Tuesday 25 June 2019

හැකිනම් උදව්වක් කරන්න

අපි කට්ටියක් ලන්ඩන් ඉඳන් ෂෙයාර් ඇන්ඩ් කෙයාර් කියල චැරිටියක් කරනවා 2004 ඉඳන් . ඒක හරහා ළමයි සෑහෙන පිරිසකට මාස් පතා මුදල් ගෙව්වා, සහ ගෙවමින් සිටිනවා අධ්‍යාපනික වැඩ සඳහා. දැන් අවුරුදු දෙක තුනක ඉඳන් මාසිකව මුදලක් දෙනවා තවත් ළමයි දෙන්නෙකුට. දෙන්නම එකම පවුලේ. එක දුවෙක් ආබාධිත දරුවෙක්.
ඔවුන්ට හරිහැටියට ඉන්න තැනක් වත් නැහැ.

මේක ජාතිවාදය අවුස්සන්න කියන එකක් නෙමේ. මම ඒ වගේ දේ නොකරන බව ඔබල දන්නවා. මේ ළමයින්ගේ තාත්ත වැඩිය ඉගෙන ගත් කෙනෙක් නෙමේ. වැඩ කලේ මුස්ලිම් විද්‍යාලයක පියන් කෙනෙක් ලෙස. පහුගියදා ඔහුව රැකියාවෙන් අස් කරලා. ඩොකියුමන්ට් වගයක් විසික් කළා කියල.නමුත් බිරිඳ කියන්නේ පහුගියදා ලංකාවේ ඇතිවූ ප්‍රශ්න නිසා තමයි අස් කලේ , ලිපි විසික් කල කතාව හදපු එකක් කියල.

මේ මනුස්සයා ටොයිලට් සුද්ධ කරන්න ගෙනාපු බ්ලීච් වගේ ජාතියක් බීල මැරෙන්න. දැන් හොස්පිට්ල් එකේ. ජිවිතේ නම් බේරිලා. අර අහිංසක බිරිඳ තමයි දරුවෝ දෙන්න බලා ගන්නේ. කවුරු හරි පුළුවන්නම් මොහුට සුළු පහේ රැකියාවක් හොයල දෙන්න.

ස්තූතියි (ඉන්නේ මාලිගාවත්ත පැත්තේ) (වෙනත් චැරිටි සමග සම්බන්ධයක් නැත )
උදව්වක් ලැබුනට පස්සේ මේ ලිපිය අයින් කරනවා.
ප්‍රතිචාර වලට වඩා ඔහුට රැකියාවක් ලබා දීම වැදගත් යයි සළකමි.

10 comments:

  1. ඇයි අයින් කරන්නේ මේ ල්පිපියේ වැරද්දක් නැහැ...කෙනෙකුගෙන් උදව්වක් ඉල්ලන එක වැර්ද්දක් නෙමෙයි...ඉටත් වඩා තව කෙනෙක් වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. උදව්වක් ලැබුනට පස්සේ ලිපියෙන් වැඩක් නැහැ

      Delete
  2. Jagath Pathirana26 June 2019 at 04:42

    ඔය මනුස්සයගේ ආගම ජාතිය මොකක්ද. මුස්ලිම්නම් අනිවාර්යයෙන්ම ආගම අතහරින්න පොලඹවාගත යුතුය.
    දෙමළ නම් ළමයින් සිංහල මාධ්‍ය පාසලකට යවන්න කැමති කරගත යුතුයි.

    මම මෙහෙම කියන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි. අද සිංහලයන්ට රටක් නෑ. ලංකාව ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. ඒ නිසා ඔබේ ලමයි සිංහලවත් ජර්මන්වත් නොවී ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය වෙනවා වගේ දෙයක් ලංකාවේ දෙමළ මුස්ලිම් අයට වෙන්නේ නෑ. එය බලෙන් කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයාගේ ආගම , ජාතිය වැඩක් නැහැ නේද? ඒ මනුස්සය සිංහල, ප්‍රශ්නේ ඔයාල වගේ අය බොරුවට කෑ ගහනව විතරයි. ඔයාල ඔය කියන සිංහල මිනිසුන්ට උදව් කරන්නේ වත් නැහැ.. අපි තමයි මෙඡාර කල් උදව් කලේ. ඒත් මට රස්සා හොයල දෙන්න බැහැ

      Delete
    2. Jagath Pathirana මහත්මය,

      මම දැන් දැන් ඉස්ලාම් ආගම තුල ඇති විනාශකාරී ක්‍රියාවලිය කියනව ඒගැන හැදෑරීමක් කරන්න පටන්ගත් නිසා, හැබැයි මම බෞද්ධයෙකු ලෙස කෙනෙකු බලෙන් නෙමෙයි නොමගයවා වත් බෞද්ධ කිරීම දකින්නේ පිළිකුල් සහගත දෙයක් ලෙසයි.


      කිසිවෙක් තම ආගම අවබෝදයෙන් තොරව අනුන්ගේ බලපෑමට අත්හැරිය යුතු නැතිබවයි මගේ අදහස. ඔබට මතක ඇති උපාලි නමැති ධනවත් ගෘහපතියා බුදුරජානන් වහන්සේ ඉදිරියේ තම ආගම වෙනස් කිරීමට උවමනා බව කීවිට බුදුරජානන් වහන්සේ සදහන් කලේ "උපාලි තවදුරටත් සිතා තීරණයකට එලෙබෙන ලෙසයි, ඉක්මන් තීරණ නොගත යුතු බවත් සදහන් කරනවා "

      මුස්ලිම් ප්‍රශ්නය අප හිතනවට වඩා සංකීර්ණයි, මෙහිදී දෙපත්තෙන්ම තැලෙන්නේ අහිංසක දිලිදු මිනිසුන් පමණයි !

      Delete
  3. ප්‍රතිචාර වලට වඩා ඔහුට රැකියාවක් ලබා දීම වැදගත් යයි සළකමි.

    ReplyDelete
  4. කම්කරු රැකියාවක් කරන්න පුළුවන් නම් ඕනි වෙලාවක දෙන්න පුළුවන්.. කැමතිනම් කතාකරන්න කියන්න :)

    ReplyDelete
    Replies
    1. හරි මම කියන්නම් . ඔයාගේ නොම්මරේට කතා කරයි.

      Delete
  5. ළමයින් හතර දෙනෙකු සමග තනි උන රණවිරු බිරිඳක් මය්යනගන්යේ සිටි.
    උද්දව්වක් කරන්න පින් තකා

    ReplyDelete
  6. පාසල් පොතේ පිටු අතරේ අකිල පෙනී
    නැවතී බැලුවාය මොහොතක් කොහොම හරී
    කීයක් ගියත් මොකදෑ මහජන මුදලින්
    දාහක් දේ තිබේ අකිලෝ කියනු බැරී

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .