මම ලුණුගල සුන්දර පරිසරයක තුබුණු මාධ්‍ය මහා විද්‍යාලයක ඉගෙන ගත් අවධියේ ගුරුවරයෙක් විසින් අහිංසක ළමයෙකුට දැඩි ලෙස වේවැල් පහර දුන් ආකාරය පැවසුවේ මේ බ්ලොග් ලිපියෙනි. (ලිපිය) අපේ පන්ති භාර ගුරුතුමියයි තුනේ පන්තියේදී අනුරාධපුරය ගැන මා ලියූ රචනාවක් ඉතාමත් අගය කර පන්තියටම ඇසෙන්නට කියවන ලෙස කීවාය. මා පටන් ගත්තේ "අපේ පෞරාණික ශ්‍රී විභූතිය විදහා පෙන්වන " වැනි වචන පෙළකිනි. ගුරුතුමිය "ඔය වචන ටික හොයා ගත්තේ කොහෙන්ද?" යයි පසුව විමසුවාය. අප නිතර ගිය එක්තරා නිවසක නවයුගය, ශ්‍රී සඟරාව වැනි පත්තර සඟරා බොහොමයක් තිබුණි.මට මතක විධිහට අති විශාල වත්තක් මැද ගොඩ නැගු සුවිසල් සුන්දර එම නිවාසය වටේ පැෂන් වගාවක් සහිත වතු යායක්ද තිබුණි. මෙම වත්තේ ම එක කෙළවරක නෑමට හැකි ශීතල ජලයෙන් පිරි දිය පිහිල්ලකි. ඒ නිවසේ තිබු පත්තර සඟරා හැකි විට කියවූ මා වචන සොරා ගත්තේ ඒවායිනි. ඒ මම ඩීමන් ආනන්දගේ පොත් වගයක් ලැබී කියවූ කාලයද විය.
ඉතින් නවයුගය මිහිර වැනි පත්තර වලට අමතරව ලන්දේසි කතාව, සඳ කුමරිය, විදියේ බණ්ඩාර ආදී චිත්‍ර කතා මෙන්ම "නොගැලපෙන රෝදේ" වැනි සෝවියට් ළමා කතාද බහුලව කියවූ කාලයකි මෙය. පාසැල අවසන් වූ පසු මගේ හිත මිතුරු මිතුරු සෝමේ සමග පරණ ටයර් සුදු වැලි පාරේ කන්ද උඩ සිට පහල දොළට යවන, පොඩි කැලෑවල් තුලට වැදී හිඹුටු, මාදන්, ජම්බු ආදිය රස විඳින, පහළ කුඹුක්කන් ඔයේ පැන නාන සුන්දර අතීතයක් විය එය. (මේ කියන සෝමේ හෙවත් සෝමතිලක සිටියේ කුඹුරු යායට දකුණු පැත්තට වෙන්නට තිබූ නිවසකය. ඔහුත් ඉහත ගුරුවරයා බැට දුන් ජනතාපුර විසූ දරුවාත් එක අයෙකු නොව දෙදෙනෙකි.)
මේ සියල්ල අවසන් වුයේ සොයුරිය ශිෂ්‍යත්වයෙන් කොළඹ විශාඛා විද්‍යාලයට තේරුණු පසුවය. අපි සියල්ල පදිංචියට කොළඹ පැමිණියෙමු.කොළඹ පැමිණි අලුතම එක දිනෙක නිල් සහ කහ පැහැති ටී ෂර්ට් දෙකක් ඇඳගත් මමත් මල්ලීත් පිටියේ සෙල්ලම් කළෙමු. එතැනට පැමිණි සම වයසේ පිරිමි ළමුන් කීප දෙනෙකු අපෙන් ඇසුවේ "ඕගොල්ලෝ රෝයල් ද" කියාය. මට එය තේරුනේ නැත. අපට උපහාසයට මෙන් සිනාසුනු ඔවුන් වෙනත් ළමුන් දෙදෙනෙකු පෙන්වා "මේ ගොල්ලෝ රෝයල් ඒ ගොල්ලන්ට තමා නිල් කහ අඳින්න පුළුවන්" යයි පැවසීය. එසේ කියූ එකා යන්නේ මහානාමෙ ට බවද උජාරුවෙන් පැවසීය. වහා නිවසට පැමිණි අපි මේ ටී ෂර්ට් මෙහෙ අඳින්න තහනම් කියා මව පුදුමයෙන් බලා සිටිද්දීම ගලවා වීසි කෙරුවෙමු.
කොළඹ දී ළමයෙකුට විදුහලක් සෙවීම ඉතා අමාරුයි දෙයකි. බැරිම තැන පියා විසින් මාත් මල්ලීත් දැමුවේ කොල්ලුපිටියේ විදුහලකටය. එය පහේ පන්තිය දක්වා පමණක් වූ ප්‍රාථමිකයක් විය.මේ විදුහල අතීතයේදී පාලනය වූයේ ඒ ළඟම තිබු පල්ලියෙනි. එයට යාබදව එහිම කාන්තා විදුහලත් තිබුණි. මේ පල්ලිය 1887 පිහිටවූ ඇන්ග්ලිකන් දේවස්ථානයකි. පෞරාණික වූ එය ගලින් නෙලා බදාම කළ අගනා නිර්මාණයක් බව පෙනුනි. මේ දේවස්ථානය එහි දේවගැති තැන මිනීමැරුමකට අසුවූ නිසා පසු කලෙක කුප්‍රසිද්ධ වුවකි.
රසික, ඉකොනයා සහ රවී පෙන්වා දුන් පරිදි 1961 සි සිරිමා ආණ්ඩුව විසින් කන්‍යාරාම හා පල්ලි වලින් මෙහෙයවුණු විදුහල් සියල්ල "නිදහස්" අධ්‍යාපනයේ නාමයෙන් රජයට පවරා ලදී. ඇය උගත් සෙන්ට් බ්‍රිජට් හා සමහර පල්ලි වලින් පාලනය වුන කොළඹ උසස් යයි සැලකෙන විදුහල් කීපයක් හැරෙන්නට රජයට පවරා ගත් අනිකුත් විදුහල් වල පරිපාලනය හා අධ්‍යාපනය මූල්‍ය ප්‍රතිපාදන නොමැති කමින් ඉතා පහලට වැටුණි. මේ විදුහල් දෙකටද සිදු වුනේ එයමය.මේ විදුහල් වලට ආවේ ඒ ළඟ බේරේ වැව අසල පැල්පත් වල ජිවත් වූ ළමයි සහ කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරත් පොලිසියත් අතර වැඩි වත්කම් නැති නිවෙස් වල ළමයින්ය. මේ කාලයේ බේරේ වැවේ පැල්පත් පිහිටි ප්‍රදේශය කොරියාව ලෙස හැඳින්විණි.
මේ විදුහලට ගිය අළුත "ඇයි අනේ ඔය කොරියාවේ ඉස්කෝලේ නැතුව වෙන ඒවා තිබුනේ නැත්ද" යයි කඳුළු පිරි නෙතින් මව පියා ගෙන් විමසුවා මට මතකය. පියා පැවසුවේ "ඕක තමා ලැබෙන්න පුළුවන් හොඳම එක කාගෙවත් පස්සේ යන්නේ නැතුව. (අධ්‍යපන කාර්යාලයේ දන්නා අයෙකු සිටියත්). ඉගෙන ගත්තොත් හොඳ ඉස්කෝලයක් ලැබෙයි." යන්න පමණි.
පහේ පන්තියට ගිය අළුත මා සමග කතාවට වැටී මුලින්ම යහළු වුයේ උදය නමැති සිසුවෙකි. පන්ති භාර ගුරුතුමිය ගුරුතුමිය පමණක් මුළු දවසටම සිංහල හා තවත් කුමක් දෝ ඉගැන්වූ පසු ඔහේ කතා කර කර ඉඳීම හෝ දැඟලීම මිස වෙන කල යුතු යමක් නැත. මෙහෙම වෙලාවක උදය හා මා අතරවූ කතාබසක් මෙසේය.
"ඔයා දන්නවද මම ඉන්නේ මේ ළඟ"
"හා"
"ඔයාට කෙල්ලෙක් ඉන්නවද"
"නැහැ"
"අයියෝ මට නම් ඉන්නවා. රෝසි. ජම්බේ වගේ. මම ඊයෙත් අහවල් දේ කළා"
යයි පැවසීය. ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණි මට මේ කිසිවක් නොතේරේ.
"උඹට තේරෙන්නේ නෑ නේද මැට්ට" ඔයා යනුවෙන් ඇමතීම ඉවරය. ඌ අනිත් එවුන්ටත් කියා මට හිනාවෙයි. ගුණසේන කියා එකෙක් මා ළඟ පැමිණ ඉඳ ගනී.
"ඔයා ගණන් එන්න එපා. ඔය උදය මහා එපා කරපු එකෙක්. ඌ හොරෙන් ගන්ජත් බොනවලු රෝසි එක්ක. රෝසි ට අවුරුදු දාසයයි. ඒකි මහා අම්මන්ඩියක්."
මේ දරුවන් අකාලයේ වැඩි විය පැමිණියවුන් බව මට තේරුනේ පසු කාලයකය. ඔවුන්ට පහේ පන්තියෙන් එහාට යාමට පාසලක් සෙවීම අමාරුය. බොහෝ අය අවුරුදු දෙක තුන අසමත් වෙමින් පහේ පන්තියේම ලැග සිටිති. උදය මේ අනුව අවුරුදු 13 පමණද ගුණසේන අවුරුදු දාහතරක පමණද වූ මට වඩා වැඩිවියේ වූ ළමයින් විය. මගේ වයසේ ළමුන් සිටියේ තවත් කීප දෙනෙකි. නමුත් ඔවුන් ද මට වඩා ඇට්ටර වුනු අයයි.
දින දෙකකට පමණ පසු ගණිත ගුරුතුමා පන්තියට පැමිණියේය. ඔහු පළල් උරහිස් සහිත කැරලි ගැසුණු විශාල කොණ්ඩයක් ඇති උස මහත පෙනුමින් බියකරු අයෙකි. මහත වේවැලක් සමග ඔහු එන විටම දැඩි නිහඬතාවයක් පන්ති සියල්ල පුරාම පැතිර ගියේය. තට්ටු හතරක ගොඩ නැගිල්ලක් වූ මෙහි උඩම තට්ටුවේ පන්ති දෙක තුනක් තිබුණි. අපේ පන්තිය කවදත් හසුරුවා ගැනීමට නොහැකි පන්ති භාර ගුරුතුමිය ගේ මුහුණේ අපුරු උපහාසාත්මක සිනාවක් රැඳෙනු මම යන්තම් දුටුවෙමි. සිනාවට හේතුව සැනෙකින්ම පසක් වූයේ පිට රත් කරමින් වැදුන පහරකිනි. ගණිත ගුරුතුමා මුළු පන්තියටම පිට හරහා ගහගෙන ගහගෙන ගියේය. පහරට අත ඉස්සු අයට දෙකක් වැදුනි. ගුණසේන, උදය වැන්නවුන්ට තුන හතර වැදුනි. මුළු පන්තියම අල්පෙනෙත්තක් වැටුනත් ඇසෙන තරමට නිහඬය. ඔහු ඉන්පසු ඉතිරි ගුරුවරුන් හා කතාවට නික්ම ගියේය. ඔහු විදුහලේ සිටින බව මුළු විදුහලම දන්නා සෙයකි. මුළු විදුහලම නිහඬය. ගුරුතුමියන් ඔහුගේ පැමිණීම ප්‍රිය කරන සෙයක් දැනුනි. ඔහුගේ පහර දීම් වලින් තමන්ගේ කීම් අසන්නේ නැති සිසුන් පීඬා විදින බව දැනීමෙන් ඇතිවූ සතුටකි එය. ජර්මන් බසින් මෙයට ශඩෙන්ෆ්රෞද (schadenfreude) කියා හඳුන්වනු ලැබේ.
උදය නැවත මගේ උදව්වට පැමිණියේය.
"ඕක තමයි ගණන්, ඉතිහාසේ හෙම උගන්වන්නේ. ආපු ගමන් ගහනවා. යනකොට හිතුනොත් ආයි ගහනවා.
" "පොඩි පන්ති වලටත් ගහනවද? "
"හතරේ එවුන්ටත් ගහනවා.මූ මහෙස්ත්‍රාත් කෙනෙක්. අපේ ඉස්කෝලෙට එන්නේ සමහර දවස් වලට විතරයි. මහේස්ත්‍රාත් වැඩේ බාගෙට. මේක භාගෙට. ටීචර් ලා නැති නිසා එන්නේ."
සෑහෙන වෙලාවක් කඩේ දමාගෙන සිටි ගණිත ගුරුවරයා නැවත පැමිණියේය. මම පිට හරි බරි ගසා ගෙන සුදානම් වුනෙමි. මට දැන් මොහු එපාවී හමාරය. අර ලුණුගල විදුහලේ සිදුවීමෙන් පසු මට ගහන ගුරුවරුන් එපාවී තිබුණි. ඒ වෙලේ ඔහු ගණන් කීපයක් බෝඩ් ලෑල්ලේ ලියා ඒවා හදන්නට නියම කර නැවතත් කොහේදෝ ගියේය. ඒ ඔහුගේ ගජ මිතුරකු වන විදුහල්පති සමග කතා කරන්නට බවත් ඔහු පැය භාගෙකින් නැවත එන බවත් උදය ගාම්භීර පුර්වකව දැනුම් දුන්නේය. මේවා හැමදාම වෙන දේවල් විය යුතුය. කජු කනවාක් මෙන් ඉතා පහසුවෙන් ගණන් ටික සාදා නිම කර මම බලා සිටියෙමි. මා ගණන් සෑදූ බව දැනගත් උදය මගෙන් ඒවා කොපි කර ගත්තේය. සැනෙකින් මුළු පන්තිය වටාම මගේ රූල් පොතත් මගෙන් කොපි කර ගත් අනිත් ගණන් පොතුත් ගියේය. මා දැන් සිටියේ හොඳටම භය වෙලාය. අම්බානක ගුටි කන්නට නියමිතය. ගුරුවරයා පන්තියට පැමිණියේය. කළු ලෑල්ලේ ගණන් ටික සාදා පෙන්වන්නට සැරසුණු ඔහු මගේ පොත දිග හැර තිබෙනු දුටුවේය. බියෙන් සලිත වී සිටි මා අසලට පැමිණි ඔහු ගණන් ටික බලා ලොකු හරියක් දැම්මේය. ඉන්පසු ඊළඟ පොත් ටික බලාගෙන ගිය ඔහු පළමුවන පේළියේ "සියල්ලෝම" ගණන් ටික සාදා තිබෙනු පසක් කර ගත්තේය. ඉන්පසු මට ගණන් ටික හදන හැටි පන්තියට පෙන්වන ලෙස නියම කල ඔහු ඊළඟ පන්තියේ සිටි පන්ති භාර ගුරුතුමිය අසලට ගියේය. මා පෙන්වමින් ඔවුන් මොනවාදෝ කතා කරනු දුටිමි.
දෙවන දිනයේද පැමිණි ඔහු ගණන් ටිකක් දී මට ඒවා පන්තියට හදන හැටි කියා දෙන ලෙස නියම කර සුපුරුදු සතුටු සාමීචියට ගියේය. සුපුරුදු ලෙස ගුටි කන්නට බලා සිටි ළමුන් විමතියෙන් මා දෙස බැලුවා මිස කිසිවෙක් කිසිවක් කිවේ නැත. ගුණසේන පමණක් පැමිණ මගේ පිටට තට්ටුවක් දැම්මේය. ටික දිනකට පසු ගණිත ගුරුවරයා නැවත පාසලට පැමිණියේය. මෙදින ඔහු අත ප්‍රශ්න පත්තර බණ්ඩලයක් තිබිණි. ඔහු ඒවා මට දී වෙනත් හිස් පන්තියක මා වාඩි කරවා ඒවා කරන්නට මට අණ කළේය.
"ඕවා කරලා ශිෂ්‍යත්වෙන් පාස්වෙන්න බලන්න. ඔයා ට මෙතන අනාගතයක් නැහැ." ඔහු කීවේය. එයින් පසු නිතර මට කරන්නට ප්‍රශ්න පත්‍ර ගෙනවිත් දුන් ඔහු නැවත ළමයින්ට ගැසුවේ නැත. ගැසුවා නම් එසේ කළේ අපට නොපෙනෙන්නට විදුහල්පති තුමා ගේ කාමරයේදී ඉතා අකීකරු ශිෂ්‍යයෙකුට හෝ අනිත් ගුරුවරුන් ගේ කීමට පමණි. විදුහල්පතිවරයා ළමුන්ට වැඩිය පහර නොදෙන ළමුන්ට කෑ ගසන්නට ඉඩ දී සිටි නිහඬ අයෙකු වීමද මෙයට එක හේතුවක් වන්නට ඇත.
ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසින් මුළු පාසලෙන් ම සමත් වී තිබුනේ මා පමණි. මේ වන විට ගණිත ගුරුවරයා ගේ ගැහිල්ල නතර කළ ශිෂ්‍යයා ලෙස මට සෑහෙන පිළි ගැනීමක් තිබුණි. විදුහලේ ත්‍රිපෝෂ බිස්කට් හයක් දෙන අතර එය බෙදීමට භාර දී තිබුනේද මටය. මම ගුණසේන හා තව කීප දෙනෙකුත් සමග එය කලෙමි. බඩගින්නේ වැඩිපුර සිටින මේ ළමයින් බිස්කට් ටික එනතුරු බලා සිටින බව මට පසුව අවබෝධ විනි.
මේ පාසලේ අඹරල්ලා ගෙඩි එකට ගසා වඩා හොඳින් එය කුඩු කල තැනැත්තාට ගෙඩි දෙකම අයිති වන ලෙස කරන සෙල්ලමක් තිබිණි. මේ දඩබ්බර ළමයි "අඹරැල්ල සෙල්ලමේ " විනිශ්චය කරු ලෙස යොදා ගත්තේද කොට පුංචි එකෙකු වූ මාවය. ඒ වන විට ඔවුන්ගේ මතයට අනුව මම එයට සුදුස්සෙකු වී සිටියෙමි. ඒ සෙල්ලමේ නිතරම දිනුවේ ඈෂ්ලිය. ඈෂ්ලි නිතරම කිව්වේ ඔහු පියා පැමිණි පසු ඔස්ට්‍රේලියාවට යන බවය. බර්ගර් ළමයෙකු වූ ඔහුගේ සුදු පැහැපත් මව තව දරුවෙකුද සමග පැමිණ ඔහු පාසල අවසන් වූ පසු රැගෙන යනු මම කීප වරක් දුටිමි.
උදයගේ ප්‍රවෘත්තිය ඉක්මනින් ලැබුණි. ඈෂ්ලි ගේ පියා ඔස්ට්‍රේලියාවට ගියේ ඔහුගේ මව අතහැර නියම "කෑල්ලක්" සමග බවත් ඔහු නැවත කිසිදා නොඑන බවත් උදය පැවසීය. ඈෂ්ලි අඹරල්ලා සෙල්ලම නිතර දිනන්නේ ඔහුට දවල් කෑම නොලැබෙන නිසා බවද ඔහු කීය. සමහර විට ඈෂ්ලි දිනු අඹරැල්ල බිස්කට් වලට මාරු කරනු මා දැක තිබේ. ඒ මව සමග එන නංගීට දෙන්නය. බොහෝ සිසුන් බිස්කට් වලට ඔට්ටු අල්ලනු සහ බිස්කට් සීට්ටු දමනු මා දැක තිබේ. ඒ ගෙදර ගොස් පාසල් නොඑන නංගිලා මල්ලිලාට දී ඔවුන්ගේ කුස ගිනි නිවීමටය.
ශිෂ්‍යත්ව විභාගයේ දෙවන කොටසින් මා සමත් වූ බව දැන ගන්නා විට ගණිත ගුරුතුමා පාසලෙන් නික්ම ගොස් තිබුණි. ඔහු නැවත ගුරු වෘත්තියට නොපැමිණ මහේස්ත්‍රාත් වරයෙකු ලෙස කටයුතු කරන බව පමණක් පන්ති භාර ගුරුතුමිය කීවාය. මට ඔහුට ස්තුති කිරීමට පවා නොහැකි විණි. එම විදුහලේ පසුගිය අවුරුදු ගණනටම ශිෂ්‍යත්වයෙන් සමත්ව සිටියේ මා පමණක් බව විදුහල්පති මගේ පියා සමග පැවසීය.
මට ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමෙන් පසු ලැබී තිබුනේ ආනන්දයයි. ඒ වන විට ආනන්දයේ 6 වසර ඇතුලත් වීමේ විභාගයෙන් ද සමත්ව මම ආනන්දයට ඇතුලත් වී සිටියෙමි. ඒ දිනවල එහි පිහිනුම් තටාකය සාදන කාලය නිසා අලුත් සිසුන්ගෙන් ඒ සඳහාද මුදලක් අය කරන ලද බව මට මතකය. රාජකීය විද්‍යාලයේ ඇතුල් වීමේ විභාගයෙන් ද මා සමත් බවට ලිපියක් ලැබුණි. එක්තරා හිතවත් පිරිසක ගේ තදබල කීමට මගේ පියා මා ආනන්දයෙන් අස් කර රාජකීය විදුහලට ඇතුලත් කළේය. ආනන්දය මරදානේ තිබීම, බස් දෙකකින් යාමට තිබීම ආදී නොයෙක් හේතු ඔහු කි නමුදු මම ඒ ගැන දුක් වුනේ කර්නල් ඕල්කොට් මුලික වී ආරම්භ කල විදුහල් ගැන මා ඒ වන විට කියවා තිබු බැවිනි.
රාජකීය විද්‍යාලයේ මුල් දින අවුලක් නැතිව ගෙවී ගියේය. මම ක්‍රිකට් පුහුණුවට යාමට පටන් ගතිමි. පසුව ප්‍රසිද්ධ වූ ක්‍රීඩකයන් කිහිපයක් ම කනිෂ්ඨ කණඩායමේ සිටියහ. අපි බෝල අහුලන්නට පුරුදු වුන කණ්ඩායමේ සිටියෙමු. එක දිනක් කටයා නමින් හඳුන්වන නියෝජ්‍ය විදුහල්පති තුමා එතනට පැමිණියේය. ඔහු ක්‍රිකට් පුහුණු වන තැන පිටියට නිතර පැමිණෙන බව සිසුන් කීවත් ඒ මා ඔහු දුටු පළමු දිනයයි. ඔහු මාවත් තවත් සිසුන් දෙදෙනෙකුත් ලඟට කැඳවීය. කිසිවක් නොකියාම තුන් දෙනාගේම කම්මුලට තද පාරවල් තුනක් එල්ල විය. ඉන්පසු තවත් කීප දෙනෙකුට කතා කල ඔහු නික්ම ගියේය. මගේ ක්‍රිකට් පුහුණුව එතැනින්ම නිම විය. ඉන් අවුරුදු ගණනක් යන තුරු එනම් නමය පන්තිය වන තුරු මම පාසලින් පසු නතර වීමට සිදුවන කිසිම බාහිර ක්‍රියාකාර කමකට නොගියෙමි.
ගුරුවරු හෝ දෙමාපියන් ඉතාමත්ම තීරණාත්මක මොහොතක හේතුවකට මිස ළමුන්ට පහරක් නොගැසිය යුතුය යන ස්ථාවරයේ මම අදත් සිටිමි. ඔවුන් ගැසූ නිසාම තමන් හරි වැරැද්ද ඉගෙන දියුණු වුණා යයි කියන සහෝදර සිසුන් එසේ පැවසීමෙන් ම තම දෙමාපියන්ට කරන්නේ නිගරුවක් බව මගේ හැඟීමයි. නැවත සිසුන්ට පහර නොදී රැකියාවෙන් ඉවත්ව ගිය ගණිත ගුරුතුමා අදත් දැඩි ගෞරවාදරයකින් යුතුව සිහි කරමි.