Tuesday, 21 July 2015

සියාමා ගේ කතාවට පසු වදනක්


ඕස්ට්‍රේලියාවේ ජිවත් වන මගේ මිතුරෙකු වන ජ.......... මට ඊමේල් පණිවුඩයක් ඒවා තිබුණි. ඔහු සියාමා ගේ කතාව අන්තර්ජාලයේ දැක කියවූ බවත් එය ළගන්නා සුළු කතාවක් බවත් ඔහු එහි සඳහන් කර ඇත. එසේම  එවැන්නක් මුලින් ලීවේ නැත්තේ ඇයිදැයි විමසා තිබුණි.  මට කියන්නට ඇත්තේ හැම දෙයටම වෙලාවක් ඇති බවත් ඒ වේලාව එළඹුණේ මේ දිනවල දී බවත්ය.

ජමාත් - අල්  - ඉස්ලාමි බංග්ලාදේශ අන්තවාදී පක්ෂයේ නායකයාට 2013 දී බංගලා දේශ රජය මගින් පිහිටුවන ලද අධිකරණය මගින්, ඔහු කරන ලද සාමුහික ඝාතන  ස්ත්‍රී  දුෂණ ආදියට වරදකරු කර මරණිය දණ්ඩනය පනවන ලදී. අන්තවාදය මැඩ  පැවැත්වීමට බංග්ලාදේශ රජය ප්‍රශංසනීය උත්සාහයක් දරයි. අන්තවාදීන් නිසා විනාශ වුනු පවුල් හා ජිවිත බොහෝය. බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුද දිවි දුන් බංගලා දේශයේ අපේ සහෝදර සහෝදරියන් අන්තවාදයට එරෙහිව තීරණාත්මක සටනක් ගෙන යති. බංග්ලාදේශයේ මුස්ලිම් අන්තවාදය එම  රටේ සාමකාමි ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වේ. එසේම එය එහි වෙසෙන බෞද්ධ සුළුතරයට එරෙහිවද ක්‍රියාත්මක වේ.

අනිකුත් රටවල මෙය එසේමය. වෙනස් වන්නේ ලේබලය පමණි. බුරුමයේ බෞද්ධ අන්තවාදය එහි වෙසෙන රෝහින්ගියා මුස්ලිම් වරුන්ට එරෙහිව  ක්‍රියාත්මක වේ. ඉන්දියාවේ හින්දු අන්තවාදය මුස්ලිම් ජන කොටස් මෙන්ම අනිකුත් ප්‍රාන්තවල සුළු ජන කොටස් වලට එරෙහිව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්තවාදය අලුත්ගම වැනි සිද්ධීන් වලදී මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක විය. දෙමළ බහුතරය වෙසෙන උතුරේ දෙමළ අන්තවාදය මුස්ලිම් වරුන් හා සිංහලයන්ට විරුද්ධව ක්‍රියාත්මක විය. එංගලන්තයේ, ජර්මනියේ හා විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපිය රටවල නාසි ලේබලය යටතේ අන්තවාදය ක්‍රියාත්මක වේ. ඇමෙරිකාවේ අන්තවාදය කෙනෙකුගේ ශරීර වර්ණයට එරෙහිව ක්‍රියාත්මක වන බව පෙනේ.

 ලොව පුරා සමාජ ජාලා භාවිතා කරන්නවුන්, බ්ලොග් කරුවන්, සමාජ සංවිධාන මේවාට එරෙහිව සටන් කරති. මුළු ලෝකයේම මේ සටන් එක්විය යුතුය. සාධාරණ සමාජයක ජිවිත අයිතිය ඇතුව හිංසනයන්ට ලක් නොවී  ජිවත් වීමට සෑම වැසියෙකුටම අයිතියක් ඇත්තේය.

ඕනෑම බ්ලොග් ලිපියක හෝ කලාත්මක ආකෘතියක පිළිඹිබු වන්නේ අපේ සිතුම් පැතුම් මෙන්ම අපේ හෝ වෙනත් අයෙකුගේ අත් දැකීම්ය. සමහර විට ඒවා මුළු මනින්ම මනඃකල්පිත ප්‍රබන්ධ විය හැක. සමහරවිට සත්‍ය අත් දැකීම්  විය හැක. නමුත් ඒවා ලියන්නේ, ගයන්නේ, රඟන්නේ හෝ ප්‍රතිමාවක නිරූපණය  කරන්නේ ජිවත් වන ලෝකය පදනම් කරගෙනය. අපට එයට වියුක්තව යා  නොහැක. අප වෙනත් ග්‍රහලෝක ගැන විද්‍යාත්මක ප්‍රබන්ධයක් ලීවද එයට පාදක වන්නේද අපේ ලෝකයේ දැක්මම පමණි.

අන්තවාදය හැරුණු කොට මිනිස් අයිතිවාසිකම් සූරා කන කොටස් කීපයක් වෙති. මෙහිදී මම ශ්‍රමය සූරා කෑම පිලිබඳ කතිකාව උවමනාවෙන් මග හරිමි. ඒ ගැන මේ බ්ලොගයේ ඉහත ලිපි වල කතා කර තිබේ. මිනිසෙකුට හෝ ගැහැනියකට හෝ ළමයෙකුට තම උවමනාව පරිදි නිදහසේ ජිවත් වීමට, නිදහසේ ඉගෙනීමට, රැකියාවක් කිරීමට, සෙල්ලම් කිරීමට, සැන්දෑ සාදයක විනෝද වීමට හෝ උද්‍යානයක ගමන් කිරීමට ඉඩක් නොදෙන කොටස් ද අප අතර සිටිති. මේ අයද මිනිස් අයිතිවාසිකම් උදුරා ගන්නා ගොඩට දැමිය
යුතුය.

මිට දශකයකට පමණ ඉහතදී මම හෝටලයක තාවකාලිකව කළමණාකරුවෙකු ලෙස කටයුතු කෙළෙමි.  මේ හොටෙල් සංකීරණයක් හිමි කාන්තාවක් යටතේය. ඉන් එකකට ලංකාවේ  සිට රැකියාව කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් පැමිණියේය. ඔහු තමාව හැඳින් වුයේ මහාචාර්ය වරයෙකු ලෙසයි. ඔහුට තිබුනේ වසා  දමා ඇති හෝටලය බලා ගැනීමටයි. (caretaker) ඔහුගේ සැබටිකල් ලීව් එක බවත් අවුරුද්දක් පමණ වැඩ කිරීමට හැකි බවත් ඒ කාලයට ලංකා රජයෙන්ද ගෙවන බවත් ඔහු මහත් ප්‍රීතියෙන් අපට කිවේය.  "මට පඩි දෙකක් හම්බ වෙනවා. මම ආවේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ කෝර්ස් එකක්  කරන්න හදාගෙන. " ලෙසද අපට පැවසූ ඔහු තව දුරටත් කීවේ එය යහළුවෙකුගේ උදව්වෙන් සාදා ගත් බවත්  කෝර්ස් එක බොරුවක් කර ෂේප්  කර ගත හැකි බවත්ය. ලන්ඩන් විශ්ව විද්‍යාල වල එසේ කල හැකිදැයි මට කුකුසක්ද ඇති විය.

මට නැවතීමට කාමරයක් දී තිබුනේ මේ හෝටලයේ හෙයින් ඔහු හමුවීමට යාමට නිතර සිදු වුනි. පසුව මම කාමරය වෙනස් කර ගත්තෙමි. මට සැමන් ටින් එකක් කඩා ළුනූ කපා කෑලි මිරිස් සමග බැද උයන හැටි ඉගැන්වූයේ ඔහුය.  ඒ නිසා මම බොහෝ විට එහි යන විට සැමන් ටින් එකක්  රැගෙන යමි. මොහු පසුව මගේ යහලුවෙකුට පවසා තිබුනේ අජිත්ව අන්දලා හැමදාම දවස් ගාණක් සැමන් ගෙන්න ගෙන කෑවා යනුවෙනි. සැමන් ටින් එකක් එංගලන්තයේ මිල අධික නැත. නමුත් ඔහු මුදල් එකතු කරන්නේ එලෙස බවත් ඉතාම ලෝභයකු  බවත් මගේ මිතුරා පසුව පැවසිය. ඔහු එය කිවූ විධිහට මට
තවමත් සිනා පහල වෙයි. "මචන් පවුමක් ගූ ගොඩක වැටිලා තිබුනත් මූ දිවෙන් ගනියි". එයට හේතුව සේ මා පසුව දැන ගත්තේ මේ මිතුරා ගෙන් පවුම දෙක ණයට ගෙන කවදාවත් නැවත නොදීපු නිසාය.
මොහු ගැන මා කවදාවත් ලියන්නට හිතුවේ නැත. නමුත් ලියන්නට සිත් වුනේ මේ නිසයි. මා පසුගියදා ලංකාවට ගිය වේලේ සෝවියට් දේශයේ සිටි කල දැන හඳුනා ගෙන සිටි මිතුරකු වන පසන් කොඩිකාර සහෝදරයාගේ මළගමට ගියෙමි. එයට සහභාගී වූවන් අතර පසුව සිදුවූ සිදුවීමක් අන්තර්ජාලයේ පිළිරැව් දෙයි. මා  සියාමා ගේ කතාව ලීවේ ඒ නිසාම නොවේ. සියාමා ගේ කතාව එයට එතරම් අදාළ  නැත. එය ලිවිමට වෙනත් හේතූන් කිහිපයක්ද බල පෑවේය. ඉන් එකක් සිත නිදහස් කර ගැනීම විය හැකියි.

නමුත් මේ දිනවල ඉහත කී "මහාචාර්ය" වරයා සම්බන්ධ සිදුවීම් ද මතක් වී මට මහත් අපුලක් දැනුනි. අවුරුදු 20 කට ඉහත වඩා නිදහස්කාමී  තරුණයෙකු වශයෙන් ඔහු කිවූ දෙය මම එතරම් තැකීමක් නොකෙළෙමි. නමුත් දැන් සිතෙන්නේ ඒ දින වලම ඔහුව හෙළිදරව් කළා නම් බොහෝ සිසුවියන් බේරා  ගැනීමට හැකිව තිබුණු බවයි.
මට ඒ දිනවල පියකරු රුසියානු පෙම්වතියක සිටි අතර ඔහු සහ ඇතැම් මිතුරන් ඇය ගැන අසන ප්‍රශ්න වලට මමද නොපැකිල පිළිතුරු දුනිමි. මා  එසේ කලේ මගේ තිබූ විවෘත භාවය නිසාද නැත්නම්  එයින් මා  සතුටක් ලැබීම නිසා දැයි නොදනිමි. නමුත් සමහර යහළුවන් ඊර්ෂ්‍යා කල බව නම් දනිමි. අපේ මිතුරන් කිහිප දෙනෙකුටද පෙම්වතියන් සිටි අතර මොහුට ඒ ගැන හීනමානයක් තිබෙන්නට ඇති බවට මොහුගේ ඇතැම් කතා වලින් හෙළිවිය. ඔහු තමන්ගේ විශ්ව විද්‍යාල ක්‍රියාකාරකම් ගැන කියන්නට පටන් ගත්තේ මින් පසුව යයි සිතමි.
ඔහු විසින් අපට පැවසූ බොහෝ ජුගුප්සාජනක දේ අතර සිසුවියනට ඔහු ලකුණු දෙන ක්‍රම පිළිබඳව පැවසීමයි. පියයුරු බැලීමට ඉඩ දීම සහ සම්භාහනය කිරීමට ඉඩ දීම විභාගය ගොඩ දා ගැනීමටය. ලකුණු හැටකට වැඩියෙන් දා ගැනීමට අවශ්‍ය නම් ඇතුලේ ........කැපීමට ඉඩ දිය යුතුය. මෙය මට තේරුනේ නැත. ලංකාවේ විවාහ වීමට කන්‍යා භාවය තිබීම අවශ්‍යම නිසා තරුණියන් එවැනි දෙයකට අකැමැති වන බවත්  ඔහු බොරු කියන බවත්  මම කීවෙමි. ඔහු ඉන්පසු වත්ත පහල වෙලේ ....නම් කවිය ගායනා  කල විට ඔහු කියන්නේ කුමක්ද යන්න අපට තේරුණි. අප සියල්ලෝම සිනාසුන බව නම් සහතිකය. ඔහු එතනින් නැවතුනේ නැත. ඔහු විසින් ක්ලාස් එකක් අරන් දීමට ශිෂ්‍යාවක රැගෙන තානායම් වලට ගිය හැටිත්,  විභාග අවසන් වුනු පසු නොයෙකුත් තැන් වල ලකුණු  බැලීමට එන්න යයි කියා සමහර සිසුවියන්ට ට මුඛ ....කිරීමට බල කල හැටිත් ඔහු අපට අනාවරණය කළේය. මේවා බලහත්කාරකම් නොවේ දැයි ප්‍රශ්න කල විට ඔහු කිවේ සමහර සිසුවියන් කැමැත්තෙන්ම එන බවත් සමහර අයට පෙම්වතුන් පවා සිටින බවත්ය. වැඩි හරිය තමන්ට භය බවයි.

එම තරුණියන් පොලිසියට යන්නේ නැත්දැයි අප ප්‍රශ්න කල විට "පොලිසියට කවුද යකෝ බය " යයි ඔහු ගෝරනාඩු කළේය. ඔහු කීවේ තමන් හිටපු ජනපති ප්‍රේමදාසගේ ගජයකු බවයි. ජනපතිට ලෝක දේශපාලනය ගැන පාඩම් කියා දී ලිපි ලියා  දී ඇත්තේ මොහුලු. මේවා ඇත්ත දැයි මම නොදනිමි. ඉන්පසු පැවති රජයේ ඔහු එතරම් භූමිකාවක් රඟ නොපෑවද සිංහල අන්තවාදයට පක්ෂව ඔහුගේ ලිපි මම පුවත් පත් වල දුටුවෙමි. සිංහල ශිෂ්‍යාවන්ට හිර හැර කරන මොහු සිංහල ජාතිය බේරා ගන්නට පත්තර වලට ලිපි ලියන හැටි දැක මම පුදුම වුනෙමි.  මේවා ලංකාවේ ප්‍රසිද්ධ සිහල ජාතික පුවත්පත්ය. හිටපු ජනාධිපති රාජපක්ෂ බලයට පත්වූ පසු ඒ මහතා ප්‍රසංශා කරමින් මොහු විසින් ලියු දාර  ලිපි සිංහල පුවත් පත් වල දුටිමි. පසු කලෙක රාජපක්ෂ ජනාධිපතිවරයා රැවට්ටුවේද මෙවැන්නන් විය හැකිය.

වරක් ඔහු ලන්ඩනයේ ම ජිවත් වන තවත් තැනැත්තෙකු  සමග හෝටල භෝජනාගාරයේ කතා කරමින් සිටියේය. අප ලඟින් ගිය විට ඔහු කීවේ ඔවුන් ලෝක දේශපාලනය ගැන වැදගත් ගැඹුරු සාකච්චාවක සිටින බවත් ඔවුනට බාධා නොකරන ලෙසත් ඔහු පසුව අපට කතා කිරීමට එන බවත්ය. එතනිං ඉවත්ව ගිය අපි බඩවල් බදාගෙන සිනාසුනෙමු.
නැවත හමුවූ විට ඔහු මට කියේ "අජිත් ලාට අපි කතා කරන ගැඹුරු දේවල් තේරෙන්නේ  නැහැනේ. ඒකයි මම අප ගාව ඉඳ ගන්න එපා කිවේ. මම විදෙස් කටයුතු පිලිබඳ , ලෝක දේශපාලනය ගැන විද්වතෙක්. ඔයාල අපි ඔය ජොලි ඒවා ගැන කතා කරමු. බඩු ගැන එහෙම." මට මදක් සිනා ගියද කිසිවක් නොකීවෙමි.
ඉන් පසු දවසක අපි ඔහුට ලන්ඩනයේ සෙක්ස් කඩ ගැන කීවෙමු. ඈන් සමර්ස් වැනි ලිංගික කටයුතු සඳහා අවශ්‍ය දේ විකුණන කඩ සෝහෝ වල බහුලය. මේවා භාවිතා කරන ආකාර  ගැන , ලිංගික තෘප්තිය තම සහකරු හෝ සහකාරිය සමග ලබා ගන්න ආකාරය (අන්තර්ජාලය ඒ දවස වල නැත) අපි ඔහුට පැහැදිලි කළෙමු. ඔහු ඉන්පසු ඒ ගැන පොතක්  ලියා ලංකාවේ පල කිරීමට සුදානම් විය. මේවා ලංකාවේ නැති බවත් මිනිසුන් ඉතාමත් කැමැත්තෙන් මිලදී  ගනු ඇති බවත් ඔහු අපට පැවසුවේය. ඔහු එවැන්නක් ලීවා  දැයි නොදනිමි. ඒ ඔහු ලන්ඩනයේ සැබටිකල් කාලයේ කල පර්යේෂණාත්මක ගවේෂනයයි.

ඔහුගේ බිරිඳ එනවාය කියා ඔහු අපට  හෝටලයට ඒම තහනම්  කළේය. ඒ ඇයි දැයි ඇසූ විට ඔහු කිවේ, මගේ බිරිඳ රන් තැඹිලි ගෙඩියක් වගේ ඇහැට කණට  පේන එකක් නිසා උඹල වගේ වල් කොල්ලන් වද්දා ගත නොහැකි බවය. අපි වල්  කොල්ලන් වූයේ කෙසේදැයි ඇසූ විට, කසාද නොබැඳ පිටරට ගැහැණුන්  සමග ජිවත් වන අප වල්  කොල්ලන් බවත් ඔහු කසාද බැඳී උගත් මහාචාර්යවරයෙක් බවත්ය.  සුන්දර ඔස්ට්‍රේලියානු  කෙල්ලක සමග යහළුවී උදේ හවා ඇය  සමග හාවෙකු මෙන් රති කෙලියේ යෙදුන මගේ තවත් මිතුරක් පැවසුවේ "මචන් කසාද බැඳලා අහිංසක එවුන්ට  බලහත්කාරකම් කරන මූට වඩා අපි වල්  වුනේ කොහොමද? අපි නීතියක් කඩනවද " කියායි.
මම ඔහුට කිවේ ශ්‍රී ලංකාවේ මෙන්ම අනිකුත් රටවලද  ගණිකා වෘත්තීය නීති ගත කිරීමෙන් මේ තත්වය සමනය කර ගත හැකි වේය කියායි. රජයට බදු වලින් ආදායමක්ද   ලැබෙන අතර කෙනෙකුට ලිංගික අසහනයෙන් ජිවත් වීමටද තවත් අයෙකුගේ නිදහස උදුරා ගැනීමටද අවශ්‍ය නැත. එම වෘත්තියේ යෙදෙන අය සමහර යුරෝපිය රටවල එය කැමැත්තෙන්ම කරන නිසා සූරා කෑමට  ඇති ඉඩකඩ අඩුය.  නිදහස් වෛශ්‍යාවක් කරා මුදල් දී යන පුද්ගලයා  බස් වල යන අසහනකාරයන් මෙන්ම තම තත්වය හා බලය අයුතු ලෙස ප්‍රයෝජන ගන්නා ඉහත කි එවුන්ට වඩා ශිෂ්ටාචාර අයෙක් බව මගේ හැඟීමයි.

දශකයක් හමාරක් ඇවෑමෙන් එක්තරා ජේෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් මා  ඇමතුවේය. "මචන් මතකද අර ප්‍රොෆෙක් ගැන උඹ කිව්වා. ලිංගික අපයෝජන කරල මාක්ස් දෙන. මේ ගෑණු  ළමයෙක් පොරට විරුද්ධව පැමිණිල්ලක් කරන්න යන්නේ. උඹට සාක්කි දෙන්න පුලුවන්ද ඌ කියපුව ගැන" සුදු වෑන්  බහුල ඒ සමයේ මම ඒ ඉල්ලීම කණගාටුවෙන් ප්‍රතික්ෂේප කලෙමි. මේකා අපට කිව්  කතා සත්‍ය බව මට පැහැදිලි විය.

සියාමා ගේ කතාවේ දෙවන කොටසේ බංග්ලාදේශ විශ්ව විද්‍යාලයක වන සත්‍ය සිදුවිමක යූටියුබ් වීඩියෝව පල කලෙමි. එය දුටු ඉහත කී  මාධ්‍යවේදියාම කීවේ  මෙවැනි කතාවෙකි.  ශ්‍රී ලංකාවේ සමහර සිසුවියන් තම කැමැත්තෙනුත් සමහරු බියෙනුත් තවමත් ඇතැම් මහාචාර්ය, උප කුලපති වරුන් ළඟට  යන බවයි. එක්තරා නමක් සඳහන් කරමින්ම ඔහු පැවසුවේ කාර්යාල පිරිසිඳු කරන්නා  එක්තරා ජන මාධ්‍ය වේදියෙකුට සිකුරාදා රැයක පිරිසිදු කිරීමට ගිය විට අහුලා ගත් ජංගි ටික පෙන්වූ බවයි. මම ඔහුගෙන් ඇසුවේ අන්තරේ කුමක් කරන්නේ ද යන්නයි. ඔහු කිවේ අන්තරේට ඕවා  ගැන කතා කිරීමට වඩා  වැදගත් වැඩ  රාජකාරි  හැමදාමත් තිබුන බවයි.

 පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම නැවත් වීමේ සිට ලංකාවේ සමජවාදී විප්ලවය සඳහා සූදානම් වීමත් පන්ති අරගලය කිරීමත් ඔවුන්ගේ මහා අභිප්‍රායන් අතර තිබුණි. සිසුන් ගැන තරමක් හෝ කතා කල දයා  පතිරණ අකාලයේ "ප්‍රතිගාමියෙක්" වී මියෑදුණි.
ඔහුගේ ප්‍රතිගාමී අනුගාමිකයන්ට මගේ නම් කිසිම සහයෝගයක් නැත.  නමුත් අන්තරේ ගැන මොනවා හෝ කිව්වොත් අපට මාක්ස්වාදී එපිස්ටමලොජිය උගන්වන්නට එන අය නම් බොහෝය.  ඒ කාලේ  ජවිපෙට අනුබද්ධ අන්තරය දැන් පෙරටුගාමී සමාජවාදීන්ට අනුබද්ධය. අන්තරේ මෙහෙයවූ බොහෝ අය  දිවි දුන් අතර සමහර අය  ඇමතිවරු මැතිවරු වුහ. සමහර අය  ජනාධිපති අපේක්ෂකයන්ද විය. ඔවුන්ගේ  පන්ති අරගලය හා පෞද්ගලික විද්‍යාල වලට එරෙහිව සිදු කරන අරගලය ගැන මගේ කහටක් නැත. ඒවායින් රජයේ බොහෝ ප්‍රතිගාමී දේවල් වැලකුණ බවද සැබෑය. එහෙත් කුමන හෝ හේතුවකින් තම ඇස්  ඉදිරිපිට සිදුවන අසාධාරණයන් හා බලය අයුතු ලෙස පාවිච්චි  කිරීම්  පිළිබඳව ඔවුන් නිහඬ බව මගේ හැඟීමයි. මා වැරදි නම් නිවැරදි කරන්න.  අරගල පටන් ගන්නේ තමන් සිටින තැන සිදුවන අසාධාරණයන්ට එරෙහි වීමෙන් මිස දේශපාලන  නායකයන්ගේ න්‍යාය පත්‍ර වලට නොවේ.

මම ස්ත්‍රී වාදියෙකු නම් නොවේ. නමුත් මගේ නිහඬවීමත් අපරාධයක් බව මට වැටහුනේ සියාමා ගේ කතාවට පාදක වූ සිද්ධීන් කිහිපයක් දැන ගැනීමෙන් අනතුරුවය.



සියාමා
පළමුවන කොටස.
දෙවන කොටස 
තුන්වන කොටස 
සිව්වන කොටස 
පස්වන කොටස 
සයවන කොටස
සත්වන කොටස 
අටවන කොටස
නමවන කොටස 


44 comments:

  1. සියාමා වගේම මේ පසුවදන හරිම අර්ථවත්. පත්තර වල තියෙන යාන් හෑලි කියෝන මිනිස්සු ගැන පවු කියලා හිතෙනවා මේ වගේ ලිපි එයාලට මිස් වෙන නිසා.. ඔබට නිතර විවේක කාලයන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලිපි ලියන්න,,

    / සිංහල ශිෂ්‍යාවන්ට හිර හැර කරන මොහු සිංහල ජාතිය බේරා ගන්නට පත්තර වලට ලිපි ලියන හැටි දැක මම පුදුම වුනෙමි. ///

    මේ සිද්දිය හැම තැනම වෙනවා අයියේ, මේ ටිකේම දේශපාලනේ ගැන බ්ලොග් ලිපි කියෝලා ඔලුව කුරුවල් වෙලා ඉන්නේ.. මේ ලිපියත් අනෙකුත් ලිපිත් කියවද්දී දැනිච්ච දෙයක් තමයි දේශපාලනය ගැන කතාකරන්න සහ කියවන්න අකමැති වුණත් අප වටා තියෙන සියළුම ගැටළු වල කෙලවර රටේ පාලන ක්‍රමය සම්බන්ධයි කියන එක, අනේ මන්දා,, ස්තුතී..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගී. රටක පාලන ක්‍රමයක් හොඳ නම් ඒක අපට එච්චර දැනෙන්නේ නැහැ. නරක වෙන්න වෙන්න අපට දැනෙනවා වැඩියි නේද?

      Delete
    2. //පත්තර වල තියෙන යාන් හෑලි කියෝන මිනිස්සු ගැන පවු කියලා හිතෙනවා මේ වගේ ලිපි එයාලට මිස් වෙන නිසා//
      ඊට හපන් ඔමා මේ විදිහට බැලුවම පත්තරවල ලියන ආචාර්යවරු ගැනත් පව් කියලා හිතෙනවා.

      Delete
    3. ඒවා කියවන කොට මට හිනා යන හැටි ගැන උමබල කවුරුත් කතා කරන්නේ නැහැනේ.

      Delete
  2. (සිසුවියනට ඔහු ලකුණු දෙන ක්‍රම පිළිබඳව පැවසීමයි. පියයුරු බැලීමට ඉඩ දීම සහ සම්භාහනය කිරීමට ඉඩ දීම විභාගය ගොඩ දා ගැනීමටය. ලකුණු හැටකට වැඩියෙන් දා ගැනීමට අවශ්‍ය නම් ඇතුලේ ........කැපීමට ඉඩ දිය යුතුය. මෙය මට තේරුනේ නැත. ලංකාවේ විවාහ වීමට කන්‍යා භාවය තිබීම අවශ්‍යම නිසා තරුණියන් එවැනි දෙයකට අකැමැති වන බවත් ඔහු බොරු කියන බවත් මම කීවෙමි. ඔහු විසින් ක්ලාස් එකක් අරන් දීමට ශිෂ්‍යාවක රැගෙන තානායම් වලට ගිය හැටිත්, විභාග අවසන් වුනු පසු නොයෙකුත් තැන් වල ලකුණු බැලීමට එන්න යයි කියා සමහර සිසුවියන්ට ට මුඛ ....කිරීමට බල කල හැටිත් ඔහු අපට අනාවරණය කළේය. මේවා බලහත්කාරකම් නොවේ දැයි ප්‍රශ්න කල විට ඔහු කිවේ සමහර සිසුවියන් කැමැත්තෙන්ම එන බවත් සමහර අයට පෙම්වතුන් පවා සිටින බවත්ය. වැඩි හරිය තමන්ට භය බවයි.) ??????????????????????????????????

    මේ රට වල විශ්ව විද්‍යාලයක සිසුවියකට ලෙක්චර කෙනෙක් මේ වගේ දෙයක් නෙවෙයි ඒ වගේ හිතෙන බලපෑමක් කලහොත් ඔහුගේ ඇකඩමික් ජීවිතය එදයින් ඉවරයි. මීට වසර දෙකකට පමණ පෙර යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරයෙක් යුදෙව් ජාතිකයන් ගැන නොමනා කතාවක් දේශනයකදී කල බවට චෝදනා ලද නිසා විශ්ව විද්‍යාලයෙන් ඉවත් කලා.


    ReplyDelete
    Replies
    1. මේක අවුරුදු විසි ගනනකට කලින් කිවූ දෙයක්. තවමත් මෙහෙමයි කියල කියන්න මට කිසි සාක්ෂියක් නැහැ. නමුත් මගේ මිත්‍ර ජනමාධ්‍යවේදියා නම් කියනවා එහෙමයි කියල. මම සුද්දයි හොඳයි කියල මම කියන්නේ නැහැ. මම සදාචාරයක් තියෙන එකෙක් නොවෙන්න පුළුවන්. නමුත් මම බලහත්කාරකම් කරන්න ගිහින් නැහැ.

      Delete
    2. වගකීමෙන් කියන්නම් තාමත් තත්ත්වය එයාකාරමයි. නැත්නම් ඊටත් වඩා දරුණුයි. කැමැත්තෙන් නිදිවදින එකයි, විභාග සමත් කරල පංති සාමාර්ථ දෙන්න බලහත්කාර පෙළැඹවීම් කරන එකයි දෙකක්.
      විශ්වවිද්‍යාල වල විතරක් නොවෙයි ජනමාධ්‍ය ආයතනවලත් තත්ත්වය ඕකම තමයි. මමත් ඔය දෙකේම හිටියනෙ.

      Delete
    3. ethakota noki katha mahaththaya awurudu 5k hitapu thena?????

      Delete
    4. හෙන්රි,
      ඔබ ඉගෙනගත් කාලයේ පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ හෝ විශ්ව විද්‍යාලයේ මෙවැනි දේ තිබුණා ද? නැතිනම්, ඔබ එහි අධ්‍යාපන මාධ්‍ය අංශයේ හෝ එවැනි තැනක සේවය කළ පසු කාලයේ හෝ?
      පුදුමයි.

      Delete
  3. හම්බේ........ මාර මාර චරිතනෙ අජිත් අයියටත් හම්බුවෙන්නෙ. බැලුවම මේකා පාපයේ ප්‍රතිමූර්තියක්නෙ.

    ReplyDelete
    Replies
    1. පාපය කියන්නේ මොකක්ද හරියටම?

      Delete
  4. "ඇමෙරිකාවේ අන්තවාදය කෙනෙකුගේ ශරීර වර්ණයට එරෙහිව ක්‍රියාත්මක වන බව පෙනේ."

    ඇමරිකාවේ මෙවැනි දේ පාලනය කර ඇත්තේ ඉතා දැඩි නීති පැනවීම, එම නීති ගැන පුළුල් ලෙස දැනුවත් කිරීම සහ එයින් පසුවත් නීති කඩන්නන්ට එරෙහිව නීතිය ඉතාමත් තදින් ක්‍රියාත්මක කිරීම යන කරුණු තුනේ එකතුවෙනි. මේ නීති නිසා ඇතැම් විට 'වැඩි පරිස්සමට' කටයුතු කිරීමෙන් සාමාන්‍යයෙන් බහුලව පීඩාවට පත් වන කණ්ඩායමට ඕනෑවටත් වඩා වාසි අත්වෙන තැන් පවා තිබේ.

    සරසවි ඇදුරන්ට ලිංගික අල්ලස් දීමට කෙරෙන උත්සාහයන් මෙවැනි තත්ත්වයන් යටතේද සිදු වේ. එහෙත් බලහත්කාරයනම් නැත්තටම නැති තරම්ය. බොහෝ දෙනා මෙවැනි අවස්ථා සම්බන්ධව ඕනෑවටත් වඩා ප්‍රවේශම් වන්නේ අවසන් ප්‍රතිපලය රැකියාව අහිමි වීම වැනි දෙයක් පමණක් නොවන නිසාය. පුද්ගලික නිදහසට බාධා නොකරන අතරම සැමට සමානත්වය පවත්වාගැනීම සඳහා නීති රීති ඉතාම විස්තරාත්මකව අර්ථ දක්වා පැහැදිලි සීමා ඉරවල් ඇඳ තිබේ . එවැනි තත්ත්වයක් යටතේද අවදානම ගන්නා අයත් සිටිති. පහත ඇති සිදුවීමේ 'අභ්‍යන්තර කතාව' එවැන්නකි.

    http://www.dailymail.co.uk/news/article-2029745/University-Idaho-Professor-Ernesto-Bustamante-kills-hours-killing-student-Katy-Benoit-relationship.html

    "ලන්ඩන් විශ්ව විද්‍යාල වල එසේ කල හැකිදැයි මට කුකුසක්ද ඇති විය."

    2000දී පමණ එංගලන්ත රජය විසින් වැට බඳින ලද 'වීසා කොලේජ්' එකක්ද?

    "අන්තරේට ඕවා ගැන කතා කිරීමට වඩා වැදගත් වැඩ රාජකාරි හැමදාමත් තිබුන බවයි."

    මමත් දන්න කාලේ සිටම අන්තරේට තිබුනේ මෙවැනි 'ලොකු ප්‍රශ්න'යි.

    "ඒ දින වලම ඔහුව හෙළිදරව් කළා නම් බොහෝ සිසුවියන් බේරා ගැනීමට හැකිව තිබුණු බවයි."

    මිනිස්සුන්ගේ 'පොඩි' හැසිරීම් වලින් ඒ මිනිස්සුන්ගේ 'ලොකු' හැසිරීම් පහසුවෙන් තේරුම් ගත හැකිය. ලංකාවේ තවමත් ඇති වටපිටාව අනුව මෙසේ 'එළිදරවු වූ' අයටත් දිගටම තම පුරුදු පවත්වා ගැනීමට පුළුවන. සමහර විට ඔහුට වැඩේ වඩාත් පහසු විය හැකිය. කෙනෙක් 'පගාකාරයෙක්' බව ප්‍රසිද්ධ කළ විට බය නැතුව පගාව දීමට මිනිස්සු පෝලිමේ එති. එසේ වුවද අවශ්‍ය කෙනෙකුට වඩා දැනුවත් තීරණයක් ගැනීමට මෙවැනි දැනුවත් කිරීමකින් ඉඩ සැලසේ.

    ReplyDelete
    Replies
    1. ඇමෙරිකා එක්සත් ජනපදයේ නීති තද බවත් බොහෝ විට නිදහස සුරකින බවත් මම පිලි ගන්නවා. නමුත් මෑත කාලයේ සමහර කළු මිනිසුන්ට එරෙහිව පොලිසියේ ක්‍රියාත්මක වීම් , කළු හා හිස්පැනික් අය වදිපුට අත් අඩංගුවට පත්වීම් හෙම පෙන්වන්නේ මේ ප්‍රශ්නය තවමත් තිබෙන බවයි. විශ්ව විද්‍යාල බලහත්කාරකම් කරන්න බැහැ.

      Delete
    2. //2000දී පමණ එංගලන්ත රජය විසින් වැට බඳින ලද 'වීසා කොලේජ්' එකක්ද?// ටුයෙන හොඳම එකක්නේ ලන්ඩන් විශ්ව විද්‍යාලය ULC එක. ඒකයි කුකුස.

      Delete
  5. අපි කියවපු කථාවවට වගේම පසුවදනටත් ගොඩක් ස්තුතියි අයියන්ඩි..මම සේවය කරන ක්ෂේතෘය ගැනත් ඔය ලිංගික බලපැම් හුගක් කතා තියනවානේ..ඒ වුනාට ගොඩක් ඒවා හිතින් මවපු ගොඩනගපු කතා..හිනාවුනාම කියන්නෙ ඒකි මට හම්බවෙන්න කිව්වා කියලා, කතා කරාම කියන්නෙ ඒකි මාත් එක්ක බුදිය ගත්තා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය ගාමන්ට් ක්ෂේත්‍රය ගැනද ? ඒවා ගැන කතා තියනවා. මම සාමන්‍යයෙන් අනුන් කියන කතා ලියනවා නම් ලියන්නේ දෙතුන් පාරක් චෙක් කරලා. මට වෙච්ච් දේවල් ගැන මම වගකීම දරනවා.

      Delete
  6. ඒක ඇවිත් එකෙක්ගෙ අසික්කිත කම හින්ද වෙන දෙයක් කියල මට හිතෙන්නෙ නෑ...
    සරලවම හිතන්නකො ඔය මහාචාරිය තුමා ගැන පැමිණිලි කරා කියල කෙල්ලෙක්... ඊට පස්සෙ වෙන්නෙ මොකද්ද දන්නවද අර කෙල්ලට නන්නත්තාර වෙනකං එපාම වෙනකං කැපිල්ල එනව... ඒ නැතත් ඒකිගෙ ජීවිතේ නැතිබංගස්තාන කරලම දානව.. නෑ කියලද කියන්නෙ සමහර විට අර ලෙක්චරය ට පනිස් එකක් හම්බෙන්න පුලුවං.. ඒත් ඉන්නවනෙ උගෙ සමකාලීනයන්.. ඒ නැතත් ඒ වගේ උංට අනුබල දෙන වුං අන්න ඒ වගේ උංගෙන් අර කෙල්ල බේරන්න බැරි වෙනව.. කොටිංම ඒ කෙල්ලට ඉගනීම කියන වචනෙත් එපා කරයි... අන්න ඒ වගේ ඒව හිංද කවුරුත් ඕව ගැන පැමිනිලි කරන්න යන්නෙ නෑ... අනික ඕව දකින බහුතරයක් උංට හොද නං අපිට මොකද කියල හිතන අය... අන්තරේ ගැන වුණත් කියල තියෙන කතාවෙන් ඒ ගැන හොදටම තේරෙනව.. අනික අන්තරේ කියන්නෙත් බහුලවම කටින් බතල කොල හිටවන අය ඉන්න තැනක් මිස ප්‍රැක්ටිකලි දෙයක් කරන්න කැමති අය අඩුවෙන්ම ඉන්න තැනක්... උං ඔය ගැන කතා කරත් සමහර විට අරුං ම කියන්න පුලුවං අපිට හොද නං තොපිට මොකද කියල...

    එක ප්‍රශ්නයක් නෙවයී එන්නෙ... ඔය ඔක්කම නැති කරන්න දවසක් එයි කියල මේ කපේට කියන්න බැ

    ReplyDelete
    Replies
    1. අපි නිහඬව සිටි නිසා අපේ ප්‍රශ්න ගැන කතා කිරීමට කවුරුත් නැති විය. - අජිත් නීමොලර්

      Delete
  7. අජිත්. නින්දෙන් අවදි වෙලා වගේයි. එක්කො තමන් දුටු දෙයින් විස්මයට පත් වෙලා වගෙයි.. ඔය ආචාර්ය මහාචාර්ය බහුතරයක් එසේ කර ගැනීමට නොහැකව ලතවන අයයි. ඉතිරි ප්‍රමාණයෙන් කොටසක් අසීමිත ලෙස සිසුවියන් තම සුභ විහරණය සදහා යොදා ගනී. අවශ්‍ය නම් චිරප්‍රසිද්ධ නම් රොත්තක්ම කිව හැක. ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල වල පාහේ මෙවැනි දේ සිදුවේ.. එතෙකුනුත් 90-200 දශකයේදී කොළඹ කලා පීඨයේ ඔවැනි සිදුවීම් අනන්තවත් තිබුනි. දැනටත් තියේ. නොතිබෙන තැනක් ඇතිනම් කියනු.. මෙතැනදි කැමැත්ත, අකමැත්ත, බල කිරීම, කරන්නට දෙයක් නොමැති වී, ආසාව වැනි බොහෝ නිර්නායකයන්ද පවතී.. කෙසේ වෙතත් අදද, හෙටද මේවා සිදුවේ...

    ReplyDelete
    Replies
    1. කවුද දේශකයෝ දන්නේ ? මට කිසි විටෙකත් ලංකාව ගැන එහෙම හිතුනෙම නැහැ. නින්දෙන් අවදි වෙලා වගේ තමයි. මම අවුරුදු 30 ලංකාවෙන් පිට ජිවත් වන කෙනෙක්. අර මහාචාරියා අපට විහිළුවට කතා හදල කියන්න ඇති කියල මම හිතන් හිටියේ. අර කෝල් එක එනකන්.

      Delete
    2. බොරුවට ඇවිල්ලවත් හොයල ගියේ නෑ නේ.. නිකං ජොනීත් එක්ක ඇවිදල විතරයි.. හැක්..

      Delete
    3. එන්නේ පවුල එක්ක නිවාඩුව ගත කරලා, ගෙවල් වල සහෝදර සහෝදරියන්ගේ ප්‍රශ්න විසඳලා , ඊට පස්සේ ෆොටෝ ටිකක් අරගෙන ෆේස් බුක් එකට දාල යාළුවන්ට පෙන්නන්න නේ. the brutal truth

      Delete
    4. තට්ටේ එන එක අරුමයක්යැ ඉතිං.. නෑ මේ සත්‍යය පොළව යට දාපු ගෝනි කොනක් වෙගයි පේන්නේ. යට ටික දිරලම ගිහින් ඇති..

      Delete
    5. ඔන්න දේශකයා කටහ්ව වෙන පැත්තකට ගෙනියනවා. තට්ටේ ගැන කියන්න කිව්වේ කව්ද?

      Delete
    6. හැක් හැක්.. ආපු වෙලාවක තට්ටෙට උම්ම එකක් දෙනවා සත්තයි.. හොදේ.. හැක්..

      Delete
  8. බලහත්කාරකම් නොකලත් ලංකාවෙ විශ්වවිද්යාලවල ඇකඩමික් ස්ටාෆ් එක ඉන්න ලෙවල් එක වැඩී. ලංකාවෙ දැන් හැදිල තියන සංස්කෘතියට කවුරුවත් ඩොක්ටර් හෝ ප්‍රොෆෙසර් කියන්නෙ නෑනෙ. සර් හරි මැඩම් හරි තමයි. කැතම එක "ප්‍රොෆෙසර් සර්" කියන එක.
    "අය්යා අක්කා" සංස්කෘතියකුත් සිසුන් අතරෙ 90 ගණන් මුලවගේ ඉඳන් තියනවනෙ. හැම එකටම හයිරාකි එකක්

    ඒකෙ අනිත් පැත්ත අන්තරේ වගේ දේශපාලනය කරන අය ස්ටාෆ් එකව බය කරන්න හදන එක.

    ReplyDelete
    Replies
    1. එංගලන්තේ ප්‍රොෆා ලට මුල් නම් කියල කතා කරත් හැකි. ලංකාවේ නම් පුදුම පු....අමාරුවක් තියෙන්නේ. අන්තරේ යන්තරේ ජප කරලා තියා ගමු.

      Delete
    2. මෙහේ නං වීසි මහත්තයා කිව්වත් අම්ම මෝ නැතිව බනින රටක්..

      Delete
  9. //අජිත්ව අන්දලා හැමදාම දවස් ගාණක් සැමන් ගෙන්න ගෙන කෑවා//
    පව් බං. ලංකාවට ආවම තව සැමන් ටිකක් ගිහිං දීපං. පින් සිද්ධවෙන වැඩක්නෙ.

    ලංකාවෙ ගෑනු/කෙල්ලො බහුතරයක් බස් එකකදි සිදුවන අතවරයකට පවා විරුද්ධ වෙන්න ශක්තියක් නැති අය. (ඊට පස්සෙ ඇතිවිය හැකි තත්වයේදි කාන්තාව තනිවීමත් ඒකට හේතුවක් වෙන්න පුළුවන් නමුත්...). ඉතිං මෙහෙව් රටවල මොනව වෙන්න බැරිද!

    ReplyDelete
    Replies
    1. ගණිකා වෘත්තීය නීති ගත කරලා බොරු සදාචාරය පැත්තට දැම්ම නම් හරි.

      Delete
    2. //ගණිකා වෘත්තීය නීති ගත කරලා බොරු සදාචාරය පැත්තට දැම්ම නම් හරි//
      එකඟ නෑ. ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීමෙන් නැතිකල හැක්කේ එම ක්ෂේත්‍රයේ නියැලෙන්නියන්ට යම් ආරක්ෂාවක්/පහසුවක් පමණයි.
      උඹට ලංකාවෙදි ඔය වැඩේ කරන්න ඕන නම් ගණිකාවක් හොයාගන්න එක අමාරු වැඩක්ද? නෑනේ!
      මිනිස්සු තමන්ගෙ සීමාව අවබෝධ කර නොගන්නා තාක් මේව සිදුවෙනව.

      Delete
    3. ඒකත් ඇත්ත . අර වගේ ලෝභයෝ ගනිකාවටත් බලහත්කාරකමක් කරලා උන්ගේ සල්ලි අරගෙන දුවයි. මේක බලය අනිසි ලෙස පාවිච්චි කිරීම.

      Delete
    4. “ඇයි මල්ලි“

      “අක්කගේ පර්ස් එක.. ඒක දෙන්න අමතක උනා.“

      පර්ස් එක අතට ගත්ත ඇය පර්ස් එක ඇරල, හොදට ඒ දිහා බලන් ඉදලා අපි දෙන්න දිහා බැලුවා.

      “ඇයි අක්කේ.. මොකද“

      “බලන්නකෝ පර්ස් එකේ රු. 120 ක් තිබ්බා. දැං ඒක නෑනේ“

      ඔන්න ඕම කතාවක් තිබුනා මේකේ.. හැක්

      සිරිපා වන්දනාව

      Delete
    5. ඒ කතාව නම් හොඳා දේශකය. ඔය හොඳ මනුස්ස ප්‍රාණියෙක්.

      Delete
    6. ටැබුවගේ මේ කතාව මම කියවල තියනවා. මගේ කැමතිම බ්ලොග් කාරයෙක් තමා අවුරුදු කීපෙකට කලින් ඉඳන්ම.

      Delete
    7. නෑ මම මේක දැම්මේ ඔයැයි කිව්ව කතාවේ වගේ නසරානියෝ ඉන්නවා කියල කියන්නයි..

      Delete
  10. Replies
    1. ටැබුවගේ මේ කතාව මම කියවල තියනවා. මගේ කැමතිම බ්ලොග් කාරයෙක් තමා අවුරුදු කීපෙකට කලින් ඉඳන්ම.

      Delete
    2. ස්තුතියි රාජ්.
      මා එදා දැමූ කමෙන්ටුවත් එළෙසම තියෙනවා.

      Delete
  11. ගිය සති දෙකම මිස් වුන නිසා එක දිගට ඔක්කොම කියවගෙන ගියා. මම නම් මේ වගේ දේවල් කියවල තියෙනවා විතරයි. හැබැයි ඔය කියපු දේ වල් ඕනෙවටත් වඩා වෙන ඇති කියල නම් තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. වෙනවා, කතා කරන්නේ නැහැ නොයෙකුත් හේතුන් නිසා. අර ජනතව තරහ වෙයි. අර පක්ෂේ තරහ වෙයි වගේ හේතු නිසා.

      Delete
  12. මෙවැනි ම අන්තර්ගතයකින් යුතු ලිපියක් ටැබූ සබ්ජෙක්ට්ස් නමැත ි බ්ලොග් අඩවියයේ කලකට පෙර පළ වී තිබුණා. මා එහි තැබූ කමෙන්ටුවේ අන්තර්ගතය නැවත ලියනවා නම්-

    මා වසර හතරක් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තා. පසු කාලයක වසර හතරක් කැලණිය විශ්ව විද්‍යාලයේ සේවය කළා. නමුත් මේ තැන් දෙකේ දී නම්, ඕපාදූපයක් ලෙසවත් මේ වගේ කතාවක් මට අහන්නට ලැබී නෑ.

    මුලින්ම මේ හා තරමක් සමාන කතාවක් මා කියවූවේ සරත් විජේසූරිය ගේ මගේ නඩුව ඉවරයි නමැති වාර්තාමය නවකතාවෙන්. ඒ ඉතා සරල දේවල්, කෙල්ලන් එකතු වී සර්ට සොමියක් දෙන්න යනවා යැයි කියා රංචු පිටින් ගොස් එක්තර මහැදුරෙකු සමග තොඳොල් කතා කියමින් සූරතල් වීම ගැනයි.

    ටැබූ කියා තිබුණු කතා අද අජිත් ගේ කතාවට කෙලින්ම සමානයි.

    ReplyDelete
    Replies
    1. This is a true story. If the ladies will complain I will give evidence. Next government will start checking all the abuses I think.

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.