පළමුවන කොටස.
දෙවන කොටස
තුන්වන කොටස
සිව්වන කොටස
අවවාදයයි: ඔබ අවුරුදු දහ අටට අඩු නම් මෙය ඔබට කියවීමට සුදුසු නැත. කරුණාකර ඉවත් වන්න.
අපේ දේශනා වාර අවසන් වන සමහර අවස්ථාවල ඒ අසල පබ් හෙවත් බීම අවන්හලට ගොඩ වැදී බියර් වීදුරුවක් හෝ පලතුරු යුෂ වීදුරුවක් බොමින් සංවාදයේ යෙදීමට පන්තියේ බොහොමයක් වැඩිහිටි ශිෂ්‍යයන් මෙන්ම තරුණ ශිෂ්‍යයන්ද පුරුදුව සිටියහ. බොහෝ විට මේ සංවාද වල තාරකා ගැන අලුතින් සොයන ග්‍රහලෝකයක් ගැන මෙන්ම දේශපාලන මාතෘකා ද සාකච්චා විය. ඒමි වැඩිපුරම කතා කල දර්ශනවාදය ගැනයි. හේගල්, කාන්ට් මෙන්ම අක්‍රිල් , අයර් හා ෆ්‍රොයිඩ් ගැනද ඇය කතා කලාය. සියාමා මනෝ විශ්ලේෂණය ගැන සංවාද වලට දැඩි වුවමනාවකින් සහභාගී වූවාය.
විභාග අවසන් වන දිනයේ තිබුනේ එක විෂයක් පමණි. අපි සියල්ලෝම නැවතත් බීම අවන්හලකට පැමිණියෙමු. සුපුරුදු පරිදි දේශපාලනය හා දර්ශනවාදය ගැන කතා කරමින් සිටියදී සියාමා මා කරා ආවාය .
"මට යන්න ඕනේ "
"ඉතින් ඔයා යන්න. අපෙන් අහන්න ඕනෑය ? " ඇන්ඩ්රු විහිළුවට මෙන් පැවසුවේය.
"ප්‍රී මාව බස් එක ගාවට එක්ක යනවද? " ඇය කෙලින්ම මගෙන් ඇසුවාය.
"හා" යයි පිළිතුරු දුන් මම නැවත අවන්හලට එන බව අනිත් යහළු සිසුන්ට පවසා සියාමා සමග එලියට පිය මැන්නෙමි.
"පහුගිය දවස්වල මම හුඟක් කල්පනා කලා මගේ ජිවිතේ ගැන. ඔයාව හම්බ වෙච්ච එක. හෙට අදේවවාදී සංගමේ රැස්වීමක් තියෙනවා. මට සමහර වෙලාවට හිතෙනවා ඔයාව මට හමු වෙන්න තිබ්බ කියල. "
"ඒ කියන්නේ ඔයාට හිතෙනවද අදේවවාදී සංගමයට ගියත් සමහර දේවල් සිද්ද වෙන්නේ කලින් කවුරු හරි හදපු සැලසුමකට හරි කර්මයකට හරි කියල"
"මං දන්නේ නැහැ. මාව පැහැරගෙන ගියායින් පස්සේ වෙච්ච් දේවල් ඔයා දන්නේ නැහැනේ."
"මට දැන ගන්න ඕන වුනත් ඔයා අර විධිහට වේදනාවට පත් වෙනවා බලන්න මට අමාරුයි. සමහර විට ඔයා පුළුවන් තරම් ඕවා අමතක කරලා දාන්න. ඔයා මානසික සායන වලට හෙම ගියේ නැත්ද?"
"ඔයා හරි කරුණාවන්තයි. මං ගියා ප්‍රී. ඔයා හිතන තරම් ලේසි නැහැ අමතක කරන්න. අපි යමුද උද්‍යානයට?"
"තවම ඉර එලිය නම් තියෙනවා. නමුත් තව ටිකකින් රෑ වේවි"
"කමක් නැහැ. මේ රටේ මම භය නැහැ. ඔයත් ළඟ ඉන්නවනේ. මට සැනසීමක් ඒ බංකුවේ ඉඳගෙන ඉන්න එක. "
"ඔයා දන්නවද එදා උන් මාව අරන් ගියේ ලොකු ගෙදරකට. මාව බිමක දාල රෑ එහෙම්ම තිබ්බ මූණ වහපු උරේ අයින් කරලා. උදේ මට කන්න පාන් දුන්න ඩාල් එක්ක (පරිප්පු විශේෂයකි)".
අප උද්‍යානයට පැමිණ සුපුරුදු බංකුවේ වාඩි වුනෙමු.
"එතන තව ගෑණු ළමයි, මට වැඩිය වැඩිමල් අය හය හතක් හිටියා. පිරිමි ළමයි දෙන්නෙකුත් හිටිය. මගේ වයසේම වගේ කියල හිතුනේ. හැමෝම හිටියේ භයෙන් වගේ. වැඩි කතාවක් නැහැ. මගේ අම්මගේ වයසේ ගෑණියෙක් හිටිය. මට කන්න දුන්නෙත් ඒ ගෑනි. මම හිතුවේ මම ඉන්නේ අම්ම තාත්ත නැති ළමයි ඉන්න නිවසෙක කියල. අපේ අම්ම එහෙම නිවාස ගැන කියල තියෙනවා. "
පොලිස් රථයක් නලාව හඬවමින් වේගයෙන් ඉගිල ගියේය. ඇය මොහොතකට කතාව නැවත්වුවාය.
"හවස තමයි මට තේරුනේ. මාව දුලාල් ඇවිත් එක පාරටම ඇදගෙන ගියා නාන තැනට. ඒක ගේ ඇතුලේ එලියට එන්න තිබුනේ. ලොකු ගෙයක් තට්ටු දෙකක. මාව දාල හිටියේ ඉස්සරහම තිබුන කාමරයක."
"කවුද දුලාල් "
"මං පස්සේ දැනගත්ත විධිහට දුලාල් එක මුරකාරයෙක්. නරකම එකා. මුරකාරයෝ දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි හිටිය. මසුඩ් , නසීර් හෙම. අප බලා ගත්ත ගෑණිගේ නම ෆරීඩා. දුලාල් හැම වෙලේම උණ බම්බු වලින් හැදුව වගේ කෙවිටක් අතේ තියන් හිටියේ. ඌ මාව නාන තැනට දාල ඇඳුම් ගලවන්න කිව්වා. මං ගැලෙව්වේ නැහැ. අර කෙවිටෙන් ගැහුවා මට. මං කෑ ගහන්න ගත්ත. එතකොට ෆරීඩා ආවා. ඇවිත් මගේ ඇඳුම් වලින් ඇදල ඉරල වගේ ගලවල දැම්ම. මං කවදාවත් ඒ වගේ නිරුවතින් ඉඳල නැහැ. දුලාල් බලා ඉන්දෙද්දීම ෆරීඩා වතුර බාල්දියක් ගැහුවා මට. පස්සේ මට නාන්න දීලා උන් ගියා. ෆරීඩා ඇවිත් මට බාච්චු ගවුමක් දුන්න. දුලාල් මාව ඇදගෙන ගියා උඩ තට්ටුවේ ලොකු කාමරයකට. මට ඒ දවස තවම හොඳට මතකයි. කාපට් දාල ලොකු පරණ ඇඳක් තිබ්බ උඩ වහලක් වගේ තිබ්බ කණු හතරක් උඩ. මේසයක් තිබ්බ කෑම තියල. කෑම මට නෙමේ."
"ඔයා මොකක් ගැනද කියන්න යන්නේ කියල මට තේරෙනවා. ඔයා මට කියන්න අවශ්‍යම නැහැ. "මම කීවෙමි.
"ප්‍රියාන් මම ඇඩම්ට මේවා මුකුත් කියලා නැහැ. කොටින්ම කිසිම දෙයක් දන්නේ නැහැ ඇඩම්. මගේ මානසික සායන වලින් හුඟක් කාලෙකට පස්සේ මට පිරිමියෙක් ගාව ඉඳගන්න වත් පුලුවන් වුනේ. ඇනා දන්නවා තරමක් දුරට. ඔයාට කියන්න හිතෙන්නේ ..." ඇය දිග සුසුමක් හෙළුවාය.
"ඔයා කියන්න. මම අහගෙන ඉන්නම්."
"එදා ආවේ පල්ලියේ පූජකවරයා. ඌ දැනගත්ත මං ඌව අඳුර ගත්ත බව. ඌ කිව්වා මාව මරණෙන් බේරා ගත්තේ ඌ කියල. දෙවියන්ට යාඥා කරන්න කීව ඌ මාව බේරා ගත්ත එකට. ඊට පස්සේ එතැන තිබ්බ රොටී හා මස් කෑව. මටත් කාපන් කීව. මම කෑවේ නැහැ. ඊට පස්සේ කිව්වා මට ඇඳුම ගලවපන් කියල. මම ගැලෙව්වේ නැහැ. ඌ මගේ ගාවට ආවහම මම ගැහුවා පයින්, දැඟලුව. කාමරේ මුල්ලට දුවල ගුලි වුනා. මම කෑ ගහල අඬන්න ගත්ත. මූ දොර ඇරලා දුලාල්ට කතා කලා. දුලාල් ආවේ ෆරීඩා එක්ක. ෆරීඩා මගේ කකුල් දෙකෙන් අල්ලාගෙන ඉන්දැද්දී දුලාල් ඇඳුම ඇදල ගත්ත. ඊට පස්සේ මගේ කට බලෙන්ම ඇරලා රෙදි පටියකින් කට ඇරලා තියෙද්දීම දිවත් හිරවෙන්න බැන්ද . බැඳලා මාව මුනින් අතට ඇඳේ බාවල උගේ අර කෙවිටෙන් ගැහුවා. මම හු තිබ්බ. මගේ කටින් සද්දේ පිටවුනේ අමුතු විධිහට. ෆරීඩා කීව කෑ ගහන්නේ දඟලන්නේ නැතුව ඉඳපන් උඹට මැරෙන්න ඕනේ නැත්නම් කියල. ඊට පස්සේ ඉමාම් මාව දූෂණය කලා. මං කෑගැහුවා. මට මගේ තාත්තා මතක් වුණා . අනේ තාත්ත හිටිය නම් මාව බේරා ගන්නවා මුන්ගෙන් කියල."
ඇය හෙමිහිට ඇගේ හිස මගේ උරහිසට තබා ගත්තාය. මට ඇගේ බඳ වටා අත යවා තුරුළු කර ගැනීමට සිතුනද එසේ නොකෙලෙමි. කෝපය හා වේදනාව මගේ සිතට තදින් දැනුනි. එකම දිනයේ දෙවතාවක් හිංසාකාරී ලෙස නිරුවත් කරවූ කාන්තාවකට කිවීමට දෙයක් නැතිව මම ලත වුනෙමි.
ඉන්පසු ඇය කීවේ මාසයක් පුරා නොයෙකුත් මිනිසුන් අතින් ඈ ලද හිංසනයයි. ඇය අලුතින් ගෙනා බව අවට පිරිමින් අතර පැතිර තිබුණි. ඒ නිසා වැඩිම ඉල්ලුම වී තිබුනු, වැඩි විය පැමිණුනත් තවමත් දරුවකු වූ ඇය දිනපතාම දුෂණය වූවාය.
"ෆරීඩා දරුණුයි වගේ පෙනුනත් පස්සේ මට තේරුණා ඇය අපට අනුකම්පා කරන වග. මට වේදනාව යන්න බෙහෙත් පෙති දුන්න. විකෘති විධිහට කරන එවුන් නිසා මාව මුනින් අතට දාල පිට තැව්වා. තෙල් දුන්න පාවිච්චි කරපන් කියල." ඇය කිවූ දෙය මම තේරුම් ගතිමි. මා සිටියේ මහත් ව්‍යාකුල භාවයකිනි. ඇය සමග කෙසේ කතා කරන්න දැයි, ඇයට කෙසේ පිළිතුරු දෙන්න දැයි සිතමිනි. මම මනෝ වෛද්‍යවරයෙකු නොවේ. මා ෆ්‍රොයිඩ්, ජුන්ග් හා ජැමිසන් ආදීන්ගේ කිසියම් පොත් ප්‍රමාණයක් මානසික ලෙඩ ආදිය ගැන කියවා තිබුනද මේ එය නොවේ.
"ඔය වගේ දේවල් අන්තර්ජාලයේ තියෙනවා. හැබැයි මිනිසුන්ට විනෝද වෙන්න අසභ්‍ය වෙබ් අඩවි වල. මම හංගන්නේ නැහැ මමත් බලල තිබෙනවා. දැන් මට හිතෙනවා මිනිස්සු මේවගේ දේවල් වෙනවා කියල එක්කෝ විශ්වාස කරන්නේ නැහැ. නැත්නම් විශ්වාස කලත් ගණන් ගන්නේ නැහැ. අර විනෝදය සපයන වෙබ් අඩවි, වීඩියෝ වගේ දේවල් වලින් ඒ තත්වය ඇති කරලා තියනවා."
"මං හිතන්නේ නැහැ එතනට ආපු එකෙක් වත් වෙබ් අඩවි බැලුව කියල ප්‍රියාන් " ඇය ඉතා සන්සුන්ව කීවාය. ඇගේ සන්සුන් බව මට විමතියක් ඇති කළේය.
"මේ ගේ තිබුනේ තවත් අසල්වැසියෝ ඉන්න තැනකද? පැනල යන්න වත්........ " වයසින් අඩු ගැහැණු ළමයෙකුට එසේ කල නොහැකි බව දැන දැනත් ඇසුවෙමි.
"මං දන්නේ නැහැ. ජනේලෙන් බලන කොට නම් ගෙවල් තිබ්බේ නැහැ. ගේ පිටි පස්සේ කැලයක් වගේ කෑල්ලක් තිබ්බේ. ලොකු ගස් තිබුන. පැනල යන්නේ කොහොමද? ඒකට එනවා පොලිස් කාරයොත්. දුලාල් කිව්වේ එහෙමයි. එහෙම එකෙක් වෙන්න ඕනේ එනවා මාසෙකට සැරයක්. ඒක ඌට දෙන කප්පමක් වගේ. ඌ හරිම දරුණුයි. අර හිටපු පිරිමි ලමයි දෙන්න ගෙන් කවුරු හරි කෙනෙකු ටයි ගෑණු ළමයි දෙන්නෙකුට තුන් දෙනෙකුටයි යි ඌ ආවම හැමදාම ගහනවා. අපි දෙවියන්ට යදිනවා ඌ ට අහුවෙන්න එපා කියල. දුලාල් තමා තීරණය කරන්නේ කවුද යන්නේ කියල ඌ ගාවට. මාවත් අහු වුණා කීප දවසක්. මායි අබිදායි ජෙහාන් කියන පොඩි කොල්ලයි. ඌ අපව නිරුවත් කරලා පටියෙන් හා කෙවිටෙන් ගහනවා. හැමෝම ඌට බයේ ගෙයි පහල පිටු පස කොටසේ ඇතුලේ වටේට දුවනවා. ඌ කරන්නේ හිනා වෙන එක. ඌට ඒක විනෝදයක්. අනික එතන අනිත් උනුත් අපට හරියට ගහනවා. මේ..."
ඇය සෙමෙන් ඇගේ වම් අත පැත්තෙන් බ්ලවුසය උස්සා ඉනට මදක් ඉහල තැනක් පෙන්වූවාය. කළු පාටට හුරු වටයක් සහිත අඟල් දෙකහමාරක් පමණ දිග අඟලක් පමණ පළල කැළලක් තිබුණි. කැළැල මැද උඩට ඉස්සුණු මස සහිත අලුත් හමක් පැහැදිලිව පෙනුනි.
"මේක හොඳ වුනේ නැති තුවාලයක්. මම බිම ගුලිවෙලා මේ පැත්තටමයි හැරෙන්නේ. උන් ගහන්නේ ඒ නිසා මෙතන්ටමයි. හොඳ වුනේ හුඟක් පස්සේ. එක පාරක් අබිදා පැනල යන්න හැදුව අනිත් වැඩිහිටි කෙල්ල ශර්මිලාත් එක්ක. දෙන්නම ගහේ බැඳලා ගැහුවා. ගුලාල් හා නසීර් වරින් වර ගැහුවා. දවස පුරාම. උන් දෙන්න විලාප දුන්න හැටි අහගෙන ඉන්න බැහැ. කවුරුත් ආවේ නැහැ බේරන්න. ඇඳුම් හෙම ගැලවිලා තිබුණ. එතැන ගිනි අව්ව. මට පස්සේ අබිදා කිව්වා වතුර ඉල්ලුවම උන් මුත්‍ර කරලා තිබ්බ බීපන් කියල. "
ඇය ඉන්පසු තවත් දිගින් දිගට විස්තරයක් කලාය. අසා සිටීමට අපහසු එම විස්තර අමතක කිරීමට මට දැඩි ලෙස අවශ්‍යව තිබුණි. මේ සැබෑවක් නොවේ යයි ද ඇය මගේ
අනුකම්පාව අයැදීමට කියන දේවල් යයිද වරක් සිතුනි. ඇය වරින් වර මගේ අත රැගෙන සිප ගත්තාය. ඇය එසේ කලේ ඇයි දැයි මට නොවැටහුනි. වරින් වර ඇය හැඳගෙන සිටි ගිම්හාන කබාය සීතලට හසු වුනාක් මෙන් තද කර ගත්තා ය.
"ඉතින් ඔයා එංගලන්තේ ආවේ කොහොමද " පැයකට හමාරකට පසු මම ඇසුවෙමි.
"මගේ නැන්දා හොයල තියනවා මාව. ආච්චිත් එදා ගින්නටම අහු වෙලා. සීයා ඈත ගමක හැංගිලා අම්මගේ පැත්තේ නෑදෑයෝ ඉන්න තැනක. දෙන්නම මාව හොයලා. අහල පහල අපට හිතවත් අය කියලා මම අරන් ගිය ගේ හොයාගෙන. නැන්දා තමයි මගේ එකම භාර කාරයා කියල නීතිමය අයිතිය අරගෙන බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට දන්වලා . නැන්දා වෙන කෙනෙකු හරහා දුලාල් හොයාගෙන පවුම් පන්දාහක් විතර පොරොන්දු වෙලා. මේ ගේ අයිති අර පක්ෂයේ දේශපාලනඥයෙකුට. අර අපිව එක පාරක් අරන් ගියේ. "
ඇය ඒ පිළිබඳව කිවූ බව මට අමතක නැත. එක්තරා දේශපාලනඥයෙක් දිනූ පසු ඔහුගේ ළඟම සිටි මැරෑටි අනුගාමිකයන්ට ඔහු සංවිධානය කල සාදයේ එක සංග්‍රහයක් වුයේ මේ නිවසේ සිටි ළාබාල තරුණියන් සමුහයයි. එදා රාත්‍රියේ මඩුවක ගාල් කර හුන් ඔවුහු නොවිඳිනා දුක් වින්දහ.
"ගුලාල් සල්ලි අරගෙන පැනල යන්න ලෑස්ති වෙලා. මුළු මුදල දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ මාව නැන්දට දුන්නම. දුලාල් මේකට කැමති වුන එකත් පුදුමයි. නමුත් පවුම් පන්දාහක් කියන්නේ ලොකු ගානක්. දුලාල්ට ජිවිතේට හොයා ගන්න බැරි ගාණක්. නැන්දා ආවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ තානාපති නිලධාරීන් දෙන්නෙක් එක්ක. එක්කෙනෙක් ගැහැණු කෙනෙක්. මාව රෑ හොරෙන්ම දාගත්ත කාරයකට. පැය දෙක තුනකට පස්සේ අපි අගනුවර මම හිටියේ ජෝ... කියන නිලධාරියාගේ නිවසේ. නැන්දට මගේ ඡායාරූප තිබ්බේ නැහැ. වීසා වලට මගේ ඡායාරූප අරගෙන, මගේ තිබ්බ තුවාල වලට බෙහෙත් දාල අපි සති එකහමාරක් විතර හිටිය. හැංගිලා වගේ හිටියේ. මගේ වීසා ආවහම ඒ නිලධාරීන් දෙන්නම ගුවන් තොටුපලට ආවා ඇරලවන්න. ඔවුන් අප ගුවන් යානයට නගිනකන්ම හිටිය. " ඇය මදකට නිශ්ශබ්ද වූවාය.
"මේ වගේ දෙයක් මිට මාස දෙක තුනකට උඩදී වුණා. ඒ කියන්නේ තාත්ත කෙනෙක් අවුරුදු 15 දියණියක් අරන් ගිහින් පකිස්තානෙට බන්දල දෙන්න එයාගේ කැමත්තට විරුද්ධව. ඒ ළමයා කොහොම හරි හිර කරලා හිටිය කාමරේ ජනේලෙන් පණිවුඩයක් දීල පාරේ යන කෙනෙකුට. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ඒ ගෙදර හිර කර ගෙන ඉන්නවා කියල. කෙල්ලගේ වාසනාවට අර මනුස්සය කොහොම හරි ඒක තානාපති කාර්යාලයට යවල. තානාපති නිලධාරීන් සම්බන්ධතාවයක් හදා ගෙන රෑ වෙලාවක ගිහින් ඒ ළමයව මුදා ගෙන එංගලන්තෙට ගෙනල්ල. හුඟක් හොඳ වැඩක්. " කියූ මම,
"ඔයාගේ සීය ත් ආවද?" යයි ඇසුවෙමි.
"සීයා ආව ඊට පස්සේ මාසේ. අපි තුන්දෙනා හුඟක් සතුටින් හිටිය. සීයා නැති වුණා අවුරුදු කීපයකට කලින්. එයා ගොඩක් දුකෙන් හිටියේ. "
යන්තම් සිරිපොද වැස්සක් පටන් ගති. වැසි කාලය ලන්ඩනයට එළඹ තිබේ.
"අපි යමුද " මම ඇසුවෙමි.
"යමු" බෑගය අතට ගනිමින් ඇය නැගිට්ටාය.
මම මගේ හිස කබායට ආඳා ඇති හිස්වැස්මෙන් වසා ගතිමි.
ඇය එය ඇද පහලට දැමුවේ සිනාසෙමිනි. "මට එකක් නැහැනේ. පොඩ්ඩක් තෙමුනම මොකද "
ඇගේ සන්සුන් බව මගේ විස්මයට හේතු විනි.
"ඔයා හරිම නිර්භීත ධෛර්යවන්ත කෙල්ලක්, තරුණියක්. ඔය ඔක්කොමත් වෙලා පස්සේ උපාධියකුත් අරන් රස්සාවකුත් කරන්න. දැන් ශාස්ත්‍රපති උපාධිය කරන්න. මට හිතා ගන්නත් අමාරු තරම්. ඔයා ට බංගලා දේශ් වලදී ඉංග්‍රීසි පුලුවන්ද?"
සියාමා මා දෙස බලා සිහින් මදහසක් පෑවාය. ඒ මන්දස්මිතය මගේ හද කැළඹුවේ ඒ හා සමගම සැඟවුණු ශෝකී ස්වභාවයක්ද මට දැනුනු හෙයිනි.
"තාත්ත අපට ඉංග්‍රීසි ඉගැන්වුවා ඒ කාලේ දන්නා තරමින්. මම මාස හය හතක් අර ගෙදර හිර කරලා හිටි කාලෙ මුකුත් කලේ නැහැ. නමුත් ලන්ඩන් වලදී නැන්දා ඉගැන්වුවා. පස්සේ ටවර් හැම්ලට් නගර සභාවෙන් මුදල් ගෙවන පාඨමාලා වලට ගියා. ආණ්ඩුවේ සෞඛ්‍ය සේවයෙන් ගෙවන මානසික සායන වලට ගියා. මුලදී මට ඉස්කෝලේ වැඩ අමාරු වුනා. නමුත් ගොඩක් උදව් ලැබුන." ඇය දැන් ඇවිදින්නේ වැඩිපුර පිටුපස නොබලමිනි.
"මේ රට ඒ අතින් හරි හොඳයි. නොමිලයේ ඒ වගේ උදව් ගොඩක් ගන්න පුළුවන්. දැන් මට තේරෙනවා ඇයි ඔයා වට පිට බල බල හැම වෙලාම පාරේ යන්නේ කියල ඉක්මනට. බය වගේ එකක් තවම තියෙනවද?"
"මම මෙහෙ ඉන්නේ ඇත්ත නමින් නෙමේ ප්‍රියාන්. මගේ නම වෙනස් කළා නැන්දා. අක්බාල් ගේ නෑදෑයො වගේම අන්තවාදී ජ....පක්ෂයේ එවුනුත් ඉන්නවා. උන් මහා රෞද්‍ර මිනිස්සු. "
"මට හිතා ගත්ත හැකි. ඔයාගේ තාත්ත අක්බාල් මරපු එක මම විනිශ්චය කරන්න යන්නේ නැහැ. ඔහු තිබුණු ආවේගයට එහෙම කරන්න ඇති. ඔයා කතාව කියද්දී මට වුනත් හිතුන මැෂින් ගන් එකක් අරන් ගිහින් උන් ඔක්කොටම වෙඩි තියල දාන්න. අර අනිත් ගෑණු ළමයිනුත් පිරිමි ළමයිනුත් පව් නේද? "
"මම දන්නා විධිහට නැන්දා පොලිසියට දැන්වුවා. මම මෙහෙ ගෙනාවට පස්සේ. මං හිතන්නේ නැහැ මුකුත් වුණා කියල. "
අප බස් නැවතුමට පැමිණියෙමු. වැස්ස මදක් තද වූයෙන් අප නැවතුම ඇතුලට ගුලි වුනෙමි. ඇය මා දෙස බලා ගත් වනම සිටියාය. මම ආයාසයෙන් සිනා සුනෙමි. ඇය අතක් මගේ පපුවට තබා ගනිමින් මදක් හේත්තු වූවාය. බසය නැවතුමට පැමිණුනි. නැවතුමේ සිටි දෙතුන් දෙනා ඇතුලට යද්දී ඉදිරියට නැඹුරුවූ ඇය මගේ කම්මුල තදින් මිනිත්තුවක් පමණ සිප ගත්තාය. මම ව්‍යාකුල භාවයෙන් සිටියදී බසයට ගොඩ වුනු ඇය, බසය නැවතුමෙන් ඇදී යද්දී මා නැවතුමේ සිටි පැත්තට හැරවී ගෙන බලා සිටියාය.
මතකයේ තදින් රැඳුනු ඒ සැඳෑවෙන් අනතුරුව ඇය කලේ මට ඊමේලයක් දෙකක් එවීමයි. ඊළඟ වාරය පටන් ගැනීමට මාස දෙකක් පමණ ඇති නිසා මා හමුවීමට ඇයට අවශ්‍යව තිබුණි. නමුත් මට තිබුනේ පැකිලීමකි. අවාසනාවකට මෙන් අප දෙදෙනා එකිනෙකා තේරුම් ගත්තේ වැරදි විධිහටද?
තීසිසය සඳහා ඊලඟ වාරයේ සිට සොයා බැලිය යුතු හෙයින් මට කාල වේලා මදි විය. පවුලේ අය සමග නිවාඩුවකට ද යා යුතුව තිබුණි. අන්තිමේදී මම ඇය හමුවීමට තීරණය කලෙමි.
සයවන කොටස
හම්මේ.... මේ කතාව කොහොම කියවන්නද කියලා හිතාගන්න අමාරුයි .
ReplyDeleteපිළිතුරක් දිය නොහැක.
Deleteටිකක් විතර (ආචාර්ය) සුනීතා ක්‍රිෂ්ණන්ගේ කථාව වගේ. හැබැයි ඊටත් වැඩිය ගොඩක් දරුණුයි. අන්තිම කොටස මීටත් වඩා ඛේදවාචකයක් වගේ දැනෙනවා. (බ්‍රිතාන්‍යයෙන් මාර වැරදි වැඩක්නේ කරලා තියෙන්නේ වෙන රටක ස්වෛරීත්වයට බලපෑම් කරලා.) "මං හිතන්නේ නැහැ එතනට ආපු එකෙක් වත් වෙබ් අඩවි බැලුව කියල ප්‍රියාන්" මාත් හිතන්නේ නෑ.
ReplyDeleteදැන් නීතියක් දාල තියෙන්නේ කොහොමත්. ගිය අවුරුද්දේ 100 විතර බේරාගෙන.
Deletehttp://www.bbc.co.uk/news/uk-30923981
http://www.theguardian.com/uk/2000/mar/14/lukeharding
මේ බංග්ලාදේශ් දොස්තරට අවුරුදු 33. බලෙන් බැඳලා.
http://www.telegraph.co.uk/news/uknews/3792117/Arranged-marriage-GP-arrives-home-from-Bangladesh-after-being-freed-by-parents.html
ඔබ හරි දරුණු කතාව ගැන. ප්‍රබන්ධයක් ලෙස ලියන මේ කතාවේ මුලාශ්‍රයට පාදක වුනු යම් චරිතයන්ගේ අවසරය තිබුනත් ඇතැම් කරුණු ලිව්වේ නැහැ. මා වෙත කාමය අවුස්සන දේවල් ලියනවා කියල චෝදනාවක් එන්න පුළුවන් නිසා. උදාහරණයක් වශයෙන් නිවසේ බාල්ක වල එල්ලා හා ජනෙල් පොලු වල බැඳ තරුණියන්ට දුන් වධ පිළිබඳව ලීවේ නැහැ. ලියන්නත් අමාරුයි ඇත්තටම.
Deleteහ්ම්...
ReplyDeleteතවත් කොටසක් තියේ වගේ නේ... ඒ වගේ කෙනෙක් අච්චර වද විදල ත් ඒ වගෙන් ඔළුව පිස්සු වට්ටගන්නෙ නැතිව කෝම හරි කාගෙන සමාජයට මූන දෙනව නං ඒ වගේ කෙනෙක්ට කියන්න තියෙන්නෙ යකඩ ගැහැණියක් කියල තමා
පිටින් පෙනෙන දැඩි කම ඇතුලේ තියෙන්නේ සුන්දර සුමුදු හිතක් නම් ...........
Deleteඑල අයියන්ඩි එල ද බ්‍රා..
ReplyDeleteඉවරද?
අන්තිම කොටස් දෙක ඉක්මනට දානවා. තව ලිපි ගොඩක් පෙළ ගැහිලා නිසා.
Deleteහොඳට ගලාගෙන යන කතාවක්
ReplyDeleteහැකි නම් මෙවැනි හිංසනයකට ලක් වුවන් ට ප්‍රතිකාර කිරීම ගැන ලිපියක් හෝ ඒවා සම්බන්ධ පොත් ගැන ලියන්න. කියවීමට අවශ්‍ය තාවයක් තිබෙනවා.
Deleteහැකි නම් සිංහලෙන් ලියන්න කියලා ආරාධනා කරනවා.ඒ ලිපි තුලින් මිනිසුන් තව දුරටත් සුවපත් කරන්න අවස්ථාවක් ලැබේවි.
Deleteමතු සම්බන්ධයි වගේ. බොහොම සංවේදී වගේම ලෝකයේ අපි වැඩිය නොදකිනවටත් වඩා නොදැක්කා සේ ඉන්න පැත්තක්. මෙහෙම මතුකිරීමයි වටින්නෙ.
ReplyDeleteමේ ලියන රටාවනම් අජිත් අයියට වෙනම අනන්‍යතාවයක් ගොඩනගාගන්න ගොඩක් වටිනවා.
ස්තුතියි මධු. මේ නොදැක්කාසේ ඉන්න එක තමා මම කැමතිම නැත්තේ. මගේ ලිබරල් යහළුවන් හා මාක්ස්වාදී වමේ යහළුවන් පවා සුළු ජාතීන්ට ප්‍රශ්නයක් කියල මේ ගැන කතා කරන්නේ නැහැ. සුළු ජාතිය අපේ රටේ හෝ එංගලන්තෙනේ. ඒ රටේ මහා ජාතිය. එක එක රටේ මහා ජාතිය හා මහා ආගම වෙනස්. මිනිස්සු හැසිරෙනවා ඒ අනුව.
Deleteසුළං කපොල්ලේ
ReplyDeleteතැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ
කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී
ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - විශාරද නන්දා මාලිනී
හද බැඳි ගීතයක්. ඊළඟ කොටස් දෙකේදී ඔයා මොනව ලියයිද කියල මම කල්පනා කලේ.
Deleteමට මුල් කොටස් මග ඇරිලා මේක දැක්කේ අද උදේ, කොටස් ටික සේරම එක පාර කියෝලා ආවේ. දේශපාලනය ආර්ථිකය වගේ කියවන්න ආස නැති ඒවා නැතුව මේ වගේ ඔයාගේ ලිපි කියවන්න ආසයි... ඒ වගේ කතාවක් මාත් අහලා තිබ්බා, උඩින් ඔයා දාලා තියෙන ලින්ක් වලිනුත් බැලුවා, දිගටම ලියන්න මං කැමති ඔයා කතාව ලියන සහ වචන හසුරුවන විදියට , ඒක මහ පුදුම හුරු ගතියක් දැනෙනවා කාගේ හෝ කතුවරයෙක්ගේ මන් හිතන්නේ පරිවර්තකයෙක් ගේ රටාවට,,, ජය
ReplyDeleteස්තුතියි ඔමා. මේක පරිවර්තනයක් නම් නොවේ.
Deleteමං දන්නවා අනේ ඔයා සාර්ථකයි කියලා කිවුවේ
Deleteතෑන්ක් යූ අනේ. රොත් ට කියල පබ්ලිෂින් කොන්ත්‍රාත්තුවක් අර ගන්න ඕනේ.
Deleteඅජිත් අයියෙ මේ කතාව දිගටම කියවනවා. ඉවර වෙන දවසට ලොකු කමෙන්ට් එකක් දාන්න හිතාගෙන.
ReplyDeleteලොකු කොමෙන්ට් එක බලා පොරොත්තුවෙන් ලියමි.
Deleteමේ දවස් වල බ්ලොග් කිායෙව්වේ නැති උනත් සියාමා කියවන්න එනවා.. ඇත්තටම නිර්භීත කෙල්ලෙක් ගැන කතාවක්.. ඒත් අවසානය ගැන මගේ හිතේ තියෙන දේ දැම්ම කියල දාලා කතාව අවුල් කරන්න මං කැමති නෑ. ඕන නං බොට විස්වාසවන්ත කාට හරි කියල තියන්නං.. හැක්. ජය වේවා.. බිසි පිට උනත් මේ ලියන එකට අපි ගරු කරන්න ඕන හිටං.
ReplyDeleteබිසි කියන්නේ ගමකට බිසී. නමුත් මේක ලියන්නේ කිසියම් හේතුවක් ඇතිව. බැරි මරගාතේ හරි ඒ නිසා ලියනවා. අන්තිම කොටස් දෙක දැම්මම කියන්න.
Delete//"ඕන නං බොට විස්වාසවන්ත කාට හරි කියල තියන්නං.."// එහෙනං මට කියලා තියපන් දෙශෝ .. මං තරං විස්වාසවන්ත පොරක් ඉන්නවද වෙන :D
Delete