ඉහත කොටස් වලට ලැබුණු ප්‍රතිචාර සළකා බැලීමේදී මේවා විශ්වාස කරන අය ගැන අපහාස නොකරන්නැයි කීමේ හේතුවක් තිබේ. එනම් ශ්‍රී ලංකාවේ සිදුවූ සිවිල් යුද්ධ වලින් මියගිය ආරක්ෂක හමුදාවල මෙන්ම සටන්කාමීන්ගේ ළඟ නෑදෑයින්, හිතවතුන් , ආදරණියයන් රහසේ මෙන්ම එළිපිටද මළවුන් ගෙන්වන්නන් කරා යන බැවිනි. මේ උපසංස්කෘතිය ප්‍රධාන දහරාවෙන් වෙන්ව සැඟවී පවතී.
බටහිරද මේ තත්වය මෙසේමය. විශේෂයන් රථවාහන වලින් වූ හදිසි අනතුරු වලදී මියගිය තම නෑදෑයා ට සහෘදයාට ආයුබෝවන් කීමට මෙවැනි ක්‍රම බොහෝ යුරෝපීයයන් හා අමෙරිකානුන් භාවිතා කරනු මම දුටිමි. මෙහිදී "කියැවීමේ" සත්‍යතාවයට වඩා තමන්ගේ පෑරුණු සිත් සුව කර ගැනීමේ ක්‍රියාවලියක් සඳහා දායක වීමක් ද විය හැකිය. ලංකාවේ නම් මේ කරුණ වඩාත් බල පායි . ඒ මෙවැනි තත්වයන්ට ගොදුරු වූවන් සඳහා මානසික සායනයන් ලංකාවේ නොමැති හෙයිනි.
කුරුණෑගල දොඩම්ගස්ලන්ද ආසනයේ කටියාව නම් ගමේ දරු දෙදෙනෙකු සහිත කාන්තාවක් දරු දෙදෙනා මවට භාරදී මැද පෙරදිග රැකියාවකට ගියාය. ඇගේ සැමියා 1988-89 කාලයේ ඝාතනය වූ ජවිපෙ සාමාජිකයෙකි. ඔහු ඇය සමග කතා කරතියි ඇය මගේ යහලුවෙකුට කීවාය. ඩුබායි ගිය පසු මළගිය ඔහු පෙනී සිටිමින් කියා ඇත්තේ දරු දෙදෙනා දුකින් සිටින බවත් එනිසා වහා ඇය ආපසු ලංකාවට යා යුතු බවත්ය. ඇගේ මියගිය සැමියා ඇයව දිනපතාම ඇඳෙන් බිමට ඇද දමන බව පවසා තිබේ. ඉඩමක් උගස් කර ඩුබායි පැමිණියත් මේ ප්‍රශ්නය නිසා ඇය ආපසු ශ්‍රී ලංකාව බලා ගියාය. ඇගේ අධික දුක මගින් ඇතිවුණු මානසික විෂාදතාවයක් නිසා මෙවැනි සිදුවීම් ඇතිවන බවට නිගමනය කළ හැකි වෙතැයි සිතමි. මළවුන් එන්නේ කතා කරන්නට මිස දබර කරන්නට හෝ කරදර කරන්නට නොවේ යයි මීඩියම් ලා නිතර කියති. අනික ශරීරයක් නැති ඔවුන්ට කවුරුන් වත් ඇඳෙන් බිමට ඇද දමන්නට නොහැකිය. සැමියා මිය ගිය දුකින් මෙන්ම දරුවන් දමා ආ දුකින්ද පෙළුණු අය නැවත යාමට සිත හදා ගත්තේ මෙවැනි ආරුඪ වීමකින් විය හැකිය.
දෙවන සිද්ධියේදී ගලගෙදර ප්‍රදේශයේ කාන්තාවක් මළ ගිය ඇත්තන් සමග කතා කරන කෙනෙකු හමුවී තිබේ. ඇගේ සැමියා හෝ පෙම්වතා පැමිණ තිබෙන අතර මළ ගිය ඇත්තන්ට සම්බන්ධ කරන්නා (මීඩියම් ) වේදනාවෙන් කෑ ගසමින් කෙඳිරිගාමින් සිට තිබේ. ඔහු දරුණු වධ විඳි බව හා ඉන් මහත් වේදනාවට පත්වී තිබෙන බව කියා තිබේ. මෙහිදී පැහැදිලි නැත්තේ කාන්තාව තම සැමියා ගැන මීඩියම් ට (ලංකාවේ හැටියට පේන කරු) මුලින් කීවාද නැත්ද යන්නය. මීඩියම් සැමියා අතුරුදහන් වුණු බව මුලින් දැන සිටියා නම්, ඒ කාලයේ පැහර ගත්තවුන්ට වධදීම් සිදු කෙරනු බව කවූරුත් දන්නා දෙයක් නිසා ඔහු කිසියම් රඟ පෑමක් කළා විය හැක. එසේම ලවුලෙන් කියන්නාක් මෙන් ඇත්තටම වේදනාවෙන් පෙලුනා ද විය හැක.
මගේ බ්ලොගයේ වෙනත් තැනක ද සඳහන් කර ඇති පරිදි 2006 මුල් භාගයේ ලන්ඩනයේ පැවති එක්තරා සැන්දෑ සාදයකදී මිතුරන් පිරිසක් හා වාදයකට පැටලුනෙමි. ඒ මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණය දිනූ පසු වන අර සාම කතාද ඇදීගෙන යන කාලයේය. බීබිසියේ මගේ මිතුරකු වන සරෝජ් පතිරණ සාම සාකච්චා අතරතුර එරික් සොල්හෙයිම් හමුවී තිබේ. එරික් සොල්හෙයිම් කොටි සංවිධානය විසින් සාම කතා කඩා කප්පල් කිරීම ගැන සිය කණගාටුව හා දැඩි කළකිරීම ගැන ඔවුන්ට දන්වා තිබේ. ඔහු මේ බව අපට කීවේය. එසේම කොටින් ඉතා ප්‍රබල නිසා ඔවුන් සාම සාකච්චා වලින් ඉවතට ගිය බව ඔහුගේ අදහස විය. මහින්දවාදී යහළුවන් පිරිසකුත් මමත් බීබීසියේ රැකියාව කරන තවත් ප්‍රවීන මාධ්‍යවේදියෙකුත් මෙතන සිටියහ. අනිත් මාධ්‍යවේදී මහතා කීවේද බලගතු කොටි සංවිධානය පරාජය කිරමට රජයට නොහැකි නිසා සාම සාකච්චා වල බර දැරිය යුත්තේ රජය බවයි. එනම් රජය තවත් නම්‍යශීලි විය යුතු බවයි. මහින්ද වාදීන් මෙන්ම සිංහල ජාතිවාදයට බර අයද කොටි සංවිධානය යුද කර පරාජය කළ හැකියයිද කල යුතු යයිද යන මතයේ සිටියහ.
මගේ මතය වූයේ කොටින් සිටියේ තමන් ගැන අධිතක්සේරුවක බවය. එරික් සොල්හෙයිම් කියන ලෙසට සාම ගිවිසුම අත්සන් කර දෙමළ ජනතාවට යුද ගැටුම් වලින් තොර ජිවත් වීමේ නිදහස ලබා දී රජය සමහ දීර්ඝ සාම සාකච්චාවක නිරත විය යුතු බවය. යුදයෙන් දෙපසේම පිරිස මිය යනවාට වඩා සාම සාකච්චා හොඳ බව මගේ අදහස විය. එසේම රජයට කොටි සංවිධානය අනිවාර්යයෙන්ම පරාජය කළ හැකි බව මගේ මතය විය. මා කීවේ යුදයට නුපුරුදු ලංකාවේ ත්‍රිවිධ හමුදා 71 කැරැල්ල පරාජය කල අතර ඊටත් වඩා දරුණු ලෙස 88-89 කැරැල්ල පරාජය කළ බවයි. ලංකාවේ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය දේශපාලන නායකත්වය ඉඩ දෙන්නේ නම් සමූල ඝාතනයන් කිරීමට පවා පසුබට නොවන බවත් එනිසා කොටි සංවිධානය ඉන්නේ මහා මුලාවක බවත් පැවසුවෙමි.
ඉන්දුනීසියාවේ මෙන්ම චෙචේනියාවේද අනුකම්පා විරහිතව පහර දීමෙන් කැරලි මැඩ පවත්වා ඇති බව කීවෙමි. මාධ්‍යවේදීන් දෙදෙනා මෙහිදී මා ජවිපෙ හිතවතෙක් යයිද ජවිපෙ මෙන්ම මමත් ජාතිවාදියෙකු වී ඇති බවද කීහ. මිතුරු සරෝජ් පතිරණ මා මෙසේ කී බව පසුව පිළිගත් නිසා ඔහුගේ නම මෙහි සඳහන් කලෙමි. මා එසේ කිවේ තාර්කිකව සලකා බලා මිස ජාතිවාදී කමකට නොවේ.
කොටි සංවිධානයට එරෙහි දෙමළ මාධ්‍යවේදියෙකු වන ඩී බී එස් ජෙයරාජ් කිලිනොච්චිය ඇද වැටෙන්නේ නැති බවත් එය ස්ටාලින්ග්ග්‍රාඩ් බේරා ගැනීමේ සටන මෙන් මහා සටනක් වන බවටත් අනාවැකි කිව්වේ 2008 ඔක්තෝබර් මාසයේය. (ලිපිය බලන්න) ඒ කියන්නේ කිලිනොච්චි වැටෙතැයි ඔහු සිතුවේද නැති බවයි. ඔවුන්ගේ අධි තක්සේරුව එපමණ විය.
ඉහත සිද්ධීන් හා ජෙයරාජ් ගේ ලිපිය වැදගත් වන්නේ ලවුලන් ගේ ඊළඟ කියවීම නිසාය. මෙය කියැවුණේ 2008 වසරේ ජූනි මාසයේ පමණ දීය. සියදිවි නසාගත් දෙමළ බෝම්බකරුවකු සම්බන්ධවී තිබුණි. ඔහුගේ ඡායාව මට ප්‍රක්ෂේපණය කරන්නට ඇයට හැකිවුණි. ( ඒ කෙසේ දැයි කියන්නට මට නොහැකිය) ඔහු සමහ කුඩා දැරියක්ද සිටියාය. මැරුණු දරුවන් තමන්ගේ මියගිය අත්තා, අත්තම්මා හෝ වෙනත් මළගිය ඥාතියකු සමග පෙනී සිටින්නේ යැයි මීඩියම් වරු කියති.
බෝම්බකරු පැහැදිලිවම කීවේ රජයේ හමුදා කොටි සංවිධානයේ සියල්ලෝම සමූලඝාතනය කරන බවයි. එසේම තණ පිට්ටනියක මළකඳන් හා රුධිරය පෙන්වන බව ඇය කීවාය. මා සිතුවේ මේ ගෝල්ෆේස් එක ගැන බවයි. එනිසා ගෝල්ෆේස් නමින් තණ පිට්ටනියක් තිබෙන බවත් මේ එය විය හැකි බවත් මේ මළ තැනැත්තා කියන්නේ බෝම්බයක් ගෝල්ෆේස් එකේ පිපිරවීම ගැන විය හැකි බවත්ය. එවැන්නක් ගැන මම දන්නේ නැත. ලවුලන් පැහැදිලිව කිවේ බොහෝ අය මිය යන බව හා ඔහුගේ යහළුවන් සියලු දෙන මැරෙන බවය.
ඔහු අනාගතය ගැන කියන්නේ කෙසේදැයි මම විමසුවෙමි. ඔහුට කිසියම් මාස්ටර් කෙනෙකු උදව් කරන්නේද යන්න විමසුවෙමි. තමන්ට අනාගතය ගැන කියන්නට හැකි මන්ද යන්න, මළගිය තැනැත්තාට කීමට හැකියාවක් නොමැති බවත් තමන්ට පෙනෙන දෙය ඔහු දන්වන බවත් ලවුලන්ට දැනුනු හැඟීමයි.
මම ඉන්පසු මේ විස්තර මගේ යහළුවන් අට දෙනෙකුට යැව්වෙමි. හතර දෙනෙකු මළ ගීයවුන් සමග කතා කිරීමට හැකි යයි විශ්වාස කරන අය වන අතර අනිකුත් අය විශ්වාස නොකරති. විශ්වාස නොකරන යහළුවන් දෙදෙනක් ගෙන් එක් අයෙකු ලියා එව්වේ එවන් අනාවැකි කීමට යුද්ධය (මේ 2008) යන ආකාරය අනුව කිව හැකි බවයි. රජය හමුදාවන් නිසි සේ නඩත්තු කරමින් ජනාධිපති සමග සහෝදරයා ක්‍රියා කරන බව සැවොම දන්නා කරුණක් බවත් ඔහු කිවේය. අනිත් යහළුවාගේ අදහස වුයේ අර මම ඉහත කී සැන්දෑ හමුවේ සඳහන් කළ දෙයමය. කැරලි දෙකක් මර්දනය කර ඇති රටේ හැටියට විශාල, හමුදාවකට මෙය කළ හැකි දෙයක් බවයි. එනිසා මේ අනාවැකිය ඕනෑම කෙනෙකුට කළ හැකි බව ඔහුද පැවසුවේය.
තමන්ගේ රටේ අගනුවර ඉක්මනින් බිඳ වැටෙන බවද මළගිය බෝම්බකරු දැන්වීය. අගනුවර ලෙස ලවුලන් දන්නේ කෙසේද යන්න ලෙස ඇයට වැටහුනේ ඔහු ඔටාවා පෙන්නුම් කරන නිසා බවයි. මේ පින්තූර ඇගේ මනසේ ඇතිවෙන දේවල්ය. වැටෙන්නේ මොන අගනුවර දැයි මම ඇසුවෙමි. ලවුලන් කිවේ ඇයට කීමට අපහසු බවයි. අකුරු ලෙස කේ අකුර පමණක් ඇය කීවාය. ඔබේ අග නගරය කුමක්දැයි ඇය ඇසුවාය. ව්‍යවස්ථාදායක අගනුවර ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ හා වෙළඳ අගනුවර කොළඹ යැයි ඇයට පැහැදිලි කලෙමි. දෙකේම නම "ක" යන්නෙන් පටන් ගනී. මේ අගනුවරවල් බිඳ වැටීමට කෙසේවත් පිළිවන් කමක් නැති බව මම ලවුලන් ට පැවසුවෙමි.
මේ පහළ ඇත්තේ මම යහලුවෙකුට යැවූ ඊමේල් එක හා ඊළම් යුද්ධය අවසන් වූ පසු 2009 වසරේ ජුනි 12 දා ඔහු මට නැවත එවූ ඊමේලයයි .
මෙහිදී කියැවීම් වල කිසියම් රජයේ කෙනෙක් (බෝම්බකරුට සතුරු පාර්ශ්වයේ කෙනෙක් ) තම නායකයාගේ මිනිය අසලට යන බව බෝම්බකරු පෙන්නුම් කරන ලදී. මම එය වටහා ගත්තේ එවකට හිටි ප්‍රබල පුද්ගලයෙකු හැටියටය. death chamber හෙවත් ප්‍රභාකරන් මැරෙන අඳුරු කුටියක් වැන්නක් පෙන්නුම් කරන ලදී. ලවුලන්ට මා කීවේ බොහෝ විට ඔහු අත්අඩංගුවේ මැරෙනු ඇත යන්නය. ගෝල්ෆේස් එක ගැන ලිව්වේ මළ ගිය බෝම්බකරු පෙන්වුයේ තණ පිට්ටනි වල මළකඳන් රාශියක් නිසාය.
මේ පෙන්වන දේවල් හරියටම පරිවර්තනය කර ගැනීම වැදගත් බව ලවුලන්ගේ අදහස විය.
"මගේ රටේ අගනුවර" විනාශ වෙන බව, යටපත් කර ගන්නා බවට කි දේ මට විහිළුවක් වුනේ එය මා කොළඹ යයි සිතු නිසාය.
නමුත් පසුගිය දිනවල තාමලිනි ගේ "තියුණු අසිපතක සෙවන යට " කියවන විට ඇය මගේ රට යනුවෙන් සඳහන් කරන්නේ ඊළම් යනුවෙන් ඔවුන් හැඳින්වූ වන්නියේ කුඩා කොටස බවත් (යාපනය ලංකා රජය යටතේ ය) මගේ වැසියන් දෙමළ වැසියන් පමණක් බවත් මට පසක් විය. ලන්ඩනයේ සිටින සටන්කාමීන්ගේ හිතවාදීන් දෙමල ඊළාමය ලෙස හැඳින්වුයේ ලංකාවේ 1/3 වැනි විශාල කොටසක් වන අතර එය තවම තමන් සතු නැති බව වටහා ගෙන සිටියහ. තමලීනි මගේ රට කිවේ තමන් සටන් වැද සිටි ඒ කොටසට නම් බෝම්බකරු මගේ රට කීවේද එයටය. එනම් ඔහුට අනුව එහි අගනුවර කිලිනොච්චියයි. යාපනය නොවේ.
ජෙයරාජ් කිලිනොච්චිය ස්ටලින්ග්‍රාඩ් වගේ වේ යයි කිව්වේ 2008 ඔක්තෝබරයේය. මා හිතන්නේ එය අල්ලා ගත්තේ 2009 ජනවාරි වල විය යුතුය. බෝම්බකරු කොටි සංවිධානයේ හා අනිකුත් යුද පණ්ඩිතයන්ගේ අදහසට එරෙහිව මෙවැනි දෙයක් කීවේද? එසේනම් ඒ කෙසේද?
මා ලවුලන් ට චෝදනා කලේ එවකට කැනඩාවේ දෙමළ උද්ඝෝෂණ බොහොමයක් තිබුණු නිසා ඇය කියවූ ප්‍රවෘත්ති තුලින් හිතා බලා මේ ගැන කියන බව මිස බෝම්බකරුවෙක් නැති බවයි. අප අතර කිසියම් විරසකයක්ද මෙහිදී ඇති විය. ඇය බෝම්බයකින් මියගිය දැරියක් ගැන කීවේද මේ නිසාය. දැරිය සිටියේ මියගිය බෝම්බකරු සමගය. ලිපිය දිග වැඩිවෙන නිසා දැරිය ගැන මම ඊළඟ ලිපියෙන් පවසමි.
මා මෙහිදී ලියන්නේ අනාවැකිය ගැන මිස දෙමළ සංවිධාන වල දේශපාලනය හෝ ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන නොවන බව කරුණාවෙන් සලකන්න. ලියා ඇත්තේ අවංකවම මා එදා සිතු දෙයයි.
මගේ ප්‍රබලම ප්‍රශ්නය වුයේ කෙනෙකුට අනාවැකි කිව හැක්කේ කෙසේද යන්නයි. ලවුලන් මළවුන්ට කථා කරති යන නිගමනයෙන් මම මේ වනවිට බොහෝ සෙයින් බැහැරව සිටියෙමි. අප සිටින ත්‍රිමාණ හෝ චතුර්මාණ (කාලය ද සැලකිල්ලට ගත් විට ) ලෝකයට පිටින් වෙනත් මානයක් ඇත්නම් එම මානයේ කාලය නොමැති විය යුතුයි. මළවුන්ගේ කියැවීම් යයි ලවුලන් ලා කියන දේවලද කාලය නමැති සීමාව අතික්‍රමණය කර තිබේ.
මා මින්පසු කළේ ඒ ගැන සෙවීමයි. මට යහළුවන් පොත් දෙකක් ගැන කීහ. එකක් ඔස්ට්‍රියන් භෞතික විද්‍යාඥයකු වන ෆ්රිටෝෆ් කප්‍රා (Fritjof Capra ) ගේ තාඕ ඔෆ් ෆිසික්ස් - The Tao of Physics: An Exploration of the Parallels Between Modern Physics and Eastern Mysticism හා ජුලියන් බාබර් ගේ කාලයේ අවසානය (End of time ) නම් කෘති දෙකයි. ලංකාවේදී භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව උසස් පෙළ ට ඉගෙන ගත් පසු සෝවියට් දේශයේ ඉංජිනේරු උපාධිය කරද්දී තවත් අවුරුදු 3 පමණ ඉගෙන ගත යුතුව තිබුණි. මේ ඉගෙනීම් කළේ විභාග වලටය. අවුරුදු 20කට පමණ පෙරය. ඉන්පසු මා සමහර විද්‍යා ලිපි කියෙව්වත්, දුරේක්ෂයකින් තාරකා නිරීක්ෂණය කළත් භෞතික විද්‍යාව ගැන මහලොකු උනන්දුවක් තිබුනේ නැත.
මේ ග්‍රන්ථ දෙකම නිව්ටෝනියානු මුලධර්ම වලින් අයින්ස්ටයින් බැහැරව යන ආකාරය විස්තර කරන අතර ක්වන්ටම් භෞතිකයේදී අයින්ස්ටයින් ඉදිරිපත් කල ස්පේස්ටයිම් (අවකාශ කාලය) රාමුවෙන් ද ඉවතට ගොස් සිද්ධීන් විශ්ලේෂණය කර තිබේ. මේ දේවල් තේරුම් ගැනීමට මා නැවතත් ඉගෙන ගත යුතු බව සිතුනි. විවෘත විශ්ව විද්‍යාලයේ (එංගලන්තයේ) පාඨමාලාවකට බැඳුනේ මින් පසුවය.
අවකාශ කාලය (spacetime) ගැන මා ලිපු බ්ලොග් ලිපියක් මෙහි ඇත.
ජෙයාරාජ් ගේ ලිපිය: WILL THERE BE A 'MOTHER OF ALL BATTLES' FOR KILINOCHCHI?
ෆ්රිටෝෆ් කප්‍රා (Fritjof Capra ) ගේ වෙබ් අඩවිය http://www.fritjofcapra.net/
ජූලියන් බාබර් - http://www.platonia.com/books.html
මගේ අවකාශ කාලය ගැන ලිපිය : https://kolambagamaya.blogspot.co.uk/2014/10/blog-post_19.html
~ මතු සම්බන්ධයි
(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කෙදිනක වත් අත් හැර නැත. එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන් ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපි ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින් ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)
පුදුම සහගතයි..! ඔය විදියට විවිධ විෂයන් හැදෑරීම නම් හොඳ වැඩක්.. මමත් හැමදාම ඔහොම ඉගෙන ගන්න ඕනේ කියල හිත හිත ඉන්නවා විතරයි තාම කිසි දෙයක් පටන් ගත්තේ නෑ.. :)
ReplyDeleteමට වෙන පිළිතුරක් තිබුනේ නැහැනේ. ඉගෙන ගෙනම බලනවා මිසක්.
Deleteකුරුණෑගල දොඩම්ගස්ලන්ද ආසනයේ කටියාව නම් ගමේ දරු දෙදෙනෙකු සහිත කාන්තාවක් දරු දෙදෙනා මවට භාරදී මැද පෙරදිග රැකියාවකට ගියාය. ඇගේ සැමියා 1988-89 කාලයේ ඝාතනය වූ ජවිපෙ සාමාජිකයෙකි. ඔහු ඇය සමග කතා කරතියි ඇය මගේ යහලුවෙකුට කීවාය. ඩුබායි ගිය පසු මළගිය ඔහු පෙනී සිටිමින් කියා ඇත්තේ දරු දෙදෙනා දුකින් සිටින බවත් එනිසා වහා ඇය ආපසු ලංකාවට යා යුතු බවත්ය. ඇගේ මියගිය සැමියා ඇයව දිනපතාම ඇඳෙන් බිමට ඇද දමන බව පවසා තිබේ. ඉඩමක් උගස් කර ඩුබායි පැමිණියත් මේ ප්‍රශ්නය නිසා ඇය ආපසු ශ්‍රී ලංකාව බලා ගියාය.///// dissociative disorder
ReplyDeleteස්තූතියි රුවන්. ඕකට සිංහලෙන් කියන්නේ මොකක්ද? හිස්ටිරියාව ඔතනට අදාළද ?
Deleteමම යන එන තැනකට තිස්ස අත්තනායක ජම්ප් එක දාන්න යන දවස්වල ඇවිල්ලා උන්නා. මම ඇහුවාම එය මොකටද ආවේ කියලා, තිස්ස අත්තනායකට ඊට පස්සෙ උන සියල්ල පොර මට කලින්ම කිව්වා. උඹ පිලිගන්නවා නම් පිලි ගනින්. උඹ ගැනත් කිව්වා. ඉන්න රටත් කිව්වා. තව මිතුර කීප දෙනෙක් ගැනත්. රැකියාවේ අස්තිර බාවයත්, ඒක වෙනස් වෙන එකත් සියල්ලම කිව්වා. ඒ කියපු දේවල් ඒ විදියටම සිද්ද උනා. තව මොනවද ඉතින් කතා කරන්නේ.
ReplyDeleteකරුමේ වෙලා තියෙන්නේ හොරුන් වැඩි එකයි. නැතුව මේවා බොරු නෙමෙයි.
මාතලන් මගේ ප්‍රශ්නය මිදියම 10-20 අතරින් ලවුලන් ට විතරක් මොකක් හරි යමක් කියන්න පුලුවන් වුනේ. එකෙන් අදහස් වෙන්නේ නැහැ එහෙම හැමෝටම පුළුවන් කියලවත්, අනාවැකි කියන්න පුළුවන් කියලවත්. ඕකම තමයි මගේ ප්‍රශ්නය. මේ නිරීක්ෂණ හොඳටම මදි එහෙම නිගමනයකට එන්න. ලවුලන් හා ඉතා සුළු සංඛ්‍යාවක් මොකක් හරි ක්‍රමයකින් කිසියම් දත්ත (information) වගයකට ටැප් කරනවා. ඒක තමා මගේ නිගමනය වුනේ. මම එතනට ආපු හැටි පෙන්වන්නම් මේ ලිපි පෙළ කොහොමත් දැන් ඉවරයි. තව දෙකක් හෝ තුනක් විතරයි තියෙන්නේ. දෙයියෝ, මළවුන් ආදිය ඉන්නවට වඩා.
Delete//ලවුලන් හා ඉතා සුළු සංඛ්‍යාවක් මොකක් හරි ක්‍රමයකින් කිසියම් දත්ත (information) වගයකට ටැප් කරනවා.//
Deleteආකර්ශනීයයි.
ගස් ඕක උපකල්පනයක්. හිනාවෙන්නේ නැතුව කියවහන්කෝ ඉතුරු ලිපි දෙකත්. එතකොට අඩුම ගානේ තේරෙයි ඇයි මම එහෙම කියන්නේ කියල.
Deleteමාතලන් මම ගැන මොනවාද කිව්වේ බං . මට ඒ කෑල්ල මිස් වුනානේ අහන්න.
Deleteඊයේ රෑ භාගයයි අද උදෙ භාගයයි වශයෙන් මේ ලිපිය කියෙව්වා.
ReplyDeleteඑහෙම බෑ, මේක බොහෝම සංයමයෙන් ආයෙත් කියවන්න ඕඅනේ යමක් කියන්න කලින්.
ඔබ දීලා තියෙන සබැඳි ඔස්සේ යාමටත් කැමතියි ඉඩ හදාගන්න වෙනවා.
මේ හැදෑරීමට මම හුඟක්ම කැමතියි
මේ දවස් වල මම බුදු දහම ඇසුරින් කාලය විග්‍රහ කිරීමක් කරන්න යම් කිසි කාරනා සොයමින් ඉන්නේ. ඒක නිසා මට මේක තවත් වැදගත්.
බුද්ධ දර්ශනය තවත්එක් දර්ශනවාදය පිලිබඳ කියවීමක් හැටියට මම රැගෙන තියෙන්නේ. අදහස්න් ආගමක් ලෙස නොවෙයි. එහෙම ඔබ හොයා ගත්ත නම් ලියන්න. (කාලය ගැන )
Deleteකැප්‍රා ගොඩක් මහායානය විස්තර කරනවා.
බුද්ධ දර්ශණය ආගමක් නොව,සත්‍යය එයයි. බුදුන්වහන්සේ දර්ශණවාදියෙක් කිවහොත් සුදුසුය.තව නොබෝ කලකින් සමාජගත වීමට වෙන්න බැරි නැත 'සයිබර්වාදය'යන්නෙන් ද.
Deleteබුදු දහම ආගමක්, දර්ශන වාදයක්, දර්ශනයක්, බුදු හිමියන් දර්ශන වාදියෙක් කියන සියළුම මත මම නම් ප්‍රථික්ශේප කරනවා.
Deleteබුදු දහම කියන්නේ සියළුම වාද හා දෘශ්ටීන් ප්‍රථික්ශේප කරන ධර්මයක්.
දෘශ්ඨීන් ගෙන් තොරව දර්ශනයක් හෝ වාදයක් පැවතීම අභව්‍යයි.
එසේ සියළු දෘශ්ඨීන් බැහර කල බුදු හිමියන් දර්ශන වාදියෙකු යැයි කීමත් වරදක්. උච්චේද වාදයත් ශාස්වත වාදයත් බැහැර කල උන් වහන්සේ දෙසූ මැද පිළිවෙත තුල කිසිදු වාදයක් අන්තර්ගත වන්නේ නැහැ.
ඒ වගේම එහි කිසිදු විශ්වාසයක්, ඇදහීමක්, භක්තියක් හෝ ආගමික සංස්ථාවකට අවශ්‍ය කිසිවක් නැහැ.
ඔබගෙ මතය එකහෙලාම ප්‍රතික්ෂේප නොකරන්න,මමත් එකඟයි ඔබේ මතයට,නමුත් බුදුන්වහන්සේගේ දර්ශනය න්‍යායක් පමණි.අප ආගමක් ලෙස පරිවර්තනය කොට අදහන්න පෙලඹීම වරදක් නොව නමුත් ආගමක් ද නොව.මෙම න්‍යායට මුලු ලොවම ගරු කළයුතුයි.මිනිසාට හිතීමෙ ශක්තිය සහ භාවනාව මනස දියුනුවටත් ලැබුන එකම මග තර්කයකින් තොරව පිලිගනිමු.
Deleteඅප බොහෝදුරට මාතෘකාවක් ගැන කතා කරන්න පුරුදුව ඇත්තේ පොතේ හැටියට පමණි.පොතේ ලියා ඇති පරිදිත් සිතීමේ ශක්තියකුත් මුසු වීමෙන් ඕනෑම විෂයක් පැහැදිලි කරගන්න අපට හැකිවේ.සමාජය සිතීමට මැලි කමක් දැක්වීම නිසා ඔබ අතරින් කා හටත් පුලුවන් ඒ කාර්‍ය්යට මනසවල් යොමු කරවීම.ස්තූතියි.සුභ සංවාදයක්.....
@නයනේ - එහෙම නම් අදහන්නේ ඇයි කියන ප්‍රශ්නය එනවා නේද? ඕක තමා මම මුලින්ම ලියල තිබ්බේ කොහේ හරි. තමන් බෞද්ධයෙකු ලෙස හඳුන්වන්න පුලුවන්ද?
Deleteතමන් බෞද්ධයෙකු ලෙස හඳුන්වන්න බෞද්ධයෙකුට පුලුවන්ද? ඔබ කියන තර්කය අනුව හා තමන් කිසි දෙකට ඇලී ඉන්නේ නැත කියන තර්කය මත.
Deleteඅජිත් මෙතැනදි මම යමක් පැහැදිලි කල යුතුයි.
Deleteඔබ අහන පළමු ප්‍රශ්නය ඉතාම තාර්කිකයි හා නිවැරදියි. බුදු දහම තුල කිසිදු තැනෙක ඇදහීමක් තිබිය නොහැකියි. එය බුදු හිමියන් ප්‍රථික්ශේප කල ප්‍රතිපදාවක්. මා ගැන කීමේදී මා කීවේ භෞතික වාදය පසු කරමින් මා තෙරුවන් සරණ ගිය බවයි. ඒ කියන්නේ මා බෞද්ධයෙකු කියා නොවන බව ඔබට වැටහිය යුතුයි.
බෞද්ධයා යනුවෙන් පුද්ගලයෙකු හෝ බෞද්ධයා යනුවෙන් ජන කොටසක් පැවතීම දහම නොවෙයි.
ඒ වගේම කෙනෙකු තෙරුවන් සරණ ගිය පමණින් සියලු බැඳීම් හලා දැමිය නොහැකියි. එහෙත් එසේ දහම දැක තෙරුවන් සරණ ගිය පුද්ගලයාට තමා ඇලී සිටින තැන් පහසුවෙන් දකින්නට පුළුවන් වෙනවා. ඒත් ගැලවීම නම එතරම් පහසු නැහැ.
දහම දැක තෙරුවන් සරණ යාම කියන්නේ ඉතාම මූලික වූ ආරම්ඹ්හයක් පමණයි.
බුදු දහම අනුව මිනිසුන්ගේ මනස හසුරුවන ප්‍රධානම හේතු තුන ලෝභය, ද්වේශය හා මෝහයයි. ඇදහීම භක්තිය කියන කාරනා ගතහොත් ඒවැනි හැඟීම් වලට දායක වන්නේ මෝහය කියන හේතුවයි.
ඔබ මහා ප්‍රාඥ අයින්ස්ටයින් ගේ රුවකට මල් පහන් පුදන්න, නිවසට එන කිහිප දෙනෙකුට කියන්න ඔබේ අධ්‍යාපනය සාර්ථක වී ඔබ ඔතැනට ආවේ ඒ ඇදහීම නිසා බව. කිහිප දෙනෙකු ඔබට හිනා වේවී. එහෙත් කලක් යන විට බොහෝ දෙනා රහසින් අයින්ස්ටයින් පිදීම ඇදහීම් චාරිත්‍රයක් කර ගනීවි. අයින්ස්ටයි ඝන දෙවි ආකාරයේ දෙවියෙකු වේවි. ඔබට මා කියන දෙය වැටහිය යුතුයි.
ඔබලා හැමෝම කතා ලියන්නෙ මනෝමය රූපයකින් මිස කිසිම ප්‍රායෝගික නැති ගුප්ත විශ්වාස මත ගොඩනගන්න හදන ක්‍රමවේද.ඉතින් මේවා ලියන එක හොඳයි එක දශමයකින් හෝ සියල්ලගෙම මතයක් බිහිවේ නම්.මොළය වෙහෙසන එක හොඳයි.*බුද්ධ දර්ශනය මිස බුදුදහමක් ලෙස ඇදහීම වර්ථමානයෙ මිනිසාගේ දූෂණය වෙන මනසට සහනයක් පතා ඇදහීම වරදක් නැත.තර්ක විවාද වලින් තොරව බුද්ධ දර්ශනය සමාජය කෙසේ ඇදහීමකට ලක්කර ගත්තත් අප කවුරුත් ජීවිතය පිරිසිඳු සිතින් ගතකිරීමට තිබෙන තන්හාව උදෙසා ම යන ගමන ට බාදා නොකර සිටීමු.එසේ කලොත් මිනිසාට ජාතියක්/ ආගමක්/මිනිස් මනසක් බිහිවීම ට බාදා නොවන්නේද?ඔබලා ට වඩා මා යමක් නොදනිමි,හැකිතාක් පැහැදිලිව විෂයන් ගැන සරලව සංවාද වන්නේ නම් කාටත් පොදුවෙ යමක් ඉගෙන ගන්න ලැබේවි නොවෙද?ස්තූතියි
Delete//එහෙත් කලක් යන විට බොහෝ දෙනා රහසින් අයින්ස්ටයින් පිදීම ඇදහීම් චාරිත්‍රයක් කර ගනීවි. අයින්ස්ටයි ඝන දෙවි ආකාරයේ දෙවියෙකු වේවි// ඔව් එහෙම වෙන්න පුළුවන්. හුඟක් දෙවිවරු ආවේත් එහෙම වෙන්න ඕනේ.
Deleteමා ඒ තුලින් කියන්නට තැත් දරන්නේ බුදු දහම ඇදහීමක් වන්නේ කෙසේද කියන කාරනයයි.
Deleteබුදු හිමියන්ම තැනෙක කියනවා මිනිසුන්ට ආයුශය , නිරෝගී බව, සැපය, යසස හා මෝක්ශය ප්‍රියයි ලැබීමට සුදුසුයි කියලා. ඒත් උන් වහන්සේම කියනවා මේවා කිසිවක් යැදීමෙන් පිදීමෙන් ලැබිය නිහැකියි කියලා. නැවතත් මේවා යැදීමෙන් පිදීමෙන් ලැබිය හැකිනම් මේ ලොව කාටනම් කුමකින් අඩුවක් වෙයිද කියලා උන් වහන්සේ අහනවා. මට සූත්‍රයේ නම මතක නැහැ.
ඉතින් එවන් දහමක් දෙසූ බුදු හිමියන් වෙත යැදීම් පිදීම් කරනවානම්....?
ඔව්. ඒ කරණයට මට එකඟ වෙන්න පුළුවන්.
Deleteමිනිසා භෞතිකවාදය ගැන ලියන්නෙ කියන්නෙ වචන හැඩගන්වමින් බයාන්කාර විදියටයි.ඒවා අහන කියවන අය තුල සිතීමෙ ශක්තියක් දියුණු කරගැන්මට කම්මැලි කමක් පෙන්වයි.''භෞතිකවාදය''යනු තන්හාව රැස්කර ගත් ආත්මාර්තකාමී වාදයයි නොවේ නම් තවත් අප දාර්ශණික ඇසකින් නොබලන දාර්ශණික වාදීන් නොවෙද?සෑම කුඩා දරුවෙක්ම සිට මහල්ලා දක්වා දාර්ශණිකයෙක් බව අමතක නොකොට ඒ සිතීමේ ශක්තියක් වර්ධනය කරගැන්ම වර්තමානයෙ අවශ්‍යයතාවක්.
ReplyDelete''ඔලුවක් නැති කඳක් මොටදැයි තියල්ලා''
''මොළයක් නැති හිස බිල්ලට දියල්ලා''
//''භෞතිකවාදය''යනු තන්හාව රැස්කර ගත් ආත්මාර්තකාමී වාදයයි නොවේ නම් තවත් අප දාර්ශණික ඇසකින් නොබලන දාර්ශණික වාදීන් නොවෙද//ඔව්. භෞතිකවාදය කියන්නේ තණ්හාව රැස් කරගත් අතමර්තකමිත්වය කියන එක නොව. ඒ පාරිභෝජනවාදය.
Delete''පාරිභෝජන වාදය ''ඔබ ලියා ඇත්තෙත් මා කියූ දෙයම වෙනත් වචනයකින් බව නම් සැබැයි.අප එදිනෙදා ජීවන රටාව ගැටගහගන්න උත්සහයක යෙදෙමු,කෑම,බීම,මුදල් සහ අනෙකුත් අවශ්‍යතාවන් අපේ දින චර්‍යාවට එකතු කර ගැන්ම යනාදිය ලෝකෙ සෑම වස්තුවක්ම භෞතික වේ.මේවා ලංකර ගන්න බොහෝ වෙහෙසක් අපි කවුරුත් දරන්නෙමු.ඇයි අප ඉගෙන ගන්නෙ දොස්තර කෙනෙක්/ඉංජිනේරුවෙක්/ගුවන් නියමුවෙක් යනාදි මේ අරමුණු තුලින් අපේ ජීවිතයට ලස්සන ජීවයක් ලබාගන්න පොරකෑම සහ වැඩි කලක් ජීවත්වන්න ගන්නා උත්සහයත් සමග භෞතිකවාදය සිතන ලියන කියන අප'' බුදුහාමුදුරුවො සියල්ල අමතක කොට මිනිස් මනසට ආදර්ශයක් වුනේ කුමට දැයි සිතීම සාදාරනීයකරනය කෙසේ දක්වමු ද?
Deleteමිනිසා භෞතිකවාදය ගැන ලියන්නෙ කියන්නෙ වචන හැඩගන්වමින් බයාන්කාර විදියටයි.ඒවා අහන කියවන අය තුල සිතීමෙ ශක්තියක් දියුණු කරගැන්මට කම්මැලි කමක් පෙන්වයි.''භෞතිකවාදය''යනු තන්හාව රැස්කර ගත් ආත්මාර්තකාමී වාදයයි නොවේ නම් තවත් අප දාර්ශණික ඇසකින් නොබලන දාර්ශණික වාදීන් නොවෙද?සෑම කුඩා දරුවෙක්ම සිට මහල්ලා දක්වා දාර්ශණිකයෙක් බව අමතක නොකොට ඒ සිතීමේ ශක්තියක් වර්ධනය කරගැන්ම වර්තමානයෙ අවශ්‍යයතාවක්.
ReplyDelete''ඔලුවක් නැති කඳක් මොටදැයි තියල්ලා''
''මොළයක් නැති හිස බිල්ලට දියල්ලා''
ගොඩක් සන්සුන් හිතින් කියවන්න ඕනි පෝස්ට් කීපයක්. මම නම් කවදාවත් අපිට නොපෙනෙන පලියට කිසිම දෙයක් නෑ කියලා විශ්වාස කරන්නේ නෑ. දැනටමත් අපි නොදන්න සාමාන්‍ය දේවල් ලෝකේ අනෙක් තැන්වල මොන තරම් නම් සිද්ධවෙනවද?
ReplyDeleteලිපිය කියවාගන්න පුලුවන් විදියට හදලා දුන්නට ස්තූතියි.
ස්තූතියි මෙඩුසා. බොහොමයක් විශ්වාස තියනවා ඇත්තටම පදනමක් නැති. මම ඔය දෙපැත්තටම යන්නේ නැතිව (ඔව් හෝ නැහැ ) සොයා බැලීමට කරපු උත්සහයක් තමා මේ. මම කරුණු ටික ඉදිරිපත් කරනවා. කියවන්නා තීරණය කළ යුතුයි ඇත්ත මොකක්ද කියල.
Delete''පාරිභෝජන වාදය ''ඔබ ලියා ඇත්තෙත් මා කියූ දෙයම වෙනත් වචනයකින් බව නම් සැබැයි.අප එදිනෙදා ජීවන රටාව ගැටගහගන්න උත්සහයක යෙදෙමු,කෑම,බීම,මුදල් සහ අනෙකුත් අවශ්‍යතාවන් අපේ දින චර්‍යාවට එකතු කර ගැන්ම යනාදිය ලෝකෙ සෑම වස්තුවක්ම භෞතික වේ.මේවා ලංකර ගන්න බොහෝ වෙහෙසක් අපි කවුරුත් දරන්නෙමු.ඇයි අප ඉගෙන ගන්නෙ දොස්තර කෙනෙක්/ඉංජිනේරුවෙක්/ගුවන් නියමුවෙක් යනාදි මේ අරමුණු තුලින් අපේ ජීවිතයට ලස්සන ජීවයක් ලබාගන්න පොරකෑම සහ වැඩි කලක් ජීවත්වන්න ගන්නා උත්සහයත් සමග භෞතිකවාදය සිතන ලියන කියන අප'' බුදුහාමුදුරුවො සියල්ල අමතක කොට මිනිස් මනසට ආදර්ශයක් වුනේ කුමට දැයි සිතීම සාදාරනීයකරනය කෙසේ දක්වමු ද?
ReplyDelete//භෞතිකවාදය සිතන ලියන කියන අප'' බුදුහාමුදුරුවො සියල්ල අමතක කොට මිනිස් මනසට ආදර්ශයක් වුනේ කුමට දැයි සිතීම සාදාරනීයකරනය කෙසේ දක්වමු ද?// ඔබ කියන්නේ කුමක්ද කියා මට අපැහැදිලියි.
ReplyDelete'පාරිභෝජනවාදය'කරුණාකර ඔබ අර්ථ දක්වන්න පසුව මේ ගැන සංවාදයකට එමු.
ReplyDeleteපාරිභෝජනවාදය යැයි මා කියන්නේ එක්තරා විධිහකට මාක්ස්වාදී අර්ථයකින් එහෙම නැත්නම් ධනවාදී අර්ථයකින්. දෙකින්ම කියන්නේ මිනිසුන් විසින් භාණ්ඩ පරිභෝජනය කිරීමට ඇති ලැදියාව. මිනිසුන් ගේ පරිභෝජනවාදය නිසා තම නව නිෂ්පාදන බොහොමයක් ඇති වන්නේත්, ආර්ථිකය ගොඩ නැගෙන්නේත්. එසේම මාක්ස්වාදීන්ට අනුව පරිභෝජනවාදය නිසා සූරාකෑම වැඩි වෙනවා කියලත් කියනවා. එනිසා මාක්ස්වාදීන් පරිභෝජනවාදයට විරුද්ධයි.
Deleteභෞතික වාදය හා විඥානවාදය වෙනස් කරුණු දෙකක. පාරිභෝජනවාදී භෞතිකවාදීන් මෙන්ම පරිභෝජනවාදී විඥානවාදින්ද සිටිය හැකියි. භාතිකවාදීන් පදාර්ථය මුලික කොට ගෙන ජිවය ඇතුළු සියල්ල පටන් ගත බව කියන යයි. විඥානවදින් ඒකෙ අනිත් පැත්ත කියන අයයි.
'පාරිභෝජනවාදය'පරිහරනය කාටත් පොදු නොවන්නේ මන්දැයි විස්තර කරන්න.ඔබ(පාරිභෝජනවාදය ) ධනවාදීන්ගෙ බව පවසයි නම් එකම අර්ථය දෙවිදියක ට දැක්වීමෙන් හඳුන්වන්න උත්සහ ගන්නෙ කුමක්ද සඳහා ද?
Delete//ඔබ(පාරිභෝජනවාදය ) ධනවාදීන්ගෙ බව පවසයි නම්// මම එහෙම කියල නැහැ ඔය උඩ කොමෙන්ට් එකේ. මාක්ස්වාදීන් හා ධනවාදී අර්ථක්‍රම අනුගමනය කරන අයගේ අර්ථදැක්වීම් දෙකක් තියනවා කියල පමණයි කිව්වේ. පාරිභෝජනවාදය කියන්න පරිහරණයම නෙමේ. අර්චනකාමය කියල එකකුත් තියනවනේ . භාණ්ඩවලට ඇති අතිශය ලැදියාව pettish එකක් කියල මාක්ස් කියල තියනවා. මමත් යම් භාණ්ඩ වලට කැමතියි. එනිසා අපි කවුරුත් වගේ එහෙමයි. බුදුන් කිවේ හාමුදුරුවරුන පාත්තරේ සහ තව අයිටම් දෙක තුනක් තිය ගන්න මිසක් මාලිගා හදාගෙන ඉන්න නෙමේනේ. ඔය දැන් තියනවා වගේ. හැබයි බුදුන් වුනත් පිළිගත්තා ලොකු මාලිගා දන් දුන්නම ඉන්න කියල. එතන පරිහරණය තියෙන්නේ. හැබැයි තමන් සල්ලි හොයාගෙන හදාගෙන හදාගෙන යන හාමුදුරුවරු ගව තියෙන්නේ පරිබෝජනවාදය නේද?
Deleteඔබ කියනවා වගේ මේ සෑම විෂයකම 'තන්හාව ආසාව පොදි බැඳගත්'වෙන්වෙන්ව පංති වලට බෙදා එක් එක් රාමු තුල සමාජ කොටස් බෙදා වෙන්වන දෙයක් නොවෙද?වේද?
Deleteබෙදී වෙන්වෙලා තියෙන දෙයක් නේද
Deleteමාක්ස්වාදය ලෙනින්වාදයට වඩා වෙනස්ද?එහෙනම් ඇයි අපට බැරි මහත්මා ගාන්ධිවාදයක් පතුරවන්න.
ReplyDeleteමාක්ස්වාදය ලෙනින්වාදයට වඩා වෙනස්ද? - පස්සේ කතා කරමු.
Deleteඑහෙනම් ඇයි අපට බැරි මහත්මා ගාන්ධිවාදයක් පතුරවන්න.- ඔබට නිදහස තිබෙනවානේ එහම කරන්න.
ඉතින් සහෝදරයා,
ReplyDeleteධනවාදය,පාරිභෝජනවාදය +භෞතිකවාදය මේ සියල්ල තුල ගැබ් වන්නේ ආසාවන්ගෙන් අසීමිත බව නොවෙද?එමෙන්ම මගේ මතයනම් ඒ දාර්ශණික යෝ පැවසූ දේවල් ගැනත් තර්කානුකූලව සිතන්න ත් ඒවායෙ අඩුපාඩු සහ රටකට ගැලපෙන පරිදි ත් රටේ සමාජයට හැඩගැසෙන්න පහසු මතවාද සමගින් වෙනසක් සමාජයට හානියක් නොවන්න පොදු මතයයක් බිහිවේ නම්.....සුභයි.
උදා;බොහෝ අය සොක්‍රටීස් ගැන හරි උජාරුවට කතා බහ කරති.ඔහුගෙ මතයෙ රැඳෙන්න හරිම පහසුයි,ඔහුගෙ මතයෙන් මිනිසාව බිහිවන්නේ ඒක පුද්ගලවාදීව,එසේ නැත්නම් ප්‍රධාන නලුවෙක් හෝ දේශපාලු නායක යෙක්.සමාජයෙම එක් අයෙකුට බලයක් පෙන්වීම පමණි.ඔබගේ පොදු මතය ලියන්න .ස්තූතියි.
ධනවාදය,පාරිභෝජනවාදය +භෞතිකවාදය මේ සියල්ල තුල ගැබ් වන්නේ ආසාවන්ගෙන් අසීමිත බව නොවෙද- මෙතනින් භෞතිකවාදය අයින් කරන්න. එතන දර්ශනවාදී මතයක් නේ තියෙන්නේ.
ReplyDeleteධනවාදය,පාරිභෝජනවාදය - සමාජවාදය , මාක්ස්වාදය ඕව එකට දැම්මට කමක් නැහැ. මාක්ස්වාදය භෞතිකවාදී කියල කිව්වට එකත් විඥානවදයක් වගේ එකක කරගෙන නේ ඉන්නේ.
ධනවාදය සොක්‍රටීස්ගෙ දර්ශනවාදයට ගැතිකම් දක්වන්න බැරි නැද්ද?මේ සියලුම වාද අභිබවා නිෂ්ඵල කොට ජාතිකවාදයෙන් ගැන පමණක් සිතා මිනිසාට දියුණුවක් හෝ ජාතිය රැකගැනීමක් උදෙසාම කටයුතු වේ නම් අනෙකුත්'' වාදයන්''පුස්සක් යයි ඔබට සිතෙන්න බැරි නැද්ද?
ReplyDeleteජාතිකවාදය එන්නේ අනිත් වාද වලින් බලයට එන්න බැරි වුනහම.
Deleteමේ දියුණු පොලෝ තලේ 'ජාතිවාදීව 'ජීවත් වන්න හැකි නම් වරදක් ඇත්ද?ඒ ඇයි?
Deleteඅන් ජාතීනට හිරිහැර නොකර තම ජාතිය පවත්වාගෙන යෑමටත් තම ජාතියෙ දුප්පත් කම නැති කිරීමටත් ජාතිවාදීව හැඟීමෙන් කටයුතු කරන එක වරද කුමක්ද?
ජාතිවාදය කියන්නේ මානසික ලෙඩක්. ජාතිවාදියා කියන්නේ මානසික ලෙඩෙක්. ජාතිවාදියෙක් ස්වභාවිකවම අන් ජාතීන්ට හිරිහැර කරනවා. තමන්ගේ භාෂාවට , සාහිත්‍යට, සංස්කෘතියට ආදරය කිරීම ජාතිවාදය නෙමෙයි. සිංහලය කියන උසස් භාෂාව හදාරන්නා ඒ ලෙසම ඉංග්‍රීසි, දෙමල , ජර්මන් වැනි ඕනෑම භාෂාවකට සාහිත්‍ය කට ගරු කරනවා. ජාතිවාදියා සම විටම හිතන්නේ තමන්ගේ එක විතරක් උසස් කියා. මා උගත් සෝවියට් දේශයේ හැම භාෂාවකටම තැන දුන්නා.
Deleteඅජිත් මයා;භාෂාව/සාහිත්‍ය/සංස්කෘතිය/සෝවියට් දේශය සෑම භාෂාවකටම තැන දුන්නා/යන මැයෙන් ඔබ ලියා තිබූ පරිදි,ජාතිවාදය මතයේ සිටියත් අපට අනෙක් රටවල් අධ්‍යන කටයුතු වල යෙදෙන්නත් පුලුවන් රැකියා කරන්නත් පුලුවන් ය .මා අදහස් කරන්නේ තම ජාතිකත්වයේ සිට ලෝකෙ කොතැනක හෝ සිටීම වැරදි නැත.අපේ රටේ අනෙක් රටවල සංස්කෘතීන්ට වඩා සීලාචාර ගරු කලයුතු ජාතියක් වීම අගයමු.අප රට ඇතුලෙම අනෙක් ජාතීන් තම ජාතීන් වෙනුවෙන් ජාතිවාදීව ආත්මාර්තකාමීව නැගී කටයුතු කිරීමෙන් තව වසර හත අටක් ගිය පසු සිංහළ ජාතියක් ගැන ලොවේ කොතැනකවත් අසන්නට නම් නොලැබෙන බව සැකයි.සිංහළයා තම ඉල්ලීම් පාරට බැස උද්ගෝෂණ කරද්දී තම ජාතියෙම අය පවසන්නේ ජාතිවාදීන් යයි සහ හන්වඩු ගැසීම,සහ ජාතිවාදීව සිටීම පවක් යන පුහු හණමිටි අදහසක් නොවෙද?
Deleteමා ජාතිවාදීන් හා ජාතිවාදය ගැන ලිව්වේ generally හෙවත් එසේ කරන කියන හැමෝටම පොදුවේ මිස එක ජාතියක් අල්ලා ගෙන නොවේ. තොප්පිය හරිනම් දාගැනීම වෙනත් දෙයකි. ලංකාව අනිත් රටවල වැඩ ශීලාචාර යයි කියන්නේ මොන පදනිමින්ද? එසේ නැති යයි නොකියමි. නමුත් තවත් බොහෝ ශිලාචාරී රටවල මා ජිවත්ව තිබේ. ඔබේ ඉල්ලීම ඇත්නම් පාරට බැස ඒ ගැන උද්ඝෝෂණය කිරීමේ වරද මම දකින්නේද නැත.
Deleteහැබැයි අර මධ්‍යස්ත මතධාරිය කිව්වා සේ මේ ලිපි පෙලේ කතා කරන්නේ ජාතිවාදය හෝ ජාතිකවාදය ගැන නම් නොවේ.
බොහොම කණගාටුයි තොප්පිය ඔබටම හරි විදියට දාගත්තට,නමුත් ඔබ ඇසූ ප්‍රශ්ණය බොහොම පීඩාවකට හසුවූ හා සමානව ලියා ඇත.එමෙන්ම ''ජාතිවාදය'' නහඳුනන කෙනෙක් ලෙස දක්වා සිටීම තුලින් ඔබ ගෙනියන භෞතිකවාදය කෙසේ සමාජ ය තුල කුමක් අරභයා පතුරවන්න අදහස් කරන්නෙහිද? සිංහළයා ට ශීලාචාර කමක් නැත කියන්න ඔබ ලංකාවෙ සිංහළයෙක් නොවෙද? බටහිර මනසකින් රට දිහා බැලීම අපේ කමට ලැජ්ජ වියයුතුයි.ඔබ කියන්නෙ රටේ ප්‍රධාන ජාතිය යට කරගෙන යන සුලු ජාතියට තැනදී ගහක මුලින් උදුරා දැමුවා හා සමාන සිංහළ ජාතියම වඳවී මද?''මානුෂිකව ජාතිකවාදී''ව සිටීම කාලෝචිතයි.වර්තමානයෙ දෙමළ/මුස්ලිම් ජාතීන් රට ඇතුලෙ ගෙනියන ජාවාරම්,දූෂණ,මුලින් උදුරා දැමුවා කියන කොටින්ගෙ සෙවනැලි නැවත නැවතත් පතුරවන්න ලෝකයෙ සියලුම රටවල ජීවත් වන දමිළ ජාතිය සැලසුම් තනති.''ෆ්‍රන්සයේ පැරීසියට ආසන්න නගරයක පැවැති දෙමළ සිංහළ සංස්කෘතික හමුවක දී කොටින්ට උදව් කර හෙම්බත්වූ දමිළ ජාතිය සිංහළයා ඉදිරියෙම ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කලේ,නැවත ලංකාව ඔවුන් භාරගන්න බවයි''.ඔබ කුමණ රටක සැරිසරා ඇතත් පොතේ හැටියට සිතීම ප්‍රායෝගික යට නගන්න තරම් ප්‍රමාණවත් මදිය.ප්‍රශ්ණ වලට සාධාරණ පිළිතුරු දීම මානුස්ස කම එයයි.බොහොම ස්තූතියි
Delete//අපේ රටේ අනෙක් රටවල සංස්කෘතීන්ට වඩා සීලාචාර ගරු කලයුතු ජාතියක් වීම අගයමු.// ම ඔබෙන් ඇසුවේ ලංකාව අනිත් රටවල වඩා ශීලාචාර යයි කියන්නේ මොන පදනිමින්ද? //සිංහළයා ට ශීලාචාර කමක් නැත කියන්න ඔබ ලංකාවෙ සිංහළයෙක් නොවෙද? // .සිංහලයාට ශිලාචාර කමක් නැත කියා ම කොහෙවත් කියා නැත. තමන්ගේ රටේ වඩා ශිලාචාර යයි ඇමෙරිකන් කාරයද කියති. ටහ්වත් අයද කියති. මට නම් එසේ හැඟෙන්නේ නැත. එංගලන්තය මෙන්ම ස්කොට්ලන්තයද , ජර්මනිය මෙන්ම රුසියාවද මට නම් ශීලාචාර රටවල්ය. ලංකාවට අඩු වැඩියෙන් නොවේ.
Deleteකොහොම නමුත් තියරි සංවාද මනසට හොඳ ව්‍යායාමක්/දැනුම ලබාගන්නත් දැනුම උරගා බලන්නත්/මොළේ ස්නායු අවදි කරන්නත්/මනුස්සයො හඳුනා ගන්නත්/සිතන්න මනසක් නිර්මාණයටත්/බුද්ධි ගලනයටත් සැමගේ විචාර ශීලී අදහස් ගරු කරන්නත්/දාර්ශණික යො බිහිවේවා.
Deleteඅජිත් අයිය. මට 50% ක පමණ විශ්වාසයක් තිබුන මේහා සමාන අත්දැකීමක් ඔබේ මේ ලිපිය මගින් බොරුවක් බවට පත්කිරීම ගැන ස්තුතියි.
ReplyDeleteඅනික අනික ඕනිම දර්ශනයක්, ආගමක්, බැඳීමක් (ආදරයක්, මිතුදමක් හෝ වේවා) සමග පමණ ඉක්මවා බැඳීම් පවත්වාගැනීමෙන් සත්‍යය අසත්‍යය තේරුම්ගැනීම අවමයක් බවට පත්වීම සාමාන්‍ය දෙයක්.
ඔබ යුද්දය සම්බන්දයෙන් කල සමීක්ෂණය හරිම රසවත්.
අනික මම නිරාගමික වීමට බලපෑ හේතු අතරින් කිහිපයක් තමයි පමණ ඉක්මවා ආගමට ඇබ්බැහි වීම. හිතන්න මට බුදුන් වඳින්නේ ඇතිව එලියට බැහැල ගිහින් අකරතැබ්බයක් උනොත් මම හිතන්නේ මට බුදුන් වඳින්ට බැරි උන නිසා කියල. මව් තුමිය උනත් ලග්න පලාපල බලල හොඳ ටිකක් කියල නරක දුරු කරන්ට ආගම දහම සම්බන්දයෙන් දණයත් කාලයත් දෙකම වැය කරනව.
අනික ආගම පසුපස හඹා යාමෙන් මිනිස්සු තව තවත් යම් ආකාරයකින් මානසික ආතතිය වගේම මානසික අබාද වලට ලක්වෙන්නත් පුළුවන්.
උදාහරණයකට යම්කිසි දෙයක් පටන් ගැනීමට අපිට සියළු දේ තිබුනත් යම්කිසි බලවේගයකට යටත්ව කටයුතු කිරීම.
මම ආශ්‍රය කරල බඳින්ට සිටි යුවතිය මට මගහැරුනේ කේන්දර අනුව අපි බැන්දොත් දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙනව කියපු නිසා. ඒත් කේන්දර ඔක්කොම 90% ගැලපුන ගෑනු ළමය එක්ක කසාදෙ තිබ්බෙ මාසයකටත් අඩු කාලයක්. ඒ වෙලාවේදී දෙපැත්තෙන්ම දික්කසාදය එපා කියද්දි මම බැලුවේ ජිවිතේ තියෙන්නේ දුක් විඳලා දෙමව්පියන් සතුටු කරන්ට නෙමෙයි තමං සතුටින් ජීවත්වෙලා අනුන්ට පෙන්වන්ට කියන එක.
අනික රට එන එකට නොයෙක් දේ කලත් 99% කිව්වේ රට යන්නත් බෑ ගිහිල්ල හරියන්නෙත් නෑ කියල.
නමුත් මුළු ලෝකෙම එකතුවෙලා නොදන්නා බලවේගයක් විශ්වාස කල වෙලේ මම තනි තිරනයකම එක අදිෂ්ටනයක හිටි මම අද මම තනියම ලබාගත්ත දේවල් සමග ගොඩක් ආඩම්බර වෙනවා.
ඉතුරු කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙමි.
👍🏽
//මම ආශ්‍රය කරල බඳින්ට සිටි යුවතිය මට මගහැරුනේ කේන්දර අනුව අපි බැන්දොත් දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙනව කියපු නිසා.// ෂාහ් බැඳලා බලන්න තිබ්බේ. ඔයා බැන්දේ නැත්තේ මැරෙන්නේ ඔයා කියල හිතුව නිසා වෙන්න ඇති. හේ හේ
Delete// ඒත් කේන්දර ඔක්කොම 90% ගැලපුන ගෑනු ළමය එක්ක කසාදෙ තිබ්බෙ මාසයකටත් අඩු කාලයක්. ඒ වෙලාවේදී දෙපැත්තෙන්ම දික්කසාදය එපා කියද්දි මම බැලුවේ ජිවිතේ තියෙන්නේ දුක් විඳලා දෙමව්පියන් සතුටු කරන්ට නෙමෙයි තමං සතුටින් ජීවත්වෙලා අනුන්ට පෙන්වන්ට කියන එක.// එහෙම දික්කසාද කරපු එක වැරදියි මාසෙන්. ටිකක් කල් දීලා බලන් තිබ්බ. පව් නේ කෙල්ලේ. ඒකිගේ වැරදි ඇති. නමුත් ලංකාවේ දික්කසාද වුනු කෙල්ලෙක් කියන්නේ අනාථයි නේද?
//අනික රට එන එකට නොයෙක් දේ කලත් 99% කිව්වේ රට යන්නත් බෑ ගිහිල්ල හරියන්නෙත් නෑ කියල. // ඕව අහල වැඩක් නැහැ.
//නමුත් මුළු ලෝකෙම එකතුවෙලා නොදන්නා බලවේගයක් විශ්වාස කල වෙලේ මම තනි තිරනයකම එක අදිෂ්ටනයක හිටි මම අද මම තනියම ලබාගත්ත දේවල් සමග ගොඩක් ආඩම්බර වෙනවා.// සුභ පැතුම්.
Deleteතිලාන් ආතර්;ඔබගෙ මතයෙ හරි වැරදි දෙකම වැමෑරී ඇතත්,ඔබ බොහෝ දේවල් විවිධ ක්‍රම තුලින් (පූජා/බලි කර්ම යනාදියෙන්)ලඟාකරගන්න උත්සහයක යෙදී ඇතත්,අසාර්ථක වූ කල සමාජයට වෛර කරමින් සුභ ඵල ලැබ පසු තම මානසික සුවයට හෝ තිබෙන ආගම හෝ ධර්මය පවා අයින් කර තැබීමත්,ආත්මාර්ථකාමී ජීවන රටාවක් ගෙනියන සිතකින් සිටීම සමාජයට හොඳ ආදර්ශයක් වගේම තනිවූ කල සිතින් හෝ දෙවියන් ඇදහීමට දෙවියන්ගෙන් ඉල්ලීම් ඉලිලීමටත් හෝ ඔබ ගෙ තර්කානු කූල මතය පුස්සක් බවට පත් පත්වූ කල සමාජය ඔබව කුමණ විදියකට හඳුනා විද යන සැකයට පිළිතුරු ඔබ ලඟම ඇත.
Deleteජයසිංහ ආරච්චි මහත්තයො මොනවද මේ මල්ලෙ පොල්නෙ. මෙතන මේ අධිමානසික අත්දැකීම් ,භූත විද්‍යාව ගැන කතා කරන ලිපි පෙලක්නෙ.
ReplyDeleteඅජිත්@ 2008 දි 2009 සිදුවීම් ගැන කීව කියන්නෙ 2008 වෙනකොට 2009 සිදුවීම් තීරනය වෙලා තිබෙන්න ඇති. මෙහෙම ආසන්න අනාගතයවත් දැනගන්න ක්‍රමයක් තියනවනම් අනාගතය සැලසුම් කරගන්න පුලුවන්.ඒ වගේම අසාර්ථක ව්‍යාපෘති වගේම කන්න වෙන පරිප්පු වලිනුත් බේරිලා ඔලුව බේරගෙන ජීවත් වෙන්න පුලුවන්. අනතුරු වලින් බේරෙන්නත් වඩා හොද තීරන ගන්නත් පුලුවන්.
ඇත්තෙන්ම මේ හැකියාවන් අපටත් ලබාගන්න පුලුවන් ක්‍රමයක් තියනවනම් තමා වටින්නෙ.
කුමක් ලියා තිබුනත් ඔබගෙ වගකීමක් නොවෙද විග්‍රහ කිරීම,ඔබ කියනවා මා ලියා ඇත්තෙ අධිමානසික,භූත ගැන කියාලා,එසේනම් ඔබ ඒ විෂය ගැනත් දන්න නිසා නොදන්න දේ දැනගැනීම සතුටුයි.
Deleteමධ්‍යස්ඨ මතධාරියා වෙත,
Deleteඔබතුමා ලියල තිබුනා 'කොහෙද යන්නෙ මල්ලෙ පොල්'කෙසේ නමුත් හිස් අතින් එන්න බැරි නිසා මල්ලෙ පොල් ටිකක් අරගෙන ම යන එක සුභයි කියල හිතුනා,මෙය ලියන්නෙ තරහකට නොව.ලෝකෙ කොතැනක ජීවත් වුනත් මිනිසා අධිමානසික ත් වයකින් සිටින බව අප දැනදැනත් ඊට එහා සිතීමෙ ශක්තියක් ඇති මිනිසා ම නොවද වෙන් කර දක්වන්නේ අඩු මානසික අය/මන්ද බුද්ධික අය/බුද්ධිමත් අය/පිස්සො(අධිමානසික අය )/යනාදීන් සහ අප කවුරුත් භෞතික සම්පත් බුක්ති විඳින්න ආසා අය ලෙස වර්තමානයේ පරිවර්තනය වන්නේ මිනිසා ට පිස්සු බව යි.මේ පිස්සුව නිසා සෑම විෂයකින්ම අභිබවා යෑමට උත්සහ ගන්නෙමු.ඉතින් 'මල්ලෙ පොල් අරං ගියාට 'කවුරු හෝ කෙනෙක් අහඹු ලෙස දුටුවා නම් ඒ මා ලියා තිබූ දේ ගැන පැහැදිලි උත්තරයක් නොදන්න අයට අහඹු ලෙස හෝ පැහැදිලි කිරීම මානුෂික නම් වටී.ස්තූතියි.
//කුමක් ලියා තිබුනත් ඔබගෙ වගකීමක් නොවෙද විග්‍රහ කිරීම,ඔබ කියනවා මා ලියා ඇත්තෙ අධිමානසික,භූත ගැන කියාලා,එසේනම් ඔබ ඒ විෂය ගැනත් දන්න නිසා නොදන්න දේ දැනගැනීම සතුටුයි.// මධ්‍යස්ත මතධාරිය කියන්නේ මේ ලිපි පෙළ අධි මානසික දේවල් ගැන කතා කරනවා කියල.
Deleteඉතින් මේ දේවල් අධි මානසික ආත්මාර්ථකාමී ලෙස දක්වා ඇති මාතෘකාවෙන් පිට කතා කරන අය අධි මානසික නොවෙද?මා යමක් ලිව්වොත් ''කොහෙද යන්නෙ මල්ලෙ පොල්'' කියන අයම නොවෙද විෂයෙන් බැහැරව ප්‍රේමය ගැන කතා කරන්නෙ.
Deleteමේ සෑම දෙයක්ම මනෝ විද්‍යාවත් එක්ක බැඳුනු, කොටස් කර හඳුන්වන විෂයන් යයි මා විශ්වාස කරමි.කොමන්ට්ස් ලියන සැමටම පොදු වෙ දන්වමි.ස්තූතියි.
අජිත් මේ ලිපි පෙල නම් පොතක් හැටියට පළකරන්න වටිනවා
ReplyDeleteඉයන් මහතා;''පොතක් ලියන්න වටිනවා'' පමණක් කියා මදි හිතා ලියන්න වටිනාකමක් ඇත්නම් වටී නොවෙද?සිංහළ මිනිසා සිතීමේ ශක්තියෙන් බැහැරව පොතේ හයියෙන් ලියන්න කියන්න පුරුදුව සිටීමෙන් වැලකී මනස කොතැනද කොයිබටදැයි සිතීම වටී.ඕනෑම විෂයකින් දැනුම ලබාගන්න අප කාගෙත් යුතුකමක් වේ සමාජයෙ යහපත උදෙසා.සුභ සංවාදයක්...
Deleteස්තූතියි ඉයන්. ඉතිරි ලිපි දෙකත් ලියල ඒ ගැන හිතා බලන්නම්. අවසන් ලිපි වලට එන ප්‍රතිචාරයත් මැන ගත යුතුයි.
Deleteඉයන් මහතා;''පොතක් ලියන්න වටිනවා'' පමණක් කියා මදි හිතා ලියන්න වටිනාකමක් ඇත්නම් වටී නොවෙද?සිංහළ මිනිසා සිතීමේ ශක්තියෙන් බැහැරව පොතේ හයියෙන් ලියන්න කියන්න පුරුදුව සිටීමෙන් වැලකී මනස කොතැනද කොයිබටදැයි සිතීම වටී.ඕනෑම විෂයකින් දැනුම ලබාගන්න අප කාගෙත් යුතුකමක් වේ සමාජයෙ යහපත උදෙසා.සුභ සංවාදයක්...
Deleteඇත්තෙන්ම ඉයන්,
Deleteඔබේ යෝජනාව මසුරන්.
මේක ඇත්තෙන්ම මමත් දකින්නේ ඉතා ගැඹුරින් කල හැදෑරීමක නිබන්ධනයක් වගේ.
කොහොමත් දැන් මේක බොහෝ දෙනාගේ දැන ගැනීම පිණිස බ්ලොග් අවකාශයේ කාලයක් පවතීවි.
ස්තූතියි නයනේටත්. මගේ අදහස වුනේ බ්ලොගයේ ලිය තිබුවාම ඉදිරියේදී එන විද්‍යාත්මක සොයාගැනීම් ආදියේදීනැවත පරිශීලනය කරලා බලන්න පුළුවන් කියන එක.
Deleteමට මේ ඊයේ ඉතිරි කොටස් ලියන්න සැලසුම් කරද්දී හිතුනේ. මේ ලිපි පෙළ අවසන් වෙනකොට (තව තුනකින් විතර අවසන් කරන්නයි හිතන් ඉන්නේ අඩු කරලා හැකි තරම්) ඉයන් සහ නයනේ මොනවා කියයිද කියල? ඒ අදහසම තියා ගනීවිද කියල?
Deleteමම නම් හිතන්නේ ඒ ගැන ඒ තරම් හිතන්න ඕනා නැහැ. මොකද අජිත් දැනටමත් කියනවා මම භෞතික වාදියෙක් කියලා. ඒත් ප්‍රකට භෞතික වාදීන්ට වඩා ඉතා ධනාත්මක විචාර ශීලීත්වයක් මම ඔබගෙන් දකිනවා. ඒ වගේම පූර්ව නිගමන වලින් තොරව විමර්ශනය කිරීමේ හැකියාවක් ඔබ සතුයි. ඒ දැනට මම ඔබව වටහාගෙන ඉන්න හැටි. ඉතින් මේකේ අන්තිමට මොකක් වුනත් ඒ වගේ ප්‍රතිරූපයක් එක වරම බිඳ වැටෙන්නේ නැහැ.
Deleteඅපි බලමු. මේ ලිපි පෙල අවසන් වුනත් තව දුරටත් මේ වගේ මාතෘකා ඔස්සේ අපි කථා කරාවි.
This comment has been removed by the author.
ReplyDelete'ජාතිවාදය'ජාතින් අතර සිදුවන ක්‍රියාවක්.'ජාතිකවාදය'එක් ජාතියක් ඇතුලත සිදුවන ක්‍රියාවක්(උදා;සිංහළ ජාතිය ඇතුලෙම සිංහළයා අතර මත භේද හෝ ගැටුම )වර්ථමානය නිර්මාණය කොට පෙන්වයි.
ReplyDelete'' පොත සිත තුලට ගෙන සිතින් තර්ක කොට පොතේ සමහර අදහස් සමාජයට ප්‍රායෝගික ව නගන්න දෙයක් ලියැවී නැත්නම් පොතින් ඈත්වී සිතින් අදහස් පනගැන් වීම ට සිතන්නත් තවත් සිත් තුලට ඇතුලු වී අදහස් සොයා ඒ සිත් සමග පොදු මතයක් ගොඩනගා ප්‍රායෝගිකව නගන්න එක් සිතක් නිර්මාණය වෙන්න ඉඩහැරීම යුගයේ අවශ්‍යතාවක්''
ඉදිරියට කියවමින් සිටිමි
ReplyDelete