ලෙනින් දුම්රියෙන් පෙත්රෝග්‍රාඩ් වලට පැමිණ , ස්ටාලින් මුල් පින්තුරයේ හිටියේ නැත. මෙය ව්‍යාජ එකකි |
වාමාංශික පක්ෂ විතරක් නෙමේ සාමාන්‍යයෙන් නූල් අදින්නේ. එක කොම්පැනියක් තමන්ට තරඟයක් දෙන තවත් කොම්පැනියක් තියනවා නම් ඒවාට දෙන ගේම් ඔයිට වඩා දරුණුයි සමහර විටක. කර්මාන්ත රහස් සොරකම් කිරීම (industrial espionage), අකර්මණ්‍ය කිරීම් ආදිය බොහෝ විට හැටේ දශකයේ පටන්ම සිදු වුන දේවල්.
මේ කියන්න යන්නේ ලෝක ඉතිහාසය වෙනස් කරපු තවත් ගේමක් ගැන. ජර්මනිය පළමු ලෝක යුද්ධ සමයේ තමන්ගේ රට බේරා ගැනීමට ට ජෙහාන් කෙනෙකුගෙන් උදව් ගත් සැටි. ජර්මන් කයිසර් විල්හෙල්ම් II ගේ ජර්මනිය යුද්ධයෙන් හොඳටම බැට කාල හිටියේ 1917 වන විට නමුත් පැරදිලා නැහැ. රුසියාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යුද්ධය අමාරුවෙන් ඇදගෙන යනවා. නමුත් රුසියාව වත් බ්‍රිතාන්‍යය වත් සම්පුර්ණයෙන් වැටිලා හිටියෙත් නැහැ. ජර්මනිය යුද්ධයට ආවේ ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍යයේ සහයට.
ඉතා ප්‍රසිද්ධ වෙස්ටර්න් ෆ්‍රන්ට් හෙවත් බටහිර පෙරමුණේ තමා ප්‍රධාන යුධ ක්‍රියා සිදුවුනේ. "බටහිර පෙරමුණේ හැම දෙයක්ම නිසලයි" All Quiet on the Western Front කියන ප්‍රසිද්ධ නවකතාව අහල ඇති හුඟක් අය. එනමින් චිත්‍රපටයකුත් හැදුනා. යුද්ධයේ දරුණු කම සහ යුද්ධයක ජයග්‍රාහකයෙක් නැත යන්න තමා තේමාව.
බටහිර පෙරමුණේ අරාස් වල සිදුවූ යුද්ධය මින් ප්‍රධාන එකක්. එය සිදුවුනේ 1917 වසරේ අප්‍රේල් 9 සිට 12 දක්වා. ජර්මන් සොල්දාදුවෝ 20,000 සහ කැනේඩියන් සොල්දාදුවන් 10,000 පමණ මියගොස් තිබෙනවා. ව්ලැඩිමීර් ඉලිච් ලෙනින් කියන රුසියානුවා තමන්ගේ බිරිඳ සමග රුසියාවට යන්න ස්විට්සර්ලන්තයේ සූරිච් වලින් දුම්රියට නගින්නේ එදා, අප්‍රේල් 9 , 1917.
ලෙනින් ගිය පෙට්ටියේ තවත් විප්ලවීය රුසියානුන් හිටියා. පෙට්ටිය ජර්මන් සොල්දාදුවන් විසින් මුර කලා. හේතුව ජර්මනිය හා රුසියාව එකිනෙකා සමග යුධ කරන සතුරු රටවල් දෙකක් නිසාම නෙමෙයි. විල්හෙල්ම් කයිසර් ගේ අන්තිම තුරුම්පුවත් මේක නිසා.
මේ මාසයේ තමයි ඇමරිකාවත් යුධයට ඇවිත් තිබුණේ. මේ නිසා අනිවාර්යයෙන්ම ජර්මනිය පරදින්න නියමිතයි. රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, කැනඩාව , ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමෙරිකාවටත් මුහුණ දෙන්න ජර්මනියට සහ තුර්කිය ඔටෝමන් අධිරාජ්‍යය ට බැහැ.
ඉතින් කයිසර් ගේ සූදුව තමයි මේ ලෙනින් කියන මාක්ස්වාදී විප්ලව වාදියා රුසියාවේ පිටර්ස්බර්ග් හෙවත් පෙට්‍රොග්‍රාඩ් (පෙබරවාරි විප්ලවයෙන් පසු) නුවරට හොර රහසේ යැවීම. මොකද පිටර්ස්බර්ග් වල ඒ වන විටත් කලබල. වැඩ වර්ජන, පෙළපාලි, ගොවි විරෝධතා, සහ ආණ්ඩුවේ අගමැති කෙරෙන්ස්කිට හමුදාවේ ජෙනරාල් ලා වත් ඇමතිවරු වත් පාලනය කර ගන්න ට බැරි වීම. (මේ වනවිට පෙබරවාරි විප්ලවයෙන් සාර් ගේ ආණ්ඩුව බලයෙන් පහ කරලා රුසියානු සමුහාණ්ඩුවක් පිහිටුවල ඉවරයි. දුර්වල සාර් රජු, දුෂිත ඇමතිවරු, සිටුවරු හා ඒ මදිවට හිටි රස්පුටින් එළවලා ඉවරයි.) .
ඉතින්මේ දුම්රිය මැදිරියේ රුසියානු රාජ්‍යයේ කැරලි ඇති කරන්න ලෙනින්ට දුන් විශාල මුදල් සම්භාරයකුත් තිබුන(ලු). ලෙනින් ගෙන් ජර්මනිය අපේක්ෂා කළේ තව තවත් වර්ජන ආදිය ඇති කරලා, සොල්දාදුවන් කළකිරවල කෙරෙන්ස්කි ගේ ආණ්ඩුව අස්ථාවර කරන්න. එතකොට දුර්වල ඒ පැත්ත ජයග්‍රහණය කරලා ඇමෙරිකාවට මුහුණ දෙන්න.
ලෙනින් පිටුවහල් කළ අයෙක් නිසා කොහොමටත් රුසියාවට යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මුදල් අතිනුත් අමාරුවෙන් හිටියේ. නමුත් රුසියාවේ තිබ්බ තත්වය අනුව ලෙනින් නොයාත් බැහැ. එනිසා ලෙනින් ඩීල් එක ගැහුවා.
ආවට පස්සේ මොකද වුනේ. මේ ටික වොල්කගොනොව් හෙම තමන්ගේ "ලෙනින්" කියන පොතේ මෙන්ම "ට්‍රොට්ස්කි" කියන පොතේත් රසවත්ව විස්තර කරනවා. මේ දත්ත දැන් ඕන කෙනෙකුට බලන්න පුළුවන්. පූටින් පරණ ලියවිලි ආදිය මුදා හැරලා තියෙන්නේ. ලෙනින් රුසියාවට ඇවිත් අර කියපු විධිහටම වැඩේ කරගෙන ගියා . නමුත් පැමිණ මාස දෙකක් යනකොට ලෙනින්ට තේරුම් යන්න ගත්ත කෙරෙන්ස්කිගේ ප්රොවින්ෂල් ආණ්ඩුව දුර්වල බව. ඔහු ට්‍රොට්ස්කිට කිව්වා බෝල්ෂෙවික් පක්ෂය සෑහෙන්න විනය ගරුක එකක්. ඕන නියෝගයක් පිලි පදින්න පුළුවන් විධිහට කාඩර් වරු හදල තියෙන්නේ. විප්ලවයක් කරල කෙරෙන්ස්කි ආණ්ඩුව පහ කරලා බලය ගමු කියල.
ඕකට ට්‍රොට්ස්කි මුලදී අකමැති වුනත් ලෙනින් ගේ පැහැදිලි කිරීම් හමුවේ ඔහු එකඟ වුණා. කොමියුනිස්ට් වාදී රජයක් හදල නිර්ධන පන්ති ආඥා දායකත්වයක් පිහිටුවනවා කියල ලෙනින් කිව්වේ ඔහුගේ බෝල්ෂෙවික් පක්ෂයට පාලනය භාර අරගෙන ඒකාධිපති පාලනයක් ගෙන යන එකට. නිර්ධන පන්ති ආඥා දායකත්වය (dictatorship) කියල කිව්වේ ඒකට. කොටින්ම පෙබරවාරි මාසයේ සිට තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අහෝසි වෙනවා. ට්‍රොට්ස්කි මේකට එකඟ වුණා. එනිසා අන්තිමට වුනේ ජර්මනිය වත් හිතුවේ නැති දෙයක්.
හැබැයි ලෙනින් ජර්මනිය අමතක කලේ නැහැ. ට්‍රොට්ස්කි යවල බ්‍රෙස්ට්-ලිතොව්ස්කි සාම ගිවිසුම 1918 මාර්තු 3 වනදා අත්සන් කලා . ළඳරු සෝවියට් ආණ්ඩුව එක පසෙකත් ජර්මනිය, ඔස්ට්රෝ හංගේරියාව, බල්ගේරියාව, තුර්කිය එක පසෙකත්. මෙහිදී ලිත්වා, ලැට්වියා , ලිතුවේනියා කියන රටවල් ජර්මනියට දෙන්න වුණා. යුක්‍රේනය ට නිදහස දෙන්න වුණා. තුර්කියට කෑල්ලක් ගියා. මේ නිසා සමහර රුසියානුන් ලෙනින් ව සලකන්නේ දේශ ද්‍රෝහියෙක් හැටියට. පුටින් අර කිව්වේ ලෙනින් රුසියාව යට බෝම්බයක් තැන්පත් කරලා බිඳලා දැම්ම කියල. ඒ මේකට.
නමුත් ඔහු සෝවියට් රාජ්‍යය ඉන් පස්සේ ගොඩ නැගුවා. (යුක්‍රේනය 1922 දී නැවතත් දීර්ඝ සිවිල් යුද්ධයකින් පස්සේ සෝවියට් දේශය යටතට ආව)
ජර්මනිය පළමු ලෝක යුද්ධයෙන් පරාජය වුණා 1918 දෙසැම්බරයේ දී. අර ගිවිසුම අහෝසි වුණා. නමුත් සෝවියට් දේශයට හෝ රුසියාවට ට අහිමිවූ රටවල් නැවත ලැබුනේ නැහැ.
ජෙහාන් ලෙනින් ගේ හොඳම ගෝලයා ජෙහාන් ස්ටාලින්, ලෙනින් වෙඩි වැදිලා පස්සේ හෘදයාබාධයක් හැදිලා අසනීප වෙච්ච ගමන් නිවාස අඩස්සියට දැම්ම බිරිඳ නදෙෂ්දා එක්ක. ඒ කියන්නේ කෙලින්ම නෙමේ. වක්‍රව කාටවත් වැඩිය හමුවෙන්න යන්න නොදී. ට්‍රොට්ස්කි එළවලා පොලිටි බියුරෝ එකේ භාගෙකටත් වැඩිය මැරුව.
හැබැයි මේ සෝවියට් දේශයම, මේ ස්ටාලින් ගේම නායකත්වය යටතේ දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර් ගේ ජර්මනිය පරදවන්න ලොකු කාර්යභාරයක් කලා. අර පළමු ගිවිසුමින් නැතිවුණු රටවල් සියල්ල 1945 වෙන කොට නැවත අල්ල ගත්ත පමණක් නොවේ. ජර්මනියේ දේශ සීමාව දක්වා වන රටවල් සමාජවාදී පාලනයකට යටත් වුණා.
ජෙහාන් ල පාවිච්චි කරන එක බොහොම පරිස්සමින් කරන්න ඕන වැඩක්.
ලෙනින් ගේ දුම්රිය ගමන
පුටින් ගේ බෝම්බ කතාව
ඔය උඩ පින්තූරය එඩිට් කරපු එකක්. ස්ටාලින් විසින්.
//අර පළමු ගිවිසුමින් නැතිවුණු රටවල් සියල්ල 1945 වෙන කොට නැවත අල්ල ගත්ත පමණක් නොවේ. ජර්මනියේ දේශ සීමාව දක්වා වන රටවල් සමාජවාදී පාලනයකට යටත් වුණා.//
ReplyDeleteමේ රටවල් අයිති අයිති කරගත්තේ ජර්මනිය සමඟ යුද්ධයට යන්න කලින් තවත් ගිවිසුමක් ගහල නේද?
https://en.wikipedia.org/wiki/Molotov%E2%80%93Ribbentrop_Pact
පෝලන්තයේ සමහර ප්‍රදේශ විතරයිනේ. බෝල්ටික් රටවල් ඔක්කොම වගේ හා ෆින්ලන්තයේ කොටසක්. නමුත් බල්ගේරියාව, හංගේරියාව, නැගෙනහිර ජර්මනිය, යුගෝස්ලාවියාව, (පළමු ලෝක යුද්ධයේ සර්බියාව) චෙකොස්ලෝවකියව ඔක්කොම ආවේ යුද්ධය අවසාන වෙන කොට. කොහොමත් යුද්ධය පටන් ගන්න කොටම තමා ගිවිසුම ආවේත්. ඔය ලින්ක් එකේම තියෙන්නේ.
Deleteඅනික ගිවිසුමෙන් පස්සේ පෝලන්තය ආක්‍රමණය කළා ජර්මනිය විසින්. නැවත මුදවා ගෙන සෝවියට් පාලනයට ගත්තේ 1945 පස්සේ.
Deleteරස්පුටින් එලෙව්වාද දිව්‍යපෝකේ යැව්වාද? මේක උනේ සාර් යුගයොම නේද?
ReplyDeleteගිරිගරි යෙපිමොවිච් රස්පුටින් රුසියානු මීස්ටික් කෙනෙක් නේද? අජිත් ඔහු ගැන පොස්ට් එකක් දමා තිබේද? රසවත් මාතෘකාවක් :D
Deleteරුවන් ජයතුංග දැම්ම වගේ මතකයක් තිබෙනවා. රස්පුටින් දිව්‍යලෝකේ /අපායට යැව්වනේ. ඔව් සාර් ගේ කාලේ
Deleteපට්ට ගේමක් නේ.. ලෙනින් පිටුවහල් කරපු එකෙක් ය කියුව? ඒ මොන හේතුවකටද? සමාවෙන්න ඕනි මේ වගේ මාතෘකා යටතේ ලියපු පරණ ලියුම් නොකියුවට.. පලවෙනි ලෝක යුද්දේ ගැනයි අර ෆිල්ම් එක ගැනයි කියවුණු නිසා මේකත් කියෙව්වේ.. :)
ReplyDelete//පට්ට ගේමක් නේ.. ලෙනින් පිටුවහල් කරපු එකෙක් ය කියුව? ඒ මොන හේතුවකටද? //
Deleteවාමාංශික දේශපාලනයේ යෙදීමේ වරදට
සමාව ඉල්ලන්නේ මොකටඩ් ඓතින්. තමන් කැමති දේ නේ කියවන්නේ
සමාවෙන්න කියුවේ ඕක කොහේ හරි කලින් ලියල ඇතිනේ.. ඒක හොයාගෙන කියවන්නේ නැතුව ආයි ආයි කරදර කර කර අහන එකට.. :))
Deleteජර්මනිය ගහපු ගැටේ හරි ගියා නම් මොකක් වේවිද ?
ReplyDeleteඉතින් ඒක හරි ගියානේ. ඕනෑවටත් වැඩිය හරි ගියානේ. ඒකයි වුනේ. ජර්මනිය කීයටවත් හිතුවේ ලෙනින් බලය අල්ලයි කියල. ලෙනින් ගේම ට චාටුවෙන් කැමති වුනාට ලෙනින් ගේ ඔලුවේ වැඩ කලේ වෙන ප්ලෑන් එකක්.
Deleteජර්මනිය කීයටවත් හිතුවේ නැහැනේ ලෙනින් බලය අල්ලයි කියල. - කියලයි ලියවෙන්න ඕනේ
Deleteම්ම්ම්... හොඳ විස්තරයක්, අජිත් ඔබ ඔක්තෝබර් විප්ලවයට පෙර සිදුවූ මෙන්ශෙවික් වරුන්ගේ විප්ලවය සහ වෙන්ශෙවික් වරුන් පිළිබඳවත් ලිපි පළ කලාද? හැකිනම් එවන් පෝස්ට් එකක් හෝ කලින් පලකල ලින්ක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.
ReplyDeleteස්තූතියි , මෙන්ශෙවික් විප්ලවයට වඩා ඒකට කියන්නේ පෙබරවාරි ධනවාදී විප්ලවය කියල නේද? මෙන්ශේවික් වරු බලයේ හිටියේ සෝවියට් සභා වල විතරයි. ලෙනින් මුල් කාලේ ඒ ආණ්ඩුව තිබුනට කමක් නැහැ වගේ මතයකින් ඉඳල තියනවා. ධනවාදී විප්ලවය සාර්ථක විය යුතුයි කියල. දැන් පුටින් කියන්නේ ඒ ආණ්ඩුව තියන්න හැරියානම් රුසියාවට හොඳක් වෙන්න තිබුන කියල. මම ලියල නම් නැහැ.
Deleteලැබුණු වැදගත් ප්‍රතිචාරයක්: දේශපාලන විශ්ලේෂණය
ReplyDeleteරමිඳු ලක්ඛිත පෙරේරා ෆේස්බුක් :
මේක නම් ප්‍රශ්නකාරී තොරතුරුවලින් ගහණ ලිපියක් :) රුසියාව අස්ථාවර කිරීම ගැන කයිසර්ගේ අදහස ගැන තියෙන ටික විතරයි පිලිගන්න පුලුවන්.
එහෙම යනකොට ලෙනින්ගේ අදහස වුණේ මොකක්ද කියන එක තේරුම් ගන්න පුලුවන් ඒ කාලයේ එයා ලියපු ඒවා කියවල බැලුවහම. අනෙක් එක, ලෙනින් රුසියාවට ගොඩ බැහැපු ගමන්ම තමයි අප්‍රේල් ප්‍රවාද ඉදිරිපත් කරන්නෙ. ඒකෙන් තමයි තාවකාලික ආණ්ඩුවට සහය නොදී සෝවියට් සභා බලය ගත යුතුයි කියන ඉල්ලීම ඉදිරිපත් කලේ. මේ අදහසට එකග නිසා තමයි ඒ වන විට බොල්ෂෙවික් පිලේ නොසිටි ට්‍රොට්ස්කි බොල්ෂෙවික් පිලට බැදෙන්න තීරණය කරන්නෙ.
ඒ වගේම, යුද්ධය අවසන් කොට සාමය ඇති කල යුතුයි කියන එක පෙබරවාරි විප්ලවයට පසුබිම් වූ මහජන අසහනය ඇති කල ප්‍රධාන සාධකයක්. යුද පෙරමුණේ රුසියානු හමුදා ඒ වෙනකොට හෙම්බත් වෙලා හිටියේ. යුද්ධය නතර විය යුතුයි කියන එක සොල්දාදුවන්ගෙන්ම ආව ඉල්ලීමක්. පෙබරවාරියේ ස්ට්‍රයික් කරපු කම්කරුවන්ට වෙඩි තියන එක බොහෝ සොල්දාදු බල ඇණි ප්‍රතික්ෂේප කරනවා. සාර් පාලනයෙන් බලය ගත්ත තාවකාලික ආණ්ඩුවට සාමය ඇති කරන්න බැරි වුණ එක ඒ ආණ්ඩුව කෙටි කාලයක් තුල ජනප්‍රියත්වයෙන් පිරිහිමට හේතු වූ කරුණක්. ලෙනින් ආමන්ත්‍රණය කලේ ඒ අතෘප්තියට. බොල්ෂෙවික් පක්ෂය බලය අරගෙන කරපු මුල්ම ආඥාව සාමය පිලිබද ආඥාවක්. ඒ කයිසර් ගෙ ගේම් එක ප්ලේ කරපු නිසා නෙමෙයි විප්ලවයේ එක ධාවකයක් වූ නිසා සාමය ගැන ඉල්ලීම. ඩොයිෂර්ගේ ට්‍රොට්ස්කි චරිතාපදානයේ හොද විස්තරයක් තියෙනවා බ්‍රෙස්ට්-ලිටොවිස්ක් සාකච්ඡාවල දී බොල්ෂෙවික් ආණ්ඩුව තුල තිබුණු මතභේද ගැන. ගිවිසුමේ දී ගෙවපු මිල ලදරු සෝවියට් ආණ්ඩුවට හුස්මක් ගැනීම සදහා අවසරයක් ගැනීමක් ලෙසයි ලෙනින් සලකන්නේ එතනදී.
This comment has been removed by the author.
Deleteමම මේ ලිපිය ලියන කොට වාමාංශික backlash එකක් බලාපොරොත්තුවෙන් ලිව්වේ. (අර විජේවීර ගැන විදර්ශන කිව කතාව වගේ) ඔයා ඔය කියන කොටස තමා අපට සෝවියට් දේශයට ගියහම ඉගැන්නුවේ සහ සාමාන්‍යයෙන් හැමෝම දන්නා කොටස.
Delete// යුද්ධය අවසන් කොට සාමය ඇති කල යුතුයි කියන එක පෙබරවාරි විප්ලවයට පසුබිම් වූ මහජන අසහනය ඇති කල ප්‍රධාන සාධකයක්.//මේ කතාව ඇත්ත තමයි තර්කානුකුලව. ඒක නිසා වෙන්න ඕනේ ලෙනින් ඔය ජෙහාන් තීරණය ගන්න ඇත්තේ.
// I contest is that Lenin was in an agreement with kaiser and was playing the role of a Jehan// මේකත් ඇත්ත. තව ඉස්සරහට තව ඒවා එන නිසා දැන්ම දැන ගන්න එකත් හොඳයි.
ඊළඟට කියනවා නම් ඔය පින්තුරයත් එඩිට් කරපු එකක්. ස්ටාලින් ලෙනින් එක්ක කෝච්චියේ ආවේ නැහැ. ස්ටාලින් ව අලවල අලුතින් ෆොටෝ එක අරගෙන අනිත් ඒවා ඔක්කොම විනාශ කරලා.
// ඒ කයිසර් ගෙ ගේම් එක ප්ලේ කරපු නිසා නෙමෙයි විප්ලවයේ එක ධාවකයක් වූ නිසා සාමය ගැන ඉල්ලීම.//
Deleteලෙනින් කයිසර් ඉල්ලීමට එකඟ වුනු හේතු හුඟක් තියෙන්නේ පුළුවන්. නමුත් කයිසර් ගේ ගේම් එකට එකඟ වුණා කියන එක බොරුවක් නෙමයි.
//ඩොයිෂර්ගේ ට්‍රොට්ස්කි චරිතාපදානයේ හොද විස්තරයක් තියෙනවා බ්‍රෙස්ට්-ලිටොවිස්ක් සාකච්ඡාවල දී බොල්ෂෙවික් ආණ්ඩුව තුල තිබුණු මතභේද ගැන. //
එක හරි මධ්‍යම කාරක සභාවේ 7න් , 4 ක් තමයි අත උස්සල තියෙන්නේ.
// ගිවිසුමේ දී ගෙවපු මිල ලදරු සෝවියට් ආණ්ඩුවට හුස්මක් ගැනීම සදහා අවසරයක් ගැනීමක් ලෙසයි ලෙනින් සලකන්නේ එතනදී.// ඔව් එක තමයි ලෙනින් හා සෝවියට් වරු කියන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැනේ ලෙනින් කයිසර් එක්ක ගිවිසුම ගහල ආවේ නැති බවක්. ආවේ එහෙම. ජර්මන් ආණ්ඩුවෙන් බෝල්ෂෙවික් පක්ෂයට මුදල් දුන් කතාවත් සත්‍යයක් නේ.
ස්ට්‍රයික් කරන වෘත්තීය සමිති ලෙනින්ට එපා වෙන්න ගියේ විප්ලවයෙන් අවු 3යි
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Kronstadt_rebellion
බෝල්ෂෙවික් පාලනයට එරෙහිව කොන්ස්ත්රඩ් විප්ලවය සාධාරණ එකක්. එතැන් 1000 විතර මරල දැම්ම නේ. ලෙනින් ම ආර්ථික පිළිවෙත වෙනස් කළා පස්සේ.
Deleteකෙරෙන්ස්කි දිගටම බලයේ හිටියා නම් රුසියාව මේ වන විට ස්වීඩනය , නෝර්වේ වගේ සංවර්ධිත රාජ්‍යක් කියා එක් රුසියානු ලේඛකයෙක් ලියා තිබුනා
ReplyDeleteඑහෙම වෙන්න තිබුනත් කෙරෙන්ස්කි ටිකක් දුර්වලව හිටියා. එතන ප්‍රශ්නයක් තිබුන. අනික කෙරෙන්ස්කිට මොර්ෆින් දුන්නලු. ඔය මනෝ වෛද්‍යවරයෙක් විධිහට දන්නවා ඇතිනේ එතකොට එන වෙනස් වීම්. කෙරෙන්ස්කිව එලවන්න පුළුවන් උනේ ඒකයි. අනික මිනිහත් විප්ලවවාදියෙක් නේ. බෝල්ශ්වික් තරම් තදට නොවුනත්
Deletehttp://www.independent.co.uk/news/long_reads/alexander-kerensky-russia-bolshevik-revolution-interview-1917-centenary-a8036256.html