මගේ සොහොයුරා කොළඹ කොටුවේ පිපිරුණු එල්ටීටීඊ සියදිවි නසාගන්නා බෝම්බ කරුවෙකු ගේ ප්‍රහාරයකදී තුවාල ලැබ කකුලක් බිඳී යාම නිසා කකුලේ වානේ (යකඩ) කූරක් දමා ඇති අයෙකි. ඒ නිසා ඔහු ඇවිදින්නේ කිහිලි කරුවක ආධාරයෙනි. ඔහු සෙමෙන් වාහනයෙන් බැස කිහිලි කරුවේ ආධාරයෙන් වාහනයේ මැද දොරටුවට එන විට මම වහාම බැස සිලින්ඩරය ගත්තෙමි. අප එය රැගෙන වෙළඳ සල ඉදිරියට ගොස් බලා සිටියෙමු. කඩයේ මුදලාලි කවුදෝ ගැහැණියක සමග බර කතාවකය. ඔහු අපේ පැත්ත බැලූ මුත් අර "නෝනා " සමග කතාව නතර කලේ නැත. "නෝනා ද " කතා කලේ මහත් උජාරු ස්වරූපයකිනි. කඩයේ සේවකයෙකු ද සිටි මුත් ඔහු වෙනත් "බර" වැඩක්ය. කඩ හිමියා මේ වැදගත් කතාව කරන කාන්තාව කවුද යයි මම සහෝදරයා ගෙන් විමසීමි. ඇය ප්‍රාදේශීය සභාවක වැඩකරන ටිකක් වෙන්නට ඔලුව උදුම්මාගෙන සිටින තැනැත්තියක බව සහෝදරයා පැවසුවේය. ඉවසීමෙන් විනාඩි පහකටත් වඩා බලා සිටි පසු, මොන කෙහෙල්මලකටද මෙතන ඉන්නේ වෙන කඩ නැත්දැයි මම සහෝදරයා ගෙන් ගෙන් විමසීමි. මේ වෙලාවේ ඇරලා තිබෙන්නේ මුස්ලිම් කඩයක් විතරයි කී ඔහු තමන් මුස්ලිම් කඩ වලට නොයන බවද කිවේය. මෙතන බඩු ගන්නට ඇවිත් මුන්ගේ ආඩම්බර බලනවාට වඩා මුස්ලිම් කඩයට යමු යයි මම කීවෙමි.
අකමැත්තෙන් වුවද සොයුරා සිලින්ඩරය නැවත පටවාගෙන රථය හරවා ගත්තේය. මුස්ලිම් කඩයේ මුදලාලි ද කඩය වසන්නට ළඟ බැවින් දෙතුන් දෙනෙකු සමග කතා කරමින්, කවුන්ටරය අස් කරමින්ද උන්නේය. වාහනය නතර කල සැනින් සිනාමුසු මුහුණින් ඔහු එදෙස බැලිය. සොහොයුරා රථයෙන් බැස ගෑස් සිලින්ඩර් තියෙනවා දැයි ඇසීය. වහාම සේවකයෙකුට කතා කළ ඔහු සිලින්ඩරයක් රැගෙන එන ලෙස දැන්විය. සේවකයා වහා පැමිණ රථයෙන් අපේ හිස් සිලින්ඩරය රැගෙන කඩයේ තබා අලුත් එකක් රථයට පැටවීය.
අපට එය ඔසවා ගෙන ගොස් කඩය ඉදිරිපිට බලා සිටීමට සිදු නොවිණි. සේවකයා ඉන්පසු සොයුරා ගෙන් මුදල් රැගෙන මුදලාලිට දී ඉතිරිය ද ගෙනත් දුන්නේය. මුදලාලි අප නික්ම යනවිට අප හොඳින් දන්නා අඳුනන කෙනෙකු පරිද්දෙන් අතද වැනීය. සියල්ලටම ගතවුයේ විනාඩි කීපයකි. ඒ පාරිභෝගිකයාට සළකන වෙළඳාම යි.
සිංහල වෙළෙන්දා වෙළඳම් කරන්නේ තමන් කඩය ගෙනි යන්නේ පාරිභෝගිකයාගේ ලාභයෙන් නොවන ආකාරයටය. මෙවැනිම ආඩම්බර කමක් මා දුටුවේ සෝවියට් දේශයේ වෙළඳ සල් වලය.
සෝවියට් දේශයේ වෙළඳ සල්වල බොහෝ දේවල් මිල ඉතා අඩුය. ඒ නිසා භාණ්ඩයක් හෝ දෙකක් ගන්නවා වෙනුවට කීපයක් ම මිලදී ගැනීම බොහෝ අයගේ සිරිතය. මේ නිසා කෘතීම භාණ්ඩ හිඟයන්ද එහි නිතර ඇති වුනි. වෙළඳ සල් අයිති රජයට නිසා ඒවයේ වැඩ කරන අයද රජයේ සේවකයන්ය. රජය කියන්නේ ජනතාව කියා කොතෙකුත් කීවද සැබෑ ලෝකයේදී එය එසේ නොවේ. සැබෑ ලෝකයේ රජය ජනතාවගේ නියෝජිතයා ම නොවේ. සෝවියට් දේශයේ ජනතාවට රජය තමන් ගේ යයි කියා තිබුනද ඔවුන් සිතුවේ රජය යනු කොමියුනිස්ට් පක්ෂය හා රාජ්‍ය නිලධාරීන් බවයි. සාමාන්‍ය වෙළඳ සල් හා විශාල සුපර් මාර්කට් වල සේවකයන් සිතුවේ තමන් රජයේ සේවකයන් මිස ජනතාවගේ සේවකයන් නොවන බවයි. ජනතාවට හොඳ සේවයක් සැපයුවා කියා ලැබෙන දෙයක් නැත. ඒ නිසා තියෙන ටික හොරකම් කිරීමටත් ඉතිරිය යහළුවන්ට දීමටත් ඔවුන් පෙළඹුණි.
කෝබින් සමහර විට ජයග්‍රහණය කලොත් මේ වැනි තත්වයක් ඇති වේ යයි බොහෝ දක්ෂිණාංශික පුවත් පත් බිය පල කරනු ලබයි. කෝබින් දැනට එවැනි දෙයක් කරන්නේ යයි කියා නැත. දුම්රිය සේවය එංගලන්තයේ අතිශය අසාර්ථක නිසා එය යුරෝපීය ක්‍රමයට සාමුහික අයිතියට ගෙන එම පිළිබඳව පමණක් ඔහු කතා කරන බැවින් ඉහත ප්‍රශ්නය ගැන ඔහුට අවබෝධයක් ඇති බව සිතිය හැකිය. කෙසේ වතුදු එංගලන්තය වැනි පාරිභෝගිකයාට සලකන වෙළඳ සල් හා සේවා තිබෙන රටක සියල්ල රාජ්‍යයට අයිති කර ගැනීමට කෝබින් නොයනු ඇත යන්න මගේ විශ්වාසයයි. එසේම එංගලන්තයේ හෝ යුරෝපයේ වෙනත් රටවල රාජ්‍ය ආයතන වල සේවකයන් (නගර කවුන්සිල් හැර - මෙය වෙනම කතාවකි) තමන් ගේ සේවය ලබාගෙන එන ජනයා ට හොඳින් සලකති.
තමන් මේවායේ අයිතිකරුවන් බව ජනතාවට ඇති දැනුම මෙයට හේතුව යයි සිතමි.
උපුටා ගත්තේ ෆේස්බුක් හි එස්එල් බුවා ප්‍රෝෆයිලයෙනි. |
මත්තල ගුවන් තොටුපලට ගිය වියදම ඉදිරියට දරන්නේද ඒ ණයට පොලිය ගෙවන්නේද ශ්‍රී ලංකාවේ ජනතාවය. ඒ ගුවන් තොටුපල ශක්‍යතාවය පිලිබඳ වර්තාවකදී උපයෝගිතාව අතින් ඉතාම හොඳ තැනක් බවට සඳහන් වූ බව මිතුරෙකු පැවසිය. ඔහුට අනුව මාගම්පුර වරාය ද එවැනිම වැදගත් මර්මස්ථානයක පිහිටා තිබේ. නමුත් මේ දෙකම ආර්ථික වශයෙන් ලාභ ගෙන දෙන ඉදි කිරීම් නොවේ. මොන සමාජක්‍රමය යටතේ වේවා පලප්‍රයෝජනයක් නැත්නම් එය කුමට ඉදි කලේද යන ප්‍රශ්නය මතුවේ. අවුරුද්දට වරක් දෙවරක් ගුවන් යානයක් පැමිණි විට එයත් ප්‍රවෘත්තියක් බව ෆේස්බුක් හි ඇති උපහාස පින්තුරයක සඳහන් විය. මේ සඳහා ණයට ගත් මුදල් රාජපක්ෂ මහතා හෝ ඒ රජයේ ඇමතිවරුන් විසින් ගෙවන්නේ නැත. ඔහුගේ නම ඒවාට යෙදිය යුත්තේද ඔහු ගේ රජයකින් නොව ඉන්පසු එන වෙනත් රජයකින් හා ජනතාව ගේ අනුමැතියෙන් ඔහු ගේ සේවය අගැයීමට පමණය.
මහින්දෝදය විද්‍යාගාර හා අධි වේගී පාරවල් ගැන කිව යුත්තේද මේ ටිකමය. මහින්ද රජ සමයේ ඉදි කලේ රජු ගේ භාණ්ඩාගාරයේ ගොඩ කරගෙන තිබූ මුදලින් නොව රටවැසියාගේ බදු හා ආදායම් උකසට තබා ණයට ගත් මුදල් වලිනි. යෝජනාව දේශපාලකයෙකු ගෙන් විය හැකිය. ජනතාව ඔවුන් පත් කලේද එයටමය. ඒ නිසා ඒවායේ අයිති කරුවන්ද ඔවුන්ය. මෛත්‍රී උදාව , වික්‍රමසිංහ පුර වැනි ඉදිකිරීම් ඉදිරියට පැමිණේදැයි නොදනිමි.
මෑතකදී විවෘත කරන ලද අධිවේගී මාර්ගයේ පීත්ත පටියක් කාන්තාවන් දෙදෙනෙකු විසින් බලෙන් කපා තිබුණි. හරියටම හරිය. අමාත්‍ය කිරිඇල්ල ඔහුගේ මුදලින් ඒවා හැදුවේ නැත. ප්‍රශ්නය නම් මේ කාන්තාවන් දෙදෙනා එය බැර කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට වීමය. ඒ මදිවට ප්‍රසන්න රණතුංග ඒ දෙදෙනා බැලීමට ද ගොස් (ගියා ද දන්නේ නැත ) ඇත. ඔවුන් කල ක්‍රියාව අගය කිරීමටය. ඔව්, ඔවුන් ජනතාවට අයිති දෙයක් ලෙස ජනතාවගේ නාමයෙන් පීත්ත පටිය කැපුවා නම් ප්‍රශ්නයක් නැත. ප්‍රසන්න රණතුංග යන්නේ ඔවුන් මහින්ද වෙනුවෙන් හෝ ඔහු වෙනුවෙන් එය කළ නිසා ස්තුති කරන්නටය. දැන් ප්‍රසන්න හිතන් ඉන්නේ මේ එයාගේ බුදලයෙන් හැදූ එකක් කියාද? ඔහුගේ පියා වන රෙජි රණතුංග වත් එහෙම මුදලක් භාණ්ඩාගාරයට ප්‍රදානය කල කියාවත් අපි දන්නේ නැත.
මා සිතන්නේ මේ සෑම විවෘත කිරිමකම දැක්වෙන "අහවලා විසින් ජනතා අයිතියට පවරන ලදී" වෙනුවට "ජනතාව ගෙවා සෑදූ අධිවේගී මාර්ගය ජනතාව විසින් අහවලාට කියා විවෘත කර ගන්නා ලදී " යනුවෙන් වෙනස් කල යුතු බවයි. ජනතාවට අයිති දෙයක් ජනතාවට නැවතත් පවරන්නේ කුමටද?
දැන් නැවතත් ලාභ පාඩු වෙළඳාමට යමු. මේ පැත්තේ ඇති දෙමළ කඩයේ අය ඉතා හොඳය . වල් ඌරු මසක්, මුව මසක් ගෙන ආ විගස අපට දුරකතනයෙන් කතා කර දන්වති. ගිය විට සිංහලෙන් කතා කිරීමට යත්න දරති. (මට නම් එහි වැදගත් කමක් නොපෙනේ. නමුත් ඒ ඔවුන් ගේ කැමැත්තය) හොඳ සැළකිල්ලක් දක්වති. ඒ නිසා මම එතනට යාමට කැමතිය. පහත වරකා කෑල්ල එහි විකිණීමට තිබුනේ පවුම් 4.50 කට හෙවත් රුපියල් 990 කටය.. (දැන් ඇති අනුපාතයට අනුව ) හොඳින් බැලූ විට එය වරකා ගෙඩියෙන් 1/16 කි. ඒ අනුව මුළු වරකා ගෙඩිය පවුම් 72කි (රුපියන් 15400කි) . ප්‍රවාහන වියදම් වශයෙන් පවුම් දහයක් හා බදු සඳහා පවුම් 2 කක් අයින් කලොත් ලාභය පවුම් 50-60 වේ. අපි අර 1/16 කෑල්ල රැගෙන සතුටු වෙමු.
දැන් කල්පනා කර බලමු සෝවියට් දේශයේ කඩ ගැන. ලාභයක් නැති නිසා භාණ්ඩ වල මිල අඩුය. සේවිකාවන් අපට හොඳින් සලකන්නේ යාප්පුවෙන් යමක් විකුණන්නේ නැත. නමුත් මිලදී ගත හැකි නිසා අපි පෙරේත කමට එකම වර්ගයේ භාණ්ඩ කීපයක් රැගෙන් ගොඩ ගසා ගත්තෙමු. නැත්නම් සේවික සේවිකාවන් ඒවා සඟවා (අර ආණ්ඩුවේ සමුපකාර මෙන්) පස්ස දොරෙන් වීකුණුහ .
සෝවියට් දේශයේ වැරැද්ද වුයේ මිනිසුන් රජය තමන්ට පිටතින් ඇති දෙයක් බව සැලකීමයි. මාක්ස් කි අහෝසි වී යන රාජ්‍යය වෙනුවට සෝවියට් රජය බලසම්පන්න එකක් විය. (නැතහොත් අප එසේ සිතා සිටියෙමු) එය ඇද වැටුනේ ගිණිකුරු වලින් සෑදූ මාලිගයක් වැටෙන ආකාරයටය. ඇද වැටී ගොඩ නැගුනේ මිල අධික භාණ්ඩ ඇති, ඩොලර් මිලියන් ගණන් වත් පොහොසත්කම් ඇති රුසියානුන් සිටින අර්ධ ඒකාධිකාරී රාජ්‍යයක් ය. වැඩි ගණන් දී තත්වයෙන් උසස් භාණ්ඩ ගැනීමට එහි වැසියන් කැමතිය.
මේ අප කැමති ජිවන රටාවයි.
ඔස මුස්ලිම්/දෙමළ කඩ සහ සිංහල කඩ කේස් එක 1910 දශකයේ පමණ පියදාස සිරිසේන ලියූ පොතකත් තියෙනවා.
ReplyDeleteසියවසක් ගතවී ඇත!
ඒත් වෙනස් වී නැත. (ඒ පොත මොකක්ද? අර සිරියාවතී කියන එකද ? දැන් මතක නැහැ )
Deleteසෝවියට් ක්‍රමය කඩා වැටුනට පසුව, පොලේ බඩු ගන්න ගිහිං, බඩු විකුණමින් හිටි, යුවලකට කිට්ටු වෙලා, බඩු වල ගණන් ඇහුවා. කියුවේ සියිචාස් පිරිරිෆ් (මේ වෙලාවේ නිවාඩු) කියල. මේ පාරේ බඩු විකුනපු මිනිසුන්.
ReplyDeleteසෝවියට් ක්‍රමයට වුණේ මොකක්ද කියන එක ගැන, ඔරුවල බන්දු වගේ හැඟීම් වලට නොවී අප කතා කළ යුතුයි මචං. සමාජවාදය තියා ප්‍රජාතන්ත්‍ර වාදය වත් බලෙන් ස්ථාපිත කරන්න නොහැකියි. මේ දෙකම සමාජයේ තේරීමක්.
(මගේ අන්තිම සටහන targeted readership එකකට ලියූ නිසාත්, බොහෝ දෙනාට එය අප්‍රබංශයක් වීමට ඉඩ ඇති නිසාත්, වැඩිපුර ලියනවා යයි කියා උඹෙන් බැනුම් අහන්න අකමැති නිසාත් යතුරු දමා ඇත). :)
//වැඩිපුර ලියනවා යයි කියා උඹෙන් බැනුම් අහන්න අකමැති නිසාත්// විහිළුවට බන්. උඹ ලියපන්. කියව ගන්න බැරි වෙච්ච ගොඩක් ඒවා තිබෙනවා.
Deleteසියවස් දෙකක් ගත වුවත් අපේ අය යන පාර වෙනස් කරන්නේ හරිම අමාරුවෙන්...
ReplyDeleteඒක තම රසිකත් අර උද කොමෙන්ටුවෙන් කියල තියෙන්නේ මගේ හිතේ.
Deleteසිංහලයන් චිරාත් කාලයක් ගොවිතැන් කල ජාතියකි. වෙළඳාම ඔවුන්ට නුහුරුය එය ජානගතවී නැත. වෙළඳාම මුස්ලිම්වරුන් ගේ ලේ වලට කා වැදී තිබේ. එම නිසා සිංහලයන්ට කස්ටම කෙයා යන සංකල්පය අවබෝධ වීමට තව බොහෝ කාලයක් යනු ඇත.
ReplyDeleteජාන ගත වුන වෙළඳාම ?? මුලිම් මිතුරෙකුට සමජව්දය ගැන කියන්න ගිය මගේ මිතුරෙකුට ඔහු කිව්වේ - "අපට අපේ ආගමෙන් වෙළඳම් කරලා හම්බ කරන්න කියලයි කියල තියෙන්නේ. ඒ නිසා සමාජවාදය අපට හරි යන්නේ නැත " කියල.
Deleteදෙමල, මුස්ලිම්, සිංහල කඩ ගැන මගේ ද අද්දැකීම මේහා සමාන ය. බොහෝ විට සිංහල මුදලාලිලා තම පාරිබෝගිකයා නැතත් ලාබ ලැබිය හැකි බව සිතා සිටිනවා යැයි මට සිතේ. එලෙස එක් කඩයකට මා කිසිඳු හේතුවක් නිසා හෝ නොයාමට තීරනය කලේ මෙකී කරුනු නිසාය. කතාබහ කරන විට සුහදව කතා නොකිරීම, මුදල් පාරිබෝගිකයාගේ අතට නොදී මේසය උඩට විසි කිරීම, භාන්ඩ ලබා දීමේදී අදික ලෙස ප්‍රමාද වීම මට ඉවසිය නෙහැකිය. නමුත් මා දන්නා පරිදී මුස්ලිම් වෙලඳුන් ඊට වඩා වෙනස් ය. ඉතා ඉක්මනින් වැඩ කරයි. පාරිබෝගිකයා සමග ඉතා සුහද ය. මුදල් ලබාගෙන ඉතිරියද අතට ම දෙන්නේ ස්තුති කරමිනි. ඇරත් එක් දිනක් ගනුදෙනු කල පාරිබෝගිකයා බොහෝ කල් ගියත් හොඳින් මතක ය.
ReplyDeleteජනසතු කිරීම ගැන නම් කීමට හැක්කේ මේ කිසිවක් මහ ජනතාවගේ මුදලින් කල බව මේ දේශපාලුවන්නොදන්නවා විය හැකි බවයි. අනේ අපි වෙනුවෙන් පාර්ලිමෙන්තු ගොස් දුක් විඳින මේ පිරිසට වචනයකින් හෝ අවලාද, අපවාද නොකරනු මැනවි.
//බොහෝ විට සිංහල මුදලාලිලා තම පාරිබෝගිකයා නැතත් ලාබ ලැබිය හැකි බව සිතා සිටිනවා යැයි මට සිතේ.// ඔන්න ඕක තම ප්‍රධානම ප්‍රශ්නේ.
Delete// මුදල් පාරිබෝගිකයාගේ අතට නොදී මේසය උඩට විසි කිරීම// මේක මටත් වෙලා තිබෙනවා. තමන් හෙන උසස් කියල හිතා ගෙන ඉන්නවා.
ඇත්ත කතාව මොකක්ද දන්නවද සිංහල මිනිහට බිස්නස් තේරෙන්නේ නෑ... බිස්නස් දන්නෙත් නෑ.. මිනිස්සුන්ගේ ඉල්ලීම් සත පහකට ගනන් ගන්නෙ නෑ.. මිනිස්සුන්ට ඕන මොනවද, රටේ තත්වෙ කොහොමද.. බජාර් එකේ තත්වෙ කොහොමහ්ඩ කිසි දෙයක් දන්නෙ නෑ.. ඒකට ප්‍රධානම හේතුව.. මුදලාලි කෙනෙක් වෙනකොට අපේ එකා සමාජයෙන් ඈත් වෙලා ප්‍රභූ පොරක් වෙන එක.. ඒත් කෝටි පති මුස්ලිම් එකා උනත් හැම්දෑවට පල්ලි ගියාම ඔක්කෝමෞන් එක්ක සහෝදරත්වය කියන් එක අමුවෙම විඳිනවා.. රජ කාළෙත් වෙළඳාම කළේ මුස්ලිම් උන්.. අපේ උන් පුක ඉරාගෙන ට්‍රයි කලාට.. උන්ගේ මාකටින් ගැන දන්නෙ නෑ.. මාකටින් ඩිග්‍රී ගත්තට වැඩක් නෑ.. ප්‍රැක්ටිකල් නැත්නම්.. ලලිත් කොතලාවල උනත් කඩා වැටෙන්නේ ඒ නිසයි.. අබ්දුල් රහීම්ස්ලා අදටත් බිස්නස් කරනවා.. හතරවන පරම්පරාව..
ReplyDelete//මුදලාලි කෙනෙක් වෙනකොට අපේ එකා සමාජයෙන් ඈත් වෙලා ප්‍රභූ පොරක් වෙන එක.. ඒත් කෝටි පති මුස්ලිම් එකා උනත් හැම්දෑවට පල්ලි ගියාම ඔක්කෝමෞන් එක්ක සහෝදරත්වය කියන් එක අමුවෙම විඳිනවා.// සැහෙන්න හොඳ කියමනක්. මෙන්න මේ මුදලාලි පන්සලේ ප්‍රධාන දායකයා වී ප්‍රභූ වුනාට පස්සේ වෙළඳ හලට එන එවුන් වැඳලා බඩු ගන්නේ ඕනේ වගේ තත්වයක්.
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteමාතෙටනං මේක මතක ඇති. අජිත් අයියත් බලන්න පුළුවන්නම්.
http://visitor-v.blogspot.com/2014/10/wake-up-you-sinhala-merchants.html
මේක තමා අද මගේ කමෙන්ටුව.
ඇයි මදාවියෝ ගිහින් බලපියකෝ මේකේ කොමෙන්ටු. ඒකේ තියෙනවා මටත් මේ වගේ කතාවක් තියනවා දාන්නම් කියල. ඒක තමා මේ දැම්මේ. මදවියෝ නිසා තමා එතනට ආවේ කියලත් ලියල තියෙනවා.
Deleteසොරි ඩොට්කොම් වේවා මගේ මුුග්ධ භාවය ගැන. ඇල්ෂයිමර්!
Deleteඔ්ං මදාවියා අැණ ගත්තා................... අා... නෑ නෑ මූට මුකුත් කියලත් බැහැ... අපේ කොල්ලානේ......
Deleteසොරි කියන්නේ මොකටද මලේ. මට අමතක වෙන ඒවා දැක්කම. ඇල්ෂයිමර් මට තිබුනත් මේ යන්ග් ටර්ක්ස් ලට තියෙන්න බැහැ.
Delete//අහවලා විසින් ජනතා අයිතියට පවරන ලදී" වෙනුවට ජනතාව ගෙවා සෑදූ අධිවේගී මාර්ගය ජනතාව විසින් අහවලාට කියා විවෘත කර ගන්නා ලදී යනුවෙන් වෙනස් කල යුතු බවයි//
ReplyDeleteසත්‍ය ලෙසම විය යුතු දෙයක් තමා මේකනම්.
අන්න කරමු වැඩේ.
Deleteඅකුරු ලොකු කරන්න..
ReplyDeleteඔබතුමා ගේ උපදෙස් වහාම පිලි පැද්දෙමි.
Deleteඅකුරු පොඩි වැඩියි... මොකෝ මේ සූටි කරල තියෙන්නෙ...
ReplyDeleteසිංහල මුස්ලිම් කඩවල වෙනස නං ලොස් ැතිව අත්විදල තියෙයි.. සිංහල කිඩේකට ඉස්සෝරම යනේකා ආයෙ යන්නෙ නෑ වැස්සකටවත්.. ඒ හැටි..
මගේ වැරැද්ද. මම zoom කරලා තිබ්බේ බ්‍රව්සරේ.
Deleteකියවන්නට බැරිය.පොන්ට් එක තව කුඩාකරන්නට බැරිද?
ReplyDeleteමේවට කියන්නේ "හැලප irony " කියල. හා හා :)
Delete//ජනතාවට අයිති දෙයක් ජනතාවට නැවතත් පවරන්නේ කුමටද?//
ReplyDeleteඒවිතරක් නෙමෙයි දේශපාලුවන් තමන්ගේ ජොබ් එක ඉඳල හිටලවත් කිරීම ( පගාව හා කොමිසුත් අරගෙන ) මිනිස්සු හිතන්නෙ මහා ලොකු කැප කිරීමක්/ සේවයක් කියල නේද? දේශපාලුවන්ට ඔයතරම් වරප්‍රසාද ලැබෙන්නෙ ජොබ් එකක් කිරීමට මිස ප්‍රභූන් වංශාධිපතියන් ලෙස "පාලනය" කිරීමට නෙමෙයි කියල මිනිස්සුන්ට හිතෙන්නෙ නැත්තෙ මිනිස්සු ඇත්තෙන්ම තමන් පහත් කියල හිතන නිසාද
අජිත්, වල් ඌරු මස් / මුව මස් කොහෙන්ද ලැබෙන්නෙ?
හන්ටින් නෑනේද? deer farm ද? වල් ඌරුමස් ප්‍රංශයෙන්ද?
පෞද්ගලික වතු වල ඉන්න සත්තු හන්ට් කරන්න අවසර තිබෙනවා මෙහෙ. ප්‍රන්ස්හෙන් එන්නේ ගෙඹි මස් සහ හා මස්.
Delete// දේශපාලුවන්ට ඔයතරම් වරප්‍රසාද ලැබෙන්නෙ ජොබ් එකක් කිරීමට මිස ප්‍රභූන් වංශාධිපතියන් ලෙස "පාලනය" කිරීමට නෙමෙයි කියල මිනිස්සුන්ට හිතෙන්නෙ නැත්තෙ මිනිස්සු ඇත්තෙන්ම තමන් පහත් කියල හිතන නිසාද // මෙහෙම දෙයක් මටත් හිතිලා ටියෙනේව. බ්ලොග් වලින් ෆේස්බුක් එකෙන් කියලම මේක වෙනස් කරන්න ඕනේ . පත්තර ගැන කියල වැඩක් නැහැ.
හපෝ.. මම නම් යන්නේ නෑ මුස්ලිම් කඩේකට.. ඒවා හලාල් නෙහ්.. ගැස් එකට වඳ පෙති දාල තිබ්බේ නැද්ද මෙයා? කොච්චර රව්වත් ගෙරෙව්වත්.. සත පහක් අඩු කරේ නැතත්.. තව මේ වගේ මොන ඩේ උනත්.. මම නම් යන්නේ සිංහල බෞද්ධ මුදලාලිලා ගාවට විතරයි.. ඔන්න එන්න එපා ඔය අනම් මනම් කියන්න අපේ ජාති ආලෙට එහෙම.. හරිය..
ReplyDeleteඅපි ඔය නේවි, x -නේවි කට්ටිය එක්ක ඇර ගන්න යන්නේ නැහැ. ඕන කඩේකට යන්න. මේන් අයින් වුණා.
Deleteමගේ බොහො මිතුරන් සිංහල අපි සිංහල කඩවලට පමනක් යායුතුය කියන මතයේ ඉන්නවා.නමුත් අපි සිංහල කඩයකට ගියාම එතන ඉන්න හැමෝම අපි දිහා බලන්නේ මෙ මොක්කුද තවත් කරදරකාරයො ටිකක් ඇවිත් කියන හැගීමෙන්.හරි කේන්තියෙන් අපි දිහා බලන අයත් ඉන්නවා.ගන්න භාණ්ඩවල වටිනාකම අඩුනමි ගනන්ගන්නේවත් නැ.මට දවසක් අත්‍යවශ්‍යම හදිසි වැඩකට S-Video කේබල් එකක් හොයාගන්න වුනා.සිංහල කඩවලට ගියාම අහක බලාගෙන නැ කිවිවා මෙතනින් පල කියනවා වගේ.මුස්ලිමි කඩයකට ගියාම ඒකේ තිබුනේ නැ ඒත් ගන්න පුලවන් තැන් කිහිපයක්ම කීවා.මම එ තැනකින් ගත්තා.මට කලාතුරකින් හමුවෙලා තියනවා පාරිභෝගිකයා සමග ඉතා සුහදව කටයුතු කරන සිංහල ව්‍යාපාරිකයෝ.ඒත් බහුතරය නමි අර වගේ තමයි.
ReplyDeleteජාතිය බේරා ගන්න විතරක් සිහල කඩ වලට යාම තේරුමක් නැහැ. ඔවුන් පාරිභෝගිකයට හරියට සැලකිය යුතුයි.
Deleteඔය මුස්ලිම් කඩ වර්ජනය මහා විහිළුවක්.දැනට අවුරුදු කිහිපයකට කලින් අර බෝ.බ.සේ ඕක ලොකුවට ප්‍රමෝට් කෙරුවා.
ReplyDeleteඒ ගොල්ලෝ ඒ විහිළුවට නේ කලේ. හේ හේ
Deleteරෙදි පිලි වෙළඳාම ගමුකෝ.. සිංහල කඩේකින් නම් රාක්කෙන් එලියට ගන්නෙ නෑ.. නමුත් මුස්ලිම් කඩේක ඔක්කොම ඇදලා පෙන්නලා ගත්තුඑක හොඳ නැත්තම් ආයෙ එන්න මාරු කරන්නම් කියලා තව අන්ඩවෙයාර් එහෙම ඕනෙද කියලත් අහලයි නවතින්නෙ.ඔවුන් සමාජයක්, කණ්ඩායමක් විදිහට වෙළඳාමේ යෙදෙන කොට සිංහල පිරිස තනියෙන් පුහු මාන්නෙන් වෙළඳාමේ යෙදෙන්න උත්සාහ කරනවා.රහස මම හිතන්නෙ 'කණ්ඩායම් හැඟීම.'
ReplyDeleteජයවේවා..!!
වෙන්න පුළුවන්.
Deleteඅජිත් මේ කතන්දරේ කියවලා තියෙනවා ද?
ReplyDeleteගේ ලඟ හන්දියේ රාජා ගේ කඩේ - http://kathandara.blogspot.com/2011/03/blog-post_21.html
විශ්වාස කරන්න මිස්ට ලොජිස්ට් මම මේක කියෙව්වා. මේ ඔයා කියල දැනන් නම් නෙවේ. එකේ තියෙන ලින්ක් එකේ සකලබුජන් කියන කවිය කියෙව්වට පස්සේ අර ශිරෝමි ප්‍රනාන්දුගේ ගීයක් තියෙනවනේද සකලබුජන් කියල. මන් ළමයින්ට දානවා ඒ තැටිය අහන්න . එක අල්ලලා විසි කලා. ඒ කලේ සින්දු ලියපු එක කොච්චර වැඩවසම්ද කියල හිතුන. මම අදත් ඒ සින්දුව අහන්නේ කියන්නේ නැහැ. ඔයා තමයි හේතුව.
Deleteමුස්ලිම් කඩ වර්ජනය කුරුණෑගල නගරයේ තදින් ක්‍රියාත්මක වුනා දැන් වසරකට පමණ ඉහතදී. ඒ කාලේ මුස්ලිම් මහ වෙළඳසල් වලට පොලිස් ආරක්ෂාවත් දුන්නා. ඒ කාලේ සිංහල කඩවලට ගියාම ඉඹලා පිළිගනියි කියා හිතුවත්, අරවගේ ඇල්මැරුණු පිළිගැනීමක් තමයි ලැබුණේ.
ReplyDeleteඅපේ එවුන්ගේ මේ මෝඩ අහංකාරකම උන්ටම වලකපන බව තේරුම් නොගන්නේ අපේම කරුමයකටය.
කුරුණෑගල මාත් දන්නා කට්ටිය ඉන්නවා. ඔහොම කතාවක් ඇහුවේ නැහැ. ලංකාවේ මිනිස්සු තමන්ගේම මිනිසුන්ට නො සැලකීම ගැන තව කතා තිබෙනවා. යුද්ධය කරපු අය ගැන කියන කතා වුනත් පාක්ෂික විධිහට නේ කියන්නේ.
Deleteලංකාවෙ මුස්ලිම් උන් රෙදි පොට්ටනි කරගහගෙන කොළඹ ඉඳල පයින් උඩරට ගිහින් කල වෙළඳාමෙ ජාන තමා උන්ගෙ තීන්නෙ. ඇත්තටම මුස්ලිම් ආගම සහ සමාජ පැවැත්මම වෙළඳාම එක්ක බැඳුන එකක්, අපේ ඒක කම්මැලි වීගොයි තැන එක්කයි.
ReplyDeleteවී ගොවිතැන කම්මැලි එකක් කියනේ ඇයි කියල නම් මට තේරෙන්නේ නැහැ. ගොවිතැන කම්මැලි නැහැ. කරන විධිහ වෙන්න ඇති.
Deleteඕක මුස්ලිම් ජානවල තියෙන එකක් නෙවෙයි බංස්ලා. එහෙමනම් මාලදිවයින් ජාතිකයන්ගෙ කඩත් දියුණු වෙන්න එපායැ මුං සීයට සීයක් මුස්ලිම් වුන නිසා. මුන්ගෙ කඩවල් වලට යන එකාවත් උන්ට පේන්නේ උන්ට Facebook එකේ සැරිසරන්නයි, මල්කඩන්නයෛ බාදා කරන එවුන් හැටියට. සාප්පු අරිනවා. ටික දවසකින් වහලා දානව.
ReplyDeleteහා හා //උන්ට Facebook එකේ සැරිසරන්නයි, මල්කඩන්නයෛ බාදා කරන එවුන් හැටියට// එහෙම කඩ කරන අයත් ඉන්නවද ?
Deleteමාලේ ඔක්කෝම කඩ කාරයෝ ඔහොමයි. කඩේට ගියත් ඔරොප්පු වගෙයි මුණ බලන්නෙ.. හැක්
Deleteමාලේ වල ඉන්නේ සිංහල මිනිස්සු කියල ඉතිහාසයේ කියල තියනවලු නේද. (බොරුවල් හැබැයි) නමුත් දිවෙහි, දූව වගේ සිංහල වචන තියෙනවා. පස්සේ මුස්ලිම් ආගමට ගියාලු නේද/ ඒ නිසා ජාන වෙනස් ඇති. :)
Deleteekenm..lankawe sinhala minissu kiynne bn..melo rahak nathima jathiyak thma..sirwata..
ReplyDeleteඅපි ඔක්කොමත් සිංහලනේ . හදා ගන්න බැරිද ?
Deleteමම හිතන්නේ සම්ප්‍රදායික සිංහල සංස්කෘතිය තුළ වෙළඳාම සිදුවන්නෙම පාරිභෝගිකයාගේ උවමනාවට කියා. වෙද මහත්තයෙක්, නැකැත් කරුවෙක් වගේම, කම්මල් කරුවෙක්, නැට්ටුවෙක් හෝ රෙදි සෝදන්නෙක් කරන්නේ ලැබෙන ලාභය ගැන නොසිතා අවශ්‍ය සේවය ලබා දීම. ඉල්ලන කෙනාට අවශ්‍ය දේ දීම මිසක් තමන්ගේ නිෂ්පාදනය අලෙවි කර ගැනීමට විශේෂ උත්සාහයක් දරන්නේ නැහැ. මුදලක් නොලැබුණත් යමෙක් ඉල්ලූ විට භාණ්ඩයක් හෝ සේවාවක් ලබා නොදීම සම්මතයක් නෙමෙයි. සේවය ලබා දෙන නිෂ්පාදකයාගේ මහන්සිය වෙනුවෙන් ගෙවීමක් කිරීම (හෝ නොකෙරීම) පාරිභෝගිකයාගේ වැඩක්. ලැබෙන මිල ගැන සහතිකයක් නැති නිසා විකිණීමට ලොකු උනන්දුවක් නැහැ. ගම් මට්ටමෙන් සංවෘත වුන ආර්ථිකයක මේ ආකෘතිය වැඩ කරනවා.
ReplyDeleteමුස්ලිම් වෙළෙන්දෙක් මේ සංවෘත ආර්ථිකයට බාහිරින් ඇතුළු වන කෙනෙක්. ඔහු කරන්නෙම තියෙන ඉල්ලුමක් සැපිරීමට වඩා අලුතින් ඉල්ලුමක් මැවීම. (මාල, වළලු වගේ අත්‍යවශ්‍යම නොවන දේවල් සඳහා) ඒ සඳහා ඔහුට මහන්සි වීමට සිදුවෙනවා. මෙය ඔහුගේ ප්‍රධානම ආදායම් මාර්ගය නිසා ඔහුට ලාභය වැදගත්.
ලාභය නරකයි කියන අදහස සිංහල සමාජයේ මුල සිටම තියෙන දෙයක්. (නිකම් දීම හෝ ගැනීමත් සාම්ප්‍රදායික සිංහල සමාජයේ ලක්ෂණයක්) මේ අදහස එන්නේ සමාජවාදී අදහස් සමඟ නෙමෙයි. මුල් කාලයේදී සමාජවාදී අදහස් ආකර්ශනීය වීමට මෙය හේතු වනවා පමණයි.
ලාභය වැරදියි කියන අදහස යටි හිතේ තියාගෙන වෙළඳාමක් පටන් ගත්තහම බඩුව විකිණීමට වැඩියෙන් මහන්සි වීමෙන් වරදකාරී හැඟීම වැඩි වෙනවා. ගන්නේ එන කෙනාගේ උවමනාවටනම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මම ගාණ ගහලා තිබ්බා විතරයි. එයාගේ උවමනාවටයි ගත්තේ.
සාමාන්‍යයෙන් ජනවර්ග අනුව හැසිරීම් වර්ග කිරීම හොඳ දෙයක් නොවුණත් මෙතැනදීනම් මුස්ලිම් සහ සිංහල අය අතර වෙනස ඉතාම පැහැදිලියි.
මගේ ඉතා හොඳ මුස්ලිම් පාසැල් මිතුරෙක් හිටියා. (තවම ඉන්නවා.) සිංහල පාසැලක සිංහලෙන් ඉගෙනගත් ඔහු ආශ්‍රය කළ සියළුම මිතුරන් සිංහල. ඉගෙනගෙන ඉදිරියට යනු මිස වෙළඳාම කවදාවත් ඔහුගේ අපේක්ෂාවක් වුනේ නැහැ. අවාසනාවට ඔහුට සරසවි වරම් යාන්තමෙන් අහිමි වුනා. පසුව පවුලේ අනිත් අය වගේ වෙළඳාමට බහින්න වුනා. යන්තමින් ඇදගෙන ගියත් වෙළඳාම තුල ඔහු අදටත් අසාර්ථකයි. මම හිතන්නේ ඒ ඔහු වැඩිපුර මුසු වුනු සිංහල බෞද්ධ සංස්කෘතියේ බලපෑම නිසා කියා.
මන් හිතනවා හොඳම කොමෙන්ටුව නැත්නම් විචාරය මේක කියල. //ලාභය නරකයි කියන අදහස සිංහල සමාජයේ මුල සිටම තියෙන දෙයක්. (නිකම් දීම හෝ ගැනීමත් සාම්ප්‍රදායික සිංහල සමාජයේ ලක්ෂණයක්) මේ අදහස එන්නේ සමාජවාදී අදහස් සමඟ නෙමෙයි. මුල් කාලයේදී සමාජවාදී අදහස් ආකර්ශනීය වීමට මෙය හේතු වනවා පමණයි.// මේක මම හොඳින් නිරීක්ෂණය කරපු දෙයක්. වැඩක් යාලු කමට කරලා අඩු ගානක් ගන්නත් නැත්නම් ඊට පස්සේ එවැනිම උපකාරයක් නැවත බලාපොරොත්තු වීමත් තිබෙනවා. නේද. //සිංහල බෞද්ධ සංස්කෘතියේ බලපෑම නිසා කියා.// බෞද්ධ සංස්කෘතියේ හැබැයි වෙළඳාම ට ඉහළ තැනක් දෙනවා නේද? අර මි කුණේ කතාව වැනි.
Deleteමම වචනය භාවිතා කළේ සාමාන්‍යයෙන් බොහෝ සිංහල බෞද්ධයන් (මා ඇතුළුව) හැදුණු වැඩුණු සංස්කෘතිය යන අරුතින්. මේ ආකල්ප වලට හේතුව සිංහල වීම හෝ බෞද්ධ වීම නොවිය හැකියි. සිංහල බෞද්ධ වුවත් වෙරළබඩ ප්‍රදේශ වලට යන විට මේ තත්ත්වය තරමක් වෙනස්.
Deleteඔය වෙළදාම පැත්තකින් ම තියමුකෝ....... අර රූපය නම් පට්ට.... අර මත්තල කතාව.. මං දැක්කා ගිය සතියෙත් කොළඹට වැස්ස වැඩියි ද කොහෙද කියලා මත්තලට ඒකක් බස්සලා.... අම්මපා නිවුස් වලටත් කිව්වානේ.....
ReplyDeleteඒ අපේ බ්ලොග් රූපය ද ඒ ඉමේජ් හදන්නේ , මාර ටැලන්ට් එකක් නේ .
Deleteමමත් සිංහල කඩවලින් බඩු ගන්ඩ කැමති නෑ, විසේසයෙන් රෙදි, පට්ට ගණන්. මුස්ලිම් අයගේ අචරසිලිත්වයත් අගය කරන්ඩ ඕනේ. හැබැයි අරාබියේ ඉන්න මුස්ලිම් උන් නම් පට්ට අහංකාරයි.
ReplyDelete