Friday 23 October 2020

කෝවිඩ් තවම සමාජයට ගොස් නැත - හම්බෙන උන්අඟහරු ලොවින් පැමිණි උන්ය


මම මුලින්ම ඉතාලියෙන් ආ උන් ගැන කෝපයෙන් වෙළුනෙමි 
වැරැද්ද උන්ගේ යයි කීමි  

මම  ඉන්පසු නාවික නිලධරයන් දෙසට හැරුනෙමි  
වැරැද්ද උන්ගේ යයි කීමි 

මුස්ලිම් ගම්මාන කෝවිඩ් පතුරන්නේ යැයි උදහස් ගතිමි  
වැරැද්ද  උන්ගේ යැයි කීමි  

පිටරටින් එන උන් රටට වසංගත ගෙන එන්නේ යැයි කියා බැණ වැදුනෙමි 
වැරැද්ද උන්ගේ යයි කීමි 

බ්‍රැන්ඩික්ස් සේවිකාවන් මගේ ජාතිය අනතුරේ හෙලා  ඇතැයි කිමි 
වැරැද්ද උන්ගේ යයි කීමි 

මාළු වෙළෙඳුන් මාළු වෙනුවට කෝවිඩ් විකුනන්නේ යැයි බැන්නෙමි 
වැරැද්ද උන්ගේ යයි කීමි  

අන්තිමේ දී කෝවිඩ් මා සොයා පැමිණියේය 

මම මටම ඇඟිල්ල දිගු කර ගතිමි 
මට බනින්නට කෙනෙක් ඉතුරුව සිටියේ නැත 

- මාටින් නීමොලර් ගේ මුණුපුරා 


(තව කණ්ඩායම් මතකනම් එකතු කරන්න. ලිපිය යාවත්කාලින කරන්නම් )

18 comments:

  1. නියම සිතුවිල්ලක්...වෙල්ඩන් බ්‍රො...

    ReplyDelete
  2. මේ අජිත් . පිස්සු කෙලින්නේ නැතුව තමන් ඉන්න එංගලන්තයේ තත්වය ගැන ඔහේ ආන්ඩුවට උපදෙස් දෙනවා. අපේ ස'ට මේක කන්ට්‍රෝල් කරන එක කජු කනවා වගේ. තිබුන එකම අවුලත් විසඳ ගත්තා විස්ස පරවුනාට ආ වැරදුනා පාස්වුනාට පස්සේ. බලනවා අනාගතයේදී මොකද වෙන්නේ කියලා.ලංකාව ජපානය පරදවලා දියුණු වෙනවා.අන්න එදාට එහෙත් එහෙම ආපහු මෙහෙ පුරවැසි භාවය ගන්න පොරකනවා දකින්න අපි ආසයි . හැබැයි දැන්මම අපි ඔහේ වගේ NGO කාරයින්ගේ නම් බ්ලැක් ලිස්ට් එකේ දාලා. ලංකාව එපා වෙලා ගිහිං සුද්දියෙක් වත් කසාද බැඳ ගත්තා නම් පාඩුවේ ඔහෙට වෙලා ඉන්නවා.

    හොඳටම ඇති නේද?😃😃😃😃

    මේක ෆේස්බුක් එකේ දාන්න අදහසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔබතුමා හරියටම හරිනේ. රටක් දියුණු වෙන්න ඒකාධිපතිවාදයක් අවශ්‍යයි - ස්ටාලින් ගේ රුසියාව, හිට්ලර් ගේ ජර්මනිය, ලි කවන් යු ගේ සිනග්ප්පුරුව, මොහමඩ් ගේ මැලේසියාව , පිනෝචේ ගේ චිලිය -
      ෆේස්බුක් පිස්සන් කොටුවට යන්න අදහසක් තිබ්බේ නැහැ. ඔන්න ඔයා කිව නිසා ගිහින් දැම්ම

      Delete
  3. අජිත් මහත්මා,

    ඔබේ ප්‍රධාන පෝස්ටුවට කිසිසේත් නොගැලපෙන මේ comment එක  ලිවීම ගැන සමා වෙන්න. එනිසා එය ඔබගේ කැමැත්ත පරිදි පල කිරීම හෝ නොකිරීම ඔබට බාරයි.

    නමුත් ඔබ විසින් සඳහන් කල කාරණා කිහිපයක් මගේ හිතේ වැඩ කරමින් තිබුණා. Pandemic එක නිසා සති කිහිපයක් ගෙදරටම වෙලා ඉන්න සිදුවීම නිසා Netfilx  බැලීම සහ අන්තර්ජාලයේ පැටලීම හැර වෙන මොනවා කරන්නද? හැරත් දැන් මෙහි සීත සමය ඇරඹී ඇති නිසා පිටත -17 °C වී ඇති කලක එලියටවත් බහින්න හිතක් නැත. මට කීමට ඇති දෑ මෙසේය.


    1. විප්ලවය යනු කලින් සාධනය කරන ලද සමීකරණ ඇසුරින් කරන බුද්ධිමය මෙහෙයුමක් ම නොවේ. Contingency එක මෙහි ඉතා වැදගත් දෙයක්.  ඒ සඳහා මහා පාරවල් දිගේ දෙපසටම ලේ ගලා යා යුතුම නොවේද? ලෙනින් ලියපු දේවල් ⁣ඉංග්‍රීසි බසින් වෙළුම් 45 විතර තිබුන බව මතකයි, ලංකාවේ සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයේ පුස්තකාලයේ. නමුත් ලෙනින් , 1917 විප්ලවය සිදු කලේ තමා ඒ  ලියපු දේවලට අනුකූලවමද? විප්ලවය කියන්නේ 'ගේම්' එකක්. ඒ වෙිලාවට නිවැරදි දෙය කුමක්ද ; ඒ තීරණය ඒ වේලාවට ගන්නවා. එහෙම නොවේද?

    මගේ අනුමානයට අනුව සෝවියට් පොලිටිබියුරෝ එකේ ගේම් ටික ලෙනින්ට වඩා දැනගෙන හිටියේ ට්‍රොට්ස්කි. ඔබ කී ලෙසටම ලෙනින්ට ජර්මනියේ කයිසාර්වරු හමුවී තම සැලසුම් කතා බස් කිරීමට හැකියාවක් ලැබුනා. (1995 දී ප්‍රභාකරන්ටත් රාජීව් ගාන්ධි පුද්ගලිකවම හමුවී තම සැලසුම් කතා බස් කිරීමට අවස්ථාවක් ලැබුනානේ!) නමුත් ට්‍රොට්ස්කිට එහෙම අවස්ථාවක් ලැබුනේ නැහැ.කෝච්චියක නැඟලා  ජර්මනියේ සිට මොස්කව් වලට ලෙනින් එනකොට  ඔබ කියනවා " ට්‍රොට්ස්කි බබෙක් නොවේ." කියලා. ඇත්තටම තම හතර වටේ ඉන්න එවුන් එකෙක්වත් විශ්වාස කරන්න බැරි අවස්ථාවක, ලෙනින්ද ඇතුළුව, ඓතිහාසික සමාජ කාර්යයක් සිදු කිරීමට ආත්මීය ලෙස කැපවුන ට්‍රොට්ස්කි බබෙක් ලෙස හැසිරෙයි කියලා   අපට බලාපොරොත්තු විය හැකිද?

    සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යායයට අනුව සමාජවාදී විප්ලවයක් කරා යන මෙහෙයුම කරට ගන්නේ කම්කරු පන්තියයි. නමුත් 20 වැනි සියවස පටන් ගන්න කොට රුසියාවේ ඔය කියන දියුණු කම්කරු පන්තියක් හිටියාද? කොටින්ම කියනවා නම් රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් පවා තිබුනේ නැහැ. එය කල යුතුව තිබුනේ බූර්ෂුවා පන්තිය විසින්. නමුත්  ට්‍රොට්ස්කි විසින් ඒ බූර්ෂුවා පන්තිය විසින් නිම නොකල කාර්යය නිම කිරීමට කම්කරු පන්තිය වෙතට පවරා නොගත්තේ නම් රුසියානු විප්ලවයක් සිදු වීමට අවස්ථාවක් නොතිබෙන බව තමයි මගේ අදහස. මේ ගැන ඔබට වෙනත් මතයක් තිබෙිද?

    ReplyDelete
    Replies
    1. මා තවමත් දිගින් දිගටම ඉගෙන ගන්න දෙයක් ගැන කරන්නේ කෙසේද යන්න සිතා ගැනීමට අමාරුයි.විප්ලවයකදී ලේ හැලීමක් සිදුවිය හැකි වුවත් එය අනිවාර්ය නැති බව මගේ හැඟීමයි. ලෙනින් ලේ හැලීමක් අවශ්‍ය යයි කියා තිබුනේ නැහැ. ඒ පිලිබඳ හැඟවීමක් දෙන්නේ මාර්ක්ස් බව මගේ අදහසයි , පැරිස් කොමියුනය නිසා. ට්‍රොට්ස්කි ගැන ඔබේ අදහස අහරි බව මමත් හිතනවා. ට්‍රොට්ස්කි බබෙක් නෙමේ කිව්වේ - ඔහු ප්‍රති විප්ලවවාදීන් මරා දැමීමට අණ කල නිසා. හැබැයි තුවක්කු රැගෙන සටන් කල ය. ඔවුන් තුල කිසියම් ගෞරනියවත්වයක් තිබුනා.පොල්පොට්ලාට ජවිපෙ සගයන්ට නොතිබුණු (ප්රෙමේගේ ආණ්ඩුවේ ඝාතකයන් ගැන වෙනම කතා කරමු)

      Delete
    2. //නමුත් 20 වැනි සියවස පටන් ගන්න කොට රුසියාවේ ඔය කියන දියුණු කම්කරු පන්තියක් හිටියාද? කොටින්ම කියනවා නම් රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් පවා තිබුනේ නැහැ. එය කල යුතුව තිබුනේ බූර්ෂුවා පන්තිය විසින්. නමුත් ට්‍රොට්ස්කි විසින් ඒ බූර්ෂුවා පන්තිය විසින් නිම නොකල කාර්යය නිම කිරීමට කම්කරු පන්තිය වෙතට පවරා නොගත්තේ නම් රුසියානු විප්ලවයක් සිදු වීමට අවස්ථාවක් නොතිබෙන බව තමයි මගේ අදහස. මේ ගැන ඔබට වෙනත් මතයක් තිබෙිද?/; ඔබගේ අදහස ප්‍රතිවිරෝධී එකක්. රුසියාවේ දියුණු කම්කරු පන්තියක් නැහැයි කියන ඔබම කියනවා ට්‍රොට්ස්කි /බූර්ෂුවා පන්තිය විසින් නිම නොකල කාර්යය නිම කිරීමට කම්කරු පන්තිය වෙතට පවරා නොගත්තේ නම්// කියල. නැති කම්කරු පන්තියක් පවරා ගන්නේ කොහොමද/
      කෙරෙන්ස්කිගේ ආණ්ඩුව තුල ප්‍රජාතන්ත්‍රවාදය තිබුනා. කෙරෙන්ස්කි සමාජවාදියෙක්. මග පෞද්ගලික අදහස නම් තව අවුරුදු 10 විතර කෙරෙන්ස්කිට ආණ්ඩුව ගෙනියන්න් දෙන්න තිබුන කියන එක. නමුත් ලෙනින් බලය ගත්ත එකේ ප්‍රශ්නයක් නැහැ. ට්‍රොට්ස්කි සහ ඔහු ඒ පිළිවෙත් දිගටම අරන් ගියානම්. ඊට කලින් ලෙනින් මැරුණා

      Delete
    3. ට්‍රොට්ස්කි ගැන මගේ ලිපි පෙළක්: https://kolambagamaya.blogspot.com/2018/03/1.html

      Delete
  4. 2. මාක්ස්වාදයේ spirit එක ජර්මන් දර්ශනයයි. ජර්මන් සමාජයට එවන් දර්ශනයක් ලැබුනේ කොහොමද කියන එක මට දැන ගන්න අවශ්‍යයයි. බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාව සහ ෆ්‍රන්ස සමාජවාදී අදහස් ඊට කලින් සමාජ ගතවී තිබුනත් , මේ ජර්මන් දර්ශනය නොතිබුනා නම් මාක්ස්වාදය යනු තවත් එක් දර්ශනයක් පමණයි!. විශේෂයෙන්ම රෝසා ලක්සම්බර්ග් ගේ ලියැවිලි කියවනකොට
    (Edited by Peter Hudis) පැහැදිලි වන කාරණයක් තමයි විප්ලවය ගැන ලෙනින්ටත් ටියුෂන් දෙන්න තරම් රෝසාට දැනුමක් තිබුන බවට. නමුත් එවන් දර්ශනයකින් පිරිපුන් සමාජයක් හට සමාජවාදී රාජ්‍යයක් හදා ගන්න බැරිව ගියේ ඇයි? එවන් දර්ශනයක් ජනිත වූ සමාජයක්  අන්තීමට ෆැසිස්ට්වවාදයට යට වුවේ ඇයි?

    Babylon Berlin (මැක්කාට ආපසු පැමිණීම!!) කතා මාලාවෙිදී ඉනිස්පැක්ටර් Gareon Rath හට අන්තීමට විශ්වාස කල හැකිව තිබුනේ පොලීසියේ සාමාන්‍ය ඔත්තුකරුවන්,flapper කෙනකු වූ Charolette, පොලිස් ලඝු ලේකඛයන්, ඡායාරූප, තාක්ෂණික ශිල්පීන්ව විතරයි. ලොකු ලොකු නිලධාරීන් හැකි හැකි විදියට ෆැසිස්ට්වවාදය සමඟ සම්බන්ධතා හදාගෙන ඉවරයි එතකොට. ෆැසිස්ට්වවාදයක් ජර්මනිය වසා ගනීවි යන මහා චිත්‍රය මේ පොඩි මිනිස්සුන්ට හරියටම නොපෙනුනත්, ඔවුන් හැකි විධියට මේ මහා නපුර සමඟ හැප්පෙනවා.
    ඒ , මේ ජර්මන් දර්ශනය මහා ඉහලින් දැකගෙන, දැනගෙන නොවේ නේද?

    ඔබ හිතන්නේ මේ ඉහත දාර්ශනික  ප්‍රශ්නවලට අප සාමූහිකව පිලිතුරු සෙවිය යුතු නොවේද?

    ReplyDelete
    Replies
    1. බ්‍රිතාන්‍යයේ මුල් සමාජවාදී අදහස ගැන ඔප්බේ අදහස කොහොමද? Samuel Taylor Coleridge, Robert Southey, Percy Bysshe Shelley, William Cobbett, Thomas Carlyle, Benjamin Disraeli, and John Ruskin. However, the roots of British socialism - William Langland, John Wycliffe, John Ball, Thomas More, Francis Bacon, Gerrard Winstanley, and James Harrington. ජර්මනියේ සමාජවාදී ගමන කඩා දැම්මේ හිට්ලර් - ජාතික සමාජවාදය ගෙනල්ල. ඒක ඔබ දන්නවනේ. ලංකාවේ සමාජවාදී ව්‍යපාරයට කෙලවල දැම්මේ රෝහණ විජේවීර - ජාතික සමාජවාදය ගෙනල්ල. ඒක බ්‍රිතානයෙය් වුනේ නැහැ. නමුත් අද ජර්මනියේ මෙර්කල් ගේ දක්ෂිණාංශික ආණ්ඩුව පවා අනිත් රටවල සමහර වාමාංශික (ලංකාව , ඉන්දියාව) ආණ්ඩු වලට වඩා ප්‍රගතිශිලියි මට අනුව නම්.

      Delete
  5. 3. ලංකාවේ සමාජය තුල  20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව ලංකාව ෆැසිස්ට්වවාදයට හැරණ බව න්‍යායාත්මක සත්‍යයක්. කෝවිඩ් වසංගතය, ආර්ථිකයේ සෘණ වර්ධනය, බයියන් සැඟවී යාම, බෞද්ධ අක්ෂය විතැන් වීම, මුස්ලිම් සාධකය පුමුඛ වීම ආදිය විසින්  ලංකා ළදරු ෆැසිස්ට්වවාදී සමාජයට  එක වරම පිම්මේ දුර ගමනක් යන්න බැරිව ගියත් මේ යන්න හදන්නේ හිට්ලර් ගිය පාරේ third reich  එකටත් වඩා දුර ගමනක්. එහෙම යන කොට ඔබ කියනවා, "...ලංකාවේ මිනිසා තෝරා ගත්ත පාරේ යාමට අපට ඔවුන්ට ඉඩ හල යුතුයි. නැත්නම් මේ පාඩම ඔවුන් කවදාවත් ඉගෙන ගන්නේ නැහැ .." කියලා.
    නමුත් ඒ පාඩම ඔවුන් ඉගෙන ගන්න යන්නේ කොපමණ මිලක් තම ජීවිත වලින් ගෙවාද කියලා ඔබට පෙනෙනවාද?

    ස්තුතියි.

    CP-C

    ReplyDelete
    Replies
    1. I knew you are good, but this is quite unexpected. Respect!

      Delete
    2. /නමුත් ඒ පාඩම ඔවුන් ඉගෙන ගන්න යන්නේ කොපමණ මිලක් තම ජීවිත වලින් ගෙවාද කියලා ඔබට පෙනෙනවාද?//1915, 1958 සිට ඔවුන් ඒ මිල ගෙවනවා නේද? 1958, '71,1977,1983 1988-1989, 1970-2009 - ඒත් තේරෙන්නේ නැති ජාතියකට ඔවුන් තොර ගත් පාරේ යාමට ඉඩ හරිනවා මිස අපට කළ හැකි දෙයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ වගේ පැලැස්තර මයිත්රිලා, ෆොන්සේකලා ගෙනල්ල බාගෙට කඩා ගෙන යාමේ තේරුම මොකක්ද?

      Delete
  6. අපි බලන් ඉන්නේ පාර්ලිමේන්තු පොකුර එනකන්

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඇවිල්ල ඉවරයි , ඔවුන්ට හොඳ සෞඛ්‍ය සේවයක් (පෞද්ගලික) තියනවා නේ .

      Delete
    2. දෙයියන්ට පොල් ගහමු ඒ පොකුර ලොකුවටම එවන්න කියල!

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .