Thursday, 19 March 2015

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 1

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන් සමග ස්ටදිස් කූවෙලකිස්
GREECE/

සිරිසා බලය සඳහා ගමන අරඹා ඇති අතර අන්තර්ජාලයේ නොයෙකුත් ආකාරයේ විශ්ලේෂණ, මතවාද, සිරිසා අනුමත කිරීම්  මෙන්ම හෙළා  දැකීම්  ද දැකිය හැක. ස්ටදිස් කූවෙලකිස් සමග  මසකට පමණ ඉහත කෙරුණ මෙම සම්මුඛ  සාකච්චාවේදී  සිරිසා හි ආරම්භය, ගමන් මාර්ගය සහ ඉදිරි අභියෝගයන්   අප විසින් විවේචනාත්මක දුරස්ථ භාවයකින් යුක්තව අවබෝධ  කර ගැනීමට උත්සාහ කෙළෙමු.
මේ සඳහා ඉතාමත් විවිධාකාර  බෙදීම් සහිත ග්‍රීක රැඩිකල් වාමාංශයේ  සංකීර්ණ අභ්‍යන්තරයට කඩා වැදීමට අප පසුබට නොවීමු. නමුත් පක්ෂය බලයට පැමිණි පසු මුහුණ පාන්නට සිදුවෙන ඉතාමත් අභියෝගකාරී ප්‍රශ්න ගැනද කූවෙලකිස් අදහස් දක්වන ලදී.
කූවෙලකිස් සිරිසා  හි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු මෙන්ම එහි වාමාංශික වේදිකාවේ ප්‍රධානතම නායකයෙකි. ඔහු දැනට ලන්ඩනයේ කිංග්ස් කොලේජයේ උගන්වන අතර "කාන්ට්  ගේ සිට මාක්ස් දක්වා දර්ශනවාදය සහ විප්ලවය" නමැති පොතේ කතුවරයාද වෙයි.  එසේම "ලෙනින් නැවතත්", "නුතන මාක්ස්වාදයට විවේචනාත්මක සහයක්  පොත්වල සම කතුවරයායි."වර්සෝ පොත්" වෙබ් අඩවියේ කතුවරයා සේම "ඓතිහාසික භෞතික වාදය " සඟරාවේ කතෘ මණ්ඩලයේ සේවය කරන සෙබස්තියන් බජන් "ජැකොබින්"සඟරාව සඳහා   කූවෙලකිස් සමග සම්මුඛ සාකච්චාවක් කළේය.


අපට සිරිසා  ගැන කියන්න: කවදාද  කොහොමද මේ රැඩිකල් වාමාංශික පක්ෂ එකතු වුනේ?


සිරිසා  හැදුවේ 2004 දී  චන්දයට ඉදිරිපත් වීම සඳහාවූ සන්ධානයක් හැටියට විවිධ සංවිධාන කිහිපයක සහභාගිත්වයෙන්. එහි ප්‍රධානතම කණ්ඩායම තමා 1991 සිට වෙනම පක්ෂයක් ලෙස තිබු අලෙක්සිස් සිප්‍රස් ගේ සිනස්පිස්මොස් පක්ෂය. මුලදී "වමේ හා ප්‍රගතිශීලින් ගේ සන්ධානය ලෙස හැඳින්වුවත් පසුව වමේ සහ ව්‍යාපාරවල වල  සන්ධානය වශයෙන් නම වෙනස් කලා. එය මතු වුනේ කොමියුනිස්ට් ව්‍යාපාරයේ එක දිගටම ඇති වුනු බෙදීම් කිහිපයකින් පසුවයි. එසේම කුඩා සාමූහිකයන්ගෙන්ද සිරිසා  සමන්විත වෙනවා.  මෙම කුඩා සංවිධානවලින්  සමහරක් පැරණි  ග්‍රීක අන්තවාදී වමට  (far left) සම්බන්ධව තිබු ඒවා. ග්‍රීසියේ ප්‍රධානම මාඕ වාදී  සංවිධානයක් වන ග්‍රීක කොමියුනිස්ට් සංවිධානය (KOE) ඉන් සුවිශේෂයි. මෙම සංවිධානයේ තිදෙනෙක් 2012 මැයි  මාසයේ පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ට්‍රොට්ස්කිවාදී සම්ප්‍රදායේ ජාත්‍යන්තර කම්කරුවන්ගේ වාමාංශය  (DEA) සඳහා මෙන්ම අනිකුත් කොමියුනිස්ට්වාදී පසුබිමක්  සහිත කණ්ඩායම් සඳහාත් මෙය සත්‍යයක්. උදාහරණයක් වශයෙන්, "නැවත ගොඩනගන කොමියුනිස්ට් පරිසර විද්‍යාත්මක වාමාංශය " සංවිධානය (AKOA) බිහි වුනේ පරණ "කොමියුනිස්ට් පක්ෂයේ (අභ්‍යන්තර කණ්ඩායම) "තුලින්.

සිරිස මුලින්ම ගොඩ නැගුනේ 2004දී. මුලදී  අපට  ලබා ගන්නට හැකි වුනේ  සුළු ප්‍රමාණයේ සාර්ථක භාවයක් පමණයි. නමුත් කෙසේ හෝ 3% සීමාව ඉක්මවමින් "සිරිසා"පවසන්නේ නම් සිරිසා යනු ග්‍රීක රැඩිකල් වමේ සාපේක්ෂව ඉතාම සංකීර්ණ සංයුතියක ප්‍රතිඵලයක්. 1968 සිට රැඩිකල් වම ධ්‍රැවයන් දෙකකට බෙදී තිබුනා. පලමුවැන්න වූ ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය (KKE) නැවතත් දෙකට බෙදුනා. පළමුවැන්න  , කර්නල් ගේ ආඥාදායකත්වය යටතේදී," යුරෝ කොමියුනිස්ට්වාදී" නැඹුරුවක් සහිත KKE (අභ්‍යන්තරය) ලෙසත්, දෙවැන්න 1991 සෝවියට් දේශය බිඳ වැටීමේදීත්. 

1972 දී යුරෝකොමියුනිස්ට් පක්ෂය බෙදී වෙන්වෙනවා නැවතත්. වඩා දක්ෂිණාංශික (වමෙන් මදක් දකුණට) "ග්‍රීක් වම" (EAR) සිනස්පිස්මොස් සමග කෙලින්ම සන්ධාන ගත වෙන අතර වඩා වාමාංශික කොටස  AKOA ලෙස ප්‍රතිසංවිධානගත වෙනවා. මෙම 1991 බෙදීමේදී ඉතිරි වුන KKE විශේෂයෙන්ම සම්ප්‍රදායික බවක් ඉසුලු දැඩි ස්ටාලින්වාදී රාමුවක සිර වුන පක්ෂයක් වුණා.  එම පක්ෂය නැවත ගොඩ නැංවුණේ සටන්කාමී මෙන්ම ඉතාම නිකායවාදී පදනමක් මතයි. එය වැඩකරන පන්තියේ සහ ජනප්‍රිය ස්ථරයන්හි මෙන්ම විශ්ව විද්‍යාල වලත් සැහෙන ක්‍රියාකාරීන් සමූහයක් දිනා ගැනීමට සමත් වුණා.

අනිත් ධ්‍රැවය වන සිනස්පිස්මොස්, මුලදී බෙදුණු KKE  කණ්ඩායම් දෙක එක්වී 2004 දී සැදුන  සිරිසා  තුලින් විවෘත භාවයට පත් වුණා.  සිනස්පිස්මොස් මේ වනවිට කාලයත් සමග සෑහෙන්න වෙනස් වෙලා තිබුනේ. ඒ කියන්නේ 1990 වගේ කාලයේදී  සිනස්පිස්මොස් මාස්ට්‍රික්ට් ගිවිසුම පවා අත්සන් කරන්න සුදානම් වෙච්චි වමේ පැහැය ඇති මධ්‍යස්ථ පක්ෂයක්. 

ඒ වගේම මෙය වෙනස් විධිහේ ප්‍රවණතා වලින් සමන්විත ඉතාමත් විෂමජාතීය පක්ෂයක්. ඉතා දැඩි ආකාරයෙන් පැවතුන අභ්‍යන්තර අරගලයේදී වාමාංශික පැත්ත දක්ෂිණාංශික පැත්තට එරෙහිව අරගල කල අතර ක්‍රම ක්‍රමයෙන් දක්ෂිණ ප්‍රවණතාවයේ  බලය ගිලිහි ගියා. සිරිසා හි බිහිවීම තහවුරු වීමත් සමගම සිනස්පිස්මොස් හි වමට හැරීම ස්ථිර වුණා. 


සිනස්පිස්මොස් ට කොමියුනිස්ට් සම්ප්‍රදායෙන් ඇති වුන බලපෑම කුමක්ද?එතකොට ඔබ සිරිසා හි මාර්ගය  විස්තර කරන්නේ කෙසේද? මෙම සන්ධානය ධනවාදී විරෝධී මාර්ගයක් ගන්නවද එහෙමත් නැත්නම් වඩා  ක්‍රමික හා ප්‍රතිසංස්කරණවාදී පිළිවෙතක් ගන්නවාද?


KKE හි පසුබෑම පටන් ගත්තේ මෙම චන්ද කොට්ටාශ වල. KKE චන්ද දායකයන් සිරිසා  පැත්තට නැඹුරු වනු අප දුටුවා. මේ චන්ද වැඩ කරන ජනතාවගේ චන්ද - එනම් රැකියාවන් කරන උගත් , ශ්‍රම  වෙළඳ පලේ ක්‍රියාකාරී සේවකයන්ගේ චන්ද. අවුරුදු 18 සිට 24 දක්වා හා අවුරුදු 24 සිට 30 දක්වා වූ චන්ද දායකයන්ගේ  චන්ද ප්‍රමාණය සමස්තයක් වශයෙන්  ජාතික මධ්‍යගත   (national average) අගයට ලං වුණා . නමුත් වැඩකරන ජනතාවගේ අවුරුදු 30ට වඩා  වයස වැඩි ප්‍රධානම කොටසගෙන් මධ්‍ය  අගයට වඩා  චන්ද ලැබුණා.

රාජ්‍ය අංශයේ සේවකයන්ගෙන් කොපමන දුරකට සිරිසා ට සහයෝගයක් ලැබුණද?


අපි චන්ද වැටීම පිළිබඳව සමාජ විද්‍යාත්මකව බැලුවොත් සිරිසා ට රාජ්‍ය අංශයේ සේවකයන්ගෙන් 33% කුත් පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් 34% කුත් ලැබුන ජුනි 2012 දී. මේ චන්දය දීමේ පරිණාමය සලකා බැලුවොත් ජුනි 2012 සිට  යුරෝපීය සංගමයේ චන්දය දක්වා රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සහයෝගයේ වැඩි වීමක් තිබෙනවා. නමුත් ඉතාමත්ම හොඳම ප්‍රතිඵලය ආවේ ප්‍රධාන කාර්මික   හා වැඩකරන පන්තියේ ජනපදයක් වන දෙවන පිරෙයස් චන්ද කොට්ඨාශයේ  මෙන්ම උතුරු ග්‍රීසියේ ඛන්දි  (Xanthi) පළාතේ, මුස්ලිම් හා තුර්කි භාෂා කතා කරන බහුතරය අතර. සිරිසා මන්ත්‍රීන් දෙදෙනෙක් මේ තුර්කි බස කතා කරන මුස්ලිම් සුළුතරයෙන් තේරී පත් වුණා.


 මේක  ක්‍රිස්තියානි සහෝදරත්වයේ සාමුහිකත්වය වමට ආදේශ කලා වගේ .........



ඔව් සහතිකෙන්ම. සිරිසා හි අභන්තර ව්‍යුහය හා සමාජීය ව්‍යාපාරයන් ගැන එහි භාවිතය ගත්තම සිරිස කියන්නේ මෙවැනි යෝජනාවක් කරන්න සුදුසුම මුලාශ්‍රයක්. ඒ කියන්නේ, එක දේශපාලන පෙරමුණක් වගේම ඒක  ඇතුලෙම ප්‍රයෝගික  ප්‍රවේශයක් තිබෙනවා විවිධාකාර දේශපාලන කණ්ඩායම් වල සහජීවනයට. මම කියනවා  සිරසා කියන්නේ දෙමුහුන් පක්ෂයක්, සංකලනය වුනු පක්ෂයක්, එක කකුලක් සම්ප්‍රදායික ග්‍රීක කොමියුනිස්ට් ව්‍යාපාරයේත් අනික් කකුල මේ අවධිය තුල බිහි වුන නව රාමුවක රැඩිකල් වාදයේත්  තබාගෙන සිටින්නක්. 


අපි දුටුව නගර චතුරශ්‍ර අයිති කර ගැනීමේ සමාජ ව්‍යාපාර සහ සිරිසා චන්ද ජයග්‍රහණ අතර සම්බන්ධයක් තිබෙනවද? 2012 ප්‍රාදේශීය හා පළාත්බද ආණ්ඩු සඳහාවූ චන්දයේ සිරිසා ප්‍රත්‍යක්ෂ වුනු අත්දැකීම් මොනවාද? ග්‍රීසියට ඇලෙක්සිස් සිප්‍රස් පෙනෙන්නේ කොහොමද?



මේ තිබුන පාරම්පරික අසාධ්‍ය  සැකිල්ලෙන් මිදිලා සිනස්පිස්මොස් එකේ හිටපු සභාපති අලෙකොස් අලවානොස් සිප්‍රස්  ට බලය දෙන්න කටයුතු කළා. සිප්‍රස් ජනප්‍රිය වෙලා හිටිය සිනස්පිස්මොස් නායකත්වයට එන්න කලිනුත්, ඒය ඇතැන්ස් නගර සභා ජන්දෙන් පක්ෂයේ  දිනු අයගේ ලේඛනයේ ඉදිරියෙන්ම සිටියා. සිප්‍රස් කියන්නේ ලොකු ජනකාන්ත ජනනායකයෙක් වත්, ප්‍රකට කථිකයෙක් වත් ජෝර්ජ් ගැලවේ හරි  ජොන්-ලූක් මිලන්ශොන්  වගේ කතාවේ ලොකු ව්‍යක්ත බවක් තිබුන අයෙකුත් නොවේ. ඔහුත් වැරදි කලා, උදාහරණයකට ගත්තොත් ග්‍රීක රැඩිකල් වමේ  බොහෝ අය කළ පරිද්දෙන්, මේ ජනතා ණය අර්බුදය කොපමණ දුරට සුභසාධන විරෝධී ක්‍රියාපිළිවෙත දියත් කරන්න හේතු වුනාද යන්න ගැන ඔහුත් ඉතා  අඩු ලන්සුවකයි හිටියේ. 

2010 සහ 2011 මුල හරියේ ඔහු සිද්ධීන් හි  පිටුපසින් සිටි බවකුයි පෙනුනේ.  ඉන් පස්සේ පාසොක් ආණ්ඩුවට හා විශේෂයෙන් අගමැති ජෝර්ජ් පපන්ඩ්‍රෝව් එරෙහිව ඔහු ඉතා රණකාමී ස්වරුපයෙන් පාර්ලිමේන්තුවෙදී මැදිහත් වුණා. ඉන් පස්සේ "සුභසාධන කපා හැරීමට විරෝධී" බලවේග හා රැඩිකල් වම එකතු කිරීමට ගෙන ආ ඔහුගේ යෝජනාව තුලින් 2012 මැයි  මැතිවරණයට ඔහු  ප්‍රථමවරට ජයග්‍රාහීව  කඩා වැදුනා.
2012 චන්දය අවසන් වූ සැනෙන්ම සන්ධාන පක්ෂයන් ටික එක්සත් කිරීම ඇරඹුනා. පළමුවෙන්ම ජාතික සම්මන්ත්‍රණයේදී නායකත්ව මණ්ඩලයක් පත් කර ගෙන ආරම්භක සම්මේලනය (කොන්ග්‍රසය) හැදුව ජුලි 2013 වෙත්දී. පක්ෂයේ ව්‍යුහය පිළිබඳව සහ ආකාරය පිළිබඳව ඉතාමත් වැදගත් තීරණ ගත්තේ මේ අවධියේදී, නමුත් ප්‍රමුඛත්වය දුන්නේ වේගවත් ක්‍රියාවලියකට මිසක් ගැඹුරු දේශපාලන සංවාදයකට නොවේ. මේ ක්‍රියාවලිය යොමු වුනේ සාමාජිකයන්ගේ පක්ෂයක් සැදීමට මිස පක්ෂ ක්‍රියාකාරීන්ගේ පක්ෂයක් හෝ ක්‍රියාකාරී සාමාජිකයන් සැදීමට නොවෙයි. "a parti d’adhérents rather than a parti de militants".  තව විධිහකට තේරුම් කළහොත් සංවිධානයක් වශයෙන්  ක්‍රියාකාරීත්වය හෝ අනුග්‍රාහක තත්වයෙන්   ග්‍රීක සමාජයේ තවමත් ශක්තිමත්,  ප්‍රාදේශීය වශයෙන් හා එමෙන්ම සම්ප්‍රදායික ද වන ශක්තිමත් දේශපාලන  බල ජාලයන්  යම්තාක් දුරට අවශෝෂණය  කර ගත්  පක්ෂයක් තමා සිරිසා.

ගුණාත්මකව මේ දේවල් ටිකක් වෙනස්, එයට  හේතුව තමයි - මේක ටිකක් සිත් ගන්නා කාරණයක් -  කොමියුනිස්ට් පක්ෂය දැන් වුනත් වඩාත් සංවිධිත ඒකීය පක්ෂයක්, එහි  බලකොටු තිබෙන්නේ  වඩා ක්‍රියාකාරී නැති වෘත්තීය සමිති ව්‍යාපාරවල,  එහෙමත් නැත්නම් පෞද්ගලික අංශය පැත්ත වඩාත් නිහඬ නිසා ආණ්ඩු විරෝධී ව්‍යාපාරවලට ගොනු නොවුණු පැතිවල.  


ඔබට කියන්න පුලුවන්ද 2012 සිට "වාමාංශික වේදිකාවේ" (Left Platform)විකාශනය  ගැන පොඩ්ඩක්: එහි කොටස්, එහි වර්ධනය, එහි ගැලපීමේ මට්ටම ආදී වශයෙන්?

කොමියුනිස්ට් සම්බන්ධතා ජාලය පක්ෂයේ බහුතරයකගේ සමාජීය සම්බන්ධතා තුල පැහැදිලිව ග්‍රහණය වෙන දෙයක්.  යුරෝකොමියුනිස්ට් බලපෑම මත ඉදිරියට පැමිණි එක කොටසක් නව සමාජ ව්‍යාපාරයන් සඳහා 1970 සිට විවෘත වුණා.   මේ අනුව නව ආකාරයේ විප්ලවීය තත්වය මුලින් පැවතුන කොමියුනිස්ට් සැකිල්ල සමග බද්ධ කරමින් තමන්ට සංවිධානයට ආශ්‍රිත හා න්‍යායවාදයට ආශ්‍රිත ලකුණු නව්‍ය භාවයකින් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව ඔප්පු කළා. මේ පක්ෂය කාන්තාවාදී සංවිධාන, තරුණ සංගම්, ගෝලීයකරණය වෙනස් කිරීමට පෙනී සිටින්නන්, වර්ගවාදී විරෝධී සංවිධාන  LGBT (පිරිමි සහ ගැහැණු සමරිසි, ද්විලිංගික, විෂම ලිංගික චර්යාවාදීන්) ධාරාවන් සමග පහසුවෙන් ගනදෙනු කරන අතරම කම්කරු සමිති ව්‍යාපාරයටද ප්‍රබල ලෙස මැදිහත් වුනා. 1981 දී KKE යෙන් ඉවත්වී පැමිණි කේඩර සහ සාමාජික ස්ථරයන් වාමාංශික ධාරාවේ සිටින අතර නායකත්වයේ බහුතර කණ්ඩායම හා කේඩරයන්  බොහොමයක් සමන්විත වන්නේත් මොවුන් ගෙන්.අපි සිහියට ගත යුතු කරුණක් වන්නේ පක්ෂයේ කේඩර්වරු සහ ක්‍රියාකාරී පදනම ප්‍රධාන වශයෙන් උගත් පඩි ලබන්නන් (රැකියා කරන) - උපාධිදාරින් බව.   මෙය ඉතාමත් නාගරික ඡන්ද කොට්ඨාසයක් වගේම බුද්ධිමතුන් අතරේ මුල් බැස ගත්  පක්ෂයක්.KKE මෙන් නොව මෑතක්  වෙන තුරුම සිනස්පිස්මොස්ට  උසස්  අධ්‍යාපනිකයන්ගේ සංගමයේ බහුතර බලයක් තිබුනා. 1989-1991 බෙදීමේ සිට බුද්ධිමත් කණ්ඩායම් අතර KKE ට තිබුණු විශේෂ සම්බන්ධය නැති වුණා.පක්ෂයේ නායකත්වය කොමියුනිස්ට්වාදී ලකුණ  දරාගෙන සිටිනවා කියා කිව හැකියි. සිප්‍රස් ගේ වයස ගැන කලබල වෙන්න එපා, 1990 මුල හරියේ  KKE තරුණ සංවිධානයේ ක්‍රියාධරයෙක් හැටියට ඔහු පටන් ගත්තේ. හුඟක් වැඩිහිටි කේඩර්වරු හා නායකයන් රහසිගත අවධියේදී උරෙන් උර ගැටී සටන් කලා  වගේම සිර ගෙවල් වල හා පිටුවහල් කඳවුරු වල පළපුරුදු කාරයන්.
මේ නිසාම තමා  සහෝදර ඝාතක වාතාවරණයක්  ග්‍රීක විප්ලවීය (radical) වමේ තිබෙන්නේ. දැනට මෙය පවත්වාගෙන යන්නේ KKE විසින් පමණයි. ඔවුන් සිනස්පිස්මොස් හා සිරිසා ද්‍රෝහීන් ලෙස නම් කර ඔවුන්ගේ ප්‍රධාන සතුරා වශයෙන් පෙනී සිටිනවා. මේ නිසා තමා 2012 චන්දයෙන් පසු පාර්ලිමේන්තුවේ සියලුම පස්ක්ෂ සමග සිරිස ද්විපාර්ශ්වික සම්බන්ධතා ඇති කරද්දී KKE ඔවුන් මුණ ගැසීම පවා ප්‍රතික්ෂේප කලේ. 

එහි ප්‍රතිපත්තීන් හා මතවාදීමය ස්වරූපයෙන් ගත හොත් සිරිස ප්‍රබල ලෙසම ධනවාදී විරෝධී පිළිවෙතක් අනුගමනය කරන අතර ඉතා තියුණු ලෙස සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තමන්ව ඉවත් කර ගන්නවා.

එම තත්වය ඉතාමත් වැදගත් වන්නේ  සිනස්පිස්මොස් හි ඉතිහාසය තුල සමාජ ප්‍රජාතන්ත්‍ර වාදීන් සමග සන්ධානගත  වීමට  තිබුණු ප්‍රවණතාවයන්   සමග එවන් සන්ධාන ගතවීම්  වලට සම්පුර්ණයෙන් එදිරි වුනු ප්‍රවණතාවයන් විසින් එකෙනෙකාට එරෙහිව  ප්‍රාදේශීය මට්ටමින් හා වෘත්තීය සමිති මට්ටමින් කල අරගල පිරි තිබීමයි.  සිනස්පිස්මොස් හි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමට  2006 අලෙකොස් ඇලවානොස් සභාපති ලෙස පත් කර ගත් පසු  පක්ෂයේ බලය අහිමිවුණා.  ෆොටිස් කුවාලිස් විසින් මෙහෙයවූ මෙම දක්ෂිණාංශික (සිරිසා වමට සාපේක්ෂව) කණ්ඩායම  EAR  එකෙන් පැමිණි දක්ෂිණාංශික යුරෝකොමියුනිස්ට් කණ්ඩායමෙන් පැවත එන්නක් වූ අතර අවසානයේදී සිනස්පිස්මොස් පක්ෂයෙන් ඉවත් වී "ප්‍රජාතන්ත්‍රවාදී වම "(Dimar) පිහිටුවා ගත්තා. මෙම කණ්ඩායම පාසොක් හා විප්ලවවාදී කණ්ඩායම අතරමැද සිටින පක්ෂයක් වශයෙන් හඳුන්වා ගන්නවා.

ඒ නිසා සිරිසා යනු  බලය පිලිබඳ ප්‍රශ්නය ඇමතීමේදී  චන්ද සඳහා  වූ සන්ධානයන්ගේ  දයලෙක්තිකය  චන්ද පෙට්ටියේ ජයග්‍රහණය හා  බිම් මට්ටමේ සහභාගිත්වය සමග සම්බන්ධ කර අවධාරණය කරන ධනවාදී විරෝධී සන්ධානයකි.
මේ නිසා සිරිසා  සහ සිනස්පිස්මොස් තමන් පන්ති අරගලයේ පක්ෂ ලෙස මෙන්ම විශේෂ පන්ති අවශ්‍යතා නියෝජනය කරන පක්ෂ ලෙස හඳුන්වා ගන්නවා. 
 ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ වර්තමාන ක්‍රමයට එරෙහිව මුලික ප්‍රතිවිරෝධතාවයක් වැඩි දියුණු කිරිමටයි. මෙවැනි විප්ලවාදිත්වයක් ප්‍රකාශනය කිරීම පක්ෂයේ අනන්‍යතාවයට අතිශයින් වැදගත්. 

-(මතු සම්බන්ධයි. )

පරිවර්තනය - අජිත් ධර්මකීර්ති 

12 comments:

  1. වටිනා ලිපියක් ...... ඉතුරු ටිකත් ලගදීම කියවිය හැකියි නේද?????

    ReplyDelete
    Replies
    1. ඔව් මේ උළෙලේ වැඩ නිසා පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ. ටික ටික තමා කරන්නේ.

      Delete
  2. තව පාරක් කියවන්න ඕනි.. (පැය තුනක් ගියා ඔෆිස් එකේදි වැඩ අස්සේ කියවන්න.. හහ් හහ්..) අජිත් අයියා මේක මෙච්චර මහන්සිවෙලා පරිවර්ථනය කරන්නේ යම් කිසි විශාල වැදගත්කමක් නිසාය යන පූර්ව නිගමනේ ඉඳන් මේ වම අපේ වම(නේ) සමග සසඳවන්න උත්සාහයක් ගත්තත් එය සාර්ථක උනේ නෑ.. සමහරවිට ග්‍රීසියේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැද්ද දන්නේ නෑ.. :-)

    ReplyDelete
    Replies
    1. අපේ වම(නේ) ගැන අර චෙෆා කටහ්වක් ලියල අන්තිමට එක වාක්‍යකින් සංයුක්ත කරල් කියලා තියෙන්නේ. ග්‍රීසියේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙනෙන් නෑ. ලංකාවේ අපේ ලංකාවේ ...........................නැහැ උතසහ කරන්න තමා තියෙන්නේ. මෙය මට (ඉංග්‍රීසි පිටපත ) පරිවර්තනය සඳහා එව්වේ මම ගරු කරන නායකයෙක්. වැදගත්කම දැකපු ගමන් මම වැඩේ පටන් ගත්ත.

      Delete
    2. කවුද අප්පේ එහෙම හැඟීමක් තියෙන වමේ නායකයා? දන්නවනම් දුක නැතුව එක පාරක් හරි මනාපයක් දෙන්න තිබ්බා.. නම කියන්න එපා කිව්වද? (ගොඩක් වමේ නායකයින්ගේ හිත නම් ඇති බව දන්නවා.. ඒත් උන්ගේ පත කුඩා වීම තමයි ගැටළුව..)

      Delete
    3. පත කුඩා වුනාට හරි දේ කරනවනම් මගේ ගරුත්වයක් තිබෙනවා.

      Delete
  3. නිවීහැනහිල්ලෙ තවපාරක් කියවන්නෝනි. එකපාරින්ම ගොඩ යන්න බෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ . අර ලින්ක් වලටත් යන්න.

      Delete
  4. හොද informative පරිවර්තනයක්. well done
    ඔයාගේ ඔපිනියන් දෙන්නේ නැතිව information දෙන ලිපි සාර්ථකයි කියල මට හිතෙනව.

    මේකට අදාළ නැති තව එකක්.......
    අර felicitation ප්‍රෝග්‍රෑම් එකේ ජයග්‍රහණය කියන්නේ මොකක්ද?
    කවුද දින්නේ?
    මොනාද දින්නේ?
    කවදද දින්නේ?

    ReplyDelete
    Replies
    1. මාර කැපිල්ලක් නේද දැම්මේ. මගේ ඔපිනියන් වලට විවේචනය කරන්න.ලිපිවල සාර්ථක අසාර්ථක බව කියවන අය තීරණය කරාවි. ඔයත් පොඩ්ඩක් කොමෙන්ට් වලට් බහින්නකෝ ඔයාගේ ලිපි වලට් . සඳලුතලේ ඉන්නේ නැතිව. :) එතකොට දැනගත්ත හැකි සාර්ථක අසාර්ථක බවත්.
      ජයග්‍රහණය ගැන හමුවුන වෙලාවක කියන්නම්.

      Delete
  5. යකෝ මට ආයෙත් ඉස්කෝලේ යන්න වෙනවා මේකනම් තේරුම්ගන්න...මම හිතාගෙන ඉන්න විදියට වමෙන් මොනා කරන්නද කියාගෙන ඉන්න එක හොඳයි වගේ...අපේ කෙල්ලගේ තීසිස් එකත් මීට වඩා ටිකක් ලේසියෙන් තේරුම්ගත්තෑකි...
    ඇත්තමයි මේ කිව්වේ අජිත්....

    ReplyDelete
    Replies
    1. මචන් සෑහෙන්න ට්‍රයි කලා සරලව ලියන්න. මම වැඩිය තද සිංහල වචන දන්නා කෙනෙකුත් නෙමෙයි. ආයි සැරයක් කියවල බලන්නම්. දැනට වෙලාවක් නැහැ. මේ සතියේ දන්නවනේ හිර වෙලා.

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.