සල්ලි තියෙන කෙනෙක් ඉන්නවා රමිඳු කියල . රමිඳු කියන්නේ සල්ලි හම්බ කරපු පුද්ගලික සේවා කල වෛද්‍යවරයෙක්, ගායකයෙක්, පරණ ඉඩම් හිමියෙක් හෝ පිටරට වැඩට ගිය අයෙක් කියමු. (ඇමති කෙනෙක් නෙමේ). එයාගේ ළමයත් පාස් වෙනවා නමුත් ලකුණු මදි. ඉගෙන ගන්න සාමාන්‍ය තරමට දක්ෂයි.
එයා ළමයට හොඳ පාසැලක් නැහැ. රජය, ලොකු ග්‍රමර් විදුහල් වලට හැර අනිත් ඒවාට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. රමිඳු එයාගේ ප්‍රශ්නය බිස්නස් කාරයෙක් වන අජිත්ට කියනවා. මේ සමාජවාදී රටක් නොවන නිසා ඕන කෙනෙකුට ව්‍යාපාර අරඹන්න පුළුවන්. අජිත් දකිනවා නිෂ් (niche )මාකට් එකක් තියනව. එයා බැංකු ණයක් අරන් පෞද්ගලික විදුහලක් අරිනවා. එයා එකට නම දානවා ජාත්‍යන්තර ඉස්කෝලේ කියල. රමිඳු එයාගේ දුවව ඒකට දානවා.
හොඳට ඉගෙන ගන්න බැරි පුතෙක් ඉන්නව දිසා කියල ඇමැති කෙනෙකුට. එයාගේ පුතත් දානවා ඒකටම. (ජාත්‍යන්තරේට)
ඉගෙනීම අවසානයේ විශ්ව විද්‍යාලෙට යන්න විභාගයක් තියනවා. එක ස්ථානයයි තියෙන්නේ. ලක්මාලිගේ පුතා දිගටම ටියුෂන් යනවා. දක්ෂයා නිසාත් ටියුෂන් නිසාත් ඔහු විශ්ව විද්‍යාලෙට පාස් වෙනවා. රමිඳු ගේ දුව දෙවෙනියා වනවා. රමිඳු ආයිත් යනවා අජිත් ගාවට. අජිත් දකිනවා නිෂ් මාකට් එක. අජිත් දානවා පෞද්ගලික විශ්ව විද්‍යාලයක්. රමිඳු ගේ පුතා ඒකට යනවා.
ඇමතිගේ පුතා විභාගේ පේල්. ඇමති පුතාව යවනවා එංගලන්තේ විභාගේ කරන්න. එයා ඒක සමත් වෙලා එංගලන්තේ විශ්ව විද්‍යාලෙකට ඇතුලත් වෙනවා.
ලක්මාලිගේ පුතා පන්ති වර්ජනය කරනවා. එයා කියනව එයත් එයාට පස්සේ එන අයගෙත් නිදහස් අධ්‍යාපන ස්ථානය නැති වෙනවා අජිත්ගේ පෞද්ගලික විශ්ව විද්‍යාලය තිබ්බොත් කියල. ධනවාදී ආණ්ඩුව විශ්ව විද්‍යාලය වහනවා අරිනවා . ලක්මාලිගේ පුතාගේ අධ්‍යාපනය හරියට වෙන්නේ නැහැ. අන්තිමේදී බලපෑම් වැඩිවෙලා ආණ්ඩුව අජිත්ගේ පෞද්ගලික විශ්ව විද්‍යාලය වහනවා. රමිඳුගේ දුවත් එළියේ.
රමිඳු අන්තිමට දුවව පෞද්ගලික කෝස් එකකට යවලා රස්සාවක් අරන් දෙනවා.
අජිත් ගේ ජාත්‍යන්තර ස්කොලේ නැගලා යනවා. එයා තව ඒවා දානවා. ඒවල ළමයි ඔක්කොම යනව වෙනත් රටවල ඉගෙන ගන්න.
ඇමතිගේ පුතා එංගලන්තේ උපාධියත් අරගෙන කසාදයකුත් බැඳගෙන රටට එනවා. ඇමතිගේ පුතා කසාද බඳින්නේ එංගලන්තේ හිටිය සමාජවාදී නායකයෙකුගේ දුවක්. ඒ දුවත් ටියුෂන් ගිහිල්ල එංගලන්තේ ග්‍රමර් විදුහලකට ගිහිල්ල, එංගලන්තේ මුදල් අය කරන විශ්ව විද්‍යාලයක ඉහලින්ම උපාධිය පාස් වෙච්ච කෙනෙක්. එයාගේ සමාජවාදී තාත්තා ලක්මාලි ගේ පුතාගේ සටනට බොහොම සහය දක්වන කෙනෙක්.
ආණ්ඩුව අජිත්ට පෞද්ගලික විශ්ව විද්‍යාල හදන්න බැංකු ණය දුන්නු වෙලේ රමිඳුගේ පුතාට ණයට ගෙවීමේ ක්‍රමයට ආණ්ඩුවේ විශ්ව විද්යාලෙම ඉගෙන ගන්න බැංකු ණයක් දුන්න නම්. ලක්මාලිගේ පුතා ඒකට විරුද්ධ නොවුන නම්. ණය මුදලේ වාරික වලින් විද්‍යාගාරේට අවශ්‍ය හිඟ බඩු ටික ගත්ත නම්.
- මේක මේ නිකන් මේ දවස් වල හීතල වෙන නිසා හිතිච්ච දෙයක්.
ප්‍රතිචාර 1- ඔය කතන්දරයේ අවුල තමයි ඒ කථාව අනුව ඉන්නේ සල්ලි තියෙන රමිදු, මැද පන්තික ලක්මාලි සහ ඇමතිවරයෙක් වන දිසා වීම. කම්කරුවො, ගොවියො, ධීවරයො, පහල මැද පංතිකයො, සුලු ව්‍යාපාරිකයො වගේ අය කතාවේ නැහැ. ඔය නිවුස් එකට ඈදලා තියෙන ෆොටෝවල ඉන්න - පාසල් වල මුදල් අය කරන්න එපා, රජය අධ්‍යාපනයට කරන වියදම ඉහල දමන්න, අධ්‍යාපනය පුද්ගලිකකරණය කරන්න එපා කියලා සරසවි සිසුන් කියනකොට ඒකට අනුමැතිය පල කරන මිනිස්සු දිහා බලන්නකො. ඔය තමයි රටේ බහුතරය.
අජිත් මුදලාලි ලක්ෂ එකසියට විස්සට මිල කරන වෛද්‍ය උපාධිය සල්ලිකාරයෙක් වන රමිදුගේ පුතාට 'වරනයක්' වූවාට මේ බහුතරයට ඒක වරනයක් නෙමෙයිනෙ. ඒ නිසා මේ කතාව කීප දෙනෙක්ට සීමා වූ කතාවක්.
ඒ වගේම පොදු අයිතීන් වෙලද භාණ්ඩ කරලා ලාභ ලබන්නට බලාගෙන ඉන්න නෙවිල්, පොදු අධ්‍යාපනය පුලුල් කිරීමේ වගකීම අත් හැරලා වෙලදපොලට පහසුකම් සැලසීම තමන්ගේ පිලිවෙත කරගත්ත රජය, එහෙම කරාම අධ්‍යාපනයේ විෂමතා පුලුල් වීම ආදී වශයෙන් ඇති වෙන ප්‍රශ්න, අජිත් මුදලාලි දැම්ම විශ්ව විද්‍යාලයට රටේ පිලිගත්ත නියාමන ආයතනයේ අනුමැතිය නොමැති වීම හා ඇමතිවරයා සමග දාගත්ත ඩීල් එකක් හරහා මුදලාලි ඒකට සුජාතභාවය ලබාගන්නට දැගලිම වගේ තවත් බොහෝෙසාධක කතාවට ඇතුලත් වූවා නම් මෙය සාර්ථක කථාවක් වෙන්නට ඉඩ තිබුණා
- රමිඳු පෙරේරා
මේ ප්‍රතිචාරයේ තියන වැරැද්ද තමයි:
මැද පන්තික ලක්මාලි සාමාන්‍ය රැකියාවක් කරන ලක්මාලි -කම්කරුවො, ගොවියො, ධීවරයො, පහල මැද පංතිකයො, සුලු ව්‍යාපාරිකයො- ගොන්නට අයිති වෙන්නේ නැත්ද?
// ඔය තමයි රටේ බහුතරය.// මේ බහුතරයෙන් ගොඩක් අය තමයි නය වෙලා හරි ළමයින්ද ටියුෂන් යවන්නේ
.ඔය ඉඩ නැති ඉංජිනේරු, වෛද්‍ය පීඨ වලට වැඩි හරියක් යන්නේ ගුරුවරු, විදුහල්පතිලා , සුළු ව්‍යාපාරිකයෝ, ඉඩම් හිමි ගොවියන් වගේ අයගේ ළමයි. ඉතා දුප්පත් කම්කරු හෝ හේන් ගොවීන්ගේ ළමයි යන්නේ 1% අඩු සංඛ්‍යාවක් කියලයි මගේ හැඟීම. ගොඩක්ම දුප්පත් ස්ථරයේ ළමයි වැඩි දෙනෙකුට "කලා විශ්ව විද්‍යාල " ගොන්නක් ආණ්ඩුවෙන් හදල තියව්න. ඒවල ජාතක කතා කියන මහාචාර්ය වරු උගන්වනවා. අර අනිත් ඉහල වෘත්තිකයන් වෙනුවෙන් විප්ලව කරන්න කඩේ යන්නේ ඒ අහිංසකයෝ ටික.
නෙවිල් ගැන ගත්තොත් - ඒක තමා ධනවාදයේ හැටි. දැන් අමසොන් කොම්පැනිය බදු හරියට ගෙවන්නේ නැහැ. නමුත් අපි වර්ජනය කරනවයි නැහැ. උන් විකුණන පොත් ගන්නවා මිසක්. ස්ටාර්බක්ස් හොර කොම්පැනිය බදු හොර කරනවා. මිනිස්සු කෝපි නොබී ඉන්නවයි ? ඒකට මිනිසුන්ට බණ කියන්න පුලුවන්ද? එකක් වැහුවොත් තව එකක් ඇරෙනවා
ඇමති ගේ පුතා ගිය එංගලන්තයේ "විශ්වවිද්‍යාලය" සඳහා උදාහරණයක් දෙන්න හැකිද?
ReplyDeleteUniversity of England.
Deleteඑංගලන්තේ වෙනුවට ඔස්ට්‍රේලියාව ඇමෙරිකාව වගේ රටවල් ආදේශ කරත හැකි. මොනෑෂ් නුයි අනම් මනම් නුයි කියල තියෙන්නේ විශ්ව විද්‍යාල.
Deleteඑතකොට අන්තිමේට දිනන්නේ ඉගෙනීමට අදක්ෂ ඇමතිගේ නෑ......නෑ....ඇමතිගේ ඉගෙනීමට අදක්ෂ පුතාද ?
ReplyDeleteජයවේවා!!!
කොහොමද හිතෙන්නේ ඔයාට. ඒකතමයි අන්තිමට වෙන්නේ.
Deleteහීතලට වුනාට හිතිලා තියෙන දේ හොඳයි. අපි නම් පුද්ගලික, අන්තර්ජාතික කිසිම ප්‍රශ්නයක් නෑ. කවුරු හරි හොඳට ඉගෙනගන්නවා නම් එච්චරයි.:)
ReplyDeleteහැමෝම එහෙම හිතන්නේ නේ නැහැනේ. මේ අර කල්‍යාණ මිත්‍ර ගේ මෙඩුසා නේද? බ්ලොග් එක ගල් වෙලා තිබ්බේ මොකද කියල දැනුයි තේරුනේ. ස්තූතියි ආවට . හේ හේ
Deleteඑංගලන්තෙත් විස්ස විජ්ජාල තියෙනවද? මම හිතුවා ලංකාවේ ඉතරය තියෙන්නෙ කියලා හිටන්.
ReplyDeleteඑංගලන්තේ අංගොඩ පැත්තෙ ගියා නම් හොඳයි වගේ. නැත්නම් එහේ කටුනායකින් නැගලා මෙහේ කටුනායකින් බැහැලා කෝල් එකක් දියන්.
අංගොඩ ක් තියනව කියල කොහොමද දන්නැ
Deleteඑංගලන්තේ එහෙම වුනාට විස්මලන්තේ එහෙම වෙන්නේ නැහැ.
Deleteඔයි ලියලා තියෙන්නේ ඕගොල්ල්ලෝ පිට රට ගිය කාලේ සිද්ද වෙච්චි දේවල්...
ReplyDeleteදැන් අපි නම් සිරි ලන්කාවෙ හිටියත් දරුවන් ඉස්කෝලෙ යවන්නෙත් ඉන්ගලන්තෙ, ඕට්ටේලියාවෙ, කැනඩාවෙ නැත්නම් වෙනත් යුරෝපා රටවල හිටන්!!
මේ ලියන්නේ මනඃකල්පිත රටක් ගැනනේ. සරසා ට ඉතින් සල්ලි තියනවනේ රත්තරන් දත් අල්ලලම . මොනවා කරනන් බැරිද?
Deleteසරලව කතාන්දරයක ස්වරූපයෙන් ලොකු ප්‍රශ්නයකට ලොකු විග්‍රහයක්.
ReplyDeleteහැබැයි අද ලංකාවේ හියෙන බොහෝමයක් ජාත්‍යන්තර පාසැල් වලට යන්නේ ශිෂ්‍යත්වයෙන් ජාතික පාසැලකට ඇතුල් වෙන්න හැකියාව නොලබපු උන්ම නෙවෙයි.
ජාතික පාසැලකට දරුවෙකු දා ගැනීම කියන බලල් පොරයට මැදිහත් වෙන්න අකැමැති යන්තම් ස්ථාවර ආදායම් මට්ටමක් තියෙන දෙමව්පියෝ.
ඒ වගේම බහුතරයක් ජාත්‍යන්තර පාසැල් සිසුන් සාමාන්‍ය පෙළ හො උසස් පෙළ විභාග වලට මුහුණ දෙන්නේ ටියුශන් සහය නැතිව. පාසලේ අධ්‍යාපනයේ පිහිටෙන්ම පමණක් වීම විශේෂයි. ඒ වගේම මේ දරුවෝ cඒම්බ්‍රිජ් හෝ එඩෙක්සෙල් වැනි විභාග වලින් ජාත්‍යන්තර ස්ථාන ලබමින් සමත් වීම ආකර්ශ්ණීයයි. ඒත් ඒ දරුවෝ ලංකාවේ විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ලබන්නේ නැහැ හේතුව ලංකාවේ උසස් පෙළ කර නොතිබීම.
ඒ නමුත් ඔවුන්ගේ ප්‍රතිපල මේ ලෝකය මත පිහිටි ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඇතුලත් වීමේ සුදුසුකමක් ලෙස පිළිගන්නවා (ලංකාවේ හැර )
ජාත්‍යන්තර පාසැල් දාන්න වෙලා තියෙන්නේ රජයේ සාමාන්‍ය විදුහල් වල අධ්‍යාපනය හොඳ නැති හින්ද සහ අසාධාරණ පහේ විභාගෙන් දෙමාපියෝ කුරුවල් කරලා තියන හින්ද. පහේ විභාගේ තිබ්බේ නැත්නම් මට මොකද වෙන්නේ කියල මම කල්පනා කලේ.
Delete//ඒ වගේම බහුතරයක් ජාත්‍යන්තර පාසැල් සිසුන් සාමාන්‍ය පෙළ හො උසස් පෙළ විභාග වලට මුහුණ දෙන්නේ ටියුශන් සහය නැතිව// ජාත්‍යන්තර පාසැල් කියන ටියුෂන් ඉස්කොලානේ. පෞද්ගලික පාසල්.
මෙතන ඉගෙනීමේ දක්‍ෂ අදක්‍ෂකම නෙවෙයි තියෙන්නේ. ස්කිල් එකක් අල්ලා ගැනීමේ හැකියාව ඒ වගේම තමන් ව මාකට් කිරීමේ හැකියාව. ඒ වගේම සල්ලි දීලා වෛද්‍ය උපාදි ගන්න පුලුවන් කියලා හිතන එක අපේ රට තිබෙන මෝඩ චින්තනයක්. සල්ලි දීලා වෛද්‍ය උපාදි ගත් අයෙක් වෛද්‍ය ෆීල්ඩ් එකෙන් ඉබේම කැපිලා යනවා. වෛද්‍යවරයාව අවසානයේදී විනිශ්චය කරන්නේ රෝගියා. ඒ නිසා පුද්ගලික වෛද්‍ය විදුහල් එන එක තර්ජනයක් ලෙස දකින්නේ මුග්දයන්
ReplyDeleteමෙන්න මේ පිළිතුර තමයි හරියටම හරි. මේ ලිපිය උනත් වැරදි පැත්තකින් අල්ලාගෙන ලියපු ලිපියක්. පටන් ගන්නකොටම දක්ෂය අදක්ෂය , සල්ලි දීල ඉගෙන ගන්න ඇමතිගේ මැටි පුතා කියල ප්රෝටෝටයිප් ටික වෙන් කරලා ඉවරයි. ධර්මෙගෙන් මේ තරම් පහත මට්ටමේ ලිපියක් බලාපොරොත්තු උනේ නැහැ. හැබැයි ඉතින් පහුගිය ලිපි සීරීස් එක කියෙව්වනම් පුදුම වෙන්න දේකුත් නැහැ.
Deleteඔය ප්‍රොටෝ ටයිප් ටික හැදුවේ ඕන කමින් කියල නොතේරෙන එක මට ඉතා ගන්න පුළුවන්. ඇමතිගේ දක්ෂ පුතාල ඉන්න පුළුවන්. නමුත් ලංකාවේ ස්ටීරියෝ ටයිප් එක වෙනාස්. මොකද තමන් ගිය ඉස්කෝලේ බිග් මැච් එකට කඩා පනින උන්. පොලිස් කාරයාගේ ලමයින්ට් ගහන උන්, නයිට් ක්ලුබ් වල පෙරලි කරන උන් ඔක්කොම ඔතනට අයිතියි නේ. සල්ලි දීල වෛද්‍ය උපාධි ගන්න බහ කියල හොන්දට් දන්නා එකෙක් මං . රුසියාවට පස්සේ කාලේ ගියපු සමහරු සෑහෙන්න උත්සහ කලා ඒක . ඒගොල්ල ෆේල් වුණා . නමුත් සල්ලි දීල අමාරුවෙන් දාගත්ත අය ඉන්නවා. රෙද්ද උස්සල විභාගේ පාස් වෙච්ච් නිදහස් අධ්‍යාපනේ කට්ටිය වගේම , දුෂණය කරලා ලකුණු දුන්න නිදහස් අධ්‍යාපන මහාචාර්ය වරුත් ඉන්නවා. මේක ප්‍රශ්න ගොඩක්. එකෙක් නෙමෙයි.
Delete//හැබැයි ඉතින් පහුගිය ලිපි සීරීස් එක කියෙව්වනම් පුදුම වෙන්න දේකුත් නැහැ.// මේකට නම් ඉන්තින් හිනා වෙන්න තැනක් නැහැ. පහුගිය මළවුන් ගැන සිරිස් එක වෙන්නෙති කියන්න ඇත්තේ. ඔය රතු අයගේ පැත්තේ මිනිස්සු ඉන්නවා පොත් දෙකක් විතර කියවල තමන් ඔක්කොම දන්නවයි කියල කියාගෙන එන කට්ටිය. ඔකෙමේ අනිත් පැත්තේ කට්ටිය ඉන්නව ඒත් කොළ පොත් දෙකක් කියවල ලෝකේ ඔක්කොම වෙන දේ දන්නවයි කියල හිතාගෙන ඉන්න කට්ටිය. මේ සිරිස් එක ලියන්නේ තමන් දන්නේ නැති බව උපේක්ෂාවෙන් වටහාගෙන ඒ ගැන සාකච්චා කරනන් කැමති යට. මොකද මමත් තවම ලෝකේ තියෙන වෙන සියලු දේවල් දන්නේ නැති , සියල්ල දත් නොවන, නොදනන් දේ ඉගෙනේ ගන්න බලන කෙනෙක් නිසා. සිරිස් එක ඉවර වුණාමත් එයි කියල හිතනවා අවසන් වැකිය ලියල යන්න.
Deleteඇනෝ - මම මේ ලිපි සීරීස් එකේ ලියන්නේ අවුරුදු ගණනක් කිසයම් දෙයක සත්‍ය අසත්‍ය භාවය හොයපු එක ගැන ඉතිහාසය සඳහා ලියා තබන වාර්තාවක් බව වත් තේරුනාද?
Deletehttp://www.independent.co.uk/news/uk/politics/shami-chakrabarti-defends-sending-son-to-18000-private-school-a7352626.html
Deleteසිස්සත්තෙන් ඉහලිම පාස් වෙච්ච හරමානිස්ගෙ දුව උසස් පෙලින් පස්සේ සෞදි අරාබියේ ගෙදරක වැඩ.
ReplyDeleteමම එහෙම දේවල් අහල නැහැ. මම සිස්සත්වේ පාස් වුන දුප්පත් කොල්ලෙක්. ඉයන් එහෙම දුප්පතුනට හිනා වෙන එක වැරදියි.
Deleteඅජිත් අයියෙ මට හිතෙන්නෙ ඉයන් දුප්පතුන් ගැන හිනාවුණා නොවෙයි. මගෙ නංගිත් ශිෂ්‍යත්වය පාස් වුණා....ඉයන් කියපු විදියට හරමානිස්ගෙ දුව අරාබියේ ගෙදරක වැඩකරනව...මගෙ නංගි ලංකාවට වෙලා දහ දුක් විඳිනව
Deleteවැව් ඉස්මත්ත බොහොම ස්තූතියි. මෙන්න මම කියපු එකේ දීර්ඝ වර්ශන් එක. දියුණු රටවල වඩා ඉල්ලුමක් සහිත විෂය ධාරා වලට ගන්නේ එම වෘත්තියට අදාල බුද්ධි පරීක්ෂණයකින්. කටපාඩම් කර ලිවීම මඟින් ගන්න ලකුණු වලින් නෙමෙයි. ශිශ්‍යත්වේ පාස් වෙන්න කටපාඩමින්ම බැහැ. ප්‍රේමදාස මහත්තය මේවගේ ඩුද්ධි පරීක්ෂණ වලින් රජයේ රැකියා වලට ගන්න ක්‍රමයක් 1990 දී ඇතිකලා. ඊට කලින් 1972 ට පෙර එහෙම එකක් තිබුණා කියල අහල තියෙනවා. අනික ගොඩක් දියුණු රටවල සිසු ණය ක්‍රම තියෙනවා. හරමානිස් ගෙ දුවට මුදල් නොතිබුණත් විශ්ව විද්‍යාල ඇතුළුවීමේ බුද්ධි පරීක්ශණයෙන් ඉහලින්ම පාස් වුණානම් උසස් අධ්‍යාපනයටත් ශිශ්‍යත්වයක් ලැබෙනවා. එහෙම නැතිවුණත් සිසුණය අහරහා එයා විශ්ව විද්‍යාලෙට යනවා. අද වෙන්නේ එයාට මැද පෙරදිග යන්න. අන්න එයා ගැනනම් මට දුකයි.
Deleteඅපි වෙනුවෙන් කතාකරන්ඩ ලන්ඩන් වල මිනිහෙක් ඉන්නව කියන්නෙ කොච්චර දෙයක්ද ...
ReplyDeleteවිභාග පාස් වෙච්ච පලියටම හොඳ රස්සාවල් ලැබෙනවා කියල හිතන අයට මොන රටේ හිටියත් මේ ප්‍රශ්න මෙහෙමම තියෙනව. අනිත් එක අපි ඉස්කෝලේ ගියා, අපි කැම්පස් ගියා කියල කිව්ව පමණින් හොඳ රස්සා ලැබෙන්න ඕනේ කියල හිතන අයත් ඒ වගේ තමයි.
ReplyDeleteරටේ වැරැද්දක් නෙවෙයි තියෙන්නේ පොඩි කාලේ ඉඳල අපේ ඔළුවලට පුරවන ආකල්ප වල වැරැද්දක්.. එකේ වගකීම තියෙන්නේ කාට ද කියන එක තමයි හරියට ෂුවර් නැත්තේ..
මේක ගැන කතා කරන්න කම්මැලියි. කොයිතරම් කතාකලත් එතනමයි.
ReplyDeleteවෙන රටවල තියෙන්නේ නොමිලයේ (ක්‍රීඩා/ ප්‍රතිපල / දුප්පත්බව මත ශිෂ්‍යත්ව ) හා මුදල් ගෙවා යන දෙකේ සංකලනයකි. අපේ රටේ එහෙම නොවීමට සාධාරණ හේතු නැත. එහෙත් ඒ තැනට හරියට යන්නේද නැත.
අධ්‍යාපනයේ ගුණාත්මක බව රජය විසින් නියාමනය කරමින් අධ්‍යපන වෙළඳ පොළ වර්ධනය කිරීම ගැටලුවක් නෙමේ.හැබැයි මේ දේවල් කරන්න රජයකට ලේසි නැහැ.මොකද විරුද්ධ වෙන පිරිස් වැඩි නිසා.
ReplyDelete