Sunday, 2 October 2016

මහැදුරු තුමාගෙන් අනාථ වුනු ලන්ඩනයේ "රස" ගුලාව

පසුගිය විසි හතර වැනි සෙනසුරු ගේ දිනයේ  සංවිධායකයන්ගේ වචනයෙන් කියහොත් ලන්ඩනයේ "රස" සාහිත්‍ය මංගල්‍යයක් විය. කලක සිට බ්ලොග් ලෝකයේ මෙන්ම සමාජ ජාලා වලද රසට ලියන  චන්දන ගුණසේකර සොයුරා  මෙන්ම නව පරපුරේ තරුණ චිත්‍රපට අධ්‍යක්ෂක නුවන් ජේ ද සංවිධායක මඩුල්ලේ සිටින හෙයින් අළුත් යමක් දැකීමේ අදහසින්, කලාව  ගැන හරවත් දේශනයක්  අසන අදහසින් එහි ගියෙමි. අපේ බ්ලොග්කරුවන්ගේ පොත් කිහිපයක්ද විකිණීම  සඳහා භාර දුනිමි.

වේදිකාවේ කථා පැවැත්වූ මහතුන් ගෙන් ඇසූ පරිදි මේ මෙවැනි කලා සාහිත්‍ය උළෙලක් පවත්වන ප්‍රථම වතාවයි. එහෙත් මා නැටුම් ගැයුම් සහිත සහිත උළෙලවල් කිහිපයක්ම මීට  කලින් ලන්ඩනයේ නරඹා ඇත්තෙමි.  අලුත් අවුරුදු උළෙලවල් ද කින්ස්බරි විදුහල් භුමියේ දැක ඇත්තෙමි. ඒවාද කලා උළෙලවල්ම වේ. එසේම හැරෝව් පෙදෙසේ අගෝරා කලා සංසදය මගින් ද  මෙවැනිම උළෙලක් පැවැත්වූවා මතකය. ඒ කළා උළෙලේ ප්‍රධාන අංගය වූයේ නාට්‍යයකි. එසේම එහි චිත්‍ර ප්‍රදර්ශනයක්,  කවි නිසඳැස් ආදිය සඳහා තරඟයක්ද  ද පොත් ප්‍රදර්ශනයක් ද පැවැත්වුණි. මේ "රස" සාහිත උළෙලේ ප්‍රධානතම අංගය සාහිත්‍ය කලාව පිලිබඳ දේශනයක් බව දැනගන්නට ලැබුණි. මේ වෙනස අනුව (හරවත් දේශනයක් සහිතව නිසා) එය මංගල උළෙල වනවා ඇතැයි ද සිතුවෙමි.

සංවිධායකයන් ඉතා වෙහෙස මහන්සිවී උළෙල සංවිධානය කර තිබුණු බව පෙනුණි. ඒ විස්තරය මෙහි ඇත. ලන්ඩනයේ මෙවන් කලා උළෙලක් සංවිධානය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.  පැරණි ගල් කණු ආකෘති සමග මනරම් වේදිකාවක් සාදා තිබුණි. මනරම් චිත්‍ර සහිත ප්‍රදර්ශනයක් ද තිබුණි. සහභාගී වූ දනන්ට අනුභව කරන්නට මයියොක්කා , කිරිබත් හා ලුණු මිරිසක් නෙළුම් කොළවල බහා පිළිගන්වා  තිබුණි. මේ ලස්සන කෑම මේසයට රණවරා කෝප්පයක් හකුරු සමග එක් කර තිබුණි. කාගේ  අදහසක් වුවද මේ කාර්යය තුල සෑහෙන නිර්මාණශිලිත්වයක් හා මහන්සියක්ද වියදමක්ද ගැබ්ව තිබුණි.

මගේ වඩාත් සිත්ගත් අංගයක් වූයේ පැරණි කලා කරුවන් ගෙන්වා සම්මාන පිරි නැමීමයි. ඒ නම් ඉතා අගය කලයුතු දෙයකි. එසේම එම සම්මාන පිළිගැන්වීමේදී  ඔවුන් කුමක් සඳහා ප්‍රසිද්ධ වුයේද යන්න කෙටි චිත්‍රපට හා ගීත මාධ්‍යයක් මගින් නිර්මාණශීලි ලෙස ඉදිරිපත් කර තිබුණි.

උඩරට නාට්‍ය කණ්ඩායමේ නර්තනයන් මනරම්  විය. එම වේදිකාවේ මද ඉඩකද  තුල වුව හෙළ නැටුමේ දස්කම් දක්වන්නට ඔවුහු  සමත් වුනි.  එසේම පියකරු කර්ණ රසායන ගීත කිහිපයකින් සභාවේ උද්යෝගය පණ ගැන්වුණු අතර තබ්ලා  වාදනයෙහි යෙදුනු යෞවනයා  සවන පිනන ශබ්ද මාධුර්යයෙන්  දස්කම් දැක්වූ බවද සඳහන් කරමි.

මේ උත්සවයේ මූලික අංගයක් වුයේ මහාචාර්ය සමන්ත හේරත් ගේ සාහිත්‍ය  කලාව පිලිබඳ දේශනයයි. (key-note address ). ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කලාවේ  පරිණාමය, නව සාහිත්‍ය දිශානති, මෙන්ම ලඟදි  පැවැත්වුණු ස්වර්ණ හංස සම්මාන උළෙලේ සම්මාන ලැබූ කෘතීන් ගැන  හරවත් දෙසුමක් ඇසීමට කන යොමා සිටියෙමි.

මහැදුරු තුමා කතා කරන්නේ ඔහු  සිටින්නේ උපාසිකාවන් පිරි බණ ශාලාවක යයි සිතා ජාතක කතා ගැන විචාරයක්ද, එසේත්  නැතිනම් මනමේ සිංහබාහු ගැන විචාරයක්ද යයි මට සිතා  ගත නොහැකි විය.

මනමේ නාටකය මෙන්ම ඒ කතා පුවත සම්බන්ධ ගීත වලින්ද අපේ සාහිත්‍යය පිරි පවතී. ඕනෑම පැදුරු සාජ්ජයක මනමේ කතාවේ  ගීයක් වරදින්නේ නැත. ලංකාවේ බොහොමයක් කලාව පිලිබඳ දේශනය වල   සිංහබාහු ගැන කතාවක් ද සමහර විට සිංහ ගීතයක්ද  අනිවාර්යය. එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහල නාට්‍ය කලාවට හා  සාහිත්‍යයට  අනුපමේය සේවයක් කළ බව ද ඇත්තය.  නමුත් මේ  හෝද හෝදා අඳින, හැම වේදිකාවකම  වේලෙන්නට දමන කසී සළුවේ  වටිනාකම තව  දුරත් රැකී  තිබෙන්නට නම් නව  සිංහල සාහිත්‍ය හා නාට්‍ය කලාව, නව සිංහල චිත්‍රපට හා ගීත ගැනත් කතා  කළ යුතුමය.

මහාචාර්යතුමාට හොඳ සලකුණක් ළඟම තිබුණා නොව සිටියාය. ඒ සයිමන් නවගත්තේගමයන්ගේ  දියණිය මායාය. ඇය මේ උළෙලේ සංවිධායකවරියක් බවද රහසක් නොවේ. නවගත්තේගම කතුවරයාණන්ගේ කෘති  අපි තවමත් කියවා  රස විඳින්නෙමු.  ඔහු ගේ "සංසාරාරාණ්‍යයේ දඩයක්කාරයා" කෘතියට  හර්මන් හෙසගේ "සිද්ධාර්ථ" නවකතාව  පාදක වුනි යයි මා අසා ඇත.  නවගත්තේගමගේ පොතක් ගැන හෝ සඳහනක් කලා නම් ඒ මායා සිටි නිසා බව කවුරුත් නොකියන බව මට හොඳටම  විශ්වාසය. සිය බොහීමියානු ජිවිතයේ මග සලකුණු තබාගෙන ඔහු ලියු පොත් ගැන වදනක් වත් පැවසීමට අපොහොසත් වුනු මහාචාර්ය භවතා ගෙන්    මංජුල වෙඩිවර්ධනගේ "මගේ ආදරණිය යක්ෂනි " කියවා ගන්නේ කෙසේද යන්න ගැන ඇසුවොත් "වෙඩිවර්ධන - ඒ කවුද? "යයි අසනු ඇතැයි මට සිතුනි.

    ඩබ්ලියු ඒ සිල්වා , මාර්ටින්  වික්‍රමසිංහයන්ගේ සිට ගුණදාස අමරේකර  දක්වා සිංහල නවකතාවේ විකාශය ගැන කියන්නට වත් ඔබේ මනස් අඩවියට පිවිසුනේ  නැත්ද? එසේම,  එකම කතුවරයාගේ "කුරුළු හදවත" ග්‍රන්ථයට  ගිය වසරේත්  "අහම්බකාරකයට " මේ වසරේත් සම්මාන ලැබුනේ ඇයි කියා අසන්නට  සිතුනි මට. එනමුදු පවුකළ ගොනු තෙමේ හපුතල් යන්නා එතන හිඳගෙන දෙසුම ඇසීමට වුනිය  මට.

උමාරි හා අමරදේවයන්ගේ සුසංයෝගය හා උමාරි ගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි?  "ඇගේ ඇස  අග "  චිත්‍රපටය ගැන "දඩයම "ගැන නැත්නම්  , පතිරාජගේ සිට ප්‍රසන්න ප්‍රසන්න විතානගේ දක්වා  සිංහල සිනමාව ඔබ දකින්නේ කෙලෙසද?

මේ එක්  දෙයක් ගැනවත් කතා නොකොට ජාතක කථාවල ග්‍රාම්‍ය  නිදසුනක් මගින් ජාගර රසය අවුළුවා සිනහවක් පාදන්නට පමණක් ඔහු සමත් විය. මනමේ ගෙන් පසු ඔහුගේ මතකය ගිය කුස-පබාවතියටයි.  කුස රජු පබාවතිය අතපත ගාන අයුරු කියන්නට සෑහෙන කාලයක් ගතකල මහදුරු තුමා පන්සීය පනස්  ජාතක පොතම පෙරලාවිදෝ බියෙන් මම වෙලාව දෙස නෙත යොමු කරමින් සිටියෙමි.

ගීත රචකයකු මෙන්ම කාව්‍යකරණයෙද  යෙදෙන, උත්සවයේ අනුශාසක සංවිධායක කෝන්වැවේ  ආරියරත්න හිමියනට ද  ජාතක කතා ඇසුරෙන් හොඳ දේශනයක් කරන්නට පිළිවන් කම තිබිණි යයි සිතමි.

මහැදුරු දෙසුම අතරතුර භාග්‍යකටදෝ කිසිවකුට  සිටිතැන් අමතකව සාධුකාර දුන්නේ නම් නැත. එනිසා සංවිධායක පටි බේරුනේ යයි සිතමි.

ලන්ඩන් "රස" සාහිත්‍ය  මංගල්‍යය ලබන වසරේත්  පැවැත්වේවා යයි ඉත සිතින් පතන අතරම මහාචාර්ය සමන්ත හේරත්  තුමාගේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් ගේ රැකවරණ යදිමින් මෙතනින් නවත්තමි.

 "ඈ ගැඹුරු හැඟීමකින් අත දිගු කලාය. සිහින්ව වෙවුලන ඇඟිලි නයාගේ සිරුර මත තැබුවාය. මහත් ගෞරවයකින් භක්තියකින් වාගේ උගේ සිරුර පිරිමැද්දාය. ඔහු ක්‍රමයෙන් කීද්දෙනවා පෙනෙයි. ක්‍රමයෙන් හිස ඔසවයි. පෙණය දිග හැරෙයි. අන්තිමේදී විශාල පෙණය මුළුමනින්ම විවෘත කොට සිරියා  වෙත හැරෙයි. සිරියා  ඔහු වෙත දණ ගැසුවාය." - පිටුව 241 "සංසාරාරණ්‍යය අසබඩ " - සයිමන් නවගත්තේගම





56 comments:

  1. අජිත් ධර්මකිර්තිගේ කොන්දට මම ආදරය කරමි. ලන්ඩනයේ ලාන්කික රස සාහිත සමුලුව වස කල මහා ආචාරියගේ හැව අරින්නට ඉදිරිපත් වුයේ ඔහුම පමනි. සෙස්සො 'මේකා වැඩම්මුවේ අප නොවේ අනෙකාය' කියමින් අත සෝදා ගත්හ. දැන් ලන්කාවේ සරසවිවල දැනුම පිපාසාවෙන් පෙලෙන මානවමානවිකාවන්ට සිප්සතර බෙදා දෙන්නේ මෙවැනි අඳබාලයන්ය. අහෝ සුචරිත ගම්ලතුනි, පියසීලි විජේගුනසින්හ මැතිනියනි තොපගෙන් සිස්වු මහැදුරු අසුන්වල වැජැඹෙන්නේ මෙවැනි කැනහිලුන්ය.ඉදින් සින්හල කලාවන්ට 'අබ සරණ' හැර වෙන යම් සරණක් ඉතිරිවිය හැකිද?

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාවේ කලා සාහිත්‍යය ගැන කතා කරන කොට ජාතක කතා විතරක් අර ගන්නවා කියන්නේ හෙළ සාහිත්‍ය කලාව එතනින් එහාට පරිණාමය වීමක් වෙලා නැහැයි කියන එක තමා මට හිතුනේ. සුචරිත ගම්ලත් ලා ඕන වෙන්නේ ඇත්තටම මේ වෙලාවට.

      Delete
    2. සුචරිත ගම්ලත්ලා ඕනිවෙනවා කියනෙකත් ආපස්සට යෑමක් නේ මචං....නූතන සාහිත්‍ය චින්තනයට ඉඩක් ඇත්තෙම නැද්ද....? එහෙම එක්ක ඇත්තෙත් නැද්ද..?

      Delete
    3. මෙතැන සුචරිත ගම්ලත් අරගත්තේ උදාහරණයක් විධිහට. ඒ කියන්නේ සුචරිත ගේ දේශන ජාතක කතාවලට හා සිංහබාහු ට සීමා වුනේ නැහැ කියන්න. ඒ කියන්නේ සීමාව ඉක්මවා යන්න කියන එක. නුතන සාහිත්‍යය කියල දෙයක් නැහැ වගේනේ මේගොල්ල කතා කරන්නේ. මම කියන්නේ නැහැ ඔය ඉහත තියන උදහර්නම ගන්න කියල.

      Delete
  2. සමන්ත හේරත් කියන්නේ අර සුනිල් ආරියරත්නව අනුකරණය කළ හාදයා නේද? සරත් විජේසූරිය ගේ "මගේ නඩ්‍ය්ව ඉවරයි" පොතේ සුලු චරිතයක්.

    ReplyDelete
    Replies
    1. මම වැඩිය දන්නේ නැහැ රසික. හැබැයි දේශනය මාව අතීත බණ මඩුවකට අරන් ගියා.

      Delete
  3. බස්සිගේ කවි පොත දොරට වැඩුමේ දේශණය මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. ඒත් මෙතුමා මද?

      Delete
    2. ඒ කොහොමද? ඇහුවෙවත් නැතුව? අපිනම් ඉවරවෙනකම්ම අහුවා. කොට්ටයක් තිබුනනම් හරියටම රසවිඳින්න තිබුනා

      Delete
    3. ප්‍රා බස්සිගේ පොතේ දොරට වැදුම දේශනයට ආවෙත් සමන්ත හේරත් මහත්මයද?

      Delete
    4. අපිට චු බර හැදුනා

      Delete
    5. @ අජිත්,
      යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ ඉතා කෙටි කලබල සිහින කවි පොත දොරට වැඩීමේ උත්සවයේ ප්‍රධාන දේශණය කළේ රසවතිය බ්ලොගය ලියන හෂීත අබේවර්ධනයි. ඔහු ගේ දේශනය කිසිසේත් ම නීරස එකක් හෝ අවස්ථ්වට නොගැලපෙන අන්තර්ගතයක් තිබුණු එකක් නොවේ.
      එහි තිබුණු එකම ප්‍රශ්නය නම් ඉතා දීර්ඝ වීමයි.

      මෙන්ම මා ඒ ගැණ ලියූ ලිපිය. කරුණාකර කියවා බලන්න.

      http://rasikalogy.blogspot.com/2015/12/poetry-is-not-for-everyone.html

      ඉන් දින දෙකකට පසු ඒ ස්ථානයේ දීු ම හෂිත කතා කළා නිරාෂ ගුණසේකර ගේ කවි පොතක් දොරට වැඩි උත්සවයේ දීත්. එදා ඔහු කතාව අඩ පැයකින් පමණ කළා!

      Delete
    6. එදා උත්සයෙන් අපේ මිතුරන් සහ තවත් අය කලින් නැගිට ගොස් ඇත්තේ, චූ බර නිසා නොව තිබහ නිසා බවත්, තිබහ නිවන තැන් හවස හතරහාමරට වසන නිසා බවත් සටහන්ව ඇත!

      Delete
    7. ඒකනේ මේගොල්ලෝ දන්නේ නැත්ද? කතා අහන්නේ නැහැනේ.

      Delete
  4. අතීතකාල නෂ්ඨකාමය... බ්ලොග් ලියන අති බහිතරයත් එහෙම්මම තමයි... අළුත් විදියට ලියන්නේ කියන්නේ කී දෙනාද....?

    ReplyDelete
    Replies
    1. අලුත් විදියට හිතන්නෙපැයි ලියන්න මාතේ...බලිතොවිල්, බෙර, මල්මාල නැතුව මොන මගුලක්වත් කෙරෙනවද මේ රටේ...!

      Delete
    2. දෙන්නම හරිය. කුස පබාවතී ඉතින් ලංකාවේ අතීතයත් නෙමෙයි. ලංකාවට පැමිණි ඉන්දියාවේ අතීතය.

      Delete
  5. ඒ මහ ඇදුරු තුමා ගේ academic qualifications මොනවාද....?
    මැන්ස් අපට වසරකට කලින් අපේ පාසලෙන් උසස්පෙල කොලා මතකයි!

    ReplyDelete
    Replies
    1. කොළඹ විශ්ව විද්‍යාලේ මහාචාර්ය කෙනෙක් කියා තමයි කිව්වේ. ඔයාට වසරකට කලින් නම් මොන අවුරුද්දේ ද? මට වඩා ගොඩක් වයසින් අඩු ඇති. (83 batch). හැබැයි ඒකෙ ප්‍රශ්නයක් නැහැ. වයස නෙමේ බලපාන්නේ දේශනයක ට.

      Delete
    2. // කොළඹ විශ්ව විද්‍යාලේ මහාචාර්ය කෙනෙක් කියා තමයි කිව්වේ //

      මහාචාරිය කියන්නේ තනතුරක් මිස අද්යාපන සුදුසුකමක් නොවේ

      Delete
    3. අපොයි ඔවේ . එහෙව් එකෙකුට තානාපති පට්ටමකුත් දීලා තියෙන්නේ.

      Delete
  6. ඒ දේශනය ගැන පැහැදීමක් නැති හැඩයි අජිත් අයියාට.හැබැයි සන්නස්ගල වගේ කෙනෙක්ව ගෙන්නා ගත්තා නම් කම්මැලි නැති රසවත් දේශනයක් අහන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මම දේශනය ඉවර වෙනකන් ඇහුවා . කම්මැලි කමටත් වඩා පරණ සාහිත්‍යයේ පුරුෂෝත්තමවාදී මනස්ගාත තමා මේ මනුස්සය කිව්වේ. ඔතනද සිංහල සාහිත්‍ය කලාව තියෙන්නේ. ඔතනින් ඉස්සරහට ගිහින්ම නැත්ද?

      Delete
  7. (මෙසේ වූවාද විය හැකියි.)
    එයා හිතන්න ඇත්තෙ මව්බිමින් ඈත රටක ඉන්න අයට ඒ අය පොඩි කාලෙ අහපු දැකපු දේවල් මතක් කරලා පොඩි ජොලියක් දෙන්න වෙන්න ඇති. හිටපු ඕඩියන්ස් එක ගැන දැණුවත්වීම හෝ තක්සේරු කිරීමේ දෝශයක් වෙන්න පුළුවන්.මොකද විවිධ රැකියා කරන විවිධ සමාජ තත්වයන් යටතේ ඉන්න විවිධ වයස් කාණ්ඩයන්ට පොදු සාධකයක් තෝරගන්න කල්පනා කළොත් ඉතින් ඔය වගේ දේශනේකින් එහාට යන්න අමාරුයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපට ලංකාව ගැන නොස්ටල්ගියා එකක් තියෙන බව ඇත්ත. දැන් ලංකාවේ ඉඳන් ඇවිත් ඉන්න හාමුදුරුවරු ගොඩක් බණ කියන්නේ සිංහලෙන්. එයාල එක වඩා හොඳට කරනවනේ. අනික මෙහෙ සිංහල අවුරුදු උත්ස, සිංහල ගීත සාජ්ජ තියනවා. ඒවල ඕක වෙනවා. මෙතැනදී ඔහුට වර්තමාන සිංහල කලාව හා සාහිත්‍යය ගැන හොඳ දෙසුමක් කරන්න නේ තිබ්බේ. මට නම් හරි කණගාටු හිතුනා. සිංහල ග්‍රන්ථ කර්තෘ වරු වත් ගීත කියන අයවත් කවි කතා ලියන අයවත් ඔච්චර පසුගාමී නැහැ. සමහර විට තමන්ගේ සමයන් ලෙස සලකන අය ට ප්‍රශංසා නොකිරීමේ ගතිය මතු වුනාද දන්නේ නැහැ. හරි එහෙම නම් විවේචනයක් කරන්න තිබුණා. ලන්ඩනයේ අය තවම හොයන්නේ පරණ පොත්ය, අලුත් පොතක් ගැනවත් දන්නේ නැතිය කියල කෙනෙක් කිව්ව්ව.

      Delete
  8. උළෙල අනාථ වුනා නම් ඒකට වගකියන්න ඕන සංවිධායක මණ්ඩලයනේ. ප්‍රධාන දේශනය කරන්න එන්න කියලා ආරාධනා කරනකොට සංවිධායකයෝ කියන්න ඕන තමුන් බලාපොරොත්තු වෙන මට්ටම. එවැනි පැහැදිලි අදහසක් දේශකයාට සංවිධායකයින් විසින් දීලා නම් - දේශකයා අසමත්. එහෙම පැහැදිලි කිරීම් නොකර, වැඩිදුර සාකච්ඡා නොකර ආරාධනා කිරීම පමණක් නම් කරේ - දේශකයා හිතුවා වෙන්න පුළුවන් පන්සල මුල් කරගෙන, හාමුදුරු කෙනෙක් අනුශාසකත්වයේ ඉන්න ‘සාහිත්‍ය උත්සවයක‘ කියන්න පුළුවන් දේවල් ඉතාම සීමිතයි කියලා. ඊට අමතරව එක්සත් රාජධානියේ ඉන්න ලංකාවේ අය කරන ඔය ජාතියෙ උත්සව ගැන දේශකයා සතුව යම් පූර්ව අදහසක් තිබුනා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔහු බොහොම පොඩි අවකාශයක සැරිසැරුවා වෙන්න පුළුවන්.

    කොහොම උනත් ලංකාවේ සාහිත්‍ය මේ වෙද්දි තියෙන තැන බලනකොට එක්සත් රාජධානියෙ ලංකාවේ අය කරන ‘සාහිත්‍ය වැඩ‘ හිටිවන කවි යුගයේ වගේ තියෙන්නේ. ලිඛිත සාහිත්‍යය ගත්තොත් චින්තන ධර්මදාසගේ ‘තිත්ත තොල්‘ සුරේඛ සමරසේනගේ ‘මේ කතාව‘ බෝම්බ වලට පස්සෙ සර්පයාගේ ‘මහිලා වංශය‘ ළග දැන් තියෙන්නෙ. සිනමාව ඩොනල්ඩ්ගේ ‘ප්‍රවේගය‘ සදේශ්ගේ ‘මායා‘ එක පැත්තකින්, අනිත් පැත්තෙන් සත්‍යාගේ බොරදිය, ෂමීරගෙ මෝටර් බයිසිකල්, මලිත්ගේ දැකලා පුරුදු කෙනෙක්, හදයාගෙ ඇගේ ඇස අග, සංජීවගේ දැවෙන විහගුන්වෙනකම් ඇවිත්. සංගීතය ධර්මකීර්ති කිව්වා වගේ උමාරියා + අමරදේව, ඊළගට වායෝ, වොයිස් ප්‍රින්ට්, පහුකරන් ඇවිත්. නාට්‍ය කෞෂල්‍යාගේ දුටු තැන අල්ලනු වලට ගල් ගහන ලෙවල් එකට ඇවිත්..

    අනුන් ලව්වා කතා කරවන්න කලින් තමුන්ට අදහසක් තියෙන්න එපායැ මේවා ගැන.

    අනිත් එක - ළමයි ඉන්න තැන වැඩිහිටියන්ට අදාල සාහිත්‍යය ගැන කතා කරන්න බෑනේ.

    ReplyDelete
    Replies
    1. //කොහොම උනත් ලංකාවේ සාහිත්‍ය මේ වෙද්දි තියෙන තැන බලනකොට එක්සත් රාජධානියෙ ලංකාවේ අය කරන ‘සාහිත්‍ය වැඩ‘ හිටිවන කවි යුගයේ වගේ තියෙන්නේ.// ඒක නිසා තමා මම කියන්නේ මිනිසුන්ගේ රසඥතාවය වැඩි වන විධිහට කතා කරන්න කියල. ලංකාවේ ඔබ කියන විධිහට ඉන්න තැන ගැන අදහසක් දුන්න නම් වඩා හොඳයි. අපට අවශ්‍යත් ඒකනේ. බොරදිය පොකුණ ගැන මම මේ බ්ලොගයේ කතා කරලා තියනවා.
      //අනිත් එක - ළමයි ඉන්න තැන වැඩිහිටියන්ට අදාල සාහිත්‍යය ගැන කතා කරන්න බෑනේ// ඒ මහතා පයෝධර හා මුළු ශරීරයේම වල මධුර ආහාර ටහ්වරගෙන හිටි බිසවක් ගැනත් කීව . මට මතක නැහැ හරියටම. ළමයි හිටියට ලංකාවේ වැඩිහිටි සාහිත්‍යය ගැන කතා හොන්ඩ අනහ කියල එකක් නැහැ. එහම නම් සිබිල් වෙත්තසිංහ ගැන පොඩ්ඩක් කියන්න තිබ්බ.මඩොල්දුව ගැන කියන්න තිබ්බ. තව ඕන තරම් වර්තමාන උදාහරණ තියනවා.

      Delete
    2. අජිත්, මම මගේ අසම්පූර්ණ අදහස් දැක්වීම කරේ ඔබ ලියලා තියෙන දේට විරුද්ධව නෙවෙයි. ඔබේ විවේචනාත්මක අදහස් සමග එකග වෙමින් සහ එවැනි විවේචනයක් කිරීමට ඔබ තීරණය කිරීම ගැන ගෞරවයකින්. මම ලියලා තියෙන්නෙ ඔබ ඉලක්ක කරලා නෙවෙයි. එහෙම දැනුනා නම් ඒ ගැන සමාවෙන්න. ඒක මගේ ලිවිල්ලේ අඩුවක්.

      දිගට කියන්න ඕන දේවල් පුළුවන් තරම් කෙටියෙන් කියන්න උත්සහ කරන්නම්

      ඉවෙන්ට් එක ගැන - ඉවෙන්ට් ඉන්විටේෂන් එකක් මටත් ආවා. FB page එකත් දැක්කා. වැඩසටහනේ ඇජෙන්ඩා එකත් දාලා තියෙනවා දැක්කා. පොත් ප්‍රදර්ශනේ, තරග වලින් දිනපු අයට සහතික දීම, පැරණි කලාකරුවන්ට සම්මාන දීම, නැටුම් සහ සිංදු අයිටම් කිපයක් තිබිලා තියෙන බව ෆොටෝස් වලින් පෙනුනා. සමන්තගෙ කතාව. ඔය ටික තමයි මට මතක විදිහට තිබ්බෙ. මේ ස්ට්‍රක්චර් ඉවෙන්ට් ස්ට්‍රක්චර් එකම පරණයිනෙ.

      ඉවෙන්ට් පේජ් එකේ තිබ්බ ප්‍රෙමෝෂනල් අදහස්, පෝස්ටර්ස් දැක්කා. ‘‘අලුත් රසයක් විදිමු‘‘ ‘‘වෙනස් රසයක් ඇති පිරිසක්‘‘ මේ මං දැක්ක වචන. නමුත් ඉවෙන්ට් එකේ අයිටම්ස් සහ ඉවෙන්ට් එකේ ඩිසයිනින්ග් එහෙම දෙයක් පෙන්නන්නෙ නෑනෙ. කොටින්ම සියළු ප්‍රෙමෝෂනල් මෙටීරියර් සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් විතරයි! වැඩේ අවුල් මට නම්. ශ්‍රී ලාංකික කියන්නෙ මොකද්ද? දෙමළ සාහිත්‍යය ගැන ඔය ඉවෙන්ට් එකේ කතා කරාද? අයිටම්ස් තිබ්බද? බුලත් දීලා පිළිගන්න තැන ඉදලා, මගුල් බෙර ගහලා උත්සව සභාවට කැදවගෙන එන එකේ ඉදලා, සමන්තගේ කතාව වෙනකම් සිංහල!! ඒකටද ‘ශ්‍රී ලාංකික‘ කියන්නේ? (ඔබෙන් නෙවෙයි මේ කිසි දෙයක් අහන්නෙ. මම ප්‍රශ්නය මතු කරන්නෙ)

      ඊළගට ප්‍රධාන දේශනයේ අවුල ගැන ඔබ ලියලා තිබ්බා අපූරුවට. නමුත් මං කලින් කිව්වා වගේ ඒ කතාවෙන් උත්සවේ අනාථ වුනා නම් ඒකේ සම්පූර්ණ වගකීම බාරගන්න ඕනෙ සංවිධායකයින්. සමන්ත හේරත් කියන්නෙ අදක්ෂයෙක් නෙවෙයි. ඔහු ලියා ඇති ගීත අතර අතිශයින් මනරම් ගීත තියෙනවා. නමුත්, සමන්ත අලුත් දේ අලුත් විදිහට කතා කරන කෙනෙක් නෙවෙයි. ආරාධිත දේශනයෙන් බලාපොරොත්තු වුනේ නම් සාහිත්‍යෙය් නව දිශානති, නව ප්‍රවණතා ගැන දැනගන්න - සම්පූර්ණයෙන් වැරදි තෝරා ගැනීමක් සමන්ත කියන්නේ. නමුත් සංවිධායක මණ්ඩලයට ඕන වුනේ ඒක නම්? ඒකද? ඒක නෙවෙයිද? ඒක නෙවෙයි නම් මම නැවත නැවත කියනවා, වගකීම බාරගන්න ඕනෙ සංවිධායක මණ්ඩලය. ඒ දේශනය ඉවෙන්ට් එකේ එකම අයිටම් එකනේ සාහිත්‍ය ගැන කතා කරන. ඉතින් සියල්ලටම වඩා වැඩි බරක් දාලා හිතන්න තිබුනෙ ඒකනෙ.

      ඉවෙන්ට් සංවිධානය කිරීමේ දක්ෂකම එකක්. ඉවෙන්ට් ඩිසයිනිං තව එකක්. ඔබ කියලා තියෙනවා වගේ මහන්සි නොවී එවැනි උත්සව කරන්න බෑ. නමුත් මහන්සි වෙලා තියෙන්නෙ එක අංශෙකට විතරයි වගේනෙ දැන් ප්‍රතිඵලයෙන් පේන්නෙ. මං මේ කියන්නෙ, අළුත් රසය කියන දේ කේන්ද්‍ර කරගෙන. එක්සත් රාජධානියේ ඉන්න ලංකාවේ අය ලංකාවේ සාහිත්‍යයේ නව චලනයන් ගැන අප්ඩේට් නැති වෙන්න පුළුවන්. හැම කෙනාම ඔන්ලයින් සාගරේ පීරන්නේ නෑනේ හැම දෙයක් ගැනම. ඉතින් ඒ නිසා නේද ඒ ගැන හොදින්ම අප්ඩේට් කෙනෙක්, චින්තනය අළුත් කෙනෙක්, දේශපාලනිකව යම් වැඩි පරිණතභාවයක්, අළුත් සිතීමකට මිනිස්සුන්ගෙ ඔළු වලට තට්ටු කරන්න පුළුවන් කෙනෙක්නෙ අනුශාසක කරගන්න ඕනෙ. අජිත් පට්ට රහට ලියලා තියෙන්නෙ.. වෙඩ්ඩා ගැන, සයිමන් ගැන .. ඒ ගැන අජිත් ඉතාම හොදින් කියලා තියෙනවා.

      ලංකාව මේ වගේ වැඩ වලදි කොහෙද තියෙන්නෙ? එක පොඩි උදාහරණයක් දෙන්නම් අහපු නිසා. ගිය අවුරුද්දෙ ලංකාවේ කොළඹ තිබ්බා Red කියලා ආදර කදවුරක්. කොල්ලො කෙල්ලො අතේ පිච්චිය නැතුව, බරපතල බාධා කිරීම් මැද්දෙ කරේ. ආදරේ ගැන ආට් වලින් එක්ස්ප්‍රෙස් කරනවා මුළු ඉවෙන්ට් එකේම. එක එක තැන් වල එක එක අයිටම්ස්. කාටවත් කිසි දෙයක් මිස් වෙන්නෙ නෑ බලන්න අහන්න. සිංදු අළුත්, කතා අළුත්, චිත්‍ර අළුත්, වෙනත් නිර්මාණ අළුත්. ඉවෙන්ට් එකේ භූමියෙ ඉදලා හැම දේම අළුත්. සිංහල, දෙමළ, මුස්ලිම්, ඉංග්‍රිසි, සියල්ල කවර්ඩ්.

      Delete
    3. උත්සවය සංවිධානය කරන සංවිධායක මණ්ඩලය වුනු මහන්සිය ගැන ගැටළුවක් නෑ. අවුල තියෙන්නෙ සිතීම ගැන. අජිත් කියලා තියෙන්නෙත් ඒකමයි.

      ලාස්ට් බට් නොට් ලීස්ට් - ලංකාවේ ඉදලා එක්සත් රාජධානියට ඇවිත් අළුත් රසය හොයන්න ලංකාවෙන් අය ගෙන්නන්න එක මොන සංසාර අවුලක්ද?! සාහිත්‍යයේ විශිෂ්ඨතම බේස් එකක් එක්සත් රාජධානිය කියන්නෙ. මුළු ලෝකෙම සාහිත්‍යය එක්සත් රාජධානියෙ එක්ස්ප්ලෝර් කරන්න පුළුවන්. හරි නම් විදේශ රටවල ඉන්න ලාංකාවෙ අයට පුළුවන් වෙන්න ඕනෙ ලංකාවට අළුත් සාහිත්‍ය රසයක් ගැන දැනුම දෙන්න.

      මිනිස්සු හිතමින් ඉන්න තැනින් උඩට විසිවෙන්න පාරක් ගහන්න පුළුවන් වෙන්න ඕනෙ ‘අළුත් රස‘ නම්, සාහිත්‍ය නම්.. මං හිතන්නෙ නම් එහෙමයි. හදගමලා, වෙඩිවර්ධනලා, චින්තනලා, සමන් කුමාර ලා, සුරේඛා ලා, සත්‍යජිත්ලා, කෞෂල්‍යාලා, ඇතුළු තව ලොකු පිරිසක් අද ලංකාවේ ඒ වැඩේ කරමින් ඉන්නවා. ඒක පටන් ගත්තෙ අද ඊයේ නෙවෙයි. එක්සත් රාජධානියේ ඉන්න ලංකාවේ අළුත් රසයක් හොයනවා කියන, වැඩ සංවිධානය කරන අය ඒවා දැනගන්න ඕන සාහිත්‍යය ගැන, අළුත් රසය ගැන උනන්දු නම්. ලංකාවෙන් එක්සත් රාජධානිය අළුත් රසය හොයනවා නම් ලංකාවේ වෙන අළුත් දේ දැනගත යුතුමයි (අනුශාසකයෙක් හරහා හෝ. ඒකට ඇඩ්වයිසර් කෙනෙක් නැතුව ඉවෙන්ට් එක සංවිධානය කරන්න විතරක් ඇඩ්වයිසර් කෙනෙක් ඉදලා අළුත් මුකුත් වෙන්නෑනේ).

      නැවත කියනවා. අජිත්ගෙ අදහස් දැක්වීම රසවත්. පිට කසන්නේ නැතුව විවේචනය කරපු එකටත් මගේ සැලියුට් එක. බ්ලොග් එක මං හෙමිහිට බලන්නම්)

      ජය වේවා! 

      Delete
    4. //අජිත්, මම මගේ අසම්පූර්ණ අදහස් දැක්වීම කරේ ඔබ ලියලා තියෙන දේට විරුද්ධව නෙවෙයි. ඔබේ විවේචනාත්මක අදහස් සමග එකග වෙමින් සහ එවැනි විවේචනයක් කිරීමට ඔබ තීරණය කිරීම ගැන ගෞරවයකින්. මම ලියලා තියෙන්නෙ ඔබ ඉලක්ක කරලා නෙවෙයි. එහෙම දැනුනා නම් ඒ ගැන සමාවෙන්න. ඒක මගේ ලිවිල්ලේ අඩුවක්.// නැහැ එහෙම හිතුවේ නැහැ. මම සාමන්‍යයෙන් කොමෙන්ට් වලට උත්තර ලියනවා. මෙතනත් එහෙමයි කලේ. ඔබේ මේ පිළිතුරට මම කැමතියි. සංවිධායක මණ්ඩලයත් වගකීම භාර ගත යුතුයි. අලුත් දෙයක් බලාපොරෝත්තුවෙනුයි මමත් ගියේ. මේක පරණ සලසුමමම්යි කියල මමත් කියනවා.
      /වේදිකාවේ කථා පැවැත්වූ මහතුන් ගෙන් ඇසූ පරිදි මේ මෙවැනි කලා සාහිත්‍ය උළෙලක් පවත්වන ප්‍රථම වතාවයි. එහෙත් මා නැටුම් ගැයුම් සහිත සහිත උළෙලවල් කිහිපයක්ම මීට කලින් ලන්ඩනයේ නරඹා ඇත්තෙමි. අලුත් අවුරුදු උළෙලවල් ද කින්ස්බරි විදුහල් භුමියේ දැක ඇත්තෙමි. ඒවාද කලා උළෙලවල්ම වේ. එසේම හැරෝව් පෙදෙසේ අගෝරා කලා සංසදය මගින් ද මෙවැනිම උළෙලක් පැවැත්වූවා මතකය. //

      Delete
    5. //ලාස්ට් බට් නොට් ලීස්ට් - ලංකාවේ ඉදලා එක්සත් රාජධානියට ඇවිත් අළුත් රසය හොයන්න ලංකාවෙන් අය ගෙන්නන්න එක මොන සංසාර අවුලක්ද// සම්පුර්ණයෙන්ම එකඟයි. අලුත් දේකට මම දැක්කේ අර පරණ කලා කරුවෝ ගෙනත් සම්මාන දීපු විධිහ. ලන්ඩනයට ඒක අළුත්. ඒ ඇරෙන්න ඔය සරදට පහළ කිව්වා වගේ මම ලංකාවේ අවුරුදු උත්සව ආදියට වැඩිය සහභාගී වෙන කෙනෙක් නෙමේ. ඒ නිසා අර නැටුම් නම් අවංකවම රස වින්ද. හැබැයි ඒත් අලුත් දේ නෙමෙයි.
      //මිනිස්සු හිතමින් ඉන්න තැනින් උඩට විසිවෙන්න පාරක් ගහන්න පුළුවන් වෙන්න ඕනෙ ‘අළුත් රස‘ නම්, සාහිත්‍ය නම්./ සම්පුර්ණයෙන්ම එකඟයි.

      Delete
    6. //සමන්ත හේරත් කියන්නෙ අදක්ෂයෙක් නෙවෙයි. ඔහු ලියා ඇති ගීත අතර අතිශයින් මනරම් ගීත තියෙනවා. නමුත්, සමන්ත අලුත් දේ අලුත් විදිහට කතා කරන කෙනෙක් නෙවෙයි. // සමන්ත හේරත් ගැන මගේ පෞද්ගලික විවේචනයක් නැහැ. ඒ මහතා අදක්‍ෂයෙක් කියල හැඟීමක් මට ආවේ නැහැ. මහාචාර්ය කෙනෙකු ගෙන් මම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. මම වැඩිපුරම ඔය දේට ගියෙත් කතාව අහන්නත් එක්ක. ඔබ අර අවසානෙට කිව්වා දේ නිසා තමයි මම කියන්නේ මෙහෙ අය ලංකාව ගැන දන්නේ නැහැ කියල.

      Delete
    7. //ඔබ අර අවසානෙට කිව්වා දේ නිසා තමයි මම කියන්නේ මෙහෙ අය ලංකාව ගැන දන්නේ නැහැ කියල.// කලා වැඩ ගැන අනුන්ට රසේ දෙන්න ඉවෙන්ට් සංවිධානය කරන සංවිධායක මණ්ඩල වලට ප්‍රාමාණික යාවත්කාලීන දැනුමක් තිබිය යුතු-මයි අදාල විෂය ක්ෂේත්‍රයේ මොකද වෙන්නෙ කියලා. අනුශාසක කෙනෙක් දාගත්තත් තමුන්ට දැනුවත්භාවයක් තියෙන්න එපායැ ඉස්සරවෙලාම. නැත්නම් කොහොමද දන්නෙ අනුශාසක කියන දේවල් පරණද අළුත්ද, අනුශාසක සංවිධායක මණ්ඩලය අන්දනවාද නැද්ද කියලා. :) ලංකාවේ වෙන ඕනම දෙයක් ගැන විදේශ රටවල් වල ඉන්න අයට අප්ඩේට් වෙන්න පුළුවන්. ඒකට උනන්දුව විතරයි ඕන. (උතුරු නැගෙනහිර අළුත්ම තත්ත්වය මොකද්ද කියලා එක්සත් රාජධානියේ ඉන්න ලංකාවේ සෝ කෝල්ඩ් සිංහල-බෞද්ධ අයගෙන් අහන්නකො අජිත්. breaking news වගේ පට පට ගාලා අප්ඩේට් දෙයි. සාහිත්‍ය කලා ගැන විතරයි අප්ඩේට් නැත්තෙ නෙහ්? :)))

      (සරදගේ කුරුට්ටත් මරු)

      තරංගා

      උත්සවේ සංවිධානය කරන්න බොහොම කෙටි කාලයයි තිබ්බෙ. මාස දෙකක් වගේ කාලයක් කියලා සංවිධායක මණ්ඩලයේ කවුරු හරි ලියලා තිබ්බා පෝස්ට් ඉවෙන්ට් නෝට් එකක. මං තනියම හිතුවා මොකද්ද ඒ හදිස්සිය කියලා? මෙට්රොපොලිටන් පොලීසියෙන් ඇවිත් කගෙ හරි ඔළුවට තුවක්කුවක් තියලා කියනවයැ අහවල් දවසට කලින් සාහිත්‍ය උත්සවයක් තියන්න ඕනෙ නැත්නම් මරනවා කියලා.

      Delete
  9. මෙතන සිද්ධවුනේ වෙනත් දෙයක්. මහාචාර්යතුමාගේ පලමු පෙම්වතිය, හිටිහැටියේ ශාලාවට කඩාවැටුනා. අැය දැක ඔහු ඉතාම අවුල් වුනා. අන්තිමට ඔහුගේ මුලු දේශනයම වෙනස් වුනා. එය අෑ වෙනුවෙන් කල අාදර අදේානාවක් වුනා. අෑ කැමති දේ ඔහු කිව්වා.

    ReplyDelete
    Replies
    1. එවැනි සිදුවීමක් ගැන නොදනිමි

      Delete
  10. මෙතන සිද්ධවුනේ වෙනත් දෙයක්. මහාචාර්යතුමාගේ පලමු පෙම්වතිය, හිටිහැටියේ ශාලාවට කඩාවැටුනා. අැය දැක ඔහු ඉතාම අවුල් වුනා. අන්තිමට ඔහුගේ මුලු දේශනයම වෙනස් වුනා. එය අෑ වෙනුවෙන් කල අාදර අදේානාවක් වුනා. අෑ කැමති දේ ඔහු කිව්වා.

    ReplyDelete
  11. සමහරවිට.. ලන්ඩන් වල ඉන්න සාම්ප්‍රදායික ලාංකික බහුතරයට ඔය කියන 'ලෙක්චර්' එක 'වටිනා' එකක් වෙන්න ඇති.. හැමෝම අජිත් ධර්මකීර්ති ලා නෙවෙයිනේ. හැමෝම අප්ඩේට් වෙන්නෙත් නෑනේ අපි කැමති වේගයෙන්.. ඔය අහන්න හිතපු ගොඩක් ප්‍රශ්න මේ ලංකාවේ ඉන්න විද්වතුන් ගෙන් එහෙම නැත්නම් බහුතර ලාංකිකයන් ගෙන් ඇහුවත් කවුද වෙඩිවර්ධන කියන්නේ කියනවට වඩා බරසාර උත්තර ලැබෙන්නේ බොහෝමත්ම සුලු පිරිසකගෙන්.. කොහොම උනත් මට හිතාගන්න පුලුවන් ඔයා කොච්චර අමාරුවෙන්ද අහගෙන ඉන්න ඇත්තේ කියල :)

    ReplyDelete
    Replies
    1. මම මෙතන වෙඩිවර්ධන ගත්තේ උදාහරණයකට, අනිත් හැම නමක් මත දැම්මේ උදාහරණ වශයෙන්. ඔය උඩ ඇනෝ කෙනෙක් ලියල තියෙන දේ බලන්න. ලංඩන් වල ඉන්න අයගෙන් බහුතරයක් තාමත් තමන් ආපු කාලේ සංගීතයට කැමතියි. ආපු කාලේ චිත්‍රපටි වලට කැමතියි. ඒක නිසානේ අපි කියන්නේ අලුත් ඒවා දියුණුව හඳුන්වා දෙන්න කියල. අජිත් ධර්මකීර්ති වෙන්න ඕනේ නැහැ ඒකට.
      // ලිඛිත සාහිත්‍යය ගත්තොත් චින්තන ධර්මදාසගේ ‘තිත්ත තොල්‘ සුරේඛ සමරසේනගේ ‘මේ කතාව‘ බෝම්බ වලට පස්සෙ සර්පයාගේ ‘මහිලා වංශය‘ ළග දැන් තියෙන්නෙ. සිනමාව ඩොනල්ඩ්ගේ ‘ප්‍රවේගය‘ සදේශ්ගේ ‘මායා‘ එක පැත්තකින්, අනිත් පැත්තෙන් සත්‍යාගේ බොරදිය, ෂමීරගෙ මෝටර් බයිසිකල්, මලිත්ගේ දැකලා පුරුදු කෙනෙක්, හදයාගෙ ඇගේ ඇස අග, සංජීවගේ දැවෙන විහගුන්වෙනකම් ඇවිත්. සංගීතය ධර්මකීර්ති කිව්වා වගේ උමාරියා + අමරදේව, ඊළගට වායෝ, වොයිස් ප්‍රින්ට්, පහුකරන් ඇවිත්. නාට්‍ය කෞෂල්‍යාගේ දුටු තැන අල්ලනු වලට ගල් ගහන ලෙවල් එකට ඇවිත්.. //
      තව උදාහරණයක් ගත්තොත් ඉයන්ගේ සින්දු ලිස්ට් වැඩෙන් මම අලුත් ගායකයෝ, අලුත් සින්දු ගොඩක් දදැන ගත්ත නව පරපුරේ අයගැන දැනගත්තා. ඔයාල ලිව්වේ නැත්නම් මම දැනගන්නවද? විචාරක ලිව්වා පරණ සින්දු ගැන. අපි දන්නේ නැති මතක නැති. එහෙමනේ ඕනේ. කුස පබාවතී ගැන කියනවනම් නව මානයකින් පෙන්වන්න තිබ්බා.

      Delete
    2. අජිත්, මම තරංගා. එනොනිමස් කියලා කමෙන්ට් කරන්නෙ මම (නන්දනගේ වෝල් එකෙත් නන්දන දාලා තියෙන පෝස්ට් එකේ මං මෙතන දාපු කමෙන්ට් එකම දාලා කිව්වා ඒ මම කියලා). කමෙන්ට්ස් යටින් මගේ නම ලියන්න අමතක වුනා දෙපාරම. සමාවෙන්න ඒ ගැන. එනොනිමස් වෙන්න අවශ්‍යතාවයක් තිබ්බෙ නෑ. හැබැයි මට කමෙන්ට්ස් පෝස්ට් කරන්න සිලෙක්ට් කරන්න පුළුවන් ඔප්ෂන් එක තිබබේ ඒක විතරයි.

      Delete
    3. තරංගා ස්තූතියි පැමිණියාට සහ හොඳ කොමෙන්ටුවක් දැම්මට. මම ඇනෝ කොමෙන්ටු වලට කිසිම විරුද්ධත්වයක් නැහැ අදාල මාතෘකාවට කතා කරනවා නම්. නන්දනගේ වෝල් එකේ කොමෙන්ට් මම දැක්කේ නැහැ. බලන්නම්.

      Delete
    4. එනොනිමස් කියලා තව කෙනෙක් කමෙන්ට් කරනවා වගේ. මහාචාර්යවරයාගේ පෙම්වතිය ගැන ලියලා තියෙන දෙයක් නැවත එනොනිමස් යටතේ පෝස්ට් කරලා තියෙන්නෙ මම නෙවෙයි. මගේ ප්‍රතිචාර දැක්වීම් තියෙන්නෙ අජිත් එක්ක කරන කතාබහට
      "උළෙල අනාථ වුනා නම් ...."
      "අජිත්, ඔබේ අදහස් දැක්වීම් සමග ..."
      "අජිත්, මම තරංගා...'"
      සහ මේ කමෙන්ට් එක

      පෙම්වතුන් / පෙම්වතියන් දැක්කම අවුල් වෙනවා නම් ලෝකෙ බොහොමයක් මිනිස්සුන්ට ප්‍රසිද්ධ දේශන දීගන්න බැරි වෙයි. මිනිස්සු හිතින් කී දෙනෙකුට ආදරේ කරනවද?! දේශන අහන්න එදාම ඇවිත් හිටපු අය ගැනත් දේශකයාට ඒ මොහොතේ ප්‍රේමාන්විත ආසක්ත වීමක් සිද්ධ වෙන්න පුළුවන්නේ. මිනිස් සිත එහෙමනේ. :)) ඒවා නිදහසට කාරණා නෙවෙයි. නන්දන කියලා තියෙනවා වගේ, බුද්ධිමතුන් හැටියට එළියට එන්න ඕන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් රොත්ත පිටින් මැට්ටො නොවී තියෙයිද ආචාර්යවරු සමන්තලා වගේ නම්. :)

      අජිත් කියලා තියෙන දේ නිවැරදියි. ලංකාවේ ඉතාම හොද දේශන තියෙනවා. අළුත් අය ගැන ඕන තරම් කතාකරනවා.

