Friday 5 August 2016

මොස්කව් නගරයේ වසර 22 කට පසු

ඊයේ අප සාන්ත පිතර්බුර්ගයේ සිටි අවසන් දිනයයි. ලිවීමට බොහෝ දේ තබාගෙන සිටියත් අද ලැබුණු ප්‍රවෘතියකින් ඒ සියල්ල වෙනස් කිරීමට සිදු විය. කොමාවක සිටි මගේ මිතුරකු ඔහු සිහි තබාගෙන ගෙන සිටි යන්ත්‍රයෙන් ඉවත් කරන ලදී. අද උදයේ ඔහු සාමකාමිව සියල්ල හැර නික්ම ගියේය.

රාජකීය විදුහලේ රගර් කණ්ඩායමේ ක්‍රීඩා කළ  සංජය සිගේරා  රුසියාවේ හා ස්කොට්ලන්තයේ අධ්‍යාපනය ලබා වෛද්‍යවරයෙකු  සේ සේවය කළේය. නිතර සිනහ මුසු මුහුණින් සිටි ඔහු ජිවිතයෙන් අකාලයේ සමු ගන්න විට  ජිවත්ව සිටියේ නවසිලන්තයේය. තරුණ දියණියන් දෙදෙනෙකු ගේ හා කුඩා පුතෙකුගේ සෙනෙහෙබර පියෙකි. මා  කිසිදු පින්තුරයක් හෝ ගමන් විස්තරයක් වත්පොතේ මේ දිනවල පළ  නොකරන්නේ එහෙයිනි.  අද සවස මොස්කව් නුවරට නැවත පැමිණීමේ ප්‍රීතිය, පරණ මතකයන් මෙන්ම මොස්කව් හි සිටි පසුව ලන්ඩනයේදී ඇසුරු කළ  මිතුරෙකුගේ වියෝවද එකිනෙක වෙනස් හැඟීම් සමුදායක් පමුණුවයි.

අප නතර වී සිටින්නේ මොස්කව් නගර මධ්‍යයේ ත්වෙර්ස්කයා නමැති මාවතේය . මෙය මුලින් හැඳින්වූයේ  ගෝර්කව්ස්කයා  නමිනි. (සෝවියට් සමයේ). මේ පින්තුරය ගත්තේ දැන් සිටින තැනින් කවුළුවෙන් එපිට බලාය .


සිටි තැනින් ඉවතට පැමිණ ත්වෙර්ස්කයා මාවතේ මෙත්රෝපොල් නමැති හෝටලය තිබෙන තැන දක්වා ගියෙමි. සෝවියට් සමයේ පිහිටි තැපැල් හලේ මෙහෙයුම් මධ්‍යස්ථානය අද මොබයිල් සමාගමකි. 







ඉහත ඇත්තේ ක්‍රෙම්ලිනයයි. ප්‍රසිද්ධ නාට්‍ය රඟහලක පින්තුරය පහත දැක්වේ. 
ඊළඟට මා  ආපසු පැමිණ ත්වෙර්ස්කයා මාවතේ උඩහට පැමිණියෙමි. "ඇය  අතගෙන ගිය විදියේ ඔබ හා යනවා " මොහොතක් හමුවන්නේ මෙතැනය . මොස්කව් වල පළමු මැක්ඩොනල්ඩ් එක විවෘත කළේද  මෙතැනය . මෙතැනදී අමතක නොවෙන හමුවීම් සිදුවන 

මට බ්ලොගයේ ලියන්නට දේවල් කප්පරක් තිබේ. මේ සියල්ල පොතකට දෙකකට සිමා කළ  නොහැකිය. කවියකට කෙටිකතාවකට ගුලි කල නොහැකි හැඟුම් සමුදායක් ලිය තබන්නට බ්ලොගයම මිස වෙනත් තැනක් නැතැයි  හැඟේ. දැන් රාත්‍රිය පසුවී විනාඩි හා අටකි.
සංජේ  ඔබට සුභ ගමන් මිත්‍රයා . හෙට මම උඹ වෙනුවෙන් වොඩ්කා  වීදුරුවක් වෙන් කරන්නෙමි.

අතීත මතකයන් වැළලීමට හොඳම තැන මතකයන් ඇතිවූ තැන්මය . අතීතය නැත්නම් වර්තමානයක් නැත. වර්තමානයක් නැත්නම් අනාගතයක් නැත. තවෙකෙකුගේ අනාගතය  අවසන් වූ දවසේ අතීතය මෙනෙහි කරමි.   ගේ කාලයේ සිට, ලෙනින් ගේ කාලයේ සිට, ස්ටාලින් ගේ කාලයේ සිට මිනිසුන් ගමන් කල  මේ මාවතේ ගොර්බචෝව් කාලයේ ගමන් කලෙමි.

අද දයාබර බිරිද හා දරු දෙදෙනා සමග නැවත ගමන් කලෙමි.

හෙට තවත් දවසකි. 




29 comments:

  1. ගමන ගැන සතුට හා මිතුරා ගැන කණගාටුව පළ කරමි!

    ReplyDelete
  2. සෝවියට් සමයේ පිහිටි තැපැල් හලේ මෙහෙයුම් මධ්‍යස්ථානය,
    මොස්කව් වල පළමු මැක්ඩොනල්ඩ් එකමේ තැන් වලට මාත් ගියා. සිතේ නොස්ටැල්ජික හැඟීම් මතුවේ

    ReplyDelete
    Replies
    1. ඒ හරියේ තමා නතර වෙලා ඉන්නේ.

      Delete
  3. බොහොම ස්තුතියි, මේ පින්තූර වලට සහ තොරතුරු වලට..ඔබේ මිත්‍රයාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා...ඔබ පරණ මතකයන් අවුස්සගෙන යන මේ වගේ සංචාරයක් අතරේදී, ඒ වගේ දෙයක් අහන්න ලැබෙනවා කියන්නේ හිතට බොහොම තදින් කම්පනය කරන දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. මේ ටිකේම වත් පොතේ වත් බ්ලොගේ වත් හටියේ නැහැ. අද ඉඳන් ආයෙත් ලියන්න හිතා ගත්ත. ස්තූතියි

      Delete
  4. ඔබගේ මිතුරාට නිවන් සුව

    ReplyDelete
  5. අතීත මතකයන් හරිම සංවේදීයි නේද? ඔබගේ මිතුරාට සුබ ගමන් පතමි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත හැලපේ.

      Delete
  6. මතකය අළුත් වෙනවා. ලුමුම්බාව පැත්තෙත් යන්න. පින්තූර ටිකක් ගන්න.

    ReplyDelete
    Replies
    1. ලුමුම්බාවට නම් යැවෙන්නේ නැහැ. දවස් හතරයි මොස්කව් වල ඉන්නේ

      Delete
  7. පැමිණි ලේසම පිටව යා යුතුව ඇත... කෙදින හෝ.. එය අප දන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ඔව් බන්. ඊයේ හත් දවසේ දානේ

      Delete
  8. යන්න හීන දකින රටක්. සෝවියට් පොත් කියැවූ තරුණ කාලෙ දැකපු හීනෙ ඇතුළෙ තාමත් ඉන්නවා.
    මිතුරාගේ වියෝව ගැන දුක් වෙන ගමන් සංචාරය රසවත් වේවායි පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නොකී කතා.

      Delete
  9. ඔබේ මිතුරාගේ ඉරණම ගැන ඉතා කණගා‍ටුයි.

    ඔබ අවුරුදු විසි දෙකකට පෙර දු‍ටු මොස්කව් හා අද මොස්කව් අතර නොසෑහෙන වෙනසක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. සෑහෙන වෙනසක් තිබෙනවා

      Delete
  10. ඉපිද මැරේ යළි ඉපිදේ - නොතිර සසර සාගරේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. වෙන වැඩ නිසා මිතුරා අමතක වීම මගේ වැරැද්දක්.

      Delete
  11. සදාකල් පෙම් කළ රුසියන් සාහිත්‍ය කෘතීන් හා චරිත යලි සිහි වේ! තුති !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැමිණියාට. තව කිහිපයක් සංචාරය ගැන ලියනවා. නැවත එන්න.

      Delete
  12. ආවොත් යා යුතුයි, එක් තප්පරයක් තුල කීදෙනෙක් එන අතරේ කී දෙනෙක් යනවා ඇත්ද..ගමන් විස්තර ලියන කන් බලාගෙන ඉන්නේ මේ වගේ ලස්සන පින්තූර ටිකක් බලාගන්න.

    ReplyDelete
    Replies
    1. යන්තම් ලියන්න පටන් ගත්තා . ස්තුතියි.

      Delete
  13. මාත් හරි ආසයි මාස හයක් හිම තියෙන ඔය නගරය දාක බලාගන්න..ඒත් අමාරු වේවි. අපිට ඉතිං දෙයියෝ දීළ තියෙන වත්කම් වලින් ඔ්‍ය තරං දුර බඩගාන්න අමාරුයි නෙව..

    ReplyDelete
    Replies
    1. අමිල බෑ කියල හිතන එක අවුරුදු 10කට අමතක කලොත් ගේමක් නැතුව යන්න පුළුවන්..

      Delete
    2. ට්‍රයි එකක් දෙන්න. අයිටී වලට හොඳය නේද. රුසියාවේ පාස්පෝර්ට් එක හා රැකියාව දෙනවා හොඳ නම්.

      Delete
  14. මට මේ සංචාර ටික පිළිවෙලකට කියවන්න බැරි වුණා... මට ක්‍රෙම්ලිනය දකින විට මතක් වෙන්නේ මුස්ලිම් පල්ලියක්.. ඔය ක්‍රෙම්ලිනයේ ඉතිහාසය ගැනත් ලියන්නකෝ දන්නවනම්..

    මිතුරාගේ අභාවය ගැන කනගාටුව!..

    ReplyDelete
    Replies
    1. ක්රෙම්ලිනයට ගියා. විස්තරයක් ලියන්නම්. ඒ කතව ඇත්ත. පරණ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඕක එක තමා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .