Wednesday 30 September 2015

**** ගියේ හන්දියේ

මේ ලඟදි එක්තරා ඇනෝ කෙනෙක්   පෝස්ට් කළ  බොහොම දරුණු අපහාසයකට පිළිතුරු දීමෙන් පසු හා බේබි කෙනෙකු සමග එල්ලෙන්නට යෑමෙන් වලි කාරයෙකු ලෙස හංවඩුවක්  ලැබීමට ඔන්න මෙන්න කියා තිබුණු නිසා තත්තේ පැහැදිලි කිරීමට සුප්‍රසිද්ධ බ්ලොගාල දෙතුන් දෙනෙකුට ඊමේලයක් හෙවත් ඊතලයක් (හරිද?) විද්දෙමිය. ඉන්පසු  වසරේ මහා බ්ලොග්කරු යයි විරුදාවලි ලත් මාතලන් ගොයියා   උත්තරයක් හැරෙන තැපෑලෙන් එව්වේය.
//කෙනෙක්ගේ පෞද්ගලිකත්වය ඇදලා ගන්නේ තර්ක කරන්න බැරි උනාම.. ඒ කියන්නේ උඹ කියලා හරි ලියලා හරි තියෙන දේ බොරු කියලා අනෙක් හරකට ඔප්පු කර ගන්න බෑ.. ඌත් දන්නවා ඇත්ත කියලා.. ඒත් කොරන්න දෙයක් නැති උනාම..// මාතලන් කියන්නේ ආයි කියන එක කෙලින්ම කියන එකානේ. ඒ කියන්නේ බොලව්  ඇදල  ගන්නවා  පවුල ගැන හරි,   ඇඟේ  ඇදයක් හරි, තට්ටේ හරි .....ඕන්න  ඔහොම.

ඕකේ  වැඩේ කියන්නේ ආයිබොවන්ලා  ඔන්න මං අර අපට විප්ලවේ ගේන්න ගිය පක්සෙන්  (ගොඩක් තියනවා ඒවා නම්, මන් කිව්වේ අපේ මේ හන්දියා හෙම නිකන් යමින් ගමං සප්  එක දෙන එක ), කඩාගෙන ගිය එකක් තියෙන්නේ අර පෙරෙට්ටෝ කියල ආදරේට හඳුන්වන්නේ. ටිල්වින් අයියා  නම් කියන්නේ කුරුට්ටෝ කියල. ටිල්වින් අයියා  ගොඩක් උස කෙනෙක් හින්දා ආදරේට තමා එහෙම කියන්නේ හිටන්.   ඒ කට්ටියක් එක්ක ගියා නොවැ චාරිකාවක්. ඕන් එකෙක් කියනවා උන්ට කතා කියල දෙන්නලු. යකෝ මේ බ්ලොග් එකතු කරන්න  ආවේ අනුන් ලියන කතා කියවන්න කට්ටියක් හදන්න.  ඒවා කියවන්නේ නැතුව මුන් මට කියනවා හොල්මන් කතා කියන්නලු. මේ දයලේක්තික පොරවල් වුනාම මොන හොල්මන් කතාද? මුන්ට පොඩ්ඩක් චූන්  වුණාම කියනවා ඇත්තේ හොල්මන් කතා වෙන්න ඇති. දහදාහ ගත්තට පස්සේ පට්ට හොල්මන් වෙච්චි  සෙට් එකක් නේ.  අනික් වෙලාවට කියන්නේ සමාජවාදී කතා වෙන්න ඇති. ඉතින් තරහ
ගිහින්  මාත් එක්ක නෙළුම් කොකා කියල නමක් පට බැඳලා . ඒ මදිවට අර හැංගිලා ඉන්න එක්කෙනා ගැන මතක්  කළා  කියල මෙන්න මම කොටාලු. ඒක  නම් කිව්වේ සාර මැරයා. කොහෙද පොඩි විවේචනයක් වත් අල්ලන්නේ නැහැනේ මේ ගොල්ලන්ට? උත්තර දෙන්න බැරි වුණාම අපහාස කොරපල්ලාකො.

හැබැයි මට තේරුම් ගන්න බැරි අර අහවල් පක්සේට කෝචෝක් කරනවානේ බුකියේ හිටන් කට්ටිය? ඔය කියන විප්ලවවාදී පක්සේ හැම පාරම වගේ තුනට එන්නේ චන්ද වලින්. මේ පාර  හතරට වැටිලා ටී එන් ඒ එකට පිටි පස්සේ. මේ ගොල්ල කියනවා ඒ ගොල්ලට චන්ද මදිලු? හූ  හූ  හාර ලක්සේලු ගත්තේ? කෝ කිව්ව ඒවා , කෝ විස්සක් තිහක් ආසන  කෝ කියල කට්ටිය ෆේස්බුකියේ හිනා වෙනවා, කෝචොක් දානවා. මං බැලුව මේ වැඩේ මොකක්ද බොලේ කියල.  මේ ගොල්ලන්ගේ පොරට හම්බ වුනේ දහ දාහයි ජනාධිපති කමට ඉල්ලන්න ගිහින්.  පහුගිය මැතිවරනෙං සමහර ආසන  වල බොබසේ ටත් අඩුයි. (ඒකනම්  අපේ චන්ද දායකයන්ගේ බුද්දිමත් කම. මේක වගේද බොබසේ). බොබාල රට ජාතිය වෙනුවෙන් නේ කඩේ යන්නේ. මට හිතා ගන්න බැරි දහදාහ හම්බ වෙච්ච වුන් ගෙඩි පිටින් ලක්ෂ පහ ලං කරපු උන්ට හිනා වෙනවා. ලක්ෂ 48 ගත්ත වුන් ලක්ෂ 52 කට හිනා  වෙනවා. ලංකාවේ ගණන් කරන්නේ වැඩිම එකේ ඉඳන් අඩු එකට වෙන්ට ඇති නේද?

ඉතින් මේ හන්දියා ගැන නේ කියන්න ගියේ? හන්දියත් අර ලංකාවේ ඉන්න සැට්  එක වගේ  අර එංගලන්තේ ඉන්න විසාර්ඩ්  ඔෆ් ඔස් (wizard of oZ) කෙනෙක් නූල්  අදින කොට උඩට පනින බිමට වැටෙන  එකෙක් කියල මට වැටහිලා ඉවරයි. නැත්නම් මූට ඔය ලියන්න මතක් වෙන්නේ කොහොමද? මොළේ  සෛල තියෙන එකක්යැ.

ඔන්න පහුගිය දවසක ආවේ නැතෑ අපේ පැත්තේ පාටියකට (ඇයි හැලපයලට මාතලන්ලට විතරද පාටි දාන්න පුළුවන්.) දඩයම් මස් හේමත්  තිබ්බ කියමුකෝ. පොර කිව්වා මන් දැන් බියර් විතරයි බොන්නේ.  මාත්  කිව්වා හා ඉතින් බීපන් කියල. ටැංකිය පුරවනවා ටොයිලට් යනවා. ඊට පස්සේ ඔන්න අන්තිම කෝච්චියේ යන්න ඕනේ  කිව්වා.  මම බිව්ව්වට පස්සේ වාහනයක ස්ටියරින් එකකට අත නොතියන එකෙක් නිසා සෝවාන් වෙච්ච යාලුවෙකුට කිව්වා ඔන්න ඔහේ හන්දියව  කෝච්චි හන්දියට දාල එමු කියල.  දාල අපි එතන ඉන්න බැලුවා. මූ  කොහේ යයිද දන්නේ නැහැනේ. මූටත් අපිව අරහන්. මන් පොඩි එකෙක්ය යකෝ පලයව් ගෙදර කිව්ව. බැනුන් අහ අහ ඉන්නේ මොකටද කියල අපිත්  ආව. මෙන්න ඇවිල්ල විනාඩි පහකින් කෝල් එකක් එනවා.  අජිය ලංකාවේ කඩෙන් ගත්ත දඩමස් ටිකයි පලතුරු ටිකයි  දාල ඇවිල්ලනේ . අපි ටක් ගාල අරන් ගියා. ඇයි පරක්කු වෙලා ගෙදර ගියහම බිරින්දෑව ෂේප්  කර ගන්නත් මොකක් හරි තියෙන්න එපැයි. කෝච්චියට විනාඩි පහක් තියල අපි එතන. මූ ආයි කියනවා "දැන් ගෙනල්ල දුන්නනේ ගෙදර පලයන්." අපිත් ආව.
මෙන්න උදේ කෝල් එකක් එනවා.
හන්දියා - "අජියා මාර වැඩේනේ උනේ. කෝච්චිය ආවේ නැහැ නේ "
මම - "ආ  ඇත්තද ඇයි  ඉතින් ආයි ආවේ නැත්තේ මෙහෙ. කෝල් එකක් දුන්න නම් අපි එනවනේ එක්කන් යන්න"
හන්දියා - "කරදර කරන්නේ මොකටද බං  කියල හිටිය. ඊට පස්සේ ආපු  එක මගට විතරයි ගියේ."
(මූ  හොඳ එකා ඒ අතින්. ගෙදර ගිහින් අර අහිංසක වයිෆ් ට ඇණේ වෙන එක තමා කරන්නේ වැඩි පුරම)
මම  - "ඉතින්"
හන්දියා  -" ඉතින් මම ටැක්සියක් අරන් ගියා පවුම් හැත්තෑවක් දීල."
මම - "මොලේ කොහෙද බන් තිබ්බේ අපේ ගෙදර දාල ගියා ද ? ඇයි තොට මක් වෙනවද අපේ ගෙදර ආවහම. "
හන්දියා - "මචන් වයිපරෙත් බලන් ඉන්නවනේ බං "
මම " උඹ උදේ හතරට ගෙදර එනකන්. ඕක සුන්දර වැඩි වුනහම වෙන ප්‍රශ්නයක් බං. කරදර කරන්න ඕනේ නැහැ කියල රැගක් කන එක. "

ඉතින් මොලේ ගෙවල් වල දාල නැත්නම් කෝච්චියේ දාල යන නිසාද කියල ඇහුවම මූට උත්තර දෙන්න බැරි වුණාම කොට ලෝටස් කියල නමක් දාල මට මෙන්න මෙතන. . න්‍යායවාදී බංකොලොත්කමනේ සහෝදරයා. නැත්ද මං අහන්නේ.

ඒ  මදිවට මේ විසාර්ඩ්  ඔෆ් ඔස් මං ගැන දූෂමාන ආරංචි පතුරවනවා.  ඔය පබ්  යනවට වැඩිය මට වෙන වැඩ නැත්ද? මේ මේකෙ ලියල තියෙන විධිහට මමලු පෙරට්ටන්ගේ ලන්ඩන් වල න්‍යායාචරියා. මොන පිස්සුද? පබ් මැනේජර් කිසිම සාධාරණ හේතුවක් නැතුව නේ මේ නිගමනය කරලා තියෙන්නේ. පෙරට්ටන්ගේ ලන්ඩන් වල න්‍යායාචරියා මේ වලි සේන...ක කියල පොරක්.  පොඩි බොත්තමක් ඔබන්න තියෙන්නේ  (නැත්නං  පොඩි වචනයක් කියන්න විතරයි තියෙන්නේ පන්ති අරගලය වගේ) කෙලින්ම ටේප් එක දැම්ම වගේ. පංති  අරගලය,  සමාජවාදී සටනේ නියමුවෝ, නිර්ධන පන්තියේ එකම නියෝජිතයා, ධනවාදයේ අහවල් එක, නිවැරදි ස්ථාවරය වගේ වචන සෙට් එකක් ගලාගෙන එනවා. අමතක වෙනවා නම් රීවයින් කරන්න විතරයි තියෙන්නේ.

අනික මම 89 ජෙප්පෝ නියෝජනය කරන සෙට් එකේලු. කොහෙන් වල්ගේ පාග ගෙනද මන්ද මේකා. යකෝ මම 89 හිටියේ සෝවියට් දේශය කියන රටේ.  අර 87 පිටකොටුවේ දේශ ප්‍රේමි කට්ටියක් සෙට් වෙලා බස් ගිනි තියන වෙලාවේ මම මගේ සෙනිත් (සෝවියට් කැමරාවක්) කැමරාවත් අරගෙන ෆොටෝ ගහනවා නිවාඩුවට ඇවිල්ල. පස්සේ කට්ටිය  බස් ගිනි තියන කොටත්  ෆොටෝ දෙකක් තුනක් ගැහුවා. එතකොට දේශප්‍රේමී කට්ටියක් ගර්ජනාවක් දැම්මා  පත්තරේකින්ද කියල. මම කිව්වා විශ්ව විද්යාලෙක ඉගෙන ගන්න  කෙනෙක් කියල. පස්සේ නිකමට ඇහුව බුවෙක් ගෙන් "මේක වැරදි වැඩක් නේද ජනතාවගේ දේවල් නේ. ගිනි තිබ්බම ඔයගොල්ලටම නේ කරදරේ වෙලාවට බස් එකක් නැතුව." පොර කියපි "පිස්සුද මේවා ප්‍රතිගාමී ආණ්ඩුවේ බස්. ආණ්ඩුවට  දන්නන්න ඕනේ". ඔවුන් ගේ දේශ ප්‍රේමය කෙරේ පතල මහා කරුණාවෙන් මමත් වැඩිය කතාවක් නැතිව හැරිලා ආව. නිකන් ගුටි කන්නේ මොකටද? පස්සේ මේ පත්තරෙක් දැක්ක චම්පික රණවකත් නිරීක්ෂක යෙකු වශයෙන් එතන හිටියලු. ඒ කියන්නේ බස් ගිනි තියන තැන්  වල ශේප් එකේ හිටියම ඇමති කෙනෙකුත් වෙන්න පුළුවන්. ඉතින් දැන් බලන්නොකො ඒ මහත්තය ඉන්න තැන. කාටද  ආඩම්බර.

ඒ අස්සේ තව කතාවක් ඇහුවා පබ් එකකදී. ඒත්  87 කතාවක් මයි. අර විජිත ගුණරත්න කියන නාට්‍ය අධ්‍යක්ෂක  හම්බ වුනානේ. දැන් ස්වීඩන් පැනල අවුරුදු විසි ගානක්. සිරා  නාට්ටිය පොරක්.  "සුභ සාධක", "යුද පිටියේ සවාරිය" කියල හෙම නාට්‍ය කරලා පොත් 14 විතර පරිවර්තනය කරලා දැහැමෙන් සෙමෙන් ස්වීඩනයට වෙලා ඉන්නවා. අපේ සරා  මල්ලිට සම්මුඛ සාකච්චාවකුත් දීල මෙන්න.  මෙයා  තමා 1987 අර "සාක්කි " කියන නාට්ටිය කරලා තියෙන්නේ. දොඩම්පේ මුදලාලි සාක්කි ගත්තට පස්සේ අර හතරවන තට්ටුවෙන් ඉබේ වැටිච්ච කතාව. ඕක පනස් පාරක් විතර පෙන්නුවට පස්සේ කැළණි හන්දියේදී වෙඩි  තිබ්බ පොරට. හොඳ වෙලාවට බයිසිකලේට වැදිලා බේරිලා බිමට වැටුනම ආණ්ඩුවේ පොලිසියෙන්ම ඉස්පිරිතාලෙට ගෙනිහින්. ප්‍රේමේ ගේ කට්ටියක් කලා  කියල තමයි සැකේ තියෙන්නේ.
 එයා ස්වීඩන් ගියා. මම නිවාඩු  ඉවර වෙලා සෝවියට් ගියා අපහු. ඒ යනකොට ජෙප්පන් ගෙන් සුළු ධනේශ්වර ප්‍රතිසංස්කරණ වාදියෙක්  කියල නම්බු නාමෙකුත් ලබා ගත්තා  ඔන්න.

දැන් ජෙප්පන්ට හිතැති රොබෝ හන්දියා  හෙවත් මිස්ටර් අවුල්නාදයි විසාර්ඩ් ඔෆ් ඔස් හෙවත් දොන් කොර්ලියෝනේ  හිතන්නේ මං පෙරෙට්ටෙක් කියලා. පෙරෙට්ටෝ හිතන්නේ මම දීප්තිගාමී කියල.  දීප්ති සෙට් එක  හිතන්නේ මං පශ්චාත් නුතන මොකෙක්ද එකෙක් කියලා.  මං හිතන්නේ මං .................................................මට හොඳටම අවුල් ........දහම් සිරිසේන ට කියල යූඑන් එකට වත් පැන ගන්න බලන්න  ඕනේ. පොර අඳුරනවා ඇතිනේ කට්ටිය දැන්. ඉස්සරහට 10% ගන්නේ දහම් සිරා ද කොමිනිකේසන් එකේ සිරා ද කියල දන්න  කෙනෙක් කියනවද? පොඩි බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තියෙනව. යුඑං යන පවුලේ කට්ටිය ස්පොන්සර් කරන්න.



ඇහ් තව පොඩ්ඩෙන් අමතක වුණා. මට සුද්දෙක් යුටියුබ් වීඩියෝවක් එව්වා. මේ ස්ටන්ස්ටෙඩ් ඉඳන් කෙන්ට් පැත්තට යන කෝච්චියක කොන්ඩේ සුදු බඩ රවුම් පොරක් හැමදාම එකම සින්දුවක්  කියා කියා යනවලු. පොරට නම් කිසි දෙයක් තේරෙන්නේ නැතිලු.  මට තේරෙනවද කියල අහනවා. වීඩියෝවේ ලින්ක් එක නම් දාන්න බැහැ. සින්දුව නම් මේ වගේ.

හන්දියේ ඒ ඒ චූ  ගියේ
චූ ගියේ ඒ ඒ හන්දියේ
මට මතක,  මට චූ ගිය හන්දිය,  චූ ගිය අ අ හන්දිය


අඩියක් දමන්නම් ටන නම් ටනානා
බයිටක් කවන්නම් ටන නම් ටනානා
කසියා දමාලා මික්ස් කරලා දෙන්නම්
අනේ ....

හන්දියේ ඒ ඒ චූ  ගියේ
චූ ගියේ ඒ ඒ හන්දියේ
මට මතක,  මට චූ ගිය හන්දිය,  චූ ගිය අ අ හන්දිය

දෙල්කන්දෙන් බහින්නම් ටන නම් ටනානා
වැනි වැනීම යන්නම්  ටන නම් ටනානා
මදි හරියට කෝක් දමා කරකවලා දෙන්නම්

අනේ ....එඑඑ

හන්දියේ ඒ ඒ චූ  ගියේ
චූ ගියේ ඒ ඒ හන්දියේ
මට මතක,  මට චූ ගිය හන්දිය,  චූ ගිය අ අ හන්දිය


පින්තුරය:  ෆ්‍රාන්ස් කෆ්කා  කෞතුකාගාරය ඉදිරිපිට දෙදෙනෙක් චෙක් ජනරජයේ සිතියමට චූ කරති. ( An image of maturity about nationhood?)

50 comments:

  1. මං හිතුවෙ පරණ චීන අගමැති කෙනෙක් වන චූ එන්ලායි ගිය පැත්තක් ගැන ලියල කියල
    - Zhou/Chou Enlai
    එයා ලංකාවට ආපු ගමන ගැන ඔය ජාතියෙ ජෝක් තිබුන කියනව.
    ඒත් අජිත් රශියන් මිසක් චයිනීස් නෙමෙයිනෙ. :-D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. රෂිය ගියාට සිටිසන් ගන්න බැරි වුනානේ.
      අර අහිංසක චීනව ඇදල ගත්තේ මොකටද හිටන්? චූ එන් ලායි සිරිමාවෝ කතාද? එකක් දෙකක් දාන්න.

      Delete
  2. චූ ලංකාවට ඇවිල්ල එක එක තැන්වල ගිහිල්ල තියනව.

    ReplyDelete
  3. කොළඹ ගමයා අයිති වෙන්නෙ විප්ලවේ ගේන්න ගිය පක්ෂයේ කොයි කණඩායමට කියලද හංවඩු ගැහිල ඇත්තෙ..?
    එහෙම කණ්ඩායමක හිටිය කිව්වමත් පොඩි ගතියක් තියෙනවා.
    හැබැයි පුතෝ...ද්‍රෝහියා, පාවා දෙන්නා කියලත් අහගන්න වෙනව පොඩ්ඩක් රෝන්ග් ට්‍රැක් ගියොත් හෙම....

    ReplyDelete
    Replies
    1. මම දන්නෙත් නෑ. මේ රට්ටු කියන කතා. මන් කොහොමත් රෝන්ග් ට්‍රැක් ගියා කියල තමයි මොන කණ්ඩායමත් කිව්වේ.

      Delete
  4. ෆ්‍රාන්ස් කෆ්කා කෞතුකාගාරය ඉදිරිපිට දෙදෙනෙක් චෙක් ජනරජයේ සිතියමට චූ කරති//
    අයියන්ඩි මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    ReplyDelete
    Replies
    1. Over Charles Bridge, the Franz Kafka museum immediately to the right (Cihelná 2b) harbours one of Cerny's most humorous creations. Affectionately titled, "Piss", it features two gyrating, mechanical men urinating on a map of the Czech Republic. Text a personal message to the number next to the exhibit and these chaps will happily waggle their bronze penises around to spell it out for you.
      http://www.theguardian.com/travel/2012/aug/10/david-cerny-sculpture-walk-prague-city-break

      Delete
    2. වීඩියෝ එක:
      https://www.youtube.com/watch?v=tCQzf40AcZw

      Delete
  5. හොඳ වෙලාවට ලන්ඩන් පබ් කියවන්නේ...

    නැත්නම් මේක අර දෙලකඳ හන්දියේ පොර ගැහුවාම ගන්න ආතල් වලට වඩා ආතල් එකක් වෙනවා...

    ReplyDelete
  6. උඹලා දෙන්නා මරු බං.. එකට බිලා දෙපැත්තට කෙල ගන්නවා.. හරියටම ලංකාවේ පාර්ලිමේන්තුව වගේ.. අපිට විහිලු සපයනවද නැත්නම් අපිව විහිලුවට ගන්නවද කියලා තාම හිතා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. හා හා හා හා හා හා , අරූ ගෙන් අහපන්. කෝල් කරන්න බැහැ කුණු හබ්බ කෝටියයි.

      Delete
  7. හැක හැක හැක මම හිටුවේම අරු අයියා නෙලලා කියලා අජිත් අයියට පොලොව යටට යන්නම, හැබැයි මිනිහා මොනා වුනත් මොළ කාරයා , එකනේ ආපහු ආවේ නැත්තේ. මේ අපේ අහිංසක අවුල් හන්දියාව මතක් කළා කියන්න .

    ReplyDelete
    Replies
    1. අපොයි කියන්නම්. මේ දවස් වල කෝබින්මේනියා එකලු. අනේ ඌ ඔය ගහන ඒවාට යන එකෙක් නෙමේනේ. ඒකනේ බය නැතුව මේවා ලියන්නේ.
      ආපහු ආවනම් තව ටිකක් බීල එලිඑනතුරු කතා ටිකක් අහගන්න තිබ්බ.

      Delete
  8. ඔය සින්දුව මං අහලා තියෙන්නේ ඔහොම නෙවෙයි බං.

    ජංගියේ චූ ගියේ
    චූ ගියේ ජංගියේ
    තෙත හන්දා
    ඇඳ ගන්න බෑනේ
    තෙත හන්ද ඇඳ ගන්න බෑනේ

    අව්වේ දමන්නම්
    වේලා අඳින්නම්
    අව්වේ දමන්නම්
    වේලා අඳින්නම්
    වේලෙන්නේ නැතිනම්
    හෙලුවෙන් ඉඳින්නම්
    හෙලූ-වෙන්---- ඉඳින්නම්

    ReplyDelete
    Replies
    1. ඔය පුංචි කාලේ වර්ෂන් එකනේ.

      Delete
  9. හන්දියා ආපහු බ්ලොග ලියන්න එන්නෙම නැතිවේවිද බං.ඌ මේ දවස්වල තනිවම ජීවිතේ ගතකරනවලු නේද?

    ReplyDelete
    Replies
    1. එන්නෑලු නේ. ඌ කියන්නේ නැතුවම බ්ලොගේට ආයුබෝවන් කියලා. පොර හන්දියේ වැඩ කරගෙන ඉන්නවලු. උගේ කැමැත්තනේ බං. ඕන සොමියකට, වලකට, දුකකට හදවතෙන් ම ලඟින් ඉන්න එකෙක්. ඒ නිසා මම මුකුත් කියන්න යන්නේ නැහැ. තනිවම කතාවක් මම දන්නේ නැහැ. අර ඉන්නේ වයිපරේ එක්ක මනාල මහත්තය. අලුත බැඳපු ජෝඩුව වගේ හැමදාම.

      Delete
  10. මේන්න මේවාවත් ලියන්න අජියයියේ.

    ReplyDelete
    Replies
    1. ලිව්වේ ඔබ වෙනුවෙන්මය.

      Delete
    2. හැබැයි අර පොඩි එකාගේ (දුවගේ ) කතාව ඇල්ලුවේ නැහැ මද්දෝ. (කුරුල්ලා ) මේ ලඟදි වෙච්ච දවල් එක්ක ටිකක් සංවේදී මදි වගේ දැනෙනවා. මෙතන දැම්මේ සාධාරණව වටහා ගනී කියල හිතා ගෙන. තරහ වෙන්න එපා.

      Delete
    3. ඇත්තෙන්ම අජිත් අයියා ඒ ගැන කියනකමි මධුවත් අපිවත් ඒ ගැන ඒ තරමි දුරට හිතුවෙ නැ.

      Delete
    4. මෙන්න මේවාවත් නොව මෙන්න මේවාත් ලියන්න වශයෙන් නිවැරදි වියයුතුය. වයන්නක් කල හරියක්!
      ඒ වරද පිළිගත්තා සහෝ. වැහුවා අළුත් පෝස්ට් එකකින්.

      Delete
  11. හොඳටෝම වෙරිවෙලා ලියපු එකක් වගේ ....
    මේක කියෝලත් මට හොඳටෝම වෙරි වගේ .........

    ReplyDelete
    Replies
    1. වැඩිය බිව්වේ නැහැ ඔය කිව්වට.

      Delete
  12. අජිත්, උඹ පෙරෙට්ටෝ ගැනයි සහෝදරයෝ ගැනයි කියනකොට මට මතක් වුනේ වජිරපානි සහෝදරයත් ඒකෙ නේද? උඹ දන්නව ඇතිනේ? ඔන්න පොර මාත් එක්ක එකම ස්ටාෆ් එකේ හිටියා.

    ReplyDelete
    Replies
    1. පානි කියන කටුබැද්දේ හිටපු පොරද ?

      Delete
    2. මේ පාර ජනාධිපතිවරණයටත් ඉල්ලපු පොර. මම දන්න කාලෙ හිටියෙ එහෙ නෙවෙයි.

      Delete
  13. මල් ඔතනෝ අපි මල් ඔතනෝ.....!!!!

    ReplyDelete
    Replies
    1. දැන් ඩෙන්මාර්ක් වලද ඇම්ස්ටර්ඩම් වලද මේ දවස් වල? මල් ඔතනවා නම් ඉතින් ...ඇම්ස්ටර්ඩම් වෙන්නැති නේද? අපිත් එන්නද?

      Delete
  14. අනේ......... මං...ද
    හැක්...
    සූ සූ සූ සූ හිහි

    ReplyDelete
    Replies
    1. මොකක්ද වුනේ නයෙක් වත් ආවද

      Delete
  15. හිනා වෙවී ලියලා තියෙන්නෙ.. මම බයෙන් බැලුවෙ දිව උලුක් වෙලා මොලේ ගැට ගැහෙන එකක්ද කියලා.. ඒවා හෙමින් සැරේ නෙව කියවන්නත් ඕනෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හි හි පරමාණුවක් ගැන ලියන්න බෑ . සිරිසා ගැන ලියන්න බෑ නාහෙන් අඬනවා. මොනවා ලියන්නද අරූව බයිට් කරනවා මිස.

      Delete
  16. ....// "අර 87 පිටකොටුවේ දේශ ප්‍රේමි කට්ටියක් සෙට් වෙලා බස් ගිනි තියන වෙලාවේ". //...

    මෙ කාලේ මම පුංචි එකා.අපේ ගමෙ තුංමන්හංදියක ටයර් දාලා කොල්ලෝ වගයක් ගිනි තියලා තිබුනා.බාගෙට පිචිචුන ඒ කොල්ලොන්ට පන තිබුනා.ඒත් එතනින් ගිය හැමෝම ඒක නොදැක්කා වගේ ගියා.ඉන් ටික කාලෙකට පස්සේ STF එකේ හිටපු තාත්තාගේ මල්ලිව වද දීලා මරලා දාලා තිබුනා.මට ඒ දවස්වල තිබුන ප්‍රශ්නයක් තමයි ඇයි මෙ අය මෙහෙම මරාගන්නේ කියන එක.පුංචි වුනත් ඒ දවස්වල නිතරම හිතේ බයක් තිබුනා තාත්තාටත් මොනව හරි වෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. මට නම් හුඟක් දුකයි ඒවා අහනකොට. ඒ කොල්ලෝ පන දුන්නේ තමන් විශ්වාස කරපු දෙකට. නමුත් එකට මරා ගැනිල්ල මට අනුමත කරන්න බහ. ඒ දවස් වල ආණ්ඩුවේ මර්දනය තදින් තිබුන. 1983 න් පස්සේ. කොහොමත් මම එක එක පක්ෂ වල අය මරල බලය ලබා ගැනීම වැරදියි කියන මතයේ මුල ඉඳන්ම හිටියේ.

      Delete
  17. කොහොම හරි හන්දියල එක්ක සෙට් වෙලා මෙයාලා අඩියකුත් ගහලා. මාතේ මේ සෙනසුරාදා අපිත් සැට් වෙමු බං. ඉවානයට නං කියන්න එපා බයිට් ටික ඉවර කරනවා. දියවන්නාව අයිනට යනවනං කීයට විතරද යන්නේ මට කියන්ඩෝ.

    ReplyDelete
    Replies
    1. එක අඩියක් විතරක් පිස්සුද කෙළවරක් නැහැ. -- දැන් ඉරිසියාව ටික ටික එනවද

      Delete
  18. මචංස්ලා......ගණන් ගන්න එපා. කොට ලෝටස් කියන්නේ BOXගත බුවෙක්. වොඩ්කා ෂොට් එකට උඩින් ජොයින්ට් එකක් ගැහුවාම පොරත් මම වගේම out of the box තමයි. ටෝක් නැත්නම් ෂෝක්!!!!!!! Aru!!

    ReplyDelete
    Replies
    1. BOXගත බුවෙක්. මගේ බොෂ් එක යකෝ විශ්වය තරම් විශාලයි. උඹල ඉන්නෙත් එකේ ඇතුලේ. අරුවා , එන්නේ නැහැ කියලා ආවනේ බ්ලොගට. බනින්නම ඕනේ උඹට එන්න නේද? ඔන්න දැක්කද?
      //ටෝක් නැත්නම් ෂෝක්// - සැහෙන්න රිදිලා වගේ නුඹ නාඩන් නුඹ නාඩන් ..........වෙම්බ්ල්ය් වල තොසේ කඩේකට සෙට් වෙමු ලබන සතියේ.

      Delete
  19. මචංස්ලා......ගණන් ගන්න එපා. කොට ලෝටස් කියන්නේ BOXගත බුවෙක්. වොඩ්කා ෂොට් එකට උඩින් ජොයින්ට් එකක් ගැහුවාම පොරත් මම වගේම out of the box තමයි. ටෝක් නැත්නම් ෂෝක්!!!!!!! Aru!!

    ReplyDelete
    Replies
    1. අැයි අරූ අයියේ හැංගි හොරා...........

      Delete
  20. ෂිට් හැපන්ස් එව්රිවෙයා

    ReplyDelete
    Replies
    1. දේශා.....forest gump කොහොම වුනත් අරූ කියන්නේ කාටත් චුයින්ගම් එකක්. හැක් හැක් දේශා. දවසක හමුවෙමු.

      Delete
  21. අරූයියා දැන් බ්ලොග් වලට එන්නේ නැහැනේ ඒ නිසා අපි ඌත් එක්කලා තරහයි දැන් හිටං.

    ReplyDelete
    Replies
    1. ඔය උඩ ඇවිල්ලා ඉන්නේ. කොමෙන්ට් දාන්න.

      Delete
  22. අපි නං නැහැ ඔය වලි වලට.. අපි අහිංසක ළමයි හරිය...........

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .