Saturday, 17 September 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - 1

පල්ලිය ඉදිරිපස - මෙය ග්‍රීසියේ ඇතිනා දෙවඟන සඳහා කළ පාර්තිනොන් මෙන් ඉදිරිපස කුළුණු රාශියක් පේලියට තිබේ.

පල්ලියේ ඇතුලත  මධ්‍ය ශාලාව ඉතා විශාලය.

මුළු පල්ලියම අඩ කවයක් ලෙස දෙපසට විහිදේ. මෙහි ඇති කුළුණු අතරින් ගමන් කළ හැකිය.
අප පසුගියදා රුසියාවේ කල සංචාරයේදී විශාල රෝමානු කතෝලික පල්ලියක් බලන්නට ගියෙමු. කතෝලික පල්ලි රුසියාවේ බහුලව නැත්තේ ඒ රටේ අදහන්නේ  ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානිය නිසාය. මේ පල්ලියේ විශේෂත්වය වන්නේ එය පමණක්ම නොවේ. සෝවියට් දේශයේ විප්ලවයෙන් පසු පල්ලි සමතලා කල අතර සමහර පල්ලි පිහිනුම් තටාක, ශිෂ්‍ය නිවාස ආදීයට පරිවර්තනය කෙරුණි. ඒ සෝවියට් රජය නිරාගමික එකක් වූ නිසාය. මේ තත්වය පැන නැගුනේ ලෙනින් ගේ කාලයේ නොව ස්ටාලින් ගේ කාලයේය.
පිහිනුම් තටාකයක් බවට පරිවර්තනය කළ ප්‍රොතෙස්තන්ත පල්ලිය 

ස්ටාලින් ඉහත සඳහන් විශාල පල්ලිය විනාශ කළේ නැත. ඒ වෙනුවට එය කෞතුකාගාරයක් කරන්නට නියෝග කළේය. පල්ලිය සතුව තිබූ රත්රන් රජය සතු කලේ ඒවායින් මාර්ග සැදිය යුතු බව දන්වමිනි.

මේ කෞතුකාගාරයේ ප්‍රධාන ලක්ෂණයක් නම් එහි එල්ලා  තිබූ විශාල ෆුකෝ ගේ අවලම්බයයි (Foucault pendulum). ප්‍රංශ භෞතික විද්‍යාඥයෙකු වන ලියොන් ෆුකෝ පෘථිවිය තමන්ගේ අක්ෂය වටා කරකැවෙන බව ඔප්පු කරන්නට විශාල අවලම්බයක් භාවිතා කළේය. එම ක්‍රමය මෙහි සඳහන්ව ඇත.  අවලම්බය පෘථිවිය කරකැවෙන ආකාරයට කරකැවෙන බව ඔහු ඔප්පු කළේය. අදේවවාදියෙකු වූ ස්ටාලින් එය එල්ලීමට අණ කලේ බයිබලය සාවද්‍ය බව පෙන්වීමට සාධකයක් වශයෙනි. මුළු පල්ලිය පුරාවට ආගම් ඇදහීමේ වැරදි  දක්වා ලිපි ලේඛණ හා ප්‍රදර්ශන භාණ්ඩ තබා තිබුණි.

සෝවියට් දේශය ට යාමට ප්‍රථම කාලයේ පවා මා පන්සල් වල හෝ කෝවිල් වල තිබූ  දේව ප්‍රතිමා වලට  වලට වන්දනා කලේ නැත. මේ ගැන මා මෙහි ලියා ඇත. සෝවියට් දේශයේ දී රුසියානු මිතුරු මිතුරියන් සමග ඉතිරිවී තිබූ ඔර්ත්ඩොක්ස් පල්ලි කිහිපයක් නැරඹීමට ගියෙමි.

සෝවියට් දේශයේ සිට ලංකාවට පැමිණි වරක බෙල්ලන්විල පන්සලට ගියේ මවගේ බල කිරීමට, ඇගේ සිත රිදවීමට නොහැකි නිසාය. පිටරට යන මා  වෙනුවෙන් ඇය මොකක්දෝ භාරයක් වී තිබිණි.

සෝවියට් දේශයේ සිට පැමිණ, එංගලන්තයේ ගතකළ කාලය තුල පන්සලකට ගියේ කවුරු හරි දානයක් දෙන විට එයට සහභාගී වීමට ආරාධනා ලැබුනොත් පමණකි.  නමුත් ඒ අතරතුර අමරාවතී නම් භාවනා මධ්‍යස්ථානයක් සහිත පන්සලට නම් කිහිප වතාවක් ගියෙමි. ඒ එය සුන්දර පරිසරයක පිහිටා  තිබීමත් සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් ලෙස බෞද්ධ කටයුතු සිදු කිරීමත් නිසාය.

මගේ පියා අවසන් හුස්ම හෙළුවේ 1998 දීය. පරිගණක භාෂා සහිතව ඉංජිනේරු කළමනාකරණය පිලිබඳ උපාධිය මා අවසන් කලේද එම වසරේය.  ඉන් පසු සෑම වසරකම ඔහු වෙනුවෙන් මව දෙන  දානයේ බරපැන මා දැරුවෙමි. අර කි අමරාවතී පන්සලටද දානය ගෙන ගියෙමි. මගේ පෙම්වතිය (දැන් බිරිඳ) බෞද්ධ පොත්පත් කියැවූ හෙයින් පන්සල් යාමට ඇයද එක්වුණේ කැමැත්තෙනි. ඇයට බෞද්ධ පොත්වල ඇති දේ විස්තර කිරීම සඳහා  මටද අවුරුදු ගණනාවකට  පසු ඒවා නැවත හැදෑරීමට සිදුවුණි. අමරාවතී පන්සලේ ඇති තිබ්බත රටේ  පොතපත ඈ වැඩිපුර කියවූවාය.
අමරාවතී භාවනා මධ්‍යස්ථානය 

ඉන් වසර දෙකකට පසු අප විවාහ වන විට මගේ බිරිඳට අවශ්‍ය වුයේ සිංහල සිරිතට උත්සවයක් ගැනීමටය. බොහොම අමාරුවෙන් ඉන්දියාවේ දී දෑතින් නිමවූ (යන්ත්‍ර වලින් නිමවූ සාරිද තිබේ යයි ඔවුන් කීහ )  සාරියක් වෙම්බ්ලි වලින් ගත්තෙමු. සිංහල සිරිතට ජාතික ඇඳුම හැඳිම  ඇගේ දැඩි අකමැත්ත මධ්‍යයේ මා  ප්‍රතික්ෂේප කළ හෙයින් ටයි එක නොමැතිව ඉන්දියානු ක්‍රමයට උඩුකය කබාය නිමකර ගත්තේද වෙම්බ්ලි හිදීය.

විවාහයෙන් පසු ඇගේ පවුලේ අය හා අපේ පවුලේ අයද සමග රට වටා කළ සංචාරයේ මුලින්ම ගියේ සුන්දර බදුල්ලටය. එහි දුන්හිඳ පැත්තේ හෝටලයක නතර වුනෙමු. මට එහි නම මතක නැත.

දුන්හිඳ බැලීමට යාමේදී එළියේ සිටින පිරිසක් බිරිඳ හා ඇගේ  පවුලේ අය දැක දුන්හිඳ බැලීම ට යාම ජීවිතයත් මරණයත් අතර සටනක් බව දක්වා රැගෙන යාමට නම් එක් අයෙකුට රුපියල් 2000 ගණනේ ගෙවිය යුතු බව කීවෝය . මම එය ප්‍රතික්ෂේප කලෙමි. මා නිතර පැමිණ ඇති බව පැවසූ විට ඔවුන් කිවේ මා  ගිය මාර්ගය දැන්  වතුරට සේදී ඇති බවත් එනිසා ඔවුන් පමණක් දන්නා මාර්ගයේ නිරුපද්‍රිතව යා හැකි බවත්ය.

මගේ පියා විසින් අප දුන්හිඳ බලන්නට රැගෙන ගිය අයුරු මට මතක තිබූ ඔවුන්ගේ කීම බැහැර කර දුන්හිඳ බැලීමට ගියෙමි. මගේ මව මෙහිදී පියා  සිහි කරමින් ඔහු මග පෙන්වනු ඇති යයි කීවාය. මම ඈට කිසිවක් නොකීවේ ඒ වනවිට ඔහු අපට අහිමිව අවුරුදු දෙකහමාරක් පමණක් වූ  නිසා ඇගේ මතකයට අනුකම්පාවෙනි.

මාර්ගයේ එක තැනක්  සෝදාගොස් තිබු අතර එතනින්  පැන යාමට ලෑලි දමා ඒදණ්ඩක් සකස් කර රුපියල් 100 බැගින් අය කරන දෙදෙනෙක් සිටියහ. මම මගේ පියා මට පෙන්වා ඇති, මේ මාර්ගයේ ඇති වෙනිවැල්ගැට වැල්, සුදු ජාතික තරුණියක් වතුරට වැටී මිය ගිය ස්ථානය ආදිය ද පියකරු දිය ඇල්ලද  පෙන්වා ආපසු පැමිණෙද්දී අර  කට්ටිය විමතියෙන් බලා සිටියහ.

මගේ වැඩිමහල් දුව අපට ලැබුණේ ඊට මාස දහයකට පසුය. මේ වනවිට මා නැවත   බෞද්ධ පොත්පත කියවා  පන්සලට දානයද ගෙන යන අයෙක් බවට  පත්වී සිටියෙමි. (මා ළමා වියේදී  දහම්පාසල් අවසන් විභාගයට පෙනී සිටි ,ශිලා ව්‍යාපාරද සංවිධානය කළ අයෙක්මි. )

මා ඉහත විස්තරය කළේ ඊළඟට කීමට යන කතාවට අවශ්‍ය පසුබිම සැකසීමටය.
https://en.wikipedia.org/wiki/Foucault_pendulum

55 comments:

  1. ඒ මොනව වුණත් අජිත් අයිය නැවත බුදුදහම කෙරෙහි නැඹුරු වුණේ අක්ක නිසා.බෞද්ධ දර්ශනයේ වටිනාකම එයා තේරුම් අරන් තියෙනවා තාමත් අපිටවත් තේරුම් ගන්ඩ බැරි වුණාට කුසේ තැන්පත් වෙච්චි දවසේ ඉඳන් පන්සල් ගියත්.....
    ඔබ සැමට...ජය හා සතුට

    ReplyDelete
    Replies
    1. මම එහෙම නැඹුරු වුනා කියල මම ලියල තියේද? මම නැවත කියවන්න හා බලන්න ගත්ත . අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් එපැයි. ස්තූතියි. ඉදිරියේදී මේ පිළිබඳව ටිකක් විස්තර කරන්න බලා පොරොත්තු වෙනවා.

      Delete
  2. ආයෙත් බදුල්ල පැත්තේ ආවොත් කියන්නකෝ. ගොඩාක් අය දන්නේ නැති ගොඩාක් සුන්දර තැන් ගොඩාක් තියෙනවා. දැන් නම් දුන්හිඳ යන මාර්ගය ගොඩක් හොදට සකසලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ගොඩක් ගොඩක් කියලා ගහලා තියන ගොඩවල් ටික වැඩි නැද්ද මචෝ :D

      Delete
  3. ආකිමිඩිස් යුරේකා යුරේකා කියල කෑගහගෙන යනකොට ඒක දැකපු කෙනෙක් තමයි සරල අවලම්බෙක දෝලන කාලේ හොයාගත්තේ කියල මම අහල තියෙන්නේ. මේ කියන අවලම්බේ වෙන එකක්ද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඇනෝ අහපු ප්‍රශ්නෙට උත්තරේ මේ වෙන අවලම්බයක් කියන එක. සාමාන්‍ය අපි දනන් ඔරලෝසු වල හෙම අවලම්බය ගැන මුලින්ම විද්‍යාත්මකව පරික්ෂ කළේ ගැලිලියෝ කියල මම අහල තියෙන්නේ. මේ ෆොකු කියන ප්‍රංශ භෞතික විද්‍යාඥයා සොයා ගත්තේ ඒ ආකාරයෙන් ප්රුතිවිය තම අක්ෂය වට කරකැවීම ඔප්පු කරන හැටි.

      Delete
  4. මිනිස්සු පොඩිම කාලේ අම්මා එක්ක ජීවත් වෙනවා.
    ඊට පස්සෙ ගුරුවරු එක්ක.
    ඊට පස්සෙ යාලුවෝඅ එක්ක.
    ඊට පස්සෙ විප්ලවේ එක්ක පට්ට රැඩිකල් වෙනවා.
    ඊට පස්සෙ ඉස්පවුස් එක්ක පරිප්පු කනවා.
    ඊට පස්සෙ දරුවො එක්ක.
    අන්තීමට ආගම එක්ක දුකෙන් එතෙර වීමට දුක් විඳිනවා.

    පට්ට රැඩිකල් භෞතිකවාදීන් පන්සල් යන්නෙ ඒකයි...

    ReplyDelete
    Replies
    1. මම එහෙම එකෙක්ද දන්නේ නැහැ මාතේ. නමුත් ලිපි පෙළ අවසන් වෙනකොට තේරේවි මම භෞතිකවාදය අත් හැර නැති බව.

      Delete
    2. මම පිලිගන්න හොඳම කියමනක් තමයි මචෝ....

      ඔනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත...

      ව්ජ්ජාවෙන් ඔප්පු නොකලා කියා කිසිම දේකට ගරහන්න නරකයි...

      මමත් දොරමඩලාව වැඩසටහන බලන්නෙම නෑ.. ඒත් එකෙක් බලන්නෙයි කියපු නිසාම බැලුවා.

      පුලුවන්නම් බලපන් අවසන් වැඩ සටහන..

      Delete
    3. මම සාමන්‍යයෙන් බලන ඒවා නෙවි. උඹ කියනවා නම් බලන්නම්. ලින්ක් එක දාන්න.

      Delete
  5. දැන් මෙතන කතාව මොකද්ද?

    බවුතිකවාදියෝ කියන්නේ ෆිසික්ස් සර් ල ට නෙවෙයිද එහෙනම්?

    ReplyDelete
    Replies
    1. හා හා :) සරසා ආවේ නැත්නම් වැඩක් තියේද? කතාව තවම ඉවර නැත.

      Delete
    2. නෑ ලැබ් ඇසිස්ටන්ට් ලට

      Delete
  6. Replies
    1. ඉයන් ට විතරයි ඒක පෙනුනේ.

      Delete
    2. මටත් පෙනුනා. ඡායාරුප ශිල්පියා දක්ෂ ලෙස උස පාලනය කරගෙන තියෙන බව පැහැදිලි වුණා.

      Delete
    3. එහෙම එකක් නැහැ. මම කොටට ඉන්න පින්තූර හුඟක් තියනවා. මේ පින්තුරයේ රාමු කරපු එකක් වීදුරුව කැඩුණු නිසා මම ඒක ස්කෑන් කලා. ඒක නිසා මේක දැම්මේ. අනිත් පින්තුර එකක්වත් ඩිජිටල් නෙමේ. අපේ විවාහයේ උස ප්‍රශනයක් නැහැ. යුරෝපය එතනින් ඉදිරියට ගිහින් ඉවරයි. ඕවට හිනා වෙන්නේ එතනින එහාට හිතන්න බැරි අය.

      Delete
  7. පැන්තියෝන් ටෙම්පල් එකක් රෝමයේ ද ඇත.

    ReplyDelete
    Replies
    1. රසික ස්තූතියි. කලබලේට මට නම් දෙක පැටලිලා. හැදුව. මට කියන්න ඕනේ වුනේ පාර්තිනොන් කියන ඇතීනා දෙවගනගේ දෙවොල ගැන. පන්තියොන් නෙමේ.

      Delete
    2. අනික මම එම විස්තර ලියන්නේ අපේ නිර්මාණි නංගිට හා කසුන්ට. පින්තුරය හඳුනා ගැනීමේ පහසුවට.

      Delete
  8. මමත් ඔය දෙවියෝ බුතයෝ ගැන හොයන්න කාලයක් ට්‍රයි කරලා පස්සේ අත ඇරලා දැම්ම.. අජිත් හොයා ගත්ත දේවල් ටික දාන්න.. මමත් පස්සේ එකක් ලියන්නම් මම දැන ගත්ත දේවල්.. :)

    ReplyDelete
    Replies
    1. දෙන්නම ලියන දෙයක් ඉක්මනට ලිව්වොත් තමයි හොද.

      ජයවේවා!!!

      Delete
    2. අත් හැර දැමු මාතෘකාවක් ගැන තමා ලියන්නේ. මගේ හොඳ අත්දැකීම් ටිකක් තියනවා. පාත්‍රවර්ගයාගේ අවසර එනකන් ඉන්නේ.

      Delete
  9. දුංහිඳ යන්න තියෙන ඔය ආතල් ඇඩ්වෙන්චරස් ගමන දැං ඉවරයි. ගෙදර කාමර ඇතුලේ ඇවිදිනවා වගේ යන්න පාර හදලා. ඒ මදිවට සොරණාතොට ප්‍රාදේශීය සභාවෙ කවුන්ටරෙන් ටිකට් එකකුත් අරං තමා යන්න ඕන. අපරාදෙ. මේ ලිපි පෙල ගැන කමෙන්ට් එකක් දාන්න වෙන්නෙ ඉවරවුනාම තමා

    ReplyDelete
    Replies
    1. අයියෝ කිසි වැඩක් නැහැනේ. අර අමාරුවෙන් යන ගමනේ මාර සුන්දරත්වයක් තියෙන්නේ. එක තැනක ලොකු ගල් තලාවක් තියනවා ටිකක උඩට නැග්ගම. එතන ඉඳන් බත්මුල් ලිහල කෑවා කවදාවත් අමතක වෙන්නේ නැහැ.

      Delete
  10. වෙඩිං පොටෝව මාර ගතිය. අජිතයියා හෙන හැන්ඩියාය. හැබැයි ජාතික ඇඳුම ඇන්දානං ගතිය ඩබොල් වෙනවාය

    ReplyDelete
    Replies
    1. අපොයි මට ඔය අනිත් ඇඳුම අඳින එක කල හැකි දෙයක් නෙමේ. බොහොම ස්තූතියි.

      Delete
  11. ඉතිරි කොටසත් කියවලම ඔබේ දර්ශනය ගැන පැහැදිලි අදහසක් ලබා ගන්න හිතුවා...

    මඟුල් පින්තූරය නම් අපූරුයි..ඔබේ බිරිඳ හරිම සුන්දරයි...very pretty..

    ReplyDelete
    Replies
    1. මට දර්ශනයක් තියනවද කියාන් එක පොඩි ප්‍රශ්නයක්. කොම්ප්ලිමෙන්ට් එකට හද පිරි ස්තූතිය.

      Delete
  12. මට හිතෙනවා අජිත් උඩරට ඇඳුමක් ඇන්දනම් මීටත් වඩා ලස්සනට ඉඳියි කියලා. බොහොම ලස්සන මංගල ඡායාරූපයක්.

    ඔය දුන්හිඳ පාරේ 1980 දශකයේ හිටිය කිතුල් රා වලට මත්වෙන දේවල් දමා විකුණා ඒවා බොන අය සිහිනැති වෙන තත්වයට පත්වුනාම මංකොල්ල කන කල්ලියක්.

    සාමාන්‍යයෙන් මුද්‍රිත රූපයක්, පිළිමයක්, වැනි දෙයකින් අපි බලාපොරොත්තු වෙන්නේ සිත තුළ ආගමික විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා ආධාරකයක් වශයෙන් නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක මහතා. අනේ ඔය විච්චුර්ණ ඇඳුම් අඳින්ට හරිම අකමැතිය. මගේ තියෙන්නේ නිල්පාට හා සුදුපාට කමිස පමණය. බිරින්දෑ වද වේවි පාට ඒවා අරන්දෙයි. මේ ලඟදි දම්පාට එකක් අරන්දී පාටියකට ගිහින් යාළුවන් ගේ කොමෙන්ට් අසන්නට සිදු විය.
      //සාමාන්‍යයෙන් මුද්‍රිත රූපයක්, පිළිමයක්, වැනි දෙයකින් අපි බලාපොරොත්තු වෙන්නේ සිත තුළ ආගමික විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා ආධාරකයක් වශයෙන් නේද?/ මේ ප්‍රශ්නේ සම්බන්ධ කොතනටද? මට තේරුනේ නැහැ. (ප්‍රශ්නය නෙමේ. සම්බන්ධ තැන )

      Delete
    2. //සෝවියට් දේශය ට යාමට ප්‍රථම කාලයේ පවා මා පන්සල් වල හෝ කෝවිල් වල තිබූ දේව ප්‍රතිමා වලට වලට වන්දනා කලේ නැත//

      අන්න එතනට තමා සම්බන්ධ.

      Delete
    3. //සාමාන්‍යයෙන් මුද්‍රිත රූපයක්, පිළිමයක්, වැනි දෙයකින් අපි බලාපොරොත්තු වෙන්නේ සිත තුළ ආගමික විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා ආධාරකයක් වශයෙන් නේද?//එහෙම නම් එක අදාල බුද්ධ ප්‍රතිමා වලට පමණයි නේ විචාරක මහතා. දේව පින්තුර දේව ප්‍රතිමා ඉදිරිපිට ස්ත්‍රෝත්‍ර කියා මොනවහරි ඉල්ලීම නේ කරන්නේ. විභාගේ පාස් වෙන්න. අසල් වැසියාගේ ගෙදරට අකුණක් වදින්න, යන ගමන සාර්ථක වෙන්න වගේ

      Delete
  13. කපල් එකට හදපිරි සුභ පැතුම්. අමරාවතියට මම දෙතුන් පාරක් ගියා. සාමාන්‍ය පන්සල් ක්‍රමයෙන් ටිකක් වෙනස් බොහොම නිස්කලංක තැනක්. ඒකෙ වෙනස්කම තේරෙන්නේ ලන්ඩන්, කින්ස්බරි ඉල්ෆඩ් පන්සල් වලට ගියායින් පස්සේ. ඔය වගේම තව පන්සලක් තියෙනව මිල්ටන් කීන්ස් වලත්. (දැන් නම් නිරාගමික නිසා කිසිදු ආගමික කටයුත්තකට සහබාගී නොවෙමි) අජිත් අයිය සමහරක් විට ගිහිල්ල ඇති අමරාවතියට කිට්ටුව තියෙන එළවලු පලතුරු උද්‍යානයට. පවුම් 10/-ක් වගේ දීල ටිකට් එකක් අරන් හිතේ හැටියට එළවලු පලතුරු කොරටුවෙන්ම කඩන් එන්ට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔය අනිත් ඒවා එකකට වත් ගිය කාලයක් මතක නැත. ඔව් එකට ගිහින් එලොලු අරන් එනවා. අපේ ගෙවල් ළඟ එන්ෆිල්ඩ් තිඑයන් ෆාර්ම් එකටට් තමා නිතර යන්නේ. වට්ටක්ක ගන්න යන්න ඕනේ. කොලෙස්ටරෝල් අඩු කරන නිසා වට්ටක්ක මාරයා වෙන්න ඉන්නේ.

      Delete
    2. බ්ලොගර් කෙනෙක් (ටිකක් හිතවත්) අජිත් අයිය අරූ බ්ලොග් එක ලිව්ව කෙනා බොහොම හොඳ නිහතමානී මිනිස්සු කියල. සිරාවට ළඟ පාත හිටියත් වෙලාව බොහොම අඩුයි මොකද නියිට් ශිෆ්ට් කරන නිසා. බලමු ලබන නෙලුම් යායටවත් සෙට් වෙන්ට. එක බොහෝ විට කැන්සල් වෙයි. මොකද ෆැමිලි ෆස්ට් නිසා. මේලක් ගහන්නම් නම්බර් එක දාල.. 👍🏽

      Delete
    3. ඊයේ චිත්‍රපටියක් පෙන්නුවා. ඔයාගේ ඊමේල් එක එවැන්න ඒ වගේ ඒවාට එන්න කියන්න පුළුවන්. අරූ කීප වතාවක්ම හමුවී තිබෙනවා.

      Delete
  14. Replies
    1. සෙනසුරාදට බ්ලොග් වලට එන්නේ අඩුවෙන්. අනික ඊයේ ෆිල්ම් එකක් දැම්මා යාළුවන්ට බලන්න.

      Delete
  15. මම නම් කියන්නේ ; do not be religious be spiritual.

    ReplyDelete
    Replies
    1. ස්පිරිචුවල් වීම හොඳයි ඉතින්.

      Delete
  16. ලිපියේ මාතෘකාව දැක්කහම ගැඹුරු විමර්ශනයක් කියවන්න හිතාගෙන ආවේ.
    කමෙන්ට් එකක් දාන්න වෙන්නේ මුළු ලිපියම කියවලා ඉවර වෙලා තමයි.
    කොහොම උනත් ලිපියට හොඳ ආරම්භයක් අරගෙන තියෙනවා මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන එක වඩාත් හොඳයි. ගැඹුරු විමර්ශනයක් අගට ලියන්න හිතන් ඉන්නවා. බලමු හරියයිද කියල.

      Delete
  17. මමත් භෞතිකවාදියෙක් නිරාගමිකයෙක්. නමුත් ඉදිරියේදී බොහෝ විට එසේ නොවේවි. මා ඉඩ ලැබෙන හැටියෙ මෙම විශය ගැන පර්යේශන කරන්න තීරනය කලා.මෙම පර්යේශන අනුව මගේ භෞතිකවාදය දෙදරමින් යනවා.
    විද්‍යාවට හසුනොවන යම් දෙයක් තිබිය හැකියි කියා මා දැන් සිතනවා. මා කුඩා කල කොවුර්ගේ පොත් කියෙව්වා. කොවුර්ටත් වඩා මට සුමනදාස සමරසින්ග බලපෑව.
    එසේම කොවුර් අන්තවාදී ලෙසින් පරම්පරාවක මොළ සේදී බවත් ඔහු කිසියම් ඉවැන්ජලික න්‍යායපත්‍රයකට අනුව වැඩකලාද කියාත් මට සිතෙනවා.සුමනදාසගෙ විග්‍රහයනුත් අන්තවාදී බව වඩාත් මැදහත්ව බැලූ විට සිතෙනවා.
    මට අවශ්‍ය විද්‍යාවට හසුනොවන යම් බලවේග ඇත්නම් ඒ කුමක්ද කියා සර්ව ව්‍යාපී රාමුවක තේරුම් ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. //මෙම පර්යේශන අනුව මගේ භෞතිකවාදය දෙදරමින් යනවා.// මගේ තවත් ශක්තිමත් වුනානේ.
      //විද්‍යාවට හසුනොවන යම් දෙයක් තිබිය හැකියි කියා මා දැන් සිතනවා.// විද්‍යාවට හසු නොවන කියන්න සහෝ තවම හොයාගෙන නැහැයි කියන එක විතරයි හොඳේ. ඉදිරියේදී හොයා ගනීවි.

      Delete
    2. මේ ලගදි මම ගියා නාඩි වාක්‍ය අහන්න. හරියටම කිව්වනේ. එතකොට දෙදරන්නෙ නැද්ද
      විද්‍යාවෙන් ඉදිරියෙදි සොයාගනීවි. නමුත් ප්‍රශ්නයෙ සර්ව ව්‍යාපී රාමුවකට දාන එක. .

      Delete
    3. //මේ ලගදි මම ගියා නාඩි වාක්‍ය අහන්න. හරියටම කිව්වනේ. // අනාගතය ගැන කිව්වා නම් හරියට කිව්වයි කියනන් බහ. ඔබගේ අතීතය හෝ වර්තමානය ගැන කිව්වා නම් හරි කියල කිව්වා හැකි. මොකක්ද කිව්වේ. //එතකොට දෙදරන්නෙ නැද්ද විද්‍යාවෙන් ඉදිරියෙදි සොයාගනීවි. // නැහැනේ එහෙම කියන්න පුළුවන් හේතු අපට විද්‍යාත්මකව හොයන්න බැරිද? ඇයි මේ වසා ගත් මනස?

      Delete
  18. "ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානිය" කතෝලික පල්ලියෙන් සැහෙන වෙනස්ද අජිත් අයියේ.

    ReplyDelete
    Replies
    1. එකක ලොක්කා පාප් තුමාය අනිකේ ලොක්ක කිරිල් තුමාය . වෙන වෙනසක් දන්නේ නැත.

      Delete
  19. මට මග හැරී ගිහින් තිබුණා. මේ ලිපිය කියෙවුවෙ දෙවන ලිපියෙ ලින්ක් එකෙන්.තවත් අමුතු විස්තර කියවීමේ ආශාවෙන් දෙවන ලිපියට යනවා

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .