Monday, 15 July 2019

චෙර්නෝබිල් - සැඟවිය නොහුණු සත්‍යය 1

ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික විදුලි බලාගාරය ඔර්බින්ස්ක් 1 සෝවියට් දේශය 
මා  සෝවියට් දේශයේ ඉගෙනුමට ගියේ 1984 වසරේ අගෝස්තුවලය.  එවකට එහි ජනාධිපති හා කොමියුනිස්ට් පක්ෂ ලේකම් වූයේ කොන්ස්ටන්ටින් චෙර්නෙන්කෝ ය.  ඔහුට  පසුව පත්වුනු ගොර්බචොව් නොයෙකුත් ප්‍රතිසංස්කරණ ඇති කිරීම  ඇරඹීය.

 විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට මොස්කව් විදුලි හා බලශක්ති තාක්ෂණික විශ්ව විද්‍යාලයට අප ඇතුළු වුනේ 1985 සැප්තැම්බර් මාසයේය. මගේ විෂය ධාරාව හැඳින්වුණේ  විදුලි බලශක්ති  බලාගාර යන නමිනි (Electrical Power  Stations). නමුත්  එයට න්‍යෂ්ටික බලාගාර ඇතුළු වූයේ නැත. න්‍යෂ්ටික බලාගාර හා ඒවායේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (nuclear reactors ) ගැන ඉගැන්වූයේද ඉතා යන්තමිනි. නමුත් අප විශ්ව විද්‍යාලයේ න්‍යෂ්ටික බලාගාර සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් තිබූ අතර කියුබානුවන් හා නැගෙනහිර ජර්මානුන් හැරුණු විට අනිත් විදේශික ශිෂ්‍යයන්ට එය විවෘත වූයේද නැත. කියුබානුවන් ට උගන්වන ලද්දේ සෝවියට් දේශය විසින් න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කියුබාවේ තැනීමට    සැලසුම් කර තිබු බැවිනි.

න්‍යෂ්ටික විද්‍යාව ගැන වැඩිදුරටත් ඉගැන්වූයේ අප විශ්වවිද්‍යාලයට යාබද එකක් වූ බෞමන්ස්කයා විශ්ව විද්‍යාලයේය. එය සම්පුර්ණයෙන්ම විදෙස් සිසුන්ට තහනම් වූ එකක් විය.  මරියා ෆෙදරෝව්නා අධිරාජිනිය ගේ නියමයෙන් එය විශ්ව විද්‍යාලයක් කරන  ලද්දේ වසර 1826 දීය. එය ප්‍රථම රුසියානු තාක්ෂණික විශ්ව විද්‍යාලයයි. මෙහි ඉගැන්වූ අධ්‍යාපන ක්‍රමය වූයේ ප්‍රබල න්‍යායික දැනුම සමග එවැනිම ප්‍රයෝගික දැනුමද ඉතා ගැඹුරින් ලබා දීමයි. රුසියානු ක්‍රමය ලෙස හැඳින්වූ මේ ඉගෙනීමේ ක්‍රමය කොතරම් අගය කරන ලද්දේද යත් මහාචාර්ය  ජෝන් රැන්කල් විසින් ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික විද්‍යා ආයතනයටද (MIT) මේ ක්‍රමය හඳුන්වා දෙන ලදී. (විකිපෙඩියා )
 මෙම විශ්ව විද්‍යාලය විප්ලවවාදියෙකු වන බෞමන් ගේ නමින් හඳුන්වන ලද්දේ සෝවියට් කාලයේදීය.

මේ විශ්ව විද්‍යාලය කතාවට සම්බන්ධ වන්නේ එහි න්‍යෂ්ටික භෞතික  විද්‍යාව  ගැඹුරු ලෙස ඉගැන්වූ නිසාම නොවේ. එහි උගත් පසුව  ප්‍රසිද්ධියට පත්වුණු විද්‍යාඥයන් අතර සිටි න්‍යෂ්ටික භෞතික  විද්‍යාඥ නිකොලායි දොලෙෂල් නිසාය. ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික විදුලි බලාගාරය වන රුසියානු සමුහාණ්ඩුවේ ඔබ්නින්ස්ක් න්‍යෂ්ටික විදුලි බලාගාරය 1954 දී ගොඩ නගන්නට මුලික වූයේ දොලෙෂල්ය.

එසේම ප්‍රධාන විදුලි පද්ධතියට න්‍යෂ්ටික බලයෙන් නිපදවු විදුලිය සම්බන්ධ කළේද , න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සිවිල් භාවිතාවට  ගැනීම  සඳහා කාර්මික නිෂ්පාදනයට මුල පිරුනේද මෙහිය. වසර 1959 දී විදුලිය දීම නැවත්වුවද 2002 දක්වා පර්යේෂණාත්මක බලාගාරයක් වශයෙන් එය ක්‍රියාත්මක වුනි.  මෙහි භාවිතා වූ  ප්‍රතික්‍රියාකරකය AM 1 හෙවත් ඇටම් මිර්නි (සාමයේ  පරමාණුව) 1 ලෙස හැඳින්වුණි. මෙය චෙර්නෝබලයේ ඉදි කෙරුණු  RBMK ප්‍රතික්‍රියාකාරකයේ මුල් සැලසුමයි. (prototype) දෙවැන්නේ  ලෙසම මෙහි නියුට්‍රෝන සීමා කරන ග්‍රපයිට් තුඩ හා ජල- ශීත  පද්ධතිය (Water cooling system) ක්‍රියාත්මක වුනි.

මා ඉහත හැඳින්වූ  ප්‍රසිද්ධ බෞමන් විද්‍යායතනයේ උගත්  නිකලොයි ඇන්තනොවිච් දොලෙෂල් කාර්මික ඉංජිනේරුවකු පමණක් නොව සෝවියට් න්‍යෂ්ටික බෝම්බ නිපදවීමේ ක්‍රියාවලියේ පුරෝගාමියෙකු මෙන්ම ප්‍රථම ප්ලූටෝනියම් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක නිපදවීමේ ප්‍රධාන ඉංජිනේරුවා ද විය.

එසේම ඔහු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සඳහාද සැලසුම් සකස් කළේය.

ඔහු විසින් ප්‍රධානත්වය දරන ලද ආයතනය විසින් 1957 දී සිවිල් භාවිතය හා යුධායුධ සඳහා භාවිතාවන ප්ලූටෝනියම්  (weapons-grade plutonium) සඳහා බලාගාරයක් පිහිටවූ අතර 1965 දී බෙලොයර්ස්ක් න්‍යෂ්ටික විදුලි බලාගාරය පිහිටුවන ලදී. මෙම ආයතනයෙන් VVER (water-water energetic reactor (WWER))  හා RBMK (Russian: Реактор Большой Мощности Канальный, РБМК; Reaktor Bolshoy Moshchnosti Kanalnyy, “High Power Channel-type Reactor”) න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක නිපදවීම ආරම්භ කරන ලද්දේ ඉන් පසුවය,

මේවා සියල්ල ඉතා හොඳ තත්වයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක  විය.

එසේ නම් චෙර්නොබිල් හි  සිදුවූයේ කුමක්ද? මෑතකදී පෙන්වූ HBO රූපවාහිනි වෘත්තාන්තයේ පෙන්වූ සියල්ල නිවැරදිද? සෝවියට් ජනතාවගේ කැප කිරීම් නියම ලෙසින් පෙන්වූයේද?

ඊළඟ ලිපියෙන් ඒ සියල්ල සාකච්ඡා කිරීමට  බලා  පොරොත්තු වෙමි.

මුලාශ්‍ර : ඔර්බින්ස්ක් ලෝකයේ න්‍යෂ්ටික විදුලි ප්‍රථම බලාගාරය 
බෞමන්ස්කයා විශ්ව විද්‍යාලය 


 

29 comments:

  1. චර්නොබිල් වලට ඒ ෆිල්ම් එක නිසා ලැබුණ ප්‍රසිද්ධිය නිසා උක්රේන නව ජනාධිපතිවරයා ඒ පළාත සංචාරකයන් සඳහා විවෘත කිරිමට අදහස් කරනවා කියල දකින්න ලැබුනා. හැබැයි තව අවුරුදු දහ දාහක් විසි දාහක් යනකල් මිනිස් වාසයට එය නුසුදුසුයි කියල කව්රු හරි විශේෂඥයෙක් කියල තිබුනා. දැනටත් අවම වශයෙන් සංචාරයකන් එන නිසා ඒක නීත්‍යානුකූලව කරන්නලු එයා හදන්නේ. එයා විහිළුකාරයා නිසා මේක විහිළුවක්ද කියල නං දන්නැනෝ.

    ReplyDelete
    Replies
    1. දැනුත් මිනිසුන් යනවනේ, ඩොලර් 100 ගෙව්වහම එතනටම අරන් යනවා හොරෙන්. මමත් යන්න කියල ඉන්නේ. මගේ යාළුවෙක් ගේ (ලංකාවේ කෙනෙක් ) ඉඩමකුත් තියනවා ඔය පැත්තට කිට්ටුව. (සෝන් එකෙන් එහා0 . අර විශේෂ ඇඳුම ඇන්දම අවුලක් නැහැ.. ජීවත් වෙන්න නම් බැහැ තමයි. හැබැයි ගිය මාසෙද කොහෙද බිලියන් ගානක් වියදම් කරලා කවරයක් දැම්මනේ

      Delete
    2. හපොයි දෙයියනේ විහිලුකාර කතා ප්‍රසිද්ධියේ ලියන්ඩ එපෝ. විහිලුකාරයෝ ජනාධිපති වෙලා ඉන්න වෙන රටවල් වල මුලු රටම චර්නොබිල් වගේ මිනිස් වාසයට නුසුදුසු වේගෙන එනෝ....

      Delete
    3. මොනවා කරන්නද මොනවා.... කරන්න...ද...

      Delete
  2. මම චර්නොබිල් සිරිස් එක බලන්න ඉන්නේ. මේ විස්තරේ වැදගත් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව හොඳයි. මම තව නොදැන හිටි සහ , දන්න ටිකක් තමයි කියන්න යන්නේ

      Delete
  3. තාම චර්නොබිල් සීරිස් එක බෑවට බැලුවේ නෑ. බලන්ඩ කලින් කියවලම ඉන්නං....

    ReplyDelete
  4. නියම ලියැවිල්ලක් . ඊලග කොටස කියවන්න බලාගෙන ඉන්නවා .

    ReplyDelete
  5. Very informative, Waiting for the next episode. I am always fascinated by USSR inventions, and angry about the way how Russia is vilified by west. I think USSR and current Russia is just reacting to west's aggression.

    I like Putin, he has the guts to stand up for his country without considering money and mostly come out as a winner.

    ReplyDelete
    Replies
    1. yu gud man. yu lyk putin i lyk tramp. tramp an putin frend.

      Delete
    2. Thanks Wijebahu. If you would travel to Russia you will fell in love with it. A friend of mine went to Russia few weeks ago. When he came back he called me and ask, why on earth you came here. he he It's a different life style.

      Delete
  6. චෙර්නෝබිල් අනතුරට ඇමරිකාවේ සම්භන්දයක් තියෙනවා කියල මම අහලා තියෙනවා . කොච්චර දුරට ඒ කතාව ඇත්තද දන්නේ නෑ හැබැයි .

    වටිනා ලිපියක් අජිත් මහත්මා මෙය .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලන මල්ලි. මගේ දනියෙට්ස්ක් හිටපු යාලුවත් කිව්වා ඒ ගැන ලියන්න කියල. විචාරාත්මකව බලමු.

      Delete
  7. https://www.thoughtco.com/chernobyl-animal-mutations-4155348

    ReplyDelete
  8. අජිත් අයියේ.

    මේ පොස්ට් එක එනකං මම බලන් හිටිය. චර්නොබිල් කතාව මම මේ අවුරුද්දෙ බලපු හොඳම සීරිස් එක. විද්‍යාව ගැන දැනුමක් නැති උනත් චර්නොබිල් ගැන තිබ්බ විශේෂ උනන්දුව නිසාත් මේ ලිපිය දෙතුන් වරක්ම කියෙව්ව කමෙන්ට් කරන්න කලින්. මම හිතන්නේ චර්නොබිල් සීරිස් එක 100% නිවැරදි නැතත් ප්‍රේක්ෂක අපිට අදාළ සිද්දිය ගැන හොඳ දැනීමක් ලබා දුන්න. සිදුවීම් වලට අදාළ චරිත කැමරා කරණය බොහොම ඉහලයි. ඒ වගේම මේ පළමු පොස්ට් එකෙන් යම්කිසි දල අදහසක් නෂ්ටික බලාගාර ගැන කියල දුන්නටත් බොහොම ස්තුතියි.

    පොඩි ප්‍රශ්න තියෙනව මේ ගැන ඔයාගෙන් අහන්න..

    01. රුසියාවට 1950 ගණන් වලදී නෂ්ටිට බලාගාර වලින් විදුලිය දෙන්න පටන්ගත්තනම් ඇයි එක 2002 දී නැවැත්තුවේ? මොකද තෙල් වලින් ජලයෙන් විදුලිය බලශක්තිය ඇතිකරන එක මේ වෙලාවේ ලෝකයටම තියෙන අබියෝගයක්.

    02. ඒ වගේම මහාචාර්ය ජෝන් රැන්කල් රුසියාවෙන් ගත්ත අත්දැකීම් ඇමෙරිකාවට ලබාදුන්නනන් ඇයි ඔච්චර තාක්ෂණයක් තියෙන රුසියාවට බැරි ලෝකයේ බලවත්ම රට වෙන්න..??

    03. ඔච්චරම ආරක්ෂක පද්දති සන්නිවෙදයන තාක්ෂනය උපරිමයෙන්ම තිබුන අවස්තාවක කොහොමද අත්වැරදිකමික් චර්නොබිල් එකට ඔච්චර ලොකු දෙයක් උනේ..??

    මාරම සන්තෝසයි මේ ගැන ලියනවට. බොහොම අසාවෙන් බලන් ඉන්නව ඊළඟ පොස්ට් එක එනකං.

    ජය වේවා එහෙනං.

    ප.ලි.

    Ukrainian වල ඉන්න මගේ මිත්‍රයෙක් කිව්ව මේ ටෙලි සීරිස් එක නිසා අද වෙනකොට Ukrainian වල සංචාරක ව්‍යාපාරය 50% න් ඉහල ගිහිල්ල කියල. අනේ අහන්නත් සන්තෝසයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ ඉන්නේ බෞමන්ස්කයා වල ඉගෙන ගත්ත සමහරු
      Notable faculty and alumni
      Sergei Pavlovich Korolev - Lead Soviet rocket engineer and spacecraft designer, founder of soviet cosmonautics
      Vladimir Grigorievich Shukhov - Russian engineer, scientist and architect, inventor of the Shukhov cracking process
      Vladimir Solovyov - Soviet cosmonaut and first man on Mir
      Andrey Nikolaevich Tupolev - pioneering Soviet aircraft engineer, chief designer of the "Tupolev" aircraft
      Pavel Osipovich Sukhoi - Soviet aerospace engineer, chief designer of the "Sukhoi" military aircraft
      Pafnuty Lvovich Chebyshev - Russian mathematician and mechanician
      Vladimir Mikhailovich Myasishchev - Soviet aircraft designer
      Georgy Malenkov - Prime Minister of the Union of Soviet Socialist Republics
      Nikolai Yegorovich Zhukovsky - Russian scientist and mechanician, founder of modern aerodynamics
      Vladimir Nikolayevich Chelomei - Soviet mechanics scientist, aviation and missile engineer
      Nikolay Alekseevich Pilyugin - Soviet chief designer of rocket guidance systems
      Semyon Alekseyevich Lavochkin - Soviet aircraft designer, founder of the Lavochkin aircraft design bureau
      Vladimir Mikhailovich Petlyakov - Soviet aeronautical engineer
      Sergey Alexeyevich Chaplygin - Russian and Soviet physicist, mathematician, and mechanical engineer
      Sergei Alekseyevich Lebedev - Soviet scientist in the fields of electrical engineering and computer science, designer of the first Soviet computers
      Ivan Georgievich Petrovsky - Soviet mathematician
      Vladimir Evgenievich Zotikov - Russian and Soviet scientist and textile engineer
      Lev Iakovlevich Karpov - Russian Chemist and Bolshevik revolutionary
      Sergei Ivanovich Vavilov - Soviet physicist, the President of the USSR Academy of Sciences
      Arkady Grigoryevich Mordvinov - Soviet architect and construction manager
      Aleksandr Aleksandrovich Mikulin - Soviet aircraft engine designer and chief designer in the Mikulin design bureau
      Sergey Alexandrovich Afanasyev - Soviet engineer and statesman, space and defence industry executive, the first Minister of the Soviet Ministry of General Machine Building.
      Alfred Rosenberg - German Nazi political figure, influential ideologue of the NSDAP, executed for war crimes
      Sergey Pavlovich Nepobedimiy - Soviet designer of rocket weaponry
      Nikolay Antonovich Dollezhal - Soviet mechanical engineer, a key figure in Soviet atomic bomb project and chief designer of nuclear reactors
      Vladimir Pavlovich Barmin - Soviet scientist, designer of the rocket launch complexes
      Alexander Leonovich Kemurdzhian - Soviet engineer, first planetary rovers chassis designer
      Konstantin Petrovich Feoktistov - Soviet cosmonaut and space engineer
      Oleg Ivanovich Skripochka - Soviet cosmonaut and space engineer
      Oleg Grigoryevich Makarov - Soviet cosmonaut.
      Gennadi Mikhailovich Strekalov - Soviet engineer and cosmonaut
      Vassili Nesterenko - Soviet Nuclear Energy physicist
      Maksim Zakharovich Saburov - Soviet engineer, economist and politician
      Zou Jiahua - former Vice Premier of China
      Georgy Trefilov - founder and the former co-owner of the "MARTA" holding
      Dmitry Grishin - Russian businessman, investor and Internet entrepreneur. Co-founder, Chairman and CEO of Mail.ru Group
      Dmitry Sklyarov - Russian programmer, hacker and cryptographer
      Igor Sysoev - creator and developer of the Nginx Web server and founder of NGINX, Inc
      Alexander Volkov (fighter) - professional Mixed Martial Artist, current UFC Heavyweight contender[23]

      Delete
    3. ටික්ක කියපු නිසා තමයි ලියන්න පටන් ගත්තේ. හැබැයි හිමින් තමයි ලියවෙන්නේ වෙලාව මදි කම නිසා.
      //මම හිතන්නේ චර්නොබිල් සීරිස් එක 100% නිවැරදි නැතත් ප්‍රේක්ෂක අපිට අදාළ සිද්දිය ගැන හොඳ දැනීමක් ලබා දුන්න. // ඔව් ඒකට එකඟයි.
      1. //රුසියාවට 1950 ගණන් වලදී නෂ්ටිට බලාගාර වලින් විදුලිය දෙන්න පටන්ගත්තනම් ඇයි එක 2002 දී නැවැත්තුවේ?// එහෙමද තේරුනේ ? මම කිව්වේ ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික විදුලි බලාගාරය ගැන. ඒක නතර කාලේ නැහැ. විදුලිය ග්‍රිඩ් එක ට දෙන එක නතර කළා. ඊට පස්සේ න්‍යෂ්ටික රියක්ටර් ගැන පර්යේෂණ ආයතනයක් හැටියට තිබිල 2002 දී වැඩ නැවැත්වුවා . දැන් මියුසියම් එකක් . ඒක විතරයි.රුසියාවේ න්‍යෂ්ටික විදුලි බලාගාර 35 කුත් උක්රයිනයේ 4 කුත් තියනවා.
      2. //ඒ වගේම මහාචාර්ය ජෝන් රැන්කල් රුසියාවෙන් ගත්ත අත්දැකීම් ඇමෙරිකාවට ලබාදුන්නනන් ඇයි ඔච්චර තාක්ෂණයක් තියෙන රුසියාවට බැරි ලෝකයේ බලවත්ම රට වෙන්න..??// බෞමන්ස්කයා විශ්ව විද්‍යාලය සෝවියට් වෙන්න කලින් සාර් ගේ කාලේ තමා මහාචාර්ය රැන්කින් ඒ ඉගෙනීම අනුගත කලේ MIT එකට. ඒ ලින්ක් එකට ගිහින් බලන්න. සෝවියට් වුනාට පස්සේ ලෝකයේ පළමුවෙනි චන්ද්‍රිකාව යවපු කෙනත් ඒකේමයි මයි ඉගෙන ගත්තේ.
      //ඇයි ඔච්චර තාක්ෂණයක් තියෙන රුසියාවට බැරි ලෝකයේ බලවත්ම රට වෙන්න..??// මේකට නම් මෙහෙම් උත්තර දෙන්න බැහැ . සමහර පැති වලින් විතරනේ හොඳ වුනේ. තවමත් අභ්‍යවකාශයට යවන රොකට් වලින් හොඳම ඒවා රුස්සගේ. ඇමෙරිකාවටවත් වෙන රටකටවත් ගහන්න බැහැ මිලිටරිලි . න්‍යෂ්ටික ආයුධ නිසා, එච්චර තමයි නේ.
      සෝවියට් උපාධි වල ප්‍රයෝගික පුහුණුවත් හුඟක් හොඳයි. බලවත්ම රට වුනේ නැත්තේ නම් වෙන වෙන හේතු නිසා.
      3. ඔච්චරම ආරක්ෂක පද්දති සන්නිවෙදයන තාක්ෂනය උපරිමයෙන්ම තිබුන අවස්තාවක කොහොමද අත්වැරදිකමික් චර්නොබිල් එකට ඔච්චර ලොකු දෙයක් උනේ..?//ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි මේක ලියන්නේ
      සංචාරක - ඔව් ඒක ඇත්ත. ඕක හැදුවෙත් ඕකටමද මන්ද

      Delete
    4. බොහොම ස්තුතියි අජිත් අයියෙ.

      එංගලන්තෙ හිටියත් මට සෝවියට් දේශය ගැන එහේ දේශපාලනය ගැන හෝ නෂ්ටික දේවල් ගැන මට මෙලෝ දැනුමක් නැති උනත් අනේ මන්ද මොන මගුලක්ද මන්ද මම රුසියාවට හෙන ලව්.
      දැන් අවුරුදු හතර පහකට කලින් රුසියාව ගැන හොයන්න පටන්ගත්ත. ඒත් කිරීම දෙයක් තේරෙන්නෙ නැහැ. ඒ අස්සෙ මේ TV සීරිස් එක ආව. නොතේරෙන දෙයක් තේරෙන්න ලියන ඔයා වගේ ය හෙමීට ලියන්න අවුලක් නැහැ.

      බ්ලොග් ලියන්නෙක් විදිහට මට කිසිම අයිතියක් නැහැ කිසිම කෙනෙකුට ලියන්න කියල කියන්න. ඒත් අජිත් අයියෙ මේ චර්නොබිල් ගැන ලියන්න පටන්ගත්ත එක කාලයක් අරගෙන හරි කමක් නැහැ ලියන්න. හදිසියක් නැහැ. මොකද දන්නා කෙනෙක්ගෙන් එයා දන්න දෙයක් පරක්කුවෙලා අහගත්තත් කමක් නැහැ. මම දන්නව ලියපු එකෙක් විදිහට ලියන්න තියෙන අමාරුව. 🙈 මගේ එක පොස්ට් එකක් තවම බාගයක් ලියල Notes වල තියෙනව දැන් මාස හයකටත් වැඩිය.

      අනික මෙහෙම දෙයක් ලියන එක ලෙහෙසි නැහැ ලින්ක්ස් එක්ක.

      එහෙනං ජය වේවා.. බොහොම ස්තුතියි හොඳේ... 🙏🏻

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  9. එල්ල ගත්ත මගේ බ්ලොග් ලිස්ට් එකේ

    ReplyDelete
  10. අජිත් අයියෙ. මම මේ මගේ දිග කමෙන්ට් එක ලියන්න යද්දි ඔයගේ පොස්ට් එක පෙන්නන්නෙ නැහැ. 🙈 මොකක්ද සිද්දිය...???

    ReplyDelete
    Replies
    1. මේක පේන්නේ නැත්ද? මම ජරම්නි ගිහින් හිටියේ. මොබයිල් එකේ ඩ්රාෆ්ට් එකට දැම්ම අප්ඩේට් කරන්න. අප්ඩේට් වුනේ නැහැ. දැන් අයින් කළා

      Delete
  11. අපේ කේස් ස්ටඩි එකක්.. මේක වෙනම සර්ව් කරගන්න වෙනවා :)

    ReplyDelete
    Replies
    1. එහෙමද ඔව් සේෆ්ටි ප්‍රශ්න ගොඩක් වෙච්ච තැනක්

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .