Monday 22 September 2014

පෝලන්ත ප්‍රාතිහාර්යය, අයර්ලන්ත ප්‍රශ්නය හා සුන්දර්ජයා ගේ මැජික් ඉකොනොමිය

පෝලන්තයේ ප්‍රාතිහාර්යය ගැන නොයෙකුත් පුවත්පත් වල යනවා ලිපි. පෝලන්තය තමයි දැනට යුරෝපයේ ඉහලම ආර්ථික වර්ධනයක් තියෙන්නේ කියල හැම තැනම කියවෙනවා. සිංහල බ්ලොග් අවකාශයෙත් එහෙම ලිපියක් ගියා  මේ අවුරුද්දේ මුල මේ ලිපිය ලියන්න හිතුනේ පසු ගියදා රුසියානුවන් ඇපැල් සහ අනිකුත් පලතුරු තහනම් කලහම.  මම දැන් රුසියාව සමාජවාදී කියන්නෙවත් ඒ ගොල්ල විතරයි හරි කියල කියන්නවත් නෙමේ මේ හදන්නේ. මුලදී පෝලන්තය හිනා වුනත් රුසියානු ක්‍රියාවට, දැන් ඔවුන්ට දැනිල. ඇපල් විතරක් නෙමේ අනිත් ආහාර ගන්නෙත් නැහැ රුසියාව. වෙළෙඳ යුද්ධයක් මේ යන්නේ. පෝලන්තය පවුම් මිලියන් 670 (යුරෝ වලින් මිලියන් 840) නිෂ්පාදන වසරකට යවනවා රුසියාවට. ඇපල් විතරක් නෙමේ අනිත් බඩුත් ගණන්  අඩුවෙලා තොග වෙළඳ  පොලේ. පෝලන්තයේ අදායමට කෙල වෙන්න පටන් අරන්.. ඊයේ පෙරේද යුරෝපය රුසියාවට සම්බාධක දැමීමට එරෙහිව ඩච් (ඕලන්ද)  ගොවින් තක්කාලි වලින් හේග් නුවර ගහ ගත්ත. ප්‍රංශයේ ගොවිනුත් ඊයේ පෙරේද ඒකම  කළා.
(ස්ට්‍රොබරී එකතු කරන පෝලන්ත යුවතියන්) 

අර කලින් ලිපිය දාපු කෙනාගේ බ්ලොගයේ මම මෙහෙම පැහැදිලි කිරීමක් කලා. පෝලන්තයට හරි යන්නේ ආයෝජකයන් එන නිසා හා ණය ලැබෙන නිසා කියල . එහෙම  ලැබෙන්නේ ඇයි?

අපි හිතමු දැන් අපිට බැංකු ණය දෙන්නේ කොහොමද කියල? දැන් අපට රැකියාවක් නැත්නම් හරි , ස්වයං රැකියාවක් කරනවා නමුත් බැංකුවකට සල්ලි දාන්නේ නැත්නම් හරි අපට බෑන්ක් ස්ටේට්මන්ට් එකක් (මාසයේ ආදායම් වියදම්  විස්තරය) ලැබෙන්නෙත් නැහැ. බැංකුවට අපි හම්බ කරනවා දැන  ගන්න විධිහක් නැහැ. නමුත් තම පඩිය හරි වෙන ගානක් හරි හැම මාසෙම බැංකුවට දානවා නම්, ඉඩමක් හෝ අයිති ගෙයක් තියෙනවනම් (බැංකුව ඒ බව දන්නවනම්) ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් වගේම ණයකුත් ගත හැකි. දැන් අපට නිතරම වගේ ණය ඉල්ලන්න කිය , කිසි දෙයක් අහන්නේ නැතුව පැය භාගෙන් අච්චර දෙන්නම මෙච්චර දෙන්නම් කියල පණිවුඩ ඊමේල් එවනවා  ක්‍රෙඩිට් කාඩ් ආයතන හා බැංකු වලින්. හේතුව අපට මාසික ආදායමක් තියෙනවා. ඒ නිසා පොලිය ගත හැකි. පොලිය දුන්නැත්නම් අපේ ගෙදර හරි ඉඩම හරි ඒ ගොල්ලට අයත් කර ගන්න පුළුවන්.  මේ ආයතන කර ගෙන යන්නේ අපේ පොලියෙන්. හැබැයි අපට ණය අරගෙන ගේ හොඳට හදල, කාරයක් අරගෙන , තව ණය අරගෙන වෙන ගෙයක් හදල නිවාඩුවට යන්න , තව ණය අරගෙන ගෙට එන පාර තාර  දාල හොඳට හදල,  තව ණය අරගෙන පිහිනුම් තටාකයක් හදල අපේ ජිවන තත්වය උසස් කර ගත්ත හැකි. හැබැයි ගොයියෝ පොලිය ගෙවන්න ඕනේ. රස්සාව නැතිවුනොත් ගස් තමයි.

දැන් ගමු පෝලන්තය.
පෝලන්තයේ  මුළු ජනගහනය මිලියන්  38 වගේ වෙන්නේ. ඉන් මිලියන් 1.3 ජිවත් වෙන්නේ බ්‍රිතාන්‍යයේ. (බලන්න ref 1.). මිලියන් 1.5 විතර ඉන්නේ ජර්මනියේ. (බලන්න ref 2.)
මේ යුරෝපයේ අනිත් රටවල හා ඇමෙරිකා  එක්සත් ජනපදයේ ඉන්න අය හැරුනම. බහුතරයක් මේ පෝලන්ත  ජාතිකයෝ වැඩ කරලා සල්ලි යවනවා පෝලන්තයට. මිට අමතරව ඔවුන් මුලින් තම පවුලම අරන් ඇවිත් පදිංචි වෙනවා වසරකට විතර. ඉන්පසු ළමයින්ට හා වැඩ නොකරන බිරිඳට හෝ මාපියන්ට සුභසාධක ආධාර (Child benefit and other benefits) ලබා ගෙන නැවත ඔවුන්ව මවු රටට යවනවා. එතකොට EU නිතිය අනුව එංගලන්තය , ජර්මනිය හෝ අනිත් රටවල් ඒවා ගෙවන්න ඕනේ.  මෙලෙස අති විශාල ප්‍රමාණයක මුදලක් පෝලන්තයට  යනවා.
අනිත් අදායම් මාර්ගය තමා  පෝලන්තය විසින් රුසියාවට හා අනිකුත් නැගෙන හිර යුරෝපයේ රටවලට යවන පලතුරු, පාන් වර්ග, ඌරු මස්  හා අනිකුත් ආහාර වර්ග. මේ නිසා ප්‍රබල ආදායම් මාර්ග දෙකක් තිබෙනවා පෝලන්තයට. මේ නිසා ණය ලබාදෙන ආයතන වැඩියි. (ලෝක බැංකුව, IMF වැනි) . එතකොට ණය මිලදී ගන්න ආයෝජකයොත් වැඩියි. නය මුදල් ආයෝජනය කරන අයත් වැඩියි. ඒ නිසා අලුත් ගෙවල්, ගොඩනැගිලි හැදෙනවත් එම  නිසා රැකියා මැවෙනවත් වැඩියි.  එමනිසා පෝලන්තයේ ආර්ථිකය වැඩි දියුණු විම  හෙවත් GDP (gross domestic product) එකෙත් වැඩි වීමක් පෙන්නුම් කරනවා.

දැන් බැරි වෙලාවත් රුසියාවේ සම්බාධක මුළු අවුරුද්ද පුරාමත් හා ඊළඟ  අවුරුද්දටත් ගියොත් අර ණය සර්විස් කරන්න හෙවත් , පොලී ගෙවන්න  තියෙන මුදල අඩු වෙනවා.  එතකොට බැංකු ණය දීම නැවතීමත්, ආයෝජකයන් ණය මිලට ගැනීමත් නවතීවි. ආර්ථිකය කඩා වැටෙන්න පුලුවන් . නැත්නම් තව මිනිස්සු ටිකක්  වැඩ කරන්න අනිත් රටවලට යයි. ඇමෙරිකාව මොනවා කිව්වත් පෝලන්තය අන්තිමට රුසියාවට විරුද්ධව යන්නේ නැතිවෙයි. එහෙම නැත්නම් දැන් ඊයේ පෙරේද කලා  වගේ අමෙරිකාවෙන් සල්ලි ඉල්ලයි. ඒත් නැති සල්ලි ඇමෙරිකාව කොහෙන් දෙන්නද?
ඇමෙරිකාවේ ණය බොන්ඩ් (bond) වශයෙන් විකුනනවා වගේම අනිත් රටවලුත් එය කරනවා. ලංකාවත් කරනවා. නමුත් bric (බ්‍රසීලය  චීනය, ඉන්දියාව ) රටවල් පුටින් ගේ ප්‍රධානත්වයෙන් ඩොලර් වලින් ගනු දෙනු නොකර තම මුදල් වලින් ගනු දෙනු කිරීම ඇරඹුවා. දැන් දැන් ණය විකිනිමත් ප්‍රශ්නයක් වෙලා. ගොඩක් බැංකු ණය ගන්න මුදල් දෙන්නේ තමන්ට ප්‍රමාණවත් රත්රන් සංචිතයක් නැතුව. දැනට ලෝකයේ වැඩිම රත්රන් සංචිත තියෙන්නේ රුසියාවට, චීනයට හා ස්විට්සර්ලන්තයට.

දැන් අයර්ලන්තය ගමු. පෝලන්තය වගේම කතෝලික රටක් වුනත් අයර්ලන්තේ මිනිස්සු වැඩිපුර ඉන්නෙ  ඇමෙරිකාවේ. ඔවුන් අයර්ලන්තයට මුදල් යවන්නේ නැහැ. අයර්ලන්තයට ස්ථිර ආදායම් හැටියට  එන්නේ යකඩ සුලු  වශයෙන් අපනයනය කිරීමෙන් හා සර්විස් ආර්ථිකයකින්. ඒ කියන්නේ වෙනත් රටවල් සඳහා සේවා සැපයීමෙන්. පහුගිය කාලේ අනිත් රටවල් වල ඇති වුන ප්‍රශ්න නිසා මේ සේවා බිඳ වැටුන. යුරෝපා සංගමය අයර්ලන්තයට ණය දී තිබුන. ඔවුන්ගේ දල ජාතික අදායම (GDP ) එක හුගක් හොඳයි. (පහුගිය හොඳ කාලේ යුරෝ 35000 වගේ වසරකට ) නමුත් රට වැටුන පහුගිය අවුරුදු පහ ඇතුලත. ගත්  ණයවල පොලිය ගෙවන්න අදායම මදි වුනා .  හදාගත්ත ගෙවල් විකුණා ගන්න බැරිවුනා. මෙන්න ප්‍රතිපලය.
http://www.theguardian.com/world/2014/feb/23/ireland-predicted-26000-empty-properties-end-2014

දැන් ආපහු  ණය  දීල අයර්ලන්තය බේරා ගන්න (bail out ) කරන්න හදන්නේ. ජර්මනිය තම ටිකක් හරි ගොඩ ඉන්නේ. නමුත් රුසියන් බාධක දාල  තමන්ටම  කෙලෙවගෙන ඉන්නේ ටිකක්.  ඒ නිසා යුද්ධ දෙක තුනක් කරලා යුධ ආයුධ  ටිකක් විකුණලා ඇමෙරිකාව ගොඩ යනකන්  ටිකක් ඉන්න වෙයි වගේ.

දැන් ටිකක්  කල්පනා කරලා බලන්න ලංකාව ගැන.  චීනය ඉන්දියාව විතරක් නෙමේ ලෝක බැංකුව , IMF වගේ ඕන ණය දෙන රටවල් සහ ආයතන ශ්‍රී ලංකාවට ණය දෙනවා.  ක්‍රෙඩිට් කාඩ් කොම්පැනි වගේ මේ සමහර ණයවල පොලිය වැඩියි.
නමුත් ලංකාව කියන සුවිශේෂී රටේ ඉතා ඉහල ශ්‍රමිකයන් (මෙහිදී පුහුණු /නුපුහුණු දෙගොල්ලම)  ප්‍රමාණයක් අරාබියේ, කොරියාවේන යුරෝපයේ, ඇමෙරිකාවේ රටවල වැඩ කරලා මුදල් යවනවා . පෝලන්ත වරු වගේමයි.  නිමි ඇඳුම් පිට රට යවනවා.
ඊළඟට තේ විශාල ප්‍රමාණයකුත් ,  රබර් හා පොල් සුළු ප්‍රමාණයකුත් රට යවනවා. ලස්සන , පෞරාණික රටක් නිසා සංචාරකයෝ එනවා. රටේ හමුදා UN එකේ සාම  හමුදා වලට ගියාම ඒවටත් ඩොලර් වලින් ගෙවනවා. මැණික් පිරට යවනවා. අයර්ලන්තේ වගේ නෙමෙයි මාර අදායමක් තියෙන රටක්. හැබැයි තවම දළ ජාතික ආදායම අයර්ලන්තේ වගේ 16 ගුණයක් අඩුය. (ඩොලර් 2800, යුරෝ 2100 පමණ ). මේ ආදායමත්  අයර්ලන්තයේ වගේ බොහොමයකට නොමේ. තෝරාගත් කට්ටියකටය.

මේ ලංකාව කියන රට සම්පත් අතින් පොහොසත්. මිනිස් සම්පත අතිනුත් එහෙමයි. ඒ නිසා හැමෝම බය නැහැ  ණය දෙන්න.  මේ ණය අරගෙන ඕන දෙයක් හදන්න පුළුවන්. රටේ අදායම දියුණු කරන්න පුලුවන් . රට ලස්සනට ගොඩ නගන්න පුළුවන්.
හැබැයි අර පොලිය කලට වෙලාවට ගෙවන්න ඕනේ. සුන්දර්ජයාලට කරන්න තියෙන්නේ වෙලාවට පොලිය ගෙවල, හරියට අපි ක්‍රෙඩිට් කාඩ්  , බැංකු ණය default වෙන්න නොදී ගෙවනවා වගේ වැඩේ කරගෙන යන්න.  ඉතින් ඕක මහා ලොකු දෙයක් නම් නෙමේ ඔය උඩ  දාන තරමට.
හැබැයි අපේ ළමයි අහන්නැතුව හොරෙන් වියදම් කරලා , පඩියට වැඩිය පොලිය වැඩි වුනොත් , ගේත් උකස් වෙලා පාරට වැටෙනවා. (එහෙම වැටිච්ච මිනිස්සු ඕන තරම්  යුරෝපයේ ඉන්නවා)

ඉතින් ණය අරගෙන ඒවාට කර්මාන්ත හදල, තව අපනයන වැඩි කරලා මුකුත් කරන්නේ නැතුව වියදම් කර කර හිටියොත් , hummer ,

පොර්ශේ (porsche )  අර ගෙන සොමිය ගත්තොත්, සමහරවිට අර ලැබෙන අදායමට වඩා  පොලිය වැඩි වෙන්න පුළුවන්. ණය default කරන්න වුනොත් , ණය සල්ලි වලට ගන්න ඉන්න  ආයෝජකයෝ මාරු වෙනවා. සුන්දර්ජයාලට වුනත් කරගන්න දෙයක් නැතුව යනවා. එහෙම වුනොත් සල්ලි තියෙන ඈයෝ කොහමත් ස්විට්සර්ලන්තෙට යයි. අනිත් අය  මුහුදට වැටෙයි.
එහෙම නොවේවා කියල අපි ප්‍රර්ථනා කරමු. නැත්නම් ඉතින්  පිටරට ඉන්න අයට තමා නැව්  අරගෙන යන්න වෙන්නේ බේරා  ගන්න අපේ දෙමාපිය නෑදෑයෝ ටික.

(ref 1.) UK http://en.wikipedia.org/wiki/Poles_in_the_United_Kingdom

(ref 2.) http://en.wikipedia.org/wiki/Poles_in_Germany

7 comments:

  1. දැනුම බෙදා ගත්තාට බොහොම ස්තුතියි.ප්‍රශ්න කීපයක් තියෙනවා,

    1. මොකද්ද මේ 'සුන්දර්ජයා' කියන්නේ ?

    2. යුක්රේන් ගැටළුව විශේෂයෙන්ම රුසියාවේ වත්මන් ජාතිකවාදී ප්‍රවනතාව ( මම හිතන්නේ පුටින් ගේ සමාජවාදී භාවිතයක් නෑ කියල, අඩුම තරමේ RT news වලට අනුවවත්) ගෝලීය ධනවායේ පැවැත්මට තර්ජනයක් නේද? මොකක්ද මේ පුටින් කරන්න යන්නේ දැව දෙකක ධනවාදී ලෝකයක් හදන්න යනවද (BRIC හා USA ලෙස) ?

    3.මට හිතෙන්නේ දැන් ලෝක ධනවාදය කියන්නේ ඕනාවට වඩා ප්‍රසාරණය වෙච්ච බුබුලක් කියලා. ධනවාදය කඩන් වැටීමේ 'චෙන් රියැක්ෂන්' එක ඕනෑම මොහොතක පටන් ගන්න පුළුවන් වගේ. ගැටලුව තියෙන්නේ පුටින් එක 'ට්‍රිගර්' කරන්න යනවද නැත්නම් 'ප්‍රෝටෙක්ට්' කරන යනවද කියන එක

    ReplyDelete
  2. නරකද බ්ලොග් එක සින්ඩියකට දැම්මොත් ( e.g අඹගහ යට, http://ambagaha.blogspot.dk/). වැඩි දෙනෙක් බලයි නේද?

    ReplyDelete
  3. ස්තුතියි ඇනෝ 1.
    1. මේකට උත්තරේ මෙතනින් බලන්න. http://maathalan.blogspot.co.uk/2014/09/is-pbj-dreamer_18.html
    2. සහ 3 සැහෙන ලොකු මාතෘකා දෙකක් නිසා මගේ අදහස වෙන බ්ලොග් ලිපියක දාන්නම් .

    ReplyDelete
  4. ඇනෝ 2ට.
    සින්ඩියකට දාන්නේ කොහොමද කියල මම දන්නේ නැහැ

    ReplyDelete
  5. @Ajith Dharma

    මම දන්න විදියට සින්ඩි පවත්වන් යන ඇඩ්මින් වරයෙකුට ඉල්ලීමක් කිරීමෙන් සින්ඩියකට ඇතුලත් විය හැකියි

    උදා. 'අඹ ගහ යට'-http://www.emailmeform.com/builder/form/q1HtC1K0RW4b2rydL5bVBQsD3

    'මතලන්ගේ සින්ඩිය' -http://maathalangesindiya.blogspot.dk/p/contact.html

    'සිංහල බ්ලොග් කියවනය' -http://blogs.sinhalabloggers.com/add-blog/

    මිට අමතරව තව බොහෝ සින්ඩි තියනහැඩයි.

    'සින්ඩි' කියල කෙටි කරේ Web syndication කියන එක (http://en.wikipedia.org/wiki/Web_syndication)

    ReplyDelete
  6. 'සුන්දර්ජයා' :D!!!!

    ReplyDelete
  7. බොහොම ස්තුතියි ලින්ක් වලට හා පැහැදිලි කිරීමට.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .