Monday 30 November 2015

එර්ඩොගන් රාජපක්ෂ හා මහින්දමීර් පුටින්

මුස්තාෆා කෙමල් අටටුර්ක් (අතතුර්ක්) යනු නුතන ලෞකික (secular) තුර්කියේ නිර්මාතෘවරයාය. ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යවාදයට හා තුර්කි අධිරාජයාට විරුද්ධව දේශපාලනය කල කෙමල් අතතුර්ක් විප්ලවවාදියෙකි. තම මව විසින් ආගමික අධ්‍යාපනය සඳහා යැව්වද එය ප්‍රතික්ෂේප කල ඔහු ආගමික නොවන පෞද්ගලික විදුහලක ඉගෙනුම ලබා තුර්කි ඔටෝමන් ආරක්ෂක ඇකඩමියට ඇතුළු විය. රජුට විරුද්ධව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් සිරභාරයට පත් වුවද පසුව නිදහස් වී ඔටෝමන් අධිරාජ්‍යය යටතේ වූ සිරියාවේ දමස්කස් නගරයේ කපිතාන් ධුරයට හා පසුව ජ්‍යෙෂ්ඨ කපිතාන් ධුරයටත් පත්විය. 1908 ජුලි මස තරුණ තුර්කින්ගේ විප්ලවය දෙවන සුල්තාන් අබ්දුල් හමීඩ් ගෙන් බලය ගෙන ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් පිහිටුවන ලද අතර එහි සෑහෙන වැදගත් කාර්යභාරයක් කෙමාල් විසින් ඉටු කරන ලදී.

ඉතාලි තුර්කි යුද්ධය (1911-1912), බෝල්කන් යුද්ධය (1912-1913) හා පළමුවැන් ලෝක යුද්ධය යන යුද වල සටන් කල ඔහු ඉන් පසු ලෙෆ්ටිනන්ට් කල්නල් වරයෙකු විය. මෙහිදී මතක තබා ගත යුත්තේ ඔහු ලිබියාවේ කැරැල්ලක් ද මැඩ පැවැත්වූ බවයි. ලිබියාව අයත් වුනේද තුර්කි අධිරාජ්‍යයටය. තුර්කි 7 වන හමුදාවේ අණදෙන නිලධාරී ධුරයට පත් වූ ඔහු පළමු ලෝක යුද්ධයේදී තම හමුදා පරාජයට පත් කර නොගත් එකම තුර්කි ජෙනරාල් වරයා විය. දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන් ගේ පැත්තේ සිටි තුර්කිය පරාජයට පත් වූ අතර අධිරාජ්‍යය බිඳ වැටී සිරියාව, ලිබියාව වැනි රටවල් නිදහස ලැබිය.
ජයගත් බ්‍රිතාන්‍ය, ප්‍රංශ ඇමෙරිකානු හමුදාවන්ට තුර්කිය යටත් වූ අතර කේමල් තුර්කි රජුට විරුද්ධව කටයුතු කර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන කතානායක විය. මෙහිදී මිත්‍ර පක්ෂය විසින් කැලිපෙට් නමින් හමුදාවක් සාදන ලදී. (දැනට අයිඑස්අයිඑස් ද ඉස්ලාමික කලිපෙට් රටක් බිහි කර ඇත.) විකිපෙඩියාවේ මේ විස්තර ලබා ගත හැක. වැඩි දුර නොගොස් මා කියන්නට තැත් කරන්නේ අටටුර්ක් (අතතුර්ක්) විසින් 1922 දී තුර්කි සමුහාණ්ඩුව පිහිටුවන ලද බවත් මුලදීම රජය ඉස්ලාම් ආගමින් වෙන් කල ඔහු තුර්කිය ආගමික නොවන නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද බවත්ය. ඔහු විසින් තුර්කියේ සංස්කෘතික, සමාජීය විප්ලවයක් ඇති කල අතර පාසල් ගොඩ නැගීම, ප්‍රථමික අධ්‍යාපනය අනිවාර්ය කිරීම මෙන්ම නිදහස් කිරීම, ගොවීන්ගේ බදු ලිහිල් කිරීම වැනි ක්‍රියාමාර්ග තුලින් වත්මන් තුර්කි රාජ්‍යයේ අඩිතාලම දැමිය. තුර්කි කාන්තාවට සම අයිතිය ලබා දීම (රැකියා කිරීම ආදී), නිකාබය (මුහුණ වැසීම) තහනම් කිරීම ද නීතිගත කරන ලදී. අදද තුර්කි ජාතියේ පියා හැටියට ඔහු තුර්කි වරුන් විසින් ගෞරව කරති.

එර්ඩොගන් 2002 දී බලයට පත් වන තුරුම තුර්කිය පාලනය කලේ හමුදාවට හිතැති ආණ්ඩු මගිනි. ඔවුන් මුස්ලිම් අන්තවාදීන්ට ඉඩක් නොදුන්හ. නමුත් ඔවුන් විසින් කුර්දි වරුන්ට එරෙහිව ගෙන ගිය මර්දනයන් එතරම් ජනප්‍රිය වුයේ නැත. දුෂිත යයි කිවූ හමුදා නිලධාරීන් අයින් කරමින්, සමහරුන් හිරේ දමමින්, සමහර විට අසත්‍ය තොරතුරු සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් තුර්කි හමුදාවෙන් ආණ්ඩුවට තිබු බලපෑම අයින් කල එර්ඩොගන් තමන්ගේ ඉස්ලාමිකකරණය පටන් ගත්තේය. එර්ඩොගන්ට වඩාතම උදව් කලේද චන්දය දුන්නේද ග්‍රාමීය තුර්කි ජනතාවයි. ඔවුන්, මුළු ලෝකයම මුස්ලිමුන්ට එරෙහි යයි පවසන එර්ඩොගන් ට මුලාව ඔහුව චන්දය දුන් අතර කාන්තාවන්ට නැවත හිස රෙද්දකින් වැසීමට අණ කරන නීති මෙන්ම අනිකුත් ඉස්ලාම්ක නීතිද පැනවීමට පටන් ගත්තේය. මෙයට විරුද්ධව නොයෙකුත් අරගල ඇති වුවද පසුගිය මැතිවරණ සියල්ලම ජය ගැනීමට ඔහු සමත් වුයේ ග්‍රාමීය ජනතාවගේ හා ඉස්ලාමික වාදීන්ගේ චන්දයෙනි. ඔහු රට ගොඩ නැගීමට තැත් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය ආයතනයෙන් ණය 19ක් පමණ ලබා ගනිමිනි. ඔහු විසින් නව මහාමාර්ග (motor way - high-way) බොහොමයක් සෑදු අතර ගුවන් තොටුපළවල් ද සැදිය. මේවා ගැන නොයෙකුත් දුෂණ චෝදනාද ඔහුට ඔහු ගේ පුතාට හා නෑදෑයන්ට එල්ලවී ඇත.

එර්ඩොගන්ගේ ලොකුම හීනය ලෙස ඔහු පවසන්නේ නැති වී ගිය ඔටෝමන් රාජාණ්ඩුව නැවත බිහි කිරීමයි. සිරියාව ගැන බොහෝ අය නොපවසන දෙයක් තිබේ. එනම කටාර් - තුර්කි ගෑස් නළ මාර්ගය ගැනයි. ස්වභාවික වායු එවීමට සවුදි අරාබිය, ජෝර්දානය, සිරියාව හරහා නල මාර්ගයක් යෝජනා කල අතර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර මෙයට කැමැත්ත පල කළහ. දෙවන නල මාර්ගය වුයේ සවුදිය මග හැර සිරියාව, ඉරානය හරහාය. එය තුර්කියට වාසිදායක නමුත් එර්ඩොගන්ගේ රජවීමේ සිහිනයට එය වැදගත් වුයේ නැත. සවුදිය සිරියාවට එරෙහිව ඇමෙරිකාවට කල චෝදනාවේ ප්‍රතිපලය වුයේ හදිසියේම සිරියානු ජනාධිපති අසාඩ් මිනිසුන් මරණ, බෝම්බ දමන ඒකාධිපතියෙකු බවට එක රැයින්ම පත්වීමයි. සවුදිය හා තුර්කිය එක්ව සිරියානු කැරලිකරුවන් පුහුණු කල අතර තමන් ගේ මිතුරන් නිසා ඇමෙරිකාව ඔවුන්ට උදව් කළේය. තම රජය බේරාගැනීමට කැරලි කරුවනට කරන ප්‍රහාර වලින් අසාද් අතින් සාමාන්‍ය මිනිසුන්ද මියගිය අතර එයට එරෙහිව ලෝක ජන මතය ගොඩ නැගිණි.

මේ අතර ඉරාකයේ ඇමෙරිකානු හමුදා ඉවත දමාගිය ආයුධ රැගෙන සිරියාවට හා ලිබියාවට එරෙහිව සටන් කිරීමට සවුදු අරාබිය පුහුණු කරන ලද කැරලි ජරුවන්, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල ඉස්ලාමික අන්තවාදීන්, පුටින් අතින් පරාජයට පත්වූ චෙචේනියානුවන් දහස් ගණනින් පැමිණියහ. ඉන් පසු සිදුවූ සියල්ල දැන් හැමෝම දන්නා දෙයයි. අවසානයේ පුටින්ට සිරියාවට බෝම්බ දැමීමට සිදු වන්නේ රුසියාවේ චෙචේනියානු යුද්ධයෙන් හා අනිකුත් පැරණ සෝවියට් දේශයට අයත්ව තිබු මුස්ලිම් රටවලින් පැමිණි සිටින ඉස්ලාමික අන්තවාදීන් පසුව රුසියාවට තර්ජනයක් විය හැකි නිසා වන අතරම, තමන්ගේ මිතුරු අසාද් ව බේරා ගැනීමටත්ය. සිරියාවේ වරායවල් ද පුටින් ට උපක්‍රමශීලිව වැදගත් ඒවා වේ. ඉහත සිරියාව හරහා ගෑස් නල මාර්ගය දැමුවොත් එයත් රුසියාවට ආර්ථික වශයෙන් වාසි දායකය.

එර්ඩොගන් ට අවශ්‍ය සිරියාව හා ලිබියාව තමන්ගේ යටතට ගෙන තුර්කි අධිරාජ්‍යයක් නැවත ගොඩ නැගීමටය. පුටින් ක්‍රිමියාව තමා යටතට ගත් අතර ක්‍රිමියාව සුළු කාලයක් තුර්කි අධිරාජ්‍ය යටතේ තිබුණි. ඔවුන් රුසියන් අධිරාජ්‍යයට පරාජය වීමෙන් ක්‍රිමියාව අහිමි විනි. (බොහෝ කලකට පෙර) පුටින් තමන් ගේ විදේශ ප්‍රතිපත්තියේදී දැන් තරමක් දුරට හැසිරෙන්නේ සාර් රජු ක්‍රියා කල ආකාරයටමය. පරණ රුසියන් අධිරාජ්‍යයට අයත්ව තිබු භූමි වල පාලනය තමන් අතට නැත්නම් අවම අශයෙන් ඒවාට බල පෑම් කිරීම ඔහුගේ පිළිවෙත වී ඇත.


පුටින් චෙචේනියානු අන්තවාදීන් පරාජය කලේ දැඩි ලෙස මර්දනය කරමිනි. ඔහු චෙචේනියාවට රුසියානු සමුහාණ්ඩුව යටතේ ස්වතන්ත්‍ර පාලන ක්‍රමයක් ලබා දුන්නද ඔහුගේ මර්දනකාරී ක්‍රියා විවේචනයට ලක්විණි. නමුත් පුටින් යෙල්ට්සින් ගේ අසමත් පාලනයෙන් රුසියාව බේරාගෙන ධනවත් රුසියාවක් නිර්මාණය කළේය. ඔහු තම දියණියන් හෝ නෑදෑයන් රාජ්‍ය පරිපාලනයට කෙලින්ම සම්බන්ධ කර ගත්තේ නැත. ඔහු විසින් අනුමත කරන අයට මිස තමන්ගේ දේශපාලන විරුද්ධ වාදීන්ට එතරම් වෙළඳ කටයුතු වලදී අනුබල දුන්නේද නැත. එහෙත් ඔහු නව රුසියානු හමුදාව නවීකරණය කිරීම, අධ්‍යාපනයට, වැඩිහිටියන්ට මුදල් වෙන් කිරීම, ආදී ජනප්‍රිය ක්‍රියාමාර්ග බොහොමයක් ගත්තේය. ඔහු තවමත් ඉතා ජනප්‍රියය.

යුද්ධය දිනුවද යුද්ධයේ අවසන් අදියරේ සිටම ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුටින් මෙන් මහත්මා ලෙස සතුරාට සැලකුවේ නැත. (පුටින් තමන්ට හිතවත් අයෙකු වන රම්සන් කදිරෝව් චෙචේනියාවේ පත් කලද ඔහුගේ පාලනයට ඇඟිලි ගසන්නට ගියේ නැත. ඒ වෙනුවට ඇති තරම් මුල්‍ය ආධාර දුන්නේය.) දෙදෙනාම යුද්ධය දිනීම නිසා ජනප්‍රිය වුවද පුටින් තමන්ගේ ජනප්‍රිය භාවය රට කරවීම පිණිස මැනවින් යොදා ගත්තේය. මට පෙනෙන්නේ මහින්ද මහතා අනුගමනය කලේ එර්ඩොගන් බවය.

දැන් එර්ඩොගන් ට සිදුවී ඇත්තේ වහ කන්නටය. මගේ තුර්කි මිතුරෙකු මට ලියා එව්වේ එර්ඩොගන් තවතවත් ජනප්‍රිය භාවයෙන් පහලට වැටෙන නිසා ඔහු ලාභ ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීමට රුසියානු යානයට පහර දුන් බවයි. එයට තුර්කියේ ග්‍රාමීය ජනතාව ප්‍රීතිඝෝශා කරති. නමුත් තුර්කියට වැඩියෙන්ම එන රුසියන් සංචාරකයන් ඒම මින් නවතිනු ඇත. රුසියාවේ ගොඩනැගිලි වැඩියෙන්ම සාදන්නේ තුර්කි ව්‍යාපාරයන් මගිනි. ඒවාටද දැන් රුසියාව තුල වසා දැමීමට බල කෙරී ඇත. දැන් තුර්කින්ට රුසියාව රැකියා කිරීම තහනම් කර ඇත.ජර්මනියට පසු රුසියාව වැඩියෙන්ම ආහාර හා අනිකුත් දේ ආනයනය කරන්නේ ද තුර්කියෙනි. ඒ ඩොලර් බිලියන වලිනි. දැන් එය ද නැවතී ඇත.

එර්ඩොගන් කර ඇත්තේ තමන් ගේ කකුලට තමන්ම වෙඩි තබා ගැනීමයි. මෙය හරියටම රාජපක්ෂ මහතා අවුරුදු දෙකකට කලින් මැතිවරණයක් කැඳවා ඉල්ලන් කෑවාක් මෙනි.

43 comments:

  1. එයට තුර්කියේ ග්‍රාමීය ජනතාව ප්‍රීතිඝෝශා කරති.///////////////////////// ගැලරියට ගැසීම

    ReplyDelete
  2. රුසියාව ජර්මනියට පසු වැඩියෙන්ම ආහාර හා අනිකුත් දේ මිලදී ගන්නේ රුසියාවයි ???

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. නිවැරදි කලා.

      Delete
  3. මොහු කල ක්‍රියාව නිසා තුර්කියේ ගොවියන්, ව්‍යාපාරිකයින්, සංචාරක කර්මාන්තය ආදියේ නියුතු පුද්ගලයින්ගේ ජීවන මාර්ගය කඩා වැටෙනවා. ඔහු රුසියානු යානය බිම හෙලුවේ ඔහුගේ පුතාගේ අයිසිස් තෙල් ජවාරමට රුසියාව නිසා පාඩු සිදුවූ නිසා. තම පවුල වෙනුවෙන් සංචාරක කර්මාන්තය, ඇඟළුම් කර්මාන්තය ආශ්‍රිත රැකියා අනතුරේ හෙලපු කෙනෙක් මෙහෙත් හිටියා. සිරියානු 'සරණාගතයින්' යුරෝපයට යවා එසේ නොකිරීමට යොරෝ බිලියන 3 ක මුදල් මොහු ලබා ගත්තා. ඔස්ට්‍රේලියාවට සරණාගත නැව් යවා එසේ නොකිරීමට ඔස්ට්‍රේලියාවෙන් කප්පම් ගත් අය මෙහෙත් හිටියා.

    ReplyDelete
    Replies
    1. ලියු සියලු දේවල් ඇත්තය. අර පුතාගේ කටහ්ව ලිව්වේ නැත්තේ දැන් හැමෝම දන්නා නිසා ඒක.

      Delete
  4. ආයුබෝවේවා, එර්ඩොගයාණෙනී.

    ReplyDelete
    Replies
    1. මොකද මේ මිනිසුන්ට වෙන්නේ ඇත්තටම බලය අරගත්තට පස්සේ. මටත් මෙහම් වෙයිද බලයක් ආවොත් ???

      Delete
  5. එතකොට මයිත්‍රී සමාන වෙන්නේ කාටද?

    ReplyDelete
    Replies
    1. හ්ම් තවම ඉතිහාසෙට යන මොකක් හරි කලාද? මැල්කම් ටර්න්බුල් ඕස්ට්‍රේලියාවේ.

      Delete
  6. දොස්තොව්ස්කි කියන නමේ තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. රුසියානු ක්‍රිස්තියානු ඔර්තොඩොක්ස් නමකි.

      Delete
  7. ඔතන කවුද වැරදි???
    කවුද හරි???

    පොඩ්ඩ්ඩක් විස්තර කරන්ටකෝ...

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධියේදී පමණක් එර්ඩොගන් වැරදියි. හේතුව ඔවැනි තත්පර 17ක උල්ලන්ඝනයකට පහර දීම සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. කතා කරලා යන්න කියනවා හෝ තානාපති හරහා විරෝධය ප්‍රකාශ කරනවා විතරයි. මෙතන ගැහුවේ අර උඩ ඉයන් කිව්වා වගේ isis එකඟ දෙන තෙල් ගෙනියන ට්‍රක් වලට බෝම්බ දාපු නිසා තරහට.

      Delete
  8. //යුද්ධය දිනුවද යුද්ධයේ අවසන් අදියරේ සිටම ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුටින් මෙන් මහත්මා ලෙස සතුරාට සැලකුවේ නැත.//

    අැත්තට ම අජිත් අයියා.... මහින්ද මහත්තයා වරද්දා ගත්තු ප්‍රධානම තැන ඔ්කයි... ඔය පොයින්ට් ඒකේ දී හරියට ක්‍රියා කරානම් මහින්ද යනු ජාත්‍යන්තරට ද අභියෝග කළ නොහැකි මහා පුරුෂයෙක් වෙනවා... දැන් ඔහුව මහා ලොකු චරිතයක් කරන්න හදන පිරිස ඔතන නොහිටියානම් මහින්ද කියන්නේ මහත්මා, මැන්ඩෙලා, සේතුං, හෝ චී මිං වගේ ලෝක පූජිත චරිතයක් වෙනවා... ඒකට හරි පාර තිබුණේ යුද්ධය දිනුවාට පස්සේ තමා.... නමුත් ඒතැනදී ඒ අාණ්ඩුව අසාර්ථක වුණා..... ඔවුන් හරි විදිහට ජාත්‍යන්තරයට මුහුණ දුන්නේ නැහැ.... ඒ යුද්ධය සද්දෙන් විතරක් කරන්න බැහැ කියලා ඔවුන් දැනගෙන හිටියේ නැහැ......

    මේ දේශපාලනික පෙරළිය පිටිපස්සේ තියෙන ජාත්‍යන්තර බලපෑම් අැත්තට ම ඒන්නෑ අර විදිහේ කටයුත්තක් කරලා තිබුණානම්.......

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ සැබෑ හිතවත්තු ඕක කිව්වා. නමුත් බලය ආවම තිබ්බම ලංවෙන්නේ සැබෑ හිතවත්තු නෙමෙයි නේ.

      Delete
  9. එර්ඩොගන්ට ආයිත් ඔටෝමන් අධිරාජ්‍යය ගොඩනගන පිස්සුවක් තියනවද?
    ෂා නියමයිනෙ. පුටින් හිතන් ඉන්නෙත් එයා පීටර්ටත් වඩා ලොකු සාර් කෙනෙක් කියලනෙ.
    එතකොට වලිය සුල්තාන් Vs සාර්.
    ගැලරියේ ප්‍රීති ඝෝෂා ......ව්‍යාපාර හා ආර්ථිකයට කෙලවෙනවා

    අන්තර්ජාතික ගැටුම් ඉස්සරටත් වඩා childish වගේ නේද. ඉස්සරනම් ආර්ථිකවාසි බලාගෙන ගොඩක් යුද්ධ කලා. රටවල් හා කෑලි අල්ල ගන්න වගේ දැන් ඔය තෙල් සඳහා කරනවයි කියන යුද්ද වල වුනත් වාසි වලට වඩා අවාසි වැඩියි. දැන් ගැලරියෙ චන්ද බලාගෙනත් යුද්ද කරන්න එපැයි.

    මගෙ හොබී එක ඉතිහාසය නිසා මං ආස අයිතිහාසික යුද්ද ගැන කියවන්න.
    https://en.wikipedia.org/wiki/History_of_the_Russo-Turkish_wars
    පුටින් අයිතිහාසික warlord කෙනෙක් වගේ නිසා කැමතියි. දැන් දැනගත්තෙ තූර්කි පොරත් මධ්යතන සුල්තාන් කෙනෙක් කියලා !!!
    අහක ඉඳන් මේවා බලන එක මාර ජොලි නේද?

    ෆන් එක කන්නේ ISIS කාලකන්නි සත්තු. උන්ගේ ක්‍රියා අප්පිරියා නිසා අහන්නත් බලන්නත් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. අල්කයිඩා වගේම ISIS එකත් හැදුවේ ඇමෙරිකාව. නමුත් ඒවා පස්සේ තමන්ට මෙල්ල වෙන්නේ නැහැ. ඉන්දියාව වාමාංශික දෙමල සටන් කරුවන් අයින් කර ප්‍රභාකරන්ට උදව් කල. තමන්ගේ අගමැතිත් මරා ගත්තා. නයින්ට කිරි පොවන්න එපා කියන කතාව ඇමෙරිකානුව ඉගෙන ගෙන නැහැ. එර්ඩොගන් ට ඔටෝමන් පිස්සුව ගහල තියෙන්නේ. පුටින් ක්‍රිමියාව අල්ල ගත්තට තරහත් එකයි. ලිබියාව , සිරියාව තමන්ගේ කියල හිතාගෙන ඉන්නේ. අමෙරිකාවත් මේවා හොඳට පාවිච්චි කරනව්ව. හිනා වෙලා බෑ . රුසියාවට න්‍යෂ්ටික ආයුධ තියෙන නිසා. හැබැයි පුටින් එච්චචර දුර යන කෙනෙක් නොවෙයි මම හිතන විධිහට. ඊට වැඩිය මොලේ තියනවා. හැබැයි සාර්. රුසියානුවන්ට හොඳ සාර්.

      Delete
  10. //මුස්තාෆා කමල් අටටුර්ක් // ??? මෙම නම ලියූ අයුරු අතිශය වැරදිසහගතයි.

    මෙය මුස්ත්තෆා කෙමල් අතතුර්ක් ලෙස වෙනස් විය යුතුයි. තුර්කි උසුරුවට වඩාත් කිට්ටු වන්නේ එසේය.

    ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. කෙමල් කියල තමා ලියන්න ඕනේ. ඊයේ පැයක් ඇතුළත ලියල දැම්ම නිසා වැරදි කීපයක් ඇති සමහරවිට. නැවත කියවන්න ඕනේ. අතතුර්ක් වෙන්න නම් th තියෙන්නේ ඕනේ නේ. එයාගේ නම ataturk ඒ කියන්නේ අටටුර්ක්.

      Delete
    2. බොහොම ස්තූතියි නිවැරදි කළාට අජිත්. මා සඳහන් කළේ තුර්කි උසුරුවට වඩාත් ආසන්න ක්‍රමයයි. සාමාන්‍යයෙන් ලතින් පවුලේ භාෂාවන් ටී අකුර "ත" ශබ්දයට යොදාගන්නාවිට ඉංග්‍රීසි මෙන් එච් එකතු කරන්නේ නැහැ. තුර්කි බසත් ලතින් (රෝමානූ) අක්ෂර වලින් ලියනවිට මෙය සිදුවනවා. කෙසේ නමුත් මෙම අතිශය සුළු අඩුපාඩුවලට වඩා ඔබගේ ලිපියේ අන්තර්ගතය ඉතා වැදගත්. ඉතාම ස්තූතියි මෙබඳු අගනා ලිපියක් ලිපියක් ලිවීම පිළිබඳව. ඔබට ජය !

      Delete
    3. බොහොම ස්තුතියි. නැවතත් මෙවැනි අඩුපාඩු තිබුනොත් පෙන්වා දෙන්න කියා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නිවැරදිව ලිවීමත් වැදගත්.

      Delete
    4. තුර්කි භාෂාවේ 't' අපේ 'ට' සහ 'ත' අතරමැදි ශබ්දයක්. ඒ නිසා අතතුර්ක් කිවුවත් අටටුර්ක් කිවුවත් විශාල වරදක් ඇතැයි මා සිතන්නේ නැහැ. මගේ කණට ඇහෙන විදිහට අතතුර්ක් වඩා කිට්ටුයි කියලයි මම හිතන්නේ. මුල් නමනම් කෙමල්. ඇත්තටම අතතුර්ක් /අටටුර්ක් කියන්නේ ඔහුගේ නම නෙමෙයි. පසුව එකතු කළ විශේෂණයක්. අපේ ඩීඑස්ට ජාතියේ පියා කියනවා වගේ. අතතුර්ක් = තුර්කීන්ගේ පියා. මම මාස කිහිපයකට කලින් කෙමල් අතතුර්ක්ගේ උපන් නිවසට ගියා. පුළුවන් වුනොත් ඡායාරූප සමඟ කෙටි සටහනක් දමන්නම්.

      Delete
    5. ඒක හොඳ අදහසක්. මම ඉස්තාන්බුල් වලට විතරයි තුර්කියේ ගිහින් තියෙන්නේ.

      Delete
  11. සාටකයෙන් වැසි ගිය ඇත්ත කතාව...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එහෙමත් තේරුණා නම්.

      Delete
  12. අපේ විමල් වීරවංශ මහත්තයලා ගොම්මන්පිලලද දන්නෙ නෑ උපදෙස් දෙන්නේ... අර්ඩගොන්ට උපදෙස් දෙන්නේ...

    තුර්කි කෑළි ගැන යමක් නොලීවීම පිළිබඳ අපගේ බලවත් විරෝධය...

    ReplyDelete
    Replies
    1. දැනට අර්ධ ගොන් !

      Delete
    2. අපි ඔය තූර්කි කෑලි ගැන දන්නේ නැත. ඇත්තටම කිව්වොත් ඔෆිස් එකේ ඇඩ්මින් තුර්කි කාන්තාවක්.

      Delete
  13. Replies
    1. රෙද්ද ගැලවෙන්න කියනව...

      Delete
    2. සමානකම් බොහොමයි.. අන්න තුර්කියේ බුවා අයිසිස්ල එක්ක තෙල් ජාවාරම් කරනව කියල ඔප්පු කලොත් ඉල්ලා අස් වෙනවලු.. බන්දුල ගුණවර්ධන වගේ...

      Delete
    3. පුටින් එතන කියන කටහ්ව ඇත්ත. ඇමෙරිකාව නවත්වුයේ නැහැ ඔත්තු යානා. ඔප්පු කරනන් අර තියෙන්නේ යුටියුබ් එකේ . පොර බලන්නේ නැතුව ඇති.

      Delete
  14. ගොඩක් විස්තර දැන ගත්තා

    ReplyDelete
  15. හයියෝ.. නෙට් අවුල් වෙලා කොමෙන්ටෙක මැකුනනේ.. නම කියව ගත්තෙත් අමාරුවෙන්.. ඒත් කියවගෙන යනකොට පට්ට ඉන්ටරස්ටින්.. පුටින් අන්කලුත් මහින්ද අංකල් වගේ බොක්කට වදින කතා කියන්න නම් දස්සයි නේද? එහෙම බැලුවම මහින්දමීර් පූටින් නම සෙට් වෙනවා..පුටින් ට පුරුදු කරන්න ඕනි තව 'අපේ හාමුදුරුවනේ..' වගේ කෑල්ලක්..

    ReplyDelete
    Replies
    1. පුටින් ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි නිකාය සමග හුඟක් සමීපයි. කිරිල් තුමා (රුසියන් පෝප්) සමග හොඳ මිතුරු කමක් තියනවා. ජෝක් එකට කියන්නේ දෙන්නම එකට කේ ජිබි එකේ එකට හිටිය නිසා කියල.

      Delete
    2. ජෝක් එකට කියන්නේ දෙන්නම එකට කේ ජිබි එකේ එකට හිටිය නිසා කියල.// මන් හිතන් හිටියේ එහෙම කියන්නේ ඇත්තටම කියල..

      Delete
    3. රුසියන් ඔර්තොදොක්ස් නිකායේ සමහර ෆාදර්ස් ලා කේජීබී

      Delete
  16. ඔටෝමාන් අධිරාජ්‍යය සියවස් ගණනක් පුරා තිබ්බ එකක්.පළමු වැනි ලෝක යුද්ධයටත් ඔය "ඔටෝමන් අධිරාජ්‍ය"ගැවිලා තියෙනවානේ.මේ සත් සමුදුරේ ලිපියක්

    එර්ඩොගන්ලා කාටත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් දේශප්‍රේමය හොඳට මාකට් එකක් නේද ?

    ReplyDelete
    Replies
    1. දේශප්‍රේමය හා ආගම.

      Delete
  17. KOHOMOTATH MUSLIM WARUN SAMAKAMI LOKAYATA THARJANAYAK NEDA

    ReplyDelete
    Replies
    1. සැම මුස්ලිම් ආගමිකයෙක් ගැනම එසේ කීමට නොහැකිය. මගේ බොහෝ මුස්ලිම් යහළුවන් සිටිති. තුර්කියේ එර්ඩොගන් ට විරුද්ධ මුස්ලිම් වරු මෙන්ම රුසියාවේ පුටින්ට විරුද්ද රුසියනුවෝත් සිටිති.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .