අසුව දශකයේ දී ජවිපෙන් ඉවත්වූ (මට මතක විධිහට 1982 දී) බෝපගේ සහෝදරයා ගේ මතවාදය මෙන්ම සුචරිත් ගම්ලත් මහතා ගේ මතයද අනුගමනය කරමින් වාමාංශික විප්ලවවාදීන් වශයෙන් මා සැලකූ උමා මහේෂ්වරන්, පද්මනාභ ආදීන්ට ඊළම් සමාජවාදී රජයක් උතුරේ පිහිටවීමට දකුණේ වාමාංශිකයන් වශයෙන් අප සහයෝගය දිය යුතුය යන ස්ථාවරයේ සිටියෙමි. එසේම උතුරේ ස්වයං නිර්ණන අයිතිය ටද මගේ සහයෝගයක් ද විය. මට හැම විටම ප්‍රශ්නය වුයේ නැගෙනහිරය. මගේ අදහස වුයේ පෘතුගීසින් එනවිට නැගෙනහිර අයත්ව තිබුනේ කන්ද උඩරට රාජධානියට හෙයින් නැගෙනහිර කවම දාක වත් උතුරේ පාලනයට යටත් නොවිය යුතු බවයි. උතුරේ රජතුමාට අයත් වුයේ වන්නි දිස්ත්‍රික්කය හා යාපනය දිස්ත්‍රික්කයයි.
කෝට්ටේ පාලනයට කප්පම් ගෙවුවද යාපනයේ රජු ස්වාධීනව උතුර පාලනය කළේය. රටේ රජයන් කීපයක් (උතුර, කන්ද උඩරට, කෝට්ටේ, සීතාවක ආදී වශයෙන්) . ඒකීය රාජ්‍ය පාලනය හයවන පරාක්‍රමභාහු රජුගෙන් පසු අවසන් විනි. ඉන්පසු රට ඒකීය රජයක් බවට පත් කර පාලනය කලේ ඉංග්‍රීසින් ය. ඒ 1815න් පසුවය.
මේ අනුව ඉංග්‍රීසින් රට එක්සත් කිරීමට කලින් තිබූ පාලනය ස්ථාපිත කිරීමට නම් උතුරේ සමාජවාදී පාලනයකුත් දකුණු පළාතේ සමාජවාදී පාලනයකුත් අවශ්‍ය යයි කල්පනා කලෙමි. ඉන්පසු උතුරේ මහේෂ්වරන් ලා සමාජවාදී පාලනයක් පිහිටවූ පසු එහි ආධාරයෙන් දකුණේ හම්බන්තොට තංගල්ල සිට ගාල්ල දක්වා සමාජවාදී රජයක් පිහිටු වීමටත් ඒ ආධාරයෙන් පසුව කොළඹ හා කන්ද උඩරට සමාජවාදී රජයන්ද පිහිටවිය හැකි වෙතැ යි සිතුවෙමි. ඉන්පසු සෝවියට් සමුහාණ්ඩුව මෙන් ශ්‍රී ලංකා සමාජවාදී සමුහාණ්ඩුවක් පිහිටවිය හැකි යයි සිතුවෙමි. මේ සෝවියට් දේශයට ඉගෙනීමට යාමට ප්‍රථම යන්තම් අවුරදු 18 ඉක්මවූ තරුණයකුගේ අදහස් විය.
ඒ වනවිට ජෝන් රීඩ් ගේ "ලොව හෙල්ලූ දස දවස " මෙන්ම ගෝර්කි ගේ අම්මා වැනි පොත්, එසේම "වානේ පන්නරය ලැබූ හැටි" ආදී පොත් ද කියවා ඔක්තෝබර විප්ලවය ගැන යම් අදහසක් ද ඇති කරගෙන සිටියෙමි.
සෝවියට් දේශයේ පළමු වසර අවසන් කරමින් දෙවන වසරට යනවිට මේ ස්‌වයං නිර්ණය අයිතිය පිලිබඳ අදහස තදබල ප්‍රශ්න කිරීමකට භාජනය කලෙමි. ස්වයං නිර්ණයට පක්ෂපාත ලංකාවේ ට්‍රොට්ස්කිවාදී පක්ෂ තිබුනද 1917 විප්ලවයෙන් පසුව ලෙනින් හා ට්‍රොට්ස්කි ස්වයං නිර්ණය අයිතිය පිළිගත්තේ ළඳරු සෝවියට් දේශයට වඩා දියුණු ආර්ථිකයක් තිබු පින්ලන්තයට අදාලව පමණක් බව වැටහිණි. එයපිළිගත්තේත් පින්ලන්තය ස්වාධීන රටක් වශයෙන් පැවතීමේ ඉතිහාසයක් තිබු නිසා මෙන්ම රුසියන් අධිරාජ්‍යයෙන් පීඩා විඳි නිසා යන්න බවද මගේ වැටහීම විය.
පෝලන්ත ස්වයං නිර්ණනයට ලෙනින් ගේ සහය පල කල ලිපියක් ද තිබෙන නමුත් සත්‍ය වශයෙන් ම සිදුවුයේ වෙනත් දෙයකි. සෝවියට් රතු හමුදා ට්‍රොට්ස්කි (war commissar) ගේ නායකත්වයෙන් සෝවියට් උක්රයිනයේ දෙනිකින්ගේ සුදු හමුදා සමග සටන් වැදුණු අතර පෝලන්තයේ කොටස් (ල්වොව් වැනි නගර) අල්ලා ගන්නා ලදී. කොල්චාක් ගේ හමුදා පරාජය කර සයිබීරියාව හා ඈත පෙරදිග පෙදෙස් ද යටත් කර ගත්හ. මෙහිදී තමන්ගේම හමුදා පිහිටුවා ගත් රුසියානු අධිරාජ්‍යය යටතේ තිබූ ලත්වියාව, ලිතුවේනියාව හා එස්තෝනියාව තමන්ගේ ස්වාධීන රාජ්‍ය පිහිටුවා ගත්හ. සිය ප්‍රදේශ රතු හමුදාවට අහිමි වූ වර්තමාන පෝලන්තය නිදහස් වුයේ එංගලන්ත හා ප්‍රංශ රාජ්‍යයන්ගේ මිලිටරි උදව්වෙනි. රුසියානු අධිරාජ්‍යය යටතේ තිබූ යුරෝපිය හා ආසියානු රාජ්‍යයන් (ආර්මේනියාව, ජෝර්ජියාව, අසර්බයිජානය, කසාක්ස්ථානය, තුර්ක්මෙනිස්ථානය ආදිය) සියල්ල රතු හමුදා විසින් යටත් කර ගන්නා ලදී. මේ අනුව පැහැදිලිවම පෙනී යන්නේ ලෙනින් සහ ට්‍රොට්ස්කි ස්වයං නිර්ණන තියරිය, සෝවියට් සමාජවාදී රුසියාව පිහිටවූ පසු පෙට්‍රොග්‍රාඩ් හි (පසුව ලෙනින්ග්‍රාද් හා සාන්ත පිතර්බුර්ග් ) පක්ෂ කාර්යාලයේ ජනේලයෙන් එලියට විසි කල බවය.
රුසියාවේ අවුරුදු තුනකට වැඩි කාලයක් සිටි විජේවීරද මෙය දැන නොසිටීමට විධිහක් නැත. බෝපගේ ගේ තීරණය කුමක් වුවත් විජේවීර ශ්‍රී ලංකාවේදී 1982 දී ගත් තීරණය මේ අනුව නිවැරදිද? විජේවීර තමන්ගේ ස්වයං නිර්ණන අයිතිය පිලිබඳ ලියවිල්ලේ මේ කිසිවක් සඳහන් නොකළේ ඇයි?
1940 අගෝස්තු 20 ස්ටාලින් එවූ අපරාධකරුවෙකු ගෙන් හිසට වැදුණු පහරකින් අගෝස්තු 22 ට්‍රොට්ස්කි මිය ගියේය."රතු සහ සුදු අතර " නමැති පොතේ හයවන පරිච්චේදය ට්‍රොට්ස්කි වෙන් කරන්නේ ස්වයං නිර්ණය අයිතිය සඳහායි. ළඳරු සෝවියට් රාජ්‍යයට එරෙහිව බ්‍රිතාන්‍ය ප්‍රංශ ආක්‍රමණය, සුළු ජාතීන් ගේ ධනපති ස්වයංනිර්ණන අයිතිය පිලිබඳ තර්කය අනිසි ලෙස උපයෝගී කරගන්නා බව බ්‍රිතාන්‍ය සෙන්පති වෝකර් ගේ වදන් උපුටා දක්වමින් පවසන ඔහු ජාතීන් එක්ව සටන් කරන රතු හමුදාවක් තුල ජෝර්ජියන්, උක්රේනියන්, මුස්ලිම් එකතුවක්, සහජීවනයක් තිබෙන බව අවධාරණය කරයි.
1977 තිබු මැතිවරණයෙන් රටේ චන්ද වලින් මිලියන එකහමාරක් (1,855,331) ලබා ගත් ශ්‍රී ලනිපය ආසන 8ක් ලබා තුන්වන තැන ගත් අතර චන්ද 421,488 (ලක්ෂ 4ක් පමණ) ලැබූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18ක් ලබා විපක්ෂය විය. මෙහි අවාසනාවන්ත කරුණ වන්නේ එජාප හා ශ්‍රීලනිප ජාතික පක්ෂ වන අතර ද්‍ර.එ.වි. පෙරමුණ දෙමල ජනතාවට පමණක් සීමා වුන වාර්ගික පක්ෂයක් වීමය. එංගලන්තයට 1983 න් පසු පැමිණි බොහෝ දෙමළ ජනතාව දේශපාලන අනාථයන් ය. 1977 හා 1983 එල්ලවූ සිංහල වර්ගවාදී ප්‍රහාර වලට පසු පැමිණි මේ ජනතාව ගෙන් බොහෝ දෙනෙක් සාමකාමී වුවද ඔවුන් අතුරෙන් සිංහල වර්ගවාදීන් තරමටම අන්තවාදී වූ පිරිස පැතිරවූ කාරණය වන්නේ 1977 දෙමල ජාතිකයන් පක්ෂය ප්‍රධාන විපක්ෂය වීමයි. දෙමල ජාතිය දෙවන විශාලතම ජාතිය වන අතර ඊළඟට බලය ලබා ගැනීමට නියමිත ප්‍රධාන විපක්ෂයට රට දෙකඩ කර බලය ලබා දිය යුතුය යන්න ඉතා සාධාරණ ඉල්ලීමක් සේ යුරෝපිය ප්‍රජාවට පෙනුනේද මේ නිසාය.
වෙන ඕනෑම රටක ප්‍රධාන විපක්ෂය වන්නේ එම රටේම ප්‍රධාන ජාතියේ හා සුළු ජාතීන්ගෙන් ලැබුණු චන්ද වලින් පාර්ලිමේන්තුවට පත්වන ජාතික පක්ෂයි. (ජර්මනියේ ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්, එංගලන්තයේ ලේබර් වැනි). ලංකාවේ සිදුවූ සුවිශේෂී තත්වය පිරටවලට පැමිණි දෙමල ජාතිකයන් අතරින් වාමාංශික නොවූ, වඩා අන්තවාදී කොටස් භාවිතා කලේ දෙමල ජනගහනය අති විශාල බව පෙන්වමිනි. බොහෝ විට ඉතාමත් තදින් සොයා බලන්නෙකු හැර අනිකුත් උදවිය නිසි සංඛ්‍යා ලේඛන දන්නේ නැත. එංගලන්තයේ සමහර වාමාංශික සගයින්ට වුව මට මෙය පැහැදිලි කිරීම ඉතා අසීරු විය.
උතුරේ ස්වයං නිර්ණය යනු තමන්ගේ පාලනයට ඉඩ දීම පමණක් වන බවත් එය වෙනම රටක් ලෙස වෙන්වීම නොවන බවත් මට පැහැදිලි වුයේ මෙහිදීය. එසේම සමහරක් දෙමල මිතුරන් නැගෙනහිර උතුරේ පාලනයකට යටත් නොවිය යුතුය යන අදහස දැරුහ. ප්‍රභාකරන් හා විමුක්ති කොටි සංවිධානය බොහෝ ලෙස 1977 ද්‍රවිඩ පක්ෂය විපක්ෂය වීම තමන්ගේ කරුණු දැක්වීම් වලට යොදා ගත්හ. ඔවුන් සිංහල ජාතිවාදීන් තරමටම ජාතිවාදී බව මට වැටහී ගියේ එංගලන්තයේදීය. ( සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව නොවේ.) ඔවුන් චෝල මහා රාජයා ගැන, දෙමල අධිරාජ්‍ය ගැනද කතා කරන බව මට වැටහින. කොටින්ම සිංහල ජාතිවාදීන් අතීතය භාවිතා කර මිනිසුන් අවුස්සන ආකාරයටම ඔවුන්ද අතීත විභූතිය උපයෝගී කර ගත්හ.
ප්‍රභාකරන් ප්‍රමුඛ විමුක්ති කොටි සංවිධානය කිසිම විසඳුමකට අකමැති වීම පිටුපස සිටියේ ද මේ තමන් මෙතරම් බලවත් යයි අධි තක්සේරුවෙන් සිටි කණ්ඩායමයි. මේ බව පවසමින් දැඩි ලෙස කළකිරුණු එරික් සොල්හෙයිම් ඇන්ටන් බාලසිංහම් ට (අවසන් සාකච්චා බිඳ වැටුණු අවස්ථාවේ ) බැන වැදුන බවට එතන සිටි ජනමාධ්‍යවේදී මිතුරක් පැවසුවේය.
මෙවර මැතිවරණයේදී ජවිපෙ 4.86% චන්ද ලබා අසන 6 ගනිද්දී ද්‍රවිඩ සන්ධානය 4.62% ආසන 16 ලබා ගෙන තිබේ,. ශ්‍රීලනිප , එජාප හවුල් ආණ්ඩුවක් තුල ඔවුන්ට විපක්ෂ නායක කම දීමට හෝ ප්‍රධාන විපක්ෂය කිරීමට යෝජනාවක් පවතී.
ද්‍රවිඩ සන්ධානය වාමාංශික සන්ධානයක් නොවේ. එය එක ජාතියකට පමණක් සිමා වන වර්ග වාදී පක්ෂයකි. ඔවුන් පෙනී සිටින්නේ එක ජාතියක් සඳහා පමණකි. පොදු ප්‍රශ්න පිරි රටක විපක්ෂයේ කාර්යය ලැබිය යුත්තේ ජාතික පක්ෂයකට මිස වාර්ගික පක්ෂයකට නොවේ.
ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂද තමන්ට හැකි බොහෝ අවස්ථා වල අන්ත ජාතිවාදී හා වර්ගවාදී ලෙස හැසිරෙයි. පසුගිය චන්දයේ දීද එය දක්නට ලැබුණි. මෙයට සැමවිටම දැඩි ලෙස විරුද්ධව පෙනී සිටියෙමි.
කෙසේ හෝ වේවා 1977 කල වැරැද්ද නැවත කිරීම නොකළ යුත්තකි.
ස්වයං නිර්ණය මට නම් ජිවත් වීමේ නිදහස තහවුරු කිරීමයි. ඉගෙනීමට, දරුවන්ට යහපත් ජිවිතයක් දීමට , රැකියාවකට ඇති අයිතිය, නිදහසේ ජිවත් වීමට ඇති අයිතිය සෑම ජනතාවකටම තිබිය යුතුය.
ඉතිහාසය නැවතත් පුනරාවර්තනය වන්නේ පළමු වර ඛේදවාචකයක් ලෙසින් හා දෙවන වර විකාරයක් ලෙසින් යයි මාක්ස් කියා තිබේ.