Friday, 25 September 2015

පරමාණුවක ප්‍රමාණය



මම හුඟක් කාලෙකට කලින්  කියවපු පොතක් තමා බිල් බ්‍රයිසන් ගේ "A short history of nearly everything" කියන පොත. මෙහි එක තැනක මෙන්න මෙහෙම  තිබෙනවා.  මේ අපි දන්නා දේවල් හැබැයි.

පරමාණුවක් ඉතා කුඩායි කියල අපි දන්නවා. මිලි මීටරයක් කියන්නේ මේ - ඉර වගේ භාගයක්. මේක දාහකට බෙදුවාම තමා මයික්‍රෝන්  කියන්නේ. තනි සෛලයේ පැරමිසියම් එකක් මයික්‍රෝන් දෙකක් දිගයි.
මයික්‍රෝන්  සෛලයක් 
වතුර බින්දුවක තිබෙන පැරමිසියම් සෛලයක් ඔබට පියවි ඇසින් දකින්නට වුවමනා  නම් එය මීටර 12ක් පමණ විශාල කරන්න ඕනෑ . එම වතුර බින්දුවේම පරමාණුවක් දකින්න නම් එය කිලෝමීටර 24 දික් කරන්න ඕනෑ. පරමාණුවක් මිලි මිටරය මිලියන් දහයකට බෙදූ විට ඉන් එකක් තරම්. පරමාණුවක් සමග  මිලිමිටරයක් සංසන්දනය කිරීම හරියට ඉතා තුනී පත්තර කොලයක ඝනකම ඇමෙරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩ නැගිල්ලේ උසට සංසන්දනය  කිරීමක්.

පරමාණුවේ න්‍යෂ්ටිය සංයුක්ත වන්නේ නියුට්‍රෝන හා ප්‍රෝටෝන  වලින් බව අපි දන්නවා. මේ න්‍යෂ්ටිය ඉතාමත් කුඩායි කියාත් අප දන්නවා. ඒ කියන්නේ මුලු පරමාණුවේ පරිමාවෙන් බිලියනයකින් එකක්. දැන් මේකයි පැරමිසියම් සෛලයයි සංසන්දනය කරන්න  කොපමණ අමාරුද කියා වැටහෙනවා ඇති. ඉතාමත් දැඩි හා ඝන න්‍යෂ්ටිය මුළු පරමාණුවේම බර හා අතිවිශාල ශක්තියක් (energy) දරා  සිටිනවා.  අපි පරමාණුව විශාල පන්සලක දාන ශාලාවක්  හෝ පල්ලියක් තරම් විශාල කළොත් එහි න්‍යෂ්ටිය මැස්සෙකුගේ  තරම් ඉඩ ප්‍රමාණයක් තමා ගන්නේ. නමුත් මේ කුඩා මැස්සා පල්ලිය හෝ පන්සල මෙන් දහස් ගුණයක් බරයි.

මට කිවීමට අවශ්‍ය දේ තිබෙන්නේ  මෙතැනයි. එනම් පරමාණුවක් තුල අති විශාල අවකාශයක් තිබෙන බව. එහි න්‍යෂ්ටියේ සිට ඉලෙක්ට්‍රෝන්  වලාකුළ දක්වා ඇති හිඩස එනම්  මුළු පරමාණුවේ පරිධිය හා න්‍යෂ්ටිය අතර අවකාශය ගැන කල්පනා කල හොත් අප අවටත් ඇති දෘඪතර බව මායාවක් (illusion) බව වැටහෙනු ඇත.
(සත්තාව පිලිබඳ ප්‍රශ්නය - ontology) එනම් අප දකින දේ සහ  ඒ කියන්නේ කිසියම් ද්‍රව්‍ය දෙකක් එකට එකතු වන විට හෝ ගැටීමේදී (බිලියර්ඩ් බෝල දෙකක් හෝ කැරම්  ඉත්තන් දෙකක් ගැටීම ගැන කල්පනා කරන්න ) මේ දෙක එකිනෙකට ඇත්තටම වදින්නේ නැත.  සිදු වන්නේ ද්‍රව්‍ය දෙකේ (බිලියඩ් බෝල හෝ ඉත්තන් දෙකේ )  සෘණ ආරෝපිත ක්ෂේත්‍ර එකිනෙක විකර්ෂණය (repel ) කිරීමයි.

අප පුටුවක හිඳ  ගන්නා  විට අප ඇත්තටම හිඳ  ගන්නේ නැත. වන්නේ අප පුටුව උඩ පාවීමකි.  අප පාවෙන්නේ එක අන්ග්ස්ට්‍රොම් (angstrom) එකක උසකිනි. (හෙවත් මිලියන් සීයකට බෙදූ  සෙන්ටිමීටරයකින් එක කොටසකිනි). මෙය ඉතා කුඩා අගයක් නිසා අප පුටුව උඩ  පාවෙන ගතියක් අපට දැනෙන්නේ නැත.

(ඔබ ඔබේ පෙම්වතා හෝ  පෙම්වතිය වැළඳ ගන්නා විට ඔබ  ඔහු හෝ ඇය සැබවින් ම ස්පර්ශ කරන්නේද , නැතහොත් දෙදෙනාගේ සෘණ ආරෝපිත ක්ෂේත්‍රයන් එකිනෙකා ප්‍රතික්ෂේප කරන්නේද?)

මා මෙය උපුටා දැක්වුයේ අප දකින දේ හා සැබෑව අතර වෙනසක් ඇති බව කීමටයි. අප මෙය හොදින් දනිමු. හේගල් ගේ දයලෙක්තිකය ඉදිරිපත් කරන විට විශ්වයේ උපත මෙන්ම මුලද්‍රව්‍ය  ගැන ඇති දැනුම ඉතා සීමා සහිත එකකි. මාක්ස් එන්ගල්ස්ට ස්වභාව ධර්මයේ දයලෙක්තිකය ලියන්නට කීවේ ඇයි ? එම සටහන් වලත් බොහොමයක් වැරදි කරුණු (උදා: විශ්වය ගැන) තිබේ. ඒ කාලයේ මන්දාකිණිය විශ්වය ලෙස සැලකිණි.

මම අංශු ක්ෂය වීම හා ඇති වීම, න්‍යෂ්ටික සහවාදය  (particle  decay and nuclear synthesis ) එකට දයලෙක්තිකය අදාල කලේ එහි සමානත්වයක්  දුටු නිසයි. නමුත් මේ පිළිබඳව මගේ අදහස දක්වා ලියන ලිපියට තව මාසයක් වත් ගත වේවි. අර පොත කියවා  නිම කරන තුරු.

(සමිත රත්නායක අහල පහලක  ඉන්නවා නම්)
සමිත රත්නායක ජිජැක් කතාවට  විසන්යෝජනයක් ලිපියට පහත දැක්වෙන කොමෙන්ටුව දමා තිබුණා.

// හෙගල් ගේ දයලික්තකය ගැන මා දන්න දේ තමයි.හෙගල් ට අනුව දයලික්ත්කය ත්‍රිත්ව ආකෘතියෙන් ප්‍රකාශ කල නොහැකමෙහි සහවාදය නොමග යවන සුළු යෙදූමකි.හෙගල් ට අනුව අවසන් සහවාදයකට පැම්නිය නොහැක.ඔනම සහවාදයක් තුල කලින් අවදියේ සංගටක මෙන්ම ඒවා ඉක්මවා යන ගුනාංගද අඩංගුය.දයලික්තකය ඉදිරියට තල්ලුකරන්නේ ප්‍රතිවිරෝධතා හරහාය.අතිරේකයන් හරහාය.මේ අනුව සහ වාදයක් ඇති තැනක දයලික්තිකයක් නැත.දයලික්තිකයට රූපික සූත්‍රයක් නැත.ප්‍රතිවිරෝධතා ඉක්මවා යන රූපික ක්‍රමයක් එක් සහවාදයකට ගත හැකිවිදියක් නැත.දයලික්තිකය විධික්‍රමයකට හෝ ආකෘතික ව්‍යුහයකට කොට කර නොහැකමෙහි සෑබෑ රූපය නීශේදනය විනා ත්‍රිත්ව රූපික ව්‍යුහයක් නොවේ,හැමවිටම ඉඩ දෙන්නේ අසම්පූර්නත්වයටය,පරිපූර්න ත්‍රිත්ව රූපයකට ඉඩ නොදෙයි.මෙය සියලු රූපකායන් ඉක්මවා යන අතර වෙනත් අතිරේක කරනයක් ඉල්ලා සිටී.

ඊළගට බලමු හෙගල් විසින්ම මල් පොහොට්ටුවේ මලක් වීමේ කතාව දයලික්තකයට කොහමද අදාලකරගත්තේ කියලා.මෙතන්දි හෙගල් කතා කරන දේ සහ විද්‍යාවේ කතා කරන දේ දෙකක්.විද්‍යාවේ අර්තයෙන් මේ ක්‍රියාවලිය ගැන කතා කරනවා නම් ඒකට කියන්න පුලුවන් බව වාදය(ඔන්ටික්).නමුත් හෙගල් කතා කරන්නේ මෙහි ඇති සත්වාදයයි.හෙගල් කතා කරන්නේ ස්භවධර්මයේ මේ දේවල් ගැන අධ්‍යනය කරද්දි චින්තනයේ වෙනස් වන්නේ කොහමදයි කියාය.ඔහු කතාකරේ මෙහි ඇති ontology එක සම්බන්දයෙන්ය.එමෙන්ම මෙය ඔහු එක් එක් අවස්ථාව ලෙසින් ගත නොහැකි බව පෙන්නුවා.(මලේ කතාවට අදාලව ).මේ ඇසුරෙනුයි මම ස්භවධර්මයට අදාලව දයලික්තය යෙදීමට විරුද්ද වුනේ.ඉතින් අපට particle decay එකකට දයලික්තක්යට දාන්න පුලුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා//

//මවිසින් එදා දුන් පිළිතුර වූයේ :

හෙගලියන් දයලෙක්තිකය එය බව මම පිලි ගන්නවා. නමුත් දයලේක්තික භෞතික වාදය හා ඓතිහාසික භෞතික වාදය සම්බන්ධ පසු සංවාද වලදී ස්වභාව ධර්මය හා විද්‍යාව දයලෙක්තිකය ඇසුරෙන් පැහැදිලි කර ගත හැකිබවට පිළිගැනීමක් තිබෙනවා. පරණ මාක්ස්වාදීන් හා පරණ වාමාංශිකයන් ඔබ කියන සිමාවේ සිට ක්වන්ටම් භෞතිකය ඉදිරියට එනවිට ඇතිවන ඔන්ටෝලොජිකල් ප්‍රශ්නයට පිළිතුර සොයා ගත නොහැකිව ආසියානු ආගම් දෙසට හැරුන. හෝ හැරෙනවා. (උදා: ජී අයි ඩී ධර්මසේකර , සෝමවංශ අමරසිංහ )
http://www.thenorthstar.info/?p=3783
මෙන්න මේ ලින්ක් එකේ පොතක් තිබෙනවා. http://m.friendfeed-media.com/2ea002becccc8cc99691a12b53cc7bcdf766b04b
The Dimensions of Hegel's dialectic. එහි Ontology and Dialectic in Hegel’s Thought කියා හොඳ ලිපියක් තිබෙනවා. මම හිතනවා මෙහිදී අපි එකඟ නොවී සිටීමට එකඟ වෙමු. මගේ ඊළඟ  ලිපියට පසු ලිපියක් ලියනවා ක්වන්ටම් භෞතිකයේ නවතම සොයා ගැනීම ගැන. එතැනදී මෙය තව දුරටත් සාකච්චා කරමු. මේ පිළිබඳව තව ටිකක් නිදහසේ කියවීමක් හා සිතීමක් අවශ්‍ය වෙනවා මට. දැනට ඒ වෙලාව නැහැ.//

මේ යොමුවේ http://www.thenorthstar.info/?p=3783 මා අවධාරණය කරන්නේ මේ කොටසයි: (හෙලේනා  ශීහන් සමග සාකච්චාව)
මාක්ස් එංගල්ස් ට සොබා දහමේ දයලෙක්තිකය ලියන්නට කිව්වේ ඇයි යන ප්‍රශ්නය හා එංගල්ස් කොතෙක් දුරට එය කලාද කියන එක. අනික තමා ඩාවින්ට  හා ඩාවින්වාදයට  (පරිණාමවාදය)  මාක්ස් හා එංගල්ස් කොතරම් සමීපව සිටියාද  කියන එක.
අපි හෙගල්වාදය අත් හරින්න ඕනේ මෙතන තමයි.

ප්‍රශ්නය: Engels also wrote extensively on science, particularly in his manuscript Dialectics of Nature, unfinished and unpublished during his lifetime. What is it about this document, and Engels more generally, that has been so controversial in the history of Marxism’s relation to science?

HS: There is a tension in Marxist philosophy between its roots in the history of philosophy and its commitment to empirical knowledge. For the best Marxist thinkers, certainly for Marx and Engels themselves, it has been a creative interaction. However, some of those pulling toward German idealist philosophy, particularly that of Kant and Hegel, have brought into Marxism a hostility to the natural sciences, influenced by the Methodenstreit, an antagonistic conceptualization of the humanities versus the sciences, which has played out in various forms over the decades.

The critique of positivism has been bloated to an anti-science stance. The tendency of some to counterpose a humanistic Marx to a positivist Engels is not supported by historical evidence, as I have demonstrated at some length in my book.


මේ පිළිබඳව වඩා හොඳ පිළිතුරක් දීම සඳහා ලිපියක් පටන් ගත්තත් මගේ දැනීම යම් ප්‍රමාණයකින් මදි බව වැටහුණු නිසා මම එය අත් හැරලා පොතක් මිලදී ගත්තා කියවන්න මම ලියන්න හිතන් ඉන්න දේට අදාළව . පොතේ නම "The Quantum Universe: Everything that can happen does happen" - by Prof. Brian Cox and Jeff Forshaw" තවම කියවල ඉවර නැහැ.  ලිපිය ලියන්න වෙන්නේ පොත  කියවල ඉවර වෙලයි.  මේ පෝස්ටුව ලියන්නේ  ඉහත කොමෙන්ටුවට පිළිතුරක් ලිවිම ගැන අමතක වී නැත කියන්නයි.

ස්තුතියි.
මුලාශ්‍ර: A short history of nearly everything - Bill Bryson
http://www.thenorthstar.info/?p=3783

24 comments:

  1. බුදුවරු හිටියලු, පසේ බුදුවරුත් හිටියලු. බුදුවරුන්ට තමන් කියන දේ අන් අයට තේරුම් කරල දෙන්න හැකිලු. පසේ බුදුවරුන්ට ඒ දේ බැරිලු.
    දැන් වචනයක් පාවිච්ච් කර හැකියි තොපි මැට්ටෝ මේ කිව්වේ මැට්ටන්ට නෙමේ උගතුන්ට කියලා.
    දීප්ති කුමාර ගෙනාපු මේ වචන එක්ක අනෙකා පෙළන එකට වඩා හොඳ නැද්ද අනෙකාටත් වැටහෙන්න යමක් කියලා උන් එක්ක ගමනක් යන එක.
    අජිත් මේ ලිපිය කියවන්නේ යමෙක් පළමු වතාවට නම් ඌ පත්වන තත්ත්වය කෙඹඳු වේවිද?

    ReplyDelete
    Replies
    1. දීප්ති ගේ වචන මෙතන කොහේද තියෙන්නේ නලින් මේ සිංහල වචන නේ . අනික උද පරමාණුව ගැන කියල තියෙන්නේ පොතකින් කියවපු දෙයක ලිහිල් පරිවර්තනයක්. අප අතර ගිය සංවාදයක හිරවුණු තැනක් ගැන මේ කියන්නේ.

      Delete
    2. මම හිතන්නේ නලීන්,අජිත් සහෝදරයා ගැන සහ මෙම ලිපි ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන... කොහම වුනත් මගේ පැත්තෙන් නම් මෙම ලිපි වලට අදාල කරුනු දැක් වීම් වලදි දීප්ති සහ (සමන් ඇතුලු) ශ්‍රිලOකා පෙරටුගාමි පක්ෂය ලOකාවට ගෙන ආ දැනුම (හෙගල් සම්මන්ත්‍රණ ඔස්සේ ) මුලික වශයෙන් පාදක කරගෙන තමයි කරුනු දැක්වුයේ...ඔවුන්ගේ දේශන වලට අන්තර්ජාලයෙන් සවන්දීමෙන් තමයි හෙග්ල්ගේ දයලික්තකය ගැන මුලික වශයෙන් insight එකක් ආවේ

      Delete
    3. ඔයාගේ කොමෙන්ට් එක දීප්තිගේ හා සමන් කුමාරගේ ඉගැන්වීම වලින් එන්න ඇති . ඒක මම අනිල් ටත් කිව්වා. මම ලිව්වේ මම කියවපු දෙයකින් ගත් උදාහරණයකින්. මම හේගල් ගැන කියවන කොට අර සම්මන්ත්‍රණ මාලාව පාවිච්චි කරනවා. එකේ විවාදයක් නැහැ. නමුත් මෙතන මට හේගල්ට එහා යන්න උවමනායි. මම එතනට එන්නයි හදන්නේ.

      Delete
  2. නෑ නෑ මම සමිත් රත්නායක .... භෞතික විද්‍යාව උගන්වන සමිත රත්නායක මහතා වෙනත් කෙනෙක්...ඔහු සමිත ..මම සමිත් (කොහම වුනත් ඔබ එOගලන්තයේ සිටියද මෙරට භෞතික විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු ගැන වුනත් දන්නාවා නේද? :D ).... මා ආධ්‍යාපන කටයුතු කරන්නෙත් රසායන විද්‍යා අධ්‍යන ක්ෂේත්‍රයට සමීප අණුක යාන්ත්‍රික විද්‍යාවට අදාලවයි. මම පසුගිය කාලයේ ඔබගේ බ්ලොග් අඩවිය වෙත නිරතුරුව පැමිනියත්,නිරතුරු කියවීම් කටයුතු කරතත් කමෙන්ට් කිරීම්,අදහස් දැක්වීම් නොකරනු ලැබුවේ උදක්ම අවිවේකි බව නිසයි.මා දැනන් හිටියේ නෑ මාක්ස් විසින් කියන ලදුව එංගල්ස් ට සොබා දහමේ දයලෙක්තිකය ලිවුවාය කියා.... දැනුවත් කිරීම ගැන ස්තූතියි.එමෙන්ම මෙම කරුන ගැන සOවාද කිරීමට ඔබ දක්වන real interest එක ගැන ස්තූති එවගේම සතුටුයි.මෙහිදී මා තව යමක් එක් කිරීමට උත්සහ කරනවා... මගේ තර්කය වන්නේ // පරණ මාක්ස්වාදීන් හා පරණ වාමාංශිකයන් ඔබ කියන සිමාවේ සිට ක්වන්ටම් භෞතිකය ඉදිරියට එනවිට ඇතිවන ඔන්ටෝලොජිකල් ප්‍රශ්නයට පිළිතුර සොයා ගත නොහැකිව ආසියානු ආගම් දෙසට හැරුන.// ආකාරයට ස්භවධර්මයේ ස්භාවික ක්‍රියා ඔන්ටෝලොජිකල් විදියට අවබෝධ කර ගැනීමටද දයලේක්තිකය සර්වත්‍ර නියමක් ආකාරයට apply කිරීමට උත්සහ දැරිය යුතුද යන්නයි.... දයලේක්තිකය තුලින් හෙගල් කතා කරන්නේ මෙහි ඇති සත්වාදයයි.හෙගල් කතා කරන්නේ ස්භවධර්මයේ මේ දේවල් ගැන අධ්‍යනය කරද්දි චින්තනයේ වෙනස් වන්නේ කොහමදයි කියා ,කියලයි මට දැනෙන්නේ.... ස්භාව ධර්මය අධ්‍යනය කිරීමට ස්භාවික විද්‍යාව (සමහර අධ්‍යන කටයුතු සදහා සදහා භෞතික විද්‍යාවෙන් වියුත්පන්න වු ක්ෂේත්‍ර ) උපයෝගී කර ගත හැක.අප මේ පිළිබදව ඉදිරියටත් සOවාද කරමු.

    ReplyDelete
  3. //දයලේක්තිකය තුලින් හෙගල් කතා කරන්නේ මෙහි ඇති සත්වාදයයි.හෙගල් කතා කරන්නේ ස්භවධර්මයේ මේ දේවල් ගැන අධ්‍යනය කරද්දි චින්තනයේ වෙනස් වන්නේ කොහමදයි කියා ,කියලයි මට දැනෙන්නේ...// හරි. නමුත් අපි දයලෙක්තිකය හේගල් සිමා කලා කියල සීමා කල යුතු නැහැ. ස්වභාව ධර්මය අප වෙනම අධ්‍යනය කරනවා. පරිණාම වාදය අපි වෙනම අධ්‍යනය කරනවා. ආර්ථික විද්‍යාව වෙනම අධ්‍යනය කරනවා. මාක්ස් සහ එංගල්ස් මේවායේ කිහිපයක් එකතු කරමින් අධ්‍යයනය කලා . අපි එතනින් ඉදිරියට යා යුතුයි.

    ReplyDelete
    Replies
    1. හොදයි.... දයලික්තකය හේගල් ගේ සීමාවෙන් ඉදිරියට වර්ධනය වීම ගැටලුවක් නෑ(ඇත්තටම් මාර්ක්ස් දයලික්තකය වර්ධනය කරා)... මට තිබෙන ප්‍රශ්නය වන්නේ දයලික්තකය ඔන්ටලොගිකල් ප්‍රශ්නයට ඇයි ගාවගන්නේ කියාය.ඇත්තටම එය තුල දේශපාලනයක් තිබෙනවාද? එසේ අවශ්‍ය වන්නේ කාටද කුමකටද? එය වෙනත් සOකල්ප ඇසුරෙන් විවරනය කරගත නොහැකිද? දයලික්තකයට එම කාරනා අතික්‍රමනය කිරීමට ශක්‍යතාවක් තිබේද? විද්‍යාවේ දර්ශනයට මාර්ක්ස්වාදය මැදිහත් විය යුතුද? (ප.සු - මින් කුමන ආකාරයෙන් වත් දර්ශනය වර්ධනය කිරීමට යමෙකු ගන්නා උත්සහය අවතක්සෙරු නොකරමි )

      Delete
    2. දැන් මෙටෆිසික්ස් කියන්නේ මේකට: the branch of philosophy that deals with the first principles of things, including abstract concepts such as being, knowing, identity, time, and space.
      එතාකොට ඔන්ටෝලොජි දල වශයෙන් ගත්තොත් නේචර් ඔෆ් බීන් හෙවත් සත්තාව , යථාර්තය ගැන ඇති අදහස. මම දයලෙක්තිකය ගාව ගත්තේ විශ්වයේ බිහි වීමේදී අංශුන් ඇති වුන හැටි කතා කිරීමේදී. සහවාදය (synthesis ) ගැනීමේදී හා එතනත් මාක්ස් එංගල්ස් සමාග් හෙගෙල් ගේ දයලෙක්තිකය යොදා ගත හැටිත් පෙන්වන්න. එතැනදී මේ සත්තාව පිලිබඳ ප්‍රශ්නයත් එනව. මට මේවා සම්බන්ධයි එකිනෙක අතර. අරුණි ශපිරෝ කියන්නෙත් නැහැයි කියල. ඒ කියන්නේ බටහිර ආර්ථික විද්‍යාඥයන්ට අනුව, බවෙර්ක් ට අනුව. (chaotic world ) . මේකට තම මම ලිපියක් ලියන්න හදන්නේ.

      Delete
  4. අජිත් අයියේ.........................

    මටනං මේවා ගැන තේරුමක් නැහැ.. අසංක අයියාටවත් කියන්න වෙනවා... ඒයා විද්‍යා කාරයෙක්....

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලියේ මම දන්න විධිහට තමා ලිව්වේ.

      Delete
    2. කුරුටු ගෑ ගී පවුර, Jostein Gaarder's සොෆිගේ ලෝකය (Sophie's World ) සොෆිගේ ලෝකය පොතෙන් පටන් ගන්න

      Delete
    3. http://192.184.80.244/philosophy-plain/resources/SophiesWorld.pdf

      Delete
    4. ස්තුතියි සමිත්

      Delete
  5. දිගටම ලියන්න. බොහොම කැමැත්තෙන් කියවනව.

    ReplyDelete
  6. හොඳ පැහැදිලි කිරීමක්

    ReplyDelete
  7. පොත කියවලා දාන පොස්තුවත් කියෙව්වට පස්සේ බලමු

    ReplyDelete
  8. ///මේ පිළිබඳව වඩා හොඳ පිළිතුරක් දීම සඳහා ලිපියක් පටන් ගත්තත් මගේ දැනීම යම් ප්‍රමාණයකින් මදි බව වැටහුණු නිසා මම එය අත් හැරලා ///

    කමෙන්ට් එකක් ලියන්න ගිහිල්ලත් මට වුනේ ඒකයි :-D

    ReplyDelete
  9. මෙ ලිපිය දැමිම දවසේම ඇවිත් කියවලා ගියා.කොමන්ටුවක් දාන්න පරමානුවක තරමි කාලයක්වත් තිබුනේ නැ අජිත් අයියේ.ඒකයි අද ආවෙ.

    ..//මම අංශු ක්ෂය වීම හා ඇති වීම//..
    බුදු සමයේ උප්පාද,ඨිති,භංග යනුවෙන් ඉගැන්වෙන්නෙත් මෙ අවස්ථාවම නේද ?

    ReplyDelete
    Replies
    1. සමහර විට. මේක තියෙන්නේ අභිධර්මයේ නේද. මම හිතුවේ මේ කියන්නේ උපත, ක්ෂය වීම (ජීවිතය ක්ෂය වීමක් හැටියට ) සහ මරණය කියල (birth , decay and death ). මේක අංශුවකට වුනත් අදාල කර ගන්න පුළුවන් වගේ නේද . අර පැතුම් ගේ හරි රොටිය බබාගේ බ්ලොගට ගිහිල්ල දැම්ම නම් ඇනෝ කෙනෙක් හොඳ පිළිතුරක් දෙනන ඉඩ තිබ්බ.

      Delete
  10. වටින ලිපියක්. මුල් ටික කියවද්දි ඒලෙවල් කෙමිස්ට්‍රි මතක්‌ වුණා. අග ටික ගැන නම් ඒ තරම් දැනුමක් නැත.

    //ඔබ ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය වැළඳ ගන්නා විට ඔබ ඔහු හෝ ඇය සැබවින් ම ස්පර්ශ කරන්නේද , නැතහොත් දෙදෙනාගේ සෘණ ආරෝපිත ක්ෂේත්‍රයන් එකිනෙකා ප්‍රතික්ෂේප කරන්නේද?// අන්න ඉතින් ඕකනෙ බැරි. )': D:

    මටත් එකපාරටම හිතුණේ ෆිසික්ස් උගන්නන සමිත රත්නායක සර්ත් බ්ලොග් කියවනවද කියලා.

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.