ඔහුට සහෝදරියන් තිදෙනෙක් සහ සහෝදරයන් හය දෙනෙක් සිටියා. ඔහුගේ සීයා ශ්‍රීමත් (බ්‍රිතාන්‍ය නයිට් ධූරයක් ) චන්ද්‍රසේඛර රාමන්. රාමන් ඉන්දියානු භෞතික විද්‍යාඥයෙක්. ඔහුට නොබෙල් ත්‍යාගය ලැබුණා 1930 දී. ආලෝක තරංග විනිවිද පෙනෙන ද්‍රව්‍යයක් අතරින් ගමන් කරද්දී (traverse) ඉන් වෙනතට (deflect -අපගමනය වන ) විහිදී යන ආලෝක තරංග වල තරංග ආයාමය (wavelength) වෙනස් අගයක් ගන්නා බව සොයා ගත්තේ ඔහුයි. එයට කියන්නේ රාමන් ස්කැටරින් කියායි. ඔහුගේ පියා එහෙම නැත්නම් අපේ චන්ද්‍රසේඛර් ගේ මුත්තා (සීයා ගේ පියා) භෞතික විද්‍යාව හා ගණිතය ඉගැන්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්. ඉතින් අපේ චන්ද්‍රසේඛර් නුත් ඒ පැත්තටම හැරුන.
ඔවුන් ද්‍රවිඩ පවුලක්. මව ඔහුට දෙමළ භාෂාව ඉගැන්වූ අතර පියා ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූවා. ඒ කියන්නේ මුල් කාලයේ ඉගෙනුම කලේ නිවසේදී. පසුව පුද්ගලික ගුරුවරයෙකු ගෙන් ඉගෙන ගෙන 1921 දී ට්‍රිප්ලිකන් හින්දු උසස් විදුහලට ඇතුල් වුණා. එය අවසන් කල ඔහු මදුරාසි විශ්ව විද්‍යාලයේ ප්‍රසිඩන්සි කොලේජ් නමැති උසස් අධ්‍යාපන පීඨයේ උසස් අධ්‍යාපනය නිම කලා . ඔහු හැදෑරුවේ ගණිතය, භෞතික විද්‍යාව , රසායන විද්‍යාව හා සංස්කෘත භාෂාව. ඔහු එහි විවාද කණ්ඩායමේ ද සාමාජිකයෙක් වූවා. එම විද්‍යාලයේදී ඔහු "කොම්ප්ටන් ස්කැටරින් හා නව ගණිතමය දත්ත" නමින් විද්‍යාත්මක පර්යේෂණ ලිපියක් පළ කලා.
කොම්ප්ටන් ස්කැටරින් කියන්නේ ආරෝපිත අංශුවක් මගින් අනම්‍ය ෆෝටෝනයක මග වෙනස් කිරීම නැත්නම් විසිරුවා හැරීම. සොයා ගත්තේ ආතර් හොලි කොම්ප්ටන් විසින් (1927 නොබෙල් ත්‍යාගය). ඉතින් ඒ කාලයේම කල සොයා ගැනීමක් ගැන පර්යේෂණාත්මක ලිපියක් ලිවිමෙන්ම ඔහු පෙන්නුම් කලා භෞතික විද්‍යාව හා ගණිතය පිලිබඳ ඔහුගේ දැනුම.
ඔහු මැවිසුරුපති උපාධිය ගත්තේ 1930 දී. ඉන්පසු ඉන්දීය රජයේ ශිෂ්‍යත්වකින් එංගලන්තයට පැමිණි චන්ද්‍රසේඛර් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ට්‍රිනිටි කොලේජ්හි ඉගෙනුම ලැබුවා. ශිෂ්‍යත්වය සඳහා නැවේ පැමිණෙත්දී ඔහු තාරකා පරිණාමය ගැන හදාරමින් සහ ඒ පිළිබඳව සිතමින් පැමිණියා. ගැඹුරු මුහුදේ සිට තාරකා නිරීක්ෂණය කරමින් පැමිණි ඔහු, සමහර තාරකා වල ඉරණම දරුණු බවත් ඇතැම් තාරකා ගුරුත්වාකර්ෂණය බිඳවැටීම (gravitational collapse ) නිසා පිපිරී මිය යන බව හා කළු කුහර වැනි දෙය බිහි වෙන බවත් තමන් යොදාගත් ගණිතමය ක්‍රම වලින් නිගමනය කළා.
සුදු වාමන තාරකාවක (white dwarf star) උපරිම ස්කන්ධය කෙතෙක්ද යන්න මුලින්ම පර්යේෂණ පත්‍රිකාවක සඳහන් කලේ විල්හෙල්ම් ඇන්ඩර්සන් හා ඊ සී ස්ටෝනර් විසින් වුවත් එය මුලින්ම ඔවුන්ගෙන් ස්වාධීනව ගණිතමය වශයෙන් සොයා ගත්තේ සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර්. එවකට සිටි තාරක විද්‍යාඥයන් එය පිළිගත්තේ නැහැ. එයට හේතුව එවැනි උපරිමයක් තිබීමට නම් කළු කුහර (black holes ) තිබීම අනිවාර්ය හෙයින්. එවැන්නක් තිබේ යයි එදා විශ්වාස කලේත් නැහැ .
එදවස රාජකීය තාරකා විද්‍යා සංගමයේ එවකට සභාපතිව විසු සර් ආතර් එඩින්ටන් සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ව සත පහකට මායිම් නොකළා පමණක් නොව සුබ්‍රමනියම් බොරු කාරයෙකු බවටද චෝදනා කළා. සුබ්‍රමනියම් එඩින්ටන් ඔහුට විරුද්ධව ක්‍රියා කරන්නේ සුදු හමේ අහංකාරය නිසා බවට විශ්වාස කළා මෙන්ම සුබ්‍රමනියම් ඉන්දියානුවෙකු වීමද එඩින්ටන් ට ප්‍රශ්නයක් විනි යයි ඔහු විශ්වාස කළා. එඩින්ටන් 1935 දී සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ව ප්‍රසිද්ධියේ පහත් කර දරුණු විවේචනයක් කළා . ඔවුන් අතර විරසකය කෙතරම් දැඩි වීද යත් සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගියේ මේ නිසා යයි පැවසෙනවා. එඩින්ටන් කළු කුහර පිලිබඳ විශ්වාස කලේ නැති අතර භෞතික විද්‍යාවේ සොයා ගැනීමට ඇති සියල්ල සොයා ගෙන ඇති යයි ප්‍රසිද්ධියේ කියා සිටි අහංකාර පරවශ පුද්ගලයෙකු ලෙසද ඔහුගේ සමකාලීනයන් හඳුන්වාදී තිබෙනවා.
කෙසේ වුවද අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය 1919 සුර්යග්‍රහණය පැවති අවස්ථාවේදී ඔප්පු කිරීම පිලිබඳව එඩින්ටන් ඉතා ප්‍රසිද්ධ වුණා. එඩින්ටන් පසුව රාජකීය තාරකා විද්‍යාඥයා වශයෙන් ද සේවය කළා. මේ නිසා එඩින්ටන් ට විරුද්ධව සුබ්‍රමනියම් ගේ පැත්ත ගැනීමට කිසිවෙක් සිටියේ නැහැ. මේ හේතුව නිසාම සාපේක්ෂතා වාදය හා ක්වන්ටම් භෞතිකය ගැන ඉගෙනීම තව වසර දහයක් වත් පස්සට ගියා කියලත් කියන්න පුළුවන්.
ආතර් මිලර් විසින් ලියු සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ගේ චරිතාපදානයේ "Empire of the Stars: Obsession, Friendship, and Betrayal in the Quest for Black Holes" මේ පිළිබඳව ඉතාමත් සිත් ගන්නා ලෙසින් විස්තර කර තිබෙනවා. හැකිනම් කියවන්න.
අයින්ස්ටයින් ගේ සාපේක්ෂතා වාදය හා ක්වන්ටම් භෞතිකය ඇසුරෙන් සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් පෙන්නුම් කළා මෙහෙම දෙයක්. ඉලෙක්ට්‍රොන වියෝජනය (ඩිජෙනරේට්) වීමෙන් ඇතිවන වායුව නිසා නොනැසී පවතින සුදු වාමන තාරකාවක ස්කන්ධය අපගේ හිරුගේ ස්කන්ධය වගේ 1.44 ක ප්‍රමාණයට වඩා වැඩි නම් එය ස්ථායී ව තිබෙන්නේ නැති බව. හැබැයි එහි තාප-න්‍යෂ්ටික ඉන්ධන සම්පුර්ණයෙන් නිම වී නැත්නම් මේ උපරිම ස්කන්ධය මීට වඩා ටිකක් වැඩි වෙන්න පුළුවන්. සැබවින්ම පවතින සුදු වාමන තාරකා වල ස්කන්ධය ගණනය කිරීමේදී ඒවා චන්ද්‍රසේඛර් සීමාවට වඩා අඩු බව සොයා ගෙන තිබෙනවා. තමන්ගේ න්‍යෂ්ටික ඉන්ධන දැවී ගොස් ජිවිත කාලය අවසන් වීමේදී තාරකා වල ස්කන්ධය චන්ද්‍රසේඛර් සීමාවට වඩා වැඩි නම් ඒවා නියුට්‍රෝන් තාරකා හෝ කළු කුහර බවට පත් වෙන බවත් සාක්ෂි සහිතව සොයා ගෙන තිබෙනවා. අපගේ ඉර සාමාන්‍ය සුලභව පවතින තාරකාවක්. නමුත් මුළු මහත් විශ්වයේ අපේ ඉර වගේ 1.44 ක බරක් තිබ්බොත් සුදු වාමන තාරකාවක් වෙනවා යයි සොයා ගැනීමම මටනම් විශ්මය දනවන්නක්.
ජර්මනියේ ගොටින්ගන්හි න්‍යායික භෞතික විද්‍යා සරසවියේ මැක්ස් බොර්න් සමග වැඩ කල චන්ද්‍රසේඛර් සති හතරක කාලයකට 1937 දී රුසියාවට පැමිණුනා. ලෙව් දවිදවිච් ලන්දෞ නමැති ප්‍රසිද්ධ ක්වන්ටම් භෞතික විද්‍යාඥයකු සමගද වැඩ කටයුතු කල ඔහු 1937 දී ලලිතා දොරේසාමි සමග විවාහ වුනා. මෝර්ටන් ඩි හල් සම්භාවනීය අභ්‍යවකාශ හා භෞතික විද්‍යාව මහාචාර්ය වරයෙකු ලෙස චිකාගෝ සරසවියේ කටයුතු කල චන්ද්‍රසේඛර් අස්ට්‍රෝපිසිකල් ජර්නල් හි ප්‍රධාන කර්තෘ බවටද පත් වුණා .
ඔහු විශ්‍රාම ගියේ 1980 වසරේදී. දිගටම අධ්‍යනය කරමින් 1983 දී කළු කුහර පිලිබඳ ගණිතමය ප්‍රමේයයන් නමින් පර්යේෂණයක් පල කල ඔහු 1983 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා. ඔහු 1995 අගෝස්තු 21 දා මිය ගියා. එඩින්ටන් ගේ ඉරිසියාවට යට නොවුණු මේ මහා ප්‍රාඥයා ලැබුණු රිදුම් හමුවේ පරාජය භාර ගත්තේ නැහැ. අවසාන සිනහව අයත් වුයේ ඔහුටයි.
මූලාශ්‍ර :
තාරක පරිණාමය ගැන කියවන්න -මන්දකිනියෙන් ඔබ්බට බ්ලොගය : http://beyond-the-galaxy.blogspot.co.uk/2015/02/StellarEvolution.html
සමහර බ්‍රිතාන්‍යයන් ආසියාතිකයන්ට තවමත් සලකන්නේ කොලෝනියල් මානසිකත්වයෙන්. වයස්ගත පුද්ගලයන් අතර මෙය බොහෝ උග්‍රයි. වරක් මා සමග ලන්ඩනයේ දුම්රියක ගමන්ගත් ශ්‍රී ලංකික මිත්‍රයෙක් එහි නැගුනු ඉතා වයස්ගත කාන්තාවකට සිය අසුන ලබාදුන්නා.... ඔහු දෙස රවා බැලු ඇය ඔහුට බැන වැදුනේ තමන් තවමත් හිටගෙන යාමට තරම් ශක්තිමත් බව පවසමින්.
ReplyDeleteඔබ සමහර විට දන්නවත් ඇති ලන්ඩන් කොටස් වෙළඳපොලේ භාවිතා වන්නේ ශ්‍රී ලංකික මෘදුකාංගයක් බව. එම මෘදුකාංගයට මාරුවීමට පෙර ඒ සඳහා ඔවුන් සුදානම් කිරීම් සඳහා අප කණ්ඩායමක් 2010 වසරේ එහි ගියා..... එහිදී අපට එල්ල උනේ දැඩි විරෝධයක්. වැඩිපුරම වයස්ගත පුද්ගයින්ගෙන්. ඔවුන් සිතුවේ අප ඔවුන්ගේ අභිමානයට පහර ගැසීමට පැමිණි පුද්ගලයන් ලෙසයි. නමුත් අලුත් පරපුර බොහෝ වෙනස්.
වයස්ගත පුද්ගලයන් අතර ටිකක් තිබෙනවා. උග්‍රයි කියා කියන්න නම් ටිකක් අමාරුයි. ඔය වයස්ගටැහැ කාන්තාව මොකක් හරි අප්සෙට් එකක් තියෙන කෙනෙක් වෙන්න ඇති. සාමාන්‍යයෙන් නම් වයසක් අය මුස්ලිම් අයට කැමති නැති ගතියක් තියනවා.
Deleteඔය කතාව ඇත්ත වෙන්න පුළුවන්. මමත් රාජකීය තාරකා සංගමයේ සාමාජිකයෙක්. එතනට එන සමහර ආසියානු විද්‍යාඥයන් ගෙන මහලු අය ටිකක පහතට දාල ප්‍රශ්න අහනවා මම දැකල තිබෙනවා. නමුත් ඔහොම හැම තහනම් නැහැ. චන්ද්‍ර සේඛර් ට දැන් තැන දෙන්නෙම ඉංග්‍රීසි කට්ටිය. ඒ වෙච්ච වැරැද්ද පිලි අරගෙන.
හදිසියෙන් ටයිප් කලේ. වයස්ගත පුද්ගලයන් අතර ටිකක් තිබෙනවා. උග්‍රයි කියා කියන්න නම් ටිකක් අමාරුයි. ඔය වයස්ගත කාන්තාව මොකක් හරි අප්සෙට් එකක් තියෙන කෙනෙක් වෙන්න ඇති. සාමාන්‍යයෙන් නම් වයසක් අය මුස්ලිම් අයට කැමති නැති ගතියක් තියනවා.
Deleteඔය කතාව ඇත්ත වෙන්න පුළුවන්. මමත් රාජකීය තාරකා සංගමයේ සාමාජිකයෙක්. එතනට එන සමහර ආසියානු විද්‍යාඥයන් ගෙන්, මහලු අය විසින් පහතට දාල ප්‍රශ්න අහනවා මම දැකල තිබෙනවා. නමුත් ඔහොම හැම තැනම නැහැ. චන්ද්‍ර සේඛර් ට දැන් තැන දෙන්නෙම ඉංග්‍රීසි කට්ටිය. ඒ වෙච්ච වැරැද්ද පිලි අරගෙන.
ගණිතය, විද්‍යාව ගැන උනන්දුවක් නැති නිසා චන්ද්‍රසේකරන් ගැන දන්නෙ නෑ. කුහකකම් හමුවේ නොසැලෙන මිනිසෙක්.
ReplyDeleteඔව් ඒක තමා වැදගත්.
Deleteගණිතය සහ භෞතික විද්‍යාව ගැන දැනීම සීමා සහිත බැවින් සහ ඉතිරිය ඉඩා කුඩා බැවින් කමෙන්ට් කිරීමට පොඩි දෙයක් සොයා ගත්තා. මාදන්නා තරමින් නාමික ජනාධිපති තනතුර ඉන්දියාවේ ඇතිවූයේ නිදහසින් පසු නිසා එම මොහුගේ පාසැල් කාලයේ ඉන්දියාවේ ජනාධිපති විද්‍යාලයක් තිබීම ගැන කුකුසක් ඇති වුනා.
ReplyDeleteඒක මම හැදුව. ස්තුතියි. පරිවර්තනයේ වැරැද්දක්. presidency college එක.
Deleteඔය චන්ද්‍රසේකර් සීමාව ගැන ආතර් සි ක්ලාක් ගේ 2001 හෝ 2010 පොතක සඳහන් වෙනවා. මට ඒ දවස් වල ඕක ගැන දැන ගන්න ආසාවක් තිබුනත් කවදාවත් හොයල බැලුවේ නෑ... මේ විස්තරෙන් පැහැදිලි වුණා. ගණිතයෙන් එච්චර දේවල් ඔප්පු කරන්න පුළුවන් කියන එක ඇත්තටම පුදුම සහගතයි..
ReplyDeleteමම හිතන්නේ ඔව්. හරියට මතක නැහැ. ගණිතය හරිම ලස්සන දෙයක්.
Deleteඑල ද බ්‍රා
ReplyDeleteලොකු දැනුමක් ලැබුවා
ස්තුතියි බ්‍රා.
Delete1. /* ඔහු ශාස්ත්‍රපති උපාධිය ගත්තේ 1930 දී. */
ReplyDelete2. /* මැවිසුරුපති - රසික සුරියආරච්චි ගෙන් උපුටා ගත් වචනයකි */
අජිත් ඔබ මගේ නම සඳහන් කර තිබුණත් උපාධිවල සිංහල නම් පටලවා ගෙන ඇති බවයි පේන්නේ.
විකිපීඩියාවේ තියෙන්නේ මෙහෙමයි.
/* ..........obtaining his bachelor's degree, B.Sc. (Hon.), in physics in June 1930. */
එහි ඇති අනෙකුත් විස්තර අනුව සුබ්‍රමනියම් චන්ත්‍රසේඛර් කිසි දිනෙක මැවිසුරුපති (M.Eng.) හෝ ශ්‍රාස්ත්‍රපති (M.A.) උපාධි ලබා නෑ. ඔහු මැවිසුරු විද්‍යාවේදී උපාධියෙන් (1930) පසු 1933 දී ආචාර්ය උපාධිය ලබා තියෙනවා.
මෙන්න මා ලියූ වෙනත් කමෙන්ටුවක්.
http://rasikalogy.blogspot.com/2015/10/jack-of-all-trades.html?showComment=1444431189317#c5630140003652346065
මට ඇත්තටම කියන්න ඕනේ වුනේ මැවිසුරුපති කියල. විකිපීඩියා එකේ මම දන්නා විධිහට වැරදියි. ඔහු පර්යේෂණ නිබන්ධනය ලිව්වේ MSc එකට. BSc එකට නොවේ. ඔහු දක්ෂ ව්වාදී නිසා කෙලින්ම MSc එක දීලා තමා කියන්නේ.
Deleteඇත්තට සමහර දේවල් නං තේරුං ගැනීමෙන් ඔබ්බට තියෙන දේවල් ඒත් ඒව ගැන නොහිත නමුත් ඒවත් ඔළුවෙ පැත්තක තියාගෙන කියෙව්වොත් යමක් නොලැබී නොයන්න පුලුවන්..මන්දාකිියෙ අපූරු තොරතුරු තියෙයි හුගක් ඈයො කැමතිම බොලොගක් නෙව ඒකත්
ReplyDeleteයමක් නොලැබී නොයන්න- , යමක් නොලැබී නොයයි කියෙව්වොත් යමක්.
Deleteස්තූතියි මහේෂ් අයියෙ.. :D
Deleteමගෙනුත් පොඩි එකතු කිරීමක් documentary එකක් ඔහු ගැන https://www.youtube.com/watch?v=2HZ4nSfOkug
ReplyDeleteස්තුතියි.
Deleteඉලෙක්ට්‍රොන ඩිජෙනරේට් එකට සිංහල වචනය මොකක්ද? හොඳ වචනයක් තියෙනවා මේ වෙලාවේ මතකයට එන්නේ නැහැ.
Deleteවියෝජනය කිව්වොත් මොකද අජිත්? හරියටම හරි නැතුව ඇති සමහරවිට.
Deleteඅවජනනය හෝ හායනය - හරිද මන්දා
Deleteසමහරවිට . වියෝජනය කියන එක හොඳයි වගේ නේද.
Delete...//මේ නිසා එඩින්ටන් ට විරුද්ධව සුබ්‍රමනියම් ගේ පැත්තේ ගැනීමට කිසිවෙක් සිටියේ නැහැ. මේ හේතුව නිසාම සාපේක්ෂතා වාදය හා ක්වන්ටම් භෞතිකය ගැන ඉගෙනීම තව වසර දහයක් වත් පස්සට ගිය කියල කියන්න පුළුවන්.//...
ReplyDeleteසුබ්‍රමනියම් මහතා අධිෂ්ඨානය අත්නොහැර ඉදිරියටම ගිය නිසා ඔහු ජයග්‍රහණය කලා.නමුත් එවැනි ඉදිරිගමනක් යා නොහැකිවන ලෝකයට බොහෝ දේවල් සොයා දිය හැකි දක්ෂයන් කොපමන සිටින්න ඇතිද.?..ඒකෙන් මුලු ලෝකයටම මහත් පාඩුවක් සිදු වෙනවා.
ඒක ඇත්ත.
Deleteසරලව පැහැදිලි කර තිබීම වටී.
ReplyDeleteකොමෙන්ටුව ගොඩක් වටී.
Deleteසුද්දො කළු හම පහත් කරලා සලකන හැටි සර් ආතර් එඩින්ටන් වගේම සර් ආතර් කොනන් ඩොයිල් පවා ඔප්පු කරලා තියෙනවා!
ReplyDeleteචරිතාපදානය වටිනවා අජියයියා.
හැම තැනම එහෙමෙ වෙලා නැහැ මධු. නමුත් වෙලා තියෙනවා. වැඩිපුරම මම හිතන්නේ ඉරිසියාව. අනික දැන් එහෙම ඒවා සැහෙන්න අඩුයි කියලයි මම නම් හිතන්නේ. සම්පුර්ණයෙන්ම නැති කරන්න මරුයි. අපේ රටේ වුනත් ඕක තියෙනවනේ. සුද්දන්ට හෝ වෙනත් ජාතීන්ට අපෙත් සමහරු ඔහොම සලකනවා.
Deleteආතර් සී. ක්ලාක් මහතා බොහොම ලොකු ගෞරවයක් දැක්වූවා චන්ද්‍රසේකර් මහත්මයාට. 2001 A Space Odessey කතාවෙ ඩිස්කවරි අභ්‍යාවකාශ යානාව මෙහෙයවන HAL 9000 පරිගණකයෙ නිර්මාතෘ ලෙස කතාවෙ සඳහන්වන්නෙ Dr. Chandra කියලයි. ඒ ආචාර්ය චන්ද්‍රසේකර්ට උපහාරයක් ලෙස කියල මම මම කොහෙ හරි කියෙව්ව මතකයි.
ReplyDeleteඅන්න හරි ඔය ආවේ තැන එලියට. ඇමෙරිකාවේ ටෙලස්කෝප් එකකුත් චන්ද්‍රා කියල නම් කරලා තියෙනව.
Deleteඅජිත්,
DeleteChandra අමරිකාවෙ ටෙලස්කෝප් එකක් නම් තමයි, ඒත් ඒක තියෙන්නෙ අභ්‍යාවකාශයෙ පෘථිවිය වටේ කක්ෂගත වෙලා. විශ්වයේ ඉතා දුර බැහැර වස්තූන්ගෙන් නික්මෙන එක්ස්-කිරණ ආධාරයෙන් ඡායාරූප ගැනීම සහ නීරීක්ෂණය තමයි චන්ද්‍රාගෙන් කෙරෙන්නෙ. මේ චන්ද්‍රා ගැන අපූරු තොරතුරු කීපයක්....
1. චන්ද්‍රා නීරීක්ෂණය කරන සමහර ක්වේසර වලින් නිකුත්වුනු ආලෝක කිරණ වසර බිලියන දහයක් විශ්වය හරහා ගමන් කරපුවා.
2. චන්ද්‍රා ක්‍රියාත්මක වීමට අවශ්‍ය විදුලි බලය කිලෝවොට් දෙකක් පමණයි. ඒ කියන්නෙ සාමාන්‍ය කෙස් වියලනයක් පරිභෝජනය කරන විදුලිය ප්‍රමාණය.
3. චන්ද්‍රාගෙ විශාලක බලය අනුව සැතපුම් 12ක් එපිට තියෙන Stop සංඥාවක් පහසුවෙන් කියවිය හැකියි.
4. චන්ද්‍රා නීරීක්ෂණය කරන සමහර Clouds Of Gas වල ( මේවට වායු වළාකුළු කියල කියන එක එතරම් සුදුසු නෑ මට හිතෙන්නෙ. එහෙම කිව්වම අපේ හිතේ මැවෙන්නෙ සාමාන්‍ය වළාකුලක් වෙන්න පුලුවන් බොහෝවිට. වෙනම වචනයක් හදා ගන්න වෙයි. වදන් කම්මිත්තනි... Come on all you Word Smiths... මේ ඔබේ වාරයයි! ) පලල ආලෝක වර්ෂ මිලියන පහක් විතර වෙනවා.
රවී ස්තුතියි විස්තරයට. මම ඇමෙරිකාවේ තියෙන කියල කිව්වා දුරේක්ෂය ඇමෙරිකාවේ බව කියන්න. මා දන්නවා ඒක තියෙන්නේ වායු ගෝලයට උඩින් කක්ෂයක කියල. ස්මිත්සොනියන් වල තම මෙහෙයුම් මධ්‍යස්ථානය තියෙන්නේ මන් හිතන්නේ. අපට X -ray එමිෂන් ගැන කියල දෙනකොට චන්ද්‍රා ගැන කිව්වා මන් හිතන්නේ. මුලින්ම වගේ යවපු බලවත්ම X -ray දුරේක්ෂය නිසා. .
DeleteNASA's premier X-ray observatory was named the Chandra X-ray Observatory in honor of the late Indian-American Nobel laureate, Subrahmanyan Chandrasekhar (pronounced: su/bra/mon'/yon chandra/say/kar). Known to the world as Chandra (which means "moon" or "luminous" in Sanskrit), he was widely regarded as one of the foremost astrophysicists of the twentieth century.
DeleteChandra immigrated in 1937 from India to the United States, where he joined the faculty of the University of Chicago, a position he remained at until his death. He and his wife became American citizens in 1953.
http://chandra.si.edu/about/chandra.html
වරක් මහාචාර්‍ය Stephen Hawking ඔහුගේ දේශනයක Chandrasekhar limit (mass?) ගැන කථා කලා
ReplyDeleteහුඟක් දුරට වෙන් පුළුවන්. කළු කුහර (black holes ) ගැන දැනට ඉන්න විශේෂඥයා ඔහු නිසා චන්ද්‍ර ගේ ගණිතමය සොයා ගැනීම් ඔහුට ඉතා වැදගත්.
Deleteචන්ද්‍රසේකර් සීමාවගැනත් ලියන්න එක්කෙනෙක්ට හරි තේරෙයි.
ReplyDeleteමන් හිතන්නේ ඒක ලිව්වා කියල. යන්තමට තමා. ඊයේ චන්ද්‍රසේඛර් ගේ උපන් දිනේ නිසා පැය දෙකක අතුලටැහැ මේක ලිව්වේ. සරල කරලා ලියන්න ගියේ, හැබැයි ඒකෙන් කලා , කළා , කළා ..වගේ වචන හැම තැනම. සරල නොකර ලියන්න ගියොත් ඒත් ප්‍රශ්නයක් වගේ.
Deleteඅයිතිහාසික Dwarf humanoid රූපවලට "වාමන" කියනව තමයි.
ReplyDeleteඒත් Dwarf කියන එක human /humanoid වලට සීමා වෙන්නේ නෑ. Dwarf Elephants, Dwarf Trees ආදී හුඟකට යොදනවා. එතකොට "වාමන අලි/ගස්" කියන්නෙ නෑනෙ. ඇයි තාරකා වලට එහෙම කියන්නෙ?
"කුරු අලි කුරු ගස්" කියනවනම් ඇයි "කුරු තාරකා" කියන්නෙ නැත්තේ?
මන්හිතන්නෙ" වාමන" කුරු මනුෂ්‍ය හෝ මනුෂ්‍ය ස්වාභාවය ගන්නා අයට සීමාවෙනවා ( මං තවදුරටත් හිතනවා වාමන කියන එකෙන් මිටි /කුරු පමනක් නෙමෙයි විරූපී වගේ අදහසකුත් එනවා ).හැබැයි කුරු/dwarf කියන එක ඒවැනි සියලු දෙයටයෙදිය හැකියි
මං තව බ්ලොග් එකකත් දැක්කා "වාමන තාරකා" කියල තියනවා මට තේරෙන්නෙ නෑ "කුරු" කියන වඩා සුදුසු වචනෙ යෙදෙන්නෙ නැත්තෙ ඇයි කියලා.
If I'm being pedantic here ( I know I tend to be so, at times) please excuse me but, "wamana thaarakaa" is a bit jarring to the ear.
මට නම් කුරු තාරකා කියන එකේ ප්‍රශ්නයකුත් නැහැ. මමත් කොහේ හරි දැකලා තමා වමන කියල ලිව්වේ. සමහර විට ආශාන්තගේ බ්ලොගයේ වෙන්න ඇති.
Deleteවමන නමේ වාමන.
Delete//මං තව බ්ලොග් එකකත් දැක්කා "වාමන තාරකා" කියල තියනවා මට තේරෙන්නෙ නෑ "කුරු" කියන වඩා සුදුසු වචනෙ යෙදෙන්නෙ නැත්තෙ ඇයි කියලා.// ඔව් ප්‍රා කියන්නෙ මගේ බ්ලොග් එක ගැන තමා. මං වාමන කියන වචනය පාවිච්චි කළේ එස්. එම්. බන්දුසීලගෙ පරිවර්තනවල ඉඳන් ශබ්දකෝෂ වෙනකම් බොහෝවිට පාවිච්චි වෙන්නෙ වාමන කියන වචනය නිසා. මට වාමන තාරකා/ වාමන ග්‍රහලෝක කියන එ්වා ඇහැට, කණට හුරුයි කුරු තාරකා කියනවට වඩා. නමුත් පැහැදිලිවම ප්‍රාජේ එක්ක එකඟයි, වඩා ගැලපෙන්නෙ කුරු කියන වචනය තමයි.
Deleteඅපි කුරු කියල පාවිච්චි කරනන් පටන් ගමු. හැබැයි මට නම් තාරකා පණ තියන වස්තුන් වගේ. ඒ නිසා වාමන කිව්වත් කමක් නැහැ.
Deleteඅලුත් දැනුමක් ගෙනාපු ලිපියක් අජිත් අයියා....
ReplyDeleteඑහෙනම් හොඳයි.
Deleteඔන්න අපි ආපහු විද්‍යාව පැත්තට ආවා. මගේ බ්ලොග් එක ගැන සඳහන් කළාට බොහොම ස්තූතියි අයියෙ..
ReplyDeleteචන්ද්‍රශේකර් මහත්මයාගෙ සොයාගැනීම් ගැන තරමක් දුරට දැනගෙන හිටියත් පෞද්ගලික ජීවිතේ වැදගත් සිදුවීම් ගොඩක් දැනගත්තෙ මේ ලිපියෙන්..
මම කියෙව්වෙම අර එඩින්ටන් එක්ක තිබ්බ ප්‍රශ්නේ නිසා. ගොඩක් අය වැහුවට ඒ සිදුවීම් ඇමෙරිකා එක්සත් ජනපදය හා නාසා ආයතනය හොඳට සැලකුව. ඒක ලොකු දෙයක්.
Deleteඅසාධාරණයට ලක්වූවන් ගැන කියද්දිම මට මතක් වෙන එක නමක් තියනව. "ඇලන් ටියුරින්"
ReplyDeleteහරියටම. ෆිල්ම් එක බැලුවද. හරිම ලස්ස්සනයි. කවුද බ්ලොග් එකක් ලියල මම නෙළුම් යායෙත් දැම්ම. යකාගේ අඩවියද කොහෙද.
Deleteගණන් ගන්නේපා අජිත් අයියා "ගණන්"මට ටිකක් විතර ඇලජික් නිසා චන්ද්‍රශේකර් මහත්මයා ගැනවත් මේ සිමා ගැනවත් දැනන් හිටියේ නැහැ.අලුත් දෙයක් දැන ගත්තේ ස්තූතියි එකට.
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteදැන් දැන් සුද්දෝ ගොඩක් නිහතමානියි නේද? අපේ සමහර මාමලාට දැන් ඒ වගේ ලෙඩක් හැදීගෙන එනවා මන් දැකල තියෙනවා..
ReplyDelete'චන්ද්‍රා' පායන එක එක චන්ද්‍රග්‍රහනයකින් වලක්වන්න බෑ කියල එඩ්මන්ටන් පස්සේවත් තේරුම් ගත්තද දන්නේ නෑ.. සුපර් ලිපිය.. දැනුමට යමක් නේ..
මන් හිතන විධිහට ගොඩක් සුද්දෝ නිහතමානියි. මෙයේ තියෙන ප්‍රශ්න ලංකාවේ ඉන්දියාවේ කුල ප්‍රශ්න වලට වඩා තද නැහැ. මෙහෙ සමහර සුද්දන්ට ජාතිවාදී හෝ රැසිස්ට් කියන අය තමන්ගේ රටවල් ඊට අන්ත විධිහට ඉන්නේ. ස්තුතියි.
Deleteකොහෙද නැති වෙලා හිටියේ.