Tuesday, 23 August 2016

සාන්ත පිතර්බුර්ගයේ එර්මිතාෂ් (Hermitage) කෞතුකාගාරයේ "යථාර්ථවාදය" චිත්‍ර ප්‍රදර්ශනය

පළමු ලිපිය 

දෙවන ලිපිය 

සාන්ත පිතර්බුර්ගයේ චිත්‍ර සහ කලා නිර්මාණ මිලියන් 3ක ට වඩා ඇති  එර්මිතාෂ් (hermitage) කෞතුකාගාරය නැරඹීමට ගිය අවස්ථාවේ යථාර්තවාදී කලාව පිලිබඳ චිත්‍ර ප්‍රදර්ශනයක් එහි දෙවන ගොඩ නැගිල්ල වන ජෙනරල් ස්ටාෆ් හි පැවැත්වෙන බව දුටිමි.  එර්මිතාෂ් (hermitage) කෞතුකාගාරය පිළිබඳව ත් එහි පැරණි කළා නිර්මාණ පිළිබඳවත් වෙනත් ලිපියකින් ලියමි.

ඉහත ඇති පළමු පින්තූරයේ දැක්වෙන්නේ නිරුවත් ගැහැණු කෙනෙකු ඔසවාගෙන සිටින වෛද්‍යවරයෙක් සහ පිරිමි දෙදෙනෙකි. අගේ සිරුරට ආශා කරන අය මෙන්ම සිරුරට වෛද්‍යවරයෙකුද අවශ්‍යය.

දැනට ඉතා කෙටියෙන් හැඳින්වීමක් කරන්නේ නම් මෙය පිහිටවුයේ 1764 දී දෙවන කැතරින් අධිරාජිනිය විසින්ය. ලෝකයේ ඇති පරණම කෞතුකාගාරයක් වන මෙය  ට්සාර් රජවරුන් විසින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත  කරන ලද්දේ 1852 දීය.  සොවියට්  දේශය පිහිටවූ 1917 විප්ලවයෙන් පසු මෙහි ඇති නිර්මාණයන්හි වටිනාකම සලකා  සෝවියට් බලධාරීන් විසින් ජාතික සම්පතක් ලෙස එර්මිතාෂය  රැක  බලා ගන්නා ලදී. එහෙත් 1940 - 1944 අතර ඇතිවුණු දෙවන ලෝක සංග්‍රාමයේ දී ලෙනින්ග්‍ග්‍රාඩ්  නගරය දින 900 ක වැටලෑමකට  හසුවුණු අතර ඒ කාලයේ වැටුණු ජර්මන් බෝම්බ වලින් එර්මිතාෂයට බලවත් හානි සිදු වුනි. එහි තිබු වටිනා  කළා කෘති රුසියාවේ වෙනත් තැන්වල ට යවා  ආරක්ෂා කරන ලදී.  පසුව  පෙර ආකාරයෙන්ම ගොඩ නගන ලදුව පෙර ශ්‍රී විභුතියෙන්ම  අනගි මිල කළ නොහැකි කළා කෘති  ප්‍රදර්ශනයේ  තබා තිබේ.

සෝවියට් දේශය පැවති සමයේ සමාජවාදී යථාර්ථවාදය මුලික කරගත් කළා නිර්මාණ ඉදිරිපත් කල යුතු යයි රීතියක් විය. ඒ ගැන පෙරදීද මා ලියා  ඇත. එහිදී රජයේ බලපෑම ඉස්මතුවීම නිසා එම රීතියට වෙනස්ව ස්වාධින කළා නිර්මාණ කරන්නට ඇතැම් කලා කරුවන් වෙහෙස ගත්  අතර එතුල සිටිමින් හොඳ නිර්මාණ බිහි  කරන්නට චින්ගීස් අයිත්මාතව්  වැනි කලාකරුවන් තැත්  කළහ.

මේ ප්‍රදර්ශනය ගැන කරන හැඳින්වීමේ මෙසේ ලියැවෙයි.

"කලාව සම්බන්ධයෙන් ගත් කළ යථාර්ථවාදය අද ඉතා වැදගත්  මාතෘකාවක් වන්නේ ඇයි? එර්මිතාෂ් කෞතුකාගාරයේ "යථාර්ථවාදය පිලිබඳ චිත්‍ර ප්‍රදර්ශනය" වනාහී මෙම මාතෘකාවට පිළිතුරක් සපයන්නට ගත් උත්සාහයකි. එරිමිතාෂ් හි හමුදා වෘත්තික ගොඩ නැගිල්ල (General Staff building - ancient name of the building) 2015 සිට දහ නමවන ශතවර්ෂයේ සිට විසි එක්වන ශතවර්ෂය දක්වා වන යථාර්ථවාදය පිලිබඳ කළා කෘති ඒකරාශී කර තිබෙන  ස්ථානයකි. එමනිසා මෙම ව්‍යායාමය යථාර්ථවාදයේ ස්වරූපය හා මතවාදය පිලිබඳ බහුවිධ සංවාදයන් මතු කිරීමට ගත්  ප්‍රයත්නයකි.

විසිවන සියවසේ යථාර්ථවාදයේ ස්වරූප බොහොමයකි. හයිපර් - හෙවති අධිතාත්විකවාදය  (Hyper-realism), සර් හෙවත් අතාත්විකවාදය (surrealism), ඡායා-යථාර්තවාදය (Photo-realism), සමාජ යථාර්ථවාදය (Social-realism)  හා මායාවී යථාර්ථවාදය (magical-realism)  මේ අතරින් කිහිපයකි.  මේ සියවස අගභාගයේ සිට තාත්විකවාදී නැඹුරුව වඩා උනන්දුවට මෙන්ම සාකච්චාවට බඳුන්වී තිබේ.

යථාර්තවාදී එළඹුමේ  මුලික පදනම - සත්තාව සෙවීම - යනු ආත්මඥාණය ලබා ගැනීමේ සරලම නිර්මාණාත්මක ක්‍රමයයි.  කථනයන් ප්‍රමුඛ කොට ගත්  පුරාතනික කළා ලෝකයේ දැවැන්තයන් ගේ සිතුවම් වලින් පටන් ගෙන, යථාර්ථවාදී කලාව  අද තාක්ෂණික හා මනෝමූලික වූ සංකීර්ණ නිර්දේශයන් පද්ධතියක් මත පදනම්ව භෞතිකවාදී ලෝකයේ මනෝමූලික දැක්ම නිරූපණය කරයි.

යථාර්ථයේ වෙනස පිලිබඳ සංජානනය රඳා පවතින්නේ වත්මන් පෞද්ගලික හා සාමාජිය ප්‍රමුඛතා මතය. දැන් නැවතත් මේ ආස්ථානය වැදගත් වෙමින් යයි. කලාව විසින් මෙම වෙනස උරා ගනිමින් සෑම අවස්ථාවකම සත්තාවේ විවිධාකාර පිළිබිඹු  නිපදවයි.  ප්‍රදර්ශනයේ ඇති  සමකාලීන කලාකරුවන්ගේ නිර්මාණ තමන්ගේම මුලාශ්‍රයන් හඳුන්වා දෙයි. මේ සෑම කලා කෘතියක්ම පවතින්නාවූ මොහොත තුල පැවැත්මේ අත්දැකීමෙහි   (අනුභූතික හෝ සංදෘෂ්ටික අත්දැකීමෙහි) නිරවද්‍යවූ පිටපතක් වනවා මෙන්ම, රූපකයක,   ව්‍යන්ගයක, කේතයක, සංකේතාත්මක තේරුමක හෝ සංස්කෘතික සම්බන්ධයක  ශක්‍යතාවයක් සහිතය.

ඇමෙරිකානු කලාකරුවකු වන ටෝනි මටෙලි ගේ  අධිතාත්විකවාදී ප්‍රතිමා නිර්මාණය (ගැරී ටටින්ස්ටියන් කලා කෘති සමූහය) නම් කර ඇත්තේ ඉංග්‍රීසියෙන්  F*ck'd(Couple) - යුවලකගේ විනාශය යනුවෙනි. මෙහි නවීන තාක්ෂණික ක්‍රමවේදයක් ඇසුරෙන්  ඉන්ද්‍රියගෝචර  යථාර්ථයේ (sensual reality) ගැඹුරු හා භාවාත්මික ශෝකය හා සානුකම්පික සොබාව අනුකරණය ඇසුරෙන් විදහා පෙන්වයි.
යුවලකගේ විනාශය චිත්‍රයේ අතක් කැපී වෙන්වුන මිනිසෙකි. ගැහැණිය හා මිනිසා යට ඇඳුම් වලින් පමණක් සැරැසී සසිටී . ඔවුන් දෙදෙනා වටේම විනාශය , බිඳී ගිය භාණ්ඩ ආදිය වේ.

ප්‍රදර්ශනයට සහභාගී වන අනිත් කලාකරුවන් දෙදෙනා නම් ඇමරිකානු ජාතික ජිම් ෂෝ සහ බ්‍රිතාන්‍ය ජාතික මිච් ග්රිෆිත්ය.  මිච් ග්‍රිෆිත් ගේ නිර්මාණ සම්භාවණිය යථාර්ථවාදයේ සුසමාදර්ශයකි. "

මිච් ග්‍රිෆිත් ගේ ඉහත නිර්මාණයේ තරුණයාගේ හිසේ ඇත්තේ ක්‍රෙඩිට්  කාර්ඩ් වලින් සාදන ලද ඔටුන්නකි. නවීන සමාජය වැඳ පුදන්නේ ධනය, බලය, තත්වය හා ප්‍රසිද්ධියට බව මෙමගින් පෙන්වයි. ඔටුන්න මගින් පෙන්වන්නේ තමන් කෙරෙහි ඇති ආලය ප්‍රමුඛවූ (narcissism) ව්‍යාජ වටිනාකම් හරහා මිනිස් ප්‍රතිමා හා  හොර රජුන් නව සමාජයේ බලය  පැතිරවන බවයි.

මේ තරුණය හැඳගෙන සිටින්නේ යට ඇඳුම පමණකි. අත් දෙක යමක් පැහැදිලි කරන්නට මෙන් දෙපසට විහිද ගෙන සිටී.

අද සමාජය සිරුර පිලිබඳ අනවශ්‍ය අවධානයක් පෙන්වයි. සිරුර සඳහා වන ව්‍යායාම මෙන්ම සිරුරේ බලය, ශක්තිය, මුදු බව, ලස්සන  ආදී සියල්ල ගොඩ නැංවීම සඳහා විශේෂිත ආහාර පානද විකිණෙයි.සාමාන්‍ය ලෙස ඇවිදීම, දිවීම, ස්වභාව ධර්මයේ රස විඳීම වෙනුවට ජිම් එකක් තුල දහදිය හෙළීම  සුලබ  දෙයක් වුවද එහි අන්තයකට යාම තුල සිරුර අනිකාට පෙන්වීමේ දැඩි නාසිස්මික ආශාව පැන නගී.

 සිරුර අනිකුන් සමුහයකට පුද කිරීම තුලින් ආශාව සමනය වේවිද?

ඉතා පින්තුරයේ ඇත්තේ නිරුවත් ගැහැණිය ඔසවා ගෙන සිටිනවාක් මෙන්ම ලේ ගල යටි කයක් ඇති කඩවසම් පිරිමි සිරුර ඔසවා ගෙන සිටින ගැහැනුන් හා මිනිසුන් සමුහයකි.

ඉහත  චිත්‍රයේ ඇත්තේ තමන්ගේ ශරීරයේ බර ගැන පසුතැවෙන යුවලකි. ඔවුන් දෙදෙනාම බර කිරි. ගැහැණිය සින්දු ඇසීමට හෝ ශෝෂාවෙන් ඉවත් වීමට කනේ ඉයර් ෆෝන් ගසාගෙන සිටි. මිනිසා හිස බදාගෙන බෙරිහන් දෙයි.

පහත  චිත්‍රය ගැන ඔබට සිතෙන්නේ මොනවාද? ශරීරය ව්‍යායාම වලින් හැඩ නංවන පිරිමියෙකු දකුණේ ද  මුහුණ ලස්සන කර ගැනීමට ක්‍රීම් තවරා කැකිරි පෙති දෙනෙත මත  තබා ගෙන සිටින ගැහැණියක වම් පැත්තේ ද සිටී.  මැද සිටගෙන සිටින්නේ පිළිකාව නිසා පියයුරක්  අහිමි වුනු කාන්තාවකි. 

"කළා නිර්මාණයේදී සැමවිටම නිකායන් දෙකක් තිබුණි. එකක් විඥානවාදීන්ගේය. අනෙක යථාර්ථවාදීන් ගේය."  - තියොෆයිල් ගෝටියේ

"There have always been two schools of thought in painting: That of the idealists and that of Realists. "-Theophile Gautier

ගොගොන් - මිච් ග්‍රිෆින් 

මේ වනාහී ඉතාලියානු කලාකරුවකු වන කරවගියෝ ගේ ගොර්ගොන් වරුන්ගේ   මෙඩුසා නමැති දෙව්දුවගේ මුහුණට කෙලින්ම සමානකම දක්වන චිත්‍රයකි. ග්‍රීක මිථ්‍යා කතා වලට අනුව මෙඩුසා  දෙස  බලන හැම කෙනෙක්ම ඇගේ  දරුණු ඇස් වලින්  ශෛලමය පාෂාණයක් බවට පත්වේ. ග්‍රිෆිත් ගේ මෙඩුසා මුහුණ තෙල් වලින් නැහැවී ඇගේ ඇස් තදින් වැසී  බලය අඩුවී තිබේ.   මෙහිදී ඔහු ප්‍රශ්න කරන්නේ සොබාදහම වනසමින් ඇතිවෙන කර්මාන්ත වල වර්ධනයට එරෙහි වන්නන් යක්ෂයන් කිරීමේ මාධ්‍ය හා දේශපාලන ව්‍යාපාරයයි.


ඔවුන් (ඔහු හෝ ඇය) මට ආදරය කරතිද නැතිද? සියවසකට එහාදී මලක  පෙති කඩමින් කල ප්‍රශ්නයම රමණයෙන් පසු සිගරැට්ටුවක් දල්වාගෙන සිතීමට ඇය  පුරුදු වූයේ කෙසේද? 
අඩ නිරුවත් තරුණියක් රමාණයෙන් පසු සිගරට්ටුවක් බොයි.

ඉහත චිත්‍රයෙන් ප්‍රශ්න කරන්නේ තරුණියන් බ්ලු චිත්‍රපටි සඳහා රැගෙන බන්ධන කරන (bondage) ආකාරය ටම පිරිමියාව එතනට පත් කිරීමයි. තරුණයා පුඋවකට තබා බැඳ ඇත. ඔහුගේ දෙඇඳ සිටින කමිසය ඔලුව වටා ඔතා  දෙනෙත් වසා ඇත. තරුණිය ඔහුගේ මුහුණට ශම්පෙන් වත් කරයි.  

ඔවුන් රැගෙන යන දේ - මිච් ග්‍රිෆිත් 
දුම් වළාවල් හා විනාශය මැද  සොල්දාදුවකු විසින් තමන්ගේ රටින් පලායන තරුණ අනාථ වූ ගැහැනියක රැගෙන යයි. මෙය සිරියාවේ පෞරාණික නගරයක් වූ පල්මිරා හි සිදුවූ විනාශය සංකේතවත් කරයි. එසේම ඉතිහාසයේ නිතර කියවෙන කවුරුන් හෝ පැමිණ තමන් බේරා ගනීවි යන  සංකල්පයද ඉසමතු කරයි. සිංහලයන්ගේ දියසේන කුමාරයා පිලිබඳ මිථ්‍යා විශ්වාසය  වැන්නකි. 

පළමුවන වෙඩික්කරු - යුදයට කතා කිරීම - මිච්ග්‍රිපිත්ස්  
මේ චිත්‍රයේ වෙඩික්කරු යුද්ධයට යාමට සැරසේ. පෙම්වතිය ඔහුගේ කකුල් බදාගෙන වැළපෙයි.
නවීන යුධෝපක්‍රම 

හොඳම පැය 
ඉහත සිත්තම් ත්‍රිත්වයෙන් පෙන්වන්නේ වීඩියෝ ගේම් වල සිටින වෙඩික්කරුවෙක්  වැන්නකි. ඔහුගේ අවසන් එල්ලය තමන්ට හමුවන සියල්ලන්ම මරා දැමීමයි. මෙහි පෙන්වන බ්‍රිතාන්‍ය සොල්දාදුවා ඔහුගේ  සිතට විරුද්ධව  ජාත්‍යන්තර යුද්ධයකට යැවූවෙකි. ඔහුගේ දෛනික ප්‍රශ්නය ඔහුට දුන් අණ  ක්‍රියාත්මක කිරීම අපරාධයක්ද යන්නය? එනම් ඔහු යුධ අපරාධකරුවෙකු වන්නේද  යන්නය. 


ජාන පාලම - මිච් ග්‍රිෆිත් 
මෙහි පෙන්වන්නේ ඓතිහාසිකව එන පියෙක්ගේ හා පුතෙක්ගේ සම්බන්ධයයි. යුරෝපයේ පුනරුදය (renaissance) සමයේ හැම සිත්තමකම වැඩකරු තම ආයුධ හා උපකරණ  පෙන්වීම සිරිතක් විය.  වැටෙන කොළ පත් පෙන්වන්නේ කාලයේ ගලා යාමයි. 
ද්‍රෝන් යානය - මිච් ග්‍රිෆිත් 
ඇතැම් මාධ්‍ය මගින් වාණිජකරණය හා මෝහනය කරන ලද යුද්ධය සඳහා පින්තුර ලබා ගන්නේ පරිගණක යුද ක්‍රීඩා ආභාෂයෙන්ය. මේ ගැහැණිය හරියට නියමුවෙකු නැති ද්‍රෝන යානයක් වැනි මිසයිලයකි. යුද්ධයේ ඇති බිහිසුණු බව,  නොදත් බව පෙන්වමින්  අවතාර (zombi)  මෙන් හැසිරෙන ජනතාව ගෙන් වසන් කර ඇත. ලින්ගිකකරණය (sexualised) කරන ලද කාන්තා සොල්දාදුවාගේ මොබයිල් දුරකථනය රයිෆලයට බැඳ තබා ඇත්තේ මෙහි අතාත්විකභාවය පෙන්වීමටය.

ඇරිස්ටෝටල් ගේ  කියමනකින් ලිපිය අවසන් කරමි.

"ඇතැම් විට වස්තූන් (objects)  දෙස බැලීම වේදනාකාරී වුවද අපි ප්‍රමෝදයට   පත්වන්නේ කලාව තුලින් යථාර්ථය වඩාත්  තාත්වික ලෙස නිරූපණය  වන්නේ නම් පමණි. උදාහරණයක් වශයෙන් මියගිය සත්වයන්ගේ හෝ මිනිසුන්ගේ ශරිර වල ස්වරූපය (පෙන්වීම) ගත හැකිය. මෙය තේරුම් ගැනීමට උපකාර කරගත හැකි හේතුව මෙයයි: එනම් අපේ ධාරිතාවය කොපමණ කුඩා වුවත්, දර්ශනවාදියෙකුට පමණක් නොව සාමාන්‍ය ජනතාවට පවා යමක් ඉගෙන  ගැනීමට ලැබීම ඉහල  වින්දනයක් ලැබිය හැකි දෙයක් වීමයි. අප ලබන ප්‍රමෝදයට හේතුව නම් චිත්‍රය දැකීමෙන් ලබන සතුට මෙන්ම යමක් ඉගෙනීමෙන් ලබන සතුටද සංයුක්තව ගත් කල යමක තේරුම අපට වැටහී යාමයි.

අල්මාරිය Closet - Ilya and Emiliya Kabakov



පහත යොමුවල වැඩි විස්තර තිබේ.

Links to the exhibition information 
About Mitch Griffin


මගේ ෆේස්බුක් හා ගූගල්ප්ලස් අවකාශය   තුල අනිකුත් ඡායාරූප පළවේ. ඔබ උපුටා ගන්නේ නම් එර්මිතාෂ් ප්‍රදර්ශනය හා කලාකරුවන්ගේ නම් සඳහන් කරන්න.


Complete exhibition is in my facebook page and in Google+. If you copy please make sure you mention artist's names and place of the exhibition.

32 comments:

  1. කලින් දැක නැති අපූරු පින්තූර කිහිපයක් සහ අපූරු සටහනක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. විස්තරය වගේම පින්තූරත් මනාව එකිනෙක ගැලපුනා. ඔබේ ලිපිය දැඩි මහන්සියක් ගනිමින් නිර්මාණය කරමින් සිංහල කියවන්නන් වෙත ලබාදුන් අපූරු තෑග්ගකි. ස්තුතියි අජිත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගුණසිංහ මහත්මයා. ඔබේ ලිපි පළවෙන්නේ නැහැ නේද දැන්

      Delete
  3. ඔබගේ මේ සංචාරක සටහන් මං බොහෝම ආසාවෙන් කියවන්නේ... මේ පොස්ටුවත් මරු....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි

      Delete
    2. නිර්මාණි මේක අහන්න හිටියේ. අපේ කසුන් සහෝදරයා වැනි අය චිත්‍ර හඳුනාගන්නේ කෙසේද කියල කියනවද? චිත්‍ර පිලිබඳ විස්තරයකින් පමණද?

      Delete
    3. ඔව් අජිත් අයියේ... චිත්‍රයක්එහෙම නැත්නම් ඡායා රූපයක් උනත් තව කෙනෙක්ට කියලා විස්තර කර ගන්න වෙනවා...
      දැන් ඇන්ග්‍රොයිඩ් සිස්ටම්වල පින්තූර ගැන පුංචි පැහැදිලි කිරීමක් කරනවා.. පින්තූරෙ මොකක්ද තියෙන්නේ කියල විතරයි...
      අයියා දන්නවද කියලා මං දන්නෙ නෑ... කසුන් වගේම තමයි මමත්:D...


      කතා කරන්න හොඳ මාතෘකාවක් ඔයා සිහිපත් කළා... බොහොම ස්තුතී ඔයාට... මේ දවස් කීපය ඇතුලත කීප දෙනෙක්ටම මේ ප්‍රශ්නෙ ඇති උනා... ඒක සාදාරණයි...

      Delete
    4. නිර්මාණි ඇත්තටම හිතුනේ නැහැ ඔයාත් කසුන් වගේමයි කියල. අර පින්තුර වගයකුත් දාල තිබුනේ ලඟදි උපාධිය අරගෙන. මම දනනවා නම් ටිකක විස්තරයක් ලියනවා. බ්‍රේල් ක්‍රමය ගැන දන්නා නිසා මට ඔය ප්‍රශ්නය ආව. ස්තූතියි පැහැදිලි කළාට.

      Delete
    5. ඇත්තටම හොඳයි අයියේ පුංචි විස්තරයක් කරනවානම්... ඒක කලින් හිතුනත් කරදරයක් වෙයි කියලා හිතුනා... ලොකූ විස්තර ඕනි නෑ.. දල අදහසක් තිබුනොත් ඇති...
      ස්තුතී...

      Delete
    6. චිත්‍ර තමයි මං පුංචි කාලේ කැමතිම විෂය... ගොඩාක් අයට ප්‍රශ්නයක් දෘෂ්‍යාබාධිත කෙනෙක් වර්ණ, හැඩ වගේ දේ තේරුම් ගන්නේ කොහොමද? ඒ අය හීන දකින්නේ කොහොමද? වගේ දේ... ඒක මටත් ඉස්සර ප්‍රශ්නයක් උනා... ඒක පැහැදිලි කළ යුතුයි.... බ්‍රේල් ගැන දන්නා නිසා අයියට අවබෝධයක් ඇති ඒ ගැන... මේ ගැන කලින් ලියන්න හිටියට මග හැරුනා...
      ඔයාට ස්තුතී අමතක වෙලා තිබුණු දෙයක් මතක් කළාට.....

      Delete
    7. ඔන්න මම විස්තර ටිකක් දැම්මා . ඊළඟ එක ලියන කොට චිත්‍රයේ විස්තර ටිකක් ලියන්නම්.

      Delete
    8. ස්තුති අයියේ... හරියටම හරී.. ඒ ප්‍රමාණය ඇති... තිබුනු එක හිස් තැනක් පිරවුනා...
      ස්තුතී ඔබට...

      Delete
  4. Siege and Defence Museum එකක් තියනව නේද?

    ReplyDelete
    Replies
    1. යන්න බැරිවුණා . ඊළඟ පාර යන්න මොකක් හරි තියා ගන්නත් එපැයි

      Delete
  5. නියමයි.ඔබට තුති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ෆීලික්ස්

      Delete
  6. ඔබට ස්තුතියි අජිත් !!

    ReplyDelete
  7. boss, where is ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ balance..?

    ReplyDelete
    Replies
    1. ලිපි හතරක් තිබෙනවා ඉවර කරන්න. ඊට පස්සේ දිගටම ලියල ඉවර කරන්න ඉන්නේ.

      Delete
  8. මේ කලාකෘති සියල්ලම ඉතාම අගෙයි. යතාර්ථවාදී රීතිය තුල අදහස් ප්‍රකාශනය විවෘත සහ සෘජු ලෙස සිදුවෙනවා.

    මේ අජිත් අය්යේ දන්නෙනැති දේකුත් තිබ්බ. බ්ලු චිත්‍රපටි කියන්නෙ මොනවද?

    ReplyDelete
    Replies
    1. බ්ලු චිත්‍රපටි සිංහලෙන් කියන්නේ මොකක්ද? මධුර එකේ කියනන් අශ්ශීල කියල.මම ඒ .වචනයට කැමති නැහැ.

      Delete
  9. මේ කලාකෘති සියල්ලම ඉතාම අගෙයි. යතාර්ථවාදී රීතිය තුල අදහස් ප්‍රකාශනය විවෘත සහ සෘජු ලෙස සිදුවෙනවා.

    මේ අජිත් අය්යේ දන්නෙනැති දේකුත් තිබ්බ. බ්ලු චිත්‍රපටි කියන්නෙ මොනවද?

    ReplyDelete
  10. මම මේ වගේ කළා නිර්මාණවලට පුද්ගලිකව කැමති නෑ. ලංකාවෙත් ඉන්නවා ඔය චන්ද්‍රගුප්ත එහෙම. මේවයේ කිසිම නිර්මාණාත්මක කමක් නෑ. හරියට මගේ බ්ලොග් පෝස්ට් වගේ. කළා නිර්මාණයක් කියන්නේ හරියට බස්සිගේ පෝස්ට් එකක් වගේ දෙයක්. එහෙම නැත්නම් සුරන්ගේ, දුයිෂෙන්ගේ පෝස්ට් වගේ ඒවා. මේ මගේ මතය.

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රගුප්ත තේනුවර මගේ යහළුවෙක් නේ. එයාගේ ක්‍රමය මේ දාපු ඒවාට වඩා වෙනස් මාතලන්. උඹ මේවට කැමති නැත්නම් ඒකෙ අවුලක් නැහැ හැමෝම හැම දේටම කැමති වෙන්න කියල නීතියක් නැහැනේ.
      හැබැයි නිර්මාණාත්මක කමක් නැහැයි කියන එකට නම් විරුද්ධ වන්න වෙනවා. සුරංග දාන්නෙත් දුයිෂෙන් දාන්නෙත් යථාර්තවාදී රීතියේ නිර්මාණ. ඉහටැහැ එකම තමයි. සුරංග ගේ අත්දැකීම් බොහොමයක් ඇත්තට විඳපු ඒවා. දුයිෂෙන් නුත් එහෙමයි. බස්සිගේ යථාර්ථවාදය නැති නිර්මාණ ගොඩක් තියනවා. බස්සි හුඟක් වෙලාවට තාත්වික සිදිදියක් අතාත්වික විධිහට ලියන කෙනෙක්.
      මේ චිත්‍ර බොහොමයක් දියුණු ධනවාදී රටවල ජනතාව ට ටාගට් කරපුව. එනිසා උඹට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.
      දැන් ඔය උඩ තියෙන එක පින්තුරේක ගැහැණිය හා මිනිසා බර කිරනව. ඕක මෙහෙ නිතර වෙන දෙයක්. බර වැඩියි කිවොත් දවස් ගණන් නොකා නොබී වැලපෙන මිනිස්සු ඉන්නේ. ඇඟ හදන්න මහන්සි වෙන මහන්සිය දැක්කම පුදුම හිතෙනවා වෙලාවකට. මම කියන්නේ ජිම් යන්න එපා කියල නෙමේ. ඒවා කරන්න ඕනේ. නමුත් ඒක ආබාධයක් කර ගන්න නරකයි. ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා කැල්කියුලේටරයක් තියාගෙන කන කෑම වල කැලරි ගණන් කරනවා හැමදාම කෑම මේසේ. මට එපා වෙනවා වෙලාවකට. ඉතින් ඊට යටින් පින්තුර දෙකකේ තියෙන්නේ එහෙම හදා ගත්ත ලස්සන ඇඟ ඊට පස්සේ පෙන්වන්න ඕනේ. ඒකතමා අර ගැහැණු පිරිමි වට වෙලා පෙන්වන්නේ. ඉන්ස්ටග්රම් එකේ වගේ. ඊට පස්සේ සත්‍යය. හරියට බුදු දහමේ වගේ. සිරුර අනිත්‍යයි කියල පෙන්වනවා. එක තනයක් නැහැ. පිළිකාවෙන් අයින් කරලා. දැන් ආපහු බලපං. කොහොමද නිර්මාණ ටික කියල.

      Delete
    2. උඹ ඕවා මට එක්ස්ප්ලේන් කරන්න ඕනා නෑ... ඕවා ඒ විදියටම පේනවා... ඒකයි මම කිව්වේ මෙවා මොලෝ රහක් නෑ කියලා.. කළාව කියන්නේ ඒක නෙමෙයි බං...

      Delete
    3. අනික උඹ එක දෙයක් අමතක කරන්න එපා... මම අවුරුදු ගානක් ළෝකයේ හොඳම කළා නිර්මාණ හා එක්සිබිසොන් තියෙන ඊශ්‍රායලයේ ජීවත් උන බව... ඒ රටෙත් ඔය කළාවට මිනිස්සු එච්චර කැමති නෑ...

      Delete
  11. මටත් පොතලංගේ අදහසට එකඟ වෙන්න වෙනවා. ඔහොම චිත්‍ර අඳිනවට වඩා හොඳ නැද්ද කවිපද දෙකතුනක් ලියලා පසුබිමට ග්‍රැෆික් නිර්මාණයක් දැම්මනම්.

    surrealism කියන්නේ මොකක්ද ? පස්සෙ වෙලාවක පුළුවන්නම් ඒ ගැන ලියන්න

    ReplyDelete
    Replies
    1. හැමෝම හැම දේටම කැමති වෙන්න ඕනේ නැහැ. කවි පද වගේම චිත්‍රත් නිර්මාණ. චිත්‍ර කියන්නේ සම්භාවනීය සංගීතය (classical) වගේ කියවනං අහන් හෝ බලන්න උගත යුතු දෙයක්. සරෙලිස්ම් කියන්නේ 20 වන සියවසේ (1924) කළා හා ගද්‍ය කලාවේ ඇතිවුන ප්‍රවනතාවයක්. අවිඥානක මනසේ නිර්මාණශීලි හැකියාවන් විදහා දැක්වීමට එකිනෙකට හාත්පසින් වෙනස් හෝ ප්‍රතිවිරුද්ධ රූප /ද්‍රව්‍ය හේතුවක් රහිතව යොදා ගැනීම. - ඒකට ප්‍රසිද්ධම සැල්වදෝර් ඩාලි - ෆ්‍රොයිඩ් ගේ මනස පිලිබඳ විග්‍රහයනුත් උදව් වුන කියත හැකි.
      අවිඥානක මනස යථාර්ථය සමග එක් කිරම තමයි මුලික පරමාර්ථය. මේකේ හීනයක් වගේ රූප හැදීමක් තියනවා එක නිකායක. බස්සිගේ ලිපි දාන්න පුළුවන් එතනට.

      Delete
  12. මේ ලිපිය නිදහසේ කියවන්න ඕනේ...එතකල් මෙහි අඩංගු චිත්‍ර නම් මා බොහෝ වින්ද බව කියන්න ඕනේ...

    ReplyDelete
  13. පින්තූර ටික දැක්කම බයත් හිතෙනවා.. මෙහෙත් තියනවා ඔය කැම වල කැලරි ගනන් කරන වැඩේ..

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.