      උත්සවයට ලංකාවේ ඉදන් කවුරුවත් ගෙන්නන්න මහන්සි නොවී ලැප්ටොප්ස් දෙකකුයි, ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුයි, projector screens දෙකකුයි තිබ්බා නම් ලයිව් රටවල් දෙක සම්බන්ද වෙලා දහ දෙනෙක් එක්ක වුනත් කතා කරන්න පුළුවන්නේ. සාපේක්ෂ වශයෙන් ඉතාම පොඩි වියදමයි යන්නේ.

      තරංගා

      Delete
  12. ලංකාවේ සාහිත්‍ය උළෙල වල් වලදී වත් ඔය කියන නව සාහිත්‍ය කරුවන් ගැන කතා කරනවද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හොඳ සාහිත්‍ය දේශන තියනවා.

      Delete
    2. මේක තමයි ලංඩන්වල මං දුටු අහිංසකම කළා උළෙල. මීට පෙර ටිකක් අහිංසක කළා උළෙලක් තිබ්බේ මමත් උර දුන්න අගෝරා කළා උළෙල. ඊට වඩා මේක අන්බානක් අහිංසකයි.

      බලන්න ආපු මිනිස්සුත් අහින්සකයි. වේදිකාව උඩ මොන මගුල ගියත් අත්පුඩි ගහනවා. වේදිකාවේ බෙර ගහනවා ගින්දර ගිලිනවා. ලංඩන් වල ශ්‍රී ලාංකික සිංහල සෙට් එක හරි පොඩි නිසා එකම නැටුම ගැයුම හතර පස් වතාවක් මිනිස්සු බලනවා. ඒත් බල බල අත්පුඩි ගහනවා.

      මේක ශ්‍රී ලංකා කළා උළෙල උනාට එක දමිල නැටුමක් ගැයුමක් නෑ. මීට පෙර අගෝරා වැඩේදිත් එහෙමයි. උන් සිංහල අය සමග සෙට් වෙන්නේ නෑ සිංහල අයත් එහෙමයි. හැබැයි රස්සා වලදි, පොඩි පොඩි වලවල් බහිද්දි දෙමල සහෝලා එක්ක කරට කර. නමුත් සාහිත්‍ය වගේ සම්භාව්‍ය වැඩ එලියට එනකොට දෙමළු හැලෙනවා. සියයට විසිපහක් විතර ඉන්න උන්ගේ ඇති වැඩේ මොකක්ද. අපි මහා ජාතිය.

      උත්සවයේ කෑම පිළියෙළ කරලා තිබ්බේ නෙලුම් කොලේට මයියොක්ක සහ කිරිබත්. අපේ අය ලංකාවෙන් එනකොට දාල ආපු අතීත කාමය. අබුල බෙදන්න ටිකිරි මලී කෙනෙකුත් ඉදියි කියල හිතුන. මොන !

      ලංඩන් වල ලංකාවේ උත්සව තිබ්බම මිනිස්සු එන්නේ ඒවා බලන්න නෙමේ නිකම් කතා බහ කරලා සෙට් වෙලා යන්න. මාත් ගියේ ඒකට. වේදිකාවේ උඩ දේශක තුමා දන්නා කියන රැඩිකල් වචන දාල කෑගැහුවා. හරියට ඉස්ස්කොලේ අප්සෙට් ගුරුවරයෙකුගේ පන්තියක් වගේ ඔක්කොම බලාගෙන ඉන්නවා එකෙකුටවත් ඇහෙන්නේ නෑ.

      ලංඩන් කියන්නේ ලෝකයේ තියෙන සංකීර්ණ සංස්කෘතික නගරයක්. ඒත් අපිට සංස්කෘතිය කියපු ගමන් මතක් වෙන්නේ සරම්,බෙර,ගිනි කෑම,මනමේ, මාර්ටින් වික්‍රමසිංහ, නෙලුම් කොළ, බතික් ඔසරි වගේ දේවල්.

      බලන්න ලංඩන්ලං වල ඉන්න ලංකාවේ අපි කොච්චර අහිංසකද ?

      Delete
  13. මේක තමයි ලංඩන්වල මං දුටු අහිංසකම කළා උළෙල. මීට පෙර ටිකක් අහිංසක කළා උළෙලක් තිබ්බේ මමත් උර දුන්න අගෝරා කළා උළෙල. ඊට වඩා මේක අන්බානක් අහිංසකයි.

    බලන්න ආපු මිනිස්සුත් අහින්සකයි. වේදිකාව උඩ මොන මගුල ගියත් අත්පුඩි ගහනවා. වේදිකාවේ බෙර ගහනවා ගින්දර ගිලිනවා. ලංඩන් වල ශ්‍රී ලාංකික සිංහල සෙට් එක හරි පොඩි නිසා එකම නැටුම ගැයුම හතර පස් වතාවක් මිනිස්සු බලනවා. ඒත් බල බල අත්පුඩි ගහනවා.

    මේක ශ්‍රී ලංකා කළා උළෙල උනාට එක දමිල නැටුමක් ගැයුමක් නෑ. මීට පෙර අගෝරා වැඩේදිත් එහෙමයි. උන් සිංහල අය සමග සෙට් වෙන්නේ නෑ සිංහල අයත් එහෙමයි. හැබැයි රස්සා වලදි, පොඩි පොඩි වලවල් බහිද්දි දෙමල සහෝලා එක්ක කරට කර. නමුත් සාහිත්‍ය වගේ සම්භාව්‍ය වැඩ එලියට එනකොට දෙමළු හැලෙනවා. සියයට විසිපහක් විතර ඉන්න උන්ගේ ඇති වැඩේ මොකක්ද. අපි මහා ජාතිය.

    උත්සවයේ කෑම පිළියෙළ කරලා තිබ්බේ නෙලුම් කොලේට මයියොක්ක සහ කිරිබත්. අපේ අය ලංකාවෙන් එනකොට දාල ආපු අතීත කාමය. අබුල බෙදන්න ටිකිරි මලී කෙනෙකුත් ඉදියි කියල හිතුන. මොන !

    ලංඩන් වල ලංකාවේ උත්සව තිබ්බම මිනිස්සු එන්නේ ඒවා බලන්න නෙමේ නිකම් කතා බහ කරලා සෙට් වෙලා යන්න. මාත් ගියේ ඒකට. වේදිකාවේ උඩ දේශක තුමා දන්නා කියන රැඩිකල් වචන දාල කෑගැහුවා. හරියට ඉස්ස්කොලේ අප්සෙට් ගුරුවරයෙකුගේ පන්තියක් වගේ ඔක්කොම බලාගෙන ඉන්නවා එකෙකුටවත් ඇහෙන්නේ නෑ.

    ලංඩන් කියන්නේ ලෝකයේ තියෙන සංකීර්ණ සංස්කෘතික නගරයක්. ඒත් අපිට සංස්කෘතිය කියපු ගමන් මතක් වෙන්නේ සරම්,බෙර,ගිනි කෑම,මනමේ, මාර්ටින් වික්‍රමසිංහ, නෙලුම් කොළ, බතික් ඔසරි වගේ දේවල්.

    බලන්න ලංඩන්ලං වල ඉන්න ලංකාවේ අපි කොච්චර අහිංසකද ?

    ReplyDelete
    Replies
    1. මම වැඩිය සරදලා වගේ ඔය තියන අහිංසක සිංහල අවුරුදු උත්සව වලට හෙම යන්නේ නැති නිසා යුටියුබ් එකෙන් ඇරෙන්න ඔය .උඩරට නැටුම් හෙම බැලෙන්නේ නැහැ. උඩරට නැටුමක් දැක්කේ අවුරුදු හතර .පහකට පස්සේ. ඉතින් අහිංසක මට හිතුනා ඕව බැලෙන්නේ නැති මගේ අහිංසක දරු දෙන්නා සහ බිරිඳ එක්ක ආවා නම් හොඳයි කියල. පස්සේ හිතුනා හොඳ වෙලාවට එක්ක ආවේ නැත්තේ කියල.

      Delete
    2. දැන් ඔය නෙළුම් කොලේ දිහා මම බලන්නේ සම්පුර්ණ වෙනස් විධිහකට. අහිංසක අගෝරා වගේ අය කරනවට වැඩිය ඒක ලස්සනයි. පරිසර හිතකාමියි. ප්ලාස්ටික් පිඟන. ඉටි කොළ පරිසරයට හොඳ නැහැ. අපි හැමෝම පුලුවන්නම් කෙහෙල් කොළ, නෙලුම් කොළ භාවිතා කරන්න ඕනේ. අනික සංස්කෘතික අංගයක් වශයන් එහෙම අහිංසක එකක් තිබීමේ වරදක් නැහැ.

      Delete
    3. දමිළ කට්ටියට කතා කලා ආවේ නැහැ කියල තමා දන්නේ. ඔය ෆේස්බුක් එකෙන් මමත් ආරාධනා කරලා තියනවා. පැත්ත පළාතේ එන්නේ නැහැ. අපි යන්නෙත් නැහැනේ.

      Delete
    4. නෙලුම් කොලේ උඩ කොක්කු කක්කි කොරති... නෙලුම් කොලේ යට පෙඳ පාසි බැඳෙති ... ඈක්කා!

      Delete
  14. අදාළ වගේ හිතන පරණ ලිපියක්. ගුණරත්නම් ගැන නොව මනමේ ගැන.
    https://drive.google.com/open?id=0B6MwaSCQQNUxX2otRjRyWlZZT28

    ReplyDelete
  15. මේ ගැන මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මම චන්දන සොයුරාගෙන් ඇහුවා කවුද අර මහාචාර්යතුමා ගෙන්නුවෙ කියල. ඒ සහෝදරයා නමක් කියල කිවුවා එයා තමයි ගෙන්නුවේ කියල. මම පුංචි ඉඟියක් විතරක් දුන්නා.

    ReplyDelete
    Replies
    1. ජයසිරි සහෝදරයා කියන අපබ්‍රංශය මට නොතේරේ. මේ වැඩේ සංවිධානය කිරීම ගැන මගේ මුකුත් ප්‍රශ්නයක් නැත. මා මෙහි ඉලක්ක කරන්නේ මහාචාර්ය තුමා කළ කතාවය. එය සංවිධායකයින් අනුමත කරත් නම් එය ඔවුන්ගේ දැක්මයි. මගේ ඇත්තේ වෙනත් අදහසකි. ඔහු ගෙන්නුවේ කවුද යන්න මට අදාළ නැත.

      Delete
  16. චන්දන සහේාදරය එකට කෑවත් බොක්ක වෙනස් ජාතියේ කෙනෙක් එහෙනම්! ඔහොමත් පාවා දෙනවාද?

    ReplyDelete
    Replies
    1. //එතන පාවා දීමක් කරන්න අපි හොර වැඩක් නෙමේනෙ කළේ. මම කිව්වා මෙයා තමයි යෝජනා කළේ ඊට පස්සෙ මමත් ඒකට එකඟ වුණා කියලා. ඒක තමයි ඇත්ත. ස්තූතියි ඔබට!// චන්දන

      Delete
  17. ජාතක කථා පොතෙන් එහාට ලංකාවේ ජනසාහිත්‍ය පිළිබඳව විචාරයක් වත් වෙනවා මම නම් දැකලා නෑ ...ඒකේ සාරයක් නෑ කියන කතාව නෙමෙයි මම කියන්නේ බොහෝ වෙලාවට ඔය දේශනා වලට එන අය කිසිදු අධ්‍යනයකින් තොරව පොර ටෝක් දෙන්න පාවිච්චි කරන්නේ ජාතක කථා පොත ...සරත්චන්ද්‍රගේ මනමේ උනත් එහෙමයි ,,එතනින් එහා අධ්‍යනයක් නෑ පොර ටෝක් දෙනවා ...උදාහරනෙකට මේ ඊයේ පෙරේදා කවුදෝ ටෙලිවිෂන් එකට ඇවිත් කිව්වේ දුටුගැමුණු රජ්ජුරුවෝ රුවන්වැලි සෑය හැදුවේ පව් වහගන්නද මොකද්ද කියලා ...පොර නිකන් හෙන රැඩිකල් ටෝක් එකක් දෙනවා වගේ ,,,හරි බහුශ්‍රුතයා වගේ ඒක කිව්වේ ,,,ඒකට මට අර සිංහල බෞද්ධ ෆේස් බුක් වාසීන්ට මල පැන්න අර්ථයෙන් මල පැන්නේ නැති උනාට ,,,මම හිතන්නේ එහෙම සාහසික ප්‍රකාශයක් කරන්න ඉස්සෙල්ලා තමන් කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අධ්‍යනයක් තියෙන්න ඕනි ...ටීවී වලට ඔවුන්ව ගෙන්නන උන් වගේම ,,ප්‍රශ්න අහන උනුත් මාර යක්කු ...දුටුගැමුණු කියලා ඔබ තුමා අඳුනාගන්නේ මොන ගැමුණුද ?කියලාවත් උගෙන් ප්‍රශ්න කරන්න නිවේදකයාට උවමනාවක් නෑ ..එහෙම ප්‍රකාශයක් කරනවානම් ඒක ශාස්ත්‍රීය වෙන්න එපයිනේ මහාවන්ශේ ලියලා ඉන්න ගැමුණු කවුද කියලා සෙල් ලිපි වල විවාදාත්මකයි ,,ගැමුණුලා හැට හුටහා මාරක් ඉන්නවා ..දැන් ඔය ප්‍රකාශය කරන්න මිනිහා කරපු අධ්‍යනය මොකද්ද ..රිසර්ච් පේපර් නැතත් එහෙම අධ්‍යනයක් තියෙන්න එපයිනේ ...නැත්තම් පිස්සෝ වගේ ඕනි ඕනි දේවල් කියෙව්වා කියලා වැඩක් නෑනෙ ...ඔය වගේ තමයි අද ඉන්න ගොඩක් අය ..ගිය අවුරුද්දේ එක දවසක මට ආරාධනයක් ලැබුනා එක්තරා ස්ථානයක ලංකාවේ ජනකලාව පිළිබඳව විද්වත් කතිකාවකට එන්න කියලා ..මුල් පුටුවේ හිටියේ ලංකාවේ ප්‍රවීන යයි පිළිගැනෙන ගායකයෝ කිහිප දෙනෙක් ,,සහ දේශපාලඥයෝ කිහිප දෙනෙක් ...මට ඇත්තටම ගියේ අපරාදේ කියලා හිතුනා ..යකෝ දන්නේ නැති මල ඉලව් වල දේශනා බාර නොගෙන ඉඳපන්කෝ ...අපේ මිනිස්සු හරි ආසයි ටීවී වලට ඔලුව දා ගන්න ඉතින් ,,,හැම මල මගුලක්ම දන්නවා වගේ එනවා ...අර දොරමඩලාවට එහෙම එන්නේ ..ඉතිහාසය ..මාක්ස්වාදය ,,,ධනවාදය ...යතාර්ථය ...දේශපාලනය ඕනි එකක් ඇවිත් මොනවා හරි කියවනවා දන්නවා වගේ ,,,හැම මගුලකටම එන්නේ එකම සෙට් එක ...එක වෙලාවකට උන්ගේ අනන්‍යතාවය මොකද්ද කියලා හිතනකොට පිස්සු හැදෙනවා ...ඕක ලෙඩක් අජිත් මහතා ...ලෙඩක්

    ReplyDelete
    Replies
    1. මහත්මයා හොඳ ප්‍රතිචාරයක් පළ කලාට ස්තුතියි. ජාතක කතා පොත වල ඉතා වැදගත් තැන් තියන බව මමත් පිලිගන්නවා. මාත් මේ බ්ලොගයේ කිහිප තැනකම භාවිතා කරලත් තිබෙනවා. නමුත් ඔබ කව්වා වගේ "කොහෙද යන්නේ මල්ලේ පොල්" විධිහට ජාතක කතා ඇදල ගැනීම විකාරයක් වෙන අවස්ථා තිබෙනවා. ඇත්තටම ඔබ කියනව වගේ දේශනයක් කරන්න එනකොට අධ්‍යයනය කර පැමිණිය යුතුයි.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .