Sunday 30 June 2019

දොස්තර සාෆි හැර තවත් දොස්තරවරු සහ හෙදියන් සිටීද මහරජ?

මුකුත්ම නොලිය ඉන්නත් ඉඳල අන්තිමට ලියන්න තීරණය කළේ අපේ රැඩිකල් සෙට් එකයි සිංහල බෞද්ධ සෙට් එකයි එකම තැන ඉන්නවා දැකල.

රැඩිකල් සෙට් එකට අනුව සාෆි නිවැරදියි. මේක මුස්ලිම් වරුන්ට එරෙහිව ගහන ගැහිල්ලේ කොටසක්. සාෆි යූ ඇන් පී එකෙන් චන්දෙ ඉල්ලලත් තියනවා. ඒක අමතක කරන්නත් එපා. දිවයිනේමාධ්‍යවේදියෙකු වන හේමන්ත රන්දුනු හා  වයඹ පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සිද්ධිය පිටුපස සිටින බවත්, සාෆි මිලදී ගත් ගොඩ නැගිල්ලක් නිසා මේ බොරු චෝදනා වලට සම්බන්ධ බවත් කියැවෙනවා.

ඒ සමගම සීඅයිඩී එක පවා බොරු කළාය කියල මේ ලිපියෙන් කියනවා.
"සාෆි අත්අඩංගුවට ගත් පැමිණිල්ල ගැනත් පොලිසියේ වංචාවක් - CID විමර්ශනයෙන් හෙළිවෙයි"

දැන් මගේ අත්දැකීමක් තියනවා මගේ පියා ගැන.මේ ගැන  මේ බ්ලොගයේ මීට කලින් ලියලත් තියනවා. ඔහුට තිබුනේ හෙමක්‍රොමොටොසිස් කියන රෝගය. රුධිරයේ අයන් (යකඩ) වැඩිකම. මේ නිසා අක්මාවේ වැඩිපුර යකඩ තැන්පත් වෙලා  සිරෝසිස් හැදෙනවා. බීල නෙමේ.  එයාට ප්ලේබෙටෝමි තෙරපි එක නැත්නම් රුධිර ප්ලාස්මා එක දීම (වෙනෙසෙක්ෂන්)  මගින් සෑහෙන්න හොඳ වුණා. බටහිර අවුරුදු ගාණක් කරන වෙදකමක්. ලංකාවේ ප්‍රධාන ජාතික රෝහලේ (මහා රෝහලේ) සිටි කරුණාවන්ත වෙදැදුරු තුමෙක් තමා මේ ප්‍රතිකාරය කළේ . මේ ප්‍රතිකාරය කරන තාක් කල් පියා හොඳින් හිටිය. නමුත් අනිකුත් වෛද්‍යවරු දාපු ලෙඩක් නිසා කියල කියන්නේ, මේ වෛද්‍යවරයා වෙන රටකට ගියාලු. මගේ සහෝදරයා , මව සහ සහෝදරිය පියාට මේ ප්‍රතිකාරය දීර්ඝ කරන්න කියල මහා රෝහලේ  සිටි වෛද්‍යයවරුන් හා වෛද්‍යවරියන් ගෙන් ඇහුවම බැනල එලවාගෙන. "ඔයාල අපිට වැඩිය දන්නවද ?අපි දෙන බෙහෙත්  ගන්න බැරිනම් යන්න."

පියාගේ තත්වය එන්න එන්නම දුර්වල වුණා. ඊට පස්සේ සහෝදර සහෝදරියෝ ඔහුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා . ලෙඩේ ගැන ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් චැනල් කරගන්න ඕන ක්‍රියාවලිය ඒකයි. ඉන්පස්සේ   ඒ වෛද්‍යවරයා සම්බන්ධ ප්‍රධාන රෝහලකට ඇතුළත් කළා. නමුත් ඒ වෛද්‍යවරයාත් මුලින් කී වෛද්‍යවරයා කරපු ප්ලාස්මා දීම (ලංකාවේ නම් කරපු විධිහ)  හෙවත් ලේ ඉවත්කර   ලේ දීම කළේ නැහැ. වදදුරු වාර්තා තියෙද්දී. එයා මුළු පරීක්ෂණ රොත්තම ආපහු කරන්න  ගත්ත. අර පෞද්ගලික රෝහල හරහා.  මගේ සහෝදරිය හෙම මේකට විරුද්ධ වුනා . නමුත් වැඩක් වුනේ නැහැ. තාත්ත දුරලා වුනා දවසින් දවස. බැරිම තැන මම කතා කලා . ලන්ඩන් වලින් කතා කරනකොට ලෙඩේ විස්තර, අරව මේවා ඔක්කොම දැන ගන්න පුළුවන් වුනා. ඒ ප්‍රධාන වෛද්‍යවරයම කීව බයවෙන්න එපා මගේ වෙදකමක් තියනවා. මේ පරීක්ෂණ ඉවර වෙලා ඒ ගැන ක්‍රියා කරනවා කියල. ඒක ප්‍රමාදයි දැනට රුධිර පාරවිලනය හෝ ප්ලාස්මා දෙන්න  කියන අපේ ඉල්ලීමට එකඟ වුනේ නැහැ.

මේ වෛද්‍යවරයම  වෛද්‍ය සිසුන් වගේකට කියල දෙන ගමන් හෙමක්‍රොමටසිස් රෝගය ගැන කියල හොඳ කරන්න  බැරිබවත්  පරම්පරාගත (genetic haemochromatosis)  ලෙඩක් බවත් විස්තර කරලා. තාත්ත අඬ අඬ කියල තියනවා අම්මට සහ මල්ලිට. හැබැයි ඒ වෙනකොට අපි දැනගෙන හිටිය ලෙඩේ සනීපකරන්න බැහැ කියල. නමුත් ජිවත් වන කාලය රුධිරය දීම මගින් දිගු  කරන්න පුළුවන් කියලත් අවසන් අවධියේ වේදනාව අඩු කරන්න පුළුවන් කියලත්. අපි ඒකට ගෙව්වත් එක්ක හැම මාසයකම. (රුධිර ප්ලාස්මා එකට)
හැබැයි   ඒ වෙලාවේ නම් මම ටිකක් තදින්  කතා කරලා  "ප්‍රධාන වෛද්‍යවරයාට "  ඇහුව මොන වෛද්‍ය ආචාර  ධර්මවලද තියෙන්නේ ලෙඩා ඉස්සරහම ශිෂ්‍යයන්ට කියන්න  ලෙඩා  හෙට අනිද්දා මැරෙනවා  කියල "
එම දොස්තර තුමා සොරි කිව්වා. ඊට පස්සේ කිව්වා ලන්ඩන් එවන්න  තරම් හොඳට ලෙඩාව සනීප කරනවා කියල. සනීප වෙන්නැති ලෙඩක් සනිපකරන්නේ කොහොමද කියල මම ඇහුවේ නැහැ. හැබැයි ඊට සුමානෙකට පස්සේ තාත්තා එක පාරටම අමාරු වෙලා දින තුනකින් වගේ  මැරුණා. මැරුණ හේතුව සිරෝසිස් නෙමේ. නියුමෝනියාව. මේ ලෙඩේ නිසා ප්‍රතිශක්තිය සෑහෙන්න අඩුවෙනවා. එනිසා වෙන ලෙඩ අඩුම ගණනේ හෙම්බිරිස්සාව තියෙන  කෙනෙක්වත් ලඟින් තියන්නේ නැහැ. තාත්තා ගාව නියුමෝනියා හැදිච්ච ලෙඩෙක් තියලා දවස් ගාණක්. මම ඇයි කියල ඇහුවම ඒකටත් "සොරි" කිව්වා.

ඒ වාට්ටුවේ හිටි හෙදියක් සහ වෛද්‍යවරු දෙදෙනෙක් මට පස්සේ ලංඩන් වලදී හම්බ වුනා. ඒ අය ඇත්තටම හුඟක් උදව් කරලත් තිබ්බ. නමුත් එයාලට අනුව ලංකාවේ වෙන දේවල වෙන විධිහේ ක්‍රමයක් තියනවා. ඒ ක්‍රමේ කාටවත් කඩන්න බැහැ. අවම වශයෙන් මම දන්නේ එහෙමෙයි.

අපි දන්නා , බ්ලොග් ලියන කියන, ෆේස් බුක් එකේ ලියන හුඟක් හොඳ බටහිර වෛද්‍යවරු ඉන්නවා. ඒ අයට කියන දෙයක් නෙමේ මේ.
හැබැයි ලෙඩ්ඩුන් ගෙන්  අහන්නේ නැතිව , ලෙඩ්ඩුන්ට හෝ ඔවුන්ගේ භාරකරුවනට නොකිය කරන දේ වෙනවා කියල මම අහලා තියනවා. ලෙඩ්ඩුන්ට ප්‍රශ්න අහන්නත් අමාරුයි පෞද්ගලික රෝහලක නොවේ නම්. ඊට අමතරව සිසේරියන් වගේ ශල්‍යකර්මයක් නම් එංගලන්තය වගේ රටවල කරන්නේ අන්තිම වගේ අවස්ථාවක . ස්වභාවික  විධිහට ළමය ලැබෙන්නේ නැත්නම් පමණයි . ලංකාවේ ඒක පළවෙනිම තෝරා ගැනීම හැටියටත් වෛද්‍යවරුම තීරණය කරලා කරනවලු.

ලංකාවේ උපත්පාලන සීන් කෝන් එක තදේටම යන රටක්. ඒක හරි. වැඩිපුර ළමයි හදා  ගන්නේ නැතිව ළමයෙක් දෙන්නෙක්  වගේ හදාගෙන ඒ ළමයින්ට හොඳ ජිවිතයක් දෙන එක ළමයි දහ දෙනෙක් හදාගෙන දුක් විඳවනවට වඩා හොඳයි. හැබැයි ඒක තීරණය කරන්න ඕනේ මවහෝ පියා මිස රජය නෙමේ.

ලංකාවේ ඒකත් රජය විසින් තීරණය කරනවා කියල මට කනින් කොනින් ඇසිලා තියනවා.

දොස්තර සාෆිට ශල්‍යකර්මකිරීම  තනියම කරන්න  බැහැ. නිර්වින්දන වෛද්‍යවරු, හෙදියන් ඇතුළු කිහිප දෙනෙක් ඔතන ඉන්නවා. ඒ අයගේ අනුදැනුම ඇතුවයි ඕන දෙයක්  වෙන්නේ.
වෛද්‍ය සංගමය අසාමාන්‍ය ලෙස නිහඬයි වගේ කියලත් පේනවා. හැම  දෙයකටම ජාත්‍යානුරාගීව ඉඳිරියට එන ඔවුන් ජාතිය අමතක කරලා  ඉන්නේ ඇයි වගේ ප්‍රශ්නයක් මට එනවා.

එනිසාම මට ප්‍රශ්න කිහිපයක්  තිබෙනවා.
වඳ භාවයට පත් කිරීම පිළිබඳව රජයේ ප්‍රතිපත්තියක් තිබුනාද?
ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා , මහින්ද සහ මෛත්‍රී රජයයන් යටතේ එය ක්‍රියාත්මක වුණාද?
මව්වරුන්ගේ අනුදැනුම නොමැතිව එය ක්‍රියාත්මක වුනාද ?
එවැනි ක්‍රියාවලියකට ජාති භේදයකින් තොරව බොහෝ වෛද්‍යවරුන් හා හෙදියන් සම්බන්ධ වුනාද?

ජනාධිපති කාරක සභාවක් පත් කරලා මේ ගැන හොයා බලන්න වෙයිද?

පින්තූර:      Cesarean Section Step by Step Procedure

Differences Between Vaginal and C-Section Childbirth

How I treat hemochromatosis




19 comments:

  1. අජිත් මේ දක්වා මේ සිදුවීම් වල කිසිම කෙනෙක් නොදැක්ක පැත්තක් ගැන පෙන්නනවා.

    ReplyDelete
    Replies
    1. මේ පැත්ත කවුරුත් කතා කරන්නේ නැහැ. මගේ ප්‍රශ්නය සම්භාවිතාවක් තියනවද මෙහෙම වෙන්න

      Delete
  2. It is unbelievable to say govt had a covet program to limit population unethically, with the help of GMOA.

    Also contradictory to say, Dr Safi can't do it alone and govt or GMOA would/could have done it. (in both situations people will come to know)

    I think GMOA is correct, not to comment against an own member and on a case in front of courts.

    ReplyDelete
    Replies
    1. I never say they had. I am asking is there a possibility? If there is none that is fine.
      However, we are talking about Sri lankan governments NOt UK or European governments. We are talking about Sri Lankan Medical association not British medical Association.
      yes, you are right, it is very difficult go against a doctor or take one of them to court. GO never discipline their doctors unlike other countries.

      Delete
    2. My mother was taken to a private hospital for MRI scan and she was given a contrast dye and she became allergic to it and she lost consciousness. She was taken to ICU and she was saved. however all these drama were unfolding family was not told anything. When a family member asked about any problems nurse said no problems and everything under control. When mother explained what happened my brother inquired from a friend who worked inside. He confirmed it. And he also said doctors usually don't tell these things claiming that is normal. I think differently. Families should be told. Allergic reactions are not nurses and Doctor's fault. These things happen. There is no need to hide these incidents from the family.

      Delete
    3. Governments do have covet programmes its not isolated issue
      those who talk very highly about developed nations do try to search about https://www.cdc.gov/tuskegee/timeline.htm
      have a look its was the very institute that is reporting about how the government misled innocent people.

      https://www.youtube.com/watch?v=qxr-cv-JuI8
      above is the latest drama it shows how vaccines harm people and how the government is hiding truth.

      This day and age people who posses some intelligence should invest some time to find out adverse reactions and should ask these difficult questions.

      It was not so long ago I manage to read an incident, a person who injured his arm and he was asked to do a operation costing Rs 400,000 and since this man did not have money tried to get another opinion from another Doctor and he was advice note to do the surgery as it will complicate the situation and has said in about several moths time it will improve, sure enough in one year time everything has gone back to normal

      Delete
  3. හරිම වැදගත් ලිපියක් අජිත්,

    සාෆි කාතාවේ බොහෝදෙනා අන්තගාමිව සෆිව ආරක්ෂා කරන්න හදනවා තව පිරිසක් මෙය මුස්ලිම් අන්තවාදය ලෙස සිංහල දොස්තරලා හරිම අහිංසක ලෙස පෙන්වමින් රගපෑමක් කරනවා.

    මගේ අදහසනම් සාෆි මුස්ලිම් අන්තවාදියකු බවත් ඔහු මේ අපරාදය කරනලද බවත් පමණක් නෙමෙයි මේ විනාශය කිරීමට සිංහල දොස්තරලා සහයෝගය දක්වල තියන බවත් කියන්න ඕනේ.

    //දොස්තර සාෆිට ශල්‍යකර්මකිරීම තනියම කරන්න බැහැ. නිර්වින්දන වෛද්‍යවරු, හෙදියන් ඇතුළු කිහිප දෙනෙක් ඔතන ඉන්නවා//

    හැබැයි මෙතන කියන්න ඕනේ දෙයක් තියනවා ඔය කියල අගනගරයෙන් බැහැර රෝගල් වල සැත්කම් කිරීමේදී සිතන්නේ නිර්වින්දන වෛද්‍යවරයකු හෙදියන් දෙදෙනෙකු පමණයි බොහෝවිට.

    නිර්වින්දන වෛද්‍යවරය හැමවිටම රෝගියාගේ හිස ආසන්නයේ සිටිනවා, යමක් පෙනුනොත් පෙනෙන්නේ හෙදියන් දෙදෙනාට පමණයි, මෙහිදී ශල්‍ය දොස්තරට උපකාරවන හෙදියට පමනයි මෙය කෙලින්ම දකින්න ලැබෙන්නේ අනෙක් හෙදියට සංකීර්ණය රාජකාරියක් පැවරෙනවා, ඇයට සිදුවෙනවා සැත්කමට පාවිච්චි කල ගොස් කතුරු පිළිබද සිහියෙන් සිටින්න මොකද රෝගියාගේ උදරය මහන වෙලාවේ සැත්කමට ගත් සියලු උපකරණ එලියට අරගෙන තියෙන්නේ ඕනේ.

    යම් විදියකින් සාෆි කලබල කලොත් උපකරණ දෙන හෙදියට ලෙඩාගේ ගර්බාශය පිළිබද අවදානය ඉක්මනින් ගිලිහෙනවා ඒ කාලය ඇති මේ අපරාදය කරන්න, මෙය හෙදිය දැක්කත් කරන්න දෙයක් නෑ.

    මෙතන වැදගත්ම කතාව සාෆි දරුවෙකු සොරකම් කිරීමට සහය දක්වල වරදකරු වූ පුද්ගලයෙක් මෙනිසා මේ මිනිසා විනාඩි පහළොවක් වැනි කාලයක් ගෙවමින් මෙශිමක් වගේ වැඩ කරමින් දවසේ වැඩි පැය ගණනක් රුපියල් ලක්ෂයකට අඩු මුදලට වැඩකරනවා කියන්නේ විහිළුවක් මොකද ඔහුගේ මාසික ආදායම ලක්ෂ 20ක් පමණ වෙනවා (ඔහුට ලැබී ඇති රුපියල් කොටි 400ට අමතරව )

    මෙතන ඕනෑම කෙනෙකුට තේරෙනවා ප්‍රශ්නයක් තියනවා කියල මව්වරුන් 1000 ට වඩා සහබාගි වී තියනවා මෙහිදී පර්යේෂණය කරන්න කියල කියන්නේ මේ සෆිට නීති විරොදී විදියට පත්වීම දුන්න රාජිතයි.

    මෙතන පහසුවෙන් තෝරාගත් මව්වරුන් විදේශ ගත කරවා ඉහලම තාක්ෂනය යටතේ පරීක්ෂණය කරානම් මෙහි ඇත්තේ බොරු තේරුම් ගන්න තිබුන, එහෙම නොකරන මේ කරන්නේ බොරුවක් බව නම් ඉතා පැහැදිලියි.

    ශ්‍රී ලංකාව තුල සාෆි වැරදිකරු කිරීමට උවමනා කිසිම පරීක්ෂණයක් නෑ කරන්න තියන ශ්‍රී ලංකික පරීක්ෂණ මගින් මේ මව්වරුන්ට හානි සිදුවීමට අවදානමක් තියනවා කියලත් කියනවා.

    මතන කලයුතු දේ නොකරන්නේ මන්ද කියලයි අපි අහන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. අපි හැම වෙලාම මේ ජාතිවාදී ප්‍රශ්නයක් අල්ලාගෙන සැබෑ ප්‍රශ්න යට කරන්න හදනවා. දිවයින මාධ්‍යවේදියා හා ඩිඅයිජි වැරදි වෙන්න පුළුවන්. නමුත් රජය මේ පිළිබඳව හොයා බලන එක හරි. අනික සෞඛ්‍ය ඇමතිවරයා යැව්ව කණ්ඩායමට එන්න ඉඩ නොදීමත් සැක සහිතයි. සාෆි සම්පුර්ණයෙන්ම නිවැරදියි කියල කියන්න කලින් හෙදියන් ඇතුළු හැමෝගෙන්ම පප්‍රශ්න කරන්න ඕනේ දිවුරුම් පෙත්සම් දීල බොරු කියන්නේ නැහැ. කිව්වොත් දඬුවම් දෙනවා කියල. ලංකාවේ ඔය කට්ටිය එකා වගේ රෑන්ක් එක ආරක්ෂා කරනවා.

      Delete
    2. //අනික සෞඛ්‍ය ඇමතිවරයා යැව්ව කණ්ඩායමට එන්න ඉඩ නොදීමත් සැක සහිතයි.//

      මේකනේ අජිත් ප්‍රශ්නය මේ ප්‍රශ්නයේදී සෞඛ්‍ය ඇමතිවරයා කියන්නේ ත් විත්තිකරුවෙක් තමයි මොකද ඔහු තෙමෙයි දේසපාලනය කිරීමට ගිය සාෆිට නැවත එම රෝහලේම පත්වීම දෙන්නේ, එය විශේෂ කැබිනට් පත්‍රිකාවකින් තමයි කරන්නේ එහෙම එකේ ඔහු කණ්ඩායමක් යවනවා කියන්නේ තමන්ගේ නඩුව තමන්ම පරික්ෂා කරනවා වගේ නේ.

      මම කියන්නේ වියදම කොච්චර උනත් විදේශීය රටක නවීන තක්ෂණය පාවිච්චි කරලා මේ පරීක්ෂණය කළා නම් ඉවර නේ

      අනික් අතට ශ්‍රී ලංකාවේ කරන පරීක්ෂණයෙන් දොස්තරගේ වැරදි හොයන්න බෑ වගේම අදාළ කාන්තාවට හානිවීමට වැඩි අවකාශයක් ඇතිබව කියන්නේ දොස්තර වරුම තමයි.

      Delete
  4. වහාම සිතිය යුතු මාතෘකාවක් !

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ එහෙමයි

      Delete
  5. “Though the doctors treated him, let his blood, and gave him medications to drink, he nevertheless recovered.”
    ― Leo Tolstoy, War and Peace

    ReplyDelete
  6. වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාගේ ප්‍රතිචාරය :
    ඒ කාලයේ තුන් වන සීසර් එකෙන් පසුව වී.ඕ.ජී ලා සමහර විට මවගේ අනුමැතියෙන් තොරව ඔවුන්ට එල් ආර් ටී කලා. මෙය මම කලුබෝවිල මීගමුව යන රෝහල් වල දුටුවා. එසේම වීදි කාන්තාවන් ගර්භිනීව ආ විට ඔවුන්ට අනුමැතියෙන් තොරව ඔවුන්ටත් එල් ආර් ටී කලා. තෙවන දරුවාගෙන් පසුව මිඩ් වයිෆ්ලා සායන වලදී සියලුදෙනාටම ඇහෙන්න අදාල මවට "මේ ඔයා එල්. ආර් .ටී කරන්න ඕනේ " කියා නියෝග දෙනවා මම අසා තිබෙනවා. සමහර විට මව්වරු අපහසුතාවයට පත් වන අන් දමට කතා කලා. සමහරක් විට තෙවන දරු උපතින් පසු එල්. ආර් .ටී නොකරන ලද මව් වරු ඩිස්චාජ් කිරීම ප්‍රතික්ශේප කල ඉන්ටර්න් වෛද්‍යවරු මම දුටුවා. මෙය බොහෝ විට කලේ කාන්තා ඉන්ටර්න්වරියන්. ඒ සඳහා වීඕජීලාගේ නිහඞ අනුමැතියක් තිබුනා. මේ 1993- 2009 අතර කාල වල රජයේ රෝහල් වල මම දුටු සත්‍ය තත්වයන් .

    ReplyDelete
    Replies
    1. ඔහොම තත්වයක් තිබියදී තමයි ඔය සාෆි ව බේරගන්න සමහර බ්ලොග්කරුවන් උනත් පෝලිමේ යන්නේ මම දැක්ක මේගැන මාතලන් ලජ්ජා නැතිව පෙනිසිටිනවා.

      මේගැන ඔහුගේ මුනුපොතේ සදහන් කලාම ඒවා අදාල නෑලු. ඔය අපුරුවට අදාළ වෙලා තියෙන්නේ.

      Delete
  7. අජිත් අයියෙ. බොහොම කණගාටුයි ඔබගේ පියා ගැන. හැබැයි ඔබ සහ ඔබේ පවුලේ උදවිය ඔබගේ පියා වෙනුවෙන් අන්තිම මොහොත වෙනකං දරපු උත්සාහය ප්‍රශංසනීයයි. ඒ ගැන බොහොම ආඩම්බරයි. ලංකාවේ වගේම එංගලන්තෙ NHS ගැන දොස්තර රුවන් ගේ බ්ලොග් එකේ මම ලියල තියෙනව. හැබැයි ලංකාවේ දොස්තර මාෆියාව ගන්නං හිතෙන්නෙ හරිම කාලකන්ණි හැඟීමක්.

    මම ඔබගෙන් යම්කිසි ඉල්ලීමක් කරනව. මේ සබ්ජෙක්ට් එකට පිටිං. මම දැන් Chernobyl - Season 1 එකේ අන්තිම එපිසොඩ් එක බලන ගමන්. ඔබට ඒ ගැන ලියන්න දෙයක් තියෙනවනං මම කරුණාවෙන් ඉලනව ඔබ දන්නා දෙයක් ලියන්න කියල.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔය කොමෙන්ට් එක ඔයා දාල තිබුන කලින්. (මගේ පියා ගැන ) කලින් පෝස්ට් එක්ක මම ඒ ගැන ලියල තියනවා. චෙර්නොබිල් ගැන ලියන්න ඉන්නවා. ඒ පිලිබඳ දත්ත වගයක් කියවනවා මේ දවස්වල වෙලා තියෙන විධිහට. අනික මගේ පොතේ වැඩ වගයකුත් කරගෙන යනවා. එනිසා ඒ ලිපිය පමා වෙන්නේ. ස්තුතියි මතක් කරපු එකට.

      Delete
  8. මේ සී සෙක්ෂන් කොරල කලින් හදපු නැකතට ලමයව එලියට ගන්න රටේ, ඔව්වත් වැඩද සෑර්.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .