බඩු කර තියන්නා
තරාතිරම්වාදය ගැන ලිවූ කතාවක මගේ ඉන්දියානු වන්දනා ගමන ගැන සඳහන් කලෙමි. මගේ මව සමග යාමට පවුලේ වෙනත් අයට නොහැකි වීම නිසා ගිය ගමනකි මෙය. මම කෙලින්ම ලන්ඩනයේ සිට කටුනායක හරහා (ට්‍රාන්සිට්) චෙන්නායි නගරයට ගියෙමි. බ්‍රිතාන්‍යයේ සිටින බොහෝ ඉන්දියානුවන් ව්‍යාපාර කරන පොහොසත් අය වෙති. නැත්නම් වෛද්‍ය, ඉංජිනේරු, ඖෂධවේදී, හෙදි වැනි රැකියා කරන වෘත්තිකයන්ය. මගේද මිතුරන් කිහිප දෙනෙකු සිටින අතර ඉන්දියාව මධ්‍යම පන්තියේ දුප්පතුන්ද සෑහෙන ප්‍රමාණයක් සිටින ලංකාව වැනිම රටක් ලෙස සිතා සිටියෙමි. ලේය්ලන්ඩ් බස් සමාගම්, බැංකු, තෙල් කොම්පැනි හිමි ඉන්දීය ජාතික හින්දුජා වැනි සහෝදරවරු එංගලන්තයේ ධනවත්ම ව්‍යාපාරිකයන්ය. මම බොහෝ හින්දුන් අතර නිරීක්ෂණය කළ දෙයක් නම් මිනිසුන් දුප්පත් හෝ පොහොසත් වන්නේ, ආබාධිත වන්නේ පෙර කරුමයන්ට අනුව යයි දැඩි විශ්වාසයක් ඔවුන් අතර පවතින බවයි. මෙය හින්දුන් අතර පමණක් නොව පුදුම සහගත ලෙස ඉන්දීය මුස්ලිම් වරුන් අතරද තරමක් දුරට පවතින අදහසකි. දිළිඳු ජනතාව කෙරෙහි එතරම් අනුකම්පාවක් මා අඳුනන කිසිවෙකු කෙරෙන් නොදිටීමි. ඔවුන් සෑහෙන ලෙස සශ්‍රීක නිසා මෙසේ අනුකම්පා විරහිත ස්ථාවරයක් ගන්නා බව සිතුවෙමි.
ඉදින් මම අත් බෑගයක් සහ කිලෝ 20ට අඩු පහසුවෙන් ඇදගෙන යා හැකි මධ්‍යම ප්‍රමාණයේ පොඩි ගමන් මල්ලක් (සුට්කේසයක්) ද රැගෙන ගියෙමි. එහි තිබුනේ ඇඳුම් සහ කැමරා ආම්පන්න පමණි. දින විස්සක පමණ චාරිකාවක් නිසා හැකි පමණ බර අඩු කරගෙන අතවශ්‍යම ඇඳුම් හා අඩුම කුඩුම පමණක් ගැනීම මිට හේතුවයි. ආගමන විගමන දොරටුවෙන් පැමිණ ගුවන් තොටුපළෙන් එලියට යමින් මම ටැක්සි නැවතුම සෙව්වෙමි. සුට්කේස් එක රැගෙන යාමට බඩු ඔසවන්නන් කීප දෙනෙකු ඇසුවද මම ඒ විමසීම් නොතකා ඉදිරියට අදුනෙමි. කටුනායක ගුවන් තොටුපලේ මෙවැන්නන් ට මම පවුමක් දෙකක් දීමට මාරු කාසි රැගෙන යාමට පුරුදුව සිටියෙමි. සමහර වෙලාවට එය කරදරයක් ලෙසද සැලකුවෙමි. ඒ අප සූට්කේස් ගන්නේ තනිවම ඇද ගෙන යාමට හැකි වන පරිද්දෙන් නිසාය. දැන් කටුනායක ගුවන් තොටුපලේ මෙම සේවාව නතර කර ඇත.
අවුරුදු 14-15 වියැති පිරිමි ළමයෙකු මගේ පස්සෙන්ම ගමන් මල්ල කුලී රථයක් වෙත රැගෙන ගොස් දෙන්නට පෙරැත්ත කරමින් පැමිණියේය. අනිත් ගමන් මළු කර ගසන්නන් නතර වුවත් ඔහු නතර වූවේ නැත. ඔහු මට කරදරයක් වන තැන මම සැර කලෙමි. එවර ඔහු කලේ බිම දිගාවී ගෙන මෙන් දණ ගසමින් සූට්කේස් එක රැගෙන යාමට ඉල්ලීමයි. කිසිම මිනිසෙකු තවෙකෙකුට දණ ගැසීම හෝ බිම වැටී අයැදීම නොකළ යුතු යයි දැඩි සේ අදහන මම මෙතැනදී ඉමහත් අපහසුවට පත් වීමි. අහල පහල මිනිසුන්ට මෙය ගානක් නැත්තේ ඔවුන්ට මෙවැනි දර්ශන දැක පුරුදු නිසා විය යුතුය.
"මේ ගමන් මල්ල ඉතාම සැහැල්ලුයි. මට ගෙන යන්න පුළුවන්" යයි පැවසූ මම පැකිලෙමින් ම ඔහුට සූට්කේස් එක භාර දුන්නෙමි. මහත් ප්‍රීතියෙන් එය රැගෙන යන ඔහු මගෙන් කැඩුණු ඉංග්‍රීසියෙන් කොහේ සිට පැමිණෙන්නේද ආදිය විමසා කුලී රථ නවතන තැනට මා ගෙන ගියේය. පෝලිමේ තිබූ රථයක් නවතා ඔහු එහි මගේ ගමන් මලු දැමු පසු මම ඔහුට රුපියල් 60 ක් පමණ දුනිමි. එය පැන්ස 50 පමණය. මට පවුමක් දෙන්නට නොසිතුනේ මගේ බෑගය කොහෙත්ම බර එකක්ද නොවූ බැවිනි. ඔහු නැවතත් බිම පෙරලී ස්තූති කොට එතනින් ඉගිල ගියේය.
කුලී රථය හතර අතට කරකැවී කරකැවී ගොස් වටරවුමක නතර විය. රථ වාහන අධික වෙලාවක් වූ නිසා සැහෙන වෙලාවක් ඒ අසල රැඳුනු රථය ඉදිරියට ඇදුනි. එහි ඇති වට රවුමේ පාර මාරු වන පාලමක් වැනි කොටසක් විය. මහා පාරේ දෙපැත්තේ බලමින් සිටි මට පෙනුනේ අර සූට්කේස් එක රැගෙන ආ යව්වන ළමයාය. ඔහු පදික වේදිකාවේ පෙට්ටි ගොඩක් එකතු කර සෑදු තැනක වාඩිවී පුංචි ගැහැණු දරුවකුට රොටියක් කඩා කවමින් සිටියේය. ඔහු අසල ඇණ තියාගත් වැඩි වයසක් නැති ගැහැණියකුත් තවත් ළමයෙකුත් සිටියහ. මා බලන දෙස නිරීක්ෂණය කළ කුලී රථ රියැදුරා මදෙසට නොහැරීම "ඔහුගේ පවුල (his family)" කීවේය. "ඒ පොඩි කොල්ලා විවාහ වෙන්න විධිහක් නැහැ". මම කීවෙමි. "නැහැ නැහැ ඔහුගේ මව සහ සහෝදර සහෝදරියෝ" රියදුරා පිළිතුරු දුනි. කොල්ලා රොටී කවමින් සිටියේ පුංචි ගැහැණු ළමයෙකුට වන අතර ඔහු ගේ මව යයි සිතිය හැකි කත පුංචි පිරිමි ළමයා සමග රොටී කෑලි කිසියම් ව්‍යංජනයකට ඔබමින් රොටී කෑවාය. මා පසු තැනක දුටු පරිදි ඒ පරිප්පුය.
බොහෝ දිළින්දන්ගේ දෛනික ආහාරය පරිප්පු සහ නාන් රොටිය බව පසුව දැනගතිමි. හදිසියේම මේ පිරිමි ළමයා බිම වැතිරෙමින් සූට්කේසය ගෙන යාමට ඉල්ලුවේ ඇයි දැයි මට වැටහිණි. එදා දවසම මුකුත් නොලබා සිටි ඔහුට මා එවෙලේ ගමන් මල්ල ගෙන යාමට දී සුළු මුදල නුදුන්නා නම්, ඔහුගේ මවත් කුඩා නැඟනිය හා මළණුවන් ද එදා දවස බොහෝ විට කුස ගින්නේ ගත කරනු ඇත. සිත කිසියම් සියුම් වේදනාවකින් කීරි ගැසී ගියේ ඒ වේලාවේය. ඉන්පසු ලැබුන අවස්ථා දෙක තුනකදීම මම හැම විටම සූට්කේසය ගෙන යාමට කාට හෝ ඉඩ දී කිසියම් සුළු මුදලක් අත තැබීමි.
දුම්රියේ ළමයා
අප චෙන්නායි සිට දුම්රියෙන් වෙනත් නගරයකට යමින් සිටියෙමු. දුම්රියේ තිබෙන වැසිකිලිය සෑම ප්‍රධාන දුමරියපළකදීම සෝදා පිරිසිදු කරන ලබයි. ඊළඟ ප්‍රධාන දුම්රියපල සැහෙන දුරක නම් වැසිකිලිය පිරිසිදු වන්නේ නැත. එක්තර වයසක මවක් (උපාසක අම්මා කෙනෙක්) වැසිකිලියට බැරි මරගාතේ ගියාය. දුම්රිය ඇදෙන්නේ වේගයෙනි. අර කාන්තාව වැසිකිලියේ හිඳ ගැනීම වෙනුවට එහි උඩ ඇන තියා ගන්නට තැත් කරන්නට ඇත. එහි ඇද වැටුණු ඇය භයවී දොර ඇරියාය. එලියට පැමිණ උදව්වක් ඉල්ලීමට කලින් ඇය ඇඳ සිටි ඇඳුමේම තෙත් කර ගත්තාය. ඇය සමග පැමිණි අය හැඬුම් මුහුණින් සිටි වයසක කත පිරිසිදු කර වෙනත් ඇඳුමක් ඇඳ ගැනීමට උදව් වීමට ඊළඟ මැදිරියේ වැසිකිලියකට රැගෙන ගියහ. මේ අල්ල පනල්ලේ මගේ මවටද වැසිකිලි යාමට අවශ්‍ය විනි. නමුත් කොරිඩෝරයේ හා වැසිකිලියේ හැම තැනම මූත්‍රා ය. කොරිඩෝරයේ අඩිය තබා එහාට යාමටද නොහැක. මොනවදෝ ලාභ සෙල්ලම් බඩුවක් වැනි දෙයක් විකුණන වයස දහයක පමණ ළමයෙක් පැමිණියේ මේ අතරය. ඔහු පසුපසින් තේ විකුණන වැඩිහිටියෙක්ද පැමිණියේය. මෙවැනි යමක් විකුණන මෙන්ම හිඟමනේද යන ළමුන් මේ දුම්රිය වල දැකිය හැකිය. තේ විකුණන තැනැත්තාගෙන් බාල්දියක් සොයා ගෙන එතන වතුර දමා සේදිය හැකි ක්‍රමයක් ගැන විමසුවෙමි. මදක් කල්පනා කර ඔහු ළමයාට යමක් කීය. ළමය හිස වැනුවේය. කියක් හෝ දෙන්නේ නම් ළමයා එතන ශුද්ධ කර දෙන බව කි තේ විකුණන්නා නික්ම ගියේය. මම ළමයාට මුදල් දෙන බව හා බාල්දියකින් බිම සේදීම හා මෝප් කරීම හැකි අයුරින් හස්ත මුද්‍රාවෙන් පෙන්වා දුනිමි. ඉන්පසු සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. තමන් හැඳගෙන සිටි කමිසය ගැලවූ ළමයා වැසිකිලියේ සින්ක් එකෙන් වතුර ගනිමින් බිම දමමින් තමන්ගේ කමිසයෙන් අර පොළොව සේදීමට පටන් ගත්තේය.
මේ අනපෙක්ෂිත සිදුවීමෙන් මා මෙන්ම මගේ මව හා එතැන සිටි කාන්තාවන් කීප දෙනෙකුද සසල වූ අතර කොලු පැටියා ට අනුකම්පාවෙන් ඔවුන් කතාබහ කරන්නට විය. මට මෙය නතර කරන්නට විධියක් නොවූ අතර නිහඬවම විනාඩි දහයක් පහලවක් පමණ බිම හා වැසිකිලිය පිරිසිදු කිරීමේ යෙදුනු ළමයා ඉන්පසු කමිසය සෝදා දොරටුවේ වනා එතන නිහඬව හිඳ ගත්තේය. මම ඔහුට පවුමක දෙකක වටිනාකමට ඉන්දියානු මුදලක් දුනිමි. ඔහුගේ දෑස ප්‍රීතියෙන් පිනා ගියේය. තේ කරුවා ආපසු එන විටත් ඔහු එතනම හිඳ සිටියා මිස තමන්ගේ අර පොඩි සෙල්ලම් බඩුව විකුන්නන්නට ගියේ නැත. "මිනිහට ස්වීප් එකක් ඇදිලා වගේ. ඊළඟ නැවතුමෙන් දැන් ගෙදර යනවලු. දවස් පහකට හරියන්න හම්බ කරලා." තේ කරුවා ඉරිසියාවෙන් මෙන් කිවේය.
දරු දෙදෙනා
දිනක දුම්රියේ ගමනකින් පසු අප ගියේ බස් රථ වලය. සුප්‍රසිද්ධ තැනක අප නටබුන් බැලීමට ගමන් කරන මාර්ගයේ සුපුරුදු ලෙස යාචකයන් මග දෙපස රැඳී සිටියහ. මේ දරු දෙදෙනාද සිටියේ එතනය. මා මුලින් සිතුවේ ඔවුන් ඉදිරියෙන් ම සිටි ගැහැනියගේ දරුවන් කියාය. අපේ නඩයේ සැදැහැති වන්දනාකරුවන් බොහෝ යාචකයන්ට නොයෙකුත් දෑ දුන්හ. එතනට අසල සිටින ඉන්දියානුන් ද පැමිණ බලා සිටියහ. ළමයි දෙදෙනාට බිස්කට් දුන්නත් කොලු පැටියා මුදල්ම ඉල්ලුවේය. "ළමයා හවසට ගෙදර ගෙනියන්න කීයක් හරි ඉල්ලන්නේ" මම කියුවෙමි. එතැන් සිටි ඉන්දියානු ජාතිකයා මා කීදේ වැටහුනාක් මෙන් "ළමයට සල්ලි ඕනේ " යයි ඉංග්‍රීසියෙන් කීවේය. මේ ගමනේදී යන්තමින් හෝ සිංහල කතා කරන ඉන්දියානුන් කීප විටක්ම අපට හමු වුනි. අඩුම ගනනේ සිද්ධාලේප, සබන් සබන් කියා ඉල්ලීමට ඔවුහු දැන සිටියහ. බොහෝ අය ඉංග්‍රීසියෙන් කතා කරති.
"ගෙදර මව් පියෝ සල්ලි අරන් එන්න කියනවා ඇති " මම කීවෙමි. "නැහැ මේ ළමයි ජිවත් වෙන්නේ අතන. " ඉන්දියානුවා අතහැර දමන ලද විශාල කොන්ක්‍රීට් කාණු හා බංකර වගයක් පෙන්වමින් කිවේය. එතැන් තවත් ළමයින් සිටින බව පෙනුනි. එතැන් සිට මා දැනගත් කතාව මෙසේය. මේ පුංචි ළඳරුවන් දෙදෙනා ගේ දෙමාපියන් ජිවත් වන්නේ හැතැප්ම 500 පමණ ඈතය. රාත්‍රියට නිවසට යාමක් නැත. තමන්ට ඔවුන්ට කෑම ඇඳීම දීමට නොහැකි යයි පවසමින්, රැකියාවක් කර දිවි රැක ගන්න යැයි කියා පියා විසින් දරුවන් ගෙදරින් එළවා ඇත. අයියාට නංගිව රැක ගැනීම භාර දී, පියා පොඩි වුන් දෙදෙනාම අනුකම්පා විරහිත දෙස දුම්රියකට නංවා ඇත. අනිත් අනාත වූ දුම්රිය දරුවන් විසින් මොවුන් දෙදෙනා මෙතනට ගෙනවිත් තිබේ. ඔවුන් සියල්ලෝම ජිවත් වන්නේ අත හැර දමා ඇති අර ලොකු සිමෙන්ති පයිප්ප අස්සේ බංකර වැනි කොන්ක්‍රීට් තාප්ප ඇති තැනකය.
ඔවුන් රැයේ නිදා ගන්නේ මවගේ පියාගේ උණුසුමේ තුරුළු වී නොවේ. ඔවුන්ට අනිත් වැඩිහිටි මිනිසුන් ගෙන් ප්‍රශ්න, අපයෝජන ආදිය නොවෙන්නේ දැයි මම ඇසුවෙමි. මේ ගැන මට ඉන්දියන් ජාතිකයා කිවේ අපූරු කතාවකි. ඔවුන් අතර සිටින වැඩිහිටි ළමුන් ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරති. ඒත් අමුතුම විධිහටය. ඔවුන්ට ළමුන් ගෙවල් වල වැඩට පැහැරගෙන යාම්, අපයෝජන ආදිය සම්පුර්ණයෙන් වැළැක්විය නොහැකි නිසා (පොලිස් ආරක්ෂාවක් කියා දෙයක් නැත) වැඩිහිටි ළමුන් සිය කැමැත්තෙන් ඒවාට යටත් වේ. ඒ වෙනුවට පොඩි ළමුන් හම්බ කරන මුදල් හා කෑම වලින් කොටසක් ඔවුන් වැඩිහිටි ළමුන්ට දෙති. මේ අප නිතර නොදකින නොලියැවෙන ඉන්දියාවයි.
ඉන්දියාවෙන් එන්නට සිටි අවසන් දවස් දෙකේ මා නැවතී සිටි හෝටලයෙන් එපිට තිබුනේ නගරයේ මහ පාරයි. මෙහි පදික වේදිකාවේ ඇතැම් තැන්වල නොයෙකුත් දිළිඳු නිවාස නැති පවුල් දැකිය හැකිය. එවන් එක පවුලක් පාර අයිනේ යන්තම් අටවා ගත් ඉටි රෙදි කඩමලු යට ජිවත් වෙනු දුටිමි. ඒවායේ දොරක් කියා දෙයක් නැත. යන්තමට අව්වට වැස්සට හසු නොවී සිටින්නට අටවා ගත්තකි. මහා වැස්සක දී වුව මෙවන් අයට කඩ පිලකට වත් එන්නට කඩ හිමියන් ඉඩ දෙන්නේ නැත. පුංචි දුවෙකුත් පුතෙකුත් සිටි ඔවුන් ගේ මේ පුංචි "පැල්පත" පිටිපස කුණු වතුර ගලන කාණුවකි. උදේ නැගිට ජනේලයෙන් බලන විට මා දුටුවේ පාර අයිනේ ගලා යන වැසි වතුරෙන් දුවගේ මුහුණ සෝදන මවයි. වැස්ස තුරල් වූ පසු දරුවන් දෙදෙනා වැරහැලි අන්දවා පාරේ සෙල්ලම් කිරීමට යොමු කල මව ඉටි රෙදි වැසූ පැල්පතට වී සිටියාය. ටික වෙලාවකින් කොහෙන්දෝ සොයාගත් කෑම ටිකක් ගත් පියා එතනට පැමිණියේය. හතර දෙනාම පැල්පතේ ගුලිවී උදේ ආහාරය ගත්හ. දෙමව්පියන්ට ගුලිවී පුංචි උන් දෙන්නා කෑම ගන්න ආකාරය බලා සිටියෙමි. දිළිඳු වුවත් නැතත් දරුවන්ට මවු පියන්ගේ උණුසුම තිබේනම් කොපමණ අගෙයිද?
මේවා ලිව්වේ මගේ දානපති කමක් ගැන කීමට නොවේ. අප යන සංචාර වල බොහෝ දෙනා නොදකින පැත්තක් ගැන ලියන්නටය. ඉන්දියාව සුන්දර රටකි. බොහෝ පියකරු දර්ශන හා බෞද්ධ නටබුන් දුටිමි. ඒ අතර බිහාරයේ දරුණු දුප්පත්කම ඉස්මතු වී පෙනෙයි. චීනය හා සසඳන කල ඈත පෙදෙස් වල ඉන්දියානු ගම තවමත් දුප්පත්ය. බුද්ධ ගයාවේ සිදුහත් කුමරු විශාඛාව ගෙන් පිඬු සිඟා වැඩි ගමේ ඇතැම් පවුල් තවමත් ප්‍රවේනි දාස ක්‍රමයේය. මේ පින්තුරයේ සිටින ගැටවරයා එවැනි ප්‍රවේනි දාස පවුලක අයෙකි. වන්දනා ගමනේ යෙදෙනෙ බොහෝ ලාංකිකයන් බෙහෙත්, බිස්කට් මෙන්ම මුදල් ද මේ ළමයින්ට ත්‍යාග කරනු දුටිමි. එසේම ගමන අවසානය ලංවන විට මේ සැදැහැතියන් බුදු බැතිය පසෙක දමා නොයෙකුත් බඩු බාහිරාදිය පිස්සුවෙන් මෙන් මිලදී ගනු දුටිමි. මේ බස් තුනක පමණ සෙනග එක කුඩා ගමක සපත්තු කඩය හා තවත් මොනවදෝ කඩයක තිබු සියලු දේ මිලදී ගත්හ. චෙන්නායි වලද මෙය දුටිමි. මේ බෞද්ධ සිද්ධස්ථාන අසල ඇති බොහෝ ගම්වල ආර්ථිකයට වන්දනා කරුවන් ගේ පැමිණීම සහනයකි.
සිඝ්‍රයෙන් දියුණු වනවා යයි කියන ඉන්දියාවේ තවමත් අන්ත දරිද්‍රතාවය ලංකාව මෙන් කීප ගුණයකි යයි මට සිතේ. මේ ලබන දියුණුවේ පල ඉන්දීය වැසියන් සියල්ලන්ටම ලැබෙන්නට තව දශක ගණනක් ගත වෙනු ඇත.
ලෝකයේ ධනවත්ම සියයට විස්ස දුප්පත්ම සීයට විස්ස ගැන හිතනවා නම් අද දුප්පත් කම නැහැ. එවන් දෙයක් කරන්න ඔවුන්ට මාසයකට වියදම් වන්නේ ඔවුන් විනාඩි කිහිපයකදී වියදම් කරන මුදල. ප්‍රේමදාස මහත්තයා හඳුන්වා දුන් කැපකරු මාපිය ක්‍රමය ඒ වගේ එකක්. මේ ලඟදී යමෙකුට මම මේ හා සමාන ක්‍රමයක් සමුර්ධි ක්‍රමයට අනුගාමීව කරන ලෙස යෝජනා කලා. ඔහුගේ අදහස වුනේ සමුර්ධි ලාභීන් උදව් බලාපොරොත්තු වන්නේ රජයෙන් පමණක් යන්නයි. මම නම් හිතන්නේ ධනවතුන් දුප්පතුන් බලා ගන්නවා නම් මුදල් වලට අමතරව ඉන්න තත්ත්වයෙන් ගොඩ ඒමට උපදෙස් සහ උදව් ලැබෙන නිසා එය වඩා හොඳ ක්‍රමයක් බවයි. මෙම කථාව කියවන අය එක පවුලක් ඉන්න තත්ත්වයෙන් ගොඩ එන්න උදව් කලොත් මේ පෝස්ට් එකෙන් විශාල ප්‍රයෝජනයක් වෙයි.
ReplyDeleteධනවතුන් දුප්පතුන්ව කවදාවත් බලා ගන්නවා කියල විශ්වාස කරගෙන ඉන්නවට වඩා එහෙම කිරීම තමයි හොඳ. නමුත් එතකොට කියයි ධනවතුන් තමා රස්සා දෙන්නේ කියල. බිල් ගේට්ස් වගේ අය තමන් ඉපැයූ මුදල් දැන් බෙදා හරිනවා. ඔය 80/20 කටහ්ව මාත් අහල තියෙනවා. https://en.wikipedia.org/wiki/Pareto_principle පරෙටෝ ක්‍රමය කියන්නේ ඕකටනේ.
Deleteපැරටෝ කියන්නේ සමාන අදහසක්. උදාහරණයකට ප්‍රධාන වශයෙන් අපේ වෙලාවෙන් සියයට විස්සක් පාවිච්චි වෙන්නේ සියයට අසූවක් වටිනා දේවල් වෙනුවෙන් සහ සියයට අසූවක් කාලය ගතවන්නේ සියයට විස්සක් වැදගත් දේවල් වෙනුවෙන්. ඒවගේම තමයි රටක 80% අදායම යන්නේ සියයට විස්සකට. මගේ අදහස ආණ්ඩුව වෙලා ධනවත් අය යොදවාගෙන දුප්පතුන් නගා සිටුවන්න ඕන. නිකන් රටේ මුදල් බෙදා හරිනේ නැතුව. දුප්පතුන්ගේ අදායම වැඩිවෙනකොට භාණ්ඩ ඉල්ලීම සහ ඒ නිසා රස්සාවල් වැඩිවෙනවා. මේක හරියට ප්‍රයෝජනයට ගන්න හදපු කෙනෙක් තමයි ප්‍රේමදාස. අර සෙරෙප්පු දාන කෙනා සපත්තු දානව වගේ.
Deleteඅපේක්ෂිත කාලයටත් කලින් ඉන්දියාව චීනෙ පහුකරලා වැඩිම ජනගහණය සිටින රට බවට පත්කරවන එක හේතුවක් තමයි ඔබ මේ බොහොම සන්වේදි විදිහට ලියලා තියෙන්නෙ.
ReplyDeleteමගේ ඉන්දියානු යහලුවෙකුට මේ ගැන කීවම ඔහු කිවේ - "අපේ රටේ බිලියන් 1.2 මිනිස්ස්සු ඉන්නවා. අපේ තම වැඩිපුරම ෆොසත් මිනිස්සු ඉන්නේ. මිනිස්සු වැඩි නිසා උඹට දුප්පත්කම පේනවා වැඩියි. අපි දුප්පත් නැහැ. " කියල.
Deleteවසානය ලංවන විට මේ සැදැහැතියන් බුදු බැතිය පසෙක දමා නොයෙකුත් බඩු බාහිරාදිය පිස්සුවෙන් මෙන් මිලදී ගනු දුටිමි. මේ බස් තුනක පමණ සෙනග එක කුඩා ගමක සපත්තු කඩය හා තවත් මොනවදෝ කඩයක තිබු සියලු දේ මිලදී ගත්හ//
ReplyDeleteඅපේ තාත්තත් මේ කතාවම කිව... තාත්ත කීවෙ මොකද්ද දන්නවද.. සමහර ගෑණුන්ට ඇයි දඹදිව(එයාල කියන්නෙ එහෙමනෙ) ගියෙ ඇයි කියල මතක් වෙන්නෙත් බස්සෙකේ ඩැයිවර් හින්දලු...
යාචක පරම්පරාවෙන් අපේ ඩැඩාලට බේරෙන්න හම්බෙලා නෑ සමහර විට චෞර පරම්පරාවක් වෙන්න ඇති.. බිහාර් වලදි බෑග් දෙක තුනකටම විදල. කොහෙ කියල හොයන්නද.. හෙහ්
ඔය කතාව ඇත්ත. දන්නවද දිළිඳු කම තියන තැන සුළු හොරකම් තියෙයි. මනුතාපයේ පාන් හොරා මතකද? නමුත් ඔය චාරිකා ගෙනියන සංවිධායක වරුන් ගේ සහායකයන් (හැමෝම නෙමේ) බඩු නැති කිරීමට සම්බන්ධයි කියලත් දැනගන්න ලැබුන. ඊට පස්සේ බිහාර් කාරයින්ට වරද පටවනවා.
Deleteඑතකොට යුරෝපයේ ඇමරිකාවේ දරිද්‍රතාවය නැද්ද?? ඉන්දියාවේ විතරක් නෙමෙයි හැම තැනම දරිද්‍රතාවය තියේ.. දුප්පත් කම නැති කරොත් මේ කෘර ලෝකය ඉවරයි..
ReplyDeleteයුරෝපයේ ඇමෙරිකාවේ විතරක් නෙමේ ලංකාවෙත් තිබෙනවා. මේ තත්වය නෙමේ. දැන් ලංකාවේ කඳුකරයේ ඉන්න දෙමල වැසියන් ඉන්දියෙන් ඇවිත් ඉන්න අය ගත්තොත් ඔවුන් දුප්පත් තමා. නමුත් ඔවුන්ගේ තත්වය මේ තත්වයට වඩා උසස්. ඔවුන්ට වැසිකිලි පවා තිබෙනවා. වැසිකිලි නැතිගෙවල් ඉන්දියාවේ කොපමණ තිබෙනවද කියල දන්නවද ?මේ ලඟදි ජර්මනියේ දුප්පත් අය ගැන රුපවාහිනී ඩොකු එකක් බැලුව.
Delete"ටැක්ස් ක්‍රෙඩිට් " අහිමි වුනු අම්ම කෙනෙක් කියනවා මෙහෙම.
"දැන් බලන්න පන්තියේ අනිත් ළමයින්ට "අයි පෑඩ්" හෙම තියෙනවා. මගේ පොඩි එකාට ලාභ චයිනීස් ටැබ් එකක් අරන් දුන්නේ " කඳුළු පිරි දෙනෙතින් පෙන්වනවා ඒක. ප්‍රෝග්‍රෑම් එක කරන කෙනත් "මේ බලන්න" කියල ලං කරලා පෙන්වනවා. ඊළඟට මේ අම්ම කියනවා "බලන්න අහල පහළ ළමයි අර රිමෝට් කොන්ට්‍රෝල් ලොකු කාර් හෙලිකොප්ටර් පදවනවා එළියේ පිට්ටනියේ. මගේ ළමයා දුකින් බලන් ඉන්නවා. එයා ට තියෙන්නේ මේ පුංචි ට්‍රැක්ටර්, කාර් තල්ලු කරලා වයින් කරලා යවන. " ඉතින් අර ලස්සන පුංචි කාර් හෙම නිවේදිකාව දුකින් වගේ පෙන්වනවා. මේ බලන්න ඉතින් මේ ළමයින්ට පව් නැත්ද කියල.
- මට නම් හිනා ගියා
mahathmaya , lokaya palanaya karanne company karayin. unta minisunwa penne unta adayamak dena bandayak widiyata pamanyi.
ReplyDeletemewan dewal lokayen kawada thuran wewidayi hiha ganeematath baha
warak mama seegiriyata payin yana athara ragen gos ithiri wu pan awata siti waduranta wisi kara.
ek warama gahak assen mathu wuu pud galayek ara waduranta pahara dee e paan udura gatta,
wimasa baleemedi shochaneey kathawak
ඒක ඇත්ත. මගේ බ්ලොගයට ආවාට හා ඔබේ වටිනා කොමෙන්ටුවට ස්තුතියි. මම හැබැයි ලංකාවේ වැඩි පුර ඔය තත්වය අත්දැක නැහැ.
Deleteඉන්දියාවේ මෙවන් තත්ත්වයන් ගැන අසා තිබුණත් ඔබේ සටහන තුලින් මටත් ඒ අත්දැකීම් වින්දා වගේ දැනුනා. ස්තුතියි ඔබට
ReplyDeleteස්තුතියි. මම අපේක්ෂා නොකළ දෙයක්. වැඩියෙන්ම හිතට වැදුනේ ඒක නිසා වෙන්න ඇති.
Deleteඅපූරු සටහනක් අජිත්, සංචාරක සටහනක්මත් නෙවෙයි වගෙ....නීල් විජේරත්නගෙ පොත් මතක් වුනා...:)
ReplyDeleteස්තුතියි රවී. සංචාරක සටහනක් ලියන්න හිටියත් මේ කතාවල් ලියන එක ඊට වඩා වැදගත් කියල හිතුන. නීල් විජේරත්නගෙ පොත් කියවල නැහැනේ. එකක් කියන්න බලන්න.
Deleteනීල් විජේරත්නගෙ මම කියවල තියනව, මදුරාසි කොළුවා, බෙංගාලි යෙහෙළිය සහ කේරළ නළඟන..සංචාරක සටහන් වලට අමතරව ඔහු ක්‍රීඩා පිළිබඳවද ලියන මාධ්‍යවේදියෙක්.
Deleteමෙතන ඔහුගෙ පොත් ගැන විස්තරයක් තියනව අජිත්...:)
බොහොම ස්තුතියි රවී. මම කීපයක් අරගන්න බලන්නම්.
DeleteThis is the reality of India but Indians who come to western countries talk about the 'high quality of life' they enjoy in India. I have had Indian colleagues who didn't want to watch the movie Slum Dog Millionaire, claiming it is showing 'poverty' which is not prevalent in India. They think India is only next to America he he.
ReplyDeleteඔව් ඒක ඇත්ත. මෙගේ ඉන්දියන් යාලුවෝ දෙතුන් දෙනෙක් ඒ චිත්‍රපටිය බැලීමට යාම ප්‍රතික්ෂේප කලා . බටහිර කුමන්ත්‍රණයක් ඉන්දියාව අපහාසයට පත් කරන්න කියල. කුමන්ත්‍රණ කරන බටහිර උමබලට හොඳ ජොබ් නම් දෙනවා කියල මම කිව්වා. උන් නීතිඥයෝ. හැබැයි සල්ලි තියෙනෙව නම් 'high quality of life' තම. ඉන්දියාවේ මගේ යාළුවෙක් ගේ ගෙදර රෙදි හෝදන්න සේවකය යි, උයන්න සේවකය යි, වත්ත සුද්ද කරන්න, කඩේ යන්න ඔය හැම එකටම වෙන වෙන අය ඉන්නවා කියල එයාගේ ප්‍රංශ බිරිඳ කිව්වා. ඉතින් එයා වුනත් කතා කලේ ඔය මම කියන පැත්ත දැකල නැහැ වගේ. නමුත් පසුව තේරුණා දැකල තියෙනවා. නමුත් ignore කරනවා කියල.
Deleteමේ තමා ලෝක බලවතාගේ සැබෑ රූපය.... රට කොච්චර ඉස්සරහාට ගියත් මේ තත්වය වෙනස් නොවෙනවානම් වැඩක් නැහැ...... මේ තමා යථාර්තය.....
ReplyDeleteඅන්න ඒකයි. එංගලන්තේ අය සමහර වෙලාවට ඉන්දියාවට කියනවා අභ්‍යවකාශයට වියදම් කරන්න කලින්මිනිසුන්ට වියදම් කරලා හිටිය නම් මොකද කියල. සංවාද කල යුතු මාතෘකාවක්.
Deleteඅනර්ඝයි. ඉන්දියාවේ දරිද්‍රතාව ගැන කදිම විස්තරයක්. ඉන්දියාවේ ඇතැම් තොටුපළවල දී බෝට්ටුවකට නගින අය වතුරට කාසි විසි කරන බවත් ළමුන් පොර කමින් දිය යට කිමිදී ඒ කාසි අහුලන බවත් අහලා තියෙනවා. ඔබේ මිනිසත්බවට මගේ ආචාරය !
ReplyDeleteඊට එහා මල්ලි. බිස්කට් පැකට්ටු දෙකක් අරන් ළමයි කට්ටියකට දෙන්න ගියා . උඩ පැන පැන උදුරන්න ගත්ත. අන්තිමේදී පැකට් දෙකම ඔහේ දීල ආව. කට්ටියම පොර කෑව. පැකට් දෙක කැඩිලා බිස්කට් බිම හැම තැනම. ඒවා උදුරමින් එකිනෙකා පෙරලමින් දඟලමින් පස් පිටින් බිස්කට් කටේ දමා ගත්ත ළමයි. බලන්න අමාරුයි ඒ දර්ශනය. බස් එකේ සමහර අය ෆොටෝ ගත්ත. මම නම් ගත්තේ නැහැ. ඒ ළමයිව පහතට දාන්නේ මොකටද කියල.
Deleteකවදාවත් මේ පරතරය නම් වෙනස්වෙයි කියලා හිතන්න අමාරුයි. මමත් මෙවැනි අත්දැකීම් කීපයක් වින්දා. සමහර ඉන්දීය හමුදා කඳවුරු අසලට එන කාන්තාවන් ඇඟ විකුණා සල්ලි හොයනවා.
ReplyDeleteදිල්ලි නගරය මැදදී සිවිල් ඇඳුමෙන් සිටි මාත් මගේ ශ්‍රී ලංකා යුද හමුදා මිතුරන්ගේනුත් ඉන්දීය පොලිස් පරීක්ෂකයෙක් රු 20 ක් ඉල්ලුවා, පාර පෙන්වාදීමට ගාස්තුවක් වශයෙන්. රු 20 දී, ඔහුට අපි කවුද කියා කිව්වම ක්ෂණයකින් අතුරුදන් වුනා.
ඉන්දීය පොලිස් නිලධාරීන් ලංකාවේ ග්‍රාමාරක්ෂක තරම් වත් පුහුණුවක් ලබල නැහැ කියලයි මට තේරුනේ. ඔවුන්ට සපත්තු නැහැ. සමහර වෙලාවට කෝට්ටක් අරන් සෙරෙප්පු දෙකක් දාල උඩ පොලිස් කෝට් එක විතරක් ඇඳලා ඉන්නවා. මම මුලදී හිතුවේ සෙකියුරිටි කියල. පස්සේ දැනගත්තේ පොලිසිය කියල. අර බිස්කට් එහම ඉල්ලන ළමයින්ට එලව එලව අර කෝට්ටෙන් ගහනවා.
Deleteඅසිරිමත් ඉන්දියාව
ReplyDeleteඉන්දියාව අසිරිමත් රටක්. ඒ බවත් පිලි ගත යුතුයි.
Deleteමට පුද්ගලිකව ඔය ඔබ ලැබූ අත්දැකීම ලැබුනා.ඇත්තටම කිව්වොත් මේ චුල ලෝකය තුළ නරකාදියත් දෙව්ලොවත් දෙකම දකින්නට පුළුවනි.සමහර අත්දැකීම් කෙනෙකුට කීවාට විශ්වාස කරන්නෙ නැහැ.මේ තත්වය මා හිතන හැටියට එදා වෙනස් වුනෙත් නෑ අදත් නෑ හෙටත් එහෙමම තියේවි.
ReplyDeleteඒක තමයි දුක.
Deleteදිව්‍යලෝකයත්, අපායත් දෙකම දකින්න පුළුවන් ඒ රටේ තමයි, ඊළඟ බුදුහාමුදුරුවොත් උපදින්න නියමිත. ඒක නම් අදහාගන්න බැරි පුදුමයක්.
Deleteමේ ලිපිය මම දෙවතාවක්ම කියෙව්වා.සංවේදි සිදුවීම්.අර පුංචි ලමයි දෙන්නගේ පොටෝ එක දැක්කමනම් ගොඩක් දුක හිතුනා.මගේ ඥාති සහොදරයෙක් දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරනවා.ඔහු ඉන්දියාවේ ගිහින් ආවම මෙවනි දේවල් කියනවා.ඔහු සමහර දේවල් වීඩියෝ කරගෙන එනවා.ඒ වීඩියෝ වල තිබෙනවා දුර්ගේෂ්වරි වල කන්ද නගින පාර දෙපැත්තෙම මේ වගේ ලමයි ඉන්නවා අත දිගු කරගෙන.
ReplyDeleteඔබ අර දරුවට ඔබේ ගමන් බෑග් එක ගෙනියන්න දුන්න නිසා එදා දවසේ ඔහුගේ පවුලේ අයගේ කුසගින්න නිවුනා.ඒක ඔබ ඔවුන්ට කල ලොකු උපකාරයක් අජිත් අයියේ..
දවසක කුස ගින්න නිවීම ලොකු උපකාරයක් කියල මට හිතෙන්නේ නැහැ මලෝ. වැඩක් අරගෙන දුන්න මුදලක් නිසා පිනකුත් ලැබෙන්න නැතුව ඇති. ඔයත් හුඟක් සවේදී අයෙක්. දුක හිතෙන්නේ එකයි. අර ඊළඟ ෆොටෝ එකේ පිරිමි ළමයට මම එනකොට අතේ ඉතුරු වෙලා තිබුණු පවුම් පනහක් යැව්වා. (ප්‍රවේණි දාස ළමයා ) පොර අවුරුදු දෙක තුනක් යනකන් ලියුම් එව්වා. දැන්නම් නතර වෙලා.
Deleteමමත් ඔය ඉන්දියානු සංචාරය ගියා.. ඔය වගේ ළමයෙක් හම්බ වුණා. මම අතේ තිබුණු සල්ලි වගයක් දීලා කිව්වා හොඳට ඉගෙන ගන්න කියල අවුරුදු 10-11ක වගේ ළමයෙක්.. ඒ ළමය ඇස් වල කඳුළු පුරවාගෙන කිව්වා කවද හරි මම ලොකු වෙලා ඔයාව බලන්න ලංකාවට එනවා කියල... හැබැයි ඉතින් ඊට පස්සේ කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ.... මගේ ළඟ තාම තියෙනවා ඒ ළමයාගේ ෆොටෝ එකක්..
ReplyDeleteඉන්දියාවේ බෞද්ධ වෙහෙර විහාර ගැන ලියනවට වඩා ලක්ෂ වාරයක් වටිනවා මේ වගේ සටහන් ලියල මනුස්සකම මතු කරන එක...
ස්තුතියි පැතුම්. කොහෙද අතුරුදන් වෙලා හිටියේ. අපි හැමෝටම එකම විධිහේ අත් දැකීම් තියෙනවා නේද මේ පිළිබඳව. ඒකෙන් මම ලියන දෙයත් තහවුරු වෙනවා. හැලප ටත් මේ අත් දැකීම් ඒ විධිහටම ලැබිල තියෙනවා.
Deleteපුදුම දුකක් දැනුනේ අජිත් අයියේ, ඇස්දෙකට කඳුළු ආවා ඒ දරුවන්ගේ දුක කියවලා...
ReplyDeleteඅපි කරන පුංචි හරි උදව්වකින් ඒ වගේ මිනිස්සු සහ ළමයි මොන තරම් සහනයක් ලබනවා ඇද්ද...
ඇත්තටම බැලුවොත් ලංකාවේ ඔය තරම් අවාසනාවන්ත තත්ත්වයක් නැහැ...
ස්තුතියි. ලංකාවේ දුප්පත් කම තිබෙනවා. නමුත් මේ තරම්ම නැහැ කියල තමා මටත් හිතෙන්නේ. ජනගහනය වැඩි වීම එක හේතුවක්. මට බංගලා දේශ යාළුවෙක් කිව්වා එහත් මේ වගේ කියල.
Deleteඉන්දියාවේ ඇති නැති පරතරය ඉතාමත් විශාල බවයි පේන්නේ.බොලිවුඩ් තරු වලට තියෙන සුපිරි නිවාස සංකීර්ණ ගැන පසුගිය ඉරිදා පුවත්පතක අතිරේකයක තිබුණා.ඇත්තෙන්ම ඔය බොලිවුඩ් තරුත් ඉන්දීය ව්‍යපාරිකයින්වත් එකතු කර ගෙන රජය මැදිහත්ව කිසියම් වැඩපිළිවෙලක් සැකසුවොත් මේ දරිද්‍රතාවයට සුළු හෝ පිළියමක් යොදන්න බැරි වෙන්නේ නැති වේවි.
ReplyDeleteඅර "අපූ ත්‍රිත්වය" ඒ පොත් වලත් ඉන්දියාවේ දිළිදු බව ගැනත් යම් පමණකින් කතා වෙනවා.
ඇති නැති පරතරය ඉතාම වැඩියි. එකම චෙන්නායි නගරයේ දෙපැත්තක් තියෙනවා. පොෂ් පැත්ත ඉතින් යුරෝපියන් ලෙවල් හෝ ඊටත් වැඩිය හොඳයි.
Deleteඅපූ ත්‍රිත්වයට පසුබිම් වෙන්නේ යටත්විජිත බෙංගාලය යි.
Deleteඑහෙත් ඇමරිකාවේ මුලු ජනගහණයට සමාන වගේ ගාණක් මධ්‍යම පාන්තිකයින් ඉන්දියාවේ ඉන්නව නේද? කොයිතරම් දුප්පතුන් හිටියත් එනිසා විශාල වෙලඳපොලක්
ReplyDeleteමේ කතාවේ අත්තක් නැහැ කියල මම කියවල තිබෙනවා.
Deletehttp://india.blogs.nytimes.com/2013/05/13/indias-middle-class-growth-engine-or-loose-wheel/?_r=0
ඉන්දියේ below poverty line - ඒ කියන්නේ අන්ත දුප්පත් අය 30% ක් කියල ගණන් බලල තියනවා. ඒ කියන්නේ 360,000,000. කෝටි 36ක්. ලංකාවේ ජනගහනය වගේ දෙගුණයක් අන්ත දුප්පත්. අන්ත දුප්පත් කියනෙන් දවසක් ආදායම ශ්‍රී ලංකා රුපියල් 300 එනම්ඉන්දියන් රුපියල් 150ට අඩු අය. සංසදනය කරලා බලන්න.
දිව්‍ය ලෝකයයි අපායයි දෙකම ඉන්දියාවෙ තියනව කියනවනෙ. (බුදු හාමුදුරුවොත් ඉන්දියන්කාරයෙක් නෙව). උඹට හිතෙන්නෙ නැද්ද අඩු අධ්‍යාපනය වගේ දේවල් දරිද්‍රතාවයට හේතු වෙනව කියල. මොකද ඇති නැති පරතරය වැඩියි කියන්නෙ ඇති පිරිසක් ඉන්නව කියන එකනෙ. අනිත් පැත්තට ඇති පිරිස ඇතිවෙන්න වියදම් කරනවත් ඇතිනෙ. ඒ කියන්නෙ මුදල යම් විදියකට බැලන්ස් වෙනව නං ඔච්චර දරිද්‍රතාවයක් තියෙන්න බෑ ජනගහනය වැඩිවුනාට......
ReplyDeleteඔව් ඒක හරි. ලඟදි ඉන්දියාවේ කට්ටියක් බොලිවුඩ් වගේ මගුලක් ගත්තා එංගලන්තේ රජ මාලිගාවක. (castle) පවුම් මිලියන් 2 ක්ද කොහෙද වියදම. මංගල්ලෙට විතරක්. අර මම කිව්වා හින්දුජා සහෝදරයෙක් ගේ පුතාගේ මංගල්ලෙට වියදම මිලියන් 15ක්. (පවුම්)
Deletehttp://www.dailymail.co.uk/news/article-2952115/Hinduja-tycoon-designer-bride-marry-stunning-Bollywood-ceremony-complete-entertainment-J-Lo-Nicole-Scherzinger.html
මචං, අන්තර්-පරම්පරා දුප්පත් කම, මානව වර්ගයා මුහුණ දෙන විශාලම ප්‍රශ්නයයි. මෙයට ඒකීය පුද්ගල විසඳුම් (අර මෝල් වහන්සේලා කියනවා වගේ) ඇතැයි මා නම් සිතන්නේ නැහැ.
ReplyDeleteඅපත් ඔය කාණ්ඩයටම වැටෙන්නට ඉඩ තිබුණා. අපව වෙනස්කරපු මූලිකම දේ ලබපු අධ්‍යාපනය යි. දෙමාපියන් කවුරුන් වුවත්, සැමට පාසල් අධ්‍යාපනයක් දීමෙන් සමාජයක් වෙනස් කරන්න හැකියි.
අධ්‍යාපනය නොමිලයේ දුන්නොත්.
Deleteපෝස්ට් එක කෝච්චියක් වගේ නිසා කොමෙන්ට්ස් කියෙව්වේ නෑ.. මේ කොමෙන්ට් එක උඩ තිවුනද දන්නෙත් නෑ..
ReplyDeleteඇයි උඹ අහලා නැද්ද, දිවිය ළෝකෙයි අපායයි විනාඩියකින් බලන්න ඕන නම් ඉන්දියාවේ යන්න කියන කතාව.. මුම්බායි සහ දිල්ලියේ තත්වෙත් ඕකමයි...
දිව්‍ය ලෝකේ කියන්නේ අමිතාභ් බ්බච්චන් එක්ක අර ඉන්දියන් නිලියෝ වැහි වැහැල ඉන්න හරිය වෙන්න ඇති
Deleteමේ විශ්වය පවතින තුරා සියලුම බුදුවරුන් පහලවෙන්නේ ඉන්දියාවේ කියල කියනවා. අනිවාර්යෙන්ම දුක අවබෝධ කරගන්න ඉන්දියාව තරම් සුදුසු රටක් මේ ලෝකෙම නැතුව ඇති.. කවද හරි දවසක ලෝකේ ධනවත්ම රට ඉන්දියාව උනත් ඉන්දියාවේ මිනිස්සු දුක් විඳින එකනම් නවත්වන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නැහැ.. මම මාස හයක් ඉන්දියාවේ හිටියා 1997 කාලේ. ඒ කාලය ඇතුලත අහපු දැකපු දේවල් එක්ක අපේ රටේ මිනිස්සු ඇත්තටම වාසනාවන්තයි කියල හිතුන. ඒ දවස්වල උදේට කෝච්චියේ යනකොට දෙපැත්තේ බැලු බැලු අතේ මිනිස්සු මලපහ කරන දර්ශන.. ඒ කාලේ මම හිතන්නේ ඉන්දියාවේ ජනගහනයෙන් 20% කාටවත් වැසිකිලි තිබුනේ නැතුව ඇති... දැන් නම් කොහොමද දන්නේ නැහැ.. ස්ටේෂන් එකක කෝච්චියක් උදේට නවත්තල තියල ගියාම රේල් පාරේ තියන අසූචි කන්දරාව දැක්කාම හිතෙනවා අපේ රටේ මිනිස්සු කොයිතරම් වාසනාවන්තද කියල ඇත්තටම..
ReplyDelete2007 ත් එහෙමයි. ඕක කරලා තියෙන්නේ ගාන්ධි ලු ඉංග්‍රීසීන් එලවන්න. (මේක මේ නිකන් අහපු කතාවක් ඓතිහාසික දත්ත නැහැ ) අධිරාජ්‍ය විරෝධී සටනේ එක අංගයක් විධිහට පාරවල් වල සුද්දන්ට එපා වෙන් එහෙම කෙරුවලු. ප්‍රශ්නේ සටන දිනුවට පස්සෙත් නවත්වන්නේ කොහොමද කියන එකලු. මම හිතන්නේ නම් මේකත් දුප්පත් කමේම එක අංගයක්. ඉන්දීය ආණ්ඩුව මිට වැඩිය සහනාධාර දීම හා පොදු ස්ථාන , වැසිකිලි ගෙවල් හැදීම වේගවත් කල යුතුයි. විප්ලවයක් වෙන්න ඕනේ නම් ඔන්න රට.
Deleteඅපේ ඉහලම ධනවත්කමට වඩා බොහෝම ඉහල ධනවත්කමත් අපේ අන්ත දුගීකමට වඩා ඉතාම පහල දුගීකමත් ඉන්දියාවෙදි දකින්න පුළුවන්. රට වගේම ඒ පරාසයත් බොහෝම විශාලයි.
ReplyDeleteමේ විස්තරය හරිම සංවේදියි අජියයියෙ. විශේෂයෙන් අර මුලම දාපු බෑග් ගෙනියන ලමයාගෙ කතාව.
ස්තූතියි මධු. මම සමහර විට අරක නැහැ මේක නැහැ කියල කෙඳිරි ගානවා. මේ ළමයි ජිවත් වෙන්න කරන අරගලය දැක්කම හිතෙනවා මමම කොච්චර අසාධාරණ විධිහටද හිතන්නේ කියල.
Deleteඔබේ ලිපිය ඕනෑකමින් කියව්වා . මටත් දෙවරක් ඉන්දියාවේ ගිය අද්දැකීම් තියෙනවා. ඔබ කියන දුප්පත්කමට එක හේතුවක් යයි මා සිතන කුල පීඩනය දුටුවේ නැද්ද? පංචම කුලයේ අයට අන් ඉහල කුල වල අය විසින් කරන පීඩනයන් නොදැක්කා උනත් උගත් හා ව්‍යාපාරික හින්දුන් නිතරම තමන්ගේ කුලය කියා පෑම ඔබට නොඇසෙන්න නම් විදියක් නැහැ.
ReplyDeleteමේ දුප්පත් අයට මමත් සබන් ආදිය දි තිබෙනවා. නමුත් කරුණාව පෙන්නන්න කියල මේ අය අපේ රටට වැද්ද ගන්න යන එකට නම් මම විරුද්දයි. සීපා ගිවිසුමෙන් ( දැන් නම වෙනස් කරලා මලික් ලොක්කා හදන්න යන්නේ සේවා ගිවිසුමක්) කරන්න යන්නේ ඒකයි . අපේ රටටත් ඉන්දියාව වාගේ විශාල භුමි ප්‍රදේශයක් තියෙනවා නම් කමක් නැහැ. අපිට තියෙන්නේ වර්ග සැතපුම් 25000ක් විතරයි.
ඔව්. කුල පීඩනය සෑහෙන්න තියෙනවා. අර පාරේ මිනිසුන්ට කඩයට එන්නේ දෙන්නේ නැත්තේ වැස්ස වෙලාවට දුප්පත් කමට අමතරව කුලය නිසාත් විය හැකියි. //කරුණාව පෙන්නන්න කියල මේ අය අපේ රටට වැද්ද ගන්න යන එකට නම් මම විරුද්දයි. // මට තේරුනේ නැහැ. කවුද එහෙම කිව්වේ. සීපා ගිවිසුම මම කියවලා නැහැ. ඒ නිසා උත්තරයක් දෙන්න මරුයි ඒක ගැන . ඒක වෙළඳ ගිවිසුමක් නේද?
Deleteඉන්දියාව සමග අපි 2000 වසරේදී අත්සන් කරලා තියෙන නිදහස් වෙළඳ ගිවිසුමේ තියෙන්නේ භාණ්ඩ විතරයි. අඩු මිල ඉන්දියන් බඩුත් එක්ක වැඩි මිල අපේ දේශීය නිෂ්පාදන වලට තරඟ කරන්න බැරිව ඒ සුළු කර්මාන්ත සියල්ල කඩා වැටුනබව ඔබ දන්නවා.අපේ කාර්මික නිෂ්පාදන වලට ඉන්දියාවේ වෙළඳ පල විවෘත උනත් ඉන්දියාව ඒවාට විවිධ පරිපාලන බාධා පමුණුවන බව ඔබ දන්නවා.මේ නිසා ඉන්දියාවත් එක්ක තියන අපේ මේ නිදහස් භාණ්ඩ ගිවිසුමේ වැඩි වාසිය ඉන්දියාවට මුලපටන්ම අයත් උනා, කල යුතු වන්නේ මේ නිදහස් වෙළඳ ගිවිසුමේ වැරදි තැන් හැදීමයි.ගිවිසුම අපට වාසි වෙන්න ඕන නැහැ. දෙගොල්ලනටම සමාන වාසි ලැබෙන්න ඕනෑ .
Deleteනමුත් ඒ වෙනුවට ඉන්දියාව කරන්න උත්සාහ කරන්නේ මේ ගිවිසුමට නිදහස් ශ්‍රම සංචලනයට ඉඩ සලන සේපා ගිවිසුමක් ඇති කිරීමයි. න්‍යායාත්මකව ඒකෙන් ලංකාවේ පුරවැසියන්ට ඉන්දියාවේ රැකියා කරන්න පුළුවන් වෙනවා වගේම ඉන්දියන් පුරවැස්සන්ට බාධාවකින් තොරව ලංකාවේ රැකියා කරන්න පුලුවන්. නමුත් භාවිතය කුමක් වෙයිද?
දැනටමත් අපේ රටේ බර වැඩ ශ්‍රමිකයන් blue color labor හිගයක් තියෙනවා. රස්සා ඉල්ලන ඔක්කොම අපේ රටේ වැස්සෝ කැමතිඅඩු පඩියට උනත් කන්තෝරු රස්සාවලටයි. කෑමදී රුපියල් 1000ක් නොදී නුපුහුණු කම්කරුවෙකුගේ සේවය ගන්න බැහැ. ඒ ඒනිසා දැනටමත් සංචාරක විසා වලින් ඇවිත් මෙහෙ කුඹුරු වැඩ කරන ඉන්දියන් ජාතිකයන් ඉන්න බවද, ඔබ දන්නවා.
මෙහෙ එන දුප්පත් ඉන්දියන් ජාතිකයන් රුපියල් 50 ට ලංකාවේ සැලුන් එකකින් කොණ්ඩය කපන්න යන කොට රුපියල් 200ක් දෙන්නේ මොන ලාංකිකයාද? එයා තනියෙම එන්නෙ නැහැ. මුළු පවුලටම විසා දෙන්න ඕනෑ.මේ ගිවිසුමේ බරපතල අහිතකර ප්‍රතිඵලය විද්වතුන් විසින් පෙන්නා දිම නිසා මහින්ද රාජපක්ෂ රජය ඒක අත්සන් කලේ නැහැ. ඇතිවූ ප්‍රතිඵලය ඔබ දන්නවනෙ.
දැන් ඉන්දියාවත් එක්ක මේ නව රජය අත්සන් කරන්න යන්නේ ඒ ගිවිසුම තමයි. මුලදී තිබුන විරෝධය මකන්න ඒකෙ නම වෙනස් කරලා. නව නම ආර්ථික හා සේවා ගිවිසුම. ඒක අත්සන් කරන්න යන්නේ මලික් සමරවික්‍රම ඇමති තුමා තමයි.
සමරසේකර
සංචාරක වීසා වලින් ඇවිත් වැඩ කරන ගොඩක් ඉන්දියන් හා මාලේ ජාතිකයෝ ඉන්නව හොරණ පැත්තේ. මම දැකල තියනවා. එකයි මේ ලිපියයි අතරේ සම්බන්ධයක් නැහැ. මම කියන්නේ නැහැ අනුකම්පා කරලා ඒ ඔක්කොම ලංකාවට ගෙන්න ගෙන රස්සා දෙන්න කියල. හැබැයි ලංකාවේ අයත් හැම රටකටම යනවා නේද. හොරෙන් සහ නිත්‍යානුකුලව. එංගලන්තේම කොච්චර් ඉන්නවද ටුඅරිස්ට් වීසා ඇවිත් වැඩ කරන ලනක්වේ කට්ටිය. ඒගොල්ලන්ට සුද්දෝ බනින්නෙත් ඔය විධිහටයි. මට නම් මිනිස්සු එහෙම ගිහින් වැඩ කිරීමේ වරදක් පේන්නේ නැහැ. ජිවත් වෙන්නනේ හැම දේම කරන්නේ. හැබැයි සීපා හෝ ඕන ගිවිසුමක් හොඳට හිත බලා අත්සන් කරන්න ඕනේ කරනවා නම්. මහින්ද පැරදුනේ සීපා එකටත් වඩා - අන්තිම අවුරුදු දෙකේ ඉහ වහ ගිය දුෂණය, නිතිය නැති වීම හා පලා බබාල පොලිසිය හා නිතිය අතට ගැනීම, ඇමතිලා , මන්ත්රිලා මිනිසුන් පෙලීම හා ඒ නුදුටුව සේ විසීම වගේ කරුණු නිසා. චීනයට ඕනවට වඩා ලංවිම නිසා ඉන්දීයාව මහින්දගේ වැටීමට උදව් කලා කියල මමත් හිතනව.
Delete"මට නම් මිනිස්සු එහෙම ගිහින් වැඩ කිරීමේ වරදක් පේන්නේ නැහැ. ජිවත් වෙන්නනේ හැම දේම කරන්නේ. "
Deleteඔබේ මේ අදහසට නම් එකඟ වෙන්න අමාරුයි. අද ලන්කාවේ බොහෝ තරුණ කොටස් වාට තියෙන්නේ රට යාමේ උණක් මිසක් ජීවත්වීමේ ගැළුවක් නෙමෙයි. කුල පිඩනයකින් පෙලෙන්නෙක් හෝ ආර්ථික අමාරුකම් ජය ගන්න කෙනෙක් රට යන එක සාධාරණයි.එහෙත් වැඩි පීරිස එහෙම අය නෙමෙයිනෙ. ඒගොල්ල වසර 20කට වඩා ඔවුන් හැදු වැඩු දෙමාපියන් කියන දේ නොව සුමානයකින් අඳුනා ගත්ත කෙල්ල හෝ කොල්ලා කියන දේ අහල රට යනවා.දෙමාපියන් අසරණ වුනාට ඒක ලෝකයට පෙන්නන්නේ නැතිව මගේ පුතා/දුව ඕස්ට්‍රේලියාවේ,කැනඩාවේ ... ආදී වශයෙන් කියා කියා ඉන්නවා.ඒ අයට දරුවෝ ලැබුනාම මෙහෙ ඉඳන් එහෙ ගොහින් ආයම්මා වැඩේ කරනවා.මෙහෙ දෙපල විකුනලා දරුවන්ට යවනවා. මේ දරුවන් ඒ රටවල් වල කරනව වැඩ මෙහේ ඉඳන් කලා නම් කතාවක් නැහැ. මේ රට සුරපුරයක්. දැන් ඔබත් මට දොස් කියයි. ඒ උනත් එක තමයි ඇත්ත. ඇත්ත හරිම් තිත්තයි.
සමරසේකර
This comment has been removed by the author.
Delete//අද ලන්කාවේ බොහෝ තරුණ කොටස් වාට තියෙන්නේ රට යාමේ උණක් මිසක් ජීවත්වීමේ ගැළුවක් නෙමෙයි// මේක සාධාරණ කතාවක් නෙමේ. රට යාමේ උණ තියන අයත් ඉන්නවා. නමුත් බොහෝ අය දුක් විඳින්න බැරි නිසාම යනවා. හොඳ රැකියාවක් තවම ගන්න බැහැ පුලක් නැතිව. එහම රස්සා ගන්න පුළුවන් දොස්තර, ඉංජිනේරු, පරිගණක ගණකාධිකරණ වගේ ඒවලට විතරයි. එංගලන්තෙට නර්ස් ලත් එනවා. එන අය කියන්නේ ලංකාවේ රෝහල් වල අසීරු කම්. ඉතුරු අයට හැඳිනුම් කම් නැතුව බැහැ රස්සා ගන්න. එහෙම නැහැ කියනවද? මගේ අම්මා නම් ඇවිල්ල අපට ආයා වැඩ කලේ නැහැ. එහම ළමයින්ගේ ළමයි බලන්න යන අම්මල තාත්තලා ඇති. හැබැයි ඔයා කියන්නේ ඔබ ඔඅබගේ දුවගේ පුතාගේ ළමයි බලන්නේ නැත්ද? එතකොට ඔයා ආයා වැඩේ කරනවා කියල මම කිව්වොත් ඒක සාධාරණද ? ලංකාවේ ඕන තරම් මහලු දෙමව්පියෝ තමන්ගේ දුවගේ පුතාගේ ළමයි බලනවා මම දැකල තියෙනවා. අනන්ත ඉන්නවා. ඒගොල්ලෝත් ඔය කියන ආයා වැඩේම තමා කරන්නේ. සමහර විට ආයා වැඩේ එපා වුණාම බලු කුඩු වලත් දාල තියනවලු සමහර තාත්ත ලාව. ලංකාව සුරපුරයක් සල්ලි තියෙනවා නම්. මමත් ආපු වෙලාවට හොඳට සතුටු වෙනවා. ඉතාම ලස්සන වැඩිපුර හොඳ මිනිසුන් ඉන්න රටක්. හැබැයි දේශපාලකයෝ ටික හදා ගත්ත නම් ඔයිට වැඩිය හොඳ වෙයි. ඔබට දොස් කියන්නේ මොකටද කියා නම් තේරෙන්නේ නැහැ. දොස් කියන්න දෙයක් නම් කියල නැහැ. තිත්ත ඇත්ත. අර අසරණ වන දෙමාපියෝ ඇති නමුත් සමහර දේවල් අපට වලක්වන්න බැහැ. මම වුනත් දුක් වුණා මගේ පියා ගැන. නමුත් ඒවා ඕන කමින් කර ගත්තෙදේවලට වඩා නොයෙකුත් ප්‍රශ්න මත ඇතිවෙච්ච් තත්වයන්. මම ලංකාවට ආවහම ඉන්න හෝටලේ (ලොකු එකක් , පූල් එකක් , අක්කර ගානක වත්තක් තියන) අයිතිකාර මහතාගේ පුතා ඉතාලි ගියා . අච්චර හොටෙල් එකක් තියාගෙන. අයිතිකාර මහතා මයි සල්ලි වියදම් කරලා යැව්වේ. ඉතාලියේ හොඳ රැකියා දෙන්නේ නැහැ. පිරිසිදු කිරීම වගේ දේ තමා වැඩි. මම ඒක කිව්වම අර හෝටල්කාරය කිව්වේ. " මිනිහ ගිහිල්ල ටිකක් දුක් විඳලා කියක් හරි හොයාගෙන ආව දෙන් කියල".
Deleteඅජිත් මහතා,
Deleteමේ කාරණය මින් ඉදිරියට සාකච්චා කිරිමට මා අකමැතියි. ඉන් ඔබේ මෙන්ම මගෙත් හිත් රිදෙනවා. අන්තිමට මට කියන්න තියෙන්නෙ මිනිසුන් රට යන්න ඕනෑ. ලෝකය දකින්න ඕනෑ. ඉගෙන ගන්න ඕනෑ. මුදල් උපයන්න ඕනෑ. airport එලියට යන කොට ඉගෙන ගන්නා දේ විශ්ව විද්‍යාල ගිහින් වත් ඉගෙන ගන්න බැහැ.ඒ උනත් එහෙ පදිංචි වෙලා දෙවෙනි පන්තියේ අය හැටියට ඉන්න රෝගයෙන් පෙලෙන්න හොඳ නැහැ.
සමරසේකර
ඔබේ කැමැත්තක්. හැමෝම එහෙම දෙවෙනි පන්තියේ පුර වැසියෝ හැටියට ජිවත් වන්නේ නැහැ. මගේ ගෙදරින් හැතැප්ම හතරකට එහා එංගලන්තයේ අධික පෝසත් ෆුට්බෝල් ක්‍රීඩකයෝ ඉන්න හරියක් තියනවා. එතන පදිංචි වෙලා ඉන්නවා ලංකාවේ කාන්තාවක්. අක්කර ගානක දේපලක් හා ලොකු ගෙයක් තියෙන. මිලියන් ගානක් වටින. ලොකු ව්‍යාපාරයක් හිමියි.ඇය දෙවෙනි පෙළ කියල හිතෙන්නේ නැහැ. මට මම දෙවෙනි පෙළ කියලා හිතෙන්නේ නැහැ. එහෙම තැන් එහෙම අවස්ථා එංගලන්තයේ වගේම හැම රටකම තිබෙනවා. ලංකාවෙත් ඒක එහෙමයි. මම තරාතිරම්වාදය ගැන ලිය තිබෙන්නේ එකයි. (මගේ බ්ලොගයේ ලිපියක්) ලංකාවේ අනිත් මිනිසුන්ට දෙවෙනි පන්තියේ හැටියට සලකනවා ඕන තරම්. මේවා නැතිවෙන්නේ සමාජයක් දියුණු වුනහම. එකේ දෙයක් කියන්නම්. එංගලන්තයේ මිනිස්සු වැඩිය රැකියාව තත්වය බලන්නේ නැහැ ආශ්‍රය කරන්න. නැත්තෙත් නැහැ.
Deleteමේ ලියලා තියෙන දේවල්, සති කිහිපයකට පෙරත් දකින්න තිබුනේ නැතුව නෙමෙයි.... තිබුනා... නමුත් .... මට පෙනුන විධියට.... විශාල ව්‍යාපෘතිත් දකින්න තිබුනා..... විශාල අධිවේගී මාර්ග එක් උදාහරණයක්...මට හිතෙන විදියට තව අවුරුදු 5-10කින් ඒවායේ හොඳ ප්‍රතිථල දකින්න තියේවි
ReplyDelete