නමවන කොටසට යන්න
"සොෆීගේ ලෝකය " නමැති දර්ශනවාදය ගැන ලිහිල්ව ලියන ලද පොතක් තිබේ. මෙය දර්ශනවාදය ගැන උනන්දුවක් දක්වන්නන් බොහෝ විට කියවන පොතකි. පොතේ අවසන් කොටසේ ජ්‍යෝතිෂය, මළවුන් සමග කථා කිරීම, දෙවියන්ගේ නැවත පැමිණීම ආදිය ගැන සංවාදයක් ඇත. (Spiritism, New Age, Alternative Life-Style, Mysticism, telepathy, Clairvoyance, Psychokinetics මෙන්ම මා මුලින් සඳහන් කල EVP ).
(පරිවර්තනය)
"බොහොමයක් මේ දේවල් සත්‍ය විය නොහැකිය. (සත්‍ය දේවල් තිබිය හැකිය) මේවා විකිණෙන්නේ හරියට අසභ්‍ය චිත්‍රපට (pornography ) ලෙසය. බොහොමයක් ඉහත සඳහන් මාතෘකා ඇත්තෙන්ම බ්ලූ චිත්‍රපට හෙවත් කාමාශක්ත චිත්‍රපට වැනිය. තරුණ ජනයා පැමිණ මේ අදහස් මිලදී ගෙන ඒවායින් වශී වෙති. නමුත් සැබෑ දර්ශනවාදය හා මෙවැනි පොත්පත් (හෝ අදහස්) අතර වෙනස හරියට සැබෑ ආදරය (ප්‍රේමය) හා අසභ්‍ය චිත්‍රපට අතර වෙනස මෙනි."
"මේ හැම විෂයක්ම වැරදියි, නරකයි කියන්නට අපට නොහැකිය. නමුත් මේ හැම විෂයක්ම වාගේ කිසියම් අද්භූත භූමි ප්‍රදේශයක හොඳ විස්තර සහිත සිතියමක් අඳිනු ලැබේ. නමුත් ඒ භුමි ප්‍රදේශය සැබෑව තුළ ඇත්තේ නැත. (does not exist in reality).
(පිටුව 466 - Sophie's world)
මහායානය සමන්විත වන්නේ ඉතා විශාල සුත්‍ර සංඛ්‍යාවකිනි. ඒවා ලියා ඇත්තේ සංස්කෘත භාෂාවෙන් වන අතර ලියා ඇත්තේ බුදුන් ගේ පිරිනිවීමෙන් වසර සියයකට දෙසීයකට පසුය. මේ නිසා බුද්ධ ධර්මය ඉතාමත් සවිස්තරව ඒ ලෙසින්ම වාගේ ලියා ඇත්තේ මහායාන ග්‍රන්ථවල බව පැහැදිලිය. හීනයානයේ නොවේ.
මහායානය තමන්ව හඳුන්වා ගන්නේ බුද්ධ දර්ශනය ඉදිරියට ගෙනයන මහා වාහනය ලෙසිනි. ඒ මහායානය විසින් බුද්ධත්වය ලබා ගැනීම සඳහා නොයෙකුත් දක්ෂ ක්‍රම සහ විධි සපයන බැවිනි. ඇතැම් සුත්‍ර දේශනාවල පෙන්වන බුදුන් වහන්සේ ගේ ධර්ම ය කෙරෙහි දැඩි විශ්වාසයේ සිට නවීන විද්‍යාත්මක චින්තනයට ඉතා ලඟින් යන දියුණු දර්ශනවාදී සංකල්පයන් මහායානයේ දක්නට ඇත. මින් ඉතා ප්‍රධාන සහ වැදගත්ම චින්තකයා වන්නේ අශ්වඝෝෂය. ඔහු ජිවත් වුයේ ක්‍රි.පූ පළමුවන සියවසේය. බුදු දහමේ එන තථාත ගුණය (suchness) පිළිබඳව ඔහු "ශ්‍රද්ධාව අවදි කරගන්නේ කෙසේද " යනුවෙන් කුඩා ග්‍රන්ථයක්ද පළ කළේය. මහායාන සම්ප්‍රදායේ මුලිකම පොතක් බවට එය පත්විය.
වඩාත් නුවණැති මහායාන දාර්ශනිකයා වන නාගර්ජුන ගේ අදහස් වලට ප්‍රබලම බලපෑමක් කළේ අශ්වඝෝෂය. නාගර්ජුන දයලෙක්තික තර්කනයන් මගින් යථාව (reality) පිලිබඳ එදවස ඇති සංකල්ප වල සීමා සහිත බව පෙන්වා දුන්නේය. (දයලෙක්තිකය නමින් හැඳින්වෙන්නේ පරික්ෂණාත්මක ලෙස හෝ සංවාද මගින් අදහසක සත්‍යභාවය සෙවීමේ ක්‍රමයටයි) එදවස තිබූ පාරභෞතික අදහස් වලට (Metaphysics) දැඩි ලෙස තාර්කික පිළිතුරු දෙමින් යථ හෝ යථාර්ථය සංකල්ප හෝ සිතුවිලි මගින් එළඹෙන නිගමන වලින් වටහා ගත නොහැකි බව හේ පෙන්වා දුන්නේය.
අශ්වඝෝෂ ගේ තථාත (හෙවත් suchness ) යන්නට නාගර්ජුනයන් නව අරුතක් ගෙනාවේය. ඒ ශුන්යාත (sunyata - void / emptiness - හිස් බව - කිසිවක් නැති ) යන වචනයයි. එහි තේරුම නම් සියලුම සංකල්පයන්ගේ නිෂ්ඵල භවය තේරුම් ගත් පසු යථ (reality) ලෙස අපට ගෝචර වන්නේ පිරිසිදු තථාතය (Tathātā - suchness) බවයි. යථාර්ථය යනු හිස් බවකියි කීමෙන් නාගර්ජුන මේ නැත්තක් (nihilism) ගැන කතා කරනවා නොවේ. ඔහු කියන්නේ මිනිස් සිතේ "යථ" (හෙවත් පැවැත්ම ) පිලිබඳ හට ගන්නා යලු සංකල්ප අවසානයේදී නිශේධනය වන බවක් හෙවත් හිස් බවක් ඇති වන බවයි. නමුත් මේ හිස් බව යනු සියළු ජීවයන්ගේ සහ සියළු වර්ගයන්ගේ මුලාශ්‍රය වේ. (source) . "
(මගේ අදහස)
දැන් මෙය භෞතික විද්‍යාඥයන් එළි දක්වා ඇති විශ්වයේ උපත (බිග්බැන් වලින් පසු) පිළිබඳ මොඩලය (standard model) ගැන සසඳන්න. එම "හිස් බවේ" (nothingness) සිට හිග්ස් බෝසෝන් වැනි මුලික අංශුන් හා ඉන් බිහිවූ විශ්වය (පදාර්ථ වල පරිණාමය හා ජිවය) ගැනද සිතන්න. (මේ මා බිග්බැන් ගැන කලින් ලියුවක්. සහ තවත් ලිපියක්) ) නාගර්ජුන සිටියේ කොතනද යන්න වැටහෙන්නට එය ප්‍රමාණවත්ය.
(අනුවර්තනය)"දෙයක ස්වභාවය ගැන මහායානයේ ඇත්තේ හිස් බව, තථාත ගුණය වැනි වියුක්ත පාරභෞතික (metaphysics) අදහස් ම නොවේ. මෙහිදී metaphysics යනු යථාර්තය පිළිබඳව ඉගෙනීම හෝ ඇත්තෙන්ම පවතින්නේ (exist) කුමක්ද යන්න ගැන ඉගෙනීමයි. (මා පාරභෞතිකවාදය යන නම යොදා ගත්තද එය නිවැරදිද යන්න නොදනිමි. ) මහායානයේ "ධර්මකාය " යන්නක්ද හඳුන්වා දෙයි. ධර්මකාය යනු දෙයක පැවැත්ම සතු කයයි. (body of being). මේ "ධර්මකාය " යනු බෞද්ධ විඥානය ට හසුවන යථාර්තයයි (යථ). හින්දුන් බ්‍රහ්මන් කියන්නෙත් මේ හා සමාන දෙයකටය. විශ්වයේ සෑම භෞතික පදාර්ථයක් පුරාවටම විහිද යන ධර්මකාය මිනිස් මනසේ පතිත වන්නේ "බෝධි" හෙවත් සියල්ල අවබෝධ කරගත් අරහත් වශයෙනි."
(උපුටා ගැනීම අවසන්)
ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායේ සිදුහත් ගෞතමයන් විසින් වදාරන ලද්දේ පදාර්ථයක අවස්ථා දෙකක් එනම් දෙයක පැවැත්ම හා නොපැවැත්ම (existence and non-existence) ගැනය. මෙයින් පැවත්මෙහි (existence) තවත් ලක්ෂණ තුනක් ඇත. වෙනස් වන සුළු බව හෙවත් අනිත්‍යය (impermanence) , තමන් නොවන හෙවත් අනත්ත (insubstantiality or no - self ) සහ දුක(suffering) ය.
අනත්ත යන ලක්ෂණය යටතේ ආත්මයක්(අත්ත හෝ අත්මන්) නොමැති බව හඳුන්වා දෙයි. මෙහිදී හින්දු ආගමේ සඳහන් ආත්මය - ආත්මයෙන් ආත්මයට ගමන් කිරීමේ පුනර්භවය (reincarnation) ප්‍රතික්ෂේප කෙරේ. ඒ වෙනුවට rebirth හෙවත් පුනරුත්පත්තියක් ඇත. පුනරුත්පත්තිය ලබන්නේ no -self හෙවත් තමන් නොවේ. ඒ වෙනුවට ඇත්තේ ක්‍රියාවලියකි. මේ අනත්ත යටතේ තමන් නොවන ක්‍රියාවලිය ගැන සඳහන් කිරීමේදී එය විස්තර කිරීමට පංචස්කන්ධය යොදා ගනු ලැබේ. බෞද්ධ අදහසේ විඥානය වැටෙන්නේ මේ පංචස්කන්ධයෙන් එකක් ලෙසය. එහිදී විශ්වයේ සියලු පදාර්ථ (matter) රූප යනුවෙන් හැඳින්වේ.
මේ ලිපියේ බුද්ධ ගයාවේ පන්සලේ ඇති පොත් හලින් පොතක් මිලදී ගත් බව කීවෙමි.
ඒ සංස්කෘත භාෂාවෙන් ලියැවුණු පොතේ ඉංග්‍රීසි පරිවර්තනය වන පී ගෝකාල් (P. P. Gokhale ) විසින් ලියන ලද "හේතුබින්දු" හෙවත් "ප්‍රොබන් වල තර්කය" (A Point of proban) නමැති පොතයි. ප්‍රෝබන් යනු සංස්කෘත හෝ හින්දි වලින් "හේතු" යන තේරුම දෙයි. එනම් සාධනය කිරීම, ඔප්පු කිරීම වැනි අරුතකි.
මේ පොතේ 91, 92, 93 පිටුවල පැවැත්ම ගැන සාකච්චා වෙයි. පිටු කිහිපය පරිවර්තනය කළහොත් මේ ලිපිය දිග වැඩිවන නිසා අවශ්‍ය කොටස පමණක් ලියමි. (අවශ්‍ය අයට කියවීමට පින්තුර පහළ දක්වා ඇත.)
දන්නා (knowable) දෙයක පැවැත්ම ඇත්තේ ඒ ගැන (ඇති) දැනුමේ පැවැත්ම මතය. අප දන්නේ මේ මොහොත ගැන පමණි. යථාර්තය හෙවත් යථ යනු මේ මොහොතය. ඊට කලින් (පූර්ව ) හෝ ඊට පසු (අනාගත) නොවේ. මේ මොහොතට කලින් ඇත්තේ යථාර්ථය නොව ඒ පිළිබඳ දැනුම හෝ මතකය පමණය.
මේ පොතේ නාගර්ජුනයන්ගේ ශුන්යාතය පිලිබඳ අදහස ඉදිරියට ගෙනයමින් පැවැත්ම පිලිබඳ සාකච්චා කෙරෙන්නේ දම්මකිත්ති ගේ ස්වලක්ෂණ (ඔන්ටෝලොජි) නම් අදහස තුලය. එහි ඔන්ටෝලොජිය හා එපිස්ටමලොජිය ගැන සාකච්චාවක් ඇත. ඔහුට අනුව යථාර්තවාදී ලෝකය සමන්විත වන්නේ මේ මුලික "ස්වලක්ෂන" වලිනි. (self- characterised ) මේ හැම ස්වලක්ෂනයකම තමන්ගේම "ස්වභාවයක්" ඇත. ඔන්ටෝලොජිය හා එපිස්ටමලොජිය යනු දර්ශනවාදී දැනුමේ මුලික අංග දෙකකි. ඉතාම සරල ලෙස කිවහොත් ඔන්ටෝලොජිය යනු "දේ යනු කුමක්ද" යන්නය (what things are). එපිස්ටමලොජිය යනු අපි දේවල් ගැන දන්නා ආකාරයයි. (the way we know things.
ඉහත ලිවූ සියල්ල මළවුන් හා කෙරෙන කතාබහට සම්බන්ධ වන්නේ අපි පැවැත්මක් නැති (non - existent ), අපට ගෝචර නොවන ලෝකයක් ගැන සඳහන් කරන හෙයිනි. එවැන්නක් තිබේ නම් ඒ කෙසේද යන්න සොයා ගැනීම යනු ඒ පිලිබඳ දැනුම ලබා ගැනීමයි. එනම් නාගර්ජුන හා දම්මකිත්තිට අනුව එය සැබෑව හෙවත් පැවැත්ම හා සම්බන්ධ කිරීමට හැක්කේ දැනුම ලබා ගැනීම තුලින් පමණක් බවයි.
~ මතු සම්බන්ධයි.
ෆ්රිටෝෆ් කප්‍රා (Fritjof Capra ) ගේ වෙබ් අඩවිය http://www.fritjofcapra.net/
බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි
බිග් බැන් (Big Bang ) තහවුරු කල CMB
Tathātā - https://en.wikipedia.org/wiki/Tath%C4%81t%C4%81
https://kolambagamaya.blogspot.co.uk/2016/09/materialist-paranormal_29.html
නාලන්දාව |

ෆ්රිටෝෆ් කප්‍රා (Fritjof Capra ) ගේ පොතේ (The Tao of Physics ) පිටු 108-110 දක්වා කොටසේ කිසියම් අනුවර්තනයක් ඉදිරිපත් කරමි. මා අනුවර්තනය කර ඇත්තේ මට අවශ්‍ය කොටස් පමණය.
(අනුවර්තනය)
(අනුවර්තනය)
"පළමු ධර්ම සංගායනාව පවත්වන ලද්දේ සිදුහත් ගෞතමයන්ගේ පිරිනිවිමෙන් වසර පන්සියයකට පමණ පසුය. සංඝයා විසින් මතකයෙන් ගෙනා සුත්‍ර හා දේශනා සම්පුර්ණයෙන්ම බුදුන් විසින් දේශනා කළ බවට කිසිදු සාක්ෂියක් නැත. ඇත්තේ එසේ යයි පිළි ගැනීමක් පමණි. භික්ෂුවගෙන් භික්ෂුවට කට පාඩමින් පරම්පරගතව ගෙන එන ලද දැනුම පාලි භාෂාවෙන් ග්‍රන්ථාණුරුඪ කරන ලද අතර එය හැඳින්වෙන්නේ හීනයාන නමිනි.
මහායානය සමන්විත වන්නේ ඉතා විශාල සුත්‍ර සංඛ්‍යාවකිනි. ඒවා ලියා ඇත්තේ සංස්කෘත භාෂාවෙන් වන අතර ලියා ඇත්තේ බුදුන් ගේ පිරිනිවීමෙන් වසර සියයකට දෙසීයකට පසුය. මේ නිසා බුද්ධ ධර්මය ඉතාමත් සවිස්තරව ඒ ලෙසින්ම වාගේ ලියා ඇත්තේ මහායාන ග්‍රන්ථවල බව පැහැදිලිය. හීනයානයේ නොවේ.
මහායානය තමන්ව හඳුන්වා ගන්නේ බුද්ධ දර්ශනය ඉදිරියට ගෙනයන මහා වාහනය ලෙසිනි. ඒ මහායානය විසින් බුද්ධත්වය ලබා ගැනීම සඳහා නොයෙකුත් දක්ෂ ක්‍රම සහ විධි සපයන බැවිනි. ඇතැම් සුත්‍ර දේශනාවල පෙන්වන බුදුන් වහන්සේ ගේ ධර්ම ය කෙරෙහි දැඩි විශ්වාසයේ සිට නවීන විද්‍යාත්මක චින්තනයට ඉතා ලඟින් යන දියුණු දර්ශනවාදී සංකල්පයන් මහායානයේ දක්නට ඇත. මින් ඉතා ප්‍රධාන සහ වැදගත්ම චින්තකයා වන්නේ අශ්වඝෝෂය. ඔහු ජිවත් වුයේ ක්‍රි.පූ පළමුවන සියවසේය. බුදු දහමේ එන තථාත ගුණය (suchness) පිළිබඳව ඔහු "ශ්‍රද්ධාව අවදි කරගන්නේ කෙසේද " යනුවෙන් කුඩා ග්‍රන්ථයක්ද පළ කළේය. මහායාන සම්ප්‍රදායේ මුලිකම පොතක් බවට එය පත්විය.
වඩාත් නුවණැති මහායාන දාර්ශනිකයා වන නාගර්ජුන ගේ අදහස් වලට ප්‍රබලම බලපෑමක් කළේ අශ්වඝෝෂය. නාගර්ජුන දයලෙක්තික තර්කනයන් මගින් යථාව (reality) පිලිබඳ එදවස ඇති සංකල්ප වල සීමා සහිත බව පෙන්වා දුන්නේය. (දයලෙක්තිකය නමින් හැඳින්වෙන්නේ පරික්ෂණාත්මක ලෙස හෝ සංවාද මගින් අදහසක සත්‍යභාවය සෙවීමේ ක්‍රමයටයි) එදවස තිබූ පාරභෞතික අදහස් වලට (Metaphysics) දැඩි ලෙස තාර්කික පිළිතුරු දෙමින් යථ හෝ යථාර්ථය සංකල්ප හෝ සිතුවිලි මගින් එළඹෙන නිගමන වලින් වටහා ගත නොහැකි බව හේ පෙන්වා දුන්නේය.
අශ්වඝෝෂ ගේ තථාත (හෙවත් suchness ) යන්නට නාගර්ජුනයන් නව අරුතක් ගෙනාවේය. ඒ ශුන්යාත (sunyata - void / emptiness - හිස් බව - කිසිවක් නැති ) යන වචනයයි. එහි තේරුම නම් සියලුම සංකල්පයන්ගේ නිෂ්ඵල භවය තේරුම් ගත් පසු යථ (reality) ලෙස අපට ගෝචර වන්නේ පිරිසිදු තථාතය (Tathātā - suchness) බවයි. යථාර්ථය යනු හිස් බවකියි කීමෙන් නාගර්ජුන මේ නැත්තක් (nihilism) ගැන කතා කරනවා නොවේ. ඔහු කියන්නේ මිනිස් සිතේ "යථ" (හෙවත් පැවැත්ම ) පිලිබඳ හට ගන්නා යලු සංකල්ප අවසානයේදී නිශේධනය වන බවක් හෙවත් හිස් බවක් ඇති වන බවයි. නමුත් මේ හිස් බව යනු සියළු ජීවයන්ගේ සහ සියළු වර්ගයන්ගේ මුලාශ්‍රය වේ. (source) . "
(මගේ අදහස)
දැන් මෙය භෞතික විද්‍යාඥයන් එළි දක්වා ඇති විශ්වයේ උපත (බිග්බැන් වලින් පසු) පිළිබඳ මොඩලය (standard model) ගැන සසඳන්න. එම "හිස් බවේ" (nothingness) සිට හිග්ස් බෝසෝන් වැනි මුලික අංශුන් හා ඉන් බිහිවූ විශ්වය (පදාර්ථ වල පරිණාමය හා ජිවය) ගැනද සිතන්න. (මේ මා බිග්බැන් ගැන කලින් ලියුවක්. සහ තවත් ලිපියක්) ) නාගර්ජුන සිටියේ කොතනද යන්න වැටහෙන්නට එය ප්‍රමාණවත්ය.
(අනුවර්තනය)"දෙයක ස්වභාවය ගැන මහායානයේ ඇත්තේ හිස් බව, තථාත ගුණය වැනි වියුක්ත පාරභෞතික (metaphysics) අදහස් ම නොවේ. මෙහිදී metaphysics යනු යථාර්තය පිළිබඳව ඉගෙනීම හෝ ඇත්තෙන්ම පවතින්නේ (exist) කුමක්ද යන්න ගැන ඉගෙනීමයි. (මා පාරභෞතිකවාදය යන නම යොදා ගත්තද එය නිවැරදිද යන්න නොදනිමි. ) මහායානයේ "ධර්මකාය " යන්නක්ද හඳුන්වා දෙයි. ධර්මකාය යනු දෙයක පැවැත්ම සතු කයයි. (body of being). මේ "ධර්මකාය " යනු බෞද්ධ විඥානය ට හසුවන යථාර්තයයි (යථ). හින්දුන් බ්‍රහ්මන් කියන්නෙත් මේ හා සමාන දෙයකටය. විශ්වයේ සෑම භෞතික පදාර්ථයක් පුරාවටම විහිද යන ධර්මකාය මිනිස් මනසේ පතිත වන්නේ "බෝධි" හෙවත් සියල්ල අවබෝධ කරගත් අරහත් වශයෙනි."
(උපුටා ගැනීම අවසන්)
ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායේ සිදුහත් ගෞතමයන් විසින් වදාරන ලද්දේ පදාර්ථයක අවස්ථා දෙකක් එනම් දෙයක පැවැත්ම හා නොපැවැත්ම (existence and non-existence) ගැනය. මෙයින් පැවත්මෙහි (existence) තවත් ලක්ෂණ තුනක් ඇත. වෙනස් වන සුළු බව හෙවත් අනිත්‍යය (impermanence) , තමන් නොවන හෙවත් අනත්ත (insubstantiality or no - self ) සහ දුක(suffering) ය.
අනත්ත යන ලක්ෂණය යටතේ ආත්මයක්(අත්ත හෝ අත්මන්) නොමැති බව හඳුන්වා දෙයි. මෙහිදී හින්දු ආගමේ සඳහන් ආත්මය - ආත්මයෙන් ආත්මයට ගමන් කිරීමේ පුනර්භවය (reincarnation) ප්‍රතික්ෂේප කෙරේ. ඒ වෙනුවට rebirth හෙවත් පුනරුත්පත්තියක් ඇත. පුනරුත්පත්තිය ලබන්නේ no -self හෙවත් තමන් නොවේ. ඒ වෙනුවට ඇත්තේ ක්‍රියාවලියකි. මේ අනත්ත යටතේ තමන් නොවන ක්‍රියාවලිය ගැන සඳහන් කිරීමේදී එය විස්තර කිරීමට පංචස්කන්ධය යොදා ගනු ලැබේ. බෞද්ධ අදහසේ විඥානය වැටෙන්නේ මේ පංචස්කන්ධයෙන් එකක් ලෙසය. එහිදී විශ්වයේ සියලු පදාර්ථ (matter) රූප යනුවෙන් හැඳින්වේ.
පොත මිලදී ගත් බුද්ධගයා පන්සල |