සන්නාලියනේ සන්නාලියනේ
සිතල සඳ එළියේ
මැලවුනු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සළුව වියන්නේ
සීතල සළුව වියන්නේ
කණකොක් කටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ
මියගිය ඇයගේ මිණිය වහන්නයි සීතල සළුව වියන්නේ
හදවත සසල කරවන, ජීවිතය ගැන සිතන්නට පොළඹවන මේ ගීතය අමරදේවයන්ගේ හඬින් ගැයෙන කොට සිත අමුතු නිද්‍රාවකට පත්වෙනවා. පිණි බිඳුවක් වැනි මේ ජීවිතය ඉතා කෙටි කලකින් අප හැර දමා යා යුතුයි. අද ඒ ගීය ගැයූ මහා ගාන්ධර්වයා නික්ම ගිහින්. ශෝකය මුසු වුනත් ඔහු ඉතිරි කර ගිය වස්තූන් බොහෝයි. ඔහුගේ අමරණිය හඬ මෙන්ම අප අතර තබා ගිය ගීත නිධානය අපේ හදවත් සතුටට ඉදිරියටත් පත් කරාවි. ඒ වගේම අපේ හෙලන සුසුම් සමගත් ඒ අමරණිය හඬ රැඳී පවතීවි.
එවැනි සුසුමක් හෙලෙන ආරංචියක් මට අසන්නට ලැබුනා අමරදේවයන්ගේ මරණයත් සමගින්ම. ඒ ඉන්දිරා ජයසුරිය ඩිකර් ගේ සමු ගැන්ම ගැන. ඇය මියගියේ පිළිකා රෝගය උත්සන්න වීමෙන්. ඒ රෝගය සමග ඇගේ සටන ගැන හා පුතු වෙනුවෙන් ඇය කළ කැපකිරීම ගැන
ඉංග්‍රීසි පුවත්පතක පළ කර තිබුනා කලකට පෙර. මම දුටුවා තරුරසි මුහුණු පොතේ සංවේදී සටහනක් තබා තිබුණා ඒගැන අද හිමිදිරියේ.
ලංකානිව්ස්වෙබ් හි චන්දිම සහෘදයා සමග කතා කරද්දී ඔහු ඉඳහිට මතක් කරන දේ අතරින් මතකයට නැගුනේ ඔහු කරු ජයසූරිය මහත්මා ගැන කී කතා දෙකක්. එකක් තමා කරු ජයසූරිය තම දියණියන්ට පිය සෙනෙහස ලබාදීමට නොහැකි වීම ගැන තැවුණ හැටි. දේශපාලනයට ජීවිතය කැප කරපු නිසා දියණියන් දෙදෙනාට නිසි ආදරය දැක්වීමට නොහැකි වීම ගැන විටින් විට ඔහු තුල මතුවන වේදනාව.
ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ නරෝද්නික් වාදී ක්‍රියා මාර්ගයක් අරන් දේශපාලකයන්, කලාකරුවන් , පැරණි වාමාන්ශිකයන් මෙන්ම කුඩා ව්‍යවසායකයන් පවා ඝාතනය කරන කාලේ ඒ තර්ජනය කරු ජයසුරියටත් තිබුන. මර්දනකාරී රාජ්‍ය බලයට එරෙහිව මිස පුද්ගලයන්ට එරෙහිව අවි භාවිතා කළ යුතුද යන ප්‍රශ්නය පසෙකට දමමු. කරු ජයසුරිය ඒ දිනවල ප්‍රේමදාස රජයේ පෞද්ගලීකරණය පිලිබඳ කටයුතු වල ප්‍රධානියා. එනිසා ජවිපෙ සන්නද්ධ අංශයේ තර්ජනය ඔහුටත් එල්ල වුණා.
මාර්තු මාසයේදී මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය වුණා. තේවිස් ගුරුගේ ජුලි 23 හා එල් ඩබ් පණ්ඩිත ජුලි 27 ඝාතනය වුණා. ජවිපෙට බැරවුනු ප්‍රේමකිර්ති ද අල්විස් ගේ ඝාතනය සිදු වුණේ ජුලි 31. එනිසා හිටපු ජනපති ප්‍රේමදාස මහතා තීරණයක් ගත්ත කරු ජයසුරිය තානාපති කරලා ජර්මනියට යවන්න.
කරු ජයසූරිය යුවල තීරණයක් ගත්තා දියණියන් දෙදෙනා නතර කරන්න බිරිඳගේ නැගණිය වෛද්‍ය රත්නා අඹේපිටියගේ හා ඇගේ සැමියා වන වෛද්‍ය ගුණසිරි අඹේපිටිය යුවළගේ නිවසේ. ඔවුන් ජිවත් වෙන්නේ එංගලන්තයේ ලීඩ්ස් ප්‍රදේශයේ . එනිසා පොඩි දුව වයස දොළහේ සිටම හැදුනේ දෙමාපියන්ගෙන් ඈත්ව වෙන රටක. පියෙකුගේ සෙනෙහස දුවට හරියාකාරව නොදුන් ඒ වේදනාව කරු ජයසුරිය මහතාට තිබුන.
දුව ඉපදුනු වෙලේ කරු පොඩි ගවුමක් ගන්න ඇති දුවට.
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇදුම වියන්නේ
ඇය උගත්තේ හොඳ ග්‍රැමර් විදුහලක් වන
ෆුල්නෙක් වල නිසා ඔවුන් නැවත දුවරුන් ගෙන්වා ගත්තේ නැහැ. පාසැල අවසන් කරලා බ්‍රඩ්ෆොර්ඩ් විශ්ව විද්‍යාලයේම උගෙන් ශාස්ත්‍රපති උපාධිය ලත් ඉන්දිරා විවාහ වුනෙත් එංගලන්තයේ බ්‍රිතාන්‍ය වැසියෙක් සමගමයි. ඉන්දිරාගේ හා මාර්ටින් ගේ විවාහය සිදු වුනේ ශ්‍රී ලංකාවේ.
ඉන්දිරාගේ හා මාර්ටින්ගේ විවාහය සිදු වුනේ 2003 වසරේ ශ්‍රී ලංකාවේදී. කරු ජයසූරිය මහතා ට ඒ පිළිබඳව තියෙන්නෙ නිරහංකාර සතුටක්. ඔහු ඒ පිළිබඳව කියන්නෙ 'Wedding of the year' කියලා.
සන්නාලියනේ සන්නාලියනේමේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ //
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ
පොඩි දූ සනීප වෙන සැමවිටම වෙනත් රාජකාරි අතරේ කරු ජයසුරිය එංගලන්තෙට දුවන් ආවේ දුව බලල යන්න.
වසර 1997 දී කරු ජයසුරිය කොළඹ නගරාධිපතිවරයා ලෙස තේරී පත් වෙනවා. ඒ වසරේදීම ජනතා විමුක්ති පෙරමුණෙන් විමල් විරවංශ මහතාත් තේරී පත් වෙනවා. පළමුවැනි රැස්වීමට එන විමල් විරවංශ මහතා හා ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ තවත් තරුණ මන්ත්‍රීවරු පිරිසක් ටයි ගැටයවල දාගන්න දඟලන අන්දම කරු ගේ දෑසට හසු වෙනවා. කරු එතනට ගිහින් විමල් විරවංශ තරුණ මහතාගේ සහ අනිත් තරුණ මන්ත්‍රීවරුන්ගේ ටයි ගැට දාන්න උදව් වෙනවා. ඊට පස්සේ එක මේසේ ඒගොල්ල සාකච්චා කරනවා. කරුට ඒ වෙලාවේ හිතුනලු " ඇයි අපිට මෙහෙම කතා කරන්න බැරි වුනේ අවුරදු දහයකට කලින් කියල "
කරු දේශපාලනය කලේ තමන් ට හරිය කියල හිතෙන එක. ඔහු ව්‍යවසායකයෙක් නිසා පෞද්ගලිකරණය හොඳයයි කියල ඔහු හිතන්න ඇති. රජයෙන් ඔහුට දුන් වගකීම ඒක. රටට ආදරය කෙනෙක් හැටියට හුඟක් වෙලාවට ජවිපෙ රජයක් යටතේ වුනත් ඔහු දෙන වගකීමක් පවා භාර ගන්න තිබ්බ. එහෙම නැත්නම් විමල් විරවංශ නියෝජනය කල පක්ෂය රාජ්‍ය බලය ලැබුන නම් චීනය වගේම පෞද්ගලිකරණයේ සමහර කොටස් වලට එකඟ වෙන්නත් ඉඩක් තිබෙනවා. දෙපක්ෂයේම භිෂණය නොතිබුනා නම් පවුල්අවුල් වීම, දෙමාපිය සෙනහස දරුවන්ට අහිමි වීම් වගේම
පළුටාව වගේ සිදුවීම් පවා නොවෙන්න ඉඩ තිබ්බ. මිට වැඩිය දේවල් අහිමි වුන පවුල් තියනවා. ඒකත් ඇත්ත.
නමුත් ඒවා ඔක්කොම වෙලා ඉවරයි.
අමරදේවයන් ඉපදිලා තියෙන්නේ 1927 දෙසැම්බර් 5. පිරිපුන් දිවියක් ගත කරලා ඔහු නික්ම ගියා.
ඉන්දිරා ඉපදිලා තියෙන්නේ 1975 සැප්තැම්බර් 26. තමන්ගේ පුතුට ජීවිතය දීලා ඇය නික්ම ගියා. පිලිකා වගේ රෝගයක් හැදුණු කාන්තාවන්ට ඇය ධෛර්යයක් වගේම ආදර්ශයක්. ගිම්හානයේ ඉල් මස දෙවැනිදා, අඳුරු සීතල ලන්ඩනයේදී ඉන්දිරා දශක හතරක කෙටි ජීවිතයට සමුදෙමින් නික්ම ගිය දිනට පසුදා හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ අමරදේවයන් ද නික්ම යන්නට යෙදුනා.
භාරතයේ මහා කිවිඳියක වූ සරෝජනි නායිඳුගේ කවියක් ඇසුරෙන් මීට වසර හතළිහකට පෙර අපෙන් සමුගෙන ගිය මහගමසේකර ශූරීන් විසින් ගේයපදයකට පෙරලූ දිවංගත ඔස්ටින් මුණසිංහයන් සංගීතවත් කළ 'සන්නාලියනේ' ගීතයේ කටුක අමිහිර යථාර්ථය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක කරු ජයසූරිය තනිවම අත්විඳින්නට ඇති.
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ //
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇදුම වියන්නේ
සන්නාලියනේ සන්නාලියනේමේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ //
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ
සන්නාලියනේ සන්නාලියනේ
සිතල සඳ එළියේ
මැලවුනු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සළුව වියන්නේ
සීතල සළුව වියන්නේ
කණකොක් කටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ
මියගිය ඇයගේ මිණිය වහන්නයි සීතල සළුව වියන්නේ
ඔවුන් දෙදෙනාටම සුභ ගමන්.
දෑසට කඳුලක් නැගෙන වෙලේ අමරදේවයන්ගේ ලයාන්විත කටහඩින් නැළවෙන්නට අපට පුළුවන් ඔහු මුළු මහත් ජනතාවකට තබා ගිය සංගීත දායාදය නිසා.
දුක්බර පුවත් දෙකක් එකට ඈඳා ඔබ කදිමට ලියා තියෙනවා. දෙදෙනාටම නිවන් සුව පතමි.
ReplyDeleteස්තූතියි දරුවෙක් නැති වෙනවා කියන්නේ හුඟක් අමාරුයි නේද
Delete/* ඊට පස්සේ එක මේසේ ඒගොල්ල සාකච්චා කරනවා. කරුට ඒ වෙලාවේ හිතුනලු " ඇයි අපිට මෙහෙම කතා කරන්න බැරි වුනේ අවුරදු දහයකට කලින් කියල " */
ReplyDeleteඒ කාලේ ආණ්ඩුවෙන් ජේවීපී එක්ක කතා කරන්න පත් කළේ කරුලා වගේ ඒ කාලේ දෙවන මට්ටමේ අය නොවෙයි, ඒසීඑස් මොහොමඩ් වගේ ඉහළ පෙළේ අය.
වෙන්න ඇති. ලංකාවේ සිටියේ නැති නිසා පුවත්පත් දන්නා අයගෙන් අහල තමා විස්තර දන්නේ.
Deleteඔවුන් නැතිවුනා නොව නැවත අප අතර ජීවිතය ලැබූවන් බව නැවතත් ඔබ අපට අවධාරණය කරනවා අජිත්
ReplyDeleteඒක ඇත්ත. දුක්බර වුනත් මේ ගීත තුලින් හා චිත්ත ධෛර්ය නිසා ඔවුන් ජිවත් වෙනවා වගේ තමා.
Deleteදුක්බර සිදුවීම්, ගීයට අපූරුවට ගලපලා.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Deleteගීය අපූරුවට ගලපලා.. හිතට දැණුනු මරණ දෙකක්.. දරුවන්ට ආදරේ දෙන්න බැරිඋනා කියලා තැවෙන ලංකාවේ තවත් මහපරිමාණ ව්‍යාපාරිකයෙක් ලඟ තමයි මේ දවස්වල වැඩ කරන්නේ.. :((
ReplyDeleteස්තූතියි කල්‍යාණ . වෙල්කම් බැක්. අර ව්‍යාපාරිකයාටත් කියන්න වහාම දරුවෝ ගාවට යන්න කියල ඉඩ ලැබුන වෙලාවක.
Deleteකොතනින්ද පටන්ගන්නේ කියලා හිතාගන්න බෑ.ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි තමයි.ඒත් සල්ලී නැත්නම් ජීවිතේත් නෑ.අන්තිමට අපි ඔක්කොටම පස්සේ කාලෙක ඔය දෙකෙන් එකක් ගැන හිතලා පසුතැවෙන කාලයක් එයි.
ReplyDeleteනිවන අජිත් අයියේ.... නිවන
සල්ලිත් ඕනේ. ජීවිතෙත් ඕනේ. බැලන්ස් කර ගන්න එක තමා වටින්නේ. මේකට පොඩි ලිපියක් තියනවා ලියන්න.
Delete++++++++++++++++
ReplyDeletesthuthiyi
Deleteසංවේදී කතාවක්. ඊයේ මම මේ කරු ජයසුරියගේ දුවගේ මරණය ගැන ලිපිය දැක්ක . හැබැයි ඒ වෙලාවේ කියෙව්වේ නෑ. අජිත් දෙකම ලස්සනට ලියල තියෙනවා. ඊයේ අමරදේව මාස්ටර් ගේ මරණය ගැන ඇහුවම මට නම් දුකක් දැනුනේ නෑ.. සාර්ථකව නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් බලල ඉවර වුණා වගේ හැඟීමක් තිබුනේ... ඒ කියන්නේ තව ටිකක් තිබුනානම් හොඳයි. හැබැයි ඉතින් කමක් නෑ වගේ හැඟීමක්..
ReplyDeleteමාස්ටර් සාර්ථකව ජීවිතය නිම කලා. ලෝකයට යමක ඉතුරු කරලා දීලා. මේක අහල තියනවද
Deletehttps://www.youtube.com/watch?v=EJYkhWspbzM
කරු මහතාගේ දියණිය ගේ ආභාවය ශෝක ජනකයි. පියෙකුට තමන්ගේ දරුවකුගේ මළගමට යන්නට වීම. නමුත් ඇය සතුටින් අවසන් ගමන් ගියා කියල හිතෙන්නේ.
ඒ සිංදුව කලින් අහල තිබුනේ නෑ අජිත්.. බොහොම ස්තුතියි.. ඇත්තටම දරුවෙකුට දෙමව්පියන්ගේ වියෝවට වැඩිය දෙමව්පියන්ට දරුවෙකුගේ වියෝව දරා ගන්න අමාරු ඇති.. :(
Deleteකරූ ජය සූරිය නහතාගේ දියනියගේ ජීවිත කථාව ඇත්තෙන්ම ශක්තිමත් කථාවක්, හද සංවේදී කරවන පුවතක්.
ReplyDeleteඅසහාය ගාන්ධර්වයා අමරදේවයන් කියන්නේ ඇත්තෙන්ම දුර්ලභ ගනයේ වාසන වන්ත පුද්ගලයෙක්. එතුම තම දායකත්වය වෙනුවෙන් ජීවිතයේ අවසාන වසර දහයක පමන කාලයක් සමාජයේ පූජනීය තත්වයක වැජබීමට වාසනාව ලැබූවෙක්, බොහෝ දෙනා මේ අගැයීම ගෞරවය ලබන්නේ මරණින් පසු ඒ තුමා ජීවමානව ඒ අගැයීම ලැබීමට වාසනා වන්ත වුනා.
එතුමාගෙන් අළුත් ගීතයක් අසන්නට නොලැබෙන බව සිතන විට ඇති වෙන ආත්මාර්ථකාමී දුක හැරුනු කල එතුමා ගැන කණගාටු වීමට දෙයක් නැහැ කියලයි මට හිතෙන්නේ.
ඔබේ අපූරු රචනාව මම හුඟක් අගය කරනවා.
නයනේ - සිතුවිළි
ස්තූතියි නයනේ (නයනේ ගේ බ්ලොග් එක මොකක්ද? මේ යුසර් නේම් එකෙන් එන්නේ නැහැනේ.)
Deleteසමාවෙන්න ඕනේ, මගේ බ්ලොග් එක මාස ගානකින් අප්ඩේට් කලේ නැහැ.
Deleteමම මගේ ප්‍රොෆයිල් එකෙන් එන්නේ මගේම ලැප් එකෙන් ලොග් වුනොත් විතරයි. වෙන යුනිට් එකකින් ලොග් වුනොත් අනෝ දාන්න අකැමති නිසා නම දානවා උඩ වෙලා තියෙන්නේ ඒකයි.
මේක දාන්නේ ප්‍රොෆයිල් එකෙන්
පොස්ට් එක හුඟක් සංවේදීව දැනුනා.. දෙදෙනාටම නිවන් සුව පතනවා...
ReplyDeleteස්තූතියි තුෂානි.
Deleteඅපූරු ලියවීමක්....
ReplyDeleteදෙදෙනාටම සුබ ගමන්...
ස්තූතියි මාතේ. කතානායක තුමා ආරාධනා කලාම දෙපාරක්ම නෙළුම් යායටත් ආපු එකේ මට හිතුන ලියන්න. ඒකත් අපි පරක්කු වුනත් කිව්ව වෙලාවට ආවේ.
DeleteThis comment has been removed by a blog administrator.
DeleteBlogger Maathalan - Priyantha Hewage said...
Deleteඋඹ ඒ දේ ලියපු එක හොඳයි... මම ලිව්වා නම් කියයි සම්මාණයක් ලබුන නිසා ලිව්වා කියලා.
A very nice post !
ReplyDeleteThanks
Deleteඉන්දිරාගෙ ධෛර්යවන්ත හදවත ගැන ආඩම්බරයි. ඇය ආදරය කළා නෙවෙයි ඕෂෝ කියනව වගේ ඇය ආදරයම වුණා..
ReplyDeleteඅමරදේව මාස්ටර්ගෙ සින්දු කොයි තරම් නම් අහල ඇත්ද? ඔහු ගියේ යා යුතුම ගමනක්... ඔහු නැවතී හිටිය කාලෙ අපට ඉතිරි කළ ඒ ගීත, තනු ගොන්නම ඇති ඒ නාමය අමරණීය වෙන්න...
ඔබේ අදහසට හදවතින්ම එකඟයි. ඔය ලියපු එකත් කියෙව්වා ෆේස්බුක් එකේ . මට මේක ලියන්න හිතුනේ ඊට පස්සේ.
Deleteඒ සටහන ලිව්වෙ මම නෙවෙයි අයියේ... මම ෂෙයා කළා. තදින්ම හිතට දැනුණු නිසා.
Deleteඉතාම අපූරු ගැලපීමක් අජිත්... දුකට කරුණක් උනත් ඔබගේ ලිවිල්ල සතුටට කාරණයක්..
ReplyDeleteස්තූතියි දේශකය. (සෑහෙන කාලෙකට පස්සේ )
DeleteA good one Ajith...!
ReplyDeleteThanks chef-architect
Deleteසංවේගජනක සිදුවීම් දෙකක් අජිත් අයියා එක සටහනකට අපුරුව ගෙන තිබෙනවා.
ReplyDeleteඅමරදේවයන් තමන්ගේ විෂය තුල තමන්ගේ කොටස අඩු නැතුව කර තිබෙනවා.අපි ඔහුගේ මරණයට වඩා කනගාටුවෙන්න ඕන ඒ මරණයෙන් ඇති වෙන හිස්තැනට ගැලපෙන සුදුස්සන් නොමැති වීම ගැනයි.
කරුගේ දියණියටත්,අමරදේවයන්ටත් "ස්වර්ණ විමානෙට එහා ලෝකයට" සුබ ගමන්.
//අමරදේවයන් තමන්ගේ විෂය තුල තමන්ගේ කොටස අඩු නැතුව කර තිබෙනවා.අපි ඔහුගේ මරණයට වඩා කනගාටුවෙන්න ඕන ඒ මරණයෙන් ඇති වෙන හිස්තැනට ගැලපෙන සුදුස්සන් නොමැති වීම ගැනයි// කවුරු හරි එයි. සුනිල් එදිරිසිංහ හෙම තවම ඉන්නවා අමරදේව තරම්ම නොවුනත්. දයාරත්න රණතුංග. - //කරුගේ දියණියටත්,අමරදේවයන්ටත් "ස්වර්ණ විමානෙට එහා ලෝකයට" සුබ ගමන්.// ඇත්තටම.
Deleteඈත කඳුකර හිමව් අරණේ
Deleteසීත චන්දන ලපලු හෙවණේ
සුලං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
Asata kadulak aawa Ajith ayya..!!
ReplyDeleteAmaradeva master ge a sinduva ahana hama vemela danenne jeveth ganakatuka yatharthayak .. a unata avastha sambanda karala obage athin liyauna satahana dakkama danne papuva kadagena yana vedhanavak ..!! a dedenata nivan suva ath wewa..!!
ඒක තමා මල්ලි. සංවේදී වෙනවා මේ වෙලාවේදී
Deleteහොඳ මවකට කරන්න බැරි මොනවද?
ReplyDeleteමට අමරදේව මාස්ටර් මෙහෙම දුක් නොවිඳ පරමායුෂ විඳල මියගිය එක ගැන තියෙන්නෙ පහන් හැඟීමක්. එතුමන්ට ආයි කරන්න දෙයක් තිබ්බෙ නෑ.
නමුත් ඉන්දිරා කියන්නෙ තමන්ගෙ දරුවොන්ට ආදරය කරන්න බැරිවෙච්චි අසරණ මවක්. ඒ නිසා ඇය ගැන මට තියෙන්න ඉතාම දුකක්.
ඒක ඇත්ත ඉන්දික. නමුත් මම හිතන්නේ ඇය සතුටෙන් මෙලොව හැර ගිය කියල පුතුට ජීවිතය දුන් නිසා.
Deleteසංවේදී මිනිසුන් තිදෙනෙක් ගැන ඉතාම ලස්සනට ලියවුණු සංවේදී සටහනක්.
ReplyDeleteස්තූතියි ඉයන්.
Deleteදුක හිතෙන සටහනක්. අමරදේව ආයු කාලය නියම විදියට ගෙවපු කෙනෙක් කියලා හිතා ගත්තත්, මේ දවස්වල හැම තැනින්ම අහන්න ලැබෙන ගී ඇහුනාම ඔහු තව කලක් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. විශේෂයෙන් 'හන්තානේ සිහිනය'.
ReplyDeleteඉන්දිරාගේ කතාව නම් හරිම කණගාටුදායකයි. මට හිතුන දෙයක් තමා එක් දරුවෙක් ඉන්න හන්දා, ලෙඩේ ගැන හිතලා, තමන්ගේ සැමියා සහ අනෙක් දරුවා ගැන හිතලා තීරණයක් ගත්තා නම් හොඳයිද කියන එක. ඒත් අම්මා කෙනෙක් කොහොමද එතනදි තීරනයක් ගන්නේ කියන එක අපිට හිතාගන්නවත් බෑ. ඇය ඉතාමත් ශක්තිමත් කාන්තාවක්. කාන්තාවන්ට ආදර්ශයක්.
දෙදෙනාටම නිවන් සුව පතනවා.
මට දුක හිතෙන්නම ලියන්න නෙමේ ඕනේ වුනේ. ඉතිහාසය ගැලපෙන හැටි, ඒවා සින්දු වලට ගැලපෙන හැටි, ඒ අතරින් ගලායන මිනිස් ජීවිතය.
ReplyDeleteදෙදෙනාටම නිවන් සුව පතනවා...
ReplyDeleteමට මතක් උනේ පහුගිය කාලේ බ්ලොග් අඩවියේ කැමතිම ගී ලියපු කාලේ... ඒ හැම පෝස්ටුවකම වගේ අමරදේවයන්ගේ ගීතයක් තිබුනා... එහෙම බලනකොට එතුමාට ගැලපෙනම නම තමයි මහාචාර්ය සරත්චන්ද්‍රයන් යොදල තියන්නේ.. සදා අමරණීයයි...
ඒක ඇත්ත නිර්මානි.
Deleteදෙදෙනාගෙම කතාව හරි අපුරුවට ගලපලා තියෙනවා ,,,මෙතන කෙලින්ම නොවුනත් ඉතා වැදගත් අදහසක් මතු වෙලා තියෙනවා ,,,
ReplyDelete"මර්දනකාරී රාජ්‍ය බලයට එරෙහිව මිස පුද්ගලයන්ට එරෙහිව අවි භාවිතා කළ යුතුද යන ප්‍රශ්නය පසෙකට දමමු..."
මේක ගැන කතා කරනවානම් අද වම වරද්ද ගත්ත ලොකු පොයින්ට් එකක් තියෙනවා නමුත් මෙතන ඒක කථා කරන්න තැන නෙමෙයි නිසා නිහඬ වෙනවා
මම ඒක ගැන ලිව්වේ නැත්තෙත් කතා කරන්නේ ඒක ගැන නොවන නිසා. ලියනවා නම් මාගලක් ලිව්වා හැකි. ඒවගේම ඒකට විරුද්ධව ප්‍රබල ප්‍රහාරත් එයි.
Deleteපුලුවන්නම් ඒ ගැන ලියන්න මහත්මයා ,,,,
ReplyDeleteඑක දවස්වල තිබුන මරණ දෙකෙන් වැඩිපුර කණගාටුවක් දැනුනෙ අලුත උපන් දරුවෙකුට මවක් නැතිවුන නිසා.
ReplyDeleteකොහොම උනත් කදිමට ලියූ සටහනක්.