්‍යාපාර - අතිරික්ත - පාර්ලිමේන්තු හෝ ජනතාවාදී රැස්වීම වලටද සහභාගී වෙන්නේ ?

මම හිතනවා වමේ වේදිකාව පමණක් නොවේ සිරිසා තුල මුළු වමම වගේ (ඒ කියන්නේ බහුතරයේ ඉන්න වාමවාදී අය ඇතුළුව) හිතන්නේ රජයට ඇතුළු වීම බලය ගැනීම කියන්නේ සාමාජීය (ජනතාව රැස්  කිරීමේ ) ව්‍යාපාරයකට   උත්ප්‍රේරකයක් කියල. ඒක ඇත්තටම එහෙමයි මොකද පරයෝගිකව අපි යන්නේ මේ ජනතාව  ගොනු කිරීමේ ව්‍යාපාරයට. 

මෙතන මේ පක්ෂයේ සංකල්පය හා  දේශපාලන ක්‍රියාවලියම යොමු වෙලා තිබෙන්නේ (ප්‍රයෝගික) ක්‍රියාකාරීත්වය සඳහා. සිප්‍රස් සහ පක්ෂයේ බහුතර නායකත්වය සමාජීය ව්‍යාපාරයන් හා ජනතාව  ගොනුකිරීම සිමා කිරීමට තමයි තැතනුවේ.

උදාහරණයකට ගත්තොත් 2012 දී සිප්‍රස් අවධාරණය කලේ සිරිසා  රජයක්ම නොවේ පිහිටුවන්න යන්නේ මුළු "සුභසාධන කපා හැරීමට විරෝධී " පෙරමුණේම රජයක් කියල. නමුත් එහි එතරම් තේරුමක් දැන් නැහැ මොකද අති වාම වාදීන් හා KKE එවැනි ඒකාබද්ධ වැඩ පිළිවෙලකට කැමති වෙන්නේ නැහැ.
නමුත් අවම වශයෙන් මෙහෙම වැදගත් දෙයක් සනිටුහන් වුණා. මේ හදන්න යන්නේ "සුභසාධන කපා හැරීමට විරෝධී  පෙරමුණේ" වාමාංශය හා නිකුත් සමාජීය ව්‍යාපාරවල එකතුවක රජයක් බව.  ඒ දිනවල සිප්‍රස්,  විශේෂයෙන්ම බොලිවියානු අත්දැකීම සමග සමපාත කරමින් මැයි සහ ජුනි 2012 චන්ද අතර කාලය තුල මේ සමාජීය ව්‍යාපාරවල  සම්මේලනයක් කැඳෙව්වා. මේක අති  විශේෂ සිද්ධියක්.

- මතු සම්බන්ධයි

9 comments:

  1. ඇයි අජිත් අයියෙ අපිටම මෙහෙම කරන්නෙ??

    ReplyDelete
    Replies
    1. ඇයි සත්තරණේ මොකක්ද මං කලේ

      Delete
  2. මාත් අහන්නෙ ඇයි මෙහෙමම කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ රස්නෙටද ස්ලෝව් කනෙක්ෂන් එකටද කියල ෂුවර් නැහැ

      Delete
  3. වමේ බලය ගොඩනැගිය යුතුයි . එහි දෙකක් නෑ. මේ විදියට ප්‍රජාතන්ත්‍රවදීව , සිවිල් නීති කැඩීම් වගෙ ව්‍යාපාර තුලින් ක්‍රමාණුකූලව පුද්ගලික දේපොළ අයිතිය අහෝසි කළ යුතුයි. හැබැ‍යි කලින් කරපු ඓතිහාසික වැරදි ඒ කියන්නෙ ප්‍රචන්ඩ විප්ලවය හා අන්‍ය මත දරන්නන් මර්ධනය වාගෙ දේවල් ඕනම නෑ.
    මාක්ස් කීවේ සමාජවාදය අභාවයට ගොස් කොමියුනිස්ට් තත්වය ඇතිවන බවයි. ඔහු ධනවාදය අභාවයට යනබව ප්‍රතික්ෂේප කළා.කවුරු මොනව කිව්වත් මටනම් හිතෙන්නෙ ධනවාදය අභාවයට යන බවයි. ප්‍රචන්ඩ විප්ලවයක් අවශ්‍ය නෑ. එය දිරාගිය ගසක් සෙමෙන් වැටෙන ලෙස වැටේවි. එය යුරෝපයෙන් ආරම්භවේවි අරාබි වසන්තය වගේ දෙයක් වේවි.

    ReplyDelete
    Replies
    1. ප්‍රචණ්ඩ විප්ලවයක් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. වම කියන්නේ මොකක්ද ? සිරිසා එකේ වමේ වමයි වමේ දකුණයි කියන්නේ මොකක්ද දකුණේ වම කියන්නේ මොකක්ද .............සමාජවාදය කාටද ඕනේ ?

      Delete
  4. ඇයි අජිත් අයියෙ අපිටම මෙහෙම කරන්නෙ?? X 3 :'( 26 රෑටවත් මේවා ඔයිට වැඩිය සරළව තේරුම් බේරුම් කරල දෙන්න හිතක් නැද්ද? හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. පොඩි අවුලක් ඇති වුනා පෝස්ට් කරන්න ගිහින් . 26 දාට මේව කියල දෙන්න ගියොත් දුවන්න ඉඩක් හොයා ගන්න බැරි වෙයි .

      Delete
    2. අජිත් අයියා මට නිකං පොඩි කිචි කිචියක් වගේ එනවා පොඩි කවි තුන හතරකින් මේ ගැන ඇගයීමක් කරන්න එදාට.. අවුලක් නැත්නම් හා වෙලාවක් උපරිම විනාඩි 5-6ක් ගන්න පුලුවන්නම් මැසේජ් එකක් දාන්න මට රෙඩි වෙන්න.

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